Thursday, November 29, 2012

ජගත් පරිසර විමසුම 150 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-11-28, පි. 11
http://www.vidusara.com/2012/11/28/feature3.html

විමසුම - ජගත් දේශගුණ සමුළුව ඵලදායි වේ ද?
ප්‍රමුඛ පුවත - දේශගුණ වෙනස්‌වීමේ තරම පෙන්වන මෑත දී නිකුත්වූ වාර්තා කිහිපයක්‌
පුවත් සැකෙවින් - අඩු මට්‌ටමේ විකිරණශීලීතාවත් හානිකර විය හැකියි‌/ බ්‍රිතාන්‍යයේ පක්‌ෂි ගහනයේ විශාල අඩු වීමක්‌/ ඇන්ටාක්‌ටිකාවේ වන ජීවීන් අවදානමේ



විමසුම
ජගත් දේශගුණ සමුළුව ඵලදායි වේ ද?

ජගත් දේශගුණ සමුළුව කටාර් රාජ්‍යයේ දෝහා නගරයේ දී මේ වන විට ආරම්භ වී ඇත. දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ රාමුගත සම්මුතියේ හා කියෝටෝ සන්ධානයේ සමුළු දෙකක්‌ ලබන දෙසැම්බර් හත් වැනි දා තෙක්‌ දෙසතියක්‌ පුරා එහි දී පැවැත්වේ. දේශගුණ වෙනස්‌ වීම ලෝකයේ බරපතළ ගැටලුවක්‌ බව පැහැදිලිව ඇති අතර එහි බලපෑම් හා ප්‍රතිඵල ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වේ. එහෙත් මේ අර්බුදයට ප්‍රමාණවත් විසඳුමක්‌ මෙතෙක්‌ ඉදිරිපත් වී ඇති බව නො පෙනේ. මෙවැනි තත්ත්වයක්‌ හමුවේ මේ සමුළුව හමුවේ ඇති අභියෝග මොනවා දැයි මඳක්‌ විමසා බැලීම යෝග්‍ය ය. පසුගිය සතියේ දැක්‌වූ පරිදි කියෝටෝ සන්ධානය, ජගත් මට්‌ටමේ නව ගිවිසුම හා දේශගුණ මූල්‍ය ප්‍රතිපාදන මේ අතර වේ.

කියෝටෝ සන්ධානයේ දෙවැනි අදියරක්‌


1997 දී අනුමත කරන ලද කියෝටෝ සන්ධානය යටතේ තම රටවල හරිතාගාර වායු විමෝචන 1990 වර්ෂයේ පැවැති ප්‍රමාණයෙන් 5.2%ක්‌ 2012 වන විට අඩු කරන්නට කාර්මික රටවල් එකඟ විය. හරිතාගාර වායු සීමා කිරීම සඳහා මෙතෙක්‌ ක්‍රියාත්මක වූ එක ම ප්‍රයත්නයේ දෙවැනි අදියරක්‌ ඇති කරගැනීම සඳහා වසර ගණනාවක සිට උත්සාහ කර ඇත. එහෙත් තම රටවලට පමණක්‌ සීමා පැනවීම අසාධාරණ බව පවසන දියුණු රටවල් සමහරක්‌ මීට විරෝධය දක්‌වයි. ජපානය, රුසියාව හා කැනඩාව කියෝටෝ සන්ධානයේ දෙවැනි අදියරකට සම්බන්ධ නො වන බව මේ වන විටත් පවසා ඇත. යුරෝපා රටවල් හා ඔස්‌ටේ්‍රලියාව දෙවැනි අදියරක්‌ සඳහා සම්බන්ධ වනු ඇතැයි අපේක්‌ෂිත ය.

මේ අනුව ඊට සම්බන්ධ වන රටවල් ගණන අඩු වීම තුළ එහි සාර්ථකත්වය පිළිබඳ අපේක්‌ෂා අඩු විය හැකි ය. සන්ධානයේ දෙවැනි අදියරක්‌ අදාළ වන කාලසීමාව හා එහි ඉලක්‌ක පිළිබඳව එකඟතාවක්‌ අවශ්‍ය ව ඇත. කියෝටෝ සන්ධානයේ දෙවැනි අදියරක්‌ අනුමත වීම අනාගත ජගත් මට්‌ටමේ ගිවිසුමක්‌ සඳහා ද වැදගත් වන පියවරකි. කෙසේ වෙතත් මේ පිළිබඳව කුමන ආකාරයක ප්‍රගතියක්‌ අත් වේ ද යන්න පැවසීම නම් අසීරු ය.

වෙනත් මාතෘකා

ඩර්බන්හි දී පැවැති දේශගුණ සමුළුවේ දී එකඟ වූ පරිදි වඩාත් වැදගත් අනාගත අපේක්‌ෂාව වන්නේ 2020 වර්ෂයේ දී ක්‍රියාත්මක වීමට නියමිත ජගත් මට්‌ටමේ ගිවිසුමක්‌ පිළිබඳව ඇති වන සාකච්ඡාවයි. හරිතාගාර වායු විමෝචන විශාල ප්‍රමාණයකින් අඩු කිරීම මෙහි ප්‍රධානතම අපේක්‌ෂාවයි. 2015 වර්ෂය වන විට ඇති කර ගත යුතු ව ඇති මේ හා සම්බන්ධ ගිවිසුම තවමත් ඇත්තේ එහි මූලික අවස්‌ථාවේ ය. විශේෂයෙන් ලෝකයේ විවිධ රටවල් හා රටවල් කණ්‌ඩායම් අතර ඇති වෙනස්‌කම් නිසා ඇතැම් කරුණු පිළිබඳව එකඟතාවකට එළැඹ නැති කරුණු රැසක්‌ පවතී. විශේෂයෙන් දියුණු හා දියුණු වන රටවල් අතර එකිනෙකා ගේ වගකීම් පිsළිබඳව ගැටලු පවත්නා බව පෙනේ. ඇතැම් රටවල් මේ පිළිබඳ ඇති එකඟතාව වෙනස්‌ කිරීමට උත්සාහ ගන්නා බවට ද චෝදනා එල්ල වී තිබේ.

තවත් වැදගත් කරුණක්‌ වන්නේ 2020 වර්ෂය වන විට දේශගුණ වෙනස්‌ වීමට අනුහුරු වීම හා වෙනත් අදාළ කටයුතු සඳහා ප්‍රධාන වශයෙන් දියුණු වන රටවලට වාර්ෂිකව ලබා දීමට නියමිත ඩොලර් මිලියන 100ක මුදල සපයාගන්නා ආකාරයයි. දියුණු රටවල් මේ මුදල ලබා දීමට පොරොන්දු වී ඇතත් ඒ කෙසේ ද යන්න මෙතෙක්‌ පැහැදිලි නැත.

දවසේ අවශ්‍යතාව

දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම්වල බරපතළ බව මේ වන විට පැහැදිලිව තිබේ. නිදසුනක්‌ ලෙස ලෝකය ආරක්‌ෂිත යෑයි අපේක්‌ෂා කරන සෙල්සියස්‌ අංශක දෙකක උෂ්ණත්ව ඉහළ යැම පවා බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකි බව පෙන්වා දී තිබේ. මේ විමසුමේ වෙනත් තැනක සඳහන් වන පරිදි උෂ්ණත්ව ඉහළ යැම ඊට වඩා වැඩි අගයක්‌ ගැනීමට පවා ඉඩකඩ තිබේ. මේ නිසා දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම හා පාලනය සඳහා වන උත්සාහය කඩිනම් කිරීම අත්‍යවශ්‍ය ව ඇත. හරිතාගාර වායු විමෝචන පාලනය කිරීම තවමත් කළ හැකි දෙයක්‌ බව විද්‍යාත්මක වාර්තා අනුව පෙනේ. ඊට සමස්‌ත ලෝකයේ ම කැප වීම අවශ්‍ය ව තිබේ.

එහෙත් මේ සඳහා වැදගත් වන දේශපාලන අවශ්‍යතාව මේ සමුළුවේ දී හෝ දැකිය හැකි වේ ද? එය දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව අපට ඇති පැනයයි. මෙවැනි තත්ත්වයක්‌ හමුවේ දෝහා සමුළුව ගැන මහත් බලාපොරොත්තු තබාගත නොහැකි බව පැහැදිලි ය. මේ සමුළුවේ ප්‍රතිඵලය ලබන සතිය අවසන් වන විට දැනගත හැකි ය.
ප්‍රමුඛ පුවත්
දේශගුණ වෙනස්‌වීමේ තරම පෙන්වන මෑත දී නිකුත්වූ වාර්තා කිහිපයක්‌

යුරෝපයේ බලපෑම් දැනටමත්

යුරෝපා පාරිසරික ඒජන්සිය නිකුත් කර ඇති වාර්තාවකට අනුව දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම් මේ වන විටත් යුරෝපා මහාද්වීපයේ දැක ගත හැකි ය. ඒවා තවදුරටත් බරපතළ තත්ත්වයකට පත් වීමේ ප්‍රවණතාවක්‌ පෙන්නුම් කරයි. පසුගිය දශකය යුරෝපයේ උෂ්ණත්වය වැඩි ම වූ දශකය වන අතර ආන්තික තත්ත්ව නිසා ඇති වන විවිධ බලපෑම් ද ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ. (මූලාශ්‍රයClimate Change,Impacts and Vulnerability in Europe 2012,www.eea.europa.eu/publications/climateimpacts-and-vulnerability-2012)

සෙල්සියස්‌ අංශක හතරකින් උෂ්ණත්වයඉහළට?


ලෝක බැංකුව නිකුත් කර ඇති වාර්තාවකට අනුව මේ සියවස අවසන් වන විට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 4කින් පමණ ඉහළ යැමේ අවදානමක්‌ තිබේ. මේ නිසා විවිධ හානිකර ප්‍රතිඵල ඇති විය හැකි ය. මුහුදු මට්‌ටම ඉහළ යැම, තාප ප්‍රවාහ, අස්‌වනු හානි වීම ආදිය මෙවැනි බලපෑම් අතර වේ. එය වැඩි වශයෙන් බලපෑ හැක්‌කේ දුප්පත් රටවලට ය. මේ නිසා ලෝක උෂ්ණත්වය ඉහළ යැම අංශක 2 සීමාවේ පවත්වා ගැනීමේ ඇති වැදගත්කම මේ වාර්තාව පෙන්වා දෙයි. (මූලාශ්‍රයTurnDown the Heat: Why a 4°C Warmer WorldMust be Avoided, http://
climatechange.worldbank.org/content/climate-change-report-warns-dramaticallywarmer-world-century)

හරිතාගාර වායු වර්ධනයේ තරම

එක්‌සත්ජාතීන් ගේ පරිසර වැඩසටහනේ (UNEP) වාර්තාවකට අනුව, කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන අඩු කිරීමට ලෝකය ගන්නා උත්සාහය, හානිකර දේශගුණ වෙනස්‌ වීමක්‌ වැළැක්‌වීමට ප්‍රමාණවත් නො වේ. මේ සියවසේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක 2කට අඩුවෙන් පවත්වා ගැනීම සඳහා 2020 වර්ෂය වන විට පැවතිය යුතු වායු විමෝචන මට්‌ටමට වඩා වර්තමාන වායු විමෝචන ප්‍රමාණය 14%ක්‌ පමණ අධික ය. 2020 දී පැවතිය යුතු හරිතාගාර වායු විමෝචන මට්‌ටම ගිගාටොන් 44ක්‌ වන අතර එය දැනටමත් ගිගාටොන් 50.1ක්‌ පමණ වේ. එය 2000 වර්ෂයේ පැවැති මට්‌ටමට වඩා 20%කින් පමණ ඉහළ ය. 2020 වන විට මේ ප්‍රමාණය ගිගාටොන් 58ක්‌ පමණ වනු ඇත. (මූලාශ්‍රයEmissions Gap Report 2012, www.unep.org/publications/ebooks/emissionsgap2012)

හරිතාගාර වායු සාන්ද්‍රණය

2011 වර්ෂය ලෝක වායුගෝලයේ වැඩි ම හරිතාගාර වායු ප්‍රමාණයක්‌ පැවැති වර්ෂය වේ. මේ වර්ෂයේ පැවැති කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස්‌ 390.9ක්‌ පමණ වේ. මේ ප්‍රමාණය කාර්මික විප්ලවයට පෙර පැවැති අගය වන මිලියනයකට කොටස්‌ 280ට වඩා 140%ක පමණ වර්ධනයක්‌ වේ. අනෙක්‌ ප්‍රධාන හරිතාගාර වායු වන මීතේන් හා නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් ද ඉහළ ගොස්‌ තිබේ. (මූලාශ්‍රය( 2011 Greenhouse Gas Bulletin, www.wmo.int)

පුවත් සැකෙවින්

අඩු මට්‌ටමේ විකිරණශීලීතාවත් හානිකර විය හැකියි

අඩු මට්‌ටමක විකිරණශීලීතාවකින් පවා ජීවීන්ට යම් යම් හානි සිදු විය හැකි බව අධ්‍යයනයක්‌ මගින් හෙළිදරව් වී ඇත. මිනිසුන් පමණක්‌ නො ව ශාක හා සතුන්ට ද ඇති වන බලපෑම් පිළිබඳව මෙතෙක්‌ සිදු කර ඇති පර්යේෂණ පිළිබඳව කළ සමාලෝචනයකින් මේ තොරතුරු අනාවරණය වේ. මේ අනුව, අඩු විකිරණ මට්‌ටමක දී පවා ප්‍රවේණික ද්‍රව්‍ය ආදියට හානි සිදු විය හැකි ය. විවිධ අංශවලින් ජීවීන්ට හානිකර බලපෑමක්‌ ඇති වීම අහඹු දෙයකට වඩා වැඩි බව පැහැදිලි ය. මේ අනුව ස්‌වාභාවිකව අධික විකිරණශීලීතාවක්‌ දක්‌වන ස්‌ථානවල පවත්නා විකිරණශීලීතාවෙන් පවා යම් යම් බලපෑම් ඇති විය හැකි ය. ඒ අනුව විකිරණශීලීතාව සම්බන්ධව පවත්නා ආරක්‌ෂිත සීමාව පිළිබඳව අදහසේ ගැටලුවක්‌ පවත්නා බව පෙනේ.

පසුගිය වසර හතළිහක කාලය තුළ මෙවැනි සිදුවීම් පිළිබඳව ප්‍රකාශයට පත් ව ඇති පර්යේෂණ වාර්තා පන් දහසක්‌ අතරින් වඩාත් විද්‍යාත්මකව අධ්‍යයනය කර තිබූ වාර්තා 46ක්‌ ප්‍රමාණාත්මකව සමාලෝචනය කිරීමෙන් උක්‌ත නිගමනයට එළැඹී ඇත. මේ බලපෑම් පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව පෙන්වා දී තිබේ. (මූලාශ්‍රය(Biological Reviews,DOI: 10.1111/j.1469-185X.2012.00249.)

බ්‍රිතාන්‍යයේ පක්‌ෂි ගහනයේ විශාල අඩු වීමක්‌


1966 සිට මේ දක්‌වා ගත වූ කාලය ඇතුළත දී බ්‍රිතාන්‍යයේ අභිජනනය කරන පක්‌ෂීන් ගේ ගහනයේ ප්‍රමාණය මිලියන 44කින් පමණ අඩු වී ඇතැයි සංරක්‌ෂණ කණ්‌ඩායම් කිහිපයක්‌ එක්‌ ව නිකුත් කර ඇති වාර්තාවක්‌ පෙන්වා දෙයි. මේ අනුව 1966 දී වාසය කළ මිලියන 210ක්‌ වූ පක්‌ෂි ගහනය මේ වන විට මිලියන 166ක්‌ පමණ දක්‌වා අඩු වී තිබේ.

කෙසේ වෙතත් ඒ ඒ පක්‌ෂි විශේෂය පිළිබඳව මේ තත්ත්වය බලපා ඇත්තේ වෙනස්‌ ආකාරයට ය. ඇතැම් පක්‌ෂීන් ගේ ගහනය ඉහළ ගොස්‌ ඇති අතර, ඇතැම් සුලබ පක්‌ෂි විශේෂවල ගහනය බෙහෙවින් අඩු වී තිබේ. ගොවිපොළ අශ්‍රිත පක්‌ෂීන් මේ අතර වැඩි බලපෑමක්‌ ඇති පක්‌ෂි විශේෂ වේ. වඩාත් ම බලපෑමට ලක්‌ ව ඇති පක්‌ෂි විශේෂය වන ගේ කුරුල්ලන් ගේ ගණන මිලියන 20කින් පමණ අඩු වී තිබේ. මෑත දී ඔවුන් ගේ ගහනයේ යම් වර්ධනයක්‌ වාර්තා වී ඇත. මේ අතර එක්‌ පරෙවි විශේෂයක (Wood pigeon) හා කෑරල විශේෂයක (Great spotted woodpecker) සැලකිය යුතු වර්ධනයක්‌ ඇති වී තිබේ.

සමස්‌තයක්‌ ලෙස ගත් කල පක්‌ෂි ගහනයට සිදු ව ඇත්තේ සැලකිය යුතු අහිතකර බලපෑමකි. මේ සඳහා භූදර්ශනයේ වෙනස්‌ වීම් බලපාන්නට ඇති බව පෙන්වා දී තිබේ. මේ වාර්තාව සඳහා යොදාගෙන ඇත්තේ දිගු කලක පටන් සිදු කර ඇති ස්‌වෙච්ඡා පක්‌ෂි නිරීක්‌ෂණ දත්ත ය. (මූලාශ්‍රය State of the UK’s Birds2012, www.rspb.org.uk/Images/SUKB_2012_tcm9-328339.pdf)

ඇන්ටාක්‌ටිකාවේ වන ජීවීන් අවදානමේ

සාගරයේ ආම්ලිකත්වය ඉහළ යැම නිසා ඇන්ටාක්‌ටිකාව අවට ප්‍රදේශයේ ජීවත් වන වනජීවීන්ට දැඩි තර්ජනයක්‌ එල්ල වී ඇතැයි පර්යේෂණ වාර්තාවකින් හෙළි වී තිබේ. මෙහි දී අවධානයට ලක්‌ ව ඇත්තේ "මුහුදු සමනළයින්Z ලෙස ද හැඳින්වෙන කුඩා සාගර බෙල්ලන් පිළිබඳ ව ය. එහි දී පෙනී ගොස්‌ ඇති ආකාරයට බෙල්ලන් ගේ කවච ඛාදනයට ලක්‌ වීමට අධික ආම්ලිකත්වය හේතු වී ඇත. එය මේ ජීවීන් රෝගවලට හා විලෝපියන්ට ගොදුරු වීමේ අවදානම ඉහළ නංවයි.

මේ බෙල්ලන් ගේ ගහනය හොඳ මට්‌ටමක පැවැතීම වැදගත් වන්නේ බෙල්ලන් තවත් එක්‌ ජීවී විශේෂයක්‌ පමණක්‌ නො වන නිසා ය. සාගර ආහාර දාමයේ දී මේ බෙල්ලන් වැදගත් තැනක්‌ ගනියි. ඔවුන් ශාක ප්ලවාංග ආහාරයට ගන්නා අතර ආහාර දාමයේ ඉහළින් සිටින ජීවීන් ගේ ආහාරයක්‌ ද වෙයි. මේ නිසා බෙල්ලන්ට ඇති වන බලපෑම සමස්‌ත පරිසර පද්ධතියේ පැවැත්මට ද බලපායි. ඒ නිසා මේ සතුන් ඇන්ටාක්‌ටික්‌ සාගරයේ තත්ත්වය (හා අනාගත දේශගුණ අභියෝගයේ තරම) පැවසීම සඳහා වැදගත් දර්ශකයක්‌ සේ සැලකේ. (මූලාශ්‍රයNature Geoscience, DOI: 10.1038/ngeo1635)

http://www.vidusara.com/2012/11/28/feature3.html

Sunday, November 25, 2012

The Buddhist Heritage of Andhra Pradesh

Dhanesh Wisumperuma 
The Nation, 25-11-2012, UNDO, p. 1,

http://www.nation.lk/edition/undo/item/12789-the-buddhist-heritage-of-andhra-pradesh.html



Building hosting Buddhist Galleries at State Museum at Hyderabad


Buddhism originated in the 5th century BCE in present day India. It flourished in many parts of India for the next millennium, partly due to the patronage of various kings and dynasties. Numerous factors contributed to its decline thereafter. Today although Buddhism is not a major religion in India, there are a vast number of Buddhist sites of religious and archaeological importance in the country. Some of these are world famous, such as Bodhgaya, Sanchi and the Ajanta Caves.

Buddhism came to what is now called Andhra Pradesh, a southern state of India, in the early period and flourished there for the next few centuries. It is evident that all forms of Buddhism such as Theravada, Mahayana and Vajrayana found residence in this region. Although Buddhism declined in Andhra Pradesh during the latter part of the 1st Millennium CE, there is evidence to suggest some of the sites had social and religious currency until the 14th century. What remains of the above period are various ruined sites which are now considered a part of Indian ‘heritage’. Some of them are now marketed as tourist attractions.

Such ruins first grabbed the attention of scholars and colonial administrators in the late 18th century. With the stabilization of the British administration these archaeological artifacts were explored and subjected to scholarly appraisal. Archaeology authorities of post-independent India continued this tradition in various parts of the country, including Andhra Pradesh. A small but detailed booklet titled ‘Buddhist Archaeology in Andhra Pradesh’ published a few years ago sketches out the story of these discoveries.

There are a total of approximately 150 Buddhist monuments and other sites identified within the present boundaries of Andhra Pradesh so far. These sites contain monuments of various types, including stupas and large monasteries and cave complexes. Quite interestingly, Buddhist sites are being discovered even at present. A new Buddhist site was discovered as recently as a few weeks ago on the banks of the Gosthani River, at Gudiwada village of Bhogapuram Mandal in the Vizianagaram District. The site has been identified as belonging to the early periods of Buddhism and was reported in ‘The Hindu’ newspaper on October 9, 2012. In 2010, remains of stupa were found under the foundations of a Hindu shrine, which speaks of what happened to some of the sites after the decline of Buddhism. The wanton destruction of some of these sites has been recorded by British archaeologists.

The most celebrated sites

Some of the Buddhist sites in Andhra are renowned for historical and \archaeological significance, in particular Nagarjunakondda and Amaravati. In addition a large number of relic caskets have being unearthed from a number of Buddhist sites in Andhra Pradesh. These sites, sometimes known as ‘relic casket sites’, include Battiprolu, Bavikonda, Ghantasala, Salihundam, Gudivada, Guntupalli, Jaggayyapeta and Kottur. Some writers opine that Andhra Pradesh is the state with the highest density of relic caskets.

Amaravati is another famous Buddhist site located close to the Krishna River and is believed to date to around the 3rd century BCE. The large mahastupa was originally built by King Ashoka while many other buildings are said to have been constructed over at least four phases. The Amaravati ruins first caught the attention of scholars in the late 19th century and a number of collections of artifacts from Amaravati complex are exhibited in a number of museums around the world. Relic caskets were discovered here during the excavations conducted during the period of 1957-67 at the mahastupa site. It is said that there is evidence to state that a Mahayanic site was later transformed into a Tantric Vajrayana site. The style of sculpture style is in fact referred to as the Amaravati School of Art or Amaravati Sculpture and is well known for its narrative style. The influence of Amaravati art is said to spread to other areas including Sri Lanka.
Nagarjunakonda is an ancient Buddhist monastery complex situated on the banks of the Krishna River. It was a prominent center of learning during ancient times and takes its name from the scholarly monk Nagarjuna who lived during the 2-3rd centuries and was resident here. He is considered a great philosopher monk and founded the Madhyamika School of Buddhism, which belongs to the Mahayana tradition. The present site is said to have been earlier called Sriparvata and the present name in Telugu means ‘Hill of Nagarjuna’. Numerous Buddhist remains have been excavated since its discovery in 1926. The remains unearthed include a mahastupa, remains of several monasteries and numerous artifacts including inscriptions and sculptures. As the original site was inundated with water during the construction of Nagarjuna Sagar reservoir built in 1960s, these have been reconstructed on higher locations close by.
There are many important sites which are lesser known to the outside world, such as Bavikonda, situated close to Visakapatnam on the eastern coast. According to records, Bavikonda contains the remains of a mahastupa, several other stupas and congregation halls, evidencing clearly a well-established monastery complex. Conservation work on the mahastupa was carried out in 1993 and yielded caskets believed to contain relics of Siddhartha Gauthama, the Enlightened One, which are exhibited at Hyderabad Museum.

Hyderabad Museum – The showcase of the Buddhist Heritage

The State Archaeological Museum of Hyderabad has a good collection of Buddhist finds. The two main galleries of the museum are dedicated to these. Gallery 1 is the ‘Holy Buddhist Relic Gallery’ holding relics found from the ancient Buddhist monastery complex of Bavikonda. The next gallery is the ‘Buddhist Sculpture Gallery’ where sculptures, decorative dome panels and statues found in various parts of the state are exhibited. Buddha statues in display belong to the Amaravati School of Art. They contain material mainly from Nelakondapally, Chandavaram, Bavikonda and Uppugundur. However some of these are classic works of limestone. Some of the vandalized or mutilated parts of these artifacts constitute silent evidence of what took place during the course of history.

A third gallery is dedicated to copies of Ajanta Paintings done about sixty years ago. These copies were made during the administration of Nizams of Hyderabad in 1949. Two artists, namely Khan Bahadur Syed Ahmed and Jalaluddin, were commissioned by the Nizam to undertake this monumental task.

Buddhism today

There is a small population of Buddhists living in Andhra Pradesh, numbering around 32,000 according to the census of 2001. This is quite small when we consider the total number Buddhists in India, i.e. about 8 million. Buddhism seems to be part of the culture in Andhra Pradesh. Buddhist tourism is being promoted by the Andhra Pradesh government and tourism authorities. They call it ‘Ancient Buddhist Bastion’ in their promotional materials. There are festivals sponsored by the state authorities as well. The Department of Tourism and Culture and the Department of Archaeology and Museums celebrate Buddha Purnima (or Vesak) every year in Hyderabad. They had once even taken relics on a procession to mark this event.

The well-known Ananda Buddha Vihara is a temple located in the Mahendra Hills in Hyderabad and is the center for the propagation of Buddhism in the state today. The Buddha statue mounted on a small island in Hussain Sagar Lake was built as a part of ‘Buddha Purnima Project’ implemented in 1980s is also a prominent landmark in Hyderabad. Both attract tourists, local and foreign.



http://www.nation.lk/edition/undo/item/12789-the-buddhist-heritage-of-andhra-pradesh.html

Wednesday, November 21, 2012

රසායනික පළිබෝධ නාශක අවම වූ කෘෂිකර්මයක්‌ සඳහා ඉන්දියාවෙන් ලබාගත හැකි ආදර්ශය

ධනේෂ් විසුම්පෙරුම
විදුසර (Vidusara), 2012-11-21, පි. 5
http://www.vidusara.com/2012/11/21/feature2.html

(Download, copy or open the picture below in a new window to enlarge the size)



http://www.vidusara.com/2012/11/21/feature2.html

ජගත් පරිසර විමසුම 149 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-11-21, පි. 11

http://www.vidusara.com/2012/11/21/feature3.html

විමසුම - ආහාරවල ඇති විෂ රසායනවල වැඩි අවදානම කුඩා දරුවන්ට
ප්‍රමුඛ පුවත - ඩීප් වෝටර් තීන්දුව ප්‍රමාණවත් ද?
පුවත් සැකෙවින් - ඉන්දියාවේ රන් පතලක්‌ ආශ්‍රිතව ආසනික්‌ විෂවීම්‌/ ජෛව ස්‌කන්ධ දහනය හිතන තරම් හිතකර නැත/ ජගත් දේශගුණ සමුළුව ලබන සතියේ


විමසුම
ආහාරවල ඇති විෂ රසායනවල වැඩි අවදානම කුඩා දරුවන්ට

අප ගන්නා ආහාරවල විවිධ විෂ සහිත ද්‍රව්‍ය සුළු ප්‍රමාණවලින් අඩංගු විය හැකි ය. විවිධ ආකාරයෙන් අපේ ආහාරවලට එක්‌ වන මේවා අපට එක්‌වර ම හානි සිදු නො කරන නමුත් දිගු කාලයක්‌ තිස්‌සේ ශරීරය ඇතුළත සාන්ද්‍රණය වීමෙන් විවිධ රෝගාබාධ ඇති වීමට ඉඩ තිබේ. මෙවැනි රසායනික ද්‍රව්‍ය රැසක්‌ ඇති අතර ඒවා නිසා ඇති වන රෝග පිළිබඳ කරුණු රැසක්‌ ද පර්යේෂණවලින් අනාවරණය වී ඇත. මේවා නිසා පිළිකා, ශරීර වර්ධනයේ ගැටලු, උපත් විකෘතිතා හා වෙනත් රෝග ඇති විය හැකි ය. මේ ඇතැම් රසායනික ද්‍රව්‍ය ආහාරවලට එක්‌ වන ආකාරය ද වෙනස්‌ ය. ඇතැම්වා පළිබෝධනාශකවලින් ද තවත් ද්‍රව්‍ය පරිසර දූෂකවලින් ද තවත් සමහර ඒවා රසායනික ආහාර සැකසුම් ක්‍රියාවලියේ දී ද ආහාරවලට එක්‌ විය හැකි ය.

මිනිසුන්ට මෙවැනි රසායනික ද්‍රව්‍යවලින් ඇති වන බලපෑම් පිළිබඳව මෑත දී සිදු කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵල පසුගිය දා ප්‍රකාශයට පත් විය. ඉන් අනාවරණය වන වැදගත් ම කරුණ වන්නේ මේ රසායනික ද්‍රව්‍ය නිසා රෝගී වීම වැඩි අවදානමක්‌ ඇත්තේ කුඩා දරුවන් බව ය. මේ සතියේ පරිසර විමසුමේ අවධානය මේ පිළිබඳව යොමු කරන්නට අප සිතුවේ මෙහි ඇති වැදගත්කම නිසා ය.

ආහාර හා රසායනික ද්‍රව්‍ය

මේ අධ්‍යයනයේ අවධානය යොමු කර ඇත්තේ පෙර පාසල් වයසේ පසු වන දරුවන්, පාසල් වයසේ පසු වන දරුවන්, ඔවුන් ගේ මාපියන් හා වැඩිහිටියන් පිරිසකි. මෙහි දී ළමයින් පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කර ඇත්තේ කුඩා වයසේ දී ඔවුන් මේ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම නිසා දිගුකාලීන වශයෙන් වැඩි බලපෑමක්‌ ඇති කළ හැකි නිසා ය. 2007 වර්ෂයේ දී කැලිෆෝනියාවේ සිදු කරන ලද ආහාර පිළිබඳ අධ්‍යයනයකට සම්බන්ධ කරගත් නිවාසවල මේ ළමයින් වාසය කර තිබේ.

මෙහි දී ඔවුන් විසින් ම හෙළි කරන ලද තොරතුරු අනුව තීරණය කරන ලද ආහාර රටාව මත ඔවුන් ගේ ශරීරවල ඇතුළත් රසායනික ද්‍රව්‍ය සාන්ද්‍රණය ගණනය කර ඇත. ඊට යොදාගෙන ඇත්තේ අදාළ ආහාර ද්‍රව්‍යවල ඇතුළත් රසායනික ද්‍රව්‍ය පිළිබඳව මේ වන විට ද ඇති දත්ත ය. මෙහි දී ආසනික්‌, ඩයෙල්ඩී්‍රන්, රසදිය, ඩීඩීඊ (DDE), ඩයොක්‌සීන හා ඇක්‍රිලැමයිඩ් වැනි රසායනික ද්‍රව්‍ය එකොළහක්‌ ගැන අවධානය යොමු කර ඇත. මේ රසායනික ද්‍රව්‍යවලින් පිළිකා හා පිළිකා නො වන රෝග ඇති වීමේ අවදානම ඇති වන මිණුම් ලකුණ (ඉeබජයප්රන) ඉක්‌මවන්නේ දැයි පරීක්‌ෂා කර ඇත.

එහිදී හෙළි වී ඇති පරිදි මේ ළමයින් අතරින් 100%ක්‌ දෙනා ගේ ශරීරවල ඇතුළත් ආසනික්‌, ඩයෙල්ඩී්‍රන්, ඩීඩීඊ (DDE)ල ඩයොක්‌සීන ප්‍රමාණය පිළිකා අවදානම මිණුම් ලකුණ ඉක්‌මවා යා හැකි බව හෙළි විය. එසේ ම පෙර පාසල් දරුවන් අතරින් 95%ක්‌ දෙනා ගේ ශරීරවල ඇක්‍රිලැමයිඩ් සාන්ද්‍රණය පිළිකා නො වන රෝග ඇති වීමේ අවදානම් ප්‍රමාණය පසු කරන බව හෙළි වී ඇත. එසේ ම ළමයින් අතරින් 10%ක ගේ ශරීරවල රසදිය ප්‍රමාණය ද අදාළ මිණුම් ලකුණ ඉක්‌මවා යයි.

විසඳුම ආහාර රටාව වෙනස්‌ කිරීමයි

මේ අධ්‍යයනය අනුව පෙනෙන්නේ අනාගතයේ පිළිකා හා වෙනත් රෝග ඇති වීමේ අවදානම අධික වන්නේ කුඩා දරුවන් අතර බව ය. ඔවුන් මේ තර්ජනයෙන් මුදවාලීමට නම්, බහුවිධ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමේ අවදානමෙන් ළමයින් මුදවාගැනීම වැදගත් වන බව ඉතා පැහැදිලි ය. මේ සඳහා ගත හැකි පියවර ගැන ද යම් අදහසක්‌ මේ වාර්තාවේ ඇතුළත් වේ.

එය සරලව පවසන්නේ නම් විෂ සහිත රසායනික ද්‍රව්‍ය අනුභවය වෙනුවට විෂ අවම ආහාර ද්‍රව්‍ය අනුභවය හා ආහාර රටාව වෙනස්‌ කිරීම ය. නිදසුනක්‌ ලෙස රසායනික ද්‍රව්‍ය ඇතුළත් ආහාර ද්‍රව්‍ය වෙනුවට කාබනික ආහාර අනුභවය යෝග්‍ය වේ. එසේ ම විවිධ භෝග සඳහා භාවිත කරන (ඒ නිසා ම ඒවායේ ඇතුළත් විය හැකි) රසායනික ද්‍රව්‍ය ද වෙනස්‌ වේ. මේ නිසා එක ම ආහාරය දිගු කාලයක්‌ ආහාරයට නො ගෙන එය වෙනස්‌ කිරීම මගින් ද විෂ සහිත රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම හා ඒවා ශරීර තුළ සාන්ද්‍රණය වීම අඩු කළ හැකි ය. එසේ ම ඩීඩීඊ වැනි රසායනික ද්‍රව්‍ය වැඩි වශයෙන් ඇතුළත් වන මස්‌ හා සත්ත්ව මේද ආහාරයට ගැනීම අඩු කිරීම ද වැදගත් බව පෙන්වා දී තිබේ. එසේ ම අඩුවෙන් රසදිය වැනි රසායනික ශරීරගත ව ඇති බැවින් කුඩා මසුන් ආහාරයට ගැනීම ද කළ හැකි ය. අනෙක්‌ අතට විවිධ සැකසූ කාබොහයිඩ්‍රේට අඩංගු ආහාරයට ගැනීමෙන් ඇක්‍රිලමයිඩ් ශරීරගත වීම අඩු කරගත හැකි ය. (මූලාශ්‍රයEnvironmental Health,
DOI: 10.1186/1476-069X-11-83)

ප්‍රමුඛ පුවත
ඩීප් වෝටර් තීන්දුව ප්‍රමාණවත් ද?

2010 වර්ෂයේ අප්‍රේල් මාසයේ ඇමෙරිකාවේ මෙක්‌සිකෝ බොක්‌කේ සිදු වූ ඩීප්වෝටර් හොරයිසන් තෙල් ළිං අනතුර නිසා සිදු වූ විනාශය තවමත් ලෝකයට අමතක වී නොමැත. එය ඇමෙරිකානු ඉතිහාසය ඇතුළත මුහුදේ සිදු වූ විශාලතම තෙල් අනතුර විය. මේ පිළිබඳව ඇමෙරිකානු රජය සමඟ පැවැති නඩු විභාගයෙන් පසු ඩොලර් බිලියන 4.5ක්‌ ගෙවීමට බීපී (ඊඡ) සමාග ම එකඟ වී ඇත. මීට අපරාධ චෝදනාවක්‌ සඳහා ආයතනයකට ගෙවීමට නියම වූ විශාලතම දඩ මුදල මෙන්ම ජාතික මත්ස්‍ය හා වනජීවී පදනම හා ජාතික විද්‍යා ඇකඩමිය යන ආයතනවලට ගෙවීමට නියමිත මුදල්ද ඇතුළත් ය. මේ ඇතැම් ගෙවීම් වසර කිහිපයක කාලයක්‌ තිස්‌සේ කොටස්‌ වශයෙන් ගෙවීමට නියමිත බව පෙනේ. විවිධ නීති යටතේ එල්ල වූ චෝදනා සඳහා මේ දඬුවම ලැබී ඇත. එසේ ම මේ අනතුර සඳහා තම සමාගමේ නො සැලකිල්ල බලපා ඇති බවට ද සමාගම එකඟ වී තිබේ. සමාගමේ සේවකයන් දෙදෙනකුට මිනීමැරුම් චෝදනා එල්ල වූ අතර ඇමෙරිකානු කොංග්‍රස්‌ මණ්‌ඩලය නොමඟ යෑවීම පිළිබඳව එක්‌ කළමනාකරුවකුට ද චෝදනා එල්ල වී ඇත. සමාගම ඔවුන් අතින් වූ වරදට සමාව අයෑද තිබේ.

ඩීප්වෝටර් හොරයිසන් තෙල් කාන්දුව අදාළ තෙල් ළිඳේ සේවකයන් එකොළොස්‌ දෙනකුට මරු කැඳවූ අතර දින 87ක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ පැවැති කාන්දුව නිසා පරිසරයට හා වනජීවීන්ට විශාල බලපෑමක්‌ ඇති විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස මත්ස්‍ය ආශ්‍රිත කර්මාන්තවලට ද දැඩි පසුබෑමක්‌ ඇති විය. මේ නිසා දහස්‌ ගණනක්‌ පමණ පිරිසකට තම ජීවනෝපාය අහිමි විය. කෙසේ වෙතත් මේ අලාභය පිළිබඳව ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවක්‌ ම බීපී සමාගම සමඟ තවමත් අධිකරණමය කටයුතුවල යෙදී සිටියි. ඒ අනුව මෙය මෙතැනින් අවසන් වන බවක්‌ දැකිය නොහැකි ය.

මේ අතර පාරිසරික ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ මේ දඩ මුදල ඇති වූ පාරිසරික විනාශයේ තරම හා සංසන්දනය කරන විට නො සලකා හැරිය හැකි ප්‍රමාණයක්‌ බවයි. එය දඬුවමකට වඩා ත්‍යාගයක්‌ සේ සැලකිය හැකි බව ඇතැම් ක්‍රියාකාරීන් පෙන්වා දී තිබේ. එක්‌ වාර්තාවකට අනුව අදාළ සමාගම ඇමෙරිකානු හමුදාව සමඟ සිදු කරන කොන්ත්‍රාත් හරහා මීට වඩා අධික ලාභයක්‌ ලබන බව පෙනේ. මේ අනුව මුහුදේ සිදු කරනු ලබන තෙල් කැණීම් පිළිබඳව මීට වඩා ඉහළ පාලනයක්‌ සිදු කිරීම අවශ්‍ය බව පැහැදිලි ය. එසේ සිතූ විට එක්‌ අතකින් මේ දඩය කිසියම් ආකාරයක සිහිකැඳවීමක්‌ සේ ද සැලකිය හැකි ය.


පුවත් සැකෙවින්

ඉන්දියාවේ රන් පතලක්‌ ආශ්‍රිතව ආසනික්‌ විෂවීම්

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ පිහිටි රන් පතලක්‌ ආසන්න ප්‍රදේශයක පසේ හා භූගත ජලයේ අධික ආසනික්‌ සාන්ද්‍රණයක්‌ පවත්නා බව පසුගිය දා කළ පර්යේෂණයකින් හෙළි කර තිබේ. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන මට්‌ටමට වඩා තිස්‌ ගුණයක්‌ පමණ අධික ආසනික්‌ සාන්ද්‍රණයක්‌ එහි පවත්නා බව සඳහන් වේ. මේ ගම රන් නිධියෙන් කිලෝමීටර් හතරක්‌ පමණ ඈතින් පිහිටා ඇතත් මේ අහිතකර බලපෑමට එම ප්‍රදේශය ලක්‌ වී තිබේ.

ආසනික්‌ විෂවීම පිළිබඳව සොයාබැලීමට අදාළ පර්යේෂක පිරිස යොමු ව ඇත්තේ සමේ රෝග හා පිළිකා නිසා රෝහල්ගත කළ ගම්වැසියන් පිළිබඳව අදාළ රෝහලේ වෛද්‍යවරුන් දැන්වූ පසු ව ය. ආසනික්‌ රන් පවත්නා පස්‌වල හමු වන ලෝහයක්‌ වන නිසා මේ සඳහා භූවිද්‍යාත්මක හේතුවක්‌ තිබේ. අනෙක්‌ අතට ආසනික්‌ මේ ආකාරයෙන් ජලයට හා පසට එක්‌ වීමට මානව කටයුතු ද හේතු විය හැකි ය. මේ කරුණ පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදු කළ යුතු බව ද සඳහන් කර තිබේ. (මූලාශ්‍රයJournal of HazardousMaterials, DOI: 10.1016/j.jhazmat.2012.10.002)

ජෛව ස්‌කන්ධ දහනය හිතන තරම් හිතකර නැත

විදුලිය නිපදවීම සඳහා ජෛව ස්‌කන්ධ දහනය කිරීමට බ්‍රිතාන්‍යය ගෙන ඇති ප්‍රතිපත්තිමය පියවර මගින් දේශගුණ වෙනස්‌වීම වැළැක්‌වීම සඳහා ගන්නා පියවර අවතක්‌සේරු වන බව පාරිසරික ක්‍රියාකාරී කණ්‌ඩායම් කිහිපයක්‌ ප්‍රකාශයට පත් කර ඇති වාර්තාවක්‌ අනුව පෙනේ. ඊට අනුව සම්පූර්ණ ෙජෛව ස්‌කන්ධ (ගස්‌ කඳන් වැනි) දහනය කිරීමේ දී පිට කරනු ලබන කාබන් විමෝචන ආපසු අවශෝෂණය කර ගැනීමට අලුතින් වැවෙන ශාකවලට වැඩි කාලයක්‌ ගත වනු ඇත. ඒ නිසා ගල් අඟුරු භාවිතයට වඩා අධික හරිතාගාර වායු ප්‍රමාණයක්‌ එමගින් නිකුත් විය හැකි ය. ඒ අනුව සම්පූර්ණ ගස්‌ යොදා ගැනීම වෙනුවට ශාක කොටස්‌, ඉවත් කරනු ලබන කොටස්‌ හා භෝග ශේෂ ආදිය යොදැගැනීම ගැන යළි අවධානය යොමු කළ යුතු ය.

ජෛව ස්‌කන්ධය මගින් නිපදවන විදුලිය, පුනර්ජනනය කළ හැකි බලශක්‌තියෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ විය යුතු බවට බ්‍රිතාන්‍යය නියම කර ඇත. මෙය විවේචනය කරන උක්‌ත වාර්තාව සඳහා දායක වී ඇති ආයතන අතර ෙµ්‍රන්ඩ්ස්‌ ඔµa ද අර්ත්, ග්‍රීන්පීස්‌ වැනි ආයතන ද වේ. (මූලාශ්‍රයDirtier than coal?,www.foe.co.uk/resource/briefings/dirtier_than_coal.pdf)

ජගත් දේශගුණ සමුළුව ලබන සතියේ

දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ රාමුගත සම්මුතියේ 18 වැනි පාර්ශ්වකරුවන් ගේ සමුළුව ලබන නොවැම්බර් 25 වැනි සඳුදා දෝහා-කටාර්හි දී ඇරඹේ. මීට සමගාමීව කියෝටෝ සන්ධානයේ 8 වැනි පාර්ශ්වකරුවන් ගේ සමුළුව ද පැවැත්වීමට නියමිත ය.

දේශගුණ වෙනස්‌ වීම ලෝකයේ බරපතළ ගැටලුවක්‌ වුවත් මේ දක්‌වා ඊට ප්‍රාමාණික විසඳුමක්‌ ඉදිරිපත් ව නැත. මෙවැනි තත්ත්වයක්‌ හමුවේ මේ වර්ෂයේ සමුළුව ද වැදගත් ය. දැනට ඇති තත්ත්වය අනුව හරිතාගාර වායු සීමා කිරීමට හේතු වන දිගුකාලීන විසඳුමකට එළැඹීම කල් ගත වන බව පැහැදිලි ය. ඒ නිසා මේ වර්ෂයේ දී අවසන් වීමට නියමිත, එහෙත් ප්‍රමාණවත් නො වන විසඳුමක්‌ වන, කියෝටෝ සන්ධානයේ දෙවැනි අදියර පිළිබඳව කිසියම් එකඟතාවක්‌ මෙහි දී ඇති කරගැනීමට හැකි වේ ද යන්න අවධානයට ලක්‌ ව ඇති කරුණකි. දියුණු වන රටවල් මීට කැමැත්තක්‌ දක්‌වන නමුත්, තමන්ට පමණක්‌ සීමා පැනවීම අසාධාරණ බව පවසන දියුණු රටවල් සමහරක්‌ මීට විරෝධය දක්‌වයි. දේශගුණ වෙනස්‌ වීමට හැඩගැසීම සඳහා ආධාර සැපයීම ද මෙවර අවධානයට ලක්‌ ව ඇති මාතෘකා අතර වේ.

http://www.vidusara.com/2012/11/21/feature3.html

විද්‍යාඥයන් හඹා යන්නේ පර්යේෂණ ප්‍රතිපාදන ද?

විද්‍යාඥයන් ගේ ගෝලීය සංක්‍රමණ රටාව

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-11-14, පි. 5
http://www.vidusara.com/2012/11/14/feature5.html

උගතුන් හා විද්‍යාඥයන් තමන් උපන් රට අතහැර යැම බොහෝ රටවල, විවිධ අංශවල ගැටලු ඇති කර තිබෙන කරුණකි. මේ සමග සිදු වන බුද්ධිගලනය හේතුවෙන් විශේෂයෙන් දියුණු වන රටවලට බලවත් පාඩුවක්‌ සිදු වේ. ඒ තත්ත්වයට බලපා ඇති කරුණු පිළිබඳව ද, එහි ප්‍රතිඵල පිළිබඳව ද බොහෝ දේ සාකච්ඡාවට ලක්‌ ව ඇත. එහෙත් දිනෙන් දින දැකිය හැක්‌කේ සංක්‍රමණ ඉහළ යන බව හා බුද්ධිගලනය වර්ධනය වන ආකාරයකි.

මේ පිළිබඳව මෑත දී අනාවරණය වී ඇති ප්‍රවණතා කිහිපයක්‌ පිළිබඳව මේ ලිපියේ දී සාකච්ඡා කිරීමට අපේක්‌ෂා කරමු. මේ සඳහා මෑත කාලයේ දී Nature හා Science සගරාවල පළ වූ ලිපි දෙකක්‌ පාදක කරගෙන ඇත.

විද්‍යාඥයන් ගේ සංක්‍රමණ රටාව

ඉන් එක්‌ ලිපියක්‌ පසුගිය ඔක්‌තෝබර් මාසයේ Nature සගරාවේ පළ විය. (DOI:10.1038/490326a). එහි දී අවධානය යොමු කර ඇත්තේ විද්‍යාඥයන් ගේ ගෝලීය සංක්‍රමණයේ හඳුනාගත හැකි රටාව කෙබඳු ද යන්න, ඔවුන් මේ ආකාරයෙන් තමන් උපන් රට අත්හැර යැමට බලපාන සාධක මොනවා ද යන්න හා ඒවා වෙනස්‌ විය හැකි ආකාරය හඳුනාගැනීමයි. මේ සඳහා ඉදිරියේ දී පළ වීමට ඇති පු`ඵල් අධ්‍යයනයක දත්ත හා ස`ගරාව විසින් සිදු කරන ලද සමීක්‌ෂණයක තොරතුරු හා ප්‍රකාශයට පත් ව ඇති අධ්‍යයන ද යොදාගෙන තිබේ. මේ ඉදිරියේ දී ප්‍රකාශයට පත් වීමට නියමිත GlobSci නම් ව්‍යාපෘතිය වැදගත් වන්නේ එය විද්‍යාවේ ප්‍රධාන අංශ හතරක විද්‍යාඥයන් 17,000ක්‌ පමණ පිරිසක්‌ යොදාගනිමින් සිදු කරන ලද අධ්‍යයනයක්‌ බැවිනි. කෙසේ වෙතත් ඊට චීනය ඇතුළත් නො වන බව සැලකිය යුතු ය.

මෙහි දී හෙළි වී ඇති ආකාරයට වැඩි ම විද්‍යාඥයන් ප්‍රමාණයක්‌ විදේශගත වී ඇත්තේ අපේ අසල්වැසි ඉන්දියාවෙනි. එරට බිහි වී ඇති විද්‍යාඥයන් අතරින් 40%ක්‌ පමණ මේ වන විට වෙනත් රටවල වාසය කරති. මේ අතරින් 75%ක ගේ පමණ ගමනාත්නය වන්නේ ඇමෙරිකාවයි. මේ තත්ත්වය දියුණු වන රටවල පමණක්‌ නො ව දියුණු රටවල ද දැකිය හැකි ය. යුරෝපා රටවල සිට වෙනත් රටවලට සංක්‍රමණය වන විද්‍යාඥයන් ගේ ප්‍රමාණය ද සැලකිය යුතු තරම් වීම මීට නිදසුනකි. බ්‍රිතාන්‍යයේ සිට වෙනත් රටවලට සංක්‍රමණය වන විද්‍යාඥයන් අතරින් 80%ක්‌ තෝරා ගන්නේ ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව හා ඇමෙරිකාව වැනි දියුණු රටවල් ය. කෙසේ වෙතත් සංඛ්‍යාත්මකව ගත හොත් සංක්‍රමණික විද්‍යාඥයන් අතරින් වැඩි ම පිරිසක ගේ ගමනාන්තය වන්නේ ඇමෙරිකාව වේ.

එහෙත් යම් රටක සිටින විද්‍යාඥයන් අතරින් විදේශීය විද්‍යාඥයන් ගේ ප්‍රතිශතය ඉහළ ම රට වන්නේ ස්‌විට්‌සර්ලන්තයයි. එරට සිටින විද්‍යාඥයන් අතරින් 57%ක්‌ විදේශිකයන් ය. කැනඩාවේ මේ ප්‍රමාණය 47%කි. කෙසේ වෙතත් මේ රටවලට පැමිණෙන විද්‍යාඥයන් අතර යම් වෙනස්‌කමක්‌ තිබේ. ස්‌විට්‌සර්ලන්තයේ සිටින විද්‍යාඥයන් අතරින් වැඩි ම පිරිසක්‌ (37%) ජර්මනියෙන් පැමිණ ඇති බව පෙනේ. කැනඩාවට පැමිණන පිරිස්‌ අතරින් ඉදිරියෙන් සිටින්නේ බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු විද්‍යාඥයන් ය. ඒ සියයට 14 බැගිනි. ඇමෙරිකාවේ සිටින විදේශීය විද්‍යාඥයන් ගේ ප්‍රමාණය 38%ක්‌ පමණ වන අතර ඒ අතරින් 17%ක්‌ වන වැඩි ම පිරිස පැමිණ ඇත්තේ චීනයෙනි. දෙවැනි තැන ගන්නා ඉන්දියානුවන් ප්‍රමාණය 12%කි. මීට සාපේක්‌ෂව දියුණු වන රටවල සිටින විදේශීය විද්‍යාඥයන් ප්‍රමාණය ඉතා අඩු ය. නිදසුනක්‌ ලෙස ගත හොත් බ්‍රසීලයේ සිටින විදේශීය විද්‍යාඥයන් ප්‍රමාණය 7%ක්‌ වන අතර ඉන්දියාවේ 1%කි.

සංක්‍රමණ සඳහා බලපාන සාධක

මේ ආකාරයෙන් වෙනත් රටවලට සංක්‍රමණය වීම සඳහා බලපාන ප්‍රධාන සාධක ලෙස හඳුනාගත හැකි කරුණු කිහිපයක්‌ තිබේ. ඒවා අතර නව රටේ ජීවන තත්ත්වය උසස්‌ වීම, පර්යේෂණ සඳහා ඇති ප්‍රතිපාදන ඉහළ මට්‌ටමක තිබීම හා ඉහළ වැටුප් මට්‌ටම මුල් තැනක්‌ ගනියි. තම සංක්‍රමණ තීරණ සඳහා මේවා බලපාන බවට පිළිවෙළින් 88%ක්‌, 84%ක්‌ හා 77%ක්‌ අදහස්‌ දක්‌වා තිබිණි. කෙසේ වෙතත් රටක්‌ පොහොසත් වූ පමණින් ම විදේශීය විද්‍යාඥයන් ඒ රටට නො පැමිණෙන බව උක්‌ත ලිපියේ දක්‌වා ඇත. ඊට හේතුව වන්නේ, ඒ රටවල ඇති දැඩි නීති පද්ධති හා රැකියා සොයාගැනීමට ඇති අපහසුව වැනි කරුණු ය. ජපානය හා ඉතාලියේ විදේශීය විද්‍යාඥයන් සිටින ප්‍රමාණය අඩු වීමට ඉහත කී කරුණු බලපා ඇති බව සැලකේ. අනෙක්‌ අතට අදාළ රටේ සංස්‌කෘතියට එක්‌ වීම අපහසු වීම ද මෙවැනි රටවලට ගිය විද්‍යාඥයන්ට බලපා ඇති බවක්‌ පෙනේ. ජපානය මීට නිදසුනක්‌ සේ දක්‌වා ඇත.

සංක්‍රමණ අධ්‍යයන සිදු කිරීමේ දී දැකිය හැකි ගැටලු පිළිබඳව ද අප ඉහත සඳහන් කළ අධ්‍යයනයේ දී අවධානය යොමු කර තිබේ. විශේෂයෙන් විද්‍යාඥයන් ගේ සංක්‍රමණ අධ්‍යයනයේ දී එක්‌ එක්‌ රටවල් වාර්තා තබා ගන්නා ක්‍රමයේ වෙනස්‌කම් ඇති අතර සංක්‍රමණ හඳුනාගැනීමේ ද ගැටලු පවතී. මේ හේතුව නිසා ද විද්‍යාඥයන් ගේ සංක්‍රමණ පිළිබඳව සිදු කර ඇති අධ්‍යයන ද අඩු ය.

අනාගත ආකර්ෂණය ආසියාව ද?

විද්‍යාඥයන් වැඩි වශයෙන් සංක්‍රමණය වන්නේ ඇමෙරිකාව, යුරෝපය වැනි රටවලට ය. එහෙත් අනාගතයේ දී මේ තත්ත්වය වෙනස්‌ විය හැකි බවට අදහස්‌ පළ වී තිබේ. පසුගිය සැප්තැම්බර් මාසයේ දී Sජසැබජැ ස`ගරාවේ පළ වූ පුවතකට අනුව, මෙතෙක්‌ කාලයක්‌ ඇමෙරිකාව හා වෙනත් රටවලට පැමිණි පර්යේෂකයන් හා විද්‍යාඥයන් අනාගතයේ දී ආසියානු රටවලට පැමිණීමේ ප්‍රවණතාවක්‌ දැකිය හැකි වනු ඇත. (DOI: 10.1126/ science.337.6099.1162). ආසියාවේ ප්‍රකට විශ්වවිද්‍යාලවල හා පර්යේෂණායතනවලට මේ වන විටත් ලෝකයේ සෙසු රටවලින් විශිෂ්ට ගණයේ විද්‍යාඥයන් ආකර්ෂණය කර ගැනීමට හැකියාව ඇති බව පෙනේ.

හොංකොං, සිංගප්පූරුව හා නැෙ`ගනහිර ආසියාවේ වෙනත් රටවල් කිහිපයක්‌ මෙසේ විදේශිකයන් ආකර්ෂණය වන රටවල් අතර වේ. කලාපයේ වඩා හොඳ විශ්වවිද්‍යාල ද මේ රටවල පිහිටා ඇති අතර ඒ, එම රටවල ඉහළ වැටුපක්‌ ගෙවීම හා වෙනත් පහසුකම් නිසා ය. නිදසුනක්‌ ලෙස සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයයේ ක්‌වොන්ටම් තාක්‌ෂණය පිළිබඳ මධ්‍යස්‌ථානය (Centre for Quantum Technologies) සේවය කරන විද්‍යාඥයන් 150ක්‌ දෙනා රටවල් 33කින් පැමිණි අය වෙති. මේ තත්ත්වය දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ගෙවී ගිය කාලයේ දී ඇමෙරිකානු විශ්වවිද්‍යාලවල පැවැති විවිධත්වයට සමාන වේ.

ඇතැම් විශ්වවිද්‍යාල හා පර්යේෂණායතන ප්‍රතිපත්තියක්‌ ලෙස ලෝකයේ විවිධ රටවලින් විද්‍යාඥයන් බඳවාගැනීම පිළිගෙන තිබේ. සාමාන්‍යයෙන් විදේශීය විද්‍යාඥයන් අඩු ජපානයේ ඇතැම් ආයතන මෙවැනි තීරණයක්‌ ගෙන ඇත. චීනයත් එවැනි පියවරක්‌ ගෙන ඇති බවක්‌ පෙනේ. කොරියාවේ ආයතනවලට ද රජයේ සහයෝගය ද ලැබෙන බව පෙනේ.

කෙසේ වෙතත් විදේශීය විද්‍යාඥයන් ආකර්ෂණය කිරීමේ ලා ඉදිරියෙන් ම සිටින්නේ හොංකොං හා සිංගප්පූරුවේ පිහිටි විශ්වවිද්‍යාල හා පර්යේෂණායතන ය. සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයයේ සAථිර සේවයේ නියුතු ව සිටින විද්‍යාඥයන් හා පර්යේෂකයන් අතරින් 50%කට අධික පිරිසක්‌ විදේශිකයෝ වෙති. ඔවුහු රටවල් 70කට පමණ අයත් වෙති. හොංකොං විශ්වවිද්‍යාලයයේ මේ ප්‍රමාණය 40% ඉක්‌මවන අතර ඉන් සැලකිය යුතු පිරිසක්‌ චීනයෙන් පැමිණ තිබේ. හොංකොං හා සිංගප්පූරුවේ මේ සඳහා ඇති ප්‍රධාන වාසියක්‌ වන්නේ ඔවුන් ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමයි. එසේ ම හොංකොං හා සිංගප්පූරුව යනු බෙහෙවින් ජාත්‍යන්තර තත්ත්වයේ ඇති රටවල් වන නිසා ඒවා බටහිර රටවල වැසියන්ට ජීවත් වීම සඳහා බොහෝ සේ ගැළපෙන රටවල් සේ සැලකේ. අනෙක්‌ අතට ජාත්‍යන්තර සන්නිවේදනය පු`ඵල්ව ඇති නිසා එය ලෝකය සමග ඇති සම්බන්ධතා සීමා වීම වළක්‌වාලීමට හේතු වී තිබේ.

අනෙක්‌ අතට මේ ආයතන පිහිටා ඇති ප්‍රදේශය හා එහි ජනගහනය සීමාසහිත වන බැවින් වෙනත් ප්‍රදේශවලින් විද්‍යාඥයන් සේවයට එක්‌ කර ගැනීම කළ යුතු ම කරුණකි. නො එසේ නම් උක්‌ත ආයතනවලට ඒවායේ විශිෂ්ටත්වය පවත්වාගැනීම අපහසු වීමට ඉඩ තිබේ.

මේ ආකාරයෙන් ආසියානු විශ්ව විද්‍යාලවලට වෙනත් රටවලින් විදේශිකයන් ආකර්ෂණය වීම සඳහා බලපා ඇති තවත් වැදගත් හේතුවක්‌ තිබේ. යුරෝපයේ හා බටහිර කලාපයේ රටවල මෑත කාලයේ දී ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හා පසුබෑම ඒ හේතුවයි. ඇතැම් ආයතනවල පර්යේෂණ සීමා කිරීමට ද, තවත් ආයතනවල ස්‌ථිර සේවකයන් ගේ සංඛ්‍යාව කප්පාදු කිරීමට ද මේ තත්ත්වය හේතු වී ඇත. එහෙත් පෙර සඳහන් කරන ලද ආසියානු රටවල විද්‍යාඥයන් හා පර්යේෂකයන් සඳහා වන ගෙවීම් ඉහළ මට්‌ටමක පවතී. ඒවා බටහිර රටවල ගෙවීම් හා සමාන වේ. එසේ ම ඇතැම් සුවිශේෂ පර්යේෂණ විෂයධාරා පැවතීම ද මේ රටවලට විද්‍යාඥයන් ආකර්ෂණීය වීම සඳහා බලපා තිබේ.

බුද්ධිගලනයෙන් පාඩු නො වීමට නම්,

බුද්ධිගලනය විද්‍යා අංශයෙන් ඉදිරියට යැමට අපේක්‌ෂා කරන රටවලට ගැටලුවක්‌ වන බව ඉතා පැහැදිලි ය. සන්නිවේදනය හා ප්‍රවාහනය අතින් වඩා සමීප ව ඇති ලෝකයක දී එක්‌ රටක වාසය කරමින් රටවල් කිහිපයක ආයතන සමග කටයුතු කිරීමක්‌ පිළිබඳව අපේක්‌ෂා කළ හැකි වුවත් එවැනි තත්ත්වයක පසු වන විද්‍යාඥයන් සිටින්නේ අඩු වශයෙනි. මේ නිසා තවමත් අපේ ලෝකය තුළ බුද්ධිගලනය සත්‍ය සිදුවීමක්‌ වන අතර ඉන් මේ උගතුන් උපන් රටට බොහෝ විට සිදු වන්නේ පාඩුවකි.

මේ තත්ත්වයේ බරපතළ බව පෙන්වා දුන් අධ්‍යයනයක්‌ 2010 වර්ෂයේ දී පළ වී තිබේ. ඒ අනුව 1981-2003 අතර කාලයේ දී ලෝකයේ වඩාත් ම උපුටා දක්‌වන ලද (most highly cited) විද්‍යාඥයන් අට දෙනකු ගෙන් එක්‌ අයකු ඉපිද ඇත්තේ දියුණු වන රටක ය. එහෙත් ඒ අතරින් 80%ක්‌ දෙනා පසු කලක දියුණු රටක්‌ වෙත සංක්‍රමණය වී ඇත. මේ නිසා ලෝකයේ බොහෝ රටවලට මුහුණ දීමට සිදු වන්නේ කිසියම් ආකාරයක පසුබෑමකට ය. විද්‍යාවේ ඉදිරි ගමන සඳහා මේ සංක්‍රමණ දායක වුවත් ඒ නිසා දියුණු වන රටවල් කිසියම් පසුබෑමකට ලක්‌ වන බව පැහැදිලි ය.

පෙර සඳහන් Nature අධ්‍යයනයේ දැක්‌වෙන ආකාරයට සංක්‍රමණය සඳහා වැඩි නැඹුරුතාවක්‌ දක්‌වන්නේ විදේශයක දී තම ආචාර්ය උපාධිය අවසන් කළ ආසන්නයේ ම පසු වන පිරිස්‌ ය. ඔවුන් ගෙන් 61%ක්‌ පමණ ආපසු තම මවුබිමට නො යැමට ඉඩ තිබේ. අධ්‍යයනයට ලක්‌ වූ සැම රටක ම තත්ත්වය එබ`දු ය. ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයන් සංක්‍රමණය සඳහා දක්‌වන නැඹුරුතාව අඩු ය. මේ නිසා තම රටවල බුද්ධිගලනය වැළැක්‌වීමට හා විදේශගත විද්‍යාඥයන් නැවත ගෙන්වා ගැනීම සඳහා යම් රටක්‌ උනන්දු වන්නේ නම් ඔවුන් ඊට ඉලක්‌ක කරගත යුත්තේ මේ තරුණ පිරිසයි.

Nature සගරාවේ පළ වූ ලිපියේ දැක්‌වෙන එක්‌ කරුණකට අනුව සංස්‌කෘතික සාධක නිසා විද්‍යාඥයන් ගේ සංක්‍රමණවල රටාව කෙරේ යම් බලපෑමක්‌ ඇති කළ හැකි ය. ඒ අනුව සංස්‌කෘතිකමය කරුණු නිසා සංක්‍රමණවල යම් සීමා වීමක්‌ ඇති විය හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ජපානයේ සංස්‌කෘතියට එක්‌ වීමට නොහැකි වීම බටහිර වැසියන් එවැනි රටකට පැමිණීමට බලපාන බව දක්‌වා තිබේ. එයින් ගම්‍ය වන තවත් කරුණක්‌ තිබේ. එනම්, තමන් උපන් රටේ සංස්‌කෘතියට ඇති බද්ධ වීම උගතුන් රට හැර යැම වළක්‌වා ගැනීමට යොදා ගත හැකි බව ය. මෙය බුද්ධිගලනය වළක්‌වා ලීමට යොදාගත හැකි මෙවලමක්‌ බව පැහැදිලි ය.

http://www.vidusara.com/2012/11/14/feature5.html

ජගත් පරිසර විමසුම 148 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-11-14, පි. 11
http://www.vidusara.com/2012/11/14/feature3.html


විමසුම - කෝපි වගාවට බරපතළ තර්ජනයක්‌ ඇති කරන දේශගුණ වෙනස්‌ වීම
ප්‍රමුඛ පුවත - ඇමෙරිකානු ජනාධිපතිවරණය පරිසරයට කෙසේ වේ ද?/
පුවත් සැකෙවින් - දකුණු කොරියාව න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකක්‌ වසා දමයි‌/ ගෘහාශ්‍රිත සුළං ටර්බයින සඳහා නීති මාලාවක්‌?/ බ්‍රිතාන්‍යයේ ඈෂ් ගස්‌ බේරාගැනීමට හැකි වේ ද?

කෝපි වගාවට බරපතළ තර්ජනයක්‌ ඇති කරන දේශගුණ වෙනස්‌ වීම

කෝපි යනු ලෝකයේ ප්‍රධානතම පානයකි. එය ලෝකයේ වඩාත් ම ජනප්‍රිය පානය සේ සැලකෙන අතර තෙල් හැරුණු විට වැඩි ම අලෙවියක්‌ ඇති පාරිභෝගික ද්‍රව්‍යය ලෙස ද හ`දුන්වා ඇත. ලෝකයේ රටවල් 52ක පමණ කෝපි වගා කරනු ලබන අතර ඒ තම ජීවනෝපාය කරගන්නා පිරිසේ ප්‍රමාණය මිලියන 26ක්‌ පමණ වේ. 2009/10 වර්ෂවල සංඛ්‍යාලේඛන අනුව සමස්‌ත කෝපි අපනයනයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 15.4ක්‌ පමණ වන අතර කෝපි මලු මිලියන 93.4ක්‌ පමණ ඒ වර්ෂය ඇතුළත නැව්ගත කරන තිබේ.

අප්‍රිකාව නිජබිම් කරගත් කෝපි විශේෂ දෙකක්‌ ලෝකය පුරා ප්‍රධාන වශයෙන් වගා කරනු ලැබේ. ඒ ඇරබිකා කෝපි (Coffea canephora) හා රොබස්‌ටා කෝපි ය. (Coffea canephora). මේ වන විට ලෝකයේ කෝපි නිෂ්පාදනයෙන් සියයට 70ක්‌ පමණ සපයන්නේ ඇරබිකා කෝපි විශේෂයෙනි.

කෝපි වගාවේ දේශගුණ සංවේදිත්වය

කෝපි වගාව දේශගුණයේ ඇති වන වෙනස්‌වීම්වලට බෙහෙවින් සංවේදී වේ. විශේෂයෙන් වැඩි උෂ්ණත්වයක්‌ සහිත තත්ත්ව හමුවේ කෝපි වගාවේ යම් යම් ගැටලු ඇති විය හැකි ය. නිදසුනක්‌ ලෙස ඇරබිකා කෝපි වගාව සඳහා යෝග්‍ය ප්‍රශස්‌ත උෂ්ණත්වය වන සෙල්සියස්‌ අංශක 18-24 අගය වුවත්, අංශක 23ක්‌ පමණ ඉක්‌මවූ පසුව කෝපි ඵල වර්ධනය හා මේරීම වේගවත් වීම නිසා කෝපිවල ගුණාත්මක බව අඩු වීමට ඉඩ තිබේ. (බ්‍රසීලය වැනි ඇතැම් ප්‍රදේශවල මේ උෂ්ණත්වයේ දී එවැනි ලක්‌ෂණ නො පෙන්වන බවද පෙන්වාදී ඇත). සෙල්සියස්‌ අංශක 30ක්‌ පමණ තරම් ඉහළ උෂ්ණත්වයක්‌ දිගු කාලයක්‌ පුරා පැවතීම නිසා ශාකයේ වර්ධනය බාල වීම හා අසාමාන්‍ය තත්ත්ව ඇති වීම සිදු වේ. එසේ ම අංශක 17ට අඩු උෂ්ණත්වයක්‌ පැවතීම ද ඇරබිකා කෝපි වගාවට හානිකර වේ. එසේ ම තුහින වැනි ආන්තික ශීත තත්ත්ව ද කෝපි ශාක සඳහා දැඩි ලෙස හානිකර වේ.

වර්තමානයේ දී ක්‍රමයෙන් ඉහළ යන ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය නිසා කෝපි වගාවේ අනාගතය පිළිබඳව ගැටලු ඇති වී තිබේ. ඉදිරි සියවසක කාලය තුළ ඇති වීමට නියමිත උෂ්ණත්වය ඉහළ යැම කෝපි සඳහා ඉතා බරපතළ සේ බලපෑමට හැකි බව ඉතා පැහැදිලි ය. මේ වන විටත් ලෝකයේ විවිධ ප්‍රදේශවලින් එවැනි තත්ත්ව වාර්තා වී තිබේ.

වල් ප්‍රභේදවලට ඇති වන බලපෑම

ඇරබිකා කෝපි වගාවේ මුල්බිම සේ සැලකෙන්නේ අප්‍රිකාවේ නිරිතදිග ඉතියෝපියාව, අග්නිදිග දකුණු සුඩානය හා උතුරු කෙන්යාව වන ඇතුළත් පු`ඵල් ප්‍රදේශයකි. ඉතියෝපියාව වැනි රටවල කෝපි ශාකයේ වල් ප්‍රභේද තවමත් වගා කරනු ලැබේ. මේ දේශීය ප්‍රභේද එරට කෝපි වගාවේ වැදගත් වගාවක්‌ ද වේ. මේ දේශීය කෝපි ප්‍රභේදවල සුවිශේෂී වැදගත්කමක්‌ තිබේ. ඒ, මේ වනගත ප්‍රභේද තුළ ඉහළ ජෛවවිවිධත්වයක්‌ තිබීම නිසා ය. වගා කරනු ලබන කෝපි භෝගයේ ප්‍රවේණික විවිධත්වය අඩු නිසා දේශගුණ වෙනස්‌වීමට පමණක්‌ නො ව, රෝගවලට හා පළිබෝධකයන්ට මුහුණ දීමට ඇති හැකියාව ද අඩු ය. මේ නිසා අනාගතයේ කෝපි ශාකයේ මෙන්ම වගාවේ පැවැත්ම සඳහා මේ වල් ප්‍රභේදවල වැදගත්කම ඉතා ඉහළ ය.

එහෙත් දේශගුණ වෙනස්‌ වීම නිසා මේ ශතවර්ෂය අවසානය වන විට අරාබි කෝපිවල වල් ප්‍රභේද වගා කිරීමට යෝග්‍ය ප්‍රදේශය බරපතළ ආකාරයෙන් සීමා විය හැකි බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. එහි දී විමසා බලා ඇත්තේ කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන ප්‍රමාණය මත තීරණය වන අනාගත තත්ත්ව තුනක්‌ හමුවේ දී, 2020, 2050 හා 2080 යන වර්ෂ වන විට මේ කෝපි වගා කරනු ලබන ප්‍රදේශවල ඇති විය හැකි වෙනස්‌කම් පිළිබඳව ය. එය ආකෘතික අධ්‍යයනයක්‌ ලෙස සිදු කර තිබේ. ඒ අනුව වඩාත් ම යහපත් තත්ත්ව යටතේ 2080 වන විට මේ වල් ප්‍රභේද වගා කිරීමට යෝග්‍ය භූමිය 38-65% අතර ප්‍රමාණයකින් අඩු විය හැකි අතර, වඩාත් අයහපත් තත්ත්ව යටතේ එය 90-99.7%ක්‌ පමණ තෙක්‌ අඩු විය හැකි ය. (මූලාශ්‍රය :PLoS ONE, DOI:10.1371/journal.pone.0047981)

ලෝකයේ ඇති වෙමින් තිබෙන දේශගුණ වෙනස්‌වීම නිසා කෝපි පමණක්‌ නො ව, වල් කෝපි ප්‍රභේද පවා තර්ජනයට ලක්‌ ව ඇති බව මේ අධ්‍යයනයෙන් සාධක සපයයි. ආකෘතික අධ්‍යයනයක්‌ වුවත් මේ තත්ත්වය සැලකිල්ලට ලක්‌ විය යුත්තකි. කෝපි වල් ප්‍රභේදවල වැදගත්කම අමතක කළ යුතු නැත. ඒ අනුව මේ අධ්‍යයනයෙන් කෝපි වගාවේ අනාගතයට රතු එළියක්‌ දල්වා තිබේ. කෝපි වගාවේ වල් ප්‍රභේද සංරක්‌ෂණය කිරීම සඳහා පියවර ගැනීමට මේ යෝග්‍යතම කාලය බව පෙනේ. කෙසේ වෙතත්, දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම ද මේ සඳහා අත්‍යවශ්‍ය කරුණක්‌ බව නම් පැහැදිලි ය. අවාසනාවකට මෙන් ඒ පිළිබඳව ප්‍රමාණවත් ජගත් මට්‌ටමේ වැඩපිළිවෙළක්‌ තවමත් දකින්නට නොමැත.

ප්‍රමුඛ පුවත
ඇමෙරිකානු ජනාධිපතිවරණය පරිසරයට කෙසේ වේ ද?
පසුගිය දා පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික්‌ පාක්‌ෂික අපේක්‌ෂකයා වන බැරැක්‌ ඔබාමා ජයගෙන තිබේ. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් ව සිටි අපේක්‌ෂකයන් දෙදෙනා අතරින් පරිසරය පිළිබඳ වැඩි අවධානයක්‌ හා සැලකිල්ලක්‌ දක්‌වන අපේක්‌ෂකයා ලෙස ඔබාමා ඉදිරියෙන් සිටියේ ය. විශේෂයෙන් ඔහු දේශගුණ වෙනස්‌වීම සත්‍යයක්‌ බව විශ්වාස කළ අතර, එය පාලනය කිරීමේ ඇති වැදගත්කම හා පරිසර හිතකාමී බලශක්‌තිය වැනි අංශ පිළිබඳව යම් හෝ අවධානයක්‌ යොමු කළ ජනාධිපතිවරයෙකි. අවාසනාවකට මෙන් රිපබ්ලිකන් පාක්‌ෂිකයන්ට වැඩි බලයක්‌ පැවැති ආයතනවලින් ඔහු ගත් ඇතැම් පියවර සඳහා ප්‍රමාණවත් සහයෝගයක්‌ ලැබුණේ නැත. අනෙක්‌ අතට මෙවර ඉදිරිපත් වූ ප්‍රතිපත්ති අනුව ද ඔබාමා හා ඔහු ගේ ප්‍රතිවාදියා වූ රොම්නි පරිසරය හා බලශක්‌තිය ගැන දැරූ මත බෙහෙවින් වෙනස්‌ විය. එක්‌ අදහස්‌ දැක්‌වීමකට අනුව, මෙවර ජනාධිපතිවරණයේ අපේක්‌ෂකයන් දෙදෙනා පරිසරය හා බලශක්‌තිය ගැන දැරූ අදහස්‌වල වෙනස්‌කම් තරම් වෙනසක්‌ තිබූ වෙනත් අංශ වූයේ ඉතා සු`ඵ ප්‍රමාණයකි.

මෙවර ජයග්‍රහණයෙන් පසුව ඔබාමා ඔහු ගේ ජයග්‍රාහී කතාවේ දී ද 'උණුසුම් වන මිහිතලයේ විනාශකාරී බලවේග' පිළිබඳව අදහසක්‌ පළ කළේ ය. මෙය දේශගුණ වෙනස්‌වීම පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන සැමට යම් සැනසිල්ලක්‌ ගෙන එන්නට ඇත. බ්‍රිතාන්‍යයේ පළ වන 'ද ගාඩියන්' පුවත්පතේ පළ වූ ලිපියකට අනුව මේ වාරයේ පත් වී ඇති ආණ්‌ඩුකාරයන්, සෙනෙට්‌ සභිකයන්, කොංග්‍රස්‌ නියෝජිතයන් අතර දේශගුණ වෙනස්‌වීම වැළැක්‌වීම සඳහා හඬ න`ගන්නෝ ද සිටිති. ඔවුන් මේ පිළිබඳව ඔබාමා ගන්නා උත්සාහයකට (එවැන්නක්‌ වේ නම්) සහයෝගයක්‌ විය හැකි ය. ඔබාමා ගේ දෙවැනි පාලන සමය ලබන වර්ෂයේ දී ආරම්භ වීමට නියමිත ය.

පුවත් සැකෙවින්

දකුණු කොරියාව න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකක්‌ වසා දමයි

අදාළ ප්‍රතික්‍රියාකාරකවලට යොදාගෙන ඇති ඇතැම් කොටස්‌වල ප්‍රමිතිය ජාත්‍යන්තර වශයෙන් අනුමත කරන ලද ප්‍රමිතියට නොමැති නිසා දකුණු කොරියාවේ පිහිටා ඇති න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකක්‌ වහා ම වසා දැමීමට එරට රජය පසුගිය සතියේ තීරණය කළේ ය. විලායක, ස්‌විච හා සිසිලන පංකා වැනි මේ කොටස්‌ යොදාගෙන ඇති ස්‌ථානය අනුව මේවා ආරක්‌ෂක තර්ජනයක්‌ ඇති කර නොමැති වුවත්, ආරක්‌ෂාව තකා මේ ප්‍රතික්‍රියාකාරක වසා දමා ඇති බව පෙනේ. මේවාට න්‍යෂ්ටික බලාගාරවලට අවශ්‍ය සහතිකය තිබී නොමැත.

මේ නිසා ඉදිරියේ දී එරට විදුලිබල සැපයුමේ යම් යම් ගැටලු ඇති විය හැකි වුවත්, මහජන ආරක්‌ෂාව උදෙසා කොරියාව මෙවැනි පියවරක්‌ ගෙන ඇති බව පෙනේ. එරට විදුලි බල සැපයුමෙන් 35%ක්‌ පමණ නිපදවනු ලබන්නේ රට තුළ පිහිටි න්‍යෂ්ටික බලාගාර 23කිනි. මේ බලාගාර සමහරක ඇති වී තිබෙන ගැටලු නිසා මේ වන විට එරට න්‍යෂ්ටික බලාගාරවලට එරෙහි මහජන විරෝධතාවයක්‌ ද මතු වෙමින් තිබේ.


ගෘහාශ්‍රිත සුළං ටර්බයින සඳහා නීති මාලාවක්‌?

ගෘහාශ්‍රිත සුළං විදුලිබල ජනක (ටර්බයින) නිසා පක්‌ෂීන්ට හා වවුලන්ට ඇති විය හැකි හානි වැළැක්‌වීම සඳහා ජාතික මට්‌ටමේ මාර්ගෝපදේශන ඇති කරන මෙන් බ්‍රිතාන්‍යයේ ස්‌ටර්ලින් සරසවියේ පර්යේෂකයින් පිරිසක්‌ යෝජනා කර තිබේ. එරට විවිධ ප්‍රදේශවල මෙවැනි ක්‌ෂුද්‍ර ටර්බයින ස්‌ථාපිත කිරීමේ දී අවශ්‍ය සැලසුම් අනුමත කිරීමේ දී විශාල වෙනස්‌කම් දැකිය හැකි වීම මීට හේතුවයි. ඇතැම් ප්‍රදේශවල ඒ සඳහා පාරිසරික සමීක්‌ෂණයක්‌ සිදු කළ යුතු වුවත් තවත් ප්‍රදේශවල එවැන්නක්‌ අවශ්‍ය නො වේ. එසේ ම වනජීවීන්ට ඇති විය හැකි බලපෑම් මේවායේ දී ප්‍රමාණවත් තරම් සැලකිල්ලට ලක්‌ වී නොමැත. නිදසුනක්‌ ලෙස ගත හොත්, ඒ බලපෑම දෘශ්‍ය වශයෙන් හා ශබ්දයෙන් ඇති වන බලපෑමට වඩා අඩු බවක්‌ සලකා ඇත. එහෙත් ටර්බයින නිසා පක්‌ෂීන්ට මෙන්ම වවුලන්ට ද සැලකිය යුතු හානිකර බලපෑමක්‌ ඇති විය හැකි බව අධ්‍යයනවලින් පෙන්වා දී තිබේ. (මේ සම්බන්ධව අප මින් ඉහත දී සාකච්ඡා කර ඇත. කියවන්න- ජගත් පරිසර විමසුම 136, 2012 අගෝස්‌තු 15)

මේ නව අධ්‍යයන වාර්තාවෙන් දැක්‌වෙන පරිදි මේ බලපෑම පිළිබඳවද තවදුරටත් අධ්‍යයනය කිරීම ද අවශ්‍ය ය. ඒ අනුව අදාළ පාර්ශ්වකරුවන් අතර වැඩි සහයෝගිතාවයක්‌ තිබිය යුතු ය. එරට තුළ ක්‌ෂුද්‍ර ටර්බයින තැනීම වේගවත් වී ඇති නිසා මේ පිළිබඳ යම් අවධානය යොමු කිරිම වැදගත් බව පෙනේ. (මූලාශ්‍රය :Journal of Applied Ecology,DOI: 10.1111/jpe.12005)


බ්‍රිතාන්‍යයේ ඈෂ් ගස්‌ බේරාගැනීමට හැකි වේ ද?

දිලීර රෝගයක්‌ නිසා විනාශ වෙමින් ඇති ඈෂ් ගස්‌ (Fraxinus excelsior) බේරාගැනීමට කටයුතු කිරීමට බ්‍රිතාන්‍ය රජය සැලසුමක්‌ සකස්‌ කර තිබේ. මේ අනුව නො මේරූ ගස්‌ විනාශ කිරීමටත්, හොඳින් මේරූ විශාල වෘක්‌ෂ විනාශ නො කිරීමටත් තීරණය කර ඇත. ඒ අනුව රෝගය මුලිනුපුටා දැමීමට නො ව එය පාලනය කිරීමට පියවර ගැනීමට නියමිත ය. මින් පෙර අදහස්‌ පළ කර තිබුණේ රෝගයට ලක්‌ ව ඇති සියලු ශාක කපා ඉවත් කිරීමට වුවත්, විශාල වෘක්‌ෂ වනජීවීන් ගේ පැවැත්ම සඳහා වැදගත් වන නිසා ඒ තීරණය වෙනස්‌ කර තිබේ.

මේ තීරණය පරිසර ක්‍රියාකාරීන් ගේ පැසසුමට හේතු වී ඇත. විද්‍යාඥයන් දැරූ මතය වූයේ ද මේ රෝගය මුලිනුපුටා දැමීම පහසු කරුණක්‌ නො වන බව ය. ඒ නිසා රෝගය ව්‍යාප්ත වීම ප්‍රමාද කර මේ රෝගයට ප්‍රතිරෝධයක්‌ දක්‌වන ශාක හ`දුනාගෙන ඒවා ව්‍යාප්ත වීමට සැලැස්‌වීම සුදුසු සේ හඳුනාගෙන ඇත. බ්‍රිතාන්‍යයට දේශීය වූ එක ම ඈෂ් විශේෂය මෙය වේ.

http://www.vidusara.com/2012/11/14/feature3.html

Wednesday, November 14, 2012

විදුසර ආරම්භ කිරීමට මඟපෑදූ පසුබිම

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 07-11-2012
http://www.vidusara.com/2012/11/07/viduindex.htm

මේ වර්ෂයේ නොවැම්බර් මස 4 වැනි දිනට විදුසර පුවත්පත ආරම්භ කර වසර 25ක්‌ සම්පූර්ණ විය. රිදී ජුබිලිය සමරන මේ අවස්‌ථාවේ දී එහි ආරම්භය පිළිබඳව යළි විමසා බැලීමට අප සිතුවේ, පුවත්පතක්‌ වසර විසි පහක්‌ පැවැතීම විශේෂ සිදුවීමක්‌ නිසා ම නො වේ. විදුසරේ ආරම්භය මෙරට විද්‍යා සන්නිවේදනයේ ඉතා වැදගත් සන්ධිස්‌ථානයක්‌ ද වන නිසා ය.

විදුසරේ ආරම්භය පිළිබඳව මින් ඉහත වරින් වර ලියෑවී ඇති අතර ඉන් පුවත්පතේ ආරම්භය පිළිබඳ තොරතුරු රැසක්‌ හෙළි කර තිබේ. එහෙත් එවකට ශ්‍රී ලාංකේය සමාජයේ විද්‍යා සන්නිවේදනය සඳහා තිබූ අවශ්‍යතාව හා විද්‍යා සන්නිවේදනයේ තත්ත්වය කෙබ`දු වී ද? විදුසර ආරම්භය සඳහා අවශ්‍ය පදනම සැකසෙන්නේ කෙසේ ද? මෙවැනි කරුණු පිළිබඳව විමසීමක්‌ සිදු කිරීම මේ ලිපියේ අරමුණ වේ.

මේ ලිපිය සැකසෙන්නේ මූලාශ්‍ර කිහිපයක්‌ මත පදනම් ව ය. විදුසරේ ආරම්භය පිළිබඳ ලියෑවුණු ලිපි, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික වාර්තා සහ 1985 සිට 1987 දක්‌වා කාලයේ මෙරට පුවත්පත් කිහිපයක (දිවයින, දි අයිලන්ඩ් හා ඩේලි නිව්ස්‌) පළ වූ පුවත් මේ සඳහා යොදාගත් ලිත මූලාශ්‍ර වේ. එසේ ම විදුසරේ ආරම්භය සඳහා කැපී පෙනෙන දායකත්වයක්‌ දැක්‌වූ පුද්ගලයන් දෙදෙනකු සම`ග කළ සාකච්ඡාවලින් ලබාගත් තොරතුරු මීට විශේෂයෙන් පාදක කරගෙන තිබේ. මේ දෙදෙනා පිළිබඳව විදුසරට වසර දහයක්‌ සම්පූර්ණ වූ අවස්‌ථාවේ පළ වූ සංවත්සර කලාපයට (1997 නොවැම්බර් 5) එහි ආරම්භක කර්තෘ අනුර සිරිවර්ධන මහතා ලියූ ලිපියේ සඳහන් වේ. ඒ ආචාර්ය සුසන්ත ගුණතිලක හා ඡේම්ස්‌ එච්. ලැනරෝල් යන මහත්වරුන් ය. ආචාර්ය ගුණතිලක එවකට මහජන බැංකුවේ පර්යේෂණ අංශයේ ප්‍රධානියා ලෙස සේවය කළේ ය. ඉංජිනේරුවකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු පසු කලක වඩා ප්‍රකට වූයේ සමාජ විද්‍යාඥයකු වශයෙනි. වර්තමානයේ ඔහු ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ සභාපතිවරයා වේ. එවකට උපාලි පුවත්පත් සමාගමේ කළමනාකාර අධ්‍යක්‌ෂවරයා වූ ඡේම්ස්‌ එච්. ලැනරෝල් මහතා මේ වන විට විශ්‍රාම සුවයෙන් පසු වෙයි.

විද්‍යා සන්නිවේදනය හා විද්‍යාභිවර්ධන සංගමය


1980 දශකයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවේ විද්‍යා සන්නිවේදනය වර්ධනය වෙමින් පැවතිණි. දිනපතා හා සතිපතා පුවත්පත් සමහරක විද්‍යා පිටුවක්‌ දැකිය හැකි විය. මෙරට විද්‍යාඥයන් ගේ ඉහළතම ආයතනය සේ හැඳින්විය හැකි ශ්‍රි ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ පාලක මණ්‌ඩලය, මහජනතාව වෙත නිවැරැදි විද්‍යාත්මක තොරතුරු සිංහල මෙන්ම දෙමළ භාෂා මාධ්‍යවලින් ද සන්නිවේදනය කිරීමේ වැදගත්කම පැහැදිලිව හ`දුනාගෙන තිබිණි.

1986 වර්ෂයේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රධාන සභාපති තනතුර දැරූ ආචාර්ය සුසන්ත ගුණතිලක, විද්‍යා සන්නිවේදනය දියුණු කිරීම සඳහා විශේෂයෙන් මුල් වී ක්‍රියා කළ අයෙකි. ඒ වර්ෂය ඇතුළත සංගමය සිදු කළ කටයුතු විමසීමේ දී මේ කටයුතුවල සාර්ථකත්වය පෙනේ.

විද්‍යාභිවර්ධන සංගමය මෙරට ජනමාධ්‍ය ප්‍රධානීන් සමග, විද්‍යා සන්නිවේදනය පිළිබඳව පු`ඵල් සාකච්ඡාවක්‌ පවත්වන ලද්දේ මේ කාලයේ දී ය. ඊට එවකට මෙරට ක්‍රියාත්මක වූ විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් බොහෝ දෙනකු සම්බන්ධ වී තිබේ. (ඒ කාලයේ මෙරට පැවැතියේ රජයට අයත් විද්යුත් මාධ්‍ය පමණක්‌ වූ අතර ප්‍රධාන පෙළේ මුද්‍රිත පුවත්පත් පැවතියේ ද අදට වඩා බොහෝ අඩු ප්‍රමාණයකි). මේ සාකච්ඡාවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවල විද්‍යා වාර්තාකරණයේ තත්ත්වය ඉහළ නැංවීම සඳහා කළ හැකි දේ පිළිබඳව සාකච්ඡා කිරීම ය. මේ සඳහා සම්බන්ධ වූ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතරින් උපාලි පුවත්පත් සමාගමේ

ඡේම්ස්‌ ලැනරෝල්, ලේක්‌හවුස්‌ ආයතනයේ රණපාල බෝධිනාගොඩ හා ජාතික රූපවාහිනියේ එම්. ඡේ. පෙරේරා යන මහත්වරුන් ඒ ගැන විශේෂ උනන්දුවක්‌ දැක්‌වූ බව ආචාර්ය ගුණතිලක පවසයි. (විදුසර පුවත්පත එළිදක්‌වා මාස කිහිපකට පසු, එනම් 1988 ජූනි මාසයේ දී, 'විදුරැස්‌ නමින් සතිපතා විද්‍යා පුවත්පතක්‌ ලේක්‌හවුස්‌ ආයතනය මගින් ප්‍රකාශයට පත් කරන ලදී. පසුව එහි නම විදුනැණ ලෙස වෙනස්‌ කෙරිණි.)

විද්‍යා වාර්තාකරණයේ යෙදෙන හොඳ ම මාධ්‍ය සඳහා සම්මාන ලබා දීමේ වැඩපිළිවෙළක්‌ විද්‍යාභිවර්ධන සංගමය පළමුවරට 1986 වර්ෂයේ දී දියත් කළේ ය. මේ සඳහා යොදාගත් නිර්ණායක අතර නිවැරැදිව විද්‍යා පුවත් පළ කිරීම, දේශීය විද්‍යා පුවත් පළ කිරීම වැනි කරුණු සඳහා මුල් තැනක්‌ දී තිබිණි. ඒ අනුව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් විද්‍යා පුවත් හා විද්‍යා ලිපි පළ කරන හොඳ ම පුවත්පත් සඳහා සම්මාන ලබා දී තිබේ. ඒ වර්ෂයේ හොඳ ම සිංහල පුවත්පත සේ සම්මාන ලැබුවේ උපාලි පුවත්පත් සමාගමේ 'දිවයින' පුවත්පත ය. විදුසරේ ආරම්භක කර්තෘවරයා වූ අනුර සිරිවර්ධන මහතා ඒ වන විට සේවය කළේ ද දිවයින පුවත්පතේ වන අතර ඒ මහතා අතින් දිවයින විද්‍යා පිටුව සංස්‌කරණය විය. (දිවයින 1986-12-08 හා 1986-12-08, ද අයිලන්ඩ්, 1986-12-08).

යුනෙස්‌කෝ සංවිධානය හා ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය එක්‌ ව විද්‍යා සන්නිවේදකයන් සඳහා වූ පුහුණු වැඩසටහනක්‌ 1986 වර්ෂයේ දෙසැම්බර් මස 15-19 අතර පවත්වන ලදී. 'විද්‍යා මාධ්‍යවේදීන් සඳහා වූ ජාතික වැඩමු`ඵව' (National Workshop for Science Journalists) නම් මේ වැඩමු`ඵවට දේශීය විද්‍යාඥයන් රැසක්‌ මෙන්ම විදේශීය නියෝජිතයන් කිහිප දෙනකු ද සම්බන්ධ වී ඇත. මෙරට විද්‍යා සන්නිවේදනය ළදරු අවධියක පවත්නා නිසා එවැනි වැඩමු`ඵවක්‌ අත්‍යවශ්‍ය වූ බව එය අමතමින් ආචාර්ය සුසන්ත ගුණතිලක පැවසී ය. යුනෙස්‌කෝවේ නිත්‍ය නියෝජිත ආචාර්ය රාඡ් බන්ඩාරි, ප්‍රකට විද්‍යා ලේඛකයන් වූ ආචාර්ය එස්‌ රාමචන්ද්‍ර හා ආචාර්ය ශයිවත්නා කුප්‍රටුකුලා මේ වැඩසටහනට සහභාගි වූවන් අතර වූ හ. වෙනත් රටවල අනුගමනය කරනු ලබන ආකෘති පදනම් කර නො ගෙන, තමන් ගේ ම වූ විද්‍යා වාර්තාකරණ ක්‍රමයක්‌ හා සංස්‌කෘතියක්‌ ශ්‍රී ලංකාව ඇති කර ගත යුතු බව මෙහි දී ඇති වූ පොදු එක`ගතාවකි. ඊට හේතුව වන්නේ මෙරට ජනතාව අතර පැවැති ඉහළ සාක්‌ෂරතාවයි. මේ වැඩමු`ඵව සාර්ථකව පැවැත්වීමට හැකි වූ බව ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික වාර්තාවේ ද දැක්‌වේ.

මෙරට විද්‍යා වාර්තාකරණයේ වර්ධනය සඳහා බලපෑ තවත් වැඩසටහනක්‌ 1985 වර්ෂයේ දී රාජ්‍ය අනුග්‍රහය සහිත ව දියත් වී ඇත. ඒ අනුව විද්‍යාඥයන් හා මාධ්‍යවේදීන් අතර මාසිකව හමුවීම් සංවිධානය කර ඇති අතර මේ කාලය තුළ විද්‍යා මාධ්‍යවේදීන් ගේ ශ්‍රී ලංකා සංගමය (Sri Lanka
Association of Science Journalists) නම් සංගමය ද බිහි වී ඇති බව පෙනේ. (ද අයිලන්ඩ්, 1986-12-18 හා ඩේලි නිව්ස්‌ 1986-12-23)

1987 වර්ෂයේ දී විදුසර බිහි වන්නේ මෙවැනි පසුබිමක්‌ යටතේ ය.

විදුසරේ ආකෘතිය සැකසීම

උපාලි පුවත්පත් සමාගම විද්‍යා පුවත්පතක්‌ පළ කිරීම සඳහා තීරණය කළ අවස්‌ථාවේ දී ඒ සඳහා වූ ආකෘතියක්‌ සකස්‌ කිරීම සඳහා ආචාර්ය සුසන්තා ගුණතිලක,

ඡේම්ස්‌ ලැනරෝල් හා එඩ්මන්ඩ් රණසිංහ (එවකට උපාලි පුවත්පත් සමාගමේ ප්‍රධාන කර්තෘ) යන මහත්වරුන් සම්බන්ධ වූ බව ඊට සම්බන්ධ වූ අනුර සිරිවර්ධන මහතා සඳහන් කර තිබේ. (විදුසර, 1997-11-05). විදුසර පුවත්පතේ ආකෘතිය සඳහා ආචාර්ය සුසන්ත ගුණතිලක විසින් යෝජනා කරන ලද්දේ ඔහු විසින් 1970 දශකයේ මැද භාගයේ දී ආරම්භ කරන ලද, මහජන බැංකුව මගින් ප්‍රකාශයට පත් කරන 'ආර්ථික විමසුම' සඟරාවයි. ඒ අනුව පුවත්පතට කාණ්‌ඩ තුනක ලිපි අන්තර්ගත විය යුතු විය. ඒවා නම්, සාමාන්‍ය ජනතාව ඉලක්‌ක කරගත් ලිපි, විද්‍යා පුවත් වාර්තා හා වඩා ඉහළ විද්‍යාත්මක ලිපි ය. එසේ ම පොදුවේ ගත් කල පුවත්පත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ මට්‌ටමේ සිට ඉහළ පාඨක පිරිසක්‌ ඉලක්‌ක කරගත යුතු බවට ද එක`ගතාවක්‌ විය.

1987 වර්ෂයේ මැදභාගයේ දී විදුසර පුවත්පත ආරම්භ කිරීමට තීරණය කිරීමේ දී උපාලි පුවත්පත් සමාගම අරමුණු තුනක්‌ හ`දුනාගෙන තිබූ බව එවකට සමාගමේ කළමනාකාර අධ්‍යක්‌ෂවරයා ව සිටි ඡේම්ස්‌ එච්. ලැනරෝල් මහතා පවසයි.

ඉන් පළමුවැන්න වූයේ පුවත්පත අතිරේක අධ්‍යාපන මාධ්‍යයක්‌ ලෙස භාවිත කළ හැකි වීම ය. උපකාරක පංති වර්ධනය වෙමින් පැවැති ඒ කාලයේ, ඒ පහසුකම් නොමැති දුෂ්කර පළාත්වල සිසු සිසුවියන් සඳහා මෙවැනි පුවත්පතකින් සැලකිය යුතු මෙහෙයක්‌ කළ හැකි බව පැහැදිලි විය. ඒ අනුව පාසල් විෂයමාලාවට අදාළව ලිපි මාලා පළ කිරීම විදුසර ආරම්භයේ පටන් ම සිදු කර ඇත. දෙවැනි අරමුණ වූයේ වැඩි වශයෙන් ඉංග්‍රීසි බසින් ඇති විද්‍යාත්මක දැනුම සිංහල භාෂාවෙන් ජනතාව අතරට ගෙන යැම ය. ශ්‍රී ලංකාවේ සාක්‌ෂරතාව ඉහළ වූ බැවින් විද්‍යාත්මක දැනුම වැඩි පිරිසකට ලබා දීමට මෙය යෝග්‍ය පියවරක්‌ විය. තෙවැනි අරමුණ වූයේ ඕනෑ ම අයකුට එදිනෙදා ජීවිතයේ දී ප්‍රායෝගිකව යොදාගත හැකි විද්‍යා දැනුම ලබා දීම ය. නිදසුනක්‌ ලෙස කෘෂිකාර්මික දැනුම දැක්‌වීමට පු`ඵවන.

මේ අනුව විදුසර සම්බන්ධ කටයුතු ආයතනික මට්‌ටමින් 1987 ජුලි මාසයේ දී ආරම්භ වූ අතර, ඊට සම්බන්ධ වූ කර්තෘ මාණ්‌ඩලිකයන්, ලේඛකයන් හා වෙනත් පිරිස්‌ පිළිබඳ වත් ඔවුන් ගේ දායකත්වයත් අනුර සිරිවර්ධන මහතා ගේ පෙර සඳහන් ලිපියෙහි සවිස්‌තරව දක්‌වා ඇත. මේ සියලු දෙනා ගේ උත්සාහයේ ප්‍රතිඵලයක්‌ ලෙස 1987 නොවැම්බර් මස 4 වැනි දා විදුසර පළමු කලාපය එළිදක්‌වන ලදි. කෙටි කාලයක්‌ ඇතුළත විශාල පිටපත් ගණනක්‌ අලෙවි වන පුවත්පතක්‌ බවට පත් වීමට විදුසරට හැකියාව ලැබිණි. දකුණු ආසියාවේ ඉංග්‍රීසි නො වන භාෂාවකින් පළ වන විද්‍යා පුවත්පත් අතර වැඩි ම අලෙවිය තිබූ පුවත්පත බවට විදුසර පත් වීම ඊට සාධකයකි.

(විදුසරට ජගත් පරිසර විමසුම නමින් සතිපතා විචාරාත්මක පරිසර පිටුවක්‌ සපයන ලේඛකයා නිදහස්‌ විද්‍යා ලේඛකයකු, පරිසරවේදියකු හා ස්‌වාධීන පර්යේෂකයකු ලෙස කටයුතු කරන්නෙකි.)

http://www.vidusara.com/2012/11/07/viduindex.htm

A different zoo and a village of culture at Hyderabad

Dhanesh Wisumperuma

The Nation, 11-11-2012, Undo p. 4-5
http://www.nation.lk/edition/undo/item/12328-a-different-zoo-and-a-village-of-culture-at-hyderabad.html






Hyderabad is a city with multiple attractions, where a visitor may struggle to decide what to see and where to visit. I am intended to write on two interesting places which I was able to visit during my short stay in Hyderabad – mainly due to the special characters I saw there. Those are the Nehru Zoological Park, a zoo beyond a regular one we know and the Shilparamam, the arts and crafts village depicting India.

Animal-friendly zoo

The Nehru Zoological Park, which is also known as the Hyderabad Zoo, is situated at an spacious location in the southern part of the city, adjacent to the Mir Alam Tank, a man made reservoir. The zoo covers an area of about 380 acres and is often mentioned as one of the largest in India. It was established between 1959 and 1963 and opened in 1963 and named after Jawaharlal Nehru.

The most important feature of the zoo is its spacious nature. Since it is a well-planned zoo, the animals are provided with ample space. Many of the animals are kept in open spaces encircled by short walls of about a meter in height. There is a ditch between the wall and the animal. The trees were maintained without overhanging branches in case of arboreal animals like the monkeys and apes. The area where the animals are kept was mostly covered with trees and grass thus providing a shade for the animal. A manmade cave like hide is available for the animals at a corner of their compound. A very few of the animals are caged, i.e. the birds, reptiles, etc. Even some of the nocturnal animals like the loris are kept in an open ‘room’ inside the darkened nocturnal house.

For instance, the elephants have an area that is about 30 acres to roam freely. There are shelters for elephants, which are not accessible to the normal visitor. Some of the elephants in these shelters are released to this space in rotation and they could wander freely in the space and feed on the vegetation. However, an officer of the zoo said us that they provide the elephants with food as the amount of food required by an elephant are large.
The authorities have taken steps to consider the requirements of the animals very cautiously. For instance, the rhinoceros was kept in a large compound, where there are different pools – one with water and another with mud.
With the increased space for the animals, the stress among these captive animals may be reduced and can increase the lifetime of the animals. The arrangement of the zoo is visitor friendly. Almost all animals are kept in such a setting provides an important aspect as the visitors are able to see the animals at their eye-level. This facilitates the observation of the animals and thus increases the educational value of the zoo.

Another attraction in the park is the Jurassic Park. It contains large models of the animals that lived during the Jurassic Era – the dinosaurs. They are labeled with adequate information for the visitor and the landscape is arranged to resemble or mimic the plant life of that period. It seemed to be an attraction among the visitors. The reptile enclosure and the nocturnal house are among other sections visited by most.

There is a safari park where lions and tigers are living freely and visitors take a tour by bus, just like a safari available in a sanctuary or a national park. The vegetation is bit dense in the area and the spotting of animals is little difficult and is like in the natural environment. According to the staff, although there are some herbivores living in the safari area, the tigers and lions are not feeding on them and food for them is provided. It seems that their interest in hunting had been reduced, or they have adapted for the ‘free meal!’

Another interesting feature of the zoo is the transportation within the zoo - battery operated eco-friendly vehicles and a train service is available within the zoo. Wide road network and the park like appearance ease the visitor. Although we spent half a day, I did not felt tired. It was mainly due to the spacious nature and the landscape that provided shade and green. It was a relieved tour, which I never experienced in a Sri Lanka’s zoo. Although the number of the animal species seen at the Nehru zoo is below what you can see in another zoo, it is a friendly place for animals and visitors. I experienced the difference
As we are aware, there are other zoological gardens being planned and built in Sri Lanka, the Nehru Zoological Park of Hyderabad can provide guidance. We were fascinated to hear that there are occasional visits by Sri Lankan authorities. If zoos are required (I think so, for the educational use), it should be more animal friendly.

Website: www.hyderabadzoo.in

Colorful village in the city

A venue encircled by a mud colored low wall with a white pattern on it attracted our attention towards it. There were no multistory buildings in the site and tree cover could be seen on the premises which are situated in the middle of the Hi-tech city area of the town, the main industrial and business area of the city – the IT hub. It looked calm and was similar to a park or a recreational area within the busy city. On inquiry I found that it was called ‘Shilparamam’, meaning literary ‘home for the crafts’, the arts, crafts and cultural village in Hyderabad. It is often mentioned as a showcase of India’s cultural heritage.

Shilparamam was established in 1992 by the Government of Andhra Pradesh. It expands to 65 acres and is maintained by the Ministry of Tourism. In short, Shilparamam contains of multiple ventures: it is a permanent exhibition of arts, crafts and lifestyles of people; a sales centre of crafts and arts, a recreation venue for the people, a park and an open stage, etc. I had the opportunity visit it twice and take this opportunity to describe at a least few aspects of the many aspects of arts, crafts and culture of India.

A large area is dedicated to display permanent life sized models of how the traditional lives of people in the country are. The livelihoods, rituals and day-to-day events associated with the culture and crafts are presented in the relevant background. These included the potter house, village artisans, tribal lifestyles, kalahasti wood carving, cherial painting are among the most interested. Various cultural events such as sankranti festival, tulsi pooja and day-to-day life events of the people like the scene of village bazaar are present. These models are self-explanatory and one can understand how traditional arts and crafts function in rural areas. It is actually a cultural show!
While walking around the premises, I suddenly saw a Buddha statue on a lotus pedestal. There were two Buddha statues in fact. It was at the ‘Sculpture Park’ where a collection of various sculptures are displayed. The most interesting was the materials used to make those pieces of art. Some were made out of granite and some seemed to be of plaster, but there was a material rarely used for this type of artwork. Some of the sculptures were made out of welding scrap metal like parts of vehicles, equipment and waste metal pieces, which are otherwise usually dumped. The themes of these sculptures varies largely and included plants, animals, equipment as well as conceptual representations. The artist’s name is also displayed along with the sculpture and the park seemed to be a new addition to the park and opened in September 2012. I noticed that similar sculpture of metal pieces even within the Hyderabad City – it resembles that that the city is more industrial.



There was a unique exhibition of traditional breeds of oxen held at Shilparamam in parallel to the International Biodiversity Summit held in Hyderabad. We were able to see about 23 breeds of the varieties found in India. This rich livestock diversity is somewhat threatened at global level, due to the introduction of developed varieties of animals and it was a topic of discussion during the summit.
There was an area allocated for stalls selling various items, pearl and other jewelry, cloths, craft items, ornamental items, toys and as well as food. Most of these were made by the local people and it was a direct marketing facility for the producers.

The premises is beautifully landscaped and provided shaded avenues for people to walk without being tired in the daytime. Various types of plants are seen used to beautify the environment and some sections are still under improvement. The large and small rocks and mountainous landscape are used as attractive features of the location. Many of the stalls as well as the administrative buildings inside Shilparamam are designed to suit the park. The venue also provided a variety of entertainment facilities for the visitor – shaded avenues, the tank with boating facilities, party venues and the open theater are among those.

A fairly a large crowd both local and foreign gathers at this place escaping their urban lifestyle. The Shiparamam looked like a very different place. It is a must at Hyderabad. Details about the village could be found on www.shilparamam.org, its official website.

http://www.nation.lk/edition/undo/item/12328-a-different-zoo-and-a-village-of-culture-at-hyderabad.html


Sunday, November 4, 2012

Hyderabad The city, people and life

Text and pics by Dhanesh Wisumperuma

The Nation, 04-11-2012, p.  (Fine)
http://www.nation.lk/edition/fine/item/12080-hyderabad-the-city-people-and-life.html 




The City of Pearls and City of Nizams are the epithets for Hyderabad, which is the capital of Andhra Pradesh, a state in South India. Hyderabad and Andhra Pradesh are not well known among the Sri Lankans today, but this was not the case in the past. For instance, the Pallavas who reigned parts of present Andhra Pradesh during the first millennium CE had a significant influence on Sri Lanka. Also, the common Sinhala phrase, ‘andara demala’ used to denote unclear statements, means the ‘Tamil language of Andhra’. This could have originated when the Sinhalese were confronted with Telugu, somewhat similar, but different from Tamil. Telugu is a language spoken in present Andhra Pradesh and surrounding areas.

However, Hyderabad or other sites of Andhra Pradesh (except a few archaeologically important areas like Nagarjunakoda and Amaravati) are not major attractions for the ordinary Sri Lankan visitors. Universities and institutions of Hyderabad have attracted a lot of Sri Lankan students.

City and surrounding


Hyderabad is situated in the northern part of Deccan Plateau at a moderate altitude of 500 meters which makes the city somewhat cooler despite the dry and arid climate of the area. The city is about 650 square kilometers in size, which is slightly larger than the entire Colombo District, and it is among the largest cities in India by population. The city has expanded recently in area as well as of population with the rapid development seen during the last two decades.


A characteristic feature for a visitor to Hyderabad is the landscape with rocks even within the city, mainly in the western side. The city’s landscape and topography is mentioned as a sloping rocky terrain of grey and pink granites and small hillocks are scattered throughout. It seems the multi-story buildings – companies, factories and apartments – are being developed keeping at least some rocks intact. It does add an uncanny beauty to the city, while it also helps to reduce the eyesore of concrete high-rises. It was strange for a Sri Lankan, as the Sri Lankan definition of urban development is to clear all such ‘obstructions’! Some of these rocks are actually protected under state laws. Later I found that this was partly a result of a people’s campaign to save this spectacular landscape, where the ‘Society to Save Rocks’ (www.saverocks.org) played a key role. This type of an initiative may suit Sri Lanka to protect at least the historical rocks, some of which are being destroyed just for granite.

Hyderabad city is full of urban features. The western quarter of the city is still being developed and skyscrapers of more than 20 to 30 stories are a common sight. Some of these can be termed as architectural masterpieces. Wide roads and elevated highways connect parts of the city, while toll roads connect the city with the other large cities. A large population of the poor still live in shanties within the city and sometimes in the close proximity of the high-rises. A short visit to the old city area, where most of the state agencies and foreign organizations as well as businesses are located, indicated that the situation there may be better than that of the western quarter.

The IT industry is centered in the area known as ‘Cyberabad’. Andhra Pradesh was famous for cigarettes and textile in the past, but today it is well known for its IT industry, pharmaceutical industry and as a center of education. Many of world’s leading IT companies have established branches in Hyderabad. A large workforce consisting of young crowds from various parts of India works here. The area is full of ‘Men’s Hostels’, ‘Women’s Hostels’, ‘Working Girls’ Hostels’ and apartments. Parts of the city are busy and alive until about 11 pm due to the crowds. Girls and women walking the streets even at late hours is a common sight.

City’s history

The present city of Hyderabad was established in 1591 by Muhammad Quli Qutb Shah and it became a part of the Mughal kingdom after 1687. Nizam-ul-Mulk, who founded the dynasty of Nizams of Hyderabad, made the city capital of the princely state of Hyderabad in 1724, which continued to exist as an independent state with the agreements first with the French and later the British. Nizam’s agreement with the British in 1798 placed his country under the protection of the British, but retained independency in internal matters. When India became an independent nation in 1947, Nizam wanted to keep Hyderabad as an independent state, but India insisted it to join the Indian nation. Indian forces invaded Hyderabad in 1948 and it was annexed to India. Hyderabad became the capital of the newly formed state of Andhra Pradesh in 1956.

Although the city has a short history, there are a number of historical monuments in the city, mostly around the old city in the eastern side. The list is somewhat lengthy, but a few such sites must be mentioned - the Charminar, Golconda Fort, Birla Mandir, Mecca Musjid, some museums and the large reservoirs known as Sagars like the famous Hussain Sagar.

The Charminar, located in the old city of Hyderabad, is a monument built by the founder of the city. It is a masterpiece of the Indo-Saracenic style of architecture with four minarets and four connecting arches. It is situated in the heart of a crowded city, with various types of merchants selling a variety of items including pearls, for which the city is famous.

The population of Hyderabad is multi-ethnic and multi-religious. Telugu and Marathi are the major ethnic groups and the main religions are Hindu and Islam. There are a large number of minority ethnic groups and minority religions. The first official language is Telugu, and Urdu is the second official language of the State. Hindi is also spoken and many people can understand English.

Food and beverage

Food and beverage of Hyderabad are noteworthy. Among the various foods available in Hyderabad, Hyderabadi Biryani is specific and indigenous to the city. It is made of Basmati rice and mostly chicken, although originally it was made of lamb mutton. It is beautifully garnished with pudina, fried onion and boiled egg. It is said that it is a combination of Mughal and Andhra cuisines and practised by the Nizams. It has a distinct aroma. It is served mostly with side dishes such as dahi-ki-chutney (a dish made of whipped yoghurt or curd, chopped green chilli, onions and mint and served in a small bucket) and mirchi-ka-salan (dish made of chilli and peanuts).

The Hyderabadi tea, offered at normal hotels, is quite different from a cup of tea offered in Sri Lanka. It is about a half of the usual cup of tea one is offered in Sri Lanka. However, the price is also half of its Sri Lankan counterpart. It was extremely bitter with an excess of tea and is able to provide the stimulus required from a cup of tea. It takes a Sri Lankan at least two weeks to adapt to it.

Judging from some of the price-marked commodities one can deduce that prices are higher than in Sri Lanka. For instance, an anti-bacterial soap available in Sri Lanka for Rs.40 is priced at 20 Indian Rupees in Hyderabad – about 50 Sri Lankan rupees.

Transport


As in Sri Lanka, three-wheeler fares varied largely on the appearance of the passenger and language he or she speaks. Three-wheeler drivers hang around bus stands calling out names of various cities ‘Kondapur’, ‘Madhapur’, in an attempt to coax potential passengers. They proceed when they gather at least eight people for a three-wheeler, four or five at the back and at least three in front excluding the driver. Some take about 12 to 13 people where some are forced to sit on the lap of fellow passengers.

The main mode of transport is bus, under the purview of the Andhra Pradesh State Road Transport Corporation (APSRTC), the state-owned passenger transport service. This is said to be the largest fleet of busses in the world in terms of commuters, carrying 13 million passengers a day. Buses are common and one doesn’t have to wait long to get a bus. However, getting into a bus is not easy, as these buses stop at the middle of the road. People wait for buses on the road, while there is a bus stop behind them, while the buses slowdown giving the passengers a chance to get in. It is not an easy task for the disabled and the ladies. One could not understand whether the crowds were in the middle of the road because the buses refused to stop at the bus stop or the buses didn’t stop at the bus stop because the people refused to wait there.

First four or five rows of the bus on both sides are reserved for women, marked in Telugu or English or in graphic form. A seat or two are allocated for ‘Senior Citizens’ and ‘PHC’ (Physically Handicapped Citizens). The normal practice is for a man to give the seats reserved for ladies, when a woman gets in to the bus. However, some men simply refused to give the seat to women.

Motorcycles are also a common mode of transport. Although helmets are required, riders are seldom seen wearing helmets. When in Hyderabad, the single most important matter a pedestrian has to keep in mind is to cross the road without meeting with an accident. No vehicle had any intention of stopping although there were people waiting to cross the road. The act of crossing the road is considered solely the business of pedestrians. Vehicles slow down rather than stop and people had to cross as soon as possible. It is risky for those of us uninitiated in the ‘system’ of the city.

Sri Lanka

Sri Lankans may not look like outsiders until we speak with them. Many of the city dwellers knew of Sri Lanka. Some of them were aware of the ‘terrorist problem’ which prevailed in Sri Lanka and the provocative acts by Tamil Nadu politicians. A police officer, who said that he was in the security squad of the Sri Lankan cricket team, was very supportive. Meanwhile, kottu roti was showcased in an exhibition of food diversity, as a Sri Lankan cuisine.

http://www.nation.lk/edition/fine/item/12080-hyderabad-the-city-people-and-life.html

Saturday, November 3, 2012

ජගත් පරිසර විමසුම 147 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-10-31, පි. 11
http://www.vidusara.com/2012/10/31/feature3.html

විමසුම - කාර්මික රටවලින් ඈත් වන න්‍යෂ්ටික බලය දියුණු වන රටවලට
ප්‍රමුඛ පුවත - ෆුකුෂිමා ඛේදවාචකයේ ප්‍රතිඵල තවමත්
පුවත් සැකෙවින් - හයිනාවන් හා මිනිසුන් අතර අපූරු 'සහජීවනය'/ ප්‍රවේණික අවදානමක ඇති දුර්ලභ ම බල්ලන්/ ලෝක බලශක්‌ති සංසද සමුළුව


විමසුම
කාර්මික රටවලින් ඈත් වන න්‍යෂ්ටික බලය දියුණු වන රටවලට

විදුලිබල ප්‍රභවයක්‌ ලෙස න්‍යෂ්ටික බලය යොදාගැනීම පිළිබඳව ලෝකයේ ඇති අවධානයේ යම් යම් වෙනස්‌වීම් ඇති වීම ආරම්භ වූයේ 2011 වර්ෂයේ මුල් භාගයේ දී ජපානයේ පිහිටා තිබූ ෆුකුෂිමා බලාගාරයේ ඇති වූ අනතුරින් පසුව ය. ඒ නිසා න්‍යෂ්ටික බලය පිළිබඳව ඇති වූ විරෝධයත්, ඊට ලෝකයේ රටවල් දැක්‌වූ ප්‍රතිචාරයත් ඔස්‌සේ න්‍යෂ්ටික බලයේ යම් වර්ධනයක්‌ ඇති විය හැකි බවත් අපි මින් පෙර පරිසර විමසුම ඔස්‌සේ සාකච්ඡා කළෙමු.

මේ වන විට දැකිය හැකි ආකාරයට න්‍යෂ්ටික බලය භාවිතය දියුණු රටවල යම් ප්‍රමාණයකට අඩු වෙමින් ඇතත්, ඇතැම් දියුණු වන රටවල් මේ බලශක්‌ති ප්‍රභවය කෙරෙහි අවධානය යොමු කිරීමට පෙලැඹී ඇති බව මෑත දී ක්‌ෂේත්‍රයේ ඇති වී තිබෙන ප්‍රවණතා අනුව පෙනේ. මේ ඒ පිළිබඳව කරන විමසුමකි.

කාර්මික රටවල් න්‍යෂ්ටික බලයෙන් ඈත් වීම

න්‍යෂ්ටික බලය පිළිබඳව ඇති වූ අවිනිශ්චිත තත්ත්වය හමුවේ දියුණු කාර්මික රටවල් රැසක්‌ ම ක්‌ෂණිකව හෝ ක්‍රමයෙන් ඉන් ඈත් වීමට තීරණය කර ඇත. ජර්මනිය, බෙල්ජියම හා ඉතාලිය මෙවැනි තීරණයක්‌ ගත් පළමු රටවල් අතර වේ. න්‍යෂ්ටික බලයට දැඩි සහයෝගයක්‌ දැක්‌වූ ප්‍රංශයේ නව නායකත්වය ද එරට න්‍යෂ්ටික බල ධාරිතාව අඩු කිරීමට තීරණය කර තිබේ. ජපානය ද 2040 වන විට න්‍යෂ්ටික බලයෙන් විදුලිය ලබාගැනීම අවසන් කිරීමට තීරණය කර ඇත.

මේ අතර න්‍යෂ්ටික බලාගාර තනන සමාගම්වලට ඒ රටවල ආණ්‌ඩුවල සහයෝගය නොමැති වීම නිසා නව බාලාගාර තැනීම ද ගැටලුසහගත වී තිබේ. නිදසුනක්‌ ලෙස බ්‍රිතාන්‍යයේ නව න්‍යෂ්ටික බලාගාර තැනීම අර්බුදයකට ලක්‌ ව ඇත්තේ මෙවැනි හේතුවක්‌ නිසා ය.

න්‍යෂ්ටික බලය පිළිබඳ ඇති මේ අර්බුදය නිසා න්‍යෂ්ටික බලාගාරවල යොදාගන්නා ප්‍රධාන ඉන්ධනය වන යුරේනියම්වල මිල පහළ වැටී තිබේ. 2007 වර්ෂයේ දී ඩොලර් 138ක්‌ වූ යුරේනියම් රාත්තලක මිල මේ වන විට ඩොලර් 44ක්‌ පමණ දක්‌වා අඩු වී ඇත. මේ මිල පහළ යැම නිසා ඇතැම් සමාගම්, යුරේනියම් කැණීම හා නව පතල් ව්‍යාපෘති ආරම්භ කිරීම නවතා දමා ඇත.

කෙසේ වෙතත් බටහිර කාර්මික රටවල න්‍යෂ්ටික බලය පිළිබඳව ඇති උනන්දුව අඩු වෙමින් ඇතත්, දියුණු වන රටවල එය වර්ධනය වෙමින් ඇති බවක්‌ දැකිය හැකි ය. නිදසුනක්‌ ලෙස ඉන්දියාව හා චීනය න්‍යෂ්ටික බලය ගැන උනන්දුවක්‌ දක්‌වයි. මේ සම`ග යුරේනියම් කර්මාන්තය සඳහා යළි යහපත් කාලයක්‌ උදා විය හැකි බව න්‍යෂ්ටික බලශක්‌ති කර්මාන්තයේ යෙදෙන පිsරිස්‌ ද අපේක්‌ෂා කරති.

දියුණු වන රටවල අවධානය


න්‍යෂ්ටික බලශක්‌තිය පිළිබඳව වැඩි උනන්දුවක්‌ දක්‌වන දියුණු වන රටවල් අතර වේගවත් වර්ධනයක්‌ සහිත BRIC රටවල් විශේෂ ය. මේ වන විට ලෝකයේ ඉදි වෙමින් පවත්නා න්‍යෂ්ටික බලාගාර අතරින් සියයට 69%ක්‌ පමණ ඇත්තේ මේ රටවල ය. ඉන් රුසියාව හැර අනෙක්‌ රටවල් තුන වන බ්‍රසීලය, ඉන්දියාව හා චීනය දියුණුවන රටවල් ය.

මේ අතරින් ඉන්දියාව න්‍යෂ්ටික බලය පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන්නේ එරට පවත්නා බලශක්‌ති අර්බුදය නිසා ය. මෑත කාලයේ එරට ඇති වූ ශීඝ්‍ර වර්ධනය සඳහා එරට විදුලි සැපයුම ප්‍රමාණවත් නො වන බැවින් රටේ ඇතැම් ප්‍රදේශවල පැය කිහිපයක විදුලි කප්පාදුවක්‌ ක්‍රියාත්මක වේ. න්‍යෂ්ටික බලය මීට විසඳුමක්‌ ලෙස සලකන ඉන්දියාවේ ඉලක්‌කය වන්නේ 2050 වර්ෂය වන විට එරට විදුලි සැපයුමෙන් 50%ක්‌ න්‍යෂ්ටික බලයෙන් ලබා ගැනීම ය. (එය මේ වන විට එය 4%ටත් අඩු ය.) එහෙත් මේ පිළිබඳව ඉන්දියාවේ සිවිල් හා පාරිසරික ක්‍රියාකාරීන් අතර පවතින්නේ දැඩි විරෝධයකි. නිදසුනක්‌ ලෙස තමිල්නාඩුවේ ඉදි කෙරෙමින් පවත්නා කූඩාන්කුලම් න්‍යෂ්ටික බලාගාරය දැක්‌විය හැකි ය.

මේ අතර ජපානයේ ඇති වූ අනතුරින් පසුව තාවකාලිකව නවතා දමා තිබූ චීනයේ න්‍යෂ්ටික බලාගාර සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමට අදහස්‌ කර ඇති බව මෑත දී වාර්තා විය. චීනයේ අපේක්‌ෂාව 2020 වර්ෂය වන විට එරට බලශක්‌ති අවශ්‍යතාවෙන් 5%ක්‌ න්‍යෂ්ටික බලයෙන් ලබාගැනීම ය. දැනට එහි න්‍යෂ්ටික බලයෙන් සැපයෙන්නේ 2%ක්‌ පමණි.

කෙසේ වෙතත් දියුණු වන රටවල න්‍යෂ්ටික බලාගාර පිළිබඳව ඒ රටවල බලධාරීන් මෙන්ම සිවිල් හා පාරිසරික ක්‍රියාකාරිකයන් වැඩි වශයෙන් සැලකිලිමත් වීම වැදගත් ය. එයට හේතුව නම්, මේ රටවල යොදාගෙන ඇති තාක්‌ෂණය ඉහළ විය හැකි වුවත්, අනතුරක දී ක්‍රියාත්මක වන ක්‍රියාපටිපාටිය හා න්‍යෂ්ටික ආරක්‌ෂාව පිළිබඳව ගැටලු ඇති නිසා ය. විශේෂයෙන් ජනතාව මෙවැනි අවදානමක්‌ පිළිබඳව දැනුම්වත් කිරීම හා එවැනි අවස්‌ථා සඳහා යම් ක්‍රමානුකූල වැඩපිළිවෙළක්‌ යෙදීම වැදගත් වේ.

ප්‍රමුඛ පුවත
ෆුකුෂිමා ඛේදවාචකයේ ප්‍රතිඵල තවමත්

ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ 2011 වර්ෂයේ දී ඇති වූ න්‍යෂ්ටික අනතුරට හේතු වූ බලාගාරය මේ වන විට වසා දමා ඇතත්, අනතුරෙන් ඇති වූ විකිරණ කාන්දුවේ බලපෑම් තවමත් අවසන් ව නොමැති බව හඟවන අධ්‍යයන වාර්තාවක්‌ පසුගිය දා නිකුත් විය.

එහි දී හෙළි වී ඇති පරිදි ජපානයේ නැඟෙනහිර වෙරළ තීරයේ ෆුකුෂිමා ප්‍රදේශයට ආසන්න ව අල්ලාගන්නා මසුන් ගේ ශරීරවල විකිරණශීලීතාව අධික බැවින් ආහාරයට ගැනීමට නො හැකි තරම් විෂ සහිත වේ. ප්‍රමාණවත්ව දක්‌වන්නේ නම්, ෆුකුෂිමා ප්‍රදේශයෙන් අල්ලාගන්නා මසුන් අතරින් 40%ක්‌ පමණ තවමත් මිනිස්‌ පරිභෝජනය සඳහා යෝග්‍ය නො වේ. මේ තත්ත්වයට වැඩි වශයෙන් ලක්‌ ව ඇත්තේ විශාල මසුන් හා පත්ලේ වාසය කරන ජීවීන් ය.

මසුන් ගේ ශරීර පටකවල සීසියම් සමස්‌ථානික වැඩි කාලයක්‌ නො පවතින බව දක්‌වන අදාළ වාර්තාව, ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුරෙන් වසර එක හමාරක පමණ කාලයකට පසුව වුවත් විකිරණශීලී ද්‍රව්‍ය තවමත් පරිසරයට එක්‌වන බව පවසයි. අදාළ බලාගාරයෙන් මේ වන විට විකිරණ පරිසරයට නිකුත් නො වන්නේ නම් එසේ සිදු වන්නේ කෙසේ ද? මේ පිළිබඳව දක්‌වා ඇති හේතු අනුව විෂ සහිත භූගත ජලය අදාළ ප්‍රදේශයේ සිට තවමත් සාගරයට එක්‌ වීම හෝ මුහුදේ තැන්පත් ව ඇති අවසාදිතවල තිබෙන විකිරණශීලී බව මීට හේතු විය හැකි ය.

කෙසේ වෙතත් මේ අනුව පෙනෙන්නේ ඇතැම් විට තවත් දශකයක්‌ පමණ කාලයක්‌ යනතුරු මේ ප්‍රදේශයේ මසුන් ආහාරයට ගැනීමට යෝග්‍ය නො වන බව ය. එසේ ම මේ තත්ත්වය නිසා අදාළ ප්‍රදේශය වසර හෝ දශක ගණනාවක්‌ නිරීක්‌ෂණය කිරීමට ද සිදු විය හැකි ය. මෙය වැදගත් වන්නේ ජපාන වැසියන් ගේ ආහාර වේලෙහි මත්ස්‍ය ආහාරවලට වැදගත් තැනක්‌ හිමි වන නිසා ය. (මූලාශ්‍රය Science,DOI: 10.1126/science.1228250)

පුවත් සැකෙවින්
හයිනාවන් හා මිනිසුන් අතර අපූරු 'සහජීවනය'

හයිනා ගහනයක්‌ හා මිනිසුන් අතර ගැටුම්වලින් තොර පැවැත්මක්‌ තිබිය හැකි බව උතුරු ඉතියෝපියාවේ සිදු කළ අධ්‍යයනයකින් පෙන්වා දී ඇත. එහි දී හෙළි වී ඇති ආකාරයට, අවධානයට ලක්‌ වූ තිත් සහිත හයිනා ගහනයක (Crocuta crocuta) ආහාරයෙන් 99%ක්‌ පමණ ගවයන්, බැටළුවන්, එළුවන් හා බූරුවන් වැනි ගෘහාශ්‍රිතකරණය කරන ලද සතුන් විය. එහෙත් එය මිනිසුන්ට බලපෑමක්‌ කර නොමැත. හයිනාවන් විලෝපික හා කුණප භක්‌ෂකයන් වන නිසා එය එක්‌තරා ආකාරයකට වැදගත් තැනක්‌ ගනියි.

උක්‌ත අධ්‍යයනයට පාදක වූ ප්‍රදේශය කෘෂිකර්මයට යොදාගැනීම නිසා හායනයට පත් ප්‍රදේශයකි. හයිනා සතුන් ගේ ස්‌වාභාවික ගොදුරු එහි හමු නො වන නිසා ඔවුන් මානව පරිසරයේ දැකිය හැකි ආහාර සඳහා යොමු වීම සිදු වන්නකි. ඇතැම් විට මේ සතුන් ආහාරයට ගන්නේ මිය ගිය සතුන් වන අතර වසර පහක්‌ ඇතුළත හයිනාවන් විසින් මරා දමනු ලැබ ඇත්තේ සතුන් දෙ සියයක්‌ පමණ ප්‍රමාණයකි. ඒ ප්‍රමාණය ප්‍රදේශවාසීන්ට ගැටලුවක්‌ වී නොමැත.

මෙය එක්‌තරා ආකාරයට අෙන්‍යාන්‍ය සහජීවනයකි. මිනිසුන් බැහැර ලන අපද්‍රව්‍යවලින් හයිනා සතුන්ට ප්‍රයෝජන ලැබෙන අතර, ඔවුන් අපද්‍රව්‍ය ඉවත් කිරීම නිසා මිනිසුන්ට ද ප්‍රයෝජනයක්‌ සැලසේ. (මූලාශ්‍රය: Mammalian Biology,DOI: 10.1016j.mambio.2012.09.001)

ප්‍රවේණික අවදානමක ඇති දුර්ලභ ම බල්ලන්
ලෝකයේ දුර්ලභ ම සුනඛ විශේෂය සේ සැලකෙන ඉතියෝපියානු වෘකයන් (Canis simensis) නම් සුනඛ විශේෂය ප්‍රවේණික වශයෙන් අවදානම් තත්ත්වයක පසු වන බව පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. ඉතියෝපියාවේ කඳුකර ප්‍රදේශවල හුදකලා ගහන ලෙස වාසය කරන මේ විශේෂයේ සතුන් ඇත්තේ පන් සියයකට අඩු ප්‍රමාණයකි. අන්තරාදායක තත්ත්වයේ සිටින මේ සතුන් ගේ ජාන විවිධත්වය, ගහන ව්‍යුහය හා ජාන ගලනය පිළිබඳ සිදු කර ඇති මේ අධ්‍යයනයේ දී ගහන අතර ඇති වන ප්‍රවේණික ගලනය (gene flow) අඩු බව හෙළි වී ඇත.

සාමාන්‍යයෙන් මේ සතුන් ගේ ජාන විවිධත්වය සාපේක්‌ෂව ඉහළ ය. එහෙත් වර්තමානයේ සිදු ව ඇති හුදකලා වීම නිසා එය අඩු වී යා හැකි ය. මේ නිසා රෝගයක්‌ හෝ වාසස්‌ථාන විනාශ වීම හෝ නිසා මේ විශේෂයේ සුනඛයින් වඳ වීමේ දැඩි අවදානමක්‌ පවතී. මේ තර්ජන අදටත් මේ සත්ත්ව විශේෂයට ඇති තර්ජන වේ. මේ අනුව ඔවුන් ආරක්‌ෂා කරගැනීමට කඩිනම් පියවරක්‌ ගත යුතු බව පෙන්වා දී තිබේ. (මූලාශ්‍රයAnimal Conservation,DOI: 10.1111/j.1469-1795.2012.00591.)

ලෝක බලශක්‌ති සංසද සමුළුව

ජගත් පරිසර විමසුම 146 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-10-24, පි. 11
http://www.vidusara.com/2012/10/24/feature3.html


විමසුම - හයිද්‍රාබාද් ජෛව විවිධත්ව සමුළුවේ ප්‍රතිඵල ප්‍රමාණවත් ද?
පුවත් සැකෙවින් - ජෛව ඉන්ධනවල පාරිසරික බලපෑම් අවම කිරීමේ යෝජනාවක්‌/ දකුණු අප්‍රිකාවේ රයිනෝ මරණ වාර්තාගතයි‌/ බ්‍රිතාන්‍යයේ අක්‍රමවත් ම කාලගුණය මේ වර්ෂයේ


විමසුම
හයිද්‍රාබාද් ජෛව විවිධත්ව සමුළුවේ ප්‍රතිඵල ප්‍රමාණවත් ද?

ජෛවවිවිධත්ව සම්මුතියේ පාර්ශ්වකරුවන් ගේ එකොළොස්‌වැනි රැස්‌වීම (COP 11) ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ දී පසුගිය සෙනසුරාදා අලුයම අවසන් විය. මේ සම්මුතිය සඳහා ලෝකයේ රටවල් වැඩි ගණනක සහයෝගයක්‌ ලැබෙන සම්මුතියක්‌ වන අතර මේ සමුළුවේ එකඟතා ලෝකයේ ජෛවවිවිධත්ව සංරක්‌ෂණය සම්බන්ධව සෘජුව බලපාන බව පැහැදිලි ය. කෙසේ වෙතත්, දෙසතියක්‌ පුරා පැවැති සමුළුවේ යම් යම් අංශ පිළිබඳව අදාළ පාර්ශ්ව අතර ඇති වෙනස්‌කම් පැහැදිලිව ප්‍රදර්ශනය විය. අවසානයේ දී දික්‌ගැසුණු සාකච්ඡාවලින් ද පසුව හයිද්‍රාබාද් සමුළුවේ දී යම් යම් කරුණු සම්බන්ධව සාධනීය වර්ධනයක්‌ ඇති වී ඇති අතර විවිධ අංශ ගැන තීරණ ගණනාවක්‌ ගෙන ඇත. එහෙත් ලෝකයේ ජෛවවිවිධත්වය ආරක්‌ෂා කිරීමට හා 2020 දී සපුරාගැනීමට අදහස්‌ කරන අයිචි ඉලක්‌ක අත්පත් කරගැනීමට එය ප්‍රමාණවත් ද යන ගැටලුව අප ඉදිරියේ ඉතිරි ව ඇත. මේ ක්‍රියාවලියේ පැහැදිලි ප්‍රමාදයක්‌ දැකිය හැකි ය. හයිද්‍රාබාද් සමුළුවේ දී පැහැදිලි වර්ධනයක්‌ දැකිය හැකි වූ ප්‍රධාන අංශ කිහිපයක්‌ ගැන සලකා බැලීමෙන් ඒ බව පැහැදිලි වේ.

වර්ධනයක්‌ ඇති වූ අංශ

හයිද්‍රාබාද් සමුළුවේ දී සමස්‌තයක්‌ ලෙස විවිධ අංශ පිළිබඳව තීරණ 33කට එළැඹී ඇත. මේ අතර වැදගත් වන තීරණ අතර - අවම වශයෙන් රටවල් අතරින් 75%ක ජාතික ප්‍රමුඛතා හෝ සංවර්ධන න්‍යාය පත්‍රයට ජෛවවිවිධත්ව සංරක්‌ෂණය ඇතුළත් කිරීම, දේශගුණ වෙනස්‌ වීමෙන් ඇති වන බලපෑම් පිළිබඳව අදාළ ආයතන අතර සහයෝගයෙන් ක්‍රියා කිරීම, ආරක්‌ෂිත ප්‍රදේශ පිළිබඳ ඉලක්‌ක, සාගර පරිසර පද්ධති පිළිබඳ කරුණු, පරිසර පද්ධති ප්‍රතිස්‌ථාපනය, ජෛව සම්පත් තිරසර ලෙස භාවිත කිරීම, වන හායනයෙන් සිදු වන වායු විමෝචන අඩු කිරීමේ යාන්ත්‍රණය (REDD+) වැනි අංශ ඇතුළත් වේ. කෙසේ වෙතත් හයිද්‍රාබාද්හි දී එකඟ වූ තීරණ අතරින් ඇතැම් තීරණ ප්‍රමාණාත්මක ඉලක්‌ක ඇතුළත් නො වන ඒවා බව පැහැදිලි ය. එවැනි තීරණ ක්‍රියාත්මක කිරීම ද බොහෝ විට ස්‌වෙච්ඡාවෙන් සිදු වන අතර ඉන් ජෛවවිවිධත්ව සංරක්‌ෂණය සඳහා ලැබෙන ප්‍රයෝජනය, අදාළ පාර්ශ්ව ඒ ගැන දක්‌වන උනන්දුව හා කැපවීම මත තීරණය වේ.

සාගර ජෛවවිවිධත්වය හා එහි ආරක්‌ෂාව හයිද්‍රාබාද් සමුළුවේ දී වර්ධනයක්‌ ඇති වූ අංශයකි. සාගරයේ දැකිය හැකි පාරිසරික හා ජෛව විද්‍යාත්මක වශයෙන් වැදගත් ප්‍රදේශ (ecologically and biologically signigicant areas - EBSAs) පිළිබඳ වාර්තා එක්‌සත් ජාතීන් ගේ මහා මණ්‌ඩලය වෙත යෑවීමට එහි දී එකඟ විය. එවැනි ප්‍රදේශ රැසක්‌ ම රටවලට අයත් මුහුදු සීමාවෙන් පිටත ජාත්‍යන්තර මුහුදේ පිහිටා ඇති බැවින් මෙය වැදගත් වේ. ඉදිරියේ දී සාගර සංරක්‌ෂණය පිළිබඳව පියවරක්‌ ගැනීමට අවස්‌ථාවක්‌ ලැබේ. එසේම සාගර හා වෙරළබඩ ප්‍රදේශවල සංවර්ධන කටයුතු පිළිබඳ පරිසර බලපෑම් තක්‌සේරු වාර්තාවල දී ජෛවවිවිධත්වය සම්බන්ධව සැලකිල්ලට ගත යුතු කරුණු පිළිබඳව ද වැදගත් තීරණ ගෙන තිබේ. එසේම සාගරයේ ඇති වන ශබ්දවලින් ජෛවවිවිධත්වයට ඇති වන බලපෑම් පිළිබඳව තවදුරටත් පර්යේෂණ පැවැත්වීමටත්, සාගරයට එක්‌ වන අපද්‍රව්‍ය පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කිරීමටත් එකඟ වී ඇත.

මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් ද?

ජෛවවිවිධත්වය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැපයීම මේ සමුළුවේ දී වැඩි අවධානයකට ලක්‌ වූ අංශයකි. 'හයිද්‍රාබාද් මඟ සිතියම' (Hyderabad Roadmap) නමින් ද හඳුන්වා දී ඇති එකඟතාව යටතේ, 2015 වන විට ජෛවවිවිධත්ව සංරක්‌ෂණය සඳහා දියුණු රටවල් විසින් ලබා දෙනු ලබන ජාත්‍යන්තර ප්‍රතිපාදන දෙගුණයක්‌ කිරීමට එකඟ වී ඇත. මේ අනුව අතිරේක වශයෙන් ඩොලර් බිලියන 5ක්‌ පමණ ලැබෙන අතර සමස්‌තයක්‌ ලෙස ලැබෙන අරමුදල් ප්‍රමාණය වාර්ෂිකව බිලියන 10ක්‌ පමණ වනු ඇත. (එය ගණන් බැලීමට නියමිත ව ඇත්තේ 2006-2010 අතර ලබා දී ඇති අරමුදල්වල සාමාන්‍යය මත ය). මේ ප්‍රමාණය 2020 දක්‌වා පවත්වා ගැනීමට ද නියමිත ය. මේ මුදලින් දියුණු වන රටවල සංරක්‌ෂණ කටයුතු සඳහා ආධාර ලැබේ. ඒ ඒ රටවල ජෛවවිවිධත්වය සඳහා අදාළ රටවල් විසින් වැය කෙරෙන මුදල් ප්‍රමාණය පිළිබඳව ඇති වූ පොදු එකඟතාව අනුව, සැම රටක්‌ ම ජෛවවිවිධත්වය සඳහා වැය කරන අරමුදල් ප්‍රමාණය සැලකිය යුතු තරමින් ඉහළ නැංවීමට එකඟ විය. මේ පිළිබඳව 2014 වර්ෂයේ දී සමාලෝචනයට ලක්‌ කිරීමට නියමිත ය.

ඉදිරි වර්ෂ දෙකක කාලය තුළ සම්මුතියේ සභාපතිත්වය හිමි ව ඇති ඉන්දියාවේ අගමැතිවරයා මේ සමුළුව අමතමින් පොරොන්දු වූයේ ජෛවවිවිධත්වය ආරක්‌ෂා කිරීම සඳහා ඩොලර් මිලියන 50ක ප්‍රතිපාදන සැපයීමට ය. 'ජෛව විවිධත්ව ජයග්‍රාහකයන් සඳහා වූ හයිද්‍රාබාද් කැඳවුම් (Hyderabad Call for Biodiversity Champions) යටතේ ඒ ප්‍රතිපාදන ඉන්දියාව තුළ මෙන්ම ජාත්‍යන්තර ආයතනික අවශ්‍යතා සඳහා ද යෙදවීමට අපේක්‌ෂිත බව පෙනේ.

ආර්ථික අර්බුදයක්‌ ඇති කාලයක මේ තත්ත්වය ජෛවවිවිධත්වය ආරක්‌ෂා කිරීමට රටවල් දක්‌වන කැප වීම පෙන්වන කරුණක්‌ සේ ගත හැකි බව සම්මුතියේ ලේකම්වරයා පවසා ඇත. කෙසේ වෙතත් මේ ප්‍රතිපාදන ප්‍රමාණවත් ද යන්න නම් ගැටලුවකි. නිදසුනක්‌ ලෙස ගත හොත් අප පසුගිය සතියේ විස්‌තර කළ Science සඟරාවේ පළ වූ පර්යේෂණ වාර්තාව අනුව තර්ජනයට ලක්‌ ව ඇති ජීවී විශේෂ ආරක්‌ෂා කරගැනීමට හා ආරක්‌ෂිත ප්‍රදේශ ජාලය පවත්වා ගැනීමට වාර්ෂිකව ඩොලර් බිලියන 76.1ක්‌ පමණ අවශ්‍ය වේ. එහෙත් මේ වන විට ලැබී ඇති අරමුදල් ප්‍රමාණය අනුව ජෛවවිවිධත්වය පිළිබඳ 2020 ඉලක්‌ක අත්පත් කරගැනීමට තවත් බොහෝ වෙහෙස විය යුතු ය. අනෙක්‌ අතට වාර්ෂිකව අවශ්‍ය මුදල් ප්‍රමාණය පිළිබඳව මීට වඩා වෙනස්‌ අගයයන් ද ඇති බව අප අමතක නො කළ යුතු ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, WWF ආනතනය පවසන පරිදි වර්ෂයකට ඩොලර් මිලියන 200ක්‌ පමණ අවශ්‍ය වේ.

පුවත් සැකෙවින්
ජෛව ඉන්ධනවල පාරිසරික බලපෑම් අවම කිරීමේ යෝජනාවක්‌

පරිසර හිතකාමී ඉන්ධනයක්‌ ලෙස ප්‍රචලිත ජෛව ඉන්ධන, බලශක්‌ති අර්බුදය සඳහා පිළියමක්‌ ද වේ. පුනර්ජනනය කළ හැකි බලශක්‌ති ප්‍රභවයක්‌ වන නිසා බොහෝ රටවල අවධානය ජෛව ඉන්ධන වෙත යොමු වී ඇත. එහෙත්, ඉන් ඇති විය හැකි පාරිසරික හා වෙනත් බලපෑම් පිළිබඳව හෙළිදරව් වී ඇති කරුණු නිසා ජෛව ඉන්ධනවල සමස්‌ත පරිසර බලපෑම පිළිබඳව දැඩි සැලකිල්ලක්‌ ඇති වී තිබේ.

මේ පිළිබඳව සැලකිලිමත් වූ යුරෝපා කොමිසම ජෛව ඉන්ධනවල දේශගුණ බලපෑම් අවම කිරීම සඳහා වූ යෝජනා කිහිපයක්‌ පසුගිය දා ඉදිරිපත් කළේ ය. එහි අරමුණු වන්නේ ජෛව ඉන්ධන සඳහා ඇති ඉල්ලුම ඉහළ යැමෙන් ස්‌වාභාවික පරිසර පද්ධතිවල වෙනස්‌ වීම් ඇති වීම වැළැක්‌වීම හා ඒ නිසා ඇති විය හැකි හරිතාගාර වායු විමෝචන අඩු කිරීමයි. ජෛව ඉන්ධන වඩා තිරසර ලෙස භාවිත කිරීම, හරිතාගාර වායු විමෝචන පාලනය කිරීම, කෘෂි බිම් යොදාගැනීම හා ලෝක ආහාර නිෂ්පාදනයට ගැටලු ඇති වීම වැළැක්‌වීම මේ යෝජනාවලියෙන් අපේක්‌ෂා කෙරේ.

ඉදිරිපත් ව ඇති යෝජනා අතර, 2020 වන විට යුරෝපයේ ප්‍රවාහන ක්‌ෂේත්‍රයේ පුනර්ජනනය කළ හැකි ඉන්ධන දායකත්වයේ ඉලක්‌කය වන 10%ක ප්‍රමාණයෙන් ආහාර භෝග පාදක කරගත් ජෛව ඉන්ධනවල දායකත්වය 5%ක මට්‌ටමේ පවත්වාගැනීම එක්‌ යෝජනාවකි. ජෛව ඉන්ධන මගින් සිදු වන හරිතාගාර වායු විමෝචන බලපෑම ගණනය කිරීමේ දී වක්‍ර ව සිදු වන භූමි භාවිතයේ වෙනස්‌කම් (indirect land use change) ඇතුළත් කිරීම තවත් යෝජනාවකි. එසේ ම මෙවැනි විමෝචන නොමැති හෝ අවම වූ නව ජෛව ඉන්ධන ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සහන හා ප්‍රවර්ධක සපයා දීම තවත් යෝජනාවකි.

පොදුවේ ගත් විට යුරෝපා කොමිසම ඉදිරිපත් කර ඇති යෝජනා මගින් සාම්ප්‍රදායික ජෛව ඉන්ධනවලට වඩා නව පරම්පරාවක ජෛව ඉන්ධන ප්‍රවර්ධනය සඳහා වැඩි අවස්‌ථාවක්‌ ලැබී ඇත. මේ දෙවැනි හා තුන්වැනි පරම්පරාවල ජෛව ඉන්ධන වඩා පරිසර හිතකාමී වේ. නිදසුනක්‌ ලෙස කෘෂි අපද්‍රව්‍ය, පිදුරු හා ඇල්ගා යොදාගනිමින් නිපදවන ජෛව ඉන්ධන දැක්‌විය හැකි ය. කෙසේ වෙතත් මේ යෝජනා ක්‍රියාත්මක වීම සඳහා පුනර්ජනනය කළ හැකි බලශක්‌තිය පිළිබඳ හා ඉන්ධනවල ගුණාත්මකභාවය පිළිබඳ යුරෝපා නීති සංශෝධනය කළ යුතු වේ.

දකුණු අප්‍රිකාවේ රයිනෝ මරණ වාර්තාගතයි

අප්‍රිකාවේ වැඩි ම රයිනෝ ගහනය දැකිය හැකි දකුණු අප්‍රිකාවේ මෑත කාලයේ සිදු වී ඇති වැඩි ම රයිනෝසිරස්‌ ඝාතන ප්‍රමාණය මේ වර්ෂයේ දී වාර්තා වී තිබේ. වාර්තාවලට අනුව පසුගිය සතිය වන විම මේ මරණ ගණන 455ක්‌ පමණ වේ. මේ අතරින් වැඩි ම සතුන් ප්‍රමාණයක්‌ මරා දමා ඇත්තේ කෘගර් ජාතික වනොද්‍යානය තුළ වීම විශේෂිත ය. 2007 වර්ෂයේ දී 13ක්‌ දක්‌වා අඩු වූ රයිනෝ මරා දැමීම් ප්‍රමාණය 2011 වර්ෂයේ දී 448 දක්‌වා ඉහළ ගොස්‌ ඇත.

මේ සඳහා හේතු වී ඇත්තේ සාම්ප්‍රදායික ඖෂධ නිෂ්පාදනය සඳහා රයිනෝ සතුන් ගේ අං යොදාගැනීම ය. එය සිදු වන්නේ චීනය හා කලාපයේ වෙනත් රටවල ය. මෑත කාලයේ දී මේ තත්ත්වය ඉහළ ගොස්‌ ඇති බවක්‌ පෙනේ. ඊට එක්‌ හේතුවක්‌ වන්නේ චීනය හා වියට්‌නාමය වැනි රටවල ආර්ථිකයේ ඇති වී තිබෙන ශීඝ්‍ර ආර්ථික වර්ධනයයි.

බ්‍රිතාන්‍යයේ අක්‍රමවත් ම කාලගුණය මේ වර්ෂයේ


මේ වර්ෂයේ දී බ්‍රිතාන්‍යයේ පැවැති කාලගුණය එරට කාලගුණ වාර්තා අතර වඩාත් අක්‍රමවත් කාලගුණ තත්ත්වයක්‌ බව පසුගිය සතියේ දී වාර්තා විය. ඒ අනුව වසර සියයක කාලයක්‌ ඇතුළත, එරට පැවැති වියළිතම වසන්තය මේ වර්ෂයේ පැවැති අතර ඉන් පසු ගත වූ අප්‍රේල්-ජුනි අතර කාලය අධිකතම වැසි සහිත කාලය විය. මෙවැනි විචල්‍යතාවක්‌ එතෙක්‌ මෙතෙක්‌ වාර්තා වී නොමැති නිසා එය යම් සුවිශේෂී බවක්‌ ගනියි. මේ නිසා නියඟය හා ගංවතුර වැනි තත්ත්ව සඳහා සැලසුම් කළ යුතු බවට එරට ක්‍රියාත්මක ආයතන තුනක්‌ අනතුරු හැඟවීමක්‌ සිදු කර තිබේ.

http://www.vidusara.com/2012/10/24/feature3.html

ජගත් පරිසර විමසුම 145 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-10-17, පි. 11
http://www.vidusara.com/2012/10/17/feature3.html


විමසුම - ජෛවවිවිධත්ව සංරක්‌ෂණය වෙනුවෙන් කැප වුණු හයිද්‍රාබාද් සමුළුව
පුවත් සැකෙවින් - පිරිසිදු බලශක්‌තියේ නව ප්‍රවණතා/ වායු විමෝචන කපා හැරීමට උපකාරී වන ක්‍රමවේදයක්‌/ නීති විරෝධී මසුන් ඇල්ලීමෙන් මුල්තැන කාටද?


විමසුම
ජෛවවිවිධත්ව සංරක්‌ෂණය වෙනුවෙන් කැප වුණු හයිද්‍රාබාද් සමුළුව



මේ වන විට ජෛවවිවිධත්ව සම්මුතියේ පාර්ශ්වකරුවන් ගේ රැස්‌වීම ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ දී හයිටෙක්‌ සිටිහි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙමින් තිබේ. මේ පිළිබඳ පසුබිම හා ඒ පිළිබඳ මූලික කරුණු අප මේ තීරය ඔස්‌සේ මින් ඉහත සාකච්ඡා කළෙමු. මෙය ලෝක ජෛවවිවිධත්වය පිළිබඳ තත්ත්වය ඇගැයීම සඳහා පැවැත්වෙන ප්‍රධානතම සමුළුව වේ. විශේෂයෙන් ලෝකයේ ජෛවවිවිධත්වය අද වන විට මුහුණ දී ඇත්තේ බරපතළ තර්ජනයකට බව පැහැදිලි ය. ලෝකයේ ජෛවවිවිධත්වය ආරක්‌ෂා කරගැනීම සඳහා ලෝකය අනුගමනය කරන ප්‍රධානතම වැඩපිළිවෙළ වන්නේ 2010 වර්ෂයේ දී නගෝයාහි දී අනුමත කරන ලද අයිචි ජෛවවිවිධත්ව ඉලක්‌කයි. ඊට අනුව 2020 වර්ෂය වන විට අත්පත් කරගත යුතු ඉලක්‌ක විස්‌සක්‌ තිබේ. මේ පිළිබඳව සාකච්ඡාවට ලක්‌ වන පළමු පාර්ශ්වකරුවන් ගේ රැස්‌වීම හයිද්‍රාබාද් සමුළුව වේ.

මේ බව බොහෝ රටවල හා ආයතනවල නියෝජිතයන් අවබෝධ කරගෙන තිබූ බව පෙනෙන්නට තිබිණි. ඉන්දියාවේ පරිසර අමාත්‍යවරිය වන ජයන්ති නටරාජන් මේ සමුළුවේ සභාපතිත්වයට පත් වූ අතර ඇය සිය කතාවේ දී ප්‍රකාශ කළේ, නගෝයා රැස්‌වීමේ ප්‍රතිඵල ඉදිරියට ගෙන යැම සඳහා කටයුතු කිරීමේ ඇති වැදගත්කමයි. එසේ ම ජෛවවිවිධත්ව සංරක්‌ෂණය සඳහා අරමුදල් සපයාගැනීමේ ඉලක්‌ක පිළිබඳව යම් එකඟතාවක්‌ ඇති කරගැනීමේ අවශ්‍යතාව ඇය අවධාරණයට ලක්‌ කළා ය. තවදුරටත් අදහස්‌ දක්‌වමින් ඇය, දිළිඳු රටවල් තම රටේ දුප්පත්කම දුරලීම හා පාරිසරික කරුණු අතර යම් තුලනයක්‌ පවත්වා ගැනීමට ඇති අවශ්‍යතාව පිළිබඳව ද අදහස්‌ පළ කළා ය.

මේ අතර සමුළුවේ ආරම්භක සැසිවාරයේ දී අදහස්‌ දැක්‌වූ ජෛවවිවිධත්ව සම්මුතියේ මහලේකම් බ්‍රව්ලියෝ ෙµරෙයිරා ද සූසා පහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පැවසී ය. අයිචි ජෛවවිවිධත්ව ඉලක්‌ක ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය නිරීක්‌ෂණය කිරීම, ජෛවවිවිධත්ව සම්මුතිය හා එහි සන්ධාන අතර ඇති සම්බන්ධතා දියුණු කිරීමේ ඇති වැදගත්කම, ධාරිතා වර්ධනය කිරීමේ ඇති වැදගත්කම වැනි කරුණු මේ අතර විය.

සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකා

මේ දක්‌වා පැවැති සාකච්ඡාවල දී ඇතැම් කරුණු පිළිබඳව සැලකිය යුතු අවධානයක්‌ ඇති වී තිබේ. විශේෂයෙන් අයිචි ජෛවවිවිධත්ව ඉලක්‌ක වටා ගොනු වී ඇති මේ සාකච්ඡාවල දී තර්ජනයට ලක්‌ ව ඇති විශේෂ ආරක්‌ෂා කරගැනීම, ආරක්‌ෂිත ප්‍රදේශ, දේශගුණ වෙනස්‌ වීම හා වෙනත් සාධක, කෘෂි ජෛවවිවිධත්වය, ස්‌වදේශික හා ප්‍රාදේශීය ජනතාව ගේ අයිතීන් මෙන්ම ජානමය සම්පත් සඳහා ප්‍රවේශය හා ප්‍රතිලාභ බෙදාගැනීම පිළිබඳ නගෝයා සන්ධානය හා ඒ ආශ්‍රිත කරුණු කෙරේ වැඩි අවධානයක්‌ යොමු වී ඇත. මේ පිළිබඳව ප්‍රධාන සමුළුවේ දී මෙන්ම සමුළුවට සමගාමීව වෙනත් සංවිධාන හා ආයතන මගින් සංවිධානය කර ඇති රැස්‌වීම්වල ද සාකච්ඡාවට ලක්‌ වෙමින් පවතී. එසේ ම වෙනත් ආයතන විසින් පවත්වනු ලබන සාකච්ඡාවල දී සාකච්ඡාවට ලක්‌ වන කරුණුවල අධ්‍යාපනික අතින් විශේෂ වැදගත්කමක්‌ ඇත. මෙහි දී අනාවරණය වන දත්ත හා තොරතුරු බොහෝ වන අතර ඒ අනුව පෙනෙන්නට ඇත්තේ ලෝකයේ ජෛවවිවිධත්වය සංරක්‌ෂණය සඳහා ඇති අභියෝග බෙහෙවින් බරපතළ තත්ත්වයේ ඒවා බව ය.

මේ සාකච්ඡාවල දී ඇති කරගන්නා එකඟතා සහ ඒවායේ නියම ප්‍රතිඵල අපට දැකිය හැකි වන්නේ 16 දා සිට 19 දා දක්‌වා පැවැත්වෙන ඉහළ මට්‌ටමේ රැස්‌වීමේ දී ය. ඊට ජෛවවිවිධත්ව සම්මුතියේ පාර්ශ්වකරුවන් වන රටවල පරිසර අමාත්‍යවරුන් හා ඉහළ මට්‌ටමේ නිලධාරීන් සහභාගි වන අතර, තවත් රටවල් ගණනාවක නායකයන් ද මේ රැස්‌වීමට සහභාගි වනු ඇතැයි අපේක්‌ෂිත ය. සමුළුව 19 වැනි දින අවසන් වීමට නියමිත ය. මීට සම්බන්ධ ව සිටින රාජ්‍ය මට්‌ටමේ මෙන්ම රාජ්‍ය නො වන ක්‍රියාකාරීන් ගේ ද අපේක්‌ෂාව සමුළුවේ දී කිසියම් වැදගත් වර්ධනයක්‌ සිදු වනු ඇතැයි දැකීම ය. පහත විස්‌තර කරන ජෛවවිවිධත්වය සංරක්‌ෂණය සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය පිළිබඳ අධ්‍යයන වාර්තාව මෙහි ඇති අභියෝගයේ තරම පෙන්වා දෙයි. එය ජෛවවිවිධත්වය පිළිබඳ සාකච්ඡාවල දී අවධානය යොමු ව ඇති ප්‍රධානතම අංශයක්‌ ද වේ.

ජෛවවිවිධත්වය රැකගැනීමට වසරකට ඩොලර් බිලියන 76ක්‌

ඉන්දියාවේ ජෛවවිවිධත්ව සමුළුව පැවැත්වෙන අතර පසුගිය සතියේ දී ප්‍රකාශයට පත් වූ පර්යේෂණ වාර්තාවකින් ජෛවවිවිධත්වය රැකගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන ප්‍රමාණය පෙන්වා දී තිබේ. එහි දී 2020 වර්ෂය වන විට අත්පත් කරගැනීමට අපේක්‌ෂා කරන ජෛවවිවිධත්ව ඉලක්‌ක අතරින්, වඳ වීමේ තර්ජනයට ලක්‌ ව ඇති ජීවීන් ආරක්‌ෂා කර ගැනීම සහ ආරක්‌ෂිත ප්‍රදේශ පවත්වා ගැනීම සඳහා යන වියදම ගණනය කර තිබේ. මෙහි දී අවධානය යොමු ව ඇත්තේ භෞමික පරිසර පද්ධති හා අභ්‍යන්තර ජලාශ ආශ්‍රිත පරිසර පද්ධති පිළිබඳව වන අතර පක්‌ෂි සංරක්‌ෂණය සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කර ඇත. ජෛවවිවිධත්ව සංරක්‌ෂණය සඳහා අවශ්‍ය නිශ්චිත මුදල ගැන පැවැති අපැහැදිලිතාව නිරාකරණය කර ගැනීමට මේ අධ්‍යයනයෙන් යම් ප්‍රයෝජනයක්‌ ලැබී ඇත.

අධ්‍යයනයෙන් අනාවරණය වන තොරතුරු අනුව තර්ජනයට ලක්‌ ව ඇති ජීවී විශේෂ ආරක්‌ෂා කරගැනීම සඳහා පමණක්‌ එක්‌ වර්ෂයක්‌ සඳහා ඩොලර් බිලියන 3.41ත් 4.76ත් අතර මුදලක්‌ අවශ්‍ය වේ. එහෙත් ආරක්‌ෂිත ප්‍රදේශ ජාලයක්‌ ඇති කිරීමට හා පවත්වාගැනීම සඳහා ද අධික වියදමක්‌ වැය වේ. මේ අවශ්‍යතා දෙක ම සඳහා වැය වන මුදල ඩොලර් බිලියන 76.1ක්‌ පමණ තරම් ය. කෙසේ වෙතත් මේ මුදල අදාළ කාර්යය සඳහා වර්තමානයේ දී වැය කරන මුදල මෙන් දස ගුණයක්‌ පමණ වන නිසා එය විශාල මුදලක්‌ සේ පෙනී යා හැකි වුවත් එය ලෝකය මද්‍යසාර නො වන පාන වර්ග සඳහා වැය කරන මුදලෙන් පහෙන් පංගුවක්‌ තරම් අඩු ප්‍රමාණයකි. එසේ ම එය වාර්ෂිකව ලෝකයට අහිමි වන පරිසර පද්ධතිවල වටිනාකමින් සියයට 1ක්‌ තරම් අඩු ය.

කෙසේ වෙතත් තර්ජනයකට ලක්‌ ව ඇති ඇතැම් විශේෂ ආරක්‌ෂා කරගැනීම සඳහා වැය කළ යුතු වන්නේ සාපේක්‌ෂව අඩු මුදලකි. නිදසුනක්‌ ලෙස සීමිත ප්‍රදේශයක ජීවත් වන ජීවීන් සංරක්‌ෂණය මේ සඳහා නිදසුනක්‌ සේ දැක්‌විය හැකි ය. එවැනි ස්‌ථාන ආරක්‌ෂා කිරීමට දැරිය යුතු වැය මෙන්ම ප්‍රයත්නය ද සාපේක්‌ෂව අඩු වන නමුත් ඉන් ලබාගත හැකි ප්‍රතිඵල සාපේක්‌ෂව ඉහළ ය. (මූලාශ්‍රයScience,DOI: 10.1126/science.1229803)


පුවත් සැකෙවින්
පිරිසිදු බලශක්‌තියේ නව ප්‍රවණතා

පුනර්ජනනය කළ හැකි බලශක්‌තිය පිළිබඳ අවධානය මෑත කාලයේ දී කිසියම් පසුබෑමකට ලක්‌ ව පැවැති බව අපි මින් ඉහත දී ද පෙන්වා දී ඇත්තෙමු. පාරිසරික සාකච්ඡාවල ඇති වූ පසුබෑම් මෙන්ම ලෝක ආර්ථික අර්බුදය ද ඊට මූලික විය. කෙසේ වෙතත් මෑත කාලයේ දී වාර්තා වූ පුවත්වලට අනුව පුනර්ජනනය කළ හැකි බලශක්‌තියේ කිසියම් වර්ධනයක්‌ ඉදිරියේ දී ඇති විය හැකි බව පෙනේ. පහත සඳහන් පුවත් ඒ සඳහා සාධක සේ දැක්‌විය හැකි ය.

ඔස්‌ටේ්‍රලියාවේ විශාලතම සූර්ය විදුලි බලාගාරය පසුගිය දා සිය විදුලි සැපයුම ආරම්භ කළේ ය. සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය සඳහා ඉතා යෝග්‍ය ප්‍රදේශයක්‌ වන බටහිර ඔස්‌ටේ්‍රලියාවේ ඉදි කර ඇති මේ සූර්ය බලශක්‌ති බලාගාරය, එරට හරිතාගාර වායු විමෝචන පාලනය කිරීමේ උත්සාහයේ වැදගත් ඉදිරි පියවරකි. එරට බලධාරීන් ගේ ඉලක්‌කය වන්නේ 2020 වර්ෂය වන විට රටේ විදුලිබල සැපයුමෙන් සියයට 20ක්‌ පමණ පුනර්ජනනය කළ හැකි විදුලිබලයෙන් ලබාගැනීම ය. එහෙත් ඇතැම් කර්මාන්ත හා පුනර්ජනනය කළ නොහැකි විදුලිබල අංශ මේ ඉලක්‌කය අඩු කිරීම සඳහා ඉල්ලීම් කර තිබේ.

මේ අතර න්‍යෂ්ටික බලයෙන් ක්‍රමිකව ඈත් වීමට තීරණය කර ඇති ජපානයේ අනාගත බලශක්‌ති අවශ්‍යතාව සම්පූර්ණ කිරීමේ දී පුනර්ජනනය කළ හැකි විදුලිබල ප්‍රභව ගැන උනන්දුවක්‌ ඇති නිසා එය පිරිසිදු බලශක්‌තියේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත් විය හැකි බවට යම් යම් පාර්ශ්ව විසින් පෙන්වා දී දැනටමත් ජපාන සමාගම් ගණනාවක්‌ මේ අංශයේ ආයෝජනය කර ඇති නමුත් ඇතැම් අංශවලින් ඉදිරියට යැමේ සීමා ජපානයේ තිබේ.

වායු විමෝචන කපා හැරීමට උපකාරී වන ක්‍රමවේදයක්‌

එක්‌ එක්‌ ගොඩනැඟිලි හා මාර්ගවල, ෆොසිල ඉන්ධන භාවිතයෙන් ජනනය වන කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය නිවැරැදිව පැවසිය හැකි ක්‍රමවේදයක්‌ සැකසීමට ඇමෙරිකානු පර්යේෂකයෝ පිරිසක්‌ සමත් ව සිටිති. මේ සඳහා පොදු දත්ත සමුදාය, හා රථවාහන ධාවන දත්ත, වායු දූෂණය සම්බන්ධ දත්ත හා බලශක්‌ති පරිභෝජනය හා සම්බන්ධ ආකෘති මගින් අවශ්‍ය දත්ත ලබාගෙන තිබේ. මෙය ඇමෙරිකාවේ විශාල නගරවල යොදාගත හැකි බව පැවසේ.

උක්‌ත ක්‍රමවේදය වැදගත් වන්නේ එය යොදාගනිමින් හරිතාගාර වායු විමෝචන කපාහැරිය හැකි ස්‌ථාන හඳුනාගැනීම සඳහා හැකියාවක්‌ ඇති නිසා ය. එසේ ම එසේ කපාහැරීමෙන් පසුව ඇති වන බලපෑම පිළිබඳව ද මෙමගින් අදහසක්‌ ලබාගත හැකි වීම විශේෂිත ය. මේ ක්‍රමවේදය හෙස්‌ටියා ව්‍යාපෘතිය (Hestia Project) නමින් හැඳින්වේ. (මූලාශ්‍රයEnvironmental Science and Technology, DOI: 10.1021/es3011282)

නීති විරෝධී මසුන් ඇල්ලීමෙන් මුල්තැන කාටද?

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම අතින් ඉහළින් ම පසු වන්නේ බටහිර අප්‍රිකාව බව බ්‍රිතාන්‍යය පදනම් කරගෙන ක්‍රියාත්මක වන පාරිසරික යුක්‌ති පදනම නම් ආයතනය ප්‍රකාශයට පත් කර ඇති වාර්තාවක්‌ හෙළි කරයි. සියෙරා ලියෝන් වැනි රටවල සිදු වන මත්ස්‍ය සම්පත මංකොල්ලකෑම් මීට හේතු වී තිබේ. සාමාන්‍ය ධීවරයන් පළවා හරිමින් මේ මංකොල්ලකරුවෝ ආරක්‌ෂිත සාගර ප්‍රදේශවල පවා කොල්ලකෑම් සිදු කරති. මේ නිසා මත්ස්‍ය සම්පත පමණක්‌ නො ව ධීවර ප්‍රජාව ගේ ජීවනෝපාය ද දැඩි අවදානමකට ලක්‌ වේ.

මේ ආකාරයෙන් මත්ස්‍ය සම්පත මංකොල්ල කෑමෙන් පසු අදාළ මසුන් අපනයනය කරනු ලබන්නේ යුරෝපයට ය. ඒ නිසා ධීවර සම්පත මෙසේ මංකොල්ලකෑම නැවැත්වීම සඳහා යුරෝපා බලධාරීන් කිසියම් පියවරක්‌ ගත යුතු බව මේ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

http://www.vidusara.com/2012/10/17/feature3.html