විද්‍යාඥයන් ගේ ගෝලීය සංක්‍රමණ රටාව
ධනේෂ් විසුම්පෙරුම
විදුසර (Vidusara), 2012-11-14, පි. 5
http://www.vidusara.com/2012/11/14/feature5.html
උගතුන් හා විද්‍යාඥයන් තමන් උපන් රට අතහැර යැම බොහෝ රටවල, විවිධ අංශවල ගැටලු ඇති කර තිබෙන කරුණකි. මේ සමග සිදු වන බුද්ධිගලනය හේතුවෙන් විශේෂයෙන් දියුණු වන රටවලට බලවත් පාඩුවක් සිදු වේ. ඒ තත්ත්වයට බලපා ඇති කරුණු පිළිබඳව ද, එහි ප්‍රතිඵල පිළිබඳව ද බොහෝ දේ සාකච්ඡාවට ලක් ව ඇත. එහෙත් දිනෙන් දින දැකිය හැක්‌කේ සංක්‍රමණ ඉහළ යන බව හා බුද්ධිගලනය වර්ධනය වන ආකාරයකි.
මේ පිළිබඳව මෑත දී අනාවරණය වී ඇති ප්‍රවණතා කිහිපයක් පිළිබඳව මේ ලිපියේ දී සාකච්ඡා කිරීමට අපේක්‌ෂා කරමු. මේ සඳහා මෑත කාලයේ දී Nature හා Science සගරාවල පළ වූ ලිපි දෙකක් පාදක කරගෙන ඇත.
විද්‍යාඥයන් ගේ සංක්‍රමණ රටාව
ඉන් එක් ලිපියක් පසුගිය ඔක්‌තෝබර් මාසයේ Nature සගරාවේ පළ විය. (DOI:10.1038/490326a). එහි දී අවධානය යොමු කර ඇත්තේ විද්‍යාඥයන් ගේ ගෝලීය සංක්‍රමණයේ හඳුනාගත හැකි රටාව කෙබඳු ද යන්න, ඔවුන් මේ ආකාරයෙන් තමන් උපන් රට අත්හැර යැමට බලපාන සාධක මොනවා ද යන්න හා ඒවා වෙනස් විය හැකි ආකාරය හඳුනාගැනීමයි. මේ සඳහා ඉදිරියේ දී පළ වීමට ඇති පු`ඵල් අධ්‍යයනයක දත්ත හා ස`ගරාව විසින් සිදු කරන ලද සමීක්‌ෂණයක තොරතුරු හා ප්‍රකාශයට පත් ව ඇති අධ්‍යයන ද යොදාගෙන තිබේ. මේ ඉදිරියේ දී ප්‍රකාශයට පත් වීමට නියමිත GlobSci නම් ව්‍යාපෘතිය වැදගත් වන්නේ එය විද්‍යාවේ ප්‍රධාන අංශ හතරක විද්‍යාඥයන් 17,000ක් පමණ පිරිසක් යොදාගනිමින් සිදු කරන ලද අධ්‍යයනයක් බැවිනි. කෙසේ වෙතත් ඊට චීනය ඇතුළත් නො වන බව සැලකිය යුතු ය.
මෙහි දී හෙළි වී ඇති ආකාරයට වැඩි ම විද්‍යාඥයන් ප්‍රමාණයක් විදේශගත වී ඇත්තේ අපේ අසල්වැසි ඉන්දියාවෙනි. එරට බිහි වී ඇති විද්‍යාඥයන් අතරින් 40%ක් පමණ මේ වන විට වෙනත් රටවල වාසය කරති. මේ අතරින් 75%ක ගේ පමණ ගමනාත්නය වන්නේ ඇමෙරිකාවයි. මේ තත්ත්වය දියුණු වන රටවල පමණක් නො ව දියුණු රටවල ද දැකිය හැකි ය. යුරෝපා රටවල සිට වෙනත් රටවලට සංක්‍රමණය වන විද්‍යාඥයන් ගේ ප්‍රමාණය ද සැලකිය යුතු තරම් වීම මීට නිදසුනකි. බ්‍රිතාන්‍යයේ සිට වෙනත් රටවලට සංක්‍රමණය වන විද්‍යාඥයන් අතරින් 80%ක් තෝරා ගන්නේ ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව හා ඇමෙරිකාව වැනි දියුණු රටවල් ය. කෙසේ වෙතත් සංඛ්‍යාත්මකව ගත හොත් සංක්‍රමණික විද්‍යාඥයන් අතරින් වැඩි ම පිරිසක ගේ ගමනාන්තය වන්නේ ඇමෙරිකාව වේ.
එහෙත් යම් රටක සිටින විද්‍යාඥයන් අතරින් විදේශීය විද්‍යාඥයන් ගේ ප්‍රතිශතය ඉහළ ම රට වන්නේ ස්‌විට්‌සර්ලන්තයයි. එරට සිටින විද්‍යාඥයන් අතරින් 57%ක් විදේශිකයන් ය. කැනඩාවේ මේ ප්‍රමාණය 47%කි. කෙසේ වෙතත් මේ රටවලට පැමිණෙන විද්‍යාඥයන් අතර යම් වෙනස්‌කමක් තිබේ. ස්‌විට්‌සර්ලන්තයේ සිටින විද්‍යාඥයන් අතරින් වැඩි ම පිරිසක් (37%) ජර්මනියෙන් පැමිණ ඇති බව පෙනේ. කැනඩාවට පැමිණන පිරිස් අතරින් ඉදිරියෙන් සිටින්නේ බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු විද්‍යාඥයන් ය. ඒ සියයට 14 බැගිනි. ඇමෙරිකාවේ සිටින විදේශීය විද්‍යාඥයන් ගේ ප්‍රමාණය 38%ක් පමණ වන අතර ඒ අතරින් 17%ක් වන වැඩි ම පිරිස පැමිණ ඇත්තේ චීනයෙනි. දෙවැනි තැන ගන්නා ඉන්දියානුවන් ප්‍රමාණය 12%කි. මීට සාපේක්‌ෂව දියුණු වන රටවල සිටින විදේශීය විද්‍යාඥයන් ප්‍රමාණය ඉතා අඩු ය. නිදසුනක් ලෙස ගත හොත් බ්‍රසීලයේ සිටින විදේශීය විද්‍යාඥයන් ප්‍රමාණය 7%ක් වන අතර ඉන්දියාවේ 1%කි.
සංක්‍රමණ සඳහා බලපාන සාධක
මේ ආකාරයෙන් වෙනත් රටවලට සංක්‍රමණය වීම සඳහා බලපාන ප්‍රධාන සාධක ලෙස හඳුනාගත හැකි කරුණු කිහිපයක් තිබේ. ඒවා අතර නව රටේ ජීවන තත්ත්වය උසස් වීම, පර්යේෂණ සඳහා ඇති ප්‍රතිපාදන ඉහළ මට්‌ටමක තිබීම හා ඉහළ වැටුප් මට්‌ටම මුල් තැනක් ගනියි. තම සංක්‍රමණ තීරණ සඳහා මේවා බලපාන බවට පිළිවෙළින් 88%ක්, 84%ක් හා 77%ක් අදහස් දක්‌වා තිබිණි. කෙසේ වෙතත් රටක් පොහොසත් වූ පමණින් ම විදේශීය විද්‍යාඥයන් ඒ රටට නො පැමිණෙන බව උක්‌ත ලිපියේ දක්‌වා ඇත. ඊට හේතුව වන්නේ, ඒ රටවල ඇති දැඩි නීති පද්ධති හා රැකියා සොයාගැනීමට ඇති අපහසුව වැනි කරුණු ය. ජපානය හා ඉතාලියේ විදේශීය විද්‍යාඥයන් සිටින ප්‍රමාණය අඩු වීමට ඉහත කී කරුණු බලපා ඇති බව සැලකේ. අනෙක් අතට අදාළ රටේ සංස්‌කෘතියට එක් වීම අපහසු වීම ද මෙවැනි රටවලට ගිය විද්‍යාඥයන්ට බලපා ඇති බවක් පෙනේ. ජපානය මීට නිදසුනක් සේ දක්‌වා ඇත.
සංක්‍රමණ අධ්‍යයන සිදු කිරීමේ දී දැකිය හැකි ගැටලු පිළිබඳව ද අප ඉහත සඳහන් කළ අධ්‍යයනයේ දී අවධානය යොමු කර තිබේ. විශේෂයෙන් විද්‍යාඥයන් ගේ සංක්‍රමණ අධ්‍යයනයේ දී එක් එක් රටවල් වාර්තා තබා ගන්නා ක්‍රමයේ වෙනස්‌කම් ඇති අතර සංක්‍රමණ හඳුනාගැනීමේ ද ගැටලු පවතී. මේ හේතුව නිසා ද විද්‍යාඥයන් ගේ සංක්‍රමණ පිළිබඳව සිදු කර ඇති අධ්‍යයන ද අඩු ය.
අනාගත ආකර්ෂණය ආසියාව ද?
විද්‍යාඥයන් වැඩි වශයෙන් සංක්‍රමණය වන්නේ ඇමෙරිකාව, යුරෝපය වැනි රටවලට ය. එහෙත් අනාගතයේ දී මේ තත්ත්වය වෙනස් විය හැකි බවට අදහස් පළ වී තිබේ. පසුගිය සැප්තැම්බර් මාසයේ දී Sජසැබජැ ස`ගරාවේ පළ වූ පුවතකට අනුව, මෙතෙක් කාලයක් ඇමෙරිකාව හා වෙනත් රටවලට පැමිණි පර්යේෂකයන් හා විද්‍යාඥයන් අනාගතයේ දී ආසියානු රටවලට පැමිණීමේ ප්‍රවණතාවක් දැකිය හැකි වනු ඇත. (DOI: 10.1126/ science.337.6099.1162). ආසියාවේ ප්‍රකට විශ්වවිද්‍යාලවල හා පර්යේෂණායතනවලට මේ වන විටත් ලෝකයේ සෙසු රටවලින් විශිෂ්ට ගණයේ විද්‍යාඥයන් ආකර්ෂණය කර ගැනීමට හැකියාව ඇති බව පෙනේ.
හොංකොං, සිංගප්පූරුව හා නැෙ`ගනහිර ආසියාවේ වෙනත් රටවල් කිහිපයක් මෙසේ විදේශිකයන් ආකර්ෂණය වන රටවල් අතර වේ. කලාපයේ වඩා හොඳ විශ්වවිද්‍යාල ද මේ රටවල පිහිටා ඇති අතර ඒ, එම රටවල ඉහළ වැටුපක් ගෙවීම හා වෙනත් පහසුකම් නිසා ය. නිදසුනක් ලෙස සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයයේ ක්‌වොන්ටම් තාක්‌ෂණය පිළිබඳ මධ්‍යස්‌ථානය (Centre for Quantum Technologies) සේවය කරන විද්‍යාඥයන් 150ක් දෙනා රටවල් 33කින් පැමිණි අය වෙති. මේ තත්ත්වය දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ගෙවී ගිය කාලයේ දී ඇමෙරිකානු විශ්වවිද්‍යාලවල පැවැති විවිධත්වයට සමාන වේ.
ඇතැම් විශ්වවිද්‍යාල හා පර්යේෂණායතන ප්‍රතිපත්තියක් ලෙස ලෝකයේ විවිධ රටවලින් විද්‍යාඥයන් බඳවාගැනීම පිළිගෙන තිබේ. සාමාන්‍යයෙන් විදේශීය විද්‍යාඥයන් අඩු ජපානයේ ඇතැම් ආයතන මෙවැනි තීරණයක් ගෙන ඇත. චීනයත් එවැනි පියවරක් ගෙන ඇති බවක් පෙනේ. කොරියාවේ ආයතනවලට ද රජයේ සහයෝගය ද ලැබෙන බව පෙනේ.
කෙසේ වෙතත් විදේශීය විද්‍යාඥයන් ආකර්ෂණය කිරීමේ ලා ඉදිරියෙන් ම සිටින්නේ හොංකොං හා සිංගප්පූරුවේ පිහිටි විශ්වවිද්‍යාල හා පර්යේෂණායතන ය. සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයයේ සAථිර සේවයේ නියුතු ව සිටින විද්‍යාඥයන් හා පර්යේෂකයන් අතරින් 50%කට අධික පිරිසක් විදේශිකයෝ වෙති. ඔවුහු රටවල් 70කට පමණ අයත් වෙති. හොංකොං විශ්වවිද්‍යාලයයේ මේ ප්‍රමාණය 40% ඉක්‌මවන අතර ඉන් සැලකිය යුතු පිරිසක් චීනයෙන් පැමිණ තිබේ. හොංකොං හා සිංගප්පූරුවේ මේ සඳහා ඇති ප්‍රධාන වාසියක් වන්නේ ඔවුන් ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමයි. එසේ ම හොංකොං හා සිංගප්පූරුව යනු බෙහෙවින් ජාත්‍යන්තර තත්ත්වයේ ඇති රටවල් වන නිසා ඒවා බටහිර රටවල වැසියන්ට ජීවත් වීම සඳහා බොහෝ සේ ගැළපෙන රටවල් සේ සැලකේ. අනෙක් අතට ජාත්‍යන්තර සන්නිවේදනය පු`ඵල්ව ඇති නිසා එය ලෝකය සමග ඇති සම්බන්ධතා සීමා වීම වළක්‌වාලීමට හේතු වී තිබේ.
අනෙක් අතට මේ ආයතන පිහිටා ඇති ප්‍රදේශය හා එහි ජනගහනය සීමාසහිත වන බැවින් වෙනත් ප්‍රදේශවලින් විද්‍යාඥයන් සේවයට එක් කර ගැනීම කළ යුතු ම කරුණකි. නො එසේ නම් උක්‌ත ආයතනවලට ඒවායේ විශිෂ්ටත්වය පවත්වාගැනීම අපහසු වීමට ඉඩ තිබේ.
මේ ආකාරයෙන් ආසියානු විශ්ව විද්‍යාලවලට වෙනත් රටවලින් විදේශිකයන් ආකර්ෂණය වීම සඳහා බලපා ඇති තවත් වැදගත් හේතුවක් තිබේ. යුරෝපයේ හා බටහිර කලාපයේ රටවල මෑත කාලයේ දී ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හා පසුබෑම ඒ හේතුවයි. ඇතැම් ආයතනවල පර්යේෂණ සීමා කිරීමට ද, තවත් ආයතනවල ස්‌ථිර සේවකයන් ගේ සංඛ්‍යාව කප්පාදු කිරීමට ද මේ තත්ත්වය හේතු වී ඇත. එහෙත් පෙර සඳහන් කරන ලද ආසියානු රටවල විද්‍යාඥයන් හා පර්යේෂකයන් සඳහා වන ගෙවීම් ඉහළ මට්‌ටමක පවතී. ඒවා බටහිර රටවල ගෙවීම් හා සමාන වේ. එසේ ම ඇතැම් සුවිශේෂ පර්යේෂණ විෂයධාරා පැවතීම ද මේ රටවලට විද්‍යාඥයන් ආකර්ෂණීය වීම සඳහා බලපා තිබේ.
බුද්ධිගලනයෙන් පාඩු නො වීමට නම්,
බුද්ධිගලනය විද්‍යා අංශයෙන් ඉදිරියට යැමට අපේක්‌ෂා කරන රටවලට ගැටලුවක් වන බව ඉතා පැහැදිලි ය. සන්නිවේදනය හා ප්‍රවාහනය අතින් වඩා සමීප ව ඇති ලෝකයක දී එක් රටක වාසය කරමින් රටවල් කිහිපයක ආයතන සමග කටයුතු කිරීමක් පිළිබඳව අපේක්‌ෂා කළ හැකි වුවත් එවැනි තත්ත්වයක පසු වන විද්‍යාඥයන් සිටින්නේ අඩු වශයෙනි. මේ නිසා තවමත් අපේ ලෝකය තුළ බුද්ධිගලනය සත්‍ය සිදුවීමක් වන අතර ඉන් මේ උගතුන් උපන් රටට බොහෝ විට සිදු වන්නේ පාඩුවකි.
මේ තත්ත්වයේ බරපතළ බව පෙන්වා දුන් අධ්‍යයනයක් 2010 වර්ෂයේ දී පළ වී තිබේ. ඒ අනුව 1981-2003 අතර කාලයේ දී ලෝකයේ වඩාත් ම උපුටා දක්‌වන ලද (most highly cited) විද්‍යාඥයන් අට දෙනකු ගෙන් එක් අයකු ඉපිද ඇත්තේ දියුණු වන රටක ය. එහෙත් ඒ අතරින් 80%ක් දෙනා පසු කලක දියුණු රටක් වෙත සංක්‍රමණය වී ඇත. මේ නිසා ලෝකයේ බොහෝ රටවලට මුහුණ දීමට සිදු වන්නේ කිසියම් ආකාරයක පසුබෑමකට ය. විද්‍යාවේ ඉදිරි ගමන සඳහා මේ සංක්‍රමණ දායක වුවත් ඒ නිසා දියුණු වන රටවල් කිසියම් පසුබෑමකට ලක් වන බව පැහැදිලි ය.
පෙර සඳහන් Nature අධ්‍යයනයේ දැක්‌වෙන ආකාරයට සංක්‍රමණය සඳහා වැඩි නැඹුරුතාවක් දක්‌වන්නේ විදේශයක දී තම ආචාර්ය උපාධිය අවසන් කළ ආසන්නයේ ම පසු වන පිරිස් ය. ඔවුන් ගෙන් 61%ක් පමණ ආපසු තම මවුබිමට නො යැමට ඉඩ තිබේ. අධ්‍යයනයට ලක් වූ සැම රටක ම තත්ත්වය එබ`දු ය. ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයන් සංක්‍රමණය සඳහා දක්‌වන නැඹුරුතාව අඩු ය. මේ නිසා තම රටවල බුද්ධිගලනය වැළැක්‌වීමට හා විදේශගත විද්‍යාඥයන් නැවත ගෙන්වා ගැනීම සඳහා යම් රටක් උනන්දු වන්නේ නම් ඔවුන් ඊට ඉලක්‌ක කරගත යුත්තේ මේ තරුණ පිරිසයි.
Nature සගරාවේ පළ වූ ලිපියේ දැක්‌වෙන එක් කරුණකට අනුව සංස්‌කෘතික සාධක නිසා විද්‍යාඥයන් ගේ සංක්‍රමණවල රටාව කෙරේ යම් බලපෑමක් ඇති කළ හැකි ය. ඒ අනුව සංස්‌කෘතිකමය කරුණු නිසා සංක්‍රමණවල යම් සීමා වීමක් ඇති විය හැකි ය. නිදසුනක් ලෙස ගත හොත් ජපානයේ සංස්‌කෘතියට එක් වීමට නොහැකි වීම බටහිර වැසියන් එවැනි රටකට පැමිණීමට බලපාන බව දක්‌වා තිබේ. එයින් ගම්‍ය වන තවත් කරුණක් තිබේ. එනම්, තමන් උපන් රටේ සංස්‌කෘතියට ඇති බද්ධ වීම උගතුන් රට හැර යැම වළක්‌වා ගැනීමට යොදා ගත හැකි බව ය. මෙය බුද්ධිගලනය වළක්‌වා ලීමට යොදාගත හැකි මෙවලමක් බව පැහැදිලි ය.

No comments:
Post a Comment