Showing posts with label Untold Hyderabad Stories. Show all posts
Showing posts with label Untold Hyderabad Stories. Show all posts

Thursday, February 6, 2020

ලංකාවට නිදහස ලැබෙද්දි ඉන්දියාවට එක් නොකළෙ ඇයි?

2012 දි මට හයිද්‍රාබාද් යන්න අවස්ථාවක් ලැබුණා. හයිද්‍රාබාද් කියන්නෙ ඉන්දියාවෙ IT hub එකක්. ඉතින් ඒ රටේ විවිධ පෙදෙස්වලින් පැමිණි තරුණ තරුණියන් එහි රැකියා කළා. අපි අපේ හෝටලයට එන, රෑට කෑම කන්න ගිය තැන්වල රෑ 9-10ටත් කට්ටිය පාරෙ. හරිම ජනාකීර්ණයි.

ඒ ඉතින් ඉන්දියාවනෙ, හරිම ලස්සන ගෑණු ළමයි හිටියා (ඇත්ත කියන්න එපායැ). ඉතින් දවස් ගණනක් තිස්සෙ මේ සුන්දර මුහුණු දකින අපේ කණ්ඩායමේ සමහරු හිටියෙ ටිකක් වශීවෙලා. ටිකක් තක්බීර් වෙලා. (විශේෂයෙන් තනිකඩයො)...

ඉතින් ඒ ළමයි ගැන කතා කළ වෙලාවක එක් අයෙක් මෙහෙම කීවා...

"සුද්දො අපිට නිදහස දුන්න වෙලාවෙ, ඉන්දියාවට එකතු කළේ නැහැනෙ! එහෙනං අපිත් මෙහෙනෙ!"

ඔහු ඉන් අදහස් කළේ ලංකාව ඉන්දියාවෙ කොටසක් උනානම් ලංකාවෙ අයට හයිද්‍රාබාද් හා වෙනත් ඉන්දියානු නගරවලට පහසුවෙන් යන්න අවස්ථාව ලැබෙන බවයි... ඒ හුදෙක් ලස්සන ගෑණු ළමයි නිසාම රටේ ස්වෛරීභාවය හා ස්වාධීනත්වය වචනයෙන් ‌හෝ පාවාදුන් මොහොතක් - හැබැයි විහිළුවට හා ඇති වූ දුක වහගන්න... මොකද එතැන අධිරාජ්‍ය විරෝධී වාමාංශිකයොත් හිටි නිසා!

හැබැයි මේ දවස්වල සමහරු ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස් නූනා නම්... කියල කියන්නෙ නම් තනිකරම ඔවුන්ගෙ යටත් විජිත මානසිකත්වය හෝ කළුසුද්දන්ට ජාතක වීමේ අවුල නිසාම විය යුතුයිි. කරුමෙ කියන්‌‌නෙ අධිරාජ්‍ය විරෝධී විය යුතු වාමංශිකයොත් (තරුණ අය) දැන් දැන් මේ වගේ කතා කියනවනෙ.

එදා අපේ යාළුවො හයිද්‍රාබාද්වලදි එහෙම කීවෙ ගෑණු ලමයි නිසා නම්, එංගලන්තෙටම යටත් වෙලා ඉන්න කැමැති අය ඇති තමයි!

(හයිද්‍රාබාදයේ නොකියූ කතා තවත් තියනවා)