Wednesday, February 25, 2015

පරිසර පුවත් - Environment News (2015-02-18)

පරිසර පුවත් 2015-02-18
ධනේෂ් විසුම්පෙරුම

විදුසර 2015-02-18 (Vidusara) - Not available online


2010දී ප්ලාස්ටික් ටොන් මිලියන 8ක් සාගරයට

සාගරයට එක් වසරක් ඇතුළත එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණය ගණන් බැලීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව සිටිති. ලෝකයේ රටවල් 192ක ජනගහනය, අපද්‍රව්‍ය නිෂ්පාදනය හා කළමනාකරණය (අවිධිමත් කළමනාකරණයද ඇතුළුව* පිළිබඳව දත්ත මත පදනම්ව සාගරයට එක්වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණය සඳහා ආකෘතික සංසිද්ධි සමූහයක් ඔවුන් විසින් නිර්මාණය කර ඇත. මේ අනුව, 2010 වර්ෂයේදී ලෝකයේ සාගරවලට එක් වූ මුුළු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණය ටොන් මිලියන 4.8 හා 12.7 අතර ප‍්‍රමාණයක් වේ. මේ අනුව වාර්ෂිකව සාගරයට එක්වන ප්ලාස්ටික් ප‍්‍රමාණයේ සාමාන්‍යය, ටොන් මිලියන අටක් පමණ වේ. මේ ප‍්‍රමාණය ලෝකයේ රටවල් සියල්ලේම ජනනය වූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණය වන ටොන් මිලියන 275ක ප‍්‍රමාණයෙන් සුළු ප‍්‍රතිශතයකි.

මේ වාර්තාව මගින් එ් එ් රටවලින් සාගරයට එක් වන ප්ලාස්ටික් ප‍්‍රමාණයද ගණන් බලා ඇත. එ් අනුව සාගරයට එක්වන සමස්ත ප්ලාස්ටික් ප‍්‍රමාණයෙන් 83%ක් පමණ ප‍්‍රමාණයක් එක්වන්නේ රටවල් 20ක් පමණ ප‍්‍රමාණයකිනි. මෙහි මුල් තැන ගන්නා චීනයෙන් ප්ලාස්ටික් ටොන් මිලියනයකට අධික ප‍්‍රමාණයක සාගරයට එක්වේ. දෙවැනි තැනට එන්නේ ඉන්දුනීසියාවය. වැඩිම ප්ලාස්ටික් ප‍්‍රමාණයක් සාගරයට එක් කරන රටවල් දහය අතරට ශ‍්‍රී ලංකාවද අයත් වේ. මේ ලැයිස්තුවේ ඇමරිකාව පසුවන්නේ 20වන ස්ථානයේය. ප‍්‍රමාණාත්මකව ඉදිරියෙන් සිටින රටවල් අතරින් සියල්ලම පාහේ වෙරළාශ‍්‍රිත රටවල්ය. කෙසේ වෙතත්, එ්ක පුද්ගල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණය සැලකූ විට මේ තත්ත්වය වඩා වෙනස් බව පැහැදිලිය.

මේ තත්ත්වය අඛණ්ඩව පැවතුනහොත් 2025 වසර වන විට වාර්ෂිකව සාගරයට එක්වන ප්ලාස්ටික් ප‍්‍රමාණය ටොන් මිලියන 17.5ක් පමණ විය හැකිය. පවත්නා ප‍්‍රවණතාව අනුව ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණය දිගින් දිගටම ඉහළ යා හැකි අතර උපරිම අපද්‍රව්‍ය ප‍්‍රමාණය ජනනය වනු ඇත්තේ 2100 වර්ෂයේදී පමණය. මේ පර්යේෂකයන් පෙන්වාදී ඇති ආකාරයට ධනවත් රටවල් සිය රටවල වරක් භාවිතකර ඉවත දමන ප්ලාස්ටික් ප‍්‍රමාණය අඩු කළ යුතුව ඇති අතර, දියුණු වන රටවල් තම අපද්‍රව්‍ය කළමනාකරණ ක‍්‍රමවේද දියුණු කිරීම කළ යුතුය. (මූලාශ‍්‍රය: ීජසැබජැල ෘධෂථ 10ග1126රැුිජසැබජැග1260352*


දේශගුණ ගිවිසුමේ කෙටුම්පත සැකසේ

දේශගුණ වෙනස් වීම හා සම්බන්ධව මේ වර්ෂය අවසානයේදී අත්සන් කිරීම සඳහා වන ගිවිසුමක කෙටුම්පතක් පසුගිය සතියේ ස්විස්ටර්ලන්තයේ පැවැති සමුළුවකදී සාකච්ඡුාවට ගෙන එකඟතාවයකට පැමිණ තිබේ. පසුගිය දෙසැම්බර් මාසයේදී ලීමාහිදී සාකච්ඡුාවට ලක් වූ ලේඛනය මත පදනම්ව මේ වන විට පිටු අසූහයක් පමණ වන ලේඛනයක් දක්වා මේ කෙටුම්පත වර්ධනය වී තිබේ. මීට විවිධ පාර්ශ්වවලින් ඉදිරිපත් වන විවිධ විෂය හා සම්බන්ධ කරුණු ඇතුළත් වී ඇති බව පෙනේ. නිදසුනක් ලෙස ගතහොත්, ගුවන් හා නාවුක ගමනාගමනයේ විමෝචන අවම කිරීම වැනි කරුණු පවා මීට ඇතුළත්ව ඇත.

මේ සාකච්ඡුාවල යම් සාධනීය වර්ධනයක් දැකිය හැකි අතර, එකිනෙකට වෙනස් වූ මත දරණ රටවල් අතර එකඟතාවයකින් යුතුව ගිවිසුමේ කෙටුම්පත සකස් කිරීම මෙන්ම තරමක් සංකීර්ණ කරුණකි. මේ නිසාම පැරිස් සමුළුවට පෙර විසඳාගැනීමට අපහසු විය හැකි කරුණු කිහිපයක්ද පවතී. නිදසුනක් ලෙස ගතහොත්, හරිතාගාර වායු විමෝචන සීමා කිරීම පිළිබඳ ඉලක්ක සම්බන්ධව පොදු එකඟතාවයක් පැරිස් සමුළුවට පෙර ඇති වනු ඇකි බවක් සිතීම අසීරුය. එ් එ් රටවල් තම රටවල ජාතික සැලසුම් ලබා දිය යුතු කාලය ලෙස මාර්තු සිට ජුනි දක්වා වූ කාලය නම් කර ඇත.

‘මානව යුගයේ’ ආරම්භයට දින නියම කරයි

ධනේෂ් විසුම්පෙරුම

විදුසර 2015-02-18 (Vidusara) - Not available online


‘මානව යුගය’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉංග‍්‍රීසියෙන් Anthropocene ලෙසින් හඳුන්වනු ලබන භූ විද්‍යාත්මක කාලවකවානුව බව සරළව පැවසිය හැකිය. ඉන් අදහස් වන්නේ මිනිසුන්ගේ ක‍්‍රියාකාරිත්වය ලෝකයේ පරිසරයට සැලකිය යුතු බලපෑමක් කරන්නට පටන් ගත් දා සිට ගතවන කාල වකවානුව හැඳින්වීම සඳහා යෝජනා කර ඇති භූ විද්‍යාත්මක කාලවකවානුවකි.

මෙය යෝජනා කරන ලද්දේ රසායන විද්‍යාඥයකු වන පෝල් කෘට්සෙන් හා ඊ.එෆ්. ස්ටෝර්මර් විසින් 2000 වර්ෂයේදී පමණය. එයින් පෙන්වා දෙන ලද්දේ මිනිසුන්ගේ බලපෑම ප‍්‍රමුඛ සේ සැකිය හැකි භූ විද්‍යාත්මක වූ කාලවකවානුවක් පිළිබඳ අදහසකි. මෙහිදී ඔවුන් සලකා ඇත්තේ පෘථිවියේ භූවිද්‍යාත්මක තත්ත්වයට බලපෑමක් කළ හැකි හා අනාගතයටද ඉතිරිවන පැහැදිලි හා නව ස්ථරයක් නිර්මාණය කරන අවධියක් මීට අයත් වන බවයි. (මීට වඩා වෙනස් වුවත්, මේ හා යම් පමණකින් සමාන වූ අදහසක් 1960 ගණන්වලදී රුසියානු විද්‍යාඥයන් විසින්ද ඉදිරිපත් කර ඇත.)

මේ කාලයේදී මිනිසුන් විසින් පරිසරයට ඇති කර ඇති වෙනස්කම් මේ සංකල්පය තහවුරු කිරීම සඳහා යොදාගෙන ඇත. මේ වෙනස්කම් අතරින් වැදගත් වෙනස්කම් කිහිපයක් මෙසේය. පස සෝදා යෑමේ හා අවසාදිත ප‍්‍රවාහනයේ මිනිසුන් විසින් සිදුකරන ලද වෙනස්කම්, ජනපදකරණය, කෘෂිකර්මය, හා දේශගුණ වෙනස් වීම, වායුගෝලයේ පසේ හා සාගරයේ මිනිසුන් විසින් ඇති කර තිබෙන වෙනස්කම්, ඛණිජ චක‍්‍රකරණ ක‍්‍රියාවලියේ ඇති කර තිබෙන වෙනස්කම්, ජෛව පරිසරයේ ඇති කර තිබෙන විවිධ වෙනස්කම්, න්‍යෂ්ටික පිපිරවීම් ආදියෙන් සිදුකර ඇති වෙනස්කම ආදිය මීට අයත් වේ. මේ අදහස ගත වූ කාලය ඇතුළත මේ සංකල්පයට විද්‍යාඥයන් අතර සැලකිය යුතු පිළිගැනීමක් ලැබී ඇති බව එම සංකල්පය භාවිත කිරීම වර්ධනය වීමෙන් පෙනේ.

එහෙත් ජගත් මට්ටමින් පිළිගත් පෘථිවි ඉතිහාසයේ විවිධ යුග, අවධි හා කාල වකවානු ආදිය අයත් වන භූ විද්‍යාත්මක කාල පරිමාණයට (Geological Time Scale - මේ සමඟ ඇති සටහන බලන්න), මේ මානව යුගය තවමත් ඇතුළත් කරගෙන නොමැත. එහෙත් මේ යුගය පිළිබඳව සලකා බැලීම සඳහා ස්තරායනය පිළිබඳ ජාත්‍යන්තර කොමිසම (International Commission on Stratigraphy) කටයුතු කරමින් තිබේ. මේ අනුව එළැඹෙන 2016 වර්ෂයේදී මානව යුගය පිළිබඳ අදහස මේ කොමිසමට යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට මේ වන විට මානව යුගය පිළිබඳව කටයුතු කරන විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති.

මානව යුගය පිළිබඳව ඇති එක් ගැටලූවක් වන්නේ මේ නව කාල වකවානුව හඳුනාගැනීම සඳහා පැහැදිලි ආකාරයේ සාධක නොමැති බවයි. විශේෂයෙන් භූමියේ ස්තර අතර, මානව යුගය නිශ්චිතව හඳුනාගැනීමට ඇති සාධක මොනවාද යන්න පාෂාණ ස්තර අධ්‍යයන කරන විද්‍යාඥයින් නගන තර්කයකි.

මානව යුගය පිළිබඳ සංකල්පයේ පැවැති එක් අඩුපාඩුවක් වූයේ මේ වකවානුව කවදා ආරම්භ වීද යන්න පිළිබඳ නිශ්චිත මතයක් නොතිබීමය. මිනිසුන් බොහෝ කාලයක පටන් පරිසරයට බලපෑම් සිදු කර ඇති අතර මෙහිදී නව යුගය නිශ්චිතව හඳුනාගැනීම සඳහා අදාළ වන සීමාව කවරක්ද යන්න ගැටලූවකි. මේ නිසා මානව යුගයේ ආරම්භය පිළිබඳ කාල වකවානු තුනක් පිළිබඳ අදහස් ඉදිරිපත්ව ඇත. ඉන් පළමුවැන්න වසර දහස් ගණනකට පෙර දිනයකි. එය කෘෂිකාර්මික යුගයේ ආරම්භයේ පටන් ඇති වූ මානව බලපෑම සංකේතවත් කරයි. මේ සඳහා ඉදිරිපත්ව ඇති දෙවැනි අදහස වන්නේ වර්ෂ 1800 පමණ කාලයේදී - එනම්, කාර්මික විප්ලවය ඇති වූ කාල වකවානුව - මානව යුගය ආරම්භ වූ බවයි. මෙය පෝල් කෘට්සන් විසින්ද යෝජනා කරන ලද කාලය වේ. මේ සඳහා ඉදිරිපත්ව ඇති තුන්වැනි අදහස වන්නේ විසිවැනි සියවසේ මැද භාගයේදී පමණ ඇති වූ මහා වේගවත් වර්ධන සමයයි.

මානව යුගයට දින නියම කිරීම

පසුගියදා ප‍්‍රකාශයට පත් වූ පර්යේෂණ වාර්තාවකින් විiඥයන් සමූහයක් විසින් යෝජනා කර ඇත්තේ මානව යුගය 20වැනි සියවස මැදභාගයේදී ආරම්භ වූ බවයි. මේ කාලය යනු මිනිසුන් තමන්ගේ ක‍්‍රියාකාරකම්වල ශේෂ ඉතිරි කිරීමෙන් නොනැවතී, සමස්තයක් ලෝකය වෙනස් කිරීමට පටන්ගත් කාලය සේ දක්වා තිබේ. ලෝක ජනගහනය වේගයෙන් වර්ධනය වීම ආරම්භ වූයේ මේ කාලයේදීය. එසේම, කාබන් විමෝචන අධික ලෙස නිකුත් වීම ආරම්භ වන්නේද මේ සමයේදීය. අනෙක් අතට, මේ කාලයෙන් අනතුරුව ආක‍්‍රමණික ජීවීන් හා වඳවී යාම් කැපී පෙනෙන ආකාරයෙන් වේගවත් විය. එසේම, කොන්ක‍්‍රීට්, ප්ලාස්ටික් හා ලෝහ භාවිතයද සීඝ‍්‍රයෙන් වර්ධනය වූයේ මේ කාලයේදීය. න්‍යෂ්ටික යුගය ආරම්භ වන්නේද මේ කාලයේදීය.

මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මානව යුගය පිළිබඳ අධ්‍යයනය කරන ජාත්‍යන්තර විද්‍යාඥයින් සමූහයකි. මේ කාලය තීරණය කිරීමෙන් පසුව මානව යුගයේ ආරම්භය සඳහා නිශ්චිත වූ දිනයක් ලබා දීම සම්බන්ධව ඔවුන්ගේ අවධානය යොමු විය. ඔවුන් එ් සඳහා යෝජනා කරන්නේ ලෝකයේ පළමු න්‍යෂ්ටික පිපිරවීම පැවැත්වූ දිනයයි. එ් 1945 ජුලි 16 වන දින ඇමරිකාවේ නව මෙක්සිකෝ ප‍්‍රාන්තයේ අලමොගෝර්ඩෝ ප‍්‍රදේශයේදී සිදුකරන ලද පළමු න්‍යෂ්ටික බෝම්බ පිපිරීමයි. එතැන් පටන් 1988 දක්වා ලෝකය පුරා සිදුකරන ලද න්‍යෂ්ටික පිපිරීම් ප‍්‍රමාණය කෙතරම්ද යත්, සාමාන්‍යයෙන් දින 9.6කට වරක් එක් න්‍යෂ්ටික බෝම්බ පිපිරීමක් ඇති වී තිබේ. මේ නිසා උක්ත පිපිරීම්වල ශේෂ හෙවත් පතනය (fallout), මානව යුගය හඳුනාගැනීමේ ස්තරමය තැන්පතු ලෙස සැලකිය හැකි බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. මේවා විවිධ භූ විද්‍යාත්මක ක‍්‍රමවේද මගින් එය නිශ්චිත ලෙස හඳුනාගත හැකිය. අනෙක් අතට මේ දිනය මිනිසුන් සුවිසල් බලශක්ති ප‍්‍රභවයක් භාවිතකළ පළමු අවස්ථාවද වේ. මේ කරුණු මත පදනම්ව යෝජිත ‘මානව යුගය‘ ආරම්භ වූයේ න්‍යෂ්ටික යුගයේ ආරම්භය බව මෙයින් පෙන්වාදී තිබේ.

කෙසේ වෙතත් මේ කාලනිර්ණය පසුකලක වෙනස් කර ගැනීමේ හැකියාවක් තිබේය යන්නටද ඔවුන් ඉඩක් තබා ඇත. ඊට හේතුව මානව යුගය තවමත් එහි ආරම්භක අවස්ථාවේ පවත්නා බැවිනි. කෙසේ වෙතත් මේ පර්යේෂණ තවදුරටත් ඉදිරියට යන අතර, සෙසු දින නියම කිරීම්ද සැලකිල්ලට ගනිමින් 2016 වන විට මානව යුගයට නිශ්චිත වශයෙන් දින නියම කිරීමට අපේක්ෂිතය. (මූලාශ‍්‍රය:Quaternary International, DOI: 10.1016/j.quaint.2014.11.045)

මානව යුගයද මානව කේන්ද්‍රීය වේ


‘මානව යුගය’ වැදගත් වන්නේ හුදෙක් විiාත්මක සංකල්පයක් නිසා පමණක් නොවේ. මිනිසා විසින් පරිසරයට හා ලෝකයට සිදුකර ඇති හා සිදුවිය හැකි බලපෑම් සම්බන්ධව තේරුම්ගැනීම සඳහාද මෙය යොදාගත හැකිය. එහෙත් එය හුදෙක් පෘථිවිය මත මානව ආධිපත්‍යය තවදුරටත් වර්ධනය කරන මෙවලමක් වී ඇති බවක්ද පෙනේ.

කෙසේ වෙතත්, මානව යුගය පිළිබඳ අදහස යොදාගැනෙන්නේ තවදුරටත් මිනිසා සෙසු සියල්ලට වඩා ඉහළින් ඇතැයි පැවසෙන මානව කේන්ද්‍රීය සංකල්පයක් ලෙස බව පෙනේ. එහිදී ලෝකයේ සෙසු සියල්ලටම වඩා වැදගත් වන්නේ මිනිසාය. පරිසරය හා සෙසු ජීවය මිනිසුන්ට වඩා අඩු වැදගත් තැනක් ගනියි. එය බටහිර චින්තනය සඳහා පදනම් වන එක් මූලික අදහසකි. කෙසේ වෙතත් පෙරදිග චින්තනයේ ලෝකය දකින ආකාරය මීට වඩා වෙනස් වේ. මේ නිසා මානව යුගය පිළිබඳව විමසිය යුත්තේ මේ කරුණද සිහියේ තබාගෙනය.

සටහන - භූ විද්‍යාත්මක කාල පරිමාණය (Geological Time Scale)

භූවිiාත්මක කාල පරිමාණය (Geological Time Scale) යනු පෘථිවියේ ඉතිහාසය භූ විද්‍යාත්මක වශයෙන් බෙදා වෙන් කරන කාල පරිමාණයක් ලෙස හැඳින්විය හැකිය. මෙය භූ විiාඥයන්, පුරාජීව විද්‍යාඥයන් හා වෙනත් අදාළ විෂය ක්ෂේත‍්‍රවල පර්යේෂකයන් විසින් ලෝක ඉතිහාසයේ සිදු වූ සිදුවීම් විස්තර කිරීම සඳහා යොදා ගැනෙන්නකි. මේ අනුව, වසර බිලියන 4.54 (මිලියන 4500ක්) පමණ වයස වූ පෘථිවියේ විවිධ මට්ටම්වලින් අදාළ කාල වකවානුවලට බෙදා දැක්වේ.

මේ අනුව ලෝකයේ අතීතය කල්ප (Eon) කිහිපයකට බෙදා ඇති අතර මේ කල්පයකට යුග (Era) කිහිපයක් ඇතුළත් වේ. මේ එන් යුගයක්, අවධි (Period) කිහිපයකික් සමන්විත වේ. මේ එක් එක් අවධියකට වකවානු (කාල වකවානු) (Epoch) කිහිපයක් ඇතුළත් අතර ඊට සමයයන් (Age) කිහිපයක් ඇතුළත් විය හැකිය. මේ එක් එක් කාලසීමාවක් සඳහා දින වකවානු ඇති අතර එ්වා හඳුනාගැනීමට හැකි ලක්ෂණද ප‍්‍රාමාණිකව විස්තර කර තිබේ.

මේ වන අප ගතකරමින් සිටින්නේ පැනෙරොසොයික කල්පයේ (Phanerozoic Eon), කේනොසොයික යුගය (Cenozoic Era) අැතුළතට එන චාතුර්ථක අවධියේ (Quaternary Period) අයත් වන හොලෝසීන වකවානුව (Holocene Epoch) තුළය. හොලෝසීන වකවානුව ආරම්භ වී ඇත්තේ අදින් වසර 11,700කට පමණ පෙර බව සැලකේ. එ් ප්ලයිස්ටොසීන වකවානුවේ අවසානයේදීය.

‘මානව යුගය’ නම් අලූතින් යෝජනා වී ඇති කාල වකවානුව මේ හොලෝසීන වකවානුවේ එක් සමයයක් ලෙස හෝ හොලෝසීන වකවානුව අවසන් වීමෙන් පසුව එළැඹ ඇති වකවානුව ලෙස සැලකිය යුතු යැයි යෝජනා කර තිබේ.

තෙල් මිල අඩු වීමේ නොදකින අර්බුදයක්?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර 2015-02-11 (Vidusara) - Not available online

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පසුගිය වර්ෂය තුළ කැපී පෙනෙන ආකාරයෙන් අඩු වී තිබේ. පසුගිය වර්ෂයේ ජුනි මාසයේදී ඇමරිකානු ඩොලර් 110 පමණ මට්ටමේ පැවැති බොරතෙල් බැරලයක මිල පසුගිය ජනවාරි මාසය වන විට ඩොලර් 50ටත් වඩා අඩු මට්ටමකට ළඟා විය. එය අඩකින් පමණ මිල පහළ යාමකි. තෙල් මිල ඩොලර් 50ක අගයට වඩා පහළ ගියේ 2009 වර්ෂයෙන් පසුව වන අතර මේ හා සමගාමීව ලෝකයේ රටවල් ගණනාවක අලෙවි කරනු ලබන ඛණිජතෙල් වර්ගවල මිල ගණන්ද අඩු කර ඇත. නැතහොත් එ්වා අඩු කිරීම සඳහා රට තුළින්ම පෙළඹවීමක් ඇති වී තිබේ.

මේ ආකාරයෙන් තෙල් මිල පහළ වැටීම නිසා තෙල් නිෂ්පාදනය කරන රටවල ආදායම් අඩු වන බව පැහැදිලි කරුණකි. පෙට්‍රෝලියම් අපනයනය කරන රටවල සංවිධානයේ (OPEC) පසුගිය නොවැම්බර් මාසයේ අගභාගයේදී පමණ පැවැති රැුස්වීමකදී ආර්ථික වශයෙන් ශක්තිමත් නොවන රටවල් සැපයුම පාලනය කිරීම ගැන යෝජනා ඉදිරිපත් කරන ලදි. මේ වන විට දිනකට තෙල් බැරල් මිලියන 30ක් පමණ නිෂ්පාදනය කරනු ලැබේ. මේ තෙල් නිෂ්පාදනය අඩු කිරීමේ යෝජනාවට සහයෝගය ලබාදුන් රටවල් අතර වෙනිසුවේලාව, ඉරානය වැනි රටවල් විය. එහෙත් තෙල් නිෂ්පාදනය අඩු කිරීමට සවුදි අරාබිය එකඟ වී නොමැත. මේ අනුව තෙල් මිල කලක් යන තුරු අඩු අගයක් පවත්නා බව සිතිය හැකිය. ඇතැම් විශේෂඥයන් පවසන ආකාරයට තෙල් මිල වසර දෙකක් පමණ තරම් සැලකිය යුතු කාලයක් මේ අඩු මට්ටමේ පවා පැවතීමට ඉඩ පවතී.

මේ ආකාරයෙන් තෙල් මිල පහළ යෑමට හේතු වූ කරුණු ගණනාවක් ගැන සාකච්ඡුාවී ඇත. ලෝකයේ ආර්ථික වර්ධනයේ ඇති වී තිබෙන අඩාල වීම මෙන්ම තෙල් හා ගෑස් සැපයුම ඉහළ යෑම මේ අතර වේ. එසේම මේ වන විට රුසියාව හා යුරෝපා-ඇමරිකා රටවල් අතර ඇති වී තිබෙන අර්බුදය නිසා රුසියාවේ ආර්ථීකය දුර්වල කිරීමට ඇති අවශ්‍යතාවයද මීට බලපා ඇත. රුසියානු ආර්ථිකයේ ඉතා වැදගත් තැනක් ගන්නා තෙල් මිල පහළ ගියහොත් එරට ආර්ථිකය දුර්වල කළ හැකි වීම මීට හේතුවකි. තවත් හේතුවක් සේ දක්යා ඇත්තේ තෙල් නිෂ්පාදනයේ වැදගත් තැනක් ගන්නා ෂේල් තෙල් නිධි කර්මාන්තය අඩාල කිරීමයි. මේ ෂේල් තෙල් නිධිවල නිපදවන තෙල්වල පිරිවැය අධික වන අතර ලෝකයේ තෙල් මිල බැරලයකට ඩොලර් 50කඩ වඩා අඩු වූ විට ෂේල් තෙල් වාණිජමය වශයෙන් ඵලදායී නොවත තත්ත්වයට පත් වේ. ඇමරිකාවේ නිෂ්පාදනයෙන් තෙල් අතරින් අධික ප‍්‍රමාණයක් ප‍්‍රමාණය ෂේල් නිධිවලින් ලබාගැනේ.

මේ ආකාරයෙන් තෙල් මිල පහළ යෑම අංශ ගණනාවකින්ම බලපාන සාධකයක් වන බව පැහැදිලිය. මෙය පාරිභෝගිකයන්ගේ පැත්නෙත් සහනයක් වේ. ලාභ තෙල් නිසා ප‍්‍රවාහනය ලාබදායක වන අතර, ජනතාවගේ ප‍්‍රවාහන අවශ්‍යතාද මේ සමඟ ඉහළ යනු ඇත. එසේම එය ඇතැම් කර්මාන්තවලටද සහනයක් වනු ඇතැයි සැලකිය හැකිය.

කෙසේ වෙතත් තෙල් මිල පහළ යෑම නිසා පාරිසරික වශයෙන්ද සැලකිය යුතු ආකාරයේ බලපෑමක් ඇති විය හැකිය. මේ පිළිබඳව පසුගිය මාස කිහිපයක කාලය ඇතුළත වැදගත් කරුණු ගණනාවක් සාකච්ඡුාවට ලක්ව ඇත. මේ ලිපිය එ් කරුණු පිළිබඳව සිදුකරන විමසීමකි.

තෙල් භාවිතය ඉහළ යෑම


තෙල් මිල පහළ යෑම නිසා සිදුවෙමින් ඇති හා සිදුව ඇති වැදගත් දෙයක් වන්නේ ජනතාව වැඩි වැඩියෙන් ඉන්ධන භාවිතයට යොමු වීමයි. එසේම ජනතාව වැඩි වැඩියෙන් ගමන් බිමන් යෑමට මෙන්ම වෙනත් ආකාරයෙන් තෙල් භාවිතයද ඉහළ යා හැකිය. පසුගිය දශකයක පමණ කාලයේ පැවැතියේ මෙහි ප‍්‍රතිවිරුද්ධ තත්ත්වයයි. එනම් තෙල් මිල ඉහළ මට්ටමක පැවැති සමයේ බොහෝ දෙනා තෙල් භාවිතය අඩු කළහ. ගමන් බිමන් ආදිය අඩු කිරීමට දියුණු රටවල ජනතාව පවා පෙළඹුනේ තෙල් මිල හා ආර්ථික අර්බුදයත් එකට පැවැති කාලයේදීය. එසේම කර්මාන්තවලද තෙල් භාවිතය අඩු විය.

වර්තමාන තෙල් මිල පහළ යෑම නිසා ජනතාවගේ තෙල් භාවිතය ඉහළ ගියහොත් ඇතිවිය හැකි එක් ගැටලූවක් වන්නේ තෙල් දහනයේදී නිපදවෙන හරිතාගාර වායු විමෝචන ඉහළ යෑමයි. එසේම අහිතකර සෞඛ්‍ය තත්ත්වවලට හේතු වන වායු ¥ෂණය ඉහළ යෑමටද මෙය හේතුවක් වනු ඇත. මේ කරුණු දෙකම පාරිසරික වශයෙන් බරපතළ ප‍්‍රතිවිපාක ඇතිකරන කරුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

හරිත බලශක්තිය


මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන්, සුළං බලය හා සූර්ය ශක්තිය වැනි පුනර්ජනනය කළ හැකි බලශක්තිය පිළිබඳව ඇති අවධානය හා එ් අංශයේ ආයෝජනය අඩු විය හැකි බව පෙන්වාදී ඇත. මේ බලශක්ති පිළිබඳව කඩිනම් අවධානයක් යොමු කිරීම අනවශ්‍ය බව ඉදිරියේදී තර්ක කළ හැකිය. පොසිල ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පුනර්ජනනය කළ හැකි බලශක්තිය ප‍්‍රවර්ධනය කළ අතර, මිල පහළ යෑමත් සමඟ මේ අංශයේ සමාගම්වල කොටස් මිල පහළ යෑමටද ඉඩ ඇති බව පෙන්වාදී ඇත. මේ නිසා මේ පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන කටයුතු අඩාල වීමටද ඉඩ තිබේ. ඇතැම් පාර්ශ්ව පෙන්වාදී ඇති ආකාරයට, තෙල් මිල යළි ඉහළ ගිය කාල වකවානුවක් වන විට සූර්ය හා සුළං බලයේ වියදම් අඩු වී තිබීමට නම් මේ පර්යේෂණ අඛණ්ඩව ඉදිරියට යා යුතුය.

පුනර්ජනය කළ හැකි බලශක්ති අංශයේ පිරිවැය ඉහළ වන බැවින් ඊට ලබාදී ඇති සහන අඛණ්ඩව පවත්වා ගෙන යෑම ඉදිරියේදී ගැටලූවක් විය හැකිය. එසේම තෙල් මිල පහළ යෑමත් සමඟ තෙල් හා පුනර්ජනනය කළ හැකි බලශක්තිය අතර ඇති පිරිවැය පරතරයද ඉහළ යයි. මේ නිසා වැඩි වශයෙන් සහනාධාර ලබාදීම අවශ්‍ය වනු ඇත. එහෙත් මහජන මුදල් මෙවැනි කාර්යයක් සඳහා යෙදවීම සම්බන්ධව ගැටලූ ඇති විය හැකිය. මේ තත්ත්වය තුළ පුනර්ජනනය කළ හැකි ඉන්ධනවල අනාගතය තරමක් අනතුරුදායක බව පැවසිය යුතු වේ.

කෙසේ වෙතත් මෙහි තවත් පැත්තක්ද තිබේ. ඛණිජ තෙල් වැඩි වශයෙන් අදාළ වන්නේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට වන අතර සුළං හා සූර්ය බලය අදාළ වන්නේ වැඩි වශයෙන් විදුලි බල ක්ෂේත‍්‍රයටය. (විදුලි බල අංශය සඳහා වැඩි වශවෙක් අදාළ වන පොසිල ඉන්ධනය ස්වාභාවික වායුවයි.* මේ නිසා තෙල් මිල පහළ යෑමෙන් නිසා පුනර්ජනනය කළ හැකි බලශක්ති ක්ෂේත‍්‍රයට දැඩි බලපෑමක් ඇති නොවනු ඇති බවටද අදහස් පළ වී තිබේ. තෙල් මිල සමඟ ගෑස් මිලද අඩු වීමේ අවස්ථාවක් ඇතිවුවහොත් පුනර්ජනනය කළ හැකි බලශක්තියට යම් බලපෑමක් ඇති වේ.


ස්වාභාවික පරිසරයට යහපතක්?


මේ අතර තෙල් කැනීම්වලදී පරිසරයට සිදුවන හානිය අඩු වීමටද යම් අවස්ථාවක් පවතී. තෙල් ලබා ගන්නා ඇතැම් ක‍්‍රමවේද ලාබදායක වන්නේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 80ක පමණ මට්ටමේ පවතින්නේ නම් පමණකි. මේ නිසා අඩු තෙල් මිලක් ඇති විට ගැඹුරු මුහුදේ සිදුකරන තෙල් කැනීම්, ආක්ටික් ප‍්‍රදේශවල සිදුකරන තෙල් කැනීම් හා ශල්ක නිධිවලින් (ිය්කැ* තෙල් ලබාගැනීමට ඇති උනන්දුව අඩු විය හැකිය. මීට හේතුව වන්නේ තෙල් මිල පහළ ගියහොත් එ් නිධිවලින් තෙල් ලබාගැනීම ලාබදායක නොවන බැවිනි. මෙය එක්තරා ආකාරයකින් සාධනීය ප‍්‍රතිඵලයක් සේ සැලකිය හැකිය. එහෙත් තෙල් මිල ඉහළ ගිය වහා මේ කැනීම් යළි ආරම්භ විය හැකි බව අමතක කළ නොහැකි කරුණකි.

කෙසේ වෙතත් මේ කරුණු සියල්ල සලකා බලන විට වර්තමාන තෙල් මිල පහළ යෑම තාවකාලික එකක් වන අතර, එ් නිසා ඇති වනු ඇතැයි පෙන්වාදී ඇති සාධනීය බලපෑම්ද තාවකාලික වේ. එහෙත් එ් නිසා ඇති වී තිබෙන නිශේධනීය බලපෑම් ඊට වඩා බරපතළ දිගු කාලීන එ්වා විය හැකිය. නිදසුනක් ලෙස වැඩි වැඩියෙන් විමෝචනය වන හරිතාගාර වායු විමෝචන වායුගෝලයේ කාලයක් පැවතී දේශගුණ වෙනස් වීම තීව‍්‍ර කරනු ඇත. එය යළිත් හැරවිය නොහැකි බලපෑමකි. මීට සති කිහිපයකට පෙර නිකුත් වූ එක් අධ්‍යයනයකින් පෙන්වා දී තිබුනේ ලෝකයේ අහිතකර දේශගුණ වෙනස් වීම වැළැක්වීමට නම් ගල් අඟුරු, තෙල් හා ගෑස් නිධි අතරින් වැඩි ප‍්‍රමාණයක් භාවිත නොකළ යුතු බවයි. එසේ නම් හරිතාගාර වායු විමෝචන සීමා කිරීමේ ඇති වැදගත්කම අමුතුවෙන් පෙන්වා දීම අවශ්‍ය නොවේ.

මේ කරුණු සියල්ල විමසන විට, අවසන් වශයෙන් පැවසිය හැක්කේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි අවිනිශ්චිතතාවයක් ඇති බවයි. මෙය තෙල් මිල යළි ඉහළ යන කාල වකවානුව පිළිබඳවද පොදු විය හැකිය.

පරිසර පුවත් - Environment News (2015-02-11)

පරිසර පුවත් 2015-02-11

ධනේෂ් විසුම්පෙරුම


විදුසර 2015-02-11 (Vidusara) - Not available online


සාගරය ආම්ලිකකරණය සාගර ජීවීන්ට බලපාන ආකාරය


හරිතාගාර වායු විමෝචන ඉහළ යෑම සමඟ සාගර ජලයේ ආම්ලිකතාවය ඉහළ යන අතර, මේ නිසා සාගරයේ වෙසෙන විවිධ කාණ්ඩවල ජීවීන්ට අහිතකර බලපෑම් ඇති වේ. සාගරයේ වෙසෙන කොරල්, බෙල්ලන්, වැනි කවච තනන ජීවී විශේෂ සාගර ජලයේ pH අගයට සංවේදී වේ - එ නම් pH අගය අඩු වන විට - ආම්ලික තත්ත්ව හමුවේ මේ කැල්සියම් කවචවල පැවැත්ම අනතුරට ලක්වන නිසාය. විවිධ දේශගුණ සංසිද්ධ යටතේ, මේ තත්ත්වය බලපාන ආකාරය පසුගියදා ප‍්‍රකාශයට පත්ව ඇති නව විශ්ලේෂණයක් මගින් පෙන්වාදී ඇත.

එහිදී අනාවරණය වී ඇති ආකාරයට ඉහළ හරිතාගාර වායු විමෝචන සංසිද්ධියක් යටතේදී කැල්සියම් කවච තනත ජීවී විශේෂ අතරින් 21%-32% අතර ප‍්‍රමාණයකට සැලකිය යුතු ආකාරයක බලපෑමක් ඇති විය හැකිය. එසේම අඩු විමෝචන පවත්නා තත්ත්වයක් යටතේදී මේ ජීවීන් අතරින් 7%-12% අතර ප‍්‍රමාණයකට බලපෑමක් ඇති විය හැකිය. මෙහිදී බලපෑම යනුවෙන් අදහස් කර ඇත්තේ එක් එක් ජීවී විශේෂයේ ගහනයෙන් 10%ක් පමණ ප‍්‍රමාණයකට බලපෑමක් ඇති වීමට පවත්වා අවස්ථාවයි.

මේ අධ්‍යයනය සඳහා ආම්ලිකකරණය වූ ජලය කැල්සියම් කවච තනන ජීවීන්ගේ වර්ධනයට, ප‍්‍රජනනයට හා පැවැත්මට බලපාන ආකාර සම්බන්ධව පරීක්ෂණවලට අදාළ දත්ත යොදාගෙන ඇත. (මූලාශ‍්‍රය: Environmental Science and Technology, DOI: 10.1021/es505485m)


වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම පාලනය සඳහා ප‍්‍රවාහන සේවා සපයන්නන් පුහුණු කළ යුතුයි


වනජීවී ද්‍රව්‍යවල ජාත්‍යන්තර වෙළෙඳාම පාලනය කිරීම සඳහා ප‍්‍රවාහන සේවා ආදිය සපයන පිරිස් දැනුවත් කිරීමේ වැදගත්කම පසුගියදා පැවැති සමුළුවකදී පෙන්වා දී තිබේ. ගුවනින්, නැව් මගින් හා ගොඩබිමින් සිදුවන ප‍්‍රවාහන සේවා සපයන සමාගම්වල සේවක පිරිස් සතුව මේ පිළිබඳව ඇති අවබෝධය ප‍්‍රමාණවත් නොවේ. මේ නිසා ඔවුන් නොදැනුවත්ව විවිධ ක‍්‍රම යොදාගනිමින් වනජීවී ද්‍රව්‍ය ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රවාහනය කිරීමේ අවස්ථාවක් තිබේ. මේ තත්ත්වය ප‍්‍රයෝජනයට ගන්නා වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාමේ යෙදෙන පිරිස් එය සිදුකරගෙන යන බව පෙනේ.

එසේම මේ වන විට හුදෙක් අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීම වෙනුවට වනජීවී ද්‍රව්‍ය කිසියම් සැකසුමකින් පසුව අපනයනය කරනු ලබන ආකාරයක් දැකගත හැකිය. නිදසුනක් ලෙස ගතහොත්, විශාල ලෙස වනජීවී ද්‍රව්‍ය අපනයනය කරන අප‍්‍රිකානු රටවලින් විවිධ නිෂ්පාදන ලෙස සකස් කර අපනයනය කරන ආකාරය දැකිය හැකිය. නිදසුනක් ලෙස ගතහොත්, ඇත් දත් වෙනුවට එ්වායින් තැනූ ආභරණ අප‍්‍රිකාවේම නිපදවා ආසියානු රටවලට අපනයන කිරීමට ගත් අවස්ථා නීතියේ රැුහැනට හසු වී ඇත. මේ පිළිබඳ විශේෂඥයන් දක්වා ඇති ආකාරයට, ආසියානු කැටයම් ශිල්පීන් අප‍්‍රිකාවේ සිට මේවා නිෂ්පාදනය කරන බවට සැක කළ හැකිය.

ජාත්‍යන්තර වරාය හා ගුවන්තොටුපල ආදි ස්ථානවල සේවයේ යෙදෙන රේගු හා වෙනත් නීති නිලධාරීන්ට ජාත්‍යන්තර වශයෙක් සෑම බහාලූමක් හා ඇසුරුමක්ම පරීක්ෂා කිරීම අසීරු වන තත්ත්වය තුළ ප‍්‍රවාහනය වැනි සේවා සපයන්නන්ගේ දැනුම පුළුල් කිරීම වැදගත්ය.

Monday, February 16, 2015

පරිසර පුවත් - Environment News (2015-02-04)

පරිසර පුවත් - 2015-02-04
ධනේෂ් විසුම්පෙරුම


විදුසර 2015-02-04 (Vidusara)

http://www.vidusara.com/2015/02/04/news2.html


රයිනෝ විශේෂයක්‌ රැකගැනීමට සුවිශේෂ උත්සාහයක්‌


මේ වන විට දැඩි ලෙස අන්තරාදායක තත්ත්වයේ පසු වන උතුරුදිග සුදු රයිනෝ (Northern white rhino -
Ceratotheriumsimumcottoni) නම් උප විශේෂය ආරක්‌ෂා කරගැනීම සඳහා නූතන තාක්‌ෂණය යොදාගැනීමට මේ පිළිබඳව කටයුතු කරන විද්‍යාඥයන් පිරිසක්‌අදහස්‌කර තිබේ. මේ සඳහා කෘත්‍රිම/ නාලස්‌ථ සංසේචනයක්‌ (in-vitro fertilisation) ක්‍රමවේදය යොදාගැනීම සඳහා ඔවුන් ගෙන් අදහසක්‌ ඉදිරිපත් ව තිබේ. අද වන විට මේ විශේෂයේ සතුන් මිහි මත ඉතිරි ව ඇත්තේ පස්‌ දෙනකු පමණ තරම් සුළු ප්‍රමාණයකි.

පසුගිය දා කෙන්යාවේ පැවැති රැස්‌වීමක දී තීරණය කර ඇති පරිදි මේ වන විට ඉතිරි ව සිටින ගැහැනු සතුන් ගේ ඩිම්බ අනාගතයේ දී සංසේචනය කිරීම සඳහා ආරක්‌ෂා සහිත ව තබාගැනීමට අපේක්‌ෂා කර ඇත. කෙසේ වෙතත් මේ සංසේචනය ප්‍රායෝගිකව සිදු කිරීම සඳහා අදාළ තාක්‌ෂණයේ වැඩිදුර වර්ධනය අවශ්‍ය ව ඇති බව සඳහන් වේ. ජර්මනියේ පිහිටි ආයතනයක මේ සතුන් ගෙන් ලබාගත් ශුක්‍රාණු මේ වන විටත් තැන්පත් කර තිබේ.

අප්‍රිකාවේ සීමිත ප්‍රදේශයක ජීවත් වන මේ රයිනෝ උපවිශේෂයේ ඉතිරි ව ඇති සියලු සතුන් ජීවත් වන්නේ ආරක්‌ෂිත සංරක්‌ෂණාගාරයක හෝ සත්ත්වෝද්‍යාන දෙකක ය. මේ නිසා මේ සතුන් ස්‌වාභාවික පරිසරයෙන් වඳ ව ගිය (Extinct in the Wild) උපවිශේෂයක්‌ ලෙස ද සැලකේ.


ආන්තික කාලගුණයේ අවදානම දෙගුණ කරන දේශගුණ වෙනස්‌ වීම


පැසිෆික්‌ සාගරයේ ඇති වන දේශගුණ සංසිද්ධියක්‌ වන ලා නිනා තත්ත්වය නිසා ආන්තික කාලගුණික තත්ත්ව ඇති වීමට තිබෙන අවදානම දෙගුණ කිරීම සඳහා දේශගුණ වෙනස්‌ වීම බලපාන බව අධ්‍යයනයක්‌ මගින් පෙන්වා දී තිබේ. මේ කරුණු අනාවරණය වී ඇත්තේ ආකෘතික අධ්‍යයනයකිනි.

පැසිෆික්‌ සාගරයේ ඇති වන වෙනස්‌වීම්වල ප්‍රතිඵලයක්‌ වන ලා නිනා තත්ත්වය සාමාන්‍යයෙන් ඇති වන්නේ වසර 23කට එක්‌ වරක්‌ පමණ ය. එහෙත් දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම නිසා මේ තත්ත්වය වසර 13කට වරක්‌ ඇති විය හැකි බව මේ අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත. මේ අනුව අතීතයට වඩා වැඩි ප්‍රමාණවලින් ආන්තික තත්ත්ව ඇති විය හැකි ය.

ලා නිනා තත්ත්වයක්‌ බොහෝ විට ඇති වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ තත්ත්වය වන එල්නිනෝ තත්ත්වයට පසුව එන වර්ෂයේ දී ය. නිදසුනක්‌ ලෙස ගත හොත් 1997-98 වර්ෂවල ඇති වූ එල්නිනෝ තත්ත්වයෙන් පසුව 1998-99 කාලයේ දී ආන්තික ලා නිනා තත්ත්වයක්‌ ඇති විය. මේ තත්ත්ව දෙකෙන් ම ලෝකයේ ප්‍රදේශ

රැසක විවිධ අංශවලට සැලකිය යුතු බලපෑමක්‌ ඇති වී තිබිණි.

දේශගුණ වෙනස්‌වීමේ බලපෑම නිසා එල්නිනෝ තත්ත්වය ද මේ ආකාරයට ම දෙගුණයකින් පමණ ඉහළ යා හැකි බව මින් පෙර පෙන්වා දී තිබිණි. ඒ අනුව එකිනෙකට ප්‍රතිවිරුද්ධ ආන්තික තත්ත්ව වැඩි අවස්‌ථාවල දී ඇති විය හැකි බව පෙනේ. මේ අනුව හෙළි වන්නේ එල්නිනෝ හා ලා නිනා තත්ත්වවලට දේශගුණ වෙනස්‌වීම සිදු වන බලපෑම පිළිබඳව විද්‍යාඥයන්ට වැඩි අවබෝධයක්‌ ලැබෙමින් පවතින බව ය. (මූලාශ්‍රය: Nature Climate Change, DOI:10.1038/nclimate2492)


http://www.vidusara.com/2015/02/04/news2.html

Friday, February 6, 2015

පරිසර පුවත් - Environment News (2015-01-28)

පරිසර පුවත් - 2015-01-28
ධනේෂ් විසුම්පෙරුම

විදුසර 2015-01-28 (Vidusara)

http://www.vidusara.com/2015/01/28/news.html


රයිනෝ ඝාතන පසුගිය වසරේ දීත් ඉහළට

2014 වර්ෂයේ දී දකුණු අප්‍රිකාව තුළ දී මරා දමන ලද රයිනෝසිරස්‌ සතුන් ගේ ගණන ඊට පෙර වර්ෂයට වඩා 21%ක්‌ පමණ තරම් අධික බව පසුගිය සතියේ වාර්තා විය. ඒ වර්ෂයේ දී රයිනෝ සතුන් 1215ක්‌ පමණ ප්‍රමාණයක්‌ මරා දමා තිබේ. මේ තත්ත්වය මෑත කාලයේ දී දැකිය හැකි රයිනෝ ඝාතන ඉහළ යන ප්‍රවණතාව ඉදිරියට යැමක්‌ සේ දක්‌වා ඇත. ලෝකයේ රයිනෝ ගහනයෙන් 80%ක්‌ පමණ දැකිය හැක්‌කේ දකුණු අප්‍රිකාවේ ය.

මේ රයිනෝ සතුන් අතරින් වැඩි ප්‍රමාණයක්‌ (එනම්, තුනෙන් දෙකක්‌ පමණ) මරා දමා ඇත්තේ එරට පිහිටා ඇති ලෝක ප්‍රකට ජාතික උද්‍යානයක්‌ වන කෘගර් ජාතික උද්‍යානය ඇතුළත දී වීම කණගාටුදායක කරුණකි. මේ නිසා රයිනෝ සතුන් සියයක පමණ පිරිසක්‌ වඩාත් ආරක්‌ෂිත වූ ප්‍රදේශ වෙත යොමු කර ඇති අතර, මේ ඇතැම් සතුන් යාබද රටවලට පවා යොමු කර ඇත. එහි අරමුණ වන්නේ මේ සතුන් දඩයක්‌කරුවන් ගෙන් ආරක්‌ෂා කරගැනීම ය.

රයිනෝ සතුන් මරා දමනු ලබන්නේ ඔවුන් ගේ අං ලබාගැනීම සඳහා ය. චීනය හා වියට්‌නාමය වැනි රටවල සාම්ප්‍රදායික ඖෂධීය අවශ්‍යතා සඳහා යොදාගන්නා නිසා මේ අං සඳහා සඳහා අධික ඉල්ලුමක්‌ පවතී. ඒ නිසා මේ ආකාරයෙන් රයිනෝ සතුන් ඝාතනය කරනු ලැබීම අප්‍රිකානු රටවල දැකිය හැකි ය. ජාත්‍යන්තර වශයෙන් මේ තත්ත්වය පාලනය කිරීම සඳහා නීති පැවතිය ද, අදාළ වනජීවී ද්‍රව්‍ය සපයන්නන් විවිධ නවීන උපක්‍රම භාවිත කිරීම නිසා මේ අනවසර වෙළෙඳාම පාලනය කිරීම අසීරු වී තිබේ.

දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව වැඩි අවධානයක්‌

දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව ඇති අවධානය ම`දක්‌ ඉහළ ගොස්‌ ඇති බවක්‌ පසුගිය සතියේ ලෝකයෙන් වාර්තා වූ විවිධ සිදුවීම් අනුව පෙනේ. මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ ලෝකයේ උණුසුමින් අධික ම වර්ෂය 2014 බව ප්‍රකාශ වීමෙන් පසුව බව ද පෙනේ.

ඔවුන් ගේ රටවල් හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා සිදු කරන සැලසුම් ඉදිරිපත් කරන ලෙස එක්‌සත් ජාතීන් ගේ දේශගුණ වෙනස්‌වීම පිළිබඳ රාමුගත සම්මුතියේ ප්‍රධානි ක්‍රිස්‌ටියානා ෆිගියුරේස්‌ ලෝකයේ රටවලින් ඉල්ලා තිබිණි. අදාළ සැලසුම් මේ වසර අග දී පැවැත්වෙන පැරිස්‌ දේශගුණ සාකච්ඡා ගොඩනැ`ගීම සඳහා පදනම් කරගත යුතු බව ද ඔවුන් දක්‌වා තිබිණි.

මේ අතර ලෝකය මුහුණ දී ඇති අවදානම පිළිබඳ පිළිගත් නිර්ණායකයක්‌ සේ සැලකෙන ඉරණම් දින ඔරලෝසුවේ (Dදදපිdaහ ජකදජන) වේලාව මධ්‍යම රාත්‍රියට මිනිත්තු තුනක්‌ ආසන්න වන සේ වෙනස්‌ කිරීම පසුගිය දා සිදු විය. එය වසර තුනකට පෙර අවසන් වරට වෙනස්‌ කරන විට පැවැති වේලාවට වඩා මිනිත්තු දෙකක්‌ ඉදිරියට ගෙන ගොස්‌ ඇත. මේ දර්ශකය සකස්‌ කරන චිකාගෝ පාදක කරගත් පරමාණු විද්‍යාඥයන් ගේ බුලටිනය මේ සඳහා හේතු ලෙස දක්‌වා තිබුණේ දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම හා න්‍යෂ්ටික ආයුධවලින් ඇති අවදානමයි.

http://www.vidusara.com/2015/01/28/news.html