Friday, August 23, 2019

දේශගුණ වෙනස් වීම පිළිබඳ නව වාර්තාවක් හා ආගමික මුහුණුවරකින් ගැටලුවට මුහුණ දීමේ යෝජනාවක්

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2019.08.14, පි. 7 (Vidusara)
Not Available Online



දේශගුණ වෙනස් වීම අද ලොව හමුවේ තිඛෙන වඩාත් බරපතළ පාරිසරික ගැටලූව බවට විවාදයක් නැත. එය වැළැක්වීම සඳහා ගත හැකි පියවර පිළිබඳව සමස්ත ලෝකයේම අවධානය යොමු වී තිඛෙයි. එහෙත් ඊට පිළිතුරක් ලෙස ජගත් මට්ටමෙන් ක්‍රියාත්මක වන ප්‍රමාණවත් වැඩපිළිවෙලක් තවමත් පෙනෙන්නට නොමැත.

මේ අතර දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර් ආණ්ඩු මණ්ඩලය (IPCC) මගින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකින් කියැවෙන පරිදි මනා ඉඩම් කළමනාකරණයක් තිබීම දේශගුණ වෙනස් වීම වැළැක්වීමට උපකාර වෙයි. එහෙත් එය එකම විසඳුම නොවන බවත් පවසයි. සෙල්සියස් අංශක 2 (1.5 නොහැකි නම්) සීමාවේ ලෝකයේඋෂ්ණත්වය තබාගැනීමට නම්, සියලූ අංශවල හරිතාගාර වායු විමෝචන අඩු කිරීම අවශ්‍ය වෙයි. එම වාර්තාව සඳහා පසුගියදා අනුමැතිය හිමි වූයේ ස්විටර්ලන්තයේ ජිනීවාහිදී පැවැති රැස්වීමකදීය.

දේශගුණ වෙනස් වීම හා භූමිය (Climate Change and Land) නමින් කෙටියෙන් හඳුන්වනු ලබන මෙම විශේෂ වාර්තාව දේශගුණ වෙනස් වීම, කාන්තාරනය, භූමි හායනය, තිරසර ඉඩම් කළමනාකරණය, ආහාර සුරක්ෂිතතාව හා භෞමික පරිසරයේ හරිතාගාර වායු පවත්නා ආකාරය වැනි කරුණු පිළිබඳව අවධානය යොමු කර තිඛෙන්නකි. එහි දක්වා තිඛෙන කරණු අතර වැදගත් කරුණු කීපයක් මෙසේය.

ආහාර රටාව වෙනස් කිරීම


මිනිසුන් ඉදිරියේදී ශාකමය ආහාර අධික වූ ආහාර රටාවකට යොමුවීම දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහා යෝග්‍ය වූ පිළියමකි. මස් හා කිරි ආහාර අධික ලෙස භාවිත වන ආහාර රටාවකට යොමු වීම මිහිතලය උණුසුම් වීම සඳහා බලපාන්නකි. එසේ මස් අධික ආහාරයක් ගැනීම ඇතැම් ප්‍රදේශවලදී සිදු කළ යුත්තේ වෙනත් තේරීමක් නොමැති වීම නිසාය. එහෙත් බටහිර රටවල මස් පරිභෝජනය සාපේක්ෂව අධික බව රහසක් නොවෙයි. එය බටහිර ආහාර රටාවේ දැකිය හැකි මූලික අංගයක් වෙයි.

සමස්තයක් ලෙස ලෝකයේ මස් ආහාර පරිභෝජනය අඩු කළ හැකි නම්, අඩු භූමි ප්‍රමාණයකින් වැඩි පිරිසකට ආහාර ලබාදිය හැකි බව මෙම වාර්තාව පෙන්වාදෙයි. එහෙත් සියලූ දෙනාට ශාකමය ආහාර හෙවත් එළවළු ආහාරයට ගත යුතු යැයි මෙම වාර්තාව සඳහන් නොකරයි. (මේ පිළිබඳව විවේචනද එල්ල වී තිඛෙයි).

මේ කරුණෙහි වැදගත්කම පෙනෙන්නේ ආහාර නිෂ්පාදනය සඳහා අදාළ හරිතාගාර වායු විමෝචන සම්බන්ධව සැලකූ විටය. 2018 වර්ෂයේදී පළවූ වාර්තාවකට අනුව ලෝකයේ සමස්ත හරිතාගාර වායු විමෝචන අතරින් 26%ක් පමණ නිකුත් වන්නේ ආහාර නිෂ්පාදනය හා පරිභෝජනය නිසාය. ආහාර නිසා සිදුවන හරිතාගාර වායු විමෝචන අතරින් 58%ක් පමණ නිකුත් වන්නේ සත්ත්ව නිෂ්පාදන වලිනි. සෙසු සියලූ ආහාර වර්ගවලින් නිකුත් වන්නේ විමෝචනවලින් 42%ක් පමණකි. එමෙනම් ඇතිකරනු ලබන සතුන්ගෙන් සිදුවන හරිතාගාර වායු විමෝචන අතරින් ගවයින් හා බැටලූවන්ගෙන් නිකුත්වන විමෝචන ප්‍රමාණය 50%කි. සෙසු සියලූ සතුන් දායක වන්නේ ඒ හා සමාන විමෝචන ප්‍රමාණයකටය. මේ අනුව මස් හා කිරි ආහාර පරිභෝජනය නිසා හරිතාගාර වායු විමෝචන ඉහළ යන බව පැහැදිලිය. පෙර සඳහන් ලෙසම, සාමාන්‍යයෙන් බටහිර පරිභෝජන රටාවේ දැකිය හැකි ලක්ෂණයක් වූ මස් අධික ලෙස පරිභෝජනය දැන් දැන් වේගයෙන් දියුණු වන ආර්ථීකයක් තිඛෙන තවත් රටවලටද පැතිරයමින් තිඛෙයි. නිදසුනක් ලෙස චීනයේ ගව මස් පරිභෝජනය ඉහළ යෑම දැක්විය හැකිය.

මෙම වාර්තාව දක්වන ලෙස අප නාස්ති කරන හා අපතේ යවන ආහාර ප්‍රමාණයද මහත්ය. ලෝකයේ නිෂ්පාදනය කරනු ලබන ආහාර අතරින් තුනෙන් එකක් පමණ අපතේ යයි. උක්ත වාර්තාවෙහි දැක්වෙන පරිදි ලෝකයේ මුළු හරිතාගාර වායු ප්‍රමාණයෙන් 8%ත් 10%ත් අතර ප්‍රමාණයක් නිකුත්වන්නේ ගොවිපොළ සිට නිවස දක්වා සිදුවන ආහාර නාස්තිය හා අපතේ යෑම නිසා සිදුවන හරිතාගාර වායු විමෝචනයෙනි. මෙම නාස්තිය වැළැක්වීම සඳහා පියවර ගැනීමේ තිඛෙන වැදගත්කමද මෙම වාර්තාවෙහි දක්වා තිඛෙයි.

එමෙන්ම පසට හානි සිදුවීම හා කාන්තාරණය වැළැක්වීම සඳහා ද පියවර ගත යුතු බව මෙම වාර්තාව වැඩිදුරටත් පවසයි. එම ක්‍රියාවලි දෙකම දේශගුණ වෙනස් වීම සඳහා දායක වීම එයට හේතුව වෙයි.

කෙසේ වෙතත් සාමාන්‍යයෙන් විශ්වාස කරන පරිදි, අධික හරිතාගාර වායු විමෝචනයක් පැවතීම වනාන්තරවල වර්ධනයට හේතුවක් වෙයි. විශේෂයෙන් මෙම තත්ත්වය උතුරු අර්ධගෝලයේ දැකිය හැකිය. මෙය දේශගුණ වෙනස් වීම වැළැක්වීමට දායක විය හැකි කරුණක් බව සත්‍යයකි. එහෙත් උෂ්ණත්ව තවදුරටත් අධික ලෙස වර්ධනය වන තත්ත්වයක් තුළ වනාන්තරවලට පවත්නා මෙම බලපෑම ආපසු හැරවිය හැකිය යා හැකිය. නිදසුනක් ලෙස නිවර්තන කලාපීය වනාන්තරවල මෙම තාප ආතතිය නිසා වනාන්තරවල වෘක්ෂලතා අහිමිවීමක් පවා සිදුවිය හැකිය.

දේශගුණ හිතවාදී පිළිවෙත් සඳහා පෙළඹවීම


උක්ත වාර්තාවෙන් දැක්වෙන කරුණු ගෝලීය වශයෙන් වැදගත් හා ජගත් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු ඒවාය. එහෙත් පුද්ගලික මට්ටමින් සිදුකරනු ලබන ආකල්පමය වෙනස්කම් වැදගත් වෙයි. එවැනි ක්‍රියාවලියක් පිළිබඳවද මෑතකදී අසන්නට ලැබි‚.

මේ අතර දේශගුණ වෙනස් වීමට එරෙහිව පියවර ගැනීම සඳහා ජනතාව පොළඹවන ආකාරයේ නව්‍ය අත්හදාබැලීමක් සම්බන්ධව පසුගියදා අසන්නට ලැබි‚. සරලව ගතහොත් එය ආගමික මුහුණුවරක් ගත් ව්‍යාපාරයකි. මෙම ව්‍යාපාරයේ අරමුණ වන්නේ දේශගුණ වෙනස් වීම සම්බන්ධව වැඩිදුරටත් කටයුතු කිරීම සඳහා වැඩි කැපවීමක් දායකත්වයක් ප්‍රවර්ධනය කිරීමයි.

මෙහි ආරම්භකයා වන්නේ දේශගුණ වෙනස් වීම සම්බන්ධ ඉංජිනේරුමය විසඳුම් පිළිබඳව දිගුකලක් තිස්සේ කටයුතු කළ ඔල්යා ඉර්සාක් නැමැත්තියකි. වෘත්තියෙන් ඉංජිනේරුවරියක වූ ඇය සිය අත්දැකීම් අනුව ඇය පැමිණ තිඛෙන නිගමයනක් වනුයේ නියම විසඳුම රැඳී පවතින්නේ තාක්ෂණික විසඳුම් මත නොව ඒවා සඳහා සමාජමය සහයෝගය දිනා ගැනීම මත බවයි. කිසියම් පොදු ආචාර ධර්ම පද්ධතියක් වටා ජනතාව සංවිධානය කිරීම සඳහා යොදාගත හැකි බහු පරම්පරාමය සමාජමය නිර්මාණය කවරක්ද යන්න පිළිබඳව ඇය සිය අවධානය යොමු කර තිඛෙයි. ඒ සඳහා සුදුසුම වන්නේ ආගමික රටාවක් බව එහි අවසන් නිගමනයයි.

මීට වසර තුනකට පමණ පෙර ඉර්සාක් සිය මිතුරන් කිහිපදෙනෙකු හා එක්ව එවැන්නක් ආරම්භ කරන්නට යෙදුනාය. එය අද හඳුන්වනු ලබන්නේ 'දේශගුණ විද්‍යාවේ සාක්ෂිකරුවෝ' (Witnesses of Climatology) යන නමිනි. එසේ ආරම්භ කරන්නට යෙදුණු සංකල්පීය උත්සාහයට නිරාගකමික අදේවවාදියක වූ ඇයට දෙවියන් පිළිබඳ අදහසක් මීට එක් කිරීමට අවශ්‍ය වී නැත. එහෙත් ක්‍රමානුකූලව පැවැත්වෙන දේව මෙහෙයක් වැන්නක් ඔවුන්ගේ ආගමට ඇතුළත් විය. ඊට හැඳින්වීමක්, ස්වභාවධර්මයේ තේජස් වී ස්වභාවයට ප්‍රශංසා කිරීමේ දෙසුමක් හා පාරිසරිකත්වයෙහි විවිධ අංග සම්බන්ධ අධ්‍යාපනය ලබාදීමක් ඇතුළත් විය.

වරින්වර ඔවුන් විසින් හඳුන්වා දෙන ලද චාරිත්‍ර විධිද ඊට ඇතුළත් විය. නිදසුනක් ලෙස සාම්ප්‍රදායික නිවාඩු දිනවලදී ඔවුන් දේශගුණ වෙනස් වීම හා එම විද්‍යාව හා සම්බන්ධ පියවර ගැනීම හඳුන්වා දී තිබිණි. නිදසුනක් ලෙස ප්‍රති නත්තල (reverse Christmas) නමින් හඳුන්වා දී ඇති දිනයේ ඔවුන් සිදුකරන්නේ ගසක් සිටුවීම මිස සාමාන්‍ය නත්තලකදී මෙන් නත්තල් ගසක් සඳහා ගසක් කපා දැමීම නොවේ. ග්ලැසියර සමරු දිනය නම් දිනයකදී ඔවුන් සිදුකරන්නේ අයිස් කැටයක් ඉර අව්වේ දිය වනු නැරඹීමයි.

ඔවුන් මෙවැනි චාරිත්‍ර හරහා සිදුකරන්නට අපේක්ෂා කරන්නේ වඩා ගැඹුරු ප‚වුඩයක් සමාජයට ලබාදීමටය. මෙහි සැබෑ වටිනාකම මිනිසුන් විසින් අවබෝධ කරගෙන දේශගුණ වෙනස් වීම සම්බන්ධව පියවර ගැනීමට හා කටයුතු කිරීමට මිනිසුන් දිරිගැන්වීමය. එය පවත්නා තත්ත්වය සම්බන්ධව කලකිරීමෙන් පසුවීමට වඩා වැදගත් වන්නක් බව ඔවුන්නගර අදහස වෙයි.

එය ප්‍රමාණයක් විය හැකිය. එහෙත් එම සංඛ්‍යාව වර්ධනය වනු ඇති බවට සැක නොකරයි. ඒ සදහා අවශ්‍ය පියවර ගැනීම සඳහා ඔවුහු විවිධ පියවර ගනිමින් සිටිති. නිදසුනක් ලෙස මේ වන විට ඔවුන්ගේ අවධානය යොමුව තිඛෙන කරුණක් වනුයේ සංකීර්ණ පද්ධති ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධව අවබෝධයක් ලබා දීම අරමුණු කරගත් ඉරිදා පාසැලක් ආරම්භ කිරීමටය. මෙවැනි නව්‍ය පියවර හා පිළිවෙත් මගින් වැඩි අවධානයක් යොමු කර ගැනීමට අපේක්ෂිතය.

මූලාශ්‍රය - Special Report on Climate Change and Land, https://ipcc.ch/report/srccl

No comments:

Post a Comment