Wednesday, July 31, 2019

අමතක වූ සංවත්සරය - මිහිතලය උණුසුම් වීම නිවැරදිව පුරෝකථනය කළ චානි වාර්තාව (1979)

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2019.07.31, පි. 7 (Vidusara)



සඳ මතට මිනිසුන් පා තැබීමේ 50වන සංවත්සරය යෙදුනේ පසුගිය ජුලි මස විසි වැනිදිනටය. එය ලෝකය පුරා බොහෝ රටවල විද්‍යාඥයන් මෙන්ම සාමාන්‍ය ජනතාව විසින්ද සමරන ලදි. නීල් ආම්ස්ට්‍රෝං සඳහන් කළාක් මෙන්ම සඳ මතට පා තැබීම මිනිස් සංහතියේ විශාල ඉදිරි පියවරක් විය. ඒ ගැන කිසිදු විවාදයක් නැත. අභ්‍යවකාශය හා ග්‍රහලෝක ජයගැනීම තවදුරටත් සිහිනයක් නොවන බව එදා පැහැදිලි විය. අද වන විට ලෝකයේ බලවත් රාජ්‍ය ගණනාවක්ම පාහේ තමන්ගේම වූ අභ්‍යවකාශ වැඩසටහන් හා පර්යේෂණ ක්‍රියාත්මක කරයි. ඒ වෙනුවෙන් විශාල ධනයක්ද වාර්ෂිකව වැය කරනු ලැඛෙයි. අද වන විට අවධානය යොමු වී තිබන්නේ අ`ගහරු තරණය පිළිබඳවය.

එහෙත් එසේ අභ්‍යවකාශ තරණය හා වෙනත් ග්‍රහ වස්තු පිළිබඳව අප උනන්දුවක් දැක්වුවද, මේ මාසයටම යෙදී තිබුණු පෘථීවි පරිසරය පිළිබඳව වැදගත් වූ එක්තරා වැදගත් සිදුවීමක සංවත්සර ලෝකයේ එතරම් අවධානයකට ලක් වූයේ නැත. පසුගිය දිනයක The Conversation හි පළ වූ එක්තරා ලිපියකින් අවධානය යොමු විය යුතු එම සිදුවීමෙහි වැදගත්කම පෙන්වාදී ඇත.

එහි දැක්වෙන ආකාරයට මෙම සංවත්සරය ද මානව ශිෂ්ටාචාරයට අතිශයින් වැදගත් සිදුවීමක 40 වන සංවත්සරයයි. එනම් කාබන් ඩයොක්සයිඩ් වායුව නිසා සිදුවන ජගත් දේශගුණ වෙනස් වීම පිළිබඳව සිදුකරන ලද පළමු සවිස්තර ඇගැයීම සඳහා මග පෑදූ රැස්වීමයි. 1979 වර්ෂයේ ජුලි මස 23 සිට 27 දින දක්වා පැවැති එම රැස්වීම පවත්වා තිඛෙන්නේ ඇමරිකාවේ මැසචුසෙට්හි වුඩ්ස් හෝල් සාගරික විද්‍යා ආයතනය නම් ආයතනයේදීය. එරට ජාතික පර්යේෂණ සභාව (National Research Council) විසින් පිහිටුවන ලද, 'කාබන් ඩයොක්සයිඩ් හා දේශගුණය පිළිබඳ තත් කාර්ය කණ්ඩායම' (Ad Hoc Group on Carbon Dioxide and Climate) නමින් හඳුන්වන ලද කණ්ඩායමක රැස්වීමක් වූ මෙයට දේශගුණ විද්‍යාඥයන් පිරිසක් සම්බන්ධ වී තිඛෙයි.

චානි වාර්තාවේ විශේෂත්වය


එම රැස්වීමෙහි ප්‍රතිඵලයක් ලෙස සකස් කරන ලද වාර්තාව හඳුන්වනු ලබන්නේ 'කාබන් ඩයොක්සයිඩ් හා දේශගුණය - විද්‍යාත්මක ඇගයීමක්' Carbon Dioxide and Climate: A Scientific Assessment ) හෙවත් චානි වාර්තාව (Charney Report) නමිනි. ඒ අදාළ කණ්ඩායමේ සභාපති ලෙස ක්‍රියා කළ විද්‍යාඥයා වන ජූල් ග්‍රෙගරි චානි ගේ නම අනුව යමිනි. පිටු 22කින් යුක්ත කෙටි වාර්තාවක් වන මෙය වර්තමාන මිහිතලය උණුසුම් වීම පිළිබඳව සිදුකරන ලද මුල්ම විද්‍යාත්මක ඇගැයීම ලෙසින් සැලකෙයි.

කාබන් ඩයොක්සයිඩ් වායුව සතු ලෝකයේ උෂ්ණත්වය වර්ධනය වීම සඳහා කටයුතු කරන ස්වභාවය හෙවත් හරිතාගාර වායුවක් ලෙස ක්‍රියාකිරීම පිළිබඳව කරුණු පෙන්වා දී තිබුණේ 19වන සියවසේ පමණ සිටය. එමෙන්ම පොසිල ඉන්ධන දහනය නිසා සෙල්සියස් අංශක ගණනාවකින් වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යා හැකි බව පුරෝකථනය කර තිබුණේ 1950 දශකයේ පමණ සිටය. එවකට පැවති දැනුම භාවිත කරමින් 1972 වර්ෂයේදී පළ කරන ලද අධ්‍යයනයක් අනුව 20වන සියවස අවසන්වන විට සෙල්සියස් අංශක 0.6කින් උෂ්ණත්වය ඉහළ යන බවටද පුරෝකථනය කර තිබි‚.

කෙසේ වෙතත් 1970 දශකය වන විට මෙම පුරෝකථන පැවතියේ මතභේදාත්මක ස්වභාවයකය. ඒ සඳහා පුළුල් පිළිගැනීමක් ලැබී තිබූ බව සකසහිතය. එයට එක් හේතුවක් වූයේ 20 වැනි සියවසේ මැද භාගයේදී සිදුව තිබූ සිසිල් වීම හෙවත් ලෝක උෂ්ණත්වය අඩු වීමය. එය ගැන අවධානය යොමු කිරීම නිසා ඇතැම් ජනමාධ්‍යවල ලෝකය අයිස් යුගයක් කරා ගමන් කරන්නේදැයි සැක මතුකර තිබි‚.

පෙර සඳහන් කරන ලද, වුඩ්ස් හෝල් ආයතනයේ රැස්වීම පැවැත්වෙනුයේ මෙවැනි පසුබිමකය. එම රැස්වීම සඳහා ප්‍රවීණ දේශගුණ විද්‍යාඥයන් දස දෙනෙකු පමණ සහභාගි වී ඇත. එසේම ඔවුන් ලෝකය පුරා තවත් විද්‍යාඥයන්ගෙන් උපදෙස් ලබාගෙන ඇති බවද සඳහන් වෙයි.

ඛෙහෙවින් නිවැරදි පුරෝකථන


මෙම වාර්තාවෙන් දැක්වෙන මූලික පුරෝකථනය වන්නේ කාබන් ඩයොක්සයිඩ් වායු සාන්ද්‍රණය දෙගුණයකින් ඉහළ යෑම නිසා සෙල්සියස් අංශක 3ක් පමණ මිහිතලය උණුසුම් විය හැකිය යන්නයි. ඒ අංශක 1.5ක දෝෂ සීමාවක්ද සමඟිනි. එනම්, කාබන් ඩයොක්සයිඩ් වායු සාන්ද්‍රණය දෙගුණ වුවහොත් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යන ප්‍රමාණය සෙල්සියස් අංශක 1.5ත්, 4.5ත් අතර විය හැකිය.

මෙම පුරෝකථනය ඉතා විද්‍යාත්මක එකක් ලෙස සැලකිය හැකි බව දක්වා තිඛෙයි. වසර 40කට පමණ පෙර ඔවුන් ඉහත කී පුරෝකථනය කළ කාලයත් අදත් අතර කාබන් ඩයොක්සයිඩ් වායුවේ සාන්ද්‍රණය 21%කින් පමණ ඉහළ ගොස් ඇත. එමෙන්ම මෙම කාලය ඇතුළත ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.66කින් පමණ ඉහළ ගොස් තිඛෙයි. අනුව කාබන් ඩයෙක්සයිඩ් වායු සාන්ද්‍රණය දෙගුණයකින් පමණ ඉහළ ගියහොත් සෙල්සියස් අංශක 2.5කින් පමණ ඉහළ යා හැකි බවක් පෙනෙයි. එය චානි වාර්තාවේ දක්වා තිඛෙන පුරෝකථනයට අඩු වන්නේ ඉතා සුළු ප්‍රමාණයකිනි. එමගින් පෙනෙන්නේ ඉහත කී පුරෝකථනය ඛෙහෙවින් නිවැරදි එකක් බවයි.


(රූපය - පසුගිය වසර 40 තුළ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය හා උෂ්ණත්වය වෙනස් වූ අයුරු)

පසුකාලිනව දේශගුණ විද්‍යාව වඩා දියුණු වී, අද වන විට වඩා සියුම් සවිස්තර පුරෝකථන සිදු කළ හැකි තත්ත්වයක් දක්වා දියුණු වී තිඛෙයි. එවැනි තත්ත්වයකදී ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම පිළිබඳ පුරෝකථන හා චානි වාර්තාවේ පුරෝකථන ඛෙහෙවින් සමාන වීම චානි වාර්තාවේ විද්‍යාත්මක බව සනාථ කරයි.

මෙම වාර්තාව සකස් කළ විද්‍යාඥයන් ඒ කාලයේ ක්‍රියාකාරීව සිටි ඉහළ පිළිගැනීමක් සහිත අය වුවද එම වාර්තාවට මහජනතාව හෝ ප්‍රතිපත්ති සම්පාදකයන් අතර වැඩි පිළිගැනීමක් ලැබුනේ නැත. ඒ නිසාම එමගින් එතරම් වෙනසක් ඇති නොවූ බවද සඳහන් වෙයි. එහෙත් එහි සඳහන් පුරෝකථන සත්‍ය බව පැහැදිලි වන විට ක්‍රමයෙන් එය පිළිගැනීමට ලක්විය. ඒ අනුව අද වන විට දේශගුණ වෙනස් වීම පිළිබඳ කතාවේ සන්ධිස්ථානයක් ලෙස මෙම වාර්තාව සලකනු ලැඛෙයි.

මෙම වාර්තාවේ විද්‍යාත්මක බව පැහැදිලි කිරීමේදී ඔවුන් එවකට පැවැති තත්ත්වය මත පදනම්ව මෙවැනි පුරෝකථනයක් කළ බව අමතක කළ යුතු නොවෙයි. එමෙන්ම ඔවුන් එම වාර්තාවෙහි දක්වා තිඛෙන පරිදි මෙම උෂ්ණත්ව ඉහළ යෑම වඩා අඩු අගයක් ගැනීමට හෝ එයට සම්පූර්ණ විරුද්ධ දෙයක් හෙවත් සිසිල්වීමක් ඇති වෙතැයි පැවසිය හැකි කිසිදු භෞතික බලපෑමක් පිළිබඳ සාධකයක් හමු නොවූ බව එම වාර්තාවේ සඳහන්ය. (ලෝකයේ උෂ්ණත්වය අඩු වී සිසිල්වීමක් ඇති විය හැකි බවටද අදහසක් එවකට තිබිණි)

පෘථීවිය ගැන අවධානය ප්‍රමාණවත්ද?


අනෙක් අතට සඳ ජයගෙන ගත වූ වසර 50ක පමණ කාලය තුළ මිනිසුන් දන්නා ඔවුන් ජීවත්වන ග්‍රහලෝකය වන පෘථීවියේ පරිසරය ආරක්ෂා කරගැනීම කෙතරම් සාර්ථකව සිදු කර තිබේද යන්න විමසිය යුතු පැනයකි. 1970 දශකයේම ආරම්භ වූ ජගත් පරිසර ව්‍යාපාරයද ක්‍රමයෙන් වර්ධනය වී ඇති අතර, එහි මැදිහත් වීම නිසා ඇතැම් අංශවල යහපත් ප්‍රවණතා දැකිය හැකි වුවත් තවත් පාරිසරික ගැටලූ ගණනාවක් අඛණ්ඩව වර්ධනය වී තිඛෙයි. එයට හේතු ගණනාවක්ම පවතී. නිදසුනක් ලෙස සමහර පාරිසරික ගැටලූවලට විසඳුම් සෙවීම හා ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන නායකත්වයට අවශ්‍යතාවයක් නොමැති වීම, පරිභෝජනවාදී සමාජ ක්‍රමය වැනි තත්ත්ව දැක්විය හැකිය.

අප මෙම ලිපියේ දී මාතෘකා කරගත් විෂයය වන දේශගුණ වෙනස්වී විසඳුම් සෙවීම පමා වී තිඛෙන පාරිසරික ගැටලූවකි. එය අද වන විට ලොව මුහුණ දී තිඛෙන බරපතළම පාරිසරික ගැටලූව බවට සැකයක් නැත. ඒ සඳහා විසඳුම් හා ඉලක්ක ප්‍රකාශයට පත්ව තිඛෙන නමුත්, ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා තවමත් ප්‍රමාණවත් පියවරක් ගෙන නොමැත. එමෙන්ම විසඳුම්වල තිඛෙන ඉලක්ක ප්‍රමාණවත් නොවන බව විද්‍යාඥයන්ගේ අදහසද වෙයි. ඒ අතර කාබන් ඩයොක්සයිඩ් මට්ටමද, උෂ්ණත්වයද ඒ නිසා ඇතිවන බලපෑම්ද සිදුවෙමින් පවතී.

මෙහිදී අපට සිහිපත් වන්නේ එඩ්වඩ් ජයකොඩි ගයන, රඹුකන සිද්ධාර්ථ හිමි රචනා කළ zමිනිසා සඳට ගියාලූ’ ගීතයේ එන කොටස් දෙකකි.

"මිනිසා සඳට ගියාලු - මිනිසා පුදුම වුණාලු
බිම බැලූවාලූ - උඩ බැලූවාලු - මිනිසා සඳට ගියාලු...

මිනිසා දියුණු වෙලාලූ - ලෝකේ අවුල් වෙලාලූ
දියුණු වෙලාලූ - අවුල් වෙලාලූ - මිනිසා සඳට ගියාලු..."

අභ්‍යවකාශ ගවේෂණය දියුණු විය යුතු තාක්ෂණයකි. ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් බවට විවාදයක් නැත. එහෙත් ඒ අතරම දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහාද වැඩි උනන්දුවක් දැක්වීම අවශ්‍ය වෙයි. ඒ අද අප ජීවත්වන පෘථීවිය මානව පැවැත්මට මෙන්ම සෙසු ජීවීන්ගේ පැවැත්ම සඳහාද රැකගත යුතු බැවිනි.

චානි වාර්තාව - Carbon Dioxide and Climate: A Scientific Assessment, DOI: 10.17226/12181

Monday, July 22, 2019

චන්ද්‍ර දිව්‍යරාජයා කිලිටි කිරීම

ධනේෂ් විසුම්පෙරුම



ඒ 1987 හෝ 1988 වර්ෂය පමණය. අපේ පන්සලේ ශීල ව්‍යාපාරය සංවිධානය කරන්නට දහම්පාසලේේ සිසුවෙකු ලෙස එකල මමද දායක වීමි. ඇතැම් දිනවල අපිද සිල් සමාදන් වූ අතර, තවත් විටක සිල් සමාදන් නොවී ශීල ව්‍යාපාරයේ කටයුතු පමණක් අධීක්ෂණය කළෙමු. එක් ජුලි මාසයකදී පොහොය වැටුනේ 20 වැනිදාවක් ආසන්නයේය.

එදින විවේක වෙලාවක අයියා කෙනෙකු (මතක ඇති ලෙස අනුර) සමඟ මම කතා කළේ මිනිසුන් සඳ මතට පා තැබීම ගැනය. එහි සංවත්සරය ගැන ඒ දිනවල මාධ්‍යවලින් කතාකර තිබිණි. අප ඒ ගැන කතා කරන අතර සැමදාම සිල් සමාදන් වෙන ආච්චි අම්මා කෙනෙක් අප සිටි තැනට විත් ඇසුවේ අප කතා කරන්නේ කුමක් ගැනද යන්නය. මම ඒ ගැන කෙටියෙන් කියා, ආච්චිට මතකද මිනිස්සු හඳට ගිය එක කියා ඇසුවෙමි

"මම නං පුතේ ඔය කතාව විශ්වාස කරන්නෙ නැහැ. චන්ද්‍ර දිව්‍යරාජයාට පය තියන්න මිනිස්සුන්ට පුළුවන්ද? එහෙ තියෙන සීතලට ගල්වෙන් නැතෑ. චන්ද්‍ර දිව්‍ය රාජයා කිලිටි කරන්න මිනිස්සුන්ට පුළුවන්ද?" කියා කීවාය.

මමත්, අනුර අයියාත් මුහුණින් මූහුුණ බලාගතිමු. එවැනි දේත් විශ්වාස නොකරන අය ඉන්නවනේ කියා අපට එදා සිතුනේය.

නූතන විද්‍යාව හා මිනිසුන්ගේ විශ්වාස ගැන යම් පාඩමක් එදා උගත්තෙමි. කෙතෙක් සාධක ඇතත් කෙනෙකුට වැටහෙන්නේ තමතම නැණ පමණින්ය. යමක් විශ්වාස නොකරන කෙනෙකුට එය අවිශ්වාස කිරීමට අවශ්‍ය සාධකද සොයාගත හැකිය. එසේ දක්වන සාධක කෙතරම් සත්‍ය ද යන්න විමසීම අනෙක් අය අත ඇති දෙයකි. එදා සිට මේ දක්වා අසත්‍ය හා පිළිගත නොහැකි සාධක මත පදනම් වූ මතවාද අසන, කියවන හා දකින විට මට ඉහත සිදුවීම මතක් වේ.

අද ජුලි 20 දිනට මිනිසුන් සඳ මත පා තබා වසර 50කි. 1969 ජූලි 20 සිදු වූ ඒ සිදුවීම එදා නීල් ආම්ස්ට්‍රෝන් කී ලෙසම මහා පිම්මක්ය.

"That's one small step for man, one giant leap for mankind." Neil Armstrong

ඡායාරූපයේ දැක්වෙන්නේ සඳ ජයගැනීම ගැන 1989 පළ වූ අනුර සී. පෙරේරාගේ කෘතියයි. අදත් මම බෙහෙවින් ප්‍රියකරන මෙය මගේ එකතුවට එක්වෙන්නේ 1989.7.22 දිනයි. ඒ මගේ පොත් එකතුවේ 77වන පොත ලෙසය. (පසුගිය දිනෙක එය ඊළඟ පරපුර සතු විය.)

Wednesday, July 10, 2019

කංසා භාවිතයේ පැරැණි ම සාධක නූතන චීනයෙන්

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2019.07.03 පි. 11 (Vidusara)

http://www.vidusara.com/2019/07/03/feature6.html






කංසා හෙවත් ගංජා යනු බෙහෙවින් සාකච්ඡාවට ලක්‌ ව තිබෙන ශාකයකි. Cannabis sativa යනුවෙන් විද්‍යාත්මකව හඳුන්වනු ලබන මේ ශාකයෙන් ලබාගන්නා ද්‍රව්‍ය විවිධ භාවිත සඳහා යොදාගැනෙයි. කෙඳි ලබාගැනීම, තෙල් ලබාගැනීම, ඔසුවක්‌ ලෙස මෙන්ම මනෝ සක්‍රියකාරක සංඝටකයක්‌ (psychoactive compound) ලෙස ද කංසා ශාක භාවිත වෙයි. මෙය මත්ද්‍රව්‍යයක්‌ ලෙස භාවිත වන බැවින් ඒවා වගා කිරීම නීතියෙන් තහනම් ය.

කංසා භාවිතය කුමන කාලයක දී ආරම්භ වී ද යන්න පිළිබඳව විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ කලක පටන් ය. මෙතෙක්‌ හෙළි වී තිබෙන කරුණු අනුව වර්තමාන චීනයේ හෙවත් නැගෙනහිර ආසියාවේ මුලින් ම කංසා භාවිත කර තිබෙන බව සැලකෙයි. පොදු වර්ෂ පූර්ව 4000 පමණ ඉහත කාලයක දී එසේ භාවිත වී තිබෙන බවට පුරාවිද්‍යා ස්‌ථානවලින් සාධක ලැබී ඇතත් ඒවා කුමන භාවිතයක්‌ සඳහා යොදාගත්තේ ද යන්න ගැන එමගින් අනාවරණය වී නැත. නැගෙනහිර ආසියාවේ මුලින් ම කංසා භාවිත කර හා වගා කරන්නට ඇත්තේ එහි තෙල් සහිත බීජ හා කෙඳි සඳහා ය. මීට වසර කීපයකට පෙර සුසානයක වළ දමන ලද ශරීරයක්‌ හරහා දැමූ සළුවක්‌ ලෙස කංසා ශාක තබා තිබෙනු අනාවරණය විය.

මේ අතර බටහිර චීනයේ සුසානයක්‌ පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයකින් මනෝ සක්‍රිය කාරක සංඝටකයක්‌ ලෙස කංසා භාවිතය පිළිබඳව මෙතෙක්‌ අප දන්නා පැරැණිතම සෘජු සාධක ලැබී තිබෙයි. එම අධ්‍යයනයට අනුව අදින් වසර 2,500කට පමණ පෙර කාලයක දී කංසා ඒ අයුරින් භාවිත කර තිබෙයි.

සුසානයකින් ලැබුණු සාධක




මේ කරුණු අනාවරණය වී ඇත්තේ බටහිර චීනයේ පාමීර් (Pamir) කඳුකරයේ සානුවක පිහිටා තිබෙන ජිර්සන්කල් (Jirzankal) නම් සුසාන භූමියේ කැණීම්වලින් හමු වූ අඟුරු කබලක්‌ වැනි දැවමුවා බඳුන් (brazier) පිළිබඳව සිදු කරන ලද වැඩිදුර පරීක්‌ෂණවලිනි.

දැව කැබැල්ලක සිදුරක්‌ සාදා තනා තිබූ මෙවැනි බඳුන් 10ක්‌ සුසාන 8කින් ලැබී තිබෙයි. ඒවා තුළ තිබී හමු වූ ගල් කැබැලි අතීතයේ දී ඉහළ උෂ්ණත්වයකට රත් කර ඇති බව හෙළි විය. රත් කළ ගල් කැබැලි එතුළට දමා කිසියම් ද්‍රව්‍යයක්‌ උණුසුම් කිරීමට යොදාගන්නා ලද බව විද්‍යාඥයන් හඳුනාගෙන තිබෙයි. ඒ කිසියම් සුවඳ ද්‍රව්‍යයක්‌ හෝ වෙනත් ශාකමය ද්‍රව්‍යයක්‌ හෝ විය හැකි බව ඔවුහු අනුමාන කළ හ.

මේ බඳුන්වල ශේෂ වී තිබූ ද්‍රව්‍ය යොදාගනිමින් ඒ අයුරින් රත් කළ ද්‍රව්‍ය මොනවා දැයි හඳුනාගැනීම විද්‍යාඥයන්ගේ මීළඟ පියවර විය. ඒ ද්‍රව්‍ය නිස්‌සාරණය කිරීමෙන් පසුව ඒවා පිළිබඳව වායු වර්ණලේඛ ශිල්පය හා ස්‌කන්ධ වර්ණාවලිමිතික (gas chromatography-mass spectrometry) ක්‍රමවේද අනුව පරීක්‌ෂා කරන ලද්දේ ඒවා හඳුනාගැනීම පිණිස ය. එමඟින් හෙළි වූයේ එම දැවමය බඳුන් දහයෙන් නවයක ම තිබී ඇත්තේ ඒවා කංසාවල ඇතුළත් කැනබිනොයිඩ (Cannabinoids) නම් රසායනික ද්‍රව්‍ය කාණ්‌ඩයට අයත් වූ ද්‍රව්‍ය බවයි.

ඒ අනුව කංසා කොළ හා රත් වූ ගල් සහිත බඳුන්වල දමා එමගින් පිට වන දුම ආඝ්‍රාණය කරන්නට ඇති බව විද්‍යාඥයන්ගේ අදහස වෙයි. මෙසේ කංසා දුම භාවිත කරන්නට ඇත්තේ කිසියම් අභිචාර විධි ක්‍රමයක්‌ සඳහා හෝ ආගමික ක්‍රියාකාරකම්වල දී විය හැකි ය. මෙහි දී හමු වූ ද්‍රව්‍ය අවමංගල්‍ය ආශ්‍රිත කිසියම් අභිචාරයක්‌ සඳහා යොදාගත්තක්‌ වීමට ද ඉඩක්‌ පවතී.

ඒ අනුව මනෝ සක්‍රිය බව ලබාගැනීම සඳහා කංසා ආඝ්‍රාණය භාවිත කළ බවට ඇති පැරැණි ම පැහැදිලි සාධකය ලැබෙන්නේ මේ ස්‌ථානයෙනි. එය සිදු ව ඇත්තේ අදින් වසර 2500කට පමණ පෙර දී ය.




රසායනික සංඝටක තැනින් තැනට වෙනස්‌


ජිර්සන්කල් සුසානයෙන් හමු වූ කංසාවල රසායනික ස්‌වභාවය හා කිලෝමීටර් 1600ක්‌ පමණ නැගෙනහිරට වන්නට පිහිටා තිබෙන ජියාහි නම් සුසානයකින් හමු වී තිබෙන කංසාවල රසායනික ස්‌වභාවය සංසන්දනය කිරීමේ දී පර්යේෂකයන්ට අපූරු කරුණක්‌ අනාවරණය වී ඇත. ඒ ජියාහි හමු වූ කංසාවල THC හෙවත් ටෙට්‌රාහයිෙඩ්‍රාකැනබිනෝල් නම් (tetrahydrocannabinol) රසායනිකය නො තිබූ බවයි. ඒ කංසාවල දැකිය හැකි මනෝ සක්‍රියකාරක බව ඇති කිරීමට හේතු වන ප්‍රධානතම රසායනික සංයෝගයයි. ඒ අනුව ජියාහි සුසානයෙන් හමු වූ කංසා භාවිත කරන්නට ඇත්තේ කෙඳි හා පෝෂක බහුල ඇට ලබාගැනීම වෙනුවෙන් විය හැකි ය. ජියාහි පිහිටි සුසානය පොදු වර්ෂ පූර්ව 8-6 ශතවර්ෂ අතර කාලයකට දින නියම කර ඇත.

එම ස්‌ථාන දෙකෙහි එවැනි වෙනස්‌කමක්‌ දැකිය හැකි වූයේ කෙසේ ද යන්න ද පර්යේෂකයන් පැහැදිලි කර තිබෙයි. මුල් කාලයේ වගා කරන ලද කංසා ශාකවල මෙන්ම ඒවායේ වල් දර්ශවල ද පෙර කී මනෝ සක්‍රියකාරක රසායන සංයෝග පැවතුණේ අඩු ප්‍රමාණවලිනි. එසේ නම් ජිර්සන්කල් සුසානයෙන් හමු වූ කංසාවල ආඝ්‍රාණය කිරීමට තරම් එeවැනි සංයෝග පැවැතියේ කෙසේ ද යන්නට පිළිතුරක්‌ තිබෙයි. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ඉහළ උන්නතාංශයක්‌ සහිත ප්‍රදේශවල දී කංසා ශාකයේ THC මට්‌ටම ස්‌වාභාවිකව ම ඉහළ යන බවයි. එවැනි ප්‍රදේශයක පවත්නා අඩු උෂ්ණත්වය, අඩු පෝෂක සහිත පස වැනි ඉහළ උන්නතාංශයක්‌ සහිත පරිසර තත්ත්වවල දී මෙවැනි දෙයක්‌ සිදු විය හැකි බවට මේ වන විට විද්‍යාඥයන් දන්නා කරුණකි. ජිර්සන්කල් සුසානය පිහිටා තිබෙන ප්‍රදේශය අඩි 10000ක්‌ පමණ උස්‌ වූ ප්‍රදේශයකි.

අනෙක්‌ අතට මේ ප්‍රදේශයේ වාසය කළ මිනිසුන් වල් දර්ශ වෙනුවට වැඩි THC ප්‍රමාණයක්‌ තිබෙන කංසා වගා කළා වන්නට ද හැකි ය. නැතිනම් පරිසරයෙන් එවැනි පැළෑටි හඳුනාගෙන භාවිතයට ගත්තා විය හැකි ය. එමෙන් ම මේ සානුව පිහිටි ප්‍රදේශය හරහා අතීතයේ මිනිසුන් විශාල ලෙස ගමන් කළ මාර්ග වැටි තිබූ බැවින් වෙනත් ප්‍රදේශවල වවන ලද කංසා පැළ හා එම පළාතේ වවන ලද කංසා පැළ අතර යම් මුහුම් වීමක්‌ පවා සිදු වන්නට ඉඩක්‌ තිබූ බව ද පෙන්වා දී ඇත. මෙවැනි ඉහළ අගයකින් THC හමු වන කංසා සමකාලීන වෙනත් ස්‌ථානයකින් මෙතෙක්‌ හමු වී නොමැත.

කංසා භාවිතය පැතිරීම


ඉහත කැණීමෙන් ලද දින වකවානු හා මෙතෙක්‌ සුසානවලින් කංසා හමු වූ ස්‌ථාන පිළිබඳව ඇති සෙසු සාධක හා ගැළපෙයි. එවැනි ස්‌ථාන දෙකක්‌ ජිර්සන්කල්වලට වඩා උතුරින් පිහිටි චීනයේ සිංජියැන් කලාපයෙන් හා රුසියාවේ අල්ටායි ක`දුකරයෙන් හමු වී තිබෙයි.

කංසා එහි මනෝ සක්‍රියකාරක රසායනික සංයෝග සඳහා මුලින් ම භාවිත වන්නට ඇත්තේ මධ්‍යම ආසියාවේ නැගෙනහිර කඳුකර ප්‍රදේශවල බවට හා එය පසු කලක ලෝකයේ සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත වන්නට ඇති බවට පවත්නා මතයට මේ පර්යේෂණයේ ප්‍රතිඵල සාධක ලෙස ගත හැකි ය.

අදින් වසර 2500කට පෙර කාලයක විසූ මිනිසුන් ඔවුන් හඳුනාගත් විශේෂිත පැළෑටි ඒවායේ අඩංගු රසායනික සංයෝග නිසා වැදගත් කොට සැලකූ ආකාරය මෙහි දී හෙළි වන වැදගත් කරුණකි. එමගින් පෙනෙන්නේ මිනිසුන් තමන් අවට පරිසරයේ ජෛව සම්පත් සමඟ කෙතරම් බැඳී සිටියා ද යන්නයි. එමෙන් ම තමන් අවට ශාකවලට කෙතරම් පරිණාමීය පීඩනයක්‌ මිනිසුන් එල්ල කර තිබෙන්නේ ද යන්න පෙන්වා දෙන අවස්‌ථාවක්‌ ලෙස ද පර්යේෂකයන් මේ අධ්‍යයනය හඳුනාගෙන ඇත.

මූලාශ්‍රය - Science Advances, DOI: 10.1126/sciadv.aaw1391