Monday, April 30, 2012

On the way to Rio+20

Written by Dhanesh Wisumperuma

The Nation, 29 April 2012, Fine p. 3

‘Rio+20’ is increasingly making news in international media, but not in the magnitude expected by the environmental movement. It is somewhat dwarfed by other international issues that make headlines in the media. Apart from the occasional news item and the random event, most ordinary Sri Lankans who are not environmental enthusiasts seem unaware of what Rio+20 is.

The United Nations Conference on Sustainable Development, which is to be held from June 20 to 22 this year in Rio de Janeiro, Brazil is popularly known as Rio+20. This summit marks the 20th anniversary of the first Rio Summit, which was held in 1992 and is also known as the Earth Summit. Environment as a topic of discussion was at its peak at that time. Hence the 1992 summit was a significant event in the modern environmental conservation movement resulting in various initiatives including the Rio Declaration on Environment and Development and the Agenda 21, which could be mentioned as the action plan towards sustainable development. In brief the concept of sustainable development was widely accepted in this summit and thereafter. Apart from these two agreements, other important treaties on biodiversity and climate change were opened for signature during the summit.

It has been 20 years since the 1992 Earth Summit. Has the world become a better place since? This is an important question. It is an ideal time for taking stock or reviewing the state of the world’s environment and what we have done to the environment and what has taken place during the last two decades. The summit is expected to attract a large number of world leaders, policymakers, scientists and environmentalists to the Brazilian city. It is expected to be the largest environmental summit since the 1992 Earth Summit.

Progress since 1992

Various reports published during the recent past by a range of global institutions give mixed opinions. There is a development towards sustainability, but it is noticeably slow. There is positive development in certain sectors while some sectors are lagging behind or not seeing any progress towards sustainability. One of the success stories is the global effort to end the use of ozone depleting substances and protect the ozone layer. However, the effort to combat climate change is lagging behind the global agenda without any significant progress. Over consumption, which is the root cause of many environmental crises, has been growing in many countries and regions. Recent research has also pointed that there is a rapid change of consumption patterns in fast developing countries. ‘Western type’ consumption patterns are emerging with the rapid economic boom in the countries like China.

Meanwhile, a positive impact in some sectors is largely seen in developed countries, while developing nations are yet to get on to the cleaner tract. For instance deforestation in many of the developed nations has reversed, while it is still a pressing matter in a large number of developing countries. Industrial countries lead in air pollution control, clean energy while many of the poor countries are yet to implement these measures. The main challenge faced by developing nations is the lack of funds as well as the technology.

However the recent economic crisis, which has been affecting the entire World since 2008 and the resulting efforts to revitalize troubled economies seem to have a detrimental effect on the global thrust towards a better environment. This is the same for both developed as well as developing nations, especially in the case of highly affected economies. This is clearly indicated by the lack of political will in many world leaders in areas like reducing green house gas emissions, clean energy and other action in mitigating climate change.

Key issues at Rio+20

Rio+20 conference is to be staged in such a backdrop. There are two major themes and seven major areas of attention. One of the themes is the green economy in the context of sustainable development and poverty eradication. The second theme is the institutional framework for sustainable development. The seven major areas, which are identified as priority are decent jobs, energy, sustainable cities, food security and sustainable agriculture, water, oceans and disaster readiness.

Out of these, green economy is a concept of utmost importance that surfaced recently. In simple terms, it focuses on the economy and ways of making it green or environmental friendly. The concept has been somewhat widely discussed and a considerable amount of research and reports been compiled during the last few years. Green economy is identified as a way towards sustainable development.

There is a draft of a treaty (called the zero draft) which is expected to be finalized during the conference, which has been in discussion since January. There are certain positive aspects in this draft treaty as well as areas that need more attention and alterations, are all of which will be taken up for discussion at the international meetings.

What will Rio+20 accomplish?

Rio+20 conference is often mentioned as a chance to revive the conservation movement as well as the sustainable development concept. The question is whether the public or the interested groups of the World can lobby and convince their leaders (who are troubled by more serious issues, in their sense) to have some concrete outcome at Rio – with a legally binding treaty. However for this there should be a strong political will among the policymakers of the World, which unfortunately is not seen at the moment. Although it is painful for many of us, it is hard to expect a dramatic turning point from the forthcoming summit.

What can happen at Rio de Janeiro in June? Prof. Robert Costanza of Portland State University in Oregon provided a possible answer for this question in a recent opinion piece to Al Jazeera website. He said, that “Rio+20 could be the trigger. Or it may not. We may have to wait for deeper crises, for a more severe collapse. I hope not. While it is not wise to raise expectations too high, it is also not wise to give up hope. Let us hope for the best.”

Yes, let’s hope for the best.


ජගත් පරිසර විමසුම 120 (Global Environmental Watch, 120)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2012-04-25, පි. 11 (Vidusara, 2012-04-25, p.11)

විමසුම - නැනෝ තාක්‌ෂණය පරිසරයේ යහපතටත්?
ප්‍රමුඛ පුවත - උෂ්ණත්වයේ විචල්‍ය වීම වියපත් වූවන්ට බලපාන ආකාරය
පුවත් සැකෙවින් - අප්‍රිකාවේ සුවිසල් භූගත ජල සංචිතයක්‌? / BPA අඩු මාත්‍රාවලිනුත් අහිතකර බලපෑම් / තම සැපයුම් දාම පරීක්‌ෂාවට ඇපල් සමාගම එකඟ වේ

නැනෝ තාක්‌ෂණය පරිසරයේ යහපතටත්?

නැනෝ තාක්‌ෂණය ලෝකයේ වඩාත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන තාක්‌ෂණයක්‌ ලෙස හැඳින්විය හැකි ය. එහි ඇති බොහෝ ඵලදායී ප්‍රයෝජන පිළිබඳව බොහෝ දේ සාකච්ඡා වී තිබේ. නූතන විද්‍යාවෙන් මෙතෙක්‌ ලබා ගත නොහැකි වූ ප්‍රයෝජන රැසක්‌ මේ තාක්‌ෂණය භාවිතයෙන් ලබා ගත හැකි ය. ඒ නිසා මානව සංවර්ධනයේ අනාගතය සම්බන්ධයෙන් නැනෝ තාක්‌ෂණයේ කාර්යභාරය කෙබඳු දැයි යන්න ඉතා පැහැදිලි ය.

එහෙත් නැනෝ තාක්‌ෂණයේ පාරිසරික හා මානව සෞඛ්‍ය බලපෑම් පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව පැහැදිලි ය. එහෙත් මේ සතියේ අපේ අවධානය යොමු කරන්නට සිතුවේ නැනෝ තාක්‌ෂණයේ පරිසර හිතකාමී භාවිත කිහිපයක්‌ සම්බන්ධව පසුගිය දා වාර්තා වී තිබූ අධ්‍යයන තුනක්‌ පිළිබඳ ව ය. එනම් පරිසරය ආරක්‌ෂා කරගැනීමට හේතු වන ක්‍රියාවලි සඳහා නැනෝ තාක්‌ෂණය යොදා ගත හැකි ආකාරය පිළිබඳව මේවායින් පෙන්වා දෙයි.

සූර්ය කෝෂ සඳහා නැනෝ නළ

සූර්ය කෝෂ වැඩිදියුණු කිරීම සඳහා නැනෝ තාක්‌ෂණය යොදා ගත හැකි බව පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක්‌ මඟින් පෙන්වා දී තිබේ. එහි දී අවධානයට යොමු වී ඇත්තේ DSC වර්ගයේ සුර්යකෝෂ (ddye-sensiti'ed solar cells) වැඩිදියුණු කිරීම පිළිබඳ ව ය. සිලිකන් මත පදනම් වූ සූර්යකෝෂවලට වඩා පහසුවෙන් මේ වර්ගයේ සූර්ය කෝෂ තැනීමට හැකි වුවත් එහි එක්‌ ප්‍රධාන ගැටලුවක්‌ වූයේ කාර්යක්‌ෂමතාව අඩු වීමයි.

එහෙත් ප්ලැටිනම් ඉලෙක්‌ට්‍රොaඩ වෙනුවට DSC වර්ගයේ සූර්යකෝෂ (ddye-sensiti'ed solar cells) සඳහා කාබන් නැනෝ ටියුබ යොදා ගත හැකි බව නව පර්යේෂණයකින් පෙන්වා දී තිබේ. මේ නිසා උක්‌ත වර්ගයේ කෝෂ වඩා ලාබදායී මෙන්ම වඩා කාර්යක්‌ෂ්ම ද වේ. සූර්ය බලය පරිසර හිතකාමී බලශක්‌තියක්‌ වන අතර සූර්ය බලය ලාබදායී වීම පුනර්ජනනය කළ හැකි බලශක්‌ති ක්‌ෂේත්‍රයට ද වැදගත් ය. කෙසේ වෙතත් මේ තාක්‌ෂණය වර්ධනය වීම සඳහා තවත් කලක්‌ ගත විය හැකි ය. (මූලාශ්‍රයScientific Reports, DOI: 10.1038/srep00368)

ශක්‌ති හානිය වැළැක්‌වීමට නැනෝ තාක්‌ෂණය

අප සැලකිලිමත් වූ දෙවැනි අධ්‍යයනය නැනෝ තාක්‌ෂණය පරිසරයට වක්‍ර වශයෙන් ප්‍රයෝජනවන් වන ක්‍රමයකි. මෙහි දී උණුසුම් නළ හා එන්ජින් ආදියේ විවිධ කොටස්‌වලින් හානි වන තාප ශක්‌තිය යළිත් භාවිත කළ හැකි ක්‍රමයක්‌ දියුණු කර ඇත. ලෙඩ් ටෙලුරයිඩ් රසායනික ද්‍රව්‍යයේ නැනෝ ස්‌ඵටික ආලේපිත වීදුරු කෙඳිති මඟින්, හානි වන තාපය විද්යුතය බවට පත් කිරීම මෙහි දී සිදු වේ. මෙවැනි 'තාපවිද්යුත්' (thermoelectric) ද්‍රව්‍යයක එක්‌ පැත්තක්‌ උණුසුම් වන විට අනෙක්‌ පැත්තට ගලා යන ඉලෙක්‌ට්‍රොන ධාරාවක්‌ නිසා විද්යුතය නිපදවේ. ඒ අනුව හානියට ලක්‌ වන තාප ශක්‌තිය විද්යුතය වශයෙන් යළි භාවිතයට ගත හැකි ය.

මේ තාක්‌ෂණය වැඩිදියුණු කිරීමෙන් කර්මාන්ත ශාලා, බලාගාර හා වාහනවලින් හානි වන ශක්‌තියෙන් කොටසක්‌ ආපසු භාවිත කළ හැකි ය. බලශක්‌ති හානිය අවම කිරීමෙන් පරිසරයට විශාල යහපතක්‌ සිදු වේ. හානි වූ ශක්‌තිය නිපදවීමේ දී සිදු වන පාරිසරික බලපෑම අඩු කර ගත හැකි වීම ඊට හේතුව වේ. එහෙත් මෙහි දී භාවිත වන ඊයම් හා ටෙලුරියම් යන විෂ සහිත ද්‍රව්‍ය වෙනුවට වෙනත් රසායනික සංයෝග භාවිත කිරීමට ඇති හැකියාව අදාළ පර්යේෂකයන් ගේ අවධානයට ලක්‌ ව තිබේ. (මූලාශ්‍රයNanoLetters, DOI: 10.1021/nl300524j)

තෙල් කාන්දුවල දීත් නැනෝ තාක්‌ෂණය

ජලයට සිදු වන තෙල් කාන්දුවීම් පාරිසරික වශයෙන් විශාල බලපෑමක්‌ ඇති කළ හැකි අනතුරු අතර වේ. මෙවැනි අනතුරක දී ජලයට එක්‌ වන තෙල් අවශෝෂණය කළ හැකි ද්‍රව්‍යයක්‌ නැනෝ තාක්‌ෂණය යොදාගනිමින් දියුණු කර ඇති බව පසුගිය දා පළ වූ පර්යේෂණ වාර්තාවක්‌ අනුව පෙනේ.

මෙහි දී කාබන් නැනෝ ටියුබ තැනීමේ දී ඊට බොරෝන් එක්‌ කිරීමෙන් දැඩි එහෙත් ස්‌පොංජිමය ද්‍රව්‍යයක්‌ තනා තිබේ. මේවායේ ඇති විශේෂත්වය වන්නේ ඒවා ජලය හා සම්බන්ධ නො වීම හා තෙල් හා සම්බන්ධ වීම ය. මේ නිසා ජලය සමග ඇති තෙල් ඉවත් කිරීමට මේ නැනෝ ස්‌පොංජි සුදුසු අතර තවත් අවශ්‍යතා සඳහා ද යොදා ගත හැකි ය. මේ ද්‍රව්‍ය නැවත නැවතත් භාවිත කළ හැකි වීම තවත් වැදගත් කරුණකි. (මූලාශ්‍රයScientificReports, DOI: 10.1038/srep00363)

නැනෝ තාක්‌ෂණයේ පරිසර සලකුණ

කෙසේ වෙතත් මේ පරිසර හිතකාමී විය හැකි භාවිත තිබූ පමණින් නැනෝ තාක්‌ෂණයේ ඇති සෙසු අහිතකර බලපෑම් අපට සම්පූර්ණයෙන් අමතක කළ නොහැකි ය. එය අප විසින් නිසි ලෙස හසුරුවා ගත යුතු තවත් තාක්‌ෂණයක්‌ පමණි. ඕනෑ ම තාක්‌ෂණයක මෙන් මෙහි ද ඇති අහිතකර බලපෑම් සම්බන්ධව ලෝකය සතු දැනුම තවමත් පවතින්නේ මුල් අවස්‌ථාවක ය. විශේෂයෙන් පාරිසරික හා සෞඛ්‍යමය බලපෑම් සම්බන්ධව කරුණු රැසක්‌ මේ වන විටත් හෙළිදරව් වී තිබේ. (මේ පිළිබඳව අප මේ විමසුම ඔස්‌සේ ද සාකච්ඡාවට ලක්‌ කර තිබේ)

මේ නිසා ලෝකය උත්සාහ කළ යුත්තේ එවැනි බලපෑම් පිළිබඳව අදට වඩා වැඩි අවධානයක්‌ යොමු කරමින් හා ඒවා නිරාකරණය කරගනිමින් නැනෝ තාක්‌ෂණය සබුද්ධිකව භාවිත කිරීම ය. එවිට ලෝකයට ලබා ගත හැකි ප්‍රයෝජන රාශියකි.

ප්‍රමුඛ පුවත
උෂ්ණත්වයේ විචල්‍ය වීම වියපත් වූවන්ට බලපාන ආකාරය

ග්‍රීෂ්ම සෘතුවේ දී ඇමෙරිකාවේ ඇති වන උෂ්ණත්ව විචල්‍යතාව සුළු ඉහළ යැමක්‌ වුවත් ඉන් බරපතළ ආබාධ සහිත වියපත් වූවන්ට දැඩි බලපෑමක්‌ ඇති විය හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. මේ විචල්‍යතාව සාමාන්‍ය අගයට වඩා සෙල්සියස්‌ අංශක එකකින් වැඩි වීමෙන් පවා බොහෝ විට මෙවැනි තත්ත්වයක්‌ ඇති වීමේ අවස්‌ථාවක්‌ තිබේ. ඒ නිසා මේ වියපත් පිරිස්‌වල ආයු අපේක්‌ෂාව අඩු වන අතර ඒ නිසා වාර්ෂිකව සිදු වන මරණ ප්‍රමාණය ද තවදුරටත් ඉහළ යා හැකි ය.

මේ පරීක්‌ෂණය සඳහා යොදාගෙන ඇත්තේ 1985 වර්ෂයේ සිට 2006 දක්‌වා කාලයට අයත් බරපතළ ලෙස රෝගාබාධවලට ලක්‌ වූ වයස අවුරුදු 65ට වඩා වියපත් පුද්ගලයන් මිලියන 3.7ක්‌ පමණ පිරිසක ගේ වෛද්‍ය වාර්තා ය. ඔවුන් සියල්ලෝ ම පාහේ ඇමෙරිකාවේ නාගරික ප්‍රදේශවල වාසය කළ පිරිස්‌ ය. ග්‍රීෂ්ම සෘතුවේ උෂ්ණත්වය පමණක්‌ නො ව මෙවැනි පිරිස්‌වල මරණයට හේතු වන වෙනත් සාධක ගණනාවක්‌ පිළිබඳව ද මෙහි දී අවධානයට ලක්‌ ව තිබේ.

මේ අනුව ග්‍රීෂ්ම සෘතුවේ ඇති වන උෂ්ණත්ව විචල්‍යතාව එක්‌ සෙල්සියස්‌ අංශකයකින් ඉහළ ගිය විට බරපතළ රෝග ඇති වියපත් වූවන් ගේ මරණ අනුපාතිකය 2.8% ත් 4.0% අතර ප්‍රමාණයකින් ඉහළ යන බව නිගමනය කර තිබේ. මෙහි දී වැඩි ම බලපෑමක්‌ සිදු වී ඇත්තේ දියවැඩියා රෝගීන්ට වන අතර අඩු ම බලපෑමක්‌ සිදු වී ඇත්තේ හදවත් රෝගීන් හට ය. එක්‌ වරක්‌ හෘදයාබාධයකට ලක්‌ වූ පිරිස්‌ හා දැඩි පෙනහලු ආබාධවලට ලක්‌ ව සිටි රෝගීන්ට ඇති වන බලපෑම අතරමැදි තත්ත්වයක පවතී. මේ තත්ත්වය අනුව ඇමෙරිකාවේ සිදු වන වාර්ෂික මරණ ප්‍රමාණය ග්‍රීෂ්ම සෘතුවේ මේ උෂ්ණත්ව විචල්‍යතාව ඉහළ යැම නිසා 10000කින් පමණ ඉහළ යා හැකි බව ද ගණන් බලා තිබේ.

මෙහි දී අනාවරණය වූ තවත් කරුණක්‌ නම් මේ මරණ අනුපාතිකය දුප්පත් අප්‍රිකානු පිරිස්‌ අතර මීට වඩා අධික බව ය. එසේ ම වඩා හරිතවත් නාගරික ප්‍රදේශවල වාසය කරන පිරිස්‌වලට එහි ඇති බලපෑම වඩා අඩු වේ. මේ අධ්‍යයනය වැදගත් එකක්‌ වන්නේ ග්‍රීෂ්ම සෘතුවේ දී ඇති විය හැකි තාප ප්‍රවාහ (heat waves) පමණක්‌ නො ව පරිසර උෂ්ණත්වයේ ඇති වන සුළු විචල්‍යතා පවා මානව සෞඛ්‍යයට දැඩි ලෙසින් බලපා හැකි බවක්‌ ඉන් හෙළි වී ඇති නිසා ය. (මූලාශ්‍රයProceedingsof the National Academy of Sciences, DOI:10.1073/pnas.1113070109)

පුවත් සැකෙවින්
අප්‍රිකාවේ සුවිසල් භූගත ජල සංචිතයක්‌?

අප්‍රිකාව යනු ජල හිඟයෙන් දැඩි ලෙස පීඩාවට පත් ව ඇති රටවල් හා ප්‍රදේශ රැසකින් සමන්විත මහාද්වීපයකි. ලෝකයේ විශාලතම කාන්තාර ප්‍රදේශ දැකිය හැක්‌කේ ද අප්‍රිකාවේ ය. එහෙත් ඒ මහාද්වීපයේ සුවිශාල භූගත ජල සංචිතයක්‌ ඇති බවක්‌ පසුගිය දා සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

මෙසේ අප්‍රිකා මහාද්වීපයේ දැකිය හැකි භූගත ජලධරවල ඇති ජල ප්‍රමාණය පොළොව මතුපිට දැකිය හැකි ප්‍රමාණය මෙන් සිය ගුණයක්‌ පමණ තරම් වේ. මේ දත්ත මත සකස්‌ කරන ලද සිතියමක්‌ මඟින් අදාළ භූ ජලධරවල පිහිටීම පෙන්වා දී ඇත. ඒ අනුව ජල හිඟයක්‌ ඇති ඇතැම් රටවල භූගත ව විශාල ජල සංචිතයත් ඇති බව පෙනේ. මේ ඇතැම් ජලධර අවසන් වශයෙන් පිරී ගියේ වසර දහස්‌ ගණනක්‌ තරම් අතීතයේ ය.

කෙසේ වෙතත් මේ භූගත ජල සංචිතය භාවිතයේ දී මහා පරිමාණයෙන් විදීම් සිදු කර මේ ජලය ලබා ගැනීම කළ හැකි හොඳ ම ක්‍රමය නො වේ. අත් පොම්ප හා කුඩා ප්‍රමාණයේ විදීම් යොදා ගැනීම යෝග්‍ය බව පර්යේෂකයන් ගේ අදහස වේ. (මූලාශ්‍රය(Environmental Research Letters,DOI: 10.1088/1748-9326/7/2/024009)

BPA අඩු මාත්‍රාවලිනුත් අහිතකර බලපෑම්

බීපීඒ යනුවෙන් කෙටියෙන් හඳුන්වනු ලබන බයිස්‌පිනෝල් ඒ (bisphenol A) යනු තරමක්‌ ආන්දෝලනයට ලක්‌ ව ඇති එහෙත් විශාල ලෙසින් භාවිතයට ගන්නා ද්‍රව්‍යයකි. බොහෝ ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනවල ඇතුළත් මේ රසායන ද්‍රව්‍යය නිසා ඇති වන අහිතකර බලපෑම් පිළිබඳව විවිධ අධ්‍යයන සිදු කර තිබේ. එවැනි මෑත දී පළ වූ පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ කුඩා කාලයේ දී මේ රසායන ද්‍රව්‍යයට නිරාවරණය වීම, මසුන් ගේ මතකය හා ඉගෙනීමේ හැකියාව කෙරේ බලපාන බව ය.

මෙහි දී අනාවරණය වී ඇති පරිදි කලල අවස්‌ථාවේ මේ රසායන ද්‍රව්‍යයට සුළු වශයෙන් නිරාවරණය වූ සීබ්‍රා µsෂ් මසුන් ගේ ඉගෙනීමේ හැකියාවට හා මතකයට ගැටලු ඇති වී තිබේ. ඒ ඉගෙනීමේ හැකියාව හා මතකය පරීක්‌ෂා කිරීමට යොදාගන්නා පරීක්‌ෂාවලට අනුව ය. මේ තත්ත්වය රසදිය මඟින් මාළුන්ට ඇති කරන තත්ත්වය හා සමාන ය.

බයිස්‌පිනෝල් ඒ වැඩි මාත්‍රාවකට නිරාවරණය වීම නිසා බලපෑම් ඇති වන බව ඇතැම් අධ්‍යයනවලින් පෙන්වා දී තිබුණ ද අඩු මාත්‍රාවකින් පවා නිරාවරණය වීම ගැටලුසහගත බව මේ නව පරීක්‌ෂණයේ දී හෙළි ව තිබේ. ඒ අනුව වෙනත් සත්ත්ව කාණ්‌ඩ සම්බන්ධව ද එහි ඇති බලපෑම් ගැන ද තවදුරටත් හැදෑරීම වැදගත් වේ. (මූලාශ්‍රයToxicology, DOI: 10.1016/j.tox.2011.11.001)

තම සැපයුම් දාම පරීක්‌ෂාවට ඇපල් සමාගම එකඟ වේ

ලෝක ප්‍රකට පරිගණක සමාගමක්‌ වන ඇපල් සමාගම තම සැපයුම් දාමයේ ඇති චීන සමාගමක පරිසර දූෂණ පාලන විගණනයක්‌ සිදු කිරීමට තීරණය කර තිබේ. මීට හේතුව වී ඇත්තේ සැපයුම් සිදු කරන කම්හල්වල පරිසර දූෂණ පාලනය පිළිබඳව යම් යම් ගැටලු ඇති වී තිබීමයි. එවැනි එක්‌ සමාගමක පාරිසරික විගණනයක්‌ මේ මස අවසානයේ දී පමණ සිදු කිරීමට නියමිත ය.

චීනයේ පාරිසරික කටයුතු පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන සංවිධානයක්‌ වන මහජන හා පාරිසරික කටයුතු ආයතනය (IPEA) මඟින් කලක්‌ තිස්‌සේ සිදු කරන ලද අධ්‍යයන මේ සඳහා හේතු වී තිබේ. ඔවුන් ගේ වාර්තා සම්බන්ධව දිගු කලක්‌ නිසි ප්‍රතිචාරයක්‌ නො දැක්‌වූ ඇපල් සමාගම මෙවැනි තීරණයක්‌ ගැනීම යහපත් තත්ත්වයක්‌ බව පෙනේ.


Saturday, April 28, 2012

වෙසක් ඇවිත්, ඒත්...

සිංහල අලුත් අවුරුද්ද ගෙවී ගොස් තවමත් ගත වී ඇත්තේ දෙසතියක් පමණි. අවුරුදු උණුසුම තවමත් රටේ තැනින් තැන දැකිය හැකිය. එහෙත් මේ වන විට රට හා ජනතාව (හෝ වෙළෙන්දන් හෝ) වෙසක් උත්සවය සඳහා සූදානම් වන බවක් පෙනේ.

වෙසක් පොහෝ දිනය සඳහා තවත් ඇත්තේ සතියක පමණ කාලයකි. මේ වන විටත් නගරයේ තැනින් තැන වෙසක් කූඩු, කූඩු තැනීමට යොදා ගන්නා අමු ද්‍රව්‍ය මෙන්ම වෙසක් සුභපැතුම්පත් ද අලෙවි කරනු ලැබේ. ක්‍රම ක්‍රමයෙන් කුඩා කඩ තට්ටු ඉදිවෙමින් තිබේ. අප නොදැනම වෙසක් ඇවිත්ය!

කෙසේ වෙතත් මේ කෙටි සටහනේ අරමුණ වෙසක් සිරිය විස්තර කිරීම නම් නොවේ. මෑත කාලයේ පැවැති වෙසක් උත්සව සැමරුම්වල මා නිරීක්ෂණය කළ එක් වෙනස්කමක් පිළිබඳව සඳහන් කිරීමය. ඒ වෙස්මුහුණු පිළිබඳවය.

වෙසක් භාණ්ඩ අළෙවිකරන වෙළඳසලක එල්ලා තිබූ වෙස්මුහුණු කිහිපයක් මා අහම්බෙන් දුටුවේ පාරේ ගමන් කරන විටය. ඒ ගැන විමසිල්ලෙන් බැලූ විට සාමාන්‍යයෙන් අපට පුරුදු වෙස්මුහුණු කිසිවක් මට එතැන දැකිය නොහැකි බව පෙනිනි. පෙර කාලයේ අපට භාවිත කරන්නට ලැබුණු වර්ණවත් සත්ත්ව රූප හෝ කෝලම් සම්ප්‍රදායේ වෙස්මුහුණු හෝ කිසිවක් එහි දැකිය නොහැකි විය. ඒ අලෙවිසැලේ වූ වෙස්මුහුණු සමහරක් හොල්මන් රූප බව බැලූ බැල්මට මට පෙනිනි. ඒවායේ ද අනෙක් මුහුණුවල ද දේශීයත්වයක් තිබුනේම නැති තරම්ය. ඒවා වඩා සමාන වූයේ බටහිර රටවල හැලොවීන් දිනයේ භාවිත කරන වෙස්මුහුණුවලටය. ඒවා ආනයනය කරන ලද ඒවා බවක් ද පෙනිනි.

අනෙක් වැදගත් කරුණ වූයේ මේ වෙස්මුහුණු තනා තිබූ ද්‍රව්‍යයයි. මේවා බොහොමයක් තනා තිබුනේ තුනී ප්ලාස්ටික් වර්ගයකින් බව පෙනිනි. මේවා වැඩි කලක් භාවිත කළ නොහැකි බවක් (මේ වෙස්මුහුණු අප භාවිත කළේ උත්සව සමයේ දී පමණකි) පැහැදිලිව පෙනුණු අතර ප්ලාස්ටික්වලින් තැනූ මේවා දිරායන්නේ සෙමින් බව අමුතුවෙන් කිව යුතු නැත. අප කුඩා කාලයේ භාවිතයට ගත් කඩදාසි වෙස්මුහුණු දැන් දැකිය නොහැකි තරම්ය. ඒවා දිරායන බැවින් පරිසරයට බෙහෙවින් හිතකාමී ද විය.

මේවා පාලනය කළ නොහැකිද? යන්න මෙහි දී ඇති වන ගැටලුවයි. විවෘත ආර්ථිකයක් ඇති රටක මෙවැනි වෙළඳාමක් පාලනය කිරීම අපහසු විය හැකිය. එහෙත් එය බොද්ධ පාරිභෝගිකයන්ට කිරීමට පිළිවන. අපට මේ විච්චූර්ණ හා ප්ලාස්ටික් වෙස්මුහුණු ප්‍රතික්ෂේප කළ හැකි නම් එය ඉතා අගනේය. එසේම බොදුනුවන්ගේ ප්‍රධානතම ආගමික උත්සවය වන වෙසක් උත්සවය මෙවැනි නොගැලපෙන වාණිජ උපක්‍රමවලින් මුදවා ගැනීමේ වගකීමක් බලධාරීන්ට ද නැත්තේ නොවේ.

සුභ වෙසක් මංගල්‍යයක්ම වේවා!

Wednesday, April 18, 2012

ජගත් පරිසර විමසුම 119 (Global Environmental Watch, 119)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2012-04-18, පි. 11 (Vidusara, 2012-04-18, p.11)

විමසුම - සුළං බලාගාර මගින් පක්‌ෂීන්ට සිදු වන හානි පිළිබඳ නව පර්යේෂණයක්‌
ප්‍රමුඛ පුවත - අදිරද පෙන්ගුවින් ගහනය සිතුවාට වඩා අධිකයි
පුවත් සැකෙවින් - පිරිසිදු ජල ඉලක්‌කය ඈතයි? / ඉන්දියාවටත් දේශගුණ පනතක්‌? / මිහිතල දිනය - අප්‍රේල් 22


සුළං බලාගාර මගින් පක්‌ෂීන්ට සිදු වන හානි පිළිබඳ නව පර්යේෂණයක්‌

ලෝකයේ භාවිත වන පුනර්ජනනය කළ හැකි බලශක්‌ති ප්‍රභව අතර සුළං බලයට හිමි වන්නේ වැදගත් ස්‌ථානයකි. ලෝකය මුහුණ දී ඇති බලශක්‌ති අර්බුදය නිසාත්, පිරිසිදු බලශක්‌තියක්‌ වන නිසාත් සුළං බලය කෙරේ සැලකිය යුතු අවධානයක්‌ යොමු වී තිබේ. මේ නිසා ඒ සම්බන්ධව සිදු කරනු ලබන ආයෝජන ද ඉහළ ගොස්‌ තිබේ. දියුණු වන රටවල ද වැඩි අවධානයක්‌ මේ පිළිබඳව යොමු වී තිබේ.

කෙසේ වෙතත් සුළං බලයේ දැකිය හැකි යම් යම් සීමා පිළිබඳව මෙන්ම එහි ඇති අහිතකර බලපෑම් පිළිබඳව ද බොහෝ කලක පටන් ජගත් මට්‌ටමෙන් සාකච්ඡාවට ලක්‌ ව ඇත. මෙවැනි එක්‌ අහිතකර බලපෑමක්‌ සේ සැලකෙන්නේ සුළං බලාගාර නිසා පක්‌ෂීන්ට ඇති විය හැකි හානිකර බලපෑම් ය. සුළං ටර්බයිනවල පක්‌ෂීන් ගැටීම නිසා මරණයට පත් විය හැකි අතර මේවා නිසා පරිසර පද්ධතියේ ද වෙනස්‌ වීම් ඇති විය හැකි ය. පසුගිය දා ප්‍රකාශයට පත් මේ පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයක වැදගත්කම නිසා ඒ පිළිබඳව මේ තීරුව ඔස්‌සේ සාකච්ඡා කිරීමට අපි සිතුවෙමු.

සුළං බලාගාර හා පක්‌ෂීන්

බ්‍රිතාන්‍යය පාදක කරගෙන ඇති මේ අධ්‍යයනය සිදු කර ඇත්තේ පක්‌ෂීන් පිළිබඳව කටයුතු කරන සංවිධාන දෙකක්‌ වන පක්‌ෂි අධ්‍යයනය සඳහා වන බ්‍රිතාන්‍ය භාරය (BTO) හා පක්‌ෂි ආරක්‌ෂාව සඳහා වූ රාජකීය සමිතිය (RSPB) සමඟ සම්බන්ධ විද්‍යාඥයන් පිරිසකි. මෙහි දී විවෘත උස්‌බිම් ප්‍රදේශවල පිහිටා ඇති බලාගාර දහ අටක්‌ ඒවා ඉදි කිරීමට පෙර, ඉදි කරමින් පවත්නා අතර හා ඉදි කිරීමෙන් පසු යන අවස්‌ථාවල දී පක්‌ෂි ගහනයේ ඇති වන තත්ත්වය පිළිබඳව පරීක්‌ෂා කර ඇත. ඔවුන් ගේ නිරීක්‌ෂණ පක්‌ෂි විශේෂ දහයක්‌ පිළිබඳව විය. ඉන් වැඩි ප්‍රමාණයක්‌ ජලජ පක්‌ෂීන් ය.

මේ අනුව අනාවරණය වී ඇත්තේ අධ්‍යයනය කළ බොහෝ පක්‌ෂීන්ට බලපෑම් සිදු වන්නේ සුළං ටර්බයින ඉදි කිරීමේ දී මිස ඒවා ක්‍රියාත්මක වීමේ දී නො වන බව ය. එසේ ම වෙනස්‌ පක්‌ෂි විශේෂවලට මේ බලපෑම විවිධ විය හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, ඇතැම් විශේෂවල ගහනය බලාගාර ඉදි කිරීමේ දී අඩු වුවත් එය පසුව නැවත යථා තත්ත්වයට පත් වී ඇත. තවත් සමහර පක්‌ෂීන් ගේ ගහන එසේ යළිත් යථා තත්ත්වයට පත් නො වී දිගින් දිගට ම අඩු ව ගොස්‌ තිබේ. මෙවැනි පක්‌ෂි විශේෂ අතර මහවටුවන් (Curlew) හා කැස්‌වටුවන් (Snipe) ඇති අතර ඔවුන් පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කළ යුතු බව එහි දැක්‌වේ. මේ පක්‌ෂි විශේෂ මිනිස්‌ කටයුතුවලට සංවේදී වන අතර මෑත දශක කිහිපයක කාලයේ දී ඔවුන් ගේ ගහන අඩුවීම් එරටින් වාර්තා වී තිබේ. එසේ ම බලාගාර ඉදි කිරීමෙන් පසු තවත් පක්‌ෂි ගහනවල වර්ධනය වීමක්‌ ද සිදු වේ. ප්‍රදේශයේ වෘක්‌ෂලතා වෙනස්‌ කිරීමෙන් (පෙරළා දැමීමෙන්) ඔවුන්ට ආහාර සොයාගැනීමට හෝ වාසස්‌ථාන තැනීමට වැඩි අවස්‌ථාවක්‌ උදා වී ඇති බවක්‌ පෙනේ.

එසේ ම සුළං ටර්බයිනවල උස හා ජනනය වන විදුලි බලය වැනි කරුණු හා පක්‌ෂීන්ට වන බලපෑම අතර සම්බන්ධයක්‌ නොමැති බව මෙහි දී අනාවරණය වී ඇත. අධ්‍යයනයට ලක්‌ කළ පක්‌ෂි විශේෂ සුළං ටර්බයින හා ගැටීමක්‌ සිදු නො වන බවක්‌ මේ වාර්තාවේ සඳහන් වේ.

මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහි දී යෝජනා වී තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත් බලාගාර ඉදි කිරීම සම්බන්ධ පරිසර අධ්‍යයනවල දී ඉදි කිරීම් පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කිරීම හා ඉදි කිරීම් කටයුතු පක්‌ෂීන් ගේ අභිජනන කාලයේ දී සිදු නො කිරීම වැනි පියවර දක්‌වා යා හැකි ය.

සමස්‌තයක්‌ ලෙස ගත හොත් සුළං බලාගාර හා පක්‌ෂීන්ට සිදු වන බලපෑම පිළිබඳව මෙතෙක්‌ ප්‍රකාශයට පත් ව ඇති වාර්තාවලින් පෙන්වා දෙන තරම් පෙනෙන තත්ත්වය අහිතකර නොමැති බව මේ අධ්‍යයනයෙන් පැවසේ. (මූලාශ්‍රයJournalof Applied Ecology, DOI: 10.1111/j.1365-2664.2012.02110.x)

වැදගත් කරුණු අනාවරණයක්‌

මේ අධ්‍යයනයෙහි යම් යම් සීමා ඇති බවක්‌ පෙනේ. එය භූගෝලීය වශයෙන් සීමාසහිත ප්‍රදේශයක සිදු කර ඇත. ඒ නිසා පක්‌ෂීන් ගේ ගැවසීම අධික ප්‍රදේශවල ඇති වන බලපෑම මීට වඩා වෙනස්‌ විය හැකි ය. අනෙක්‌ අතට මේ අධ්‍යයනයේ දී විශාල මාංශභක්‌ෂක පක්‌ෂීන් පිළිබඳව අධ්‍යයනය කර නොමැති අතර සුළං ටර්බයින හා ගැටීම් වැඩි වශයෙන් වාර්තා වන්නේ මේ පක්‌ෂීන් හා සම්බන්ධ ව ය.

කෙසේ වෙතත් මෙහි දී අනාවරණය වන වැදගත් කරුණක්‌ නම් මෙහි දී යොදාගෙන ඇති ක්‍රමවේදයයි. එනම් සුළං බලාගාරවලින් සිදු විය හැකි බලපෑමක්‌ තිබේ නම්, එය අදාළ ස්‌ථානයේ අඛණ්‌ඩව සිදු කරන ලද අධ්‍යයනයක්‌ මඟින් අනාවරණය කර ගැනීම ය. එනම් ටර්බයින ඉදි කිරීමට, ඉදි කරන අවස්‌ථාවේ දී හා ඉදි කිරීමෙන් පසු යනුවෙන් පක්‌ෂීන්ට ඇති විය හැකි බලපෑම ක්‍රමානකූලව සෙයා බැලීම ය. මේ හා සමාන අධ්‍යයන ඕනෑ ම රටක සිදු කළ හැකි බව ද පෙනේ. එසේ ම මේ ගැන විමසීමේ දී පැහැදිලි වන වැදගත් ම කරුණ වන්නේ සුළං බලාගාර ඉදි කිරීමේ දී අදාළ ප්‍රදේශයේ පක්‌ෂීන් ගේ ගැවසීම හා සුලබතාව පිළිබඳව කරුණු සලකා බැලීම වැදගත් බව ය.

ප්‍රමුඛ පුවත
අදිරද පෙන්ගුවින් ගහනය සිතුවාට වඩා අධිකයි

ඇන්ටාක්‌ටික්‌ මහාද්වීපයේ දැකිය හැකි අධිරද පෙන්ගුවින් හෙවත් එම්පරර් පෙන්ගුවින් (Aptenodytes fosteri) ගහනය මෙතෙක්‌ පැවැති අගය මෙන් දෙගුණයක්‌ පමණ වන බව චන්ද්‍රිකා තාක්‌ෂණය යොදා ගනිමින් සිදු කරන ලද අධ්‍යයනයක දී හෙළි වී තිබේ.

මෙය සිදු කළ හැකි වූයේ අයිස්‌වලින් වැසී පවත්නා ඇන්ටාක්‌ටික්‌ මහාද්වීපය සුදු පැහැ වීම නිසා ඒ මත පෙන්ගුවින් සතුන් තද පැහැයෙන් පෙනෙන නිසා ය. උක්‌ත අධ්‍යයනයේ දී සමස්‌ත ඇන්ටාක්‌ටික්‌ වෙරළ තීරය ආවරණය වන පරිදි 2009 වර්ෂයේ පෙන්ගුවින් අභිජනන සමයේ දී ලබාගත් වන්ද්‍රිකා ඡායාරූප යොදාගෙන ඇත. එහි දී පළමුව පෙන්ගුවින් ජනපද ඇති ස්‌ථාන ඔවුන aගේ මළද්‍රව්‍ය මඟින් හඳුනාගෙන තිබේ. ඉන් පසුව ඉහළ විභේදනයක්‌ ඇති චන්ද්‍රිකා ඡායාරූප යොදාගනිමින් නව ක්‍රමවේදයකට අනුව ඔවුන් ගණනය කර තිබේ. ඔවුන් ගේ සෙවනැලි හා මළද්‍රව්‍යවලින් සතුන් වෙන් කර ගැනීම සඳහා මෙහි දී උපක්‍රමයක්‌ යොදාගෙන තිබීම විශේෂයකි. අවසානයේ දී පෙන්ගුවින් සතුන් වාසය කරන ප්‍රදේශය පමණක්‌

නිවැරැදිව හඳුනාගෙන ඔවුන් ගේ ගහන ඝනත්වය මත පදනම් ව ගහනයේ සිටින සතුන් ප්‍රමාණය ගණනය කර ඇත. මේ අධ්‍යයනයෙන් පෙන්ගුවින් ජනපද 46ක්‌ හඳුනාගෙන ඇති අතර ඉන් කිහිපයක්‌ පමණ මෙතෙක්‌ හඳුනාගෙන නො තිබූ ඒවා වීම විශේෂිත ය.

මේ අනුව ඇන්ටාක්‌ටිකාවේ වාසය කරන අධිරද පෙන්ගුවින් සතුන් ප්‍රමාණය 595,000ක්‌ පමණ වේ. මින් පෙර පැවැති ඇස්‌තමේන්තුව වූයේ මේ සතුන් 270,000-350,000 අතර ප්‍රමාණයක්‌ හමු වන බව ය. ඒ අනුව නව ගණනය මේ සංඛ්‍යාව දෙගුණයකින් පමණ ඉහළ දමා තිබේ.

මෙය අභ්‍යවකාශයේ සිට කිසියම් සත්ත්ව විශේෂයක්‌ පිළිබඳව සිදු කරන ලද පළමු විස්‌තරාත්මක අධ්‍යයනය සේ සැලකේ. මේ පෙන්ගුවින් විශේෂය දේශගුණ වෙනස්‌ වීම නිසා තර්ජනයකට ලක්‌ විය හැකි සේ සැලකේ. ඒ පිළිබඳ සිදු කරනු ලබන අධ්‍යයන සඳහා ඔවුන් ගේ සැබෑ ගහනය පිළිබඳ නිවැරැදි සංඛ්‍යාලේඛන නව අධ්‍යයනයෙන් ලැබී තිබීම අධිරද පෙන්ගුවින් සංරක්‌ෂණයේ ලා වැදගත් කරුණකි. (මූලාශ්‍රය PLoSOne,DOI:10.1371/journal.pone.0033751)

පුවත් සැකෙවින්

පිරිසිදු ජල ඉලක්‌කය ඈතයි?

පිරිසිදු ජල සැපයුමක්‌ ළඟා කර ගැනීම පිළිබඳ ඉලක්‌කය ඇතැම් රටවල දී මෙතෙක්‌ සිතා සිටියාට වඩා කල් යන බවක්‌ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ප්‍රකාශයට පත් කර ඇති වාර්තාවක්‌ අනුව පෙනේ. මීට හේතුව අදාළ රටවල ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ දත්ත මේ රටවල සහස්‍ර සංවර්ධන අභිමථාර්ථවල ප්‍රගතිය දැක්‌වීමේ වාර්තාවලට ඒකාබද්ධ කිරීමට නොහැකි වීම බව ද දක්‌වා තිබේ.

මේ බව අනාවරණය වී ඇත්තේ 2004-2005 අතර කාලයේ දී ලෝකයේ රටවල් පහක සිදු කර ඇති සමීක්‌ෂණ පිළිබඳව පර්යේෂකයන් පිරිසක්‌ විසින් යළිත් සිදු කරන ලද විශ්ලේෂණයක දී ය. ඒ අනුව හෙළි වී ඇත්තේ ඇතැම් රටවල දී ජලය සම්බන්ධ සහස්‍ර සංවර්ධන ඉලක්‌ක අත්පත් කරගැනීම පිළිබඳ ප්‍රගතිය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වන බව ය. මේ අතර ඉතියෝපියාව, නිකරගුවා හා නයිජීරියාව යන රටවල් වේ. මීට හේතුව යොදාගෙන ඇති දත්ත ජාතික හෝ ජාත්‍යන්තර ප්‍රමිති හා නො ගැලපීමයි.

මේ අනුව පෙනෙන්නේ අදාළ රටවල් ජලය පිළිබඳ සහස්‍ර සංවර්ධන ඉලක්‌ක අත්පත් කර ගැනීමේ දී මීට වඩා කටයුතු කළ යුතු බවකි. මේ තත්ත්වය දියුණු වන රටවල් සමහරක වෙනත් අංශ හා සම්බන්ධව පවා දැකිය හැකි කරුණක්‌ වේ. (මූලාශ්‍රය Bulletin of the World HealthOrganization, DOI: 10.2471/BLT.11.094284)

ඉන්දියාවටත් දේශගුණ පනතක්‌?

ඉන්දියාවේ බිජු ජනතා දාල් නම් පක්‌ෂයක මන්ත්‍රීවරයකු විසින් පෞද්ගලික පනතක්‌ ලෙස එරට පාර්ලිමේන්තුව හෙවත් ලෝක්‌ සභාවට දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ සවිස්‌තර නීති රීති ඉල්ලා පනත් කෙටුම්පතක්‌ ගොනු කර තිබේ. මෙහි දී ඉල්ලා ඇත්තේ හරිතාගාර වායු විමෝචන වැළැක්‌වීමට හෝ ලිහිල් කිරීමට හා බලශක්‌ති කාර්යක්‌ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය එක්‌ නීතියක්‌ පැනවීමට රජය කටයුතු කළ යුතු බව ය.

ඉන්දියාවේ පුවත්පත් වාර්තා කරන ආකාරයට මේ යෝජිත පනත සම්මත වීමට ඇති ඉඩ අඩු නමුත්, එහි ඇති වැදගත්කම වන්නේ රජයට ද දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ කටයුතුවල දී අදට වඩා ක්‍රියාකාරී වීමට සිදු වීම ය. මේ වන විට වේගවත් කාර්මිකකරණයක්‌ හඹා යන ඉන්දියාව මෙන්ම තවත් රටවල් කිහිපයක්‌ ඇතැම් කරුණුවල දී නම්‍යශීලී බවක්‌ අනුගමනය නො කරන බවක්‌ පෙනේ. එය ද දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව ජාත්‍යන්තර සාකච්ඡාවල අසාර්ථකත්වයට හේතුවක්‌ බව පැහැදිලි ය.

මිහිතල දිනය - අප්‍රේල් 22

මිහිතල දිනය අප්‍රේල් මස 22ට යෙදේ. එය ලෝකයේ වර්තමාන පරිසර සංරක්‌ෂණ ව්‍යාපාරයේ මුල් අදියරේ කිසියම් සන්ධිස්‌ථානයක්‌ සේ සැලකිය හැකි ය. එය 1970 වර්ෂයේ දී ආරම්භ වූයේ අධික පරිසර හානියක්‌ දැකිය හැකි වූ හා නූතන අධි පරිභෝජනවාදී ජීවන ශෛලියේ තිඹිරිගෙය සේ සැලකිය හැකි ඇමෙරිකාවේ දී ය. එහෙත් එය ජාත්‍යන්තර වශයෙන් සමරනු ලබන දිනයක්‌ බවට පත් වූයේ 1990 දී පමණ ය. මේ වර්ෂයේ දී එය ශ්‍රී ලංකාවේ දී සමරන ලද නමුත් එය එතරම් ප්‍රකට වූයේ නැත.

මේ අතර 2009 වර්ෂයේ දී එක්‌සත් ජාතීන් ගේ සංවිධානයේ මහා මණ්‌ඩලය විසින් සම්මත කරන ලද යෝජනාවක්‌ අනුව 'ජාත්‍යන්තර මිහිතල මාතා දිනය' (International Mother Earth Day) යනුවෙන් ද අප්‍රේල් 22 දිනය පිළිගන්නා ලදි. මෙය තවමත් එතරම් ප්‍රසිද්ධියට පත් වී නැති බවක්‌ පෙනේ.


Sunday, April 15, 2012

ජගත් පරිසර විමසුම 118 (Global Environmental Watch, 118)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2012-04-11, පි. 11 (Vidusara, 2012-04-11, p.11)

විමසුම - ආන්තික කාලගුණ තත්ත්ව, දේශගුණ වෙනස්‌ වීම හා පරිසර පද්ධති
ප්‍රමුඛ පුවත - ඩොල්ෆින් හා කැස්‌බෑවුන්ට වැදගත් වන සාගර ආරක්‌ෂිත ප්‍රදේශ
පුවත් සැකෙවින් - ජෛව ඉන්ධන නිසා පක්‌ෂීන්ට වන බලපෑම අඩු කළ හැකියි / හිම වලසුන් ගේ PCB මට්‌ටම පහළට / ඉන්දියාවේ සුළං විභවය බොහෝ සේ ඉහළයි

ආන්තික කාලගුණ තත්ත්ව, දේශගුණ වෙනස්‌ වීම හා පරිසර පද්ධති

ආන්තික කාලගුණ තත්ත්ව යනු මිනිසුන්ට මෙන්ම ස්‌වාභාවික පරිසරයට ද සැලකිය යුතු බලපෑමක්‌ කළ හැකි තත්ත්වයකි. විවිධ ආන්තික තත්ත්ව නිසා ඇති වන මිනිස්‌ ජීවිත හා දේපොළ හානිය සුවිශාල ය. එසේ ම ඒවා සාමාන්‍ය මානව කටයුතු සඳහා ද තදින් බලපායි. මානව පරිසරයට සිදු වන හානිය නිසා බොහෝ විට එතරම් සැලකිල්ලකට ලක්‌ නො වුණ ද මෙවැනි තත්ත්ව නිසා වනජීවීන්ට හා පරිසරයට සිදු වන හානිය ද සුළුපටු නම් නො වේ.

එසේ ම වර්තමාන ලෝකයේ දැකිය හැකි සංකීර්ණ තත්ත්වයක්‌ වන දේශගුණ වෙනස්‌ වීම හා ආන්තික කාලගුණ තත්ත්ව අතර ඇති බලපෑම මෑත කාලයේ දී වැඩි අවධානයකට ලක්‌ වූ විෂයයකි. මේ සිදුවීම් දෙක අතර යම් සම්බන්ධයක්‌ ඇති ද යන්න ඇතැම් විට විවාදාත්මක ය. දේශගුණ සංශයවාදීන් ගේ අදහස්‌ බැහැර කළ ද ඇතැම් තත්ත්ව පිළිබඳව ඇති සාධකවල යම් යම් ගැටලු පැවතීම මීට හේතුවයි. මේ සම්බන්ව සිදු කරන ලද අධ්‍යයනයක්‌ හා ආන්තික තත්ත්ව ස්‌වාභාවික පරිසරයට සිදු කරන බලපෑම පිළිබඳව කළ පර්යේෂණයක්‌ ගැන මේ සතියේ පරිසර විමසුමේ අවධානය යොමු වේ.

ආන්තික තත්ත්ව හා දේශගුණ වෙනස්‌ වීම අතර සම්බන්ධය පැහැදිලියි

පසුගිය දශකයක පමණ කාලයේ දී ලෝකයේ බොහෝ ප්‍රදේශවල ඇති වූ ආන්තික කාලගුණ තත්ත්ව ප්‍රමාණය අසාමාන්‍ය ආකාරයෙන් අධික ය. මේ ආකාරයෙන් ඇති වන ආන්තික තත්ත්ව අතර ගංවතුර, නියඟය, තාප ප්‍රවාහ, සුළි සුළං හා කුණාටු ආදිය වැඩි අවධානයකට ලක්‌ ව ඇත. මේ සම්බන්ධව සිදු කරන ලද හා පසුගිය දා ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකට අනුව මේ ඇතැම් ආන්තික තත්ත්ව අධික වීම අහම්බෙන් සිදු වූවක්‌ නම් නො වේ. මේ ආන්තික තත්ත්ව ඉහළ යැම සිදු වී ඇත්තේ අහම්බෙන් නම් නො වේ. ඊට දේශගුණ වෙනස්‌ වීමේ සම්බන්ධයක්‌ තිබේ.

මේ අධ්‍යයනයේ දී පෙන්වා දෙන ආකාරයට මේ ආන්තික තත්ත්ව හා දේශගුණ වෙනස්‌ වීම අතර ඇතැම් විට ඇත්තේ කෙළින් ම පැවසිය හැකි ආකාරයේ සම්බන්ධයක්‌ නො විය හැකි ය. ඒ අතර ඇත්තේ සම්භාවිතාව පිළිබඳ ගැටලුවකි. අදාළ පර්යේෂකයන් මෙසේ පවසන්නේ මෑත දී ඇති වූ ආන්තික තත්ත්ව භෞතික විද්‍යාත්මකව, සංඛ්‍යානමය වශයෙන් හා පරිගණක ආශ්‍රයෙන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරු ව ය. මූලික භෞතික විද්‍යාත්මක සංකල්ප අනුව ඉහළ ගොස්‌ ඇති උෂ්ණත්වය නිසා ආන්තික කාලගුණ තත්ත්ව සුලභබ විය හැකි ය. එසේ ම සංඛ්‍යානමය අධ්‍යයනවලට අනුව වර්ෂාපතන තත්ත්ව ඉහළ ගොස්‌ ඇති බව පැහැදිලි කරුණකි. පරිගණකමය අධ්‍යයන අනුව ද උෂ්ණත්වය හා වර්ෂාපතනයේ ආන්තික තත්ත්ව හා මිහිතලය උණුසුම් වීම අතර සම්බන්ධයක්‌ පවතී. ඒ අනුව මේ සිදුවීම් දෙක අතර යම් රටාවක්‌ ඇති බව පැහැදිලි ය.

මේ අනුව ආන්තික වර්ෂාපතන තත්ත්ව (අධික වැස්‌ස හා වැසි අඩු වීම) හා තාප ප්‍රවාහ ඇති වීම අධික වීම හා දේශගුණ වෙනස්‌ වීම අතර යම් සම්බන්ධයක්‌ ඇති බව පැහැදිලි බව ඔවුන් නිගමනය කර තිබේ. එහෙත් ඉහළ ගොස්‌ ඇති සුළිසුළං හා කුණාටු තීව්‍රතාව හා දේශගුණ වෙනස්‌ වීම අතර සම්බන්ධයක්‌ තිබේ ද යන්න පැවසීමට තරම් දත්ත නොමැති බව මේ අධ්‍යයනයේ නිගමනයයි. කෙසේ වෙතත් ඇතැම් තනි ආන්තික තත්ත්ව සහ ප්‍රාදේශීයව ඇති වන එල් නිනෝ වැනි තත්ත්ව වෙනස්‌වීම් අතර යම් සම්බන්ධයක්‌ පවතී. (මූලාශ්‍රයNature Climate Change, DOI: 10.1038/NCLIMATE1452&

ආන්තික තත්ත්ව ස්‌වාභාවික පරිසරයට බලපාන අයුරු

මේ අතර පසුගිය දා ප්‍රකාශයට පත් වූ තවත් අධ්‍යයනයක අවධානය යොමු වී තිබුණේ ආන්තික තත්ත්ව නිසා ස්‌වාභාවික පරිසර පද්ධතිවලට ඇති වන අහිතකර බලපෑම් සම්බන්ධ ව ය. එහි දී ගණිතමය ආකෘති ඇතුළත් ක්‍රමවේදයක්‌ යොදාගනිමින් පරිසරයේ ඇති වන වෙනස්‌වීම් කුමන ආකාරයකින් අදාළ පරිසර පද්ධතිවලට හා ඒවායේ වාසය කරන ජීවීන්ට බලපාන්නේ ද යන්න විමසා තිබේ.

මේ අධ්‍යයනයට අනුව විශේෂ සාරතාව (species richness) අතින් ඉහළ පරිසර පද්ධතිවලට ආන්තික තත්ත්ව නිසා වැඩි බලපෑමක්‌ ඇති විය හැකි ය. මෙවැනි පරිසර පද්ධතියක එක්‌ පෝෂක මට්‌ටමක හමු වන ජීවී විශේෂ ප්‍රමාණය අධික වන අතර එවැනි එක්‌ විශේෂයකින් දැකිය හැකි ජීවීන් ප්‍රමාණය අඩු වීමට පුළුවන. ඒ අන්තර් විශේෂ තරගය නිසා ය. එහෙත් මේ නිසා පාරිසරික වෙනස්‌වීම්වල දී සීමිත ප්‍රමාණයකින් හමු වන ජීවී විශේෂ සම්පූර්ණයෙන් ම වඳ වී යැමේ අවදානමක්‌ තිබේ. මේ නිසා සමස්‌ත ආහාර දාමයේ ම යම් බිඳවැටීමක්‌ ඇති විය හැකි අතර අනුපිළිවෙළින් විවිධ පෝෂක මට්‌ටම්වල සිටින ජීවී විශේෂ වඳ වී යැමට හැකියාව පවතී. මේ තත්ත්වය ප්‍රපතන වඳ වීමක්‌ (cascading extinction) යනුවෙන් හැඳින්වේ. කොරල්පර හා නිවර්තන වනාන්තර මෙවැනි අවදානමක්‌ ඇති පරිසර පද්ධති සඳහා නිදසුන් වේ.

එහෙත් අඩු ජීවී විශේෂ සංඛ්‍යාවකට අයත් ජීවීන් විශාල වශයෙන් හමු වන පරිසර පද්ධතිවලට ආන්තික තත්ත්වවලින් ඇති වන බලපෑම මීට වඩා අඩු ය. සාමාන්‍යයෙන් විශේෂ සාරතාව පරිසර පද්ධතියක වැදගත් වූවක්‌ සේ සැලකුණ ද එය ඇතැම් ජීවී විශේෂවල පැවැත්මට හානිකර විය හැකි අවස්‌ථා ද ඇති බව මේ අනුව පෙනේ. (මූලාශ්‍රය Ecology and Evolution, DOI: 10.1002/ece3.218)

ප්‍රමුඛ පුවත
ඩොල්ෆින් හා කැස්‌බෑවුන්ට වැදගත් වන සාගර ආරක්‌ෂිත ප්‍රදේශ

සාගර ආරක්‌ෂිත ප්‍රදේශ ලෝකයේ මේ වන විට වැඩි අවධානයට යොමු වී ඇති මාතෘකාවකි. මේවා වැදගත් වන්නේ මේ වන විටත් වඳ වීමේ තර්ජනයට ලක්‌ ව ඇති සාගර ජීවීන් හා සාගර පරිසර පද්ධති ආරක්‌ෂා කර ගැනීම සඳහා ය. විශේෂයෙන් අධික ලෙස මසුන් ඇල්ලීම හා වෙනත් මානව කටයුතු නිසා මේ අවශ්‍යතාව ඇති වී තිබේ. දැන් දැන් මෙවැනි ප්‍රදේශ පිහිටුවීම ද ඉහළ ගොස්‌ ඇත. මේ පිළිබඳව අපේ අවධානය යොමු කිරීමට හේතු වන පර්යේෂණ දෙකක ප්‍රතිඵල පසුගිය දා වාර්තා විය.

ඉන් පළමුවැන්න කොළ කැස්‌බෑවුන් (Chelonia mydas) පිළිබඳව සිදු කරන ලද්දකි. එහි දී පෙන්වා දී ඇති පරිදි මේ කැස්‌බෑවුන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයකට ආරක්‌ෂිතව ජීවත් වීම සඳහා සාගර ආරක්‌ෂිත ප්‍රදේශ උපකාරී වේ. රටවල් 10ක පර්යේෂණ කණ්‌ඩායම් විසින් චන්ද්‍රිකා තාක්‌ෂණය යොදාගනිමින් කැස්‌බෑවුන් පිරිසක ගේ සංචරණ පිළිබඳව කරන ලද මේ අධ්‍යයනයේ දී හෙළි වී ඇති ආකාරයට එම කොළ කැස්‌බෑවුන් අතරින් සියයට 35ක්‌ පමණ ප්‍රමාණයක්‌ වාසය කරන්නේ සාගර ආරක්‌ෂිත ප්‍රදේශවල ය. එසේ ම මේ කැස්‌බෑවුන් හමු වීම ද අධික වී ඇත්තේ වඩා විශාල, ආරක්‌ෂිත බවින් ඉහළ හා වඩා පැරැණි ආරක්‌ෂිත ප්‍රදේශවල වීම ද වැදගත් ය. සාගර ආරක්‌ෂිත ප්‍රදේශ අතර කැස්‌බෑවුන් වැඩි වශයෙන් ගැවසෙන නොගැඹුරු මුහුදු ප්‍රදේශ අඩු වුවත් මේ පර්යේෂණයෙන් අනාවරණය වන කරුණුවලින් පෙනෙන්නේ තිබෙන ආරක්‌ෂිත ප්‍රදේශවල වැදගත්කම වඩා ඉහළ බවකි. (මූලාශ්‍රයGlobal Ecology and Biogeography,DOI: 10.1111/j.1466-8238.2011.00757.x)

දෙවැනි අධ්‍යයනයේ දී අනාවරණය වී ඇත්තේ වඩා විශාල ආරක්‌ෂිත ප්‍රදේශ ඩොල්ෆින් සතුන් සඳහා ඵලදායී වන බව ය. නවසීලන්තය ආසන්න මුහුදේ පිහිටා ඇති සාගර ආරක්‌ෂිත ප්‍රදේශයක වසර විසි එකක්‌ තිස්‌සේ කරන ලද ඩොල්ෆින් නිරීක්‌ෂණ මත මේ පර්යේෂණය සිදු කර තිබේ. ඊට අනුව 1988 දී අදාළ ආරක්‌ෂිත ප්‍රදේශය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු හෙක්‌ටර් ගේ ඩොල්ෆින් (Cephalorhynchus hectori) නම් විශේෂයේ මධ්‍යන්‍ය ප්‍රවර්තන සම්භාවීතාව (meansurvival probability) සියයට 5.4කින් පමණ ඉහළ ගොස්‌ තිබේ. මෙය සාගර ක්‌ෂීරපායින් ගේ ආරක්‌ෂාව සඳහා සාගර ආරක්‌ෂිත ප්‍රදේශවල දායකත්වය නිශ්චිතව පෙන්වා දෙන පළමු අධ්‍යයනයක්‌ සේ දක්‌වා ඇත. එසේ ම ඉන් පෙන්වා දෙන තවත් කරුණක්‌ වන්නේ ආරක්‌ෂිත ප්‍රදේශයේ විශාලත්වය ද මෙහි දී වැදගත් බව ය. (මූලාශ්‍රය Journal of Applied
Ecology, DOI: 10.1111/j.1365-2664.2012.02121.x)

පුවත් සැකෙවින්

ජෛව ඉන්ධන නිසා පක්‌ෂීන්ට වන බලපෑම අඩු කළ හැකියි

ජෛව ඉන්ධන වගා කිරීම නිසා වනජීවීන්ට සිදු වන බලපෑම් අඩු කළ හැකි ක්‍රමවේදයක්‌ අධ්‍යයනයක්‌ මඟින් පෙන්වා දී තිබේ. වැඩි වශයෙන් ගොවිපොළ ආශ්‍රිතව ජීවත් වන පරිසරය පිළිබඳ දර්ශක විශේෂයක්‌ සේ යොදාගන්නා පක්‌ෂි විශේෂයක්‌ වන Alauda arvensis ආශ්‍රයෙන් මේ අධ්‍යයනය සිදු කර ඇත.

මෙහි දී හෙළි වී ඇති ආකාරයට ජෛව ඉන්ධන භෝග වගාව නිසා ඇති විය හැකි අහිතකර බලපෑම් පාලනය කළ හැකි ආකාරයක්‌ තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, භූ දර්ශනය සකස්‌ කරන ආකාරය මත මේ පක්‌ෂීන් ගේ පැවැත්ම රඳා පවතී. භූ දර්ශනයේ විවිධත්වයක්‌ පවතී නම් එය මේ පක්‌ෂීන් සඳහා වඩා යෝග්‍ය වේ. නිදසුනක්‌ වශයෙන් ගත හොත් විවිධ භෝග වගා කිරීම හා කුඩා, අතරින් පතර ස්‌වාභාවික පරිසර පද්ධති පැවතීම දැක්‌විය හැකි ය. එසේ ම වගා භූමිය කුඩා වන්නේ නම් පක්‌ෂීන් ගේ සුලබතාවට ඉන් බලපෑමක්‌ නැති අතර භෝග වගා කරනු ලබන භූමි ප්‍රමාණය විශාල වන්නේ නම් කිසියම් සංරක්‌ෂණ ක්‍රියාමාර්ගයක්‌ යොදාගැනීම අවශ්‍ය වේ. (මූලාශ්‍රයGlobal Change BiologyBioenergy, DOI: 10.1111/j.1757-1707.2012.01170.x)

හිම වලසුන් ගේ PCB මට්‌ටම පහළට

නෝර්වේ දේශයේ උතුරු ප්‍රදේශයේ වාසය කරන හිම වලසුන් ගේ (Ursus maritimus&) දේහවල PCB ලෙසින් කෙටියෙන් හඳුන්වනු ලබන පොලික්‌ලෝරිනේටඩ් බයිෙµනිල් හා ඒ ආශ්‍රිත රසායනික ද්‍රව්‍ය අඩංගු බව සොයා ගන්නා ලද්දේ කලකට පෙර දී ය. විශේෂයෙන් මේ ද්‍රව්‍ය නිපදවීම හා භාවිතය බෙහෙවින් සීමා වී තිබූ තත්ත්වය හමුවේ මෙය වඩාත් සැලකිය යුතු කරුණක්‌ විය.

මේ සම්බන්ධව මෑත දී සිදු කරන ලද අධ්‍යයනයකට අනුව මේ වන විට තත්ත්වය තරමක්‌ යහපත් බව පෙනේ. එහි දී පෙන්වා දී ඇති පරිදි PCB හා ඒ හා සම්බන්ධිත වෙනත් රසායනික ද්‍රව්‍ය හිම වලස්‌ පැටවුන් ගේ රුධිරයේ හමු වන ප්‍රමාණය 1997/1998 හා 2008 අතර කාලයේ දී සියයට 59කින් පමණ පහළ ගොස්‌ තිබේ. එසේ ම මේ කාලය තුළ වැඩුණු මවු වලසුන් ගේ රුධිරයේ තිබූ PCB මට්‌ටම ද සියයට 55කින් පමණ අඩු වී ඇත. කෙසේ වෙතත් හිම වලසුන් අතර ඇති PCB සාන්ද්‍රණය වන සතුන් හා මිනිසුන් අතර අහිතකර ප්‍රතිඵල පෙන්වන සාන්ද්‍රණයට වඩා තවමත් ඉහළ වීම ගැටලුව තවමත් නිමා වී නැති බව පෙන්වා දෙයි. (මූලාශ්‍රයScience ofThe Total Environment, DOI: 10.1016/j.scitotenv.2011.12.033)

ඉන්දියාවේ සුළං විභවය බොහෝ සේ ඉහළයි

සුළං බලයෙන් විදුලිය නිපදවීම සඳහා ඉන්දියාවේ පවත්නා විභවය මෙතෙක්‌ සිතා සිටියාට වඩා අධික බව පසුගිය දා කළ ඇගැයීමකින් හෙළි වී ඇත. ඒ අනුව දැනට ඇස්‌තමේන්තු කර ඇති ප්‍රමාණය වන ගිගාවොට්‌ 102 මෙන් විසි ගුණයත් තිස්‌ ගුණයත් අතර ප්‍රමාණයක්‌ අධික විදුලි බලයක්‌ සුළඟ මඟින් ලබා ගැනීමට හැකි ය. මෙහි දී අදාළ සුළං ටර්බයිනවල උස අනුව තීරණය වේ.

ඉන්දියාව බරපතළ විදුලිබල අර්බුදයක්‌ දැකිය හැකි රටක්‌ වන අතර විදුලිබල ඉල්ලුම ද ඉතා වේගයෙන් ඉහළ යමින් තිබේ. සුළං බලයේ පිරිවැය ද තරගකාරී තත්ත්වයක්‌ දක්‌වා ක්‍රමයෙන් අඩු වෙමින් පවත්නා බැවින් එවැනි පුනර්ජනනය කළ හැකි විදුලිබල ප්‍රභවයක්‌ ලෙස සුළං බලයේ ඇති ප්‍රයෝජනය අමුතුවෙන් කිව යුතු නො වේ. (මූලාශ්‍රයReassessing WindPotential Estimates for India: Economic and Policy Implications, 2012,


Thursday, April 5, 2012

වාණිජකරණයට හා සංස්‌කෘතික ආක්‍රමණයකට ලක්‌ ව ඇති සිංහල අලුත් අවුරුද්ද

ධනේෂ් විසුම්පෙරුම
(Commercialisation and cultural invasion of the Sinhala New Year)

විදුසර, 2012-04-04, පි. 09 (Vidusara, 2012-04-04, p. 09)

තවත් සිංහල අවුරුද්දක්‌ එළැඹෙමින් තිබේ. මේ උත්සව සමයයි. එළැඹෙන අවුරුද්ද සඳහා සූදානම් වන ආකාරය නගරයේ මෙන් ම ගමේ ද දැක ගත හැකි ය. අවුරුද්දට අලුත් ඇඳුම් හා වෙනත් භාණ්‌ඩ මිලට ගැනීම සඳහා ඇඳුම් පැළඳුම් සාප්පුවල හා වෙනත් කඩ සාප්පුවල බොහෝ දෙනා රැස්‌ කන ආකාරයක්‌ දැකිය හැකි ය. බොහෝ ප්‍රදේශවල අවුරුදු උත්සව ද සංවිධානය වෙමින් තිබේ. නාගරික ප්‍රදේශවල නැවතී රැකියාවල යෙදෙන පිරිස්‌ මේ වන විට කල් බලමින් සිටින්නේ, දින දහයේ නිවාඩුව රැගෙන ගමේ යැම සඳහා ය. බොහෝ දෙනා ගේ කතාබහේ මාතෘකාව ද අලුත් අවුරුද්ද ය. මෙය ගමත් නගරයත් වෙනස්‌ කිරීමට හා නව්‍ය බවක්‌ එක්‌ කිරීමට හැකි සමයකි.

අලුත් අවුරුද්ද හා මූලික ව සම්බන්ධ වන්නේ තාරකා ශාස්‌ත්‍රය බව පැවසිය හැකි ය. තාරකා රාශි දොළහකින් යුක්‌ත වූ රාශි චක්‍රයේ අවසන් රාශිය සේ සැලකෙන මීන රාශියේ සිට පළමු රාශිය වන මේෂ රාශියට සූර්යයා සංක්‍රමණය වීම මේ උත්සවය හා සම්බන්ධ වේ. වර්තමානයේ දී අලුත් අවුරුද්ද එළැඹෙන්නේ අප්‍රේල් මාසයේ දී ය. (අතීතයේ දී මේ දිනය මාර්තු අග භාගයේ දී යෙදුණු බවට සාධක තිබේ. එය ප්‍රායෝගික ව විය හැකි දෙයකි). මේ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවේ දී සිංහලයන් මෙන් ම දමිළ හින්දූන් විසින් ද සමරනු ලබන බැවින් එය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලෙස නිල වශයෙන් හඳුන්වනු ලැබේ. (එහෙත් මේ ලිපියේ දී 'සිංහල අවුරුද්ද' යන යෙදුම යොදා ගන්නේ එය අපට වඩා සමීප යෙදුම වන නිසා ය. සිංහලයන් විසින් සමරනු ලබන්නේ සිංහල අවුරුද්ද ය. දමිළ ජාතිකයන් විසින් ඔවුන්ට අනන්‍ය සේ සමරනු ලබන්නේ ඔවුන් ගේ අලුත් අවුරුද්ද ය. අප මේ සංස්‌කෘතික විවිධත්වය පිළිගත යුතු ය.)

මේ කාලය රටේ ග්‍රාමීය ජනතාව ගෙන් වැඩි පිරිසකට කිසියම් විවේකී සමයකි. ගොවියා තම අස්‌වනු නෙළා අවසන් ව තිබේ. මේ නිසා තමන් ගේ සංස්‌කෘතික අංග යොදාගනිමින් අපූරු උත්සවයක්‌ නිර්මාණය කිරීමට ඔවුහු සමත් වූ හ. එහි දී විවිධ චාරිත්‍ර වාරිත්‍ර සඳහා විශේෂ තැනක්‌ ලබා දී ඇති අතර එතුළින් ඔවුන් ගේ ජීවිත නව්‍යතාවකින් යුක්‌ත ව යළි ආරම්භ කිරීමට හා සම්බන්ධතා අලුත් කර ගැනීමට ද අවස්‌ථාවක්‌ ලැබේ. එය අලුත් අවුරුද්දේ හරය විය. එසේ ම සිංහල අවුරුද්ද තවදුරටත් සමාජ උත්සවයක්‌ වන්නේ, ආගමික, කලා හා ක්‍රීඩා ආදී විවිධ අංශ සඳහා යොමු වූ විවිධ අංග ඊට ඇතුළත් වන නිසා ය. අපට සාමාන්‍යයෙන් අසන්නට නො ලැබෙන සිංහල ජන ගී අසන්නට ලැබෙන්නේ මේ කාලයේ දී ය. සාමාන්‍යයෙන් අප අතර දැකිය නො හැකි ජන ක්‍රීඩා ගණනාවක්‌ ද මේ දින කිහිපයක කාලයේ දී සමාජයේ දැකිය හැකි ය. අපේ සංස්‌කෘතියේ අනන්‍ය අංග සේ සැලකිය හැකි මේවායේ පැවැත්ම තහවුරු කිරීම සඳහා අලුත් අවුරුද්ද ඉතා වැදගත් වේ. සරල ව පවසන්නේ නම්, සිංහල අලුත් අවුරුද්ද සංස්‌කෘතික මංගල්‍යයකි.

එහෙත් මේ සංස්‌කෘතික මංගල්‍යයේ 'සංස්‌කෘතිය' ක්‍රමයෙන් වෙනස්‌ වෙමින් ඇති බවක්‌ අපට සිතේ. එය ඇතැම් විට අපට නො දැනෙන තරම් ය. මේ පිළිබඳ ව අප විසින් නිරීක්‌ෂණය කරන ලද කරුණු කිහිපයක්‌ මේ ලිපිය තුළින් ඉදිරිපත් කිරීමට අදහස්‌ කරමු. එය වාණිජකරණයක්‌ ලෙසින් හා සංස්‌කෘතික ආක්‍රමණයක්‌ ලෙසින් සිදු වන බව අපේ අදහසයි.

වාණිජකරණය වන සිංහල අවුරුද්ද

සිංහල අලුත් අවුරුද්දේ දැකිය හැකි එක්‌ වෙනස්‌ වීමක්‌ වන්නේ, එය බොහෝ වේගයෙන් වාණිජකරණය වෙමින් තිබීමයි. එය මෑත දී වඩාත් වේගයෙන් සිදු වන බවක්‌ අපට හැෙ`ග්. සිංහල අලුත් අවුරුද්ද වාණිජ උත්සවයක්‌ බවට පත් වෙමින් ඇති ආකාරය ක්‍රම දෙකකින් සිදු වන බවක්‌ දැකිය හැකි ය.

මින් පළමුවැන්න වන්නේ, එය වෙළෙන්දන්ට හා වෙළෙඳ ආයතනවලට තම භාණ්‌ඩ අලෙවි කර ගැනීමට අවස්‌ථාවක්‌ වී තිබීම ය. විවිධ අලෙවි උපක්‍රම භාවිත කරමින් පාරිභෝගිකයා සූරාකන්නට හා රවටන්නට වෙළෙඳුන් දරන උත්සාහය අපට නගරයේ සාප්පුවල සිට ගමේ පොළ දක්‌වා ම දැකිය හැකි ය. විශේෂයෙන් අලුත් ඇඳුම් පැළඳුම් හා විවිධ භාණ්‌ඩ සඳහා ඉල්ලුමක්‌ ඇති බැවින් එවැනි භාණ්‌ඩ අලෙවියේ දී මේ තත්ත්වය වඩාත් දැකිය හැකි ය. මීට අලුතින් එක්‌ වී ඇති දෙයක්‌ නම් විවිධ විදුලි උපකරණ 'සේල්' දමා ඇති නිසා බොහෝ අඩු මිලට ලබා ගත හැකි වීමයි. මේවා ඇතැම් විට යම් යම් හේතු මත අඩු මිලට මිස නියම මිලට අලෙවි කළ නො හැකි දේ ය. එසේ ම නව උපකරණවල සැබෑ අවශ්‍යතාවක්‌ නොමැති වුවත් ලාබෙට ලැබෙන නිසා ම ඇතැම් පාරිභෝගිකයෝ මේවා මිල දී ගනිති. මේ අලෙවිකරණයේ තත්ත්වය අලුත් අවුරුද්දට පමණක්‌ නො ව වෙසක්‌ උත්සවය හා නත්තල වැනි ආගමික උත්සව කාලවල දී පවා දැකිය හැකි ය. පාරිභෝගිකයන් මේවාට හසු වන්නේ ඔවුන් සබුද්ධික පරිහරණයක්‌ කෙරේ යොමු වී නොමැති නිසා ය.

වාණිජකරණයේ අනෙක්‌ මුහුණුවර වන්නේ, අලුත් අවුරුද්ද සඳහා ම වූ නව වෙළෙඳපොළක්‌ නිර්මාණය වී තිබීම ය. මේ නව වෙළෙඳපොළ ඇති වී තිබෙන්නේ, වැඩි වශයෙන් නාගරික ජනතාව ඉලක්‌ක කරගෙන ය. නිදසුනක්‌ ලෙස ගත හොත් සිංහල අවුරුදු කෑම මේසයේ අත්‍යවශ්‍ය අංග වන සාම්ප්‍රදායික රසකැවිලි හා වෙනත් ආහාර වර්ග තැනීමට නො හැකි හෝ ඊට වේලාවක්‌ නොමැති ගෘහණියන් වෙනුවෙන් නිර්මාණය වූ වෙළෙඳපොළක්‌ ඇත. ඔබට අවශ්‍ය ඕනෑ ම සාම්ප්‍රදායික අවුරුදු කැවිලි වර්ගයක්‌ දැන් නගරයේ වෙළෙඳසල්වලින් ලබා ගත හැකි ය. ඒවා අලෙවි කරන්නේ ද ජීවිතයේ පළමුවරට රෙද්ද-හැට්‌ටය ඇඳගත් තරුණියන් ය.

මේ ආකාරයෙන් කැවිලි තැනීමට නො හැකි අවස්‌ථාවල ඒ සඳහා වෙනත් විකල්ප හඳුන්වා දී ම ද සිදු වේ. බුලත් හුරුල්ලේ හැඩයට තනන ලද කේක්‌ ද දැන් වෙළෙඳපොළේ ඇති නිසා බුලත් හුරුල්ල කපා ආහාරයට ගැනීමට පවා දැන් හැකි ය. මේ වෙළෙඳපොළ නිසා නාගරික ජනතාව අතර අලුත් අවුරුද්දේ සම්ප්‍රදාය රැකෙන බවට අයෙක්‌ තර්ක කළ හැකි ය. එහෙත් තම නිවසේ කැවුමක්‌ බැදීමට නො හැකි වීම හෝ හැකියා ව තිබිය දී පවා ඒවා නිවසේ නො තැනීම යනු සිංහල අවුරුද්ද අපේ ජීවිතවලින් පිටස්‌තර වෙමින් පවතින බවට සාධකයකි. චාරිත්‍ර වාරිත්‍ර හැර අන් සියල්ල කඩෙන් ලබා ගැනීමට හැකි දිනයක්‌ ළ`ග දී ම එළැඹෙන බවක්‌ අපට පෙනේ.

වාණිජකරණයට ලක්‌ ව ඇති සියල්ල බාහිර දේ ලෙස සලකා එය අලුත් අවුරුද්දේ හරයට බලපෑමක්‌ නො කරන බවට කෙරෙන තර්ක ඇතත්, එය එසේ ම ද යන්න ගැටලුවකි. මෙය තවදුරටත් සමාජ විද්‍යාත්මක ව විමසා බැලිය යුතු තත්ත්වයක්‌ බව අපේ අදහසයි.

සංස්‌කෘතික ආක්‍රමණය

සිංහල අලුත් අවුරුද්ද යනු සිංහල සංස්‌කෘතියේ පිළිබිඹුවක්‌ බව අපි පැවසීමු. ඇතැම් සංස්‌කෘතිකාංග රැකී තිබෙන්නේ මේ කාලයේ දී එය සමාජයේ භාවිතයට ගැනෙන නිසා බව පෙර සඳහන් කරන ලදි. විශේෂයෙන් ජන ගී, ජන ක්‍රීඩා ආදිය මීට නිදසුන් ය. මේවා පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීමට හේතුව වන්නේ, අවුරුදු සමයේ දී ඒවා භාවිතයට ගැනෙන නිසා ය.

එහෙත් මේ වන විට මේ තත්ත්වයට යම් තර්ජනයක්‌ ඇති වී තිබෙන බවක්‌ පෙනේ. නිදසුනක්‌ ලෙස ගත හොත් මේ වන විට මාධ්‍ය ඔස්‌සේ සිංහල අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කරනු ලබන ඇතැම් උත්සව මඟින් මේ සංස්‌කෘතික තේමා සිංහල අලුත් අවුරුද්දෙන් ඉවතට ගෙන යන බවක්‌ පෙනේ. ජනමාධ්‍ය ආයතනවලින් සංවිධානය කරනු ලබන අවුරුදු කුමරිය තේරීමේ තරග එවැනි අවස්‌ථා සඳහා එක්‌ නිදසුනකි.

පසුගිය වසරේ එක්‌ රූපවාහිනි චැනලයකින් විකාශය වූ එක්‌ අලුත් අවුරුදු උත්සවයක වූ අවුරුදු කුමාරි තේරීමේ තරගයක එක්‌ අංගයක්‌ වූයේ, බටහිර සංගීත තාලයකට පා තැබූ අවුරුදු කුමරියන් ය. ඔවුන් සැරසී සිටියේ ද බටහිර විලාසිතාවලිනි. මෙය සිංහල අවුරුද්දට අදාළ වූයේ කෙසේ ද යන්න අපට නම් ගැටලුවක්‌ විය. අවුරුදු කුමාරි තේරීමේ තරගවල දී අප දකින්නේ සාමාන්‍ය සාම්ප්‍රදායික ඇඳුම් පැළඳුම්වලින් යුක්‌ත තරුණියන් ය. එහෙත් මේ තරගයේ දී අප දුටුවේ අවුරුදු කුමාරි තේරීමේ තරගය බටහිර මෝස්‌තරයේ රූප සුන්දරියන් තේරීම දක්‌වා ගෙන ඒමට කළ උත්සාහයකි. (කෙසේ වෙතත් මෙවැනි කෝලම්වලින් තොර ව අවුරුදු උත්සවයකට ගැළපෙන ආකාරයෙන් අවුරුදු කුමරියන් තේරූ ආකාරය ඇතැම් රූපවාහිනි චැනලවලින් අප දුටු බව ද සඳහන් කළ යුතු ය). අපේ රටේ මාධ්‍ය මඟින් සිදු කරනු ලබන සංස්‌කෘතික ආක්‍රමණයට මෙය ද නිදසුනක්‌ සේ සිතමු. අනෙක්‌ අතට සිංහල හෝ දෙමළ සංස්‌කෘතිය හෝ අලුත් අවුරුද්ද හෝ ගැන සැබෑ අවබෝධයකින් තොර වූවන් විසින් සකස්‌ කරනු ලබන හෝ නිර්මාණය කරනු ලබන මෙවැනි වැඩසටහන්වලින් සැබෑ අවුරුද්දක්‌ නිරූපණය වන්නේ ද යන්න සැක සහිත ය. එහෙත් මේ ක්‍රමයට ගැමි අවුරුදු උත්සව ආක්‍රමණය කිරීමට ද අවස්‌ථාවක්‌ ඇති බව අප අමතක නො කළ යුතු ය.

එසේ ම දැන් දැන් රටේ බොහෝ ප්‍රදේශවල පැවැත්වෙන අවුරුදු උත්සව ද වාණිජකරණයට ලක්‌ ව ඇති බවක්‌ පෙනේ. ඇතැම් අවුරුදු උත්සව යනු, පැහැදිලි ව ම වෙළෙඳ ආයතන අතර තරගයකි. බැලු බැලු අත පෙනෙන්නේ දැන්වීම් පුවරු ය. සියලු සැරසිලි දැන්වීම්වලින් යුක්‌ත ය. මේ දැන්වීම් කලාපයේ තැන් තැන්වල අවුරුදු ක්‍රීඩා හා වෙනත් අංග ක්‍රියාත්මක කරන ආකාරය දැකිය හැකි ය.

සංස්‌කෘතිය යනු, වෙනස්‌ වන දෙයක්‌ බැවින් අප මෙය උපේක්‌ෂාවෙන් බාර ගත යුතු බව ඇතැම් අයකු පැවසීමට ඉඩ තිබේ. එහෙත් එය එසේ ම ද? නැත. සංස්‌කෘතික උරුමයක්‌ ඇති ජන වර්ගයක්‌ ලෙස අප අපේ සංස්‌කෘතියට වැද්ද ගත යුත්තේ අපට ගැළපෙන දේ පමණකි. එවැනි වූ හර පද්ධතියක්‌ අප සතු ව තිබේ. අප පෙර සඳහන් කළ පරිදි හෙළ ගී, හෙළ ක්‍රීඩා ආදිය පිළිබඳ සාකච්ඡා කරමින් ඒවායේ සංස්‌කෘතික උරුමය පිළිබඳ ව සාකච්ඡා කරමින් අවුරුද්ද යනු සංස්‌කෘතික මංගල්‍යයකැ'යි කියමින් සිට මඳ වේලාවකින් බටහිර ගීතවල තාලයට බටහිර ඇඳුම් ඇඳගෙන පැමිණෙන රූප සුන්දරියන් අතරින් අවුරුදු කුමරියක තේරීම සිංහල අලුත් අවුරුද්ද ද? ජනමාධ්‍ය ආයතනයකින් කළ පමණින් මෙය නිවැරැදි ද?

සිංහල අලුත් අවුරුද්ද හා බැඳුණු අපේ සංස්‌කෘතියේ සියලු හර ඉවත් වී යන ආකාරය අප දෑත් බැඳගෙන හා මුව වසාගෙන බලා සිටිය යුතු නො වේ. එසේ වුව හොත් සමරන්නට සිදු වන්නේ 'සිංහල අලුත් අවුරුද්ද' ද යන ගැටලුව අපට ඇති වේ. මේ වාණිජකරණයෙන් හා සංස්‌කෘතිකමය ආක්‍රමණයෙන් සිංහල අවුරුද්දේ හරය ආරක්‌ෂා කර ගැනීම අභියෝගයක්‌ විය හැකි ය. එහෙත් 'සිංහල අලුත් අවුරුද්ද' තවදුරටත් සිංහල සංස්‌කෘතික උළෙලක්‌ වීමට නම් එය එසේ විය යුතු ය. මෙහි දී මේ වාණිජකරණය හා සංස්‌කෘතික ආක්‍රමණය සඳහා සෘජු ව දායක වී ඇති ජනමාධ්‍ය සතු විශාල වගකීමක්‌ වේ. අවාසනාවකට මෙන් අපේ රටේ සමහර ජනමාධ්‍ය ආයතන තම වගකීම් නිසි ආකාරයෙන් ඉටු කරන්නේ ද යන්න පිළිතුරු දීම අනවශ්‍ය ප්‍රශ්නයක්‌ බව අපේ අදහසයි.


ජගත් පරිසර විමසුම 117 (Global Environmental Watch, 117)

ධනේෂ් විසුම්පෙරුම

විමසුම - මිහිකත හෝරාව හා ලෝකය
ප්‍රමුඛ පුවත - ආක්‍රමණික ශාක විශේෂවල ව්‍යාප්තිය සඳහා දේශගුණය තීරණාත්මක වේ
පුවත් සැකෙවින් - ඔරංඔටං වාසනාවන්තයි? / ජපානයේ සුනාමි අවදානම / බ්‍රිතාන්‍යයේ ළමයි පරිසරයෙන් ඈත් වෙති

විදුසර, 2012-04-04, පි. 11 (Vidusara, 2012-04-04, p.11)

මිහිකත හෝරාව හා ලෝකය

රැසක දී පසුගිය සෙනසුරාදා රාත්‍රියේ දී සමරන ලදි. එදින පරිසරය පිළිබඳව කිසියම් හෝ සංවේදීතාවක්‌ දක්‌වන ලෝකවාසී ජනතාව විසින් තම රටේ වේලාවෙන් රාත්‍රී 8.30 සිට පැයක පමණ කාලයක්‌ අනවශ්‍ය විදුලි පහන් නිවා දමන ලදි. මේ හා සම්බන්ධව අපේ රටේ ද යම් උනන්දුවක්‌ දැකිය හැකි වූ අතර එය රාජ්‍ය මට්‌ටමේ සැලකිල්ලට ලක්‌ වීම ද වැදගත් සිදු වීමකි.

මිහිකත හෝරාවේ දී සිදු වන්නේ පාරිසරික වශයෙන් තිරසර වූ ක්‍රියාකාරකම් අරභයා අප විසින් දක්‌වනු ලබන සැලකිල්ල සංකේතවත් කිරීම සඳහා පැයක කාලයක්‌ අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම ය. මෙය කිසියම් ආකාරයකින් සංකේතාත්මක විරෝධතාවක්‌ සේ දැකිය හැකි ය. අනෙක්‌ අතට එය ලෝකය පුරා ජීවත් වන විවිධත්වයෙන් අනූන ජනතාවක්‌ කිසියම් එක්‌ අරමුණක්‌ වෙනුවෙන් සාමූහිකව එක්‌ කරනු ලබන ක්‍රියාකාරිත්වයක්‌ ද වේ.

මිහිකත හෝරාව (Earth hour) සැමරීම ආරම්භ වන්නේ ඉතා මෑත කාලයේ දී ය. නිශ්චිතව පවසන්නේ නම් සොබාදහම පිළිබඳ ලෝක ව්‍යාප්ත අරමුදල (WWF) හා සිඩ්නි හෙරල්ඩ් පුවත්පත විසින් ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නගරයේ දී 2007 වර්ෂයේ මාර්තු මාසයේ අවසන් සෙනසුරාදා දින මේ වැඩසටහන ආරම්භ කරන ලදි. එය පරිසරය සඳහා ජනතාව ආකර්ෂණය කිරීම සඳහා නව ව්‍යාපාරයක්‌ සෙවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස බිහි වූ බව පෙනේ. පළමු වරට ක්‍රියාත්මක කිරීමේ දී එදා සිඩ්නි නගරයේ වැසියන් මිලියන 2.2ක්‌ පමණ ඊට දායකත්වය දක්‌වා තිබේ. ඊළඟ වර්ෂයේ දී එය ඔස්‌ටේ්‍රලියාවෙන් පිටතට ව්‍යාප්ත වූ අතර ක්‍රමයෙන් රටවල් හා නගර ඊට එක්‌ වීමත් සමඟ අද වන විට ස්‌වෙච්ඡාවෙන් සිදු වන පාරිසරික ක්‍රියාකාරකම් අතර ප්‍රමුඛතම ක්‍රියාකාරකමක්‌ වේ. මේ වන විට සොබාදහම පිළිබඳ ලෝක ව්‍යාප්ත අරමුදලේ හා ඛැද ඊමරබැඑඑ නම් දැන්වීම් ප්‍රචාරණ ආයතනයේ සහයෝගීතාවක්‌ ලෙස මේ හෝරාව සැමරීම ක්‍රියාත්මක වේ.

මේ වර්ෂයේ මිහිකත හෝරාව

වසරින් වසර ලෝකයේ තව තවත් නගර මිහිකත හෝරාව සැමරීම සඳහා දායක වන අතර මේ වර්ෂයේ දී ලෝකයේ රටවල් 147ක නගර 6000කට අධික ප්‍රමාණයක්‌ ඒ හා සම්බන්ධ වන බව වාර්තා වී තිබිණි. මෙහි දී විදුලි බුබුළු නිවා දමා මීට සම්බන්ධ වූ පාර්ශ්ව අතර සුවිශේෂ ආයතන හා ස්‌ථාන වේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, ප්‍රංශයේ අයිෆල් කුලුන, ලන්ඩනයේ බිග්බෙන් ඔරලෝසුව හා පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල දැක්‌විය හැකි ය. ලෝකයේ තවත් නගර ගණනාවක සුවිශේෂී වැදගත්කමකින් යුක්‌ත ස්‌ථාන ද මීට සම්බන්ධ විය. ලෝකය පුරා විවිධ ප්‍රදේශවල වාසය කරන ජනතාවක්‌, එක ම දිනයක නිශ්චිත වේලාවක දී එකම අරමුණක්‌ වෙනුවෙන් සම්බන්ධ වීම මෙහි ඇති වැදගත් ම කරුණ වේ.

මේ වර්ෂයේ දී මිහිකත හෝරාව සඳහා අන් වර්ෂවලට වඩා වැඩි වශයෙන් පරිගණක පාදක කරගනිමින් සමාජ මාධ්‍ය යොදාගැනීම දැකිය හැකි විය. එය අදාළ පණිවිඩය ජනතාව අතරට ගෙන යැම සඳහා ද බෙහෙවින් දායක විය.

ශ්‍රී ලංකාවේ දායකත්වය

අපේ රටේ මේ වර්ෂයේ දී මිහිකත හෝරාව සැමරීම රාජ්‍ය මට්‌ටමේ උත්සවයක්‌ ලෙස ක්‍රියාත්මක විය. ඒ නිමිත්තෙන් රටේ නායකයා ගේ ප්‍රධානත්වයෙන් යුතුව මහනුවර ජනපති මැඳුරේ දී උත්සවයක්‌ පවත්වා තිබේ. ඒ විදුලි ආලෝකයෙන් තොර ව වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් අපේ රටේ ජනතාව අතරින් කෙතරම් පිරිසක්‌ මිහිකත හෝරාව සැමරීම සඳහා දායක වූයේ ද යන්න සොයාබැලීම වැදගත් ය. නිදසුනක්‌ ලෙස අදාළ පැයේ දී විදුලි පරිභෝජනයේ යම් වෙනස්‌කමක්‌ ඇති වී තිබේ ද යන්න මෙහි දී සැලකිල්ලට ගත හැකි ය. මෙරට විදුලි පරිභෝජනයේ යම් වෙනස්‌කමක්‌ ඇති වී තිබේ නම් හා ඊට හේතු වී ඇත්තේ මේ හෝරාව සැමරීම නම්, ජනතාව මිහිකත හෝරාව හා සම්බන්ධ කර ගැනීමට හැකි වූ බවක්‌ සිතිය හැකි ය. එය මේ ව්‍යායාමයේ සාර්ථකත්වය පෙන්වන්නකි. එය අපේ ජනතාව කෙතරම් දුරට පාරිසරික වශයෙන් සංවේදී ද හා සවිඤ්ඤාණික ද යන්න දැක්‌වීමට ද වැදගත් වනු ඇත. මේ ලියන මොහොත දක්‌වාත් එවැන්නක්‌ අපට දැනගැනීමට ලැබුණේ නැත.

සමස්‌තයක්‌ ලෙස ගත් විට ලෝකය පුරා ජනතාව පරිසරය වෙනුවෙන් එක්‌ කරන තවත් ව්‍යායාමයක්‌ සේ මේ හෝරාව හැඳින්විය හැකි ය. අප දන්නා පරිදි, 1970 වර්ෂයේ දී මිහිතල දිනය ආරම්භ වන්නේ පරිසරයට සිදු වෙමින් පැවැති හානිය පිළිබඳව විශේෂ උනන්දුවන් දැක්‌වූ පිරිසක්‌ විසින් ස්‌වෙච්ඡාවෙන් සංවිධානය කරන ලද දිනයක්‌ ලෙසිනි. මෙවැනි ප්‍රයත්නවල විශේෂත්වය වන්නේ පරිසරය හා සම්බන්ධ කරුණු පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙවැනි දින, හෝරා ආදිය යොදාගත හැකි නිසා ය. ඉන් තනි පුද්ගලයන් අතර, සමාජයක මෙන්ම රටක පවා වෙනසක්‌ සිදු කළ හැකි ය. වර්තමානයේ දී ඇති වී තිබෙන ගැටලුව වන්නේ ද අද දවසේ පාරිසරික ගැටලු හා ඒවායේ බරපතළ බව පිළිබඳව ලෝකයේ සංවේදීතාව අඩු වීම ය. පරිසරය ලෝකයේ මුල් පෙළේ ගැටලු අතරින් ඈත් වෙමින් ඇති බවක්‌ පෙනේ. එවැනි තත්ත්වයක්‌ වෙනස්‌ කිරීමට ජනතාව අතරින් නැඟී එන මිහිකත හෝරාව වැනි වැඩසටහන් වැඩි වැඩියෙන් අවශ්‍ය වේ.

ප්‍රමුඛ පුවත
ආක්‍රමණික ශාක විශේෂවල ව්‍යාප්තිය සඳහා දේශගුණය තීරණාත්මක වේ
ආගන්තුක ආක්‍රමණික ශාක විශේෂ ලෝකයේ බරපතළ පාරිසරික ගැටලුවක්‌ බව ප්‍රකට කරුණකි. මේ ආක්‍රමණික ශාක විශේෂවල ස්‌ථාපිත වීම සඳහා දේශගුණය තීරණාත්මක ලෙස බලපාන බව පසුගිය දා පළ වූ අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වේ. මේ අනුව බොහෝ ආක්‍රමණික ශාක විශේෂ ස්‌ථාපිත වන්නේ ඒ ශාකවල නිජබිම හා සමාන වූ දේශගුණික තත්ත්ව පවත්නා ප්‍රදේශවල ය.

මේ අධ්‍යයනය සඳහා ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති ආක්‍රමණික ශාක විශේෂ 50ක්‌ පිළිබඳ විස්‌තර යොදාගෙන තිබේ. දිගු කලක්‌ තිස්‌සේ සිදු කරන ලද හැදෑරීම්වලට අනුව ආක්‍රමණික ශාකවල ව්‍යාප්තිය හා දේශගුණය අතර ඇති සම්බන්ධය පිළිබඳව වඩාත් ශක්‌තිමත් සාධක මෙහි දී ලැබී තිබේ. හෙළි වී ඇති තොරතුරු අනුව ශාක සාර්ථකව ස්‌ථාපිත වන්නේ ඔවුන් ගේ මුල් දේශගුණික තත්ත්වය හා සදෘශ්‍ය වූ තත්ත්ව ඇති ප්‍රදේශවල ය. අධ්‍යයනය කළ ශාක අතරින් ඊට වඩා වෙනස්‌ ආකාරයෙන් ව්‍යාප්ත වන්නේ ශාක විශේෂ 7ක්‌ තරම් අඩු ප්‍රමාණයක්‌ පමණි. මේ කරුණු මත පදනම් ව ශාකවල ආක්‍රමණික ස්‌වභාවය ඇති විය හැකි ප්‍රදේශ නිර්ණය කිරීම සඳහා දේශගුණය පිළිබඳ කරුණු යොදාගැනීමේ හැකියාව තිබේ.

මිනිසා තමන් සංක්‍රමණය වන අවස්‌ථාවල දී තමාට ප්‍රයෝජනවත් ශාක හා සතුන් රැගෙන යැම අතීතයේ පටන් සිදු කර තිබේ. එහෙත් ලෝකයේ ආක්‍රමණික ශාක ව්‍යාප්ත වීම විශාල වශයෙන් සිදු වූයේ අදින් ශතවර්ෂ පහකට පමණ පෙර අධිරාජ්‍යවාදී රටවල් යටත්විජිත සොයා යැම ආරම්භ වීම හා සමඟ ය. ඒ සමඟ අහම්බෙන් හෝ වුවමනාවෙන් ම හෝ ලෝකයේ විවිධ ප්‍රදේශ අතර ශාක විශේෂ හුවමාරු වීම ආරම්භ විය. මේ අතරින් ඇතැම් විශේෂ සෙසු විශේෂ අභිබවා ව්‍යාප්ත වී තිබේ. ආගන්තුක ආක්‍රමණික ශාක බවට පත් වන්නේ මේ ශාක විශේෂ ය. මේවා නිසා ඇති වී තිබෙන ගැටලු රාශියකි. ඒවා ඇතැම් අවස්‌ථාවල බරපතළ තත්ත්ව වේ. එවැනි තත්ත්වයක්‌ තුළ ආක්‍රමණික තත්ත්ව ඇති කළ හැකි විශේෂ පිළිබඳව කල් තබා දැනගත හැකි නම් එය ඉතා වැදගත් වේ. අනෙක්‌ අතට වර්තමානයේ ලෝකයේ බරපතළ ම පාරිසරික අභියෝගය වන දේශගුණ වෙනස්‌ වීම හමුවේ දේශීය ශාක මුහුණ දෙන තර්ජන අතරට ආක්‍රමණික ශාක ද එක්‌ වී තිබේ. (මූලාශ්‍රය Science, DOI: 10.1126/science.1215933)

පුවත් සැකෙවින්

ඔරංඔටං වාසනාවන්තයි?

මිනිසුන් ගේ සංචරණය නිසා වනජීවීන්ට හා පරිසරයට ඇති වන බලපෑම පිළිබඳව සිදු කරනු ලබන අධ්‍යයන දැන් දැන් වැඩි වශයෙන් කියෑවීමට ලැබේ. නිදසුනක්‌ ලෙස ගත හොත් පසුගිය සතියේ දී අපට කියෑවීමට ලැබුණු පුවතකට අනුව පරිසර සංචාරකයන්ට වසරක්‌ වැනි දිගු කාලයක්‌ තිස්‌සේ වරින්වර මුහුණ දෙන ඔරංඔටං සතුන් ඒ සමඟ යම් ආතතියකට මුහුණ දෙන බවක්‌ දක්‌නට ලැබුණ ද ඉන් දිගුකාලීන වූ හෝ දැඩි වූ හෝ බලපෑමක්‌ ඇති වන බවක්‌ නම් නො පෙනේ.

මේ අධ්‍යයනය සිදු කර ඇත්තේ ඉන්දුනීසියාවේ බෝර්නියෝ දූපතේ වාසය කරන ඔරංඔටං (Pongo pygmaeus morio) සතුන් හා සම්බන්ධ ව ය. මෙහි දී පරිසර සංචාරකයන් හමු වූ දිනයේ දී ඔවුන් ගේ ශරීරයේ දැකිය හැකි වූ ආතතික හෝර්මෝනයක්‌ වන කෝටිසෝල් මට්‌ටම දැඩි ලෙස ඉහළ යන බවත් ඉන් පසු එය යළි යථා තත්ත්වයට පත් වන බවත් පෙන්වා දී තිබේ. ඒ අනුව ඔරංඔටං සතුන් කිසියම් ආකාරයකින් වාසනාවන්ත වන බවක්‌ සිතේ. ඒ මීට වඩා වෙනස්‌ ප්‍රතිචාර අනෙක්‌ සතුන් වෙතින් දැකිය හැකි වන නිසා ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, ඇතැම් සත්තු එවැනි තත්ත්ව හමුවේ ස්‌ථිර වෙනස්‌කම් දක්‌වති. (මූලාශ්‍රය PLoS ONE, DOI: 10.1371/journal.pone.0033357)

ජපානයේ සුනාමි අවදානම

ජපානයේ 2011 වර්ෂයේ දී ඇති වූ භූමිකම්පාව හා සමාන භූමිකම්පාවකින් මීටර් 34ක්‌ පමණ තරම් උස සුනාමියක්‌ වුවත් ඇති විය හැකි බව එරට විශේෂඥයන් පිරිසක්‌ විසින් පසුගිය දා සකස්‌ කරන ලද වාර්තාවක්‌ අනුව පෙනේ. එවැන්නක්‌ ඇති වුව හොත් ජපානයේ පැසිෆික්‌ වෙරළ තීරයේ විශාල ප්‍රදේශයක්‌ දැඩි හානියකට ලක්‌ විය හැකි ය.

මෙතෙක්‌ කලක්‌ පුරෝකථනය කර තිබුණේ රිච්ටර් පරිමාණයේ 9 ප්‍රමාණයේ භූමිකම්පාවකින් ඇති විය හැක්‌කේ මීටර් 20ක පමණ සුනාමියක්‌ බව ය. එහෙත් මේ නව අධ්‍යයනය සුනාමි අවදානම තවත් ඉහළ නංවයි. මින් පෙනෙන්නේ සුනාමි තත්ත්වයක දී ඇති විය හැකි හානිය මෙතෙක්‌ සිතා සිටියාට වඩා අධික විය හැකි බව ය. ඒ අනුව න්‍යෂ්ටික බලාගාර ආදි වැදගත් ස්‌ථානවල ආරක්‌ෂාව පිළිබඳව යළිත් සිතීමට සිදු වේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, පසුගිය වර්ෂයේ ඇති වූ මීටර් 14ක්‌ පමණ උස්‌ සුනාමියේ දී අනතුරට ලක්‌ වූ ෆුකුෂිමා බලාගාරය සැලසුම් කර තිබුණේ මීටර් 6ක ප්‍රමාණයේ සුනාමියකට ඔරොත්තු දීමට පමණි.

බ්‍රිතාන්‍යයේ ළමයි පරිසරයෙන් ඈත් වෙති

බ්‍රිතාන්‍යයේ ළමයින් පරිසරය හා මිශ්‍ර වීමෙන් ඈත් වෙමින් ඇති බව වාර්තාවකින් හෙළි වී තිබේ. ළමයින් නිවාස තුළ වැඩි වශයෙන් සිටීමට හේතු වී ඇත්තේ තදබදය, වීඩියෝ සඳහා ඇති ඇල්ම හා මාපියන් ගේ අදහස්‌ ය.

මේ තත්ත්වය ඔවුන් ගේ සෞඛ්‍යය හා අධ්‍යාපනය සඳහා ද යම් බලපෑමක්‌ සිදු කර ඇති බව ඉන් පෙන්වා දී තිබේ. බ්‍රිතාන්‍ය ළමයින් පරිසරයෙන් ලබා ගන්නා දැනුම අඩු වේ. පොත පතෙන් ඉගෙන ගන්නා දේට වඩා බාහිර පරිසරයේ දී ළමයින් උගන්නා දේ වැඩි බලපෑමක්‌ කළ හැකි බව පිළිගන්නා කරුණකි. එසේ ම ළමයින් අතර දැකිය හැකි ඇතැම් රෝග තත්ත්ව ඉහළ යැමට ද පරිසරයෙන් ඈත් වීම බලපා තිබේ. අනෙක්‌ අතට තම ළමා කාලය පිළිබඳව ඇති තෘප්තිමත් බව අඩු වීමට ද මෙය හේතු විය හැකි ය. 'සොබාදහම ඌනතාබාධය' (nature deficit disorder) නමින් හඳුන්වන මේ තත්ත්වය වැළැක්‌වීම සඳහා පියවර ගත යුතු බව අදාළ වාර්තාව පළ කළ ආයතනය කියයි. (මූලාශ්‍රය Natural Childhood, 2012, )