ධනේෂ් විසුම්පෙරුම
විදුසර (Vidusara), 2012-10-31, පි. 11
http://www.vidusara.com/2012/10/31/feature3.html
විමසුම - කාර්මික රටවලින් ඈත් වන න්‍යෂ්ටික බලය දියුණු වන රටවලට
ප්‍රමුඛ පුවත - ෆුකුෂිමා ඛේදවාචකයේ ප්‍රතිඵල තවමත්
පුවත් සැකෙවින් - හයිනාවන් හා මිනිසුන් අතර අපූරු 'සහජීවනය'/ ප්‍රවේණික අවදානමක ඇති දුර්ලභ ම බල්ලන්/ ලෝක බලශක්‌ති සංසද සමුළුව
විමසුම
කාර්මික රටවලින් ඈත් වන න්‍යෂ්ටික බලය දියුණු වන රටවලට
විදුලිබල ප්‍රභවයක් ලෙස න්‍යෂ්ටික බලය යොදාගැනීම පිළිබඳව ලෝකයේ ඇති අවධානයේ යම් යම් වෙනස්‌වීම් ඇති වීම ආරම්භ වූයේ 2011 වර්ෂයේ මුල් භාගයේ දී ජපානයේ පිහිටා තිබූ ෆුකුෂිමා බලාගාරයේ ඇති වූ අනතුරින් පසුව ය. ඒ නිසා න්‍යෂ්ටික බලය පිළිබඳව ඇති වූ විරෝධයත්, ඊට ලෝකයේ රටවල් දැක්‌වූ ප්‍රතිචාරයත් ඔස්‌සේ න්‍යෂ්ටික බලයේ යම් වර්ධනයක් ඇති විය හැකි බවත් අපි මින් පෙර පරිසර විමසුම ඔස්‌සේ සාකච්ඡා කළෙමු.
මේ වන විට දැකිය හැකි ආකාරයට න්‍යෂ්ටික බලය භාවිතය දියුණු රටවල යම් ප්‍රමාණයකට අඩු වෙමින් ඇතත්, ඇතැම් දියුණු වන රටවල් මේ බලශක්‌ති ප්‍රභවය කෙරෙහි අවධානය යොමු කිරීමට පෙලැඹී ඇති බව මෑත දී ක්‌ෂේත්‍රයේ ඇති වී තිබෙන ප්‍රවණතා අනුව පෙනේ. මේ ඒ පිළිබඳව කරන විමසුමකි.
කාර්මික රටවල් න්‍යෂ්ටික බලයෙන් ඈත් වීම
න්‍යෂ්ටික බලය පිළිබඳව ඇති වූ අවිනිශ්චිත තත්ත්වය හමුවේ දියුණු කාර්මික රටවල් රැසක් ම ක්‌ෂණිකව හෝ ක්‍රමයෙන් ඉන් ඈත් වීමට තීරණය කර ඇත. ජර්මනිය, බෙල්ජියම හා ඉතාලිය මෙවැනි තීරණයක් ගත් පළමු රටවල් අතර වේ. න්‍යෂ්ටික බලයට දැඩි සහයෝගයක් දැක්‌වූ ප්‍රංශයේ නව නායකත්වය ද එරට න්‍යෂ්ටික බල ධාරිතාව අඩු කිරීමට තීරණය කර තිබේ. ජපානය ද 2040 වන විට න්‍යෂ්ටික බලයෙන් විදුලිය ලබාගැනීම අවසන් කිරීමට තීරණය කර ඇත.
මේ අතර න්‍යෂ්ටික බලාගාර තනන සමාගම්වලට ඒ රටවල ආණ්‌ඩුවල සහයෝගය නොමැති වීම නිසා නව බාලාගාර තැනීම ද ගැටලුසහගත වී තිබේ. නිදසුනක් ලෙස බ්‍රිතාන්‍යයේ නව න්‍යෂ්ටික බලාගාර තැනීම අර්බුදයකට ලක් ව ඇත්තේ මෙවැනි හේතුවක් නිසා ය.
න්‍යෂ්ටික බලය පිළිබඳ ඇති මේ අර්බුදය නිසා න්‍යෂ්ටික බලාගාරවල යොදාගන්නා ප්‍රධාන ඉන්ධනය වන යුරේනියම්වල මිල පහළ වැටී තිබේ. 2007 වර්ෂයේ දී ඩොලර් 138ක් වූ යුරේනියම් රාත්තලක මිල මේ වන විට ඩොලර් 44ක් පමණ දක්‌වා අඩු වී ඇත. මේ මිල පහළ යැම නිසා ඇතැම් සමාගම්, යුරේනියම් කැණීම හා නව පතල් ව්‍යාපෘති ආරම්භ කිරීම නවතා දමා ඇත.
කෙසේ වෙතත් බටහිර කාර්මික රටවල න්‍යෂ්ටික බලය පිළිබඳව ඇති උනන්දුව අඩු වෙමින් ඇතත්, දියුණු වන රටවල එය වර්ධනය වෙමින් ඇති බවක් දැකිය හැකි ය. නිදසුනක් ලෙස ඉන්දියාව හා චීනය න්‍යෂ්ටික බලය ගැන උනන්දුවක් දක්‌වයි. මේ සම`ග යුරේනියම් කර්මාන්තය සඳහා යළි යහපත් කාලයක් උදා විය හැකි බව න්‍යෂ්ටික බලශක්‌ති කර්මාන්තයේ යෙදෙන පිsරිස් ද අපේක්‌ෂා කරති.
දියුණු වන රටවල අවධානය
න්‍යෂ්ටික බලශක්‌තිය පිළිබඳව වැඩි උනන්දුවක් දක්‌වන දියුණු වන රටවල් අතර වේගවත් වර්ධනයක් සහිත BRIC රටවල් විශේෂ ය. මේ වන විට ලෝකයේ ඉදි වෙමින් පවත්නා න්‍යෂ්ටික බලාගාර අතරින් සියයට 69%ක් පමණ ඇත්තේ මේ රටවල ය. ඉන් රුසියාව හැර අනෙක් රටවල් තුන වන බ්‍රසීලය, ඉන්දියාව හා චීනය දියුණුවන රටවල් ය.
මේ අතරින් ඉන්දියාව න්‍යෂ්ටික බලය පිළිබඳව උනන්දුවක් දක්‌වන්නේ එරට පවත්නා බලශක්‌ති අර්බුදය නිසා ය. මෑත කාලයේ එරට ඇති වූ ශීඝ්‍ර වර්ධනය සඳහා එරට විදුලි සැපයුම ප්‍රමාණවත් නො වන බැවින් රටේ ඇතැම් ප්‍රදේශවල පැය කිහිපයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක වේ. න්‍යෂ්ටික බලය මීට විසඳුමක් ලෙස සලකන ඉන්දියාවේ ඉලක්‌කය වන්නේ 2050 වර්ෂය වන විට එරට විදුලි සැපයුමෙන් 50%ක් න්‍යෂ්ටික බලයෙන් ලබා ගැනීම ය. (එය මේ වන විට එය 4%ටත් අඩු ය.) එහෙත් මේ පිළිබඳව ඉන්දියාවේ සිවිල් හා පාරිසරික ක්‍රියාකාරීන් අතර පවතින්නේ දැඩි විරෝධයකි. නිදසුනක් ලෙස තමිල්නාඩුවේ ඉදි කෙරෙමින් පවත්නා කූඩාන්කුලම් න්‍යෂ්ටික බලාගාරය දැක්‌විය හැකි ය.
මේ අතර ජපානයේ ඇති වූ අනතුරින් පසුව තාවකාලිකව නවතා දමා තිබූ චීනයේ න්‍යෂ්ටික බලාගාර සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමට අදහස් කර ඇති බව මෑත දී වාර්තා විය. චීනයේ අපේක්‌ෂාව 2020 වර්ෂය වන විට එරට බලශක්‌ති අවශ්‍යතාවෙන් 5%ක් න්‍යෂ්ටික බලයෙන් ලබාගැනීම ය. දැනට එහි න්‍යෂ්ටික බලයෙන් සැපයෙන්නේ 2%ක් පමණි.
කෙසේ වෙතත් දියුණු වන රටවල න්‍යෂ්ටික බලාගාර පිළිබඳව ඒ රටවල බලධාරීන් මෙන්ම සිවිල් හා පාරිසරික ක්‍රියාකාරිකයන් වැඩි වශයෙන් සැලකිලිමත් වීම වැදගත් ය. එයට හේතුව නම්, මේ රටවල යොදාගෙන ඇති තාක්‌ෂණය ඉහළ විය හැකි වුවත්, අනතුරක දී ක්‍රියාත්මක වන ක්‍රියාපටිපාටිය හා න්‍යෂ්ටික ආරක්‌ෂාව පිළිබඳව ගැටලු ඇති නිසා ය. විශේෂයෙන් ජනතාව මෙවැනි අවදානමක් පිළිබඳව දැනුම්වත් කිරීම හා එවැනි අවස්‌ථා සඳහා යම් ක්‍රමානුකූල වැඩපිළිවෙළක් යෙදීම වැදගත් වේ.
ප්‍රමුඛ පුවත
ෆුකුෂිමා ඛේදවාචකයේ ප්‍රතිඵල තවමත්
ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ 2011 වර්ෂයේ දී ඇති වූ න්‍යෂ්ටික අනතුරට හේතු වූ බලාගාරය මේ වන විට වසා දමා ඇතත්, අනතුරෙන් ඇති වූ විකිරණ කාන්දුවේ බලපෑම් තවමත් අවසන් ව නොමැති බව හඟවන අධ්‍යයන වාර්තාවක් පසුගිය දා නිකුත් විය.
එහි දී හෙළි වී ඇති පරිදි ජපානයේ නැඟෙනහිර වෙරළ තීරයේ ෆුකුෂිමා ප්‍රදේශයට ආසන්න ව අල්ලාගන්නා මසුන් ගේ ශරීරවල විකිරණශීලීතාව අධික බැවින් ආහාරයට ගැනීමට නො හැකි තරම් විෂ සහිත වේ. ප්‍රමාණවත්ව දක්‌වන්නේ නම්, ෆුකුෂිමා ප්‍රදේශයෙන් අල්ලාගන්නා මසුන් අතරින් 40%ක් පමණ තවමත් මිනිස් පරිභෝජනය සඳහා යෝග්‍ය නො වේ. මේ තත්ත්වයට වැඩි වශයෙන් ලක් ව ඇත්තේ විශාල මසුන් හා පත්ලේ වාසය කරන ජීවීන් ය.
මසුන් ගේ ශරීර පටකවල සීසියම් සමස්‌ථානික වැඩි කාලයක් නො පවතින බව දක්‌වන අදාළ වාර්තාව, ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුරෙන් වසර එක හමාරක පමණ කාලයකට පසුව වුවත් විකිරණශීලී ද්‍රව්‍ය තවමත් පරිසරයට එක්‌වන බව පවසයි. අදාළ බලාගාරයෙන් මේ වන විට විකිරණ පරිසරයට නිකුත් නො වන්නේ නම් එසේ සිදු වන්නේ කෙසේ ද? මේ පිළිබඳව දක්‌වා ඇති හේතු අනුව විෂ සහිත භූගත ජලය අදාළ ප්‍රදේශයේ සිට තවමත් සාගරයට එක් වීම හෝ මුහුදේ තැන්පත් ව ඇති අවසාදිතවල තිබෙන විකිරණශීලී බව මීට හේතු විය හැකි ය.
කෙසේ වෙතත් මේ අනුව පෙනෙන්නේ ඇතැම් විට තවත් දශකයක් පමණ කාලයක් යනතුරු මේ ප්‍රදේශයේ මසුන් ආහාරයට ගැනීමට යෝග්‍ය නො වන බව ය. එසේ ම මේ තත්ත්වය නිසා අදාළ ප්‍රදේශය වසර හෝ දශක ගණනාවක් නිරීක්‌ෂණය කිරීමට ද සිදු විය හැකි ය. මෙය වැදගත් වන්නේ ජපාන වැසියන් ගේ ආහාර වේලෙහි මත්ස්‍ය ආහාරවලට වැදගත් තැනක් හිමි වන නිසා ය. (මූලාශ්‍රය Science,DOI: 10.1126/science.1228250)
පුවත් සැකෙවින්
හයිනාවන් හා මිනිසුන් අතර අපූරු 'සහජීවනය'
හයිනා ගහනයක් හා මිනිසුන් අතර ගැටුම්වලින් තොර පැවැත්මක් තිබිය හැකි බව උතුරු ඉතියෝපියාවේ සිදු කළ අධ්‍යයනයකින් පෙන්වා දී ඇත. එහි දී හෙළි වී ඇති ආකාරයට, අවධානයට ලක් වූ තිත් සහිත හයිනා ගහනයක (Crocuta crocuta) ආහාරයෙන් 99%ක් පමණ ගවයන්, බැටළුවන්, එළුවන් හා බූරුවන් වැනි ගෘහාශ්‍රිතකරණය කරන ලද සතුන් විය. එහෙත් එය මිනිසුන්ට බලපෑමක් කර නොමැත. හයිනාවන් විලෝපික හා කුණප භක්‌ෂකයන් වන නිසා එය එක්‌තරා ආකාරයකට වැදගත් තැනක් ගනියි.
උක්‌ත අධ්‍යයනයට පාදක වූ ප්‍රදේශය කෘෂිකර්මයට යොදාගැනීම නිසා හායනයට පත් ප්‍රදේශයකි. හයිනා සතුන් ගේ ස්‌වාභාවික ගොදුරු එහි හමු නො වන නිසා ඔවුන් මානව පරිසරයේ දැකිය හැකි ආහාර සඳහා යොමු වීම සිදු වන්නකි. ඇතැම් විට මේ සතුන් ආහාරයට ගන්නේ මිය ගිය සතුන් වන අතර වසර පහක් ඇතුළත හයිනාවන් විසින් මරා දමනු ලැබ ඇත්තේ සතුන් දෙ සියයක් පමණ ප්‍රමාණයකි. ඒ ප්‍රමාණය ප්‍රදේශවාසීන්ට ගැටලුවක් වී නොමැත.
මෙය එක්‌තරා ආකාරයට අෙන්‍යාන්‍ය සහජීවනයකි. මිනිසුන් බැහැර ලන අපද්‍රව්‍යවලින් හයිනා සතුන්ට ප්‍රයෝජන ලැබෙන අතර, ඔවුන් අපද්‍රව්‍ය ඉවත් කිරීම නිසා මිනිසුන්ට ද ප්‍රයෝජනයක් සැලසේ. (මූලාශ්‍රය: Mammalian Biology,DOI: 10.1016j.mambio.2012.09.001)
ප්‍රවේණික අවදානමක ඇති දුර්ලභ ම බල්ලන්
ලෝකයේ දුර්ලභ ම සුනඛ විශේෂය සේ සැලකෙන ඉතියෝපියානු වෘකයන් (Canis simensis) නම් සුනඛ විශේෂය ප්‍රවේණික වශයෙන් අවදානම් තත්ත්වයක පසු වන බව පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. ඉතියෝපියාවේ කඳුකර ප්‍රදේශවල හුදකලා ගහන ලෙස වාසය කරන මේ විශේෂයේ සතුන් ඇත්තේ පන් සියයකට අඩු ප්‍රමාණයකි. අන්තරාදායක තත්ත්වයේ සිටින මේ සතුන් ගේ ජාන විවිධත්වය, ගහන ව්‍යුහය හා ජාන ගලනය පිළිබඳ සිදු කර ඇති මේ අධ්‍යයනයේ දී ගහන අතර ඇති වන ප්‍රවේණික ගලනය (gene flow) අඩු බව හෙළි වී ඇත.
සාමාන්‍යයෙන් මේ සතුන් ගේ ජාන විවිධත්වය සාපේක්‌ෂව ඉහළ ය. එහෙත් වර්තමානයේ සිදු ව ඇති හුදකලා වීම නිසා එය අඩු වී යා හැකි ය. මේ නිසා රෝගයක් හෝ වාසස්‌ථාන විනාශ වීම හෝ නිසා මේ විශේෂයේ සුනඛයින් වඳ වීමේ දැඩි අවදානමක් පවතී. මේ තර්ජන අදටත් මේ සත්ත්ව විශේෂයට ඇති තර්ජන වේ. මේ අනුව ඔවුන් ආරක්‌ෂා කරගැනීමට කඩිනම් පියවරක් ගත යුතු බව පෙන්වා දී තිබේ. (මූලාශ්‍රයAnimal Conservation,DOI: 10.1111/j.1469-1795.2012.00591.)
ලෝක බලශක්‌ති සංසද සමුළුව
ලෝක බලශක්‌ති සංසද සමුළුව (World Energy Forum) මේ වර්ෂයේ දී පවත්වන ලද්දේ ඩුබායිහි දී ය. මෙහි දී අවධානයට ලක් වූ කරුණු අතර ලෝකයේ බලශක්‌ති ඉල්ලුම සම්පූර්ණ කරන ආකාරය, මිහිතලයේ උණුසුම පාලනය කරන ආකාරය හා හරිත ආර්ථිකය වැනි කරුණු වේ. විශේෂයෙන් තිරසර බලශක්‌තියේ ඇති අවශ්‍යතාව මෙහි දී කැපී පෙනිණි. එසේ ම සැමට ප්‍රමාණවත් තරම් බලශක්‌තියක් සැපයීම ද මේ රැස්‌වීමට එක් වූ ලෝක නායකයන් ගේ අවධානයට ලක් වූ කරුණක් විය.
ලෝක බලශක්‌ති සංසද සමුළුව එක්‌සත් ජාතීන් ගේ මූලස්‌ථානයෙන් පිටත දී පවත්වන ලද්දේ මුල් ම වතාවට ය. ෆොසිල ඉන්ධන මගින් තම විදුලිබල අවශ්‍යතාව සම්පූර්ණයෙන් ම ලබා ගන්නා රටක් වුවත් එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය වෙනත් බලශක්‌ති ප්‍රභව පිළිබඳව අවධානය යොමු කර ඇති බැවින් සමුළුව එරට පැවැත්වීම ද කාලෝචිත ය. මේ අතර ඔක්‌තෝබර් 22 දින ලෝක බලශක්‌ති දිනය ලෙස මේ සමුළුවේ දී නම් කර තිබේ. ලෝකයේ පරිසරය සම්බන්ධව තීරණාත්මක බලපෑමක් සිදු කරන අංශයක් ලෙස බලශක්‌තිය සැලකෙන බැවින් මෙය වැදගත් වේ.

No comments:
Post a Comment