Wednesday, July 31, 2019

අමතක වූ සංවත්සරය - මිහිතලය උණුසුම් වීම නිවැරදිව පුරෝකථනය කළ චානි වාර්තාව (1979)

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2019.07.31, පි. 7 (Vidusara)



සඳ මතට මිනිසුන් පා තැබීමේ 50වන සංවත්සරය යෙදුනේ පසුගිය ජුලි මස විසි වැනිදිනටය. එය ලෝකය පුරා බොහෝ රටවල විද්‍යාඥයන් මෙන්ම සාමාන්‍ය ජනතාව විසින්ද සමරන ලදි. නීල් ආම්ස්ට්‍රෝං සඳහන් කළාක් මෙන්ම සඳ මතට පා තැබීම මිනිස් සංහතියේ විශාල ඉදිරි පියවරක් විය. ඒ ගැන කිසිදු විවාදයක් නැත. අභ්‍යවකාශය හා ග්‍රහලෝක ජයගැනීම තවදුරටත් සිහිනයක් නොවන බව එදා පැහැදිලි විය. අද වන විට ලෝකයේ බලවත් රාජ්‍ය ගණනාවක්ම පාහේ තමන්ගේම වූ අභ්‍යවකාශ වැඩසටහන් හා පර්යේෂණ ක්‍රියාත්මක කරයි. ඒ වෙනුවෙන් විශාල ධනයක්ද වාර්ෂිකව වැය කරනු ලැඛෙයි. අද වන විට අවධානය යොමු වී තිබන්නේ අ`ගහරු තරණය පිළිබඳවය.

එහෙත් එසේ අභ්‍යවකාශ තරණය හා වෙනත් ග්‍රහ වස්තු පිළිබඳව අප උනන්දුවක් දැක්වුවද, මේ මාසයටම යෙදී තිබුණු පෘථීවි පරිසරය පිළිබඳව වැදගත් වූ එක්තරා වැදගත් සිදුවීමක සංවත්සර ලෝකයේ එතරම් අවධානයකට ලක් වූයේ නැත. පසුගිය දිනයක The Conversation හි පළ වූ එක්තරා ලිපියකින් අවධානය යොමු විය යුතු එම සිදුවීමෙහි වැදගත්කම පෙන්වාදී ඇත.

එහි දැක්වෙන ආකාරයට මෙම සංවත්සරය ද මානව ශිෂ්ටාචාරයට අතිශයින් වැදගත් සිදුවීමක 40 වන සංවත්සරයයි. එනම් කාබන් ඩයොක්සයිඩ් වායුව නිසා සිදුවන ජගත් දේශගුණ වෙනස් වීම පිළිබඳව සිදුකරන ලද පළමු සවිස්තර ඇගැයීම සඳහා මග පෑදූ රැස්වීමයි. 1979 වර්ෂයේ ජුලි මස 23 සිට 27 දින දක්වා පැවැති එම රැස්වීම පවත්වා තිඛෙන්නේ ඇමරිකාවේ මැසචුසෙට්හි වුඩ්ස් හෝල් සාගරික විද්‍යා ආයතනය නම් ආයතනයේදීය. එරට ජාතික පර්යේෂණ සභාව (National Research Council) විසින් පිහිටුවන ලද, 'කාබන් ඩයොක්සයිඩ් හා දේශගුණය පිළිබඳ තත් කාර්ය කණ්ඩායම' (Ad Hoc Group on Carbon Dioxide and Climate) නමින් හඳුන්වන ලද කණ්ඩායමක රැස්වීමක් වූ මෙයට දේශගුණ විද්‍යාඥයන් පිරිසක් සම්බන්ධ වී තිඛෙයි.

චානි වාර්තාවේ විශේෂත්වය


එම රැස්වීමෙහි ප්‍රතිඵලයක් ලෙස සකස් කරන ලද වාර්තාව හඳුන්වනු ලබන්නේ 'කාබන් ඩයොක්සයිඩ් හා දේශගුණය - විද්‍යාත්මක ඇගයීමක්' Carbon Dioxide and Climate: A Scientific Assessment ) හෙවත් චානි වාර්තාව (Charney Report) නමිනි. ඒ අදාළ කණ්ඩායමේ සභාපති ලෙස ක්‍රියා කළ විද්‍යාඥයා වන ජූල් ග්‍රෙගරි චානි ගේ නම අනුව යමිනි. පිටු 22කින් යුක්ත කෙටි වාර්තාවක් වන මෙය වර්තමාන මිහිතලය උණුසුම් වීම පිළිබඳව සිදුකරන ලද මුල්ම විද්‍යාත්මක ඇගැයීම ලෙසින් සැලකෙයි.

කාබන් ඩයොක්සයිඩ් වායුව සතු ලෝකයේ උෂ්ණත්වය වර්ධනය වීම සඳහා කටයුතු කරන ස්වභාවය හෙවත් හරිතාගාර වායුවක් ලෙස ක්‍රියාකිරීම පිළිබඳව කරුණු පෙන්වා දී තිබුණේ 19වන සියවසේ පමණ සිටය. එමෙන්ම පොසිල ඉන්ධන දහනය නිසා සෙල්සියස් අංශක ගණනාවකින් වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යා හැකි බව පුරෝකථනය කර තිබුණේ 1950 දශකයේ පමණ සිටය. එවකට පැවති දැනුම භාවිත කරමින් 1972 වර්ෂයේදී පළ කරන ලද අධ්‍යයනයක් අනුව 20වන සියවස අවසන්වන විට සෙල්සියස් අංශක 0.6කින් උෂ්ණත්වය ඉහළ යන බවටද පුරෝකථනය කර තිබි‚.

කෙසේ වෙතත් 1970 දශකය වන විට මෙම පුරෝකථන පැවතියේ මතභේදාත්මක ස්වභාවයකය. ඒ සඳහා පුළුල් පිළිගැනීමක් ලැබී තිබූ බව සකසහිතය. එයට එක් හේතුවක් වූයේ 20 වැනි සියවසේ මැද භාගයේදී සිදුව තිබූ සිසිල් වීම හෙවත් ලෝක උෂ්ණත්වය අඩු වීමය. එය ගැන අවධානය යොමු කිරීම නිසා ඇතැම් ජනමාධ්‍යවල ලෝකය අයිස් යුගයක් කරා ගමන් කරන්නේදැයි සැක මතුකර තිබි‚.

පෙර සඳහන් කරන ලද, වුඩ්ස් හෝල් ආයතනයේ රැස්වීම පැවැත්වෙනුයේ මෙවැනි පසුබිමකය. එම රැස්වීම සඳහා ප්‍රවීණ දේශගුණ විද්‍යාඥයන් දස දෙනෙකු පමණ සහභාගි වී ඇත. එසේම ඔවුන් ලෝකය පුරා තවත් විද්‍යාඥයන්ගෙන් උපදෙස් ලබාගෙන ඇති බවද සඳහන් වෙයි.

ඛෙහෙවින් නිවැරදි පුරෝකථන


මෙම වාර්තාවෙන් දැක්වෙන මූලික පුරෝකථනය වන්නේ කාබන් ඩයොක්සයිඩ් වායු සාන්ද්‍රණය දෙගුණයකින් ඉහළ යෑම නිසා සෙල්සියස් අංශක 3ක් පමණ මිහිතලය උණුසුම් විය හැකිය යන්නයි. ඒ අංශක 1.5ක දෝෂ සීමාවක්ද සමඟිනි. එනම්, කාබන් ඩයොක්සයිඩ් වායු සාන්ද්‍රණය දෙගුණ වුවහොත් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යන ප්‍රමාණය සෙල්සියස් අංශක 1.5ත්, 4.5ත් අතර විය හැකිය.

මෙම පුරෝකථනය ඉතා විද්‍යාත්මක එකක් ලෙස සැලකිය හැකි බව දක්වා තිඛෙයි. වසර 40කට පමණ පෙර ඔවුන් ඉහත කී පුරෝකථනය කළ කාලයත් අදත් අතර කාබන් ඩයොක්සයිඩ් වායුවේ සාන්ද්‍රණය 21%කින් පමණ ඉහළ ගොස් ඇත. එමෙන්ම මෙම කාලය ඇතුළත ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.66කින් පමණ ඉහළ ගොස් තිඛෙයි. අනුව කාබන් ඩයෙක්සයිඩ් වායු සාන්ද්‍රණය දෙගුණයකින් පමණ ඉහළ ගියහොත් සෙල්සියස් අංශක 2.5කින් පමණ ඉහළ යා හැකි බවක් පෙනෙයි. එය චානි වාර්තාවේ දක්වා තිඛෙන පුරෝකථනයට අඩු වන්නේ ඉතා සුළු ප්‍රමාණයකිනි. එමගින් පෙනෙන්නේ ඉහත කී පුරෝකථනය ඛෙහෙවින් නිවැරදි එකක් බවයි.


(රූපය - පසුගිය වසර 40 තුළ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය හා උෂ්ණත්වය වෙනස් වූ අයුරු)

පසුකාලිනව දේශගුණ විද්‍යාව වඩා දියුණු වී, අද වන විට වඩා සියුම් සවිස්තර පුරෝකථන සිදු කළ හැකි තත්ත්වයක් දක්වා දියුණු වී තිඛෙයි. එවැනි තත්ත්වයකදී ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම පිළිබඳ පුරෝකථන හා චානි වාර්තාවේ පුරෝකථන ඛෙහෙවින් සමාන වීම චානි වාර්තාවේ විද්‍යාත්මක බව සනාථ කරයි.

මෙම වාර්තාව සකස් කළ විද්‍යාඥයන් ඒ කාලයේ ක්‍රියාකාරීව සිටි ඉහළ පිළිගැනීමක් සහිත අය වුවද එම වාර්තාවට මහජනතාව හෝ ප්‍රතිපත්ති සම්පාදකයන් අතර වැඩි පිළිගැනීමක් ලැබුනේ නැත. ඒ නිසාම එමගින් එතරම් වෙනසක් ඇති නොවූ බවද සඳහන් වෙයි. එහෙත් එහි සඳහන් පුරෝකථන සත්‍ය බව පැහැදිලි වන විට ක්‍රමයෙන් එය පිළිගැනීමට ලක්විය. ඒ අනුව අද වන විට දේශගුණ වෙනස් වීම පිළිබඳ කතාවේ සන්ධිස්ථානයක් ලෙස මෙම වාර්තාව සලකනු ලැඛෙයි.

මෙම වාර්තාවේ විද්‍යාත්මක බව පැහැදිලි කිරීමේදී ඔවුන් එවකට පැවැති තත්ත්වය මත පදනම්ව මෙවැනි පුරෝකථනයක් කළ බව අමතක කළ යුතු නොවෙයි. එමෙන්ම ඔවුන් එම වාර්තාවෙහි දක්වා තිඛෙන පරිදි මෙම උෂ්ණත්ව ඉහළ යෑම වඩා අඩු අගයක් ගැනීමට හෝ එයට සම්පූර්ණ විරුද්ධ දෙයක් හෙවත් සිසිල්වීමක් ඇති වෙතැයි පැවසිය හැකි කිසිදු භෞතික බලපෑමක් පිළිබඳ සාධකයක් හමු නොවූ බව එම වාර්තාවේ සඳහන්ය. (ලෝකයේ උෂ්ණත්වය අඩු වී සිසිල්වීමක් ඇති විය හැකි බවටද අදහසක් එවකට තිබිණි)

පෘථීවිය ගැන අවධානය ප්‍රමාණවත්ද?


අනෙක් අතට සඳ ජයගෙන ගත වූ වසර 50ක පමණ කාලය තුළ මිනිසුන් දන්නා ඔවුන් ජීවත්වන ග්‍රහලෝකය වන පෘථීවියේ පරිසරය ආරක්ෂා කරගැනීම කෙතරම් සාර්ථකව සිදු කර තිබේද යන්න විමසිය යුතු පැනයකි. 1970 දශකයේම ආරම්භ වූ ජගත් පරිසර ව්‍යාපාරයද ක්‍රමයෙන් වර්ධනය වී ඇති අතර, එහි මැදිහත් වීම නිසා ඇතැම් අංශවල යහපත් ප්‍රවණතා දැකිය හැකි වුවත් තවත් පාරිසරික ගැටලූ ගණනාවක් අඛණ්ඩව වර්ධනය වී තිඛෙයි. එයට හේතු ගණනාවක්ම පවතී. නිදසුනක් ලෙස සමහර පාරිසරික ගැටලූවලට විසඳුම් සෙවීම හා ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන නායකත්වයට අවශ්‍යතාවයක් නොමැති වීම, පරිභෝජනවාදී සමාජ ක්‍රමය වැනි තත්ත්ව දැක්විය හැකිය.

අප මෙම ලිපියේ දී මාතෘකා කරගත් විෂයය වන දේශගුණ වෙනස්වී විසඳුම් සෙවීම පමා වී තිඛෙන පාරිසරික ගැටලූවකි. එය අද වන විට ලොව මුහුණ දී තිඛෙන බරපතළම පාරිසරික ගැටලූව බවට සැකයක් නැත. ඒ සඳහා විසඳුම් හා ඉලක්ක ප්‍රකාශයට පත්ව තිඛෙන නමුත්, ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා තවමත් ප්‍රමාණවත් පියවරක් ගෙන නොමැත. එමෙන්ම විසඳුම්වල තිඛෙන ඉලක්ක ප්‍රමාණවත් නොවන බව විද්‍යාඥයන්ගේ අදහසද වෙයි. ඒ අතර කාබන් ඩයොක්සයිඩ් මට්ටමද, උෂ්ණත්වයද ඒ නිසා ඇතිවන බලපෑම්ද සිදුවෙමින් පවතී.

මෙහිදී අපට සිහිපත් වන්නේ එඩ්වඩ් ජයකොඩි ගයන, රඹුකන සිද්ධාර්ථ හිමි රචනා කළ zමිනිසා සඳට ගියාලූ’ ගීතයේ එන කොටස් දෙකකි.

"මිනිසා සඳට ගියාලු - මිනිසා පුදුම වුණාලු
බිම බැලූවාලූ - උඩ බැලූවාලු - මිනිසා සඳට ගියාලු...

මිනිසා දියුණු වෙලාලූ - ලෝකේ අවුල් වෙලාලූ
දියුණු වෙලාලූ - අවුල් වෙලාලූ - මිනිසා සඳට ගියාලු..."

අභ්‍යවකාශ ගවේෂණය දියුණු විය යුතු තාක්ෂණයකි. ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් බවට විවාදයක් නැත. එහෙත් ඒ අතරම දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහාද වැඩි උනන්දුවක් දැක්වීම අවශ්‍ය වෙයි. ඒ අද අප ජීවත්වන පෘථීවිය මානව පැවැත්මට මෙන්ම සෙසු ජීවීන්ගේ පැවැත්ම සඳහාද රැකගත යුතු බැවිනි.

චානි වාර්තාව - Carbon Dioxide and Climate: A Scientific Assessment, DOI: 10.17226/12181

No comments:

Post a Comment