ධනේෂ් විසුම්පෙරුම
විදුසර (Vidusara), 2012-10-17, පි. 11
http://www.vidusara.com/2012/10/17/feature3.html
විමසුම - ජෛවවිවිධත්ව සංරක්‌ෂණය වෙනුවෙන් කැප වුණු හයිද්‍රාබාද් සමුළුව
පුවත් සැකෙවින් - පිරිසිදු බලශක්‌තියේ නව ප්‍රවණතා/ වායු විමෝචන කපා හැරීමට උපකාරී වන ක්‍රමවේදයක්/ නීති විරෝධී මසුන් ඇල්ලීමෙන් මුල්තැන කාටද?
විමසුම
ජෛවවිවිධත්ව සංරක්‌ෂණය වෙනුවෙන් කැප වුණු හයිද්‍රාබාද් සමුළුව
මේ වන විට ජෛවවිවිධත්ව සම්මුතියේ පාර්ශ්වකරුවන් ගේ රැස්‌වීම ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ දී හයිටෙක් සිටිහි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙමින් තිබේ. මේ පිළිබඳ පසුබිම හා ඒ පිළිබඳ මූලික කරුණු අප මේ තීරය ඔස්‌සේ මින් ඉහත සාකච්ඡා කළෙමු. මෙය ලෝක ජෛවවිවිධත්වය පිළිබඳ තත්ත්වය ඇගැයීම සඳහා පැවැත්වෙන ප්‍රධානතම සමුළුව වේ. විශේෂයෙන් ලෝකයේ ජෛවවිවිධත්වය අද වන විට මුහුණ දී ඇත්තේ බරපතළ තර්ජනයකට බව පැහැදිලි ය. ලෝකයේ ජෛවවිවිධත්වය ආරක්‌ෂා කරගැනීම සඳහා ලෝකය අනුගමනය කරන ප්‍රධානතම වැඩපිළිවෙළ වන්නේ 2010 වර්ෂයේ දී නගෝයාහි දී අනුමත කරන ලද අයිචි ජෛවවිවිධත්ව ඉලක්‌කයි. ඊට අනුව 2020 වර්ෂය වන විට අත්පත් කරගත යුතු ඉලක්‌ක විස්‌සක් තිබේ. මේ පිළිබඳව සාකච්ඡාවට ලක් වන පළමු පාර්ශ්වකරුවන් ගේ රැස්‌වීම හයිද්‍රාබාද් සමුළුව වේ.
මේ බව බොහෝ රටවල හා ආයතනවල නියෝජිතයන් අවබෝධ කරගෙන තිබූ බව පෙනෙන්නට තිබිණි. ඉන්දියාවේ පරිසර අමාත්‍යවරිය වන ජයන්ති නටරාජන් මේ සමුළුවේ සභාපතිත්වයට පත් වූ අතර ඇය සිය කතාවේ දී ප්‍රකාශ කළේ, නගෝයා රැස්‌වීමේ ප්‍රතිඵල ඉදිරියට ගෙන යැම සඳහා කටයුතු කිරීමේ ඇති වැදගත්කමයි. එසේ ම ජෛවවිවිධත්ව සංරක්‌ෂණය සඳහා අරමුදල් සපයාගැනීමේ ඉලක්‌ක පිළිබඳව යම් එකඟතාවක් ඇති කරගැනීමේ අවශ්‍යතාව ඇය අවධාරණයට ලක් කළා ය. තවදුරටත් අදහස් දක්‌වමින් ඇය, දිළිඳු රටවල් තම රටේ දුප්පත්කම දුරලීම හා පාරිසරික කරුණු අතර යම් තුලනයක් පවත්වා ගැනීමට ඇති අවශ්‍යතාව පිළිබඳව ද අදහස් පළ කළා ය.
මේ අතර සමුළුවේ ආරම්භක සැසිවාරයේ දී අදහස් දැක්‌වූ ජෛවවිවිධත්ව සම්මුතියේ මහලේකම් බ්‍රව්ලියෝ ෙµරෙයිරා ද සූසා පහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පැවසී ය. අයිචි ජෛවවිවිධත්ව ඉලක්‌ක ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය නිරීක්‌ෂණය කිරීම, ජෛවවිවිධත්ව සම්මුතිය හා එහි සන්ධාන අතර ඇති සම්බන්ධතා දියුණු කිරීමේ ඇති වැදගත්කම, ධාරිතා වර්ධනය කිරීමේ ඇති වැදගත්කම වැනි කරුණු මේ අතර විය.
සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකා
මේ දක්‌වා පැවැති සාකච්ඡාවල දී ඇතැම් කරුණු පිළිබඳව සැලකිය යුතු අවධානයක් ඇති වී තිබේ. විශේෂයෙන් අයිචි ජෛවවිවිධත්ව ඉලක්‌ක වටා ගොනු වී ඇති මේ සාකච්ඡාවල දී තර්ජනයට ලක් ව ඇති විශේෂ ආරක්‌ෂා කරගැනීම, ආරක්‌ෂිත ප්‍රදේශ, දේශගුණ වෙනස් වීම හා වෙනත් සාධක, කෘෂි ජෛවවිවිධත්වය, ස්‌වදේශික හා ප්‍රාදේශීය ජනතාව ගේ අයිතීන් මෙන්ම ජානමය සම්පත් සඳහා ප්‍රවේශය හා ප්‍රතිලාභ බෙදාගැනීම පිළිබඳ නගෝයා සන්ධානය හා ඒ ආශ්‍රිත කරුණු කෙරේ වැඩි අවධානයක් යොමු වී ඇත. මේ පිළිබඳව ප්‍රධාන සමුළුවේ දී මෙන්ම සමුළුවට සමගාමීව වෙනත් සංවිධාන හා ආයතන මගින් සංවිධානය කර ඇති රැස්‌වීම්වල ද සාකච්ඡාවට ලක් වෙමින් පවතී. එසේ ම වෙනත් ආයතන විසින් පවත්වනු ලබන සාකච්ඡාවල දී සාකච්ඡාවට ලක් වන කරුණුවල අධ්‍යාපනික අතින් විශේෂ වැදගත්කමක් ඇත. මෙහි දී අනාවරණය වන දත්ත හා තොරතුරු බොහෝ වන අතර ඒ අනුව පෙනෙන්නට ඇත්තේ ලෝකයේ ජෛවවිවිධත්වය සංරක්‌ෂණය සඳහා ඇති අභියෝග බෙහෙවින් බරපතළ තත්ත්වයේ ඒවා බව ය.
මේ සාකච්ඡාවල දී ඇති කරගන්නා එකඟතා සහ ඒවායේ නියම ප්‍රතිඵල අපට දැකිය හැකි වන්නේ 16 දා සිට 19 දා දක්‌වා පැවැත්වෙන ඉහළ මට්‌ටමේ රැස්‌වීමේ දී ය. ඊට ජෛවවිවිධත්ව සම්මුතියේ පාර්ශ්වකරුවන් වන රටවල පරිසර අමාත්‍යවරුන් හා ඉහළ මට්‌ටමේ නිලධාරීන් සහභාගි වන අතර, තවත් රටවල් ගණනාවක නායකයන් ද මේ රැස්‌වීමට සහභාගි වනු ඇතැයි අපේක්‌ෂිත ය. සමුළුව 19 වැනි දින අවසන් වීමට නියමිත ය. මීට සම්බන්ධ ව සිටින රාජ්‍ය මට්‌ටමේ මෙන්ම රාජ්‍ය නො වන ක්‍රියාකාරීන් ගේ ද අපේක්‌ෂාව සමුළුවේ දී කිසියම් වැදගත් වර්ධනයක් සිදු වනු ඇතැයි දැකීම ය. පහත විස්‌තර කරන ජෛවවිවිධත්වය සංරක්‌ෂණය සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය පිළිබඳ අධ්‍යයන වාර්තාව මෙහි ඇති අභියෝගයේ තරම පෙන්වා දෙයි. එය ජෛවවිවිධත්වය පිළිබඳ සාකච්ඡාවල දී අවධානය යොමු ව ඇති ප්‍රධානතම අංශයක් ද වේ.
ජෛවවිවිධත්වය රැකගැනීමට වසරකට ඩොලර් බිලියන 76ක්
ඉන්දියාවේ ජෛවවිවිධත්ව සමුළුව පැවැත්වෙන අතර පසුගිය සතියේ දී ප්‍රකාශයට පත් වූ පර්යේෂණ වාර්තාවකින් ජෛවවිවිධත්වය රැකගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන ප්‍රමාණය පෙන්වා දී තිබේ. එහි දී 2020 වර්ෂය වන විට අත්පත් කරගැනීමට අපේක්‌ෂා කරන ජෛවවිවිධත්ව ඉලක්‌ක අතරින්, වඳ වීමේ තර්ජනයට ලක් ව ඇති ජීවීන් ආරක්‌ෂා කර ගැනීම සහ ආරක්‌ෂිත ප්‍රදේශ පවත්වා ගැනීම සඳහා යන වියදම ගණනය කර තිබේ. මෙහි දී අවධානය යොමු ව ඇත්තේ භෞමික පරිසර පද්ධති හා අභ්‍යන්තර ජලාශ ආශ්‍රිත පරිසර පද්ධති පිළිබඳව වන අතර පක්‌ෂි සංරක්‌ෂණය සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇත. ජෛවවිවිධත්ව සංරක්‌ෂණය සඳහා අවශ්‍ය නිශ්චිත මුදල ගැන පැවැති අපැහැදිලිතාව නිරාකරණය කර ගැනීමට මේ අධ්‍යයනයෙන් යම් ප්‍රයෝජනයක් ලැබී ඇත.
අධ්‍යයනයෙන් අනාවරණය වන තොරතුරු අනුව තර්ජනයට ලක් ව ඇති ජීවී විශේෂ ආරක්‌ෂා කරගැනීම සඳහා පමණක් එක් වර්ෂයක් සඳහා ඩොලර් බිලියන 3.41ත් 4.76ත් අතර මුදලක් අවශ්‍ය වේ. එහෙත් ආරක්‌ෂිත ප්‍රදේශ ජාලයක් ඇති කිරීමට හා පවත්වාගැනීම සඳහා ද අධික වියදමක් වැය වේ. මේ අවශ්‍යතා දෙක ම සඳහා වැය වන මුදල ඩොලර් බිලියන 76.1ක් පමණ තරම් ය. කෙසේ වෙතත් මේ මුදල අදාළ කාර්යය සඳහා වර්තමානයේ දී වැය කරන මුදල මෙන් දස ගුණයක් පමණ වන නිසා එය විශාල මුදලක් සේ පෙනී යා හැකි වුවත් එය ලෝකය මද්‍යසාර නො වන පාන වර්ග සඳහා වැය කරන මුදලෙන් පහෙන් පංගුවක් තරම් අඩු ප්‍රමාණයකි. එසේ ම එය වාර්ෂිකව ලෝකයට අහිමි වන පරිසර පද්ධතිවල වටිනාකමින් සියයට 1ක් තරම් අඩු ය.
කෙසේ වෙතත් තර්ජනයකට ලක් ව ඇති ඇතැම් විශේෂ ආරක්‌ෂා කරගැනීම සඳහා වැය කළ යුතු වන්නේ සාපේක්‌ෂව අඩු මුදලකි. නිදසුනක් ලෙස සීමිත ප්‍රදේශයක ජීවත් වන ජීවීන් සංරක්‌ෂණය මේ සඳහා නිදසුනක් සේ දැක්‌විය හැකි ය. එවැනි ස්‌ථාන ආරක්‌ෂා කිරීමට දැරිය යුතු වැය මෙන්ම ප්‍රයත්නය ද සාපේක්‌ෂව අඩු වන නමුත් ඉන් ලබාගත හැකි ප්‍රතිඵල සාපේක්‌ෂව ඉහළ ය. (මූලාශ්‍රයScience,DOI: 10.1126/science.1229803)
පුවත් සැකෙවින්
පිරිසිදු බලශක්‌තියේ නව ප්‍රවණතා
පුනර්ජනනය කළ හැකි බලශක්‌තිය පිළිබඳ අවධානය මෑත කාලයේ දී කිසියම් පසුබෑමකට ලක් ව පැවැති බව අපි මින් ඉහත දී ද පෙන්වා දී ඇත්තෙමු. පාරිසරික සාකච්ඡාවල ඇති වූ පසුබෑම් මෙන්ම ලෝක ආර්ථික අර්බුදය ද ඊට මූලික විය. කෙසේ වෙතත් මෑත කාලයේ දී වාර්තා වූ පුවත්වලට අනුව පුනර්ජනනය කළ හැකි බලශක්‌තියේ කිසියම් වර්ධනයක් ඉදිරියේ දී ඇති විය හැකි බව පෙනේ. පහත සඳහන් පුවත් ඒ සඳහා සාධක සේ දැක්‌විය හැකි ය.
ඔස්‌ටේ්‍රලියාවේ විශාලතම සූර්ය විදුලි බලාගාරය පසුගිය දා සිය විදුලි සැපයුම ආරම්භ කළේ ය. සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය සඳහා ඉතා යෝග්‍ය ප්‍රදේශයක් වන බටහිර ඔස්‌ටේ්‍රලියාවේ ඉදි කර ඇති මේ සූර්ය බලශක්‌ති බලාගාරය, එරට හරිතාගාර වායු විමෝචන පාලනය කිරීමේ උත්සාහයේ වැදගත් ඉදිරි පියවරකි. එරට බලධාරීන් ගේ ඉලක්‌කය වන්නේ 2020 වර්ෂය වන විට රටේ විදුලිබල සැපයුමෙන් සියයට 20ක් පමණ පුනර්ජනනය කළ හැකි විදුලිබලයෙන් ලබාගැනීම ය. එහෙත් ඇතැම් කර්මාන්ත හා පුනර්ජනනය කළ නොහැකි විදුලිබල අංශ මේ ඉලක්‌කය අඩු කිරීම සඳහා ඉල්ලීම් කර තිබේ.
මේ අතර න්‍යෂ්ටික බලයෙන් ක්‍රමිකව ඈත් වීමට තීරණය කර ඇති ජපානයේ අනාගත බලශක්‌ති අවශ්‍යතාව සම්පූර්ණ කිරීමේ දී පුනර්ජනනය කළ හැකි විදුලිබල ප්‍රභව ගැන උනන්දුවක් ඇති නිසා එය පිරිසිදු බලශක්‌තියේ කේන්ද්‍රස්‌ථානයක් බවට පත් විය හැකි බවට යම් යම් පාර්ශ්ව විසින් පෙන්වා දී දැනටමත් ජපාන සමාගම් ගණනාවක් මේ අංශයේ ආයෝජනය කර ඇති නමුත් ඇතැම් අංශවලින් ඉදිරියට යැමේ සීමා ජපානයේ තිබේ.
වායු විමෝචන කපා හැරීමට උපකාරී වන ක්‍රමවේදයක්
එක් එක් ගොඩනැඟිලි හා මාර්ගවල, ෆොසිල ඉන්ධන භාවිතයෙන් ජනනය වන කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය නිවැරැදිව පැවසිය හැකි ක්‍රමවේදයක් සැකසීමට ඇමෙරිකානු පර්යේෂකයෝ පිරිසක් සමත් ව සිටිති. මේ සඳහා පොදු දත්ත සමුදාය, හා රථවාහන ධාවන දත්ත, වායු දූෂණය සම්බන්ධ දත්ත හා බලශක්‌ති පරිභෝජනය හා සම්බන්ධ ආකෘති මගින් අවශ්‍ය දත්ත ලබාගෙන තිබේ. මෙය ඇමෙරිකාවේ විශාල නගරවල යොදාගත හැකි බව පැවසේ.
උක්‌ත ක්‍රමවේදය වැදගත් වන්නේ එය යොදාගනිමින් හරිතාගාර වායු විමෝචන කපාහැරිය හැකි ස්‌ථාන හඳුනාගැනීම සඳහා හැකියාවක් ඇති නිසා ය. එසේ ම එසේ කපාහැරීමෙන් පසුව ඇති වන බලපෑම පිළිබඳව ද මෙමගින් අදහසක් ලබාගත හැකි වීම විශේෂිත ය. මේ ක්‍රමවේදය හෙස්‌ටියා ව්‍යාපෘතිය (Hestia Project) නමින් හැඳින්වේ. (මූලාශ්‍රයEnvironmental Science and Technology, DOI: 10.1021/es3011282)
නීති විරෝධී මසුන් ඇල්ලීමෙන් මුල්තැන කාටද?
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම අතින් ඉහළින් ම පසු වන්නේ බටහිර අප්‍රිකාව බව බ්‍රිතාන්‍යය පදනම් කරගෙන ක්‍රියාත්මක වන පාරිසරික යුක්‌ති පදනම නම් ආයතනය ප්‍රකාශයට පත් කර ඇති වාර්තාවක් හෙළි කරයි. සියෙරා ලියෝන් වැනි රටවල සිදු වන මත්ස්‍ය සම්පත මංකොල්ලකෑම් මීට හේතු වී තිබේ. සාමාන්‍ය ධීවරයන් පළවා හරිමින් මේ මංකොල්ලකරුවෝ ආරක්‌ෂිත සාගර ප්‍රදේශවල පවා කොල්ලකෑම් සිදු කරති. මේ නිසා මත්ස්‍ය සම්පත පමණක් නො ව ධීවර ප්‍රජාව ගේ ජීවනෝපාය ද දැඩි අවදානමකට ලක් වේ.
මේ ආකාරයෙන් මත්ස්‍ය සම්පත මංකොල්ල කෑමෙන් පසු අදාළ මසුන් අපනයනය කරනු ලබන්නේ යුරෝපයට ය. ඒ නිසා ධීවර සම්පත මෙසේ මංකොල්ලකෑම නැවැත්වීම සඳහා යුරෝපා බලධාරීන් කිසියම් පියවරක් ගත යුතු බව මේ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

No comments:
Post a Comment