Friday, November 29, 2013

ජගත් වන ආවරණය දිගින් දිගට ම අඩු වේ - නැවත වන වගා කිරිමත් පලදායී නො වේ

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara) 2013-10-23

http://www.vidusara.com/2013/10/23/feature4.html

වනාන්තර විනාශය අද ලෝකයේ දැකිය හැකි බරපතළ පාරිසරික අර්බුදවලින් එකකි. එය තවත් මුල් පෙළේ පාරිසරික ගැටලු ගණනාවකට හේතු වන්නකි. වන විනාශය සඳහා බලපාන විවිධ හේතු ඇති නමුත්, ඒ අතරින් ප්‍රධානතම සාධකය වන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා සිදු කරන වනාන්තර එළිපෙහෙළි කිරීමයි. විවිධ වගා හා ගොවිතැන් කටයුතු සඳහා වන භූමි ප්‍රදේශ එළි කිරීම අපේ රටේ බොහෝ ආරක්‌ෂිත වන ප්‍රදේශ ආශ්‍රිතව පවා සිදු වන්නකි.

මේ නිසා වර්තමානයේ දී ලෝකය මුහුණ දී ඇති අභියෝගය වන්නේ ලෝකයේ ඉහළ යන ජනගහනයට අවශ්‍ය තරම් ආහාර නිෂ්පාදනය කරන අතර, වගා බිම් ව්‍යාප්ත වීම නිසා සිදු වන වනාන්තර විනාශය පාලනය කිරීම ය. මේ සඳහා ගත හැකි උපාය මාර්ග අතර වන වගාව හා නැවත වන වගාව වැදගත් ය. විශේෂයෙන් වනාන්තර එළි කරන ලද බිම් මෙන්ම දිගු කලක්‌ තිස්‌සේ වනාන්තර නො පැවැති බිම්වල ද වන වගා කිරීම දැකිය හැකි ය. එසේ ම අත්හැර දමන ලද කෘෂි බිම්වල වන වගා කිරීම ද දැකිය හැකි ය.

සමස්‌තයක්‌ ලෙස වන වගා කිරීම සාධනීය සංරක්‌ෂණ උපායමාර්ගයක්‌ ලෙස ද සැලකේ. වන වගාවලින් සිදු වන පාරිසරික බලපෑම් ලෝකයේ කලාපයෙන් කලාපයට වෙනස්‌ විය හැකි ය. දේශගුණ වෙනස්‌ වීම වැනි ගැටලු වළක්‌වා ලීමේ දී වන වගා කිරීම වඩා සාර්ථක උපක්‍රමයක්‌ වේ. කෙසේ වෙතත්, විශේෂයෙන් නිවර්තන කලාපීය ප්‍රදේශවල දී, වන වගාවලින් ජෛව විවිධත්ව සංරක්‌ෂණය සඳහා ඇති බලපෑම තරමක්‌ විවාදාත්මක ය. විශේෂයෙන් නැවත වන වගාවට වඩා, පැරණි වනාන්තර හා ස්‌වාභාවික වනාන්තර වර්ධනයට ඉඩ දීම ද පලදායී බව ද පෙන්වා දී තිබේ.

වනාන්තර වර්ධනය වීම

වන වගා කිරීම නිසා ලෝකයේ දියුණු රටවල් රැසක පිහිටා ඇති වනාන්තර ප්‍රමාණය මෑත කාලයේ දී සැලකිය යුතු තරමින් වර්ධනය වී තිබේ. එපමණක්‌ නො ව ඇතැමි දියුණු වන රටවල පවා වනාන්තර ප්‍රමාණයේ සැලකිය යුතු වර්ධනයක්‌ දැකිය හැකි ය. නිදසුනක්‌ ලෙස කොස්‌ටාරිකාව, චීනය වැනි රටවල් දැක්‌විය හැකි ය. විශේෂයෙන් මේ රටවල මෑත දශක කිහිපයක කාලය ඇතුළත මේ තත්ත්වයේ කැපී පෙනෙන වර්ධනයක්‌ ඇති වී තිබීම සුවිශේෂ වේ.

වනාන්තර හෙළි පෙහෙළි කිරිමෙන් අනතුරුව වනාන්තර නැවත වර්ධනය වීමක්‌ සිදු විය හැකි බව දක්‌වන 'වනාන්තර සංක්‍රාන්තිය' (forest transition) නම් සංකල්පය මඟින් මීට කලකට පෙර විස්‌තර කර තිබේ. ඒ අනුව කිසියම් ප්‍රදේශයක වන විනාශය අඛණ්‌ඩව සිදු වන අතර, එක්‌ අවස්‌ථාවක දී වන විනාශය නැවතී වන ආවරණය වර්ධනය වී ස්‌ථාවර තත්ත්වයකට පත් වේ. මේ සංකල්පය සඳහා පාදක වී ඇති එක්‌ කරුණක්‌ ලෙස දක්‌වා ඇත්තේ ලෝකයේ දියුණු රටවල් ගණනාවක හා දියුණු වන රටවල් කිහිපයක සිදු ව ඇති වන ආවරණයේ වර්ධනය බව දක්‌වා ඇත. අතීතයේ දී මේ දියුණු රටවල වන විනාශය විශාල වශයෙන් සිදු වූ අතර මෑත කාලයේ දී වනාන්තරවල වර්ධනයක්‌ දැකිය හැකි ය. ඒ හා සමාන වන විනාශයක්‌ දියුණු වෙමින් පවත්නා රටවල මේ වන විට සිදු වන අතර අනාගතයේ දී ඒ රටවල වන ආවරණයද වර්ධනය විය හැකි බව දැක්‌වේ.

මේ අතර ලෝකයේ වන වගා කිරීම මඟින් ඇති විය හැකි බලපෑම සම්බන්ධව අවධානය යොමු කර ඇති, පසුගිය දා ප්‍රකාශයට පත් වූ පර්යේෂණ පත්‍රිකාවකින් ජනගහනය වර්ධනය වන අතරතුර සිදු වන වන වගාව පිළිබඳව අවධානය යොමු කර තිබේ.

වන ආවරණය අඩු වීම නියතයි

මේ පර්යේෂණය ආහාර පරිභෝජනය හා භූමි භාවිතය පිළිබඳ ප්‍රවණතා පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කර සිදු කර ඇත. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් හා වෙනත් මූලාශ්‍රයවලින් ලබාගත් දත්ත ඒ සඳහා යොදාගෙන තිබේ. මේ අනුව සියවස්‌ ගණනාවක භූමි භාවිතය පිළිබඳව ඇති දත්ත, යොදාගනිමින් අදාළ පර්යේෂකයන් වන විනාශය හා නැවත වනවගාව ඇතුළත් ව භූමි භාවිතයේ සිදු වන වෙනස්‌ වීම් පෙන්වා දෙන ගණිතමය ආකෘතියක්‌ සකස්‌ කර තිබේ. මෙහි දී පෙනී ගොස්‌ ඇත්තේ සාධක තුනක්‌ මත භූමි භාවිතය තීරණය වන බව ය. එනම්, කෘෂිකාර්මික අස්‌වැන්න, ඒක පුද්ගල ආහාර පරිභෝජනය හා කාලය සමඟ ලෝක ජනගහනය වෙනස්‌ වන ආකාරය යන කරුණු තුනයි.

මේ ආකෘතියෙන් පෙනී ගොස්‌ ඇත්තේ, කෘෂි අස්‌වැන්නේ සිදු වන වර්ධනයට වඩා වැඩි වේගයකින් ලෝකයේ ආහාර පරිභෝජනය වර්ධනය වීම හා ඒ පිළිබඳ පෙන්වන ඓතිහාසික ප්‍රවණතා අනුව, ඉදිරි අනාගතයේ දී ලෝකයේ වනාන්තර ආවරණය තවත් අඩු විය හැකි බව ය. ඒ අනුව ලෝක ජනගහනය බිලියන 10ක පමණ ප්‍රමාණයක ස්‌ථාවර වුව හොත්, ලෝකයේ බිම් ප්‍රමාණයෙන් 67%ක්‌ පමණ කෘෂිකාර්මික හෝ නාගරික ප්‍රදේශවලින් යුක්‌ත වනු ඇත. මේ නිසා වර්තමානයේ ලෝකයේ පවත්නා වන ආවරණය තවත් 10%කින් පමණ අඩු වී, ඉදිරි සියවස්‌ දෙකක කාලය ඇතුළත ලෝකයේ සමස්‌ත වන ආවරණය 22%ක පමණ මට්‌ටමක ස්‌ථාවර වනු ඇත. මේ අනුව ඉහත දී අපේක්‌ෂා කළ ආකාරයේ වනාන්තර සංක්‍රාන්තියක්‌ ඇති වීමට අවස්‌ථාවක්‌ නොමැති බවක්‌ පෙනේ. මේ අනුව නැවත වනවගාව මඟින් අපේක්‌ෂා කරන යහපත් ප්‍රතිඵලය, වනාන්තර එළිපෙහෙළි වීම නිසා, අහිමි වනු ඇති බව පෙනේ.

මේ ආකෘතිය මගින් පෙන්වා දෙන ආකාරයට මීට විකල්ප සිංසිද්ධියක්‌ද තිබේ. ඒ අනුව ලෝක ආහාර නිෂ්පාදනය හා පරිභෝජනය ස්‌ථාවර තත්ත්වයකට පත්වුවහොත්, ඉදිරි සියවස ඇතුළතදී ලෝකයේ වන ආවරණය 33% හා 35% අතර මට්‌ටමක ස්‌ථාවර වනු ඇත. එනම්, කිසියම් වනාන්තර සංක්‍රාන්තියක්‌ ඇති විය හැකි ය. ඒ ආකාරයෙන් වන ආවරණය වර්ධනය වීමට නම්, කරුණු දෙකක්‌ සිදු විය යුතු ය. ඉන් පළමුවැන්න නම්, නවීන තාක්‌ෂණික ක්‍රම හඳුන්වා දීමෙන් කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමයි. අනෙක්‌ කරුණ වන්නේ මිනිසුන් ගේ ආහාර පරිභෝජනය අඩු කිරීම ය. (මූලාශ්‍රයPLOS ONE, DOI:10.1371/journal.pone.0075890)

විසඳුම් කෙතරම් ප්‍රායෝගික ද?

මේ පර්යේෂණයෙන් ස්‌වාභාවික පරිසරය ආරක්‌ෂා කරගනිමින්, ජනතාවට අවශ්‍ය ආහාර සපයා දීම පිළිබඳ අභියෝගයට විසඳුමක්‌ ලබා දෙයි. කෙසේ වෙතත් වනාන්තර ආවරණය ඉහළ නැංවීම සඳහා මේ අධ්‍යයනයෙන් පෙන්වා දෙන උපායමාර්ගවල ප්‍රායෝගිකතාව මෙහි දී අප හමුවේ ඇති තවත් ගැටලුවකි.

කෘෂිකාර්මික අස්‌වැන්න වර්ධනය කිරීමේ තාක්‌ෂණය හා ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම තවදුරටත් සිදු කළ හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත් භූමියේ සිදු කරන කෘෂි නිෂ්පාදනයට අමතරව ජලජීවී වගාව වැනි භූමිය භාවිත නොකරන උපක්‍රම යොදාගත හැකි ය. එහෙත් කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා යොදාගත හැකි ඇතැම් උපාය මාර්ග පිළිබඳව ගැටලු නැත්තේ නො වේ. කෘෂි රසායනික යොදාගනිමින් සිදු කරන ගොවිතැන, ජාන වෙනස්‌ කරන ලද ආහාර භෝග, කෘත්‍රිම මස්‌ වැනි ආහාර පිළිබඳ තත්ත්වය විවාදාත්මක ය. කෙසේ වෙතත් ආහාර නාස්‌තිය අඩු කිරීම වැනි උපක්‍රම මඟින් ද ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගත හැකි විසඳුමක්‌ තිබේ.

අනෙක්‌ අතට ලෝක ආහාර පරිභෝජනය අඩු කළ හැකි නම් ඒ මඟින් භූමිය සඳහා ඇති පීඩනය අඩු කළ හැකි බව පැහැදිලි ය. ඒක පුද්ගල ආහාර පරිභෝජනය අඩු කිරීමට ඇති හැකියාව ද අප හමුවේ ඇති විසඳුමක්‌ නොමැති ගැටලුවකි. දැනට ඇති ප්‍රවණතාව අනුව පෙනෙන්නේ ආහාර පරිභෝජනයේ වර්ධනයක්‌ හා පරිභෝජන රටාවේ තිරසර නො වන ආකාරයේ වෙනස්‌කම් ඇති වී තිබෙන බවය . මීට නිදසුනක්‌ ලෙස බොහෝ විට දැක්‌වෙන්නේ ආර්ථික දියුණුව සමඟ චීන ජනතාව ගේ ආහාර රටාවේ ඇති ව තිබෙන වෙනස්‌කම් ය. මේ වෙනස්‌කම් අතර මස්‌ භාවිතය ඉහළ වීම වැනි කරුණු වේ. වේගවත් කාර්මිකකරණයක්‌ සිදු වන බොහෝ රටවල මෙවැනි තත්ත්වයක්‌ ඇති විය හැකි ය.

කෙසේ වෙතත් මේ දැක්‌වෙන්නේ සමස්‌ත ලෝකය ලෙස ගත් විට ඇති විය හැකි තත්ත්වය බව අප තේරුම් ගත යුතු ය. එහෙත් මෙයින් අපට උගත හැකි පාඩම් නැතිවා නො වේ. අපේ පරිභෝජන රටාව, අපේ කෘෂි නිෂ්පාදනය වැනි කරුණු පිළිබඳව අවධානයක්‌ යොමු කිරීමට හැකි ය. විශේෂයෙන් අපේ පරිභෝජනය ගෝලීයකරණය වී ඇති සමාජයක මේ තත්ත්වය අවධානය යොමු කළ යුතු කරුණකි.

ඇතැම් විද්‍යාඥයන් මෙන්ම තීරණ ගන්නා බලධාරින් ද මෙවැනි ආකෘති මඟින් සිදු කරන පුරෝකථන එතරම් සැලකිල්ලට නො ගන්නා බව දැකිය හැකි ය. එය අපේ රටට පමණක්‌ නො ව ලෝකයේ තවත් රටවලට ද පොදු ය. එහෙත්, අප සූදානම් විය යුත්තේ සිදු විය හැකි අයහපත් ම තත්ත්වයට ය. ඊට මුහුණ දීමට සූදානම් වීම වඩාත් ආරක්‌ෂිත ය.

http://www.vidusara.com/2013/10/23/feature4.html

Wednesday, November 20, 2013

ලෝකයේ වැදගත් ම ආරක්‌ෂිත ප්‍රදේශ අතරට මධ්‍යම කඳුකරය හා කන්නෙලිය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2013.11.20 (Vidusara)

http://www.vidusara.com/2013/11/20/feature5.html




ප්‍රතිස්‌ථාපනය කළ නොහැකි ජෛව විවිධත්වයකින් යුක්‌ත, ලෝකයේ වැදගත් ම ආරක්‌ෂිත ප්‍රදේශ සේ හඳුනාගෙන ඇති ප්‍රදේශ 137ක්‌ අතරින් දෙකක්‌ ශ්‍රී ලංකාවේ පිහිටා තිබේ. ඒවා නම් මධ්‍ය කඳුකර ආරක්‌ෂිත ප්‍රදේශ හා කන්නෙලිය වන රක්‌ෂිතයයි.

පසුගිය සතියේ Science සඟරාවේ පළ වූ වාර්තාවකින් ලෝකයේ ජෛව විවිධත්ව සංරක්‌ෂණයේ දී වඩාත් වැදගත් වන 'ප්‍රතිස්‌ථාපනය කළ නොහැකි ආරක්‌ෂිත ප්‍රදේශ' (irreplaceable protected areas) හඳුනාගෙන තිබේ. ක්‌ෂීරපායින්, උභයජීවීන් හා පක්‌ෂීන් වඳ වී යැමෙන් වළක්‌වා ලීම සඳහා වඩාත් වැදගත් ආරක්‌ෂිත ප්‍රදේශ යනුවෙන් මේවා පැහැදිලි කළ හැකි ය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, මේ ආරක්‌ෂිත ප්‍රදේශ අහිමි වුව හොත් සංරක්‌ෂණ අරමුණුවලට දැඩි හානියක්‌ සිදු විය හැකි ය.

මේ ප්‍රදේශ හඳුනාගැනීමට පර්යේෂකයන් යොදාගත් ක්‍රමවේදයෙන් මේ ප්‍රදේශවල ඇති වැදගත්කම පැහැදිලි වේ. එහි දී ඔවුන් සිදු කර ඇත්තේ ක්‌ෂීරපායින්, පක්‌ෂීන් හා උභයජීවීන් වඳ වී යැම වැළැක්‌වීම සඳහා වඩාත් වැදගත් වන ආරක්‌ෂිත ප්‍රදේශ හඳුනාගැනීමයි. මේ සඳහා භෞමිකව පිහිටා ඇති 173,461ක්‌ පමණ වන ආරක්‌ෂිත ප්‍රදේශ හා යෝජිත ස්‌ථාන 2,059ක්‌ පිළිබඳ දත්ත හා IUCN ආයතනයේ, තර්ජනයට ලක්‌ වූ ජීවී විශේෂ පිළිබඳ රක්‌ත ලේඛනයේ ඇතුළත් ජීවී විශේෂ 21,419ක්‌ පිළිබඳ දත්ත භාවිත කර තිබේ.

ජීවීන් වඳ වී යැමට දායක විය හැකි ආකාරය ආරක්‌ෂිත ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්‌ වන බැවින් මේ දත්ත මත පදනම් ව ඒ ඒ ප්‍රදේශයේ ප්‍රතිස්‌ථාපනය කළ නොහැකි බව ගණනය කර ඇත. එක්‌ එක්‌ ආරක්‌ෂිත ප්‍රදේශවල වෙසෙන එක්‌ එක්‌ ජීවී විශේෂවල ගෝලීය ව්‍යාප්තියෙන්, අදාළ ප්‍රදේශයේ දැකිය හැකි ප්‍රමාණය මත මෙය ගණනය කර ඇත. මේ අනුව ඒවායේ සමස්‌ත ජීවී විශේෂ ප්‍රතිස්‌ථාපනය කළ නොහැකි වැදගත් ම ස්‌ථාන 100 හා තර්ජනයට පත් ජීවීන් අනුව ප්‍රතිස්‌ථාපනය කළ නොහැකි වැදගත් ම ස්‌ථාන 100 එක්‌ කිරීමෙන් මේ ස්‌ථාන 137 හඳුනාගෙන තිබේ. මේවා 'සුවිශේෂී ප්‍රතිස්‌ථාපනය කළ නොහැකි' (exceptionally irreplaceable) ආරක්‌ෂිත ප්‍රදේශ සේ හඳුන්වා දී ඇත.

ගෝලීය ව්‍යාප්තිය හා වැදගත්කම


ලෝකයේ රටවල් 34ක පමණ පිහිටා ඇති මේ ප්‍රදේශ 137 අතරින් වැඩි ප්‍රමාණයක්‌ පිහිටා ඇත්තේ නිවර්තන කලාපයේ ය. එසේ ම මේවා ඉහළ ආවේණිකතාවක්‌ ඇති ජෛවභූගෝලීය කලාපවල පිහිටා තිබේ. එසේ ම මේවා සියල්ල ම පාහේ මූලික ජෛව විවිධත්ව කලාප (key biodiversity areas) ලෙස ද හඳුනාගෙන ඇත. සමස්‌තයක්‌ ලෙස ගත හොත්, මේ පරිසර පද්ධතිවල පක්‌ෂීන්, උභයජීවීන් හා ක්‌ෂීරපායින් විශේෂ 627ක්‌ වෙසෙන අතර ඉන් විශේෂ 304ක්‌ ජගත් මට්‌ටමින් තර්ජනයට ලක්‌ ව ඇති ජීවී විශේෂ වේ. මේ තර්ජනයට පත් ජීවී විශේෂවල ව්‍යාප්තියෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක්‌ මේ ස්‌ථානවලට ම සීමා වේ.

මේ ආරක්‌ෂිත ප්‍රදේශ කළමනාකරණය කිරීම සඳහා වැඩි අවධානයක්‌ යොමු විය යුතු බව මේ අධ්‍යයනයට සම්බන්ධ වූ පර්යේෂකයන් ගේ අදහසයි. මේ අධ්‍යයනයේ දැකිය හැකි වැදගත්කමක්‌ වන්නේ සංරක්‌ෂණය වඩාත් කාර්යක්‌ෂ්ම ආකාරයෙන් සිදු කිරීමට අවශ්‍ය පෙලඹවීමක්‌ ලබා දීම නිසා ය. මේ අධ්‍යයනය සම්බන්ධව අප සමඟ විද්යුත් තැපැල් මගින් අදහස්‌ දැක්‌වූ එහි කර්තෘවරියක වන ප්‍රංශයේ ක්‍රියාකාරී හා පරිණාමික පරිසර විද්‍යාව පිළිබඳ මධ්‍යස්‌ථානයේ (Centre for Functional and Evolutionary Ecology) ඇනා රොඩ්රිගුවස්‌ පැවසුවේ මේ අධ්‍යයනයෙන් ලබා දෙන එක්‌ පණිවිඩයක්‌ වන්නේ අදාළ ස්‌ථාන සංරක්‌ෂණය කිරීමේ ඇති වැදගත්කම හා අවශ්‍යතාව අවධාරණය කිරීම බව ය. (මූලාශ්‍රයScience, DOI: 10.1126/science.1239268)

ශ්‍රී ලංකාවේ ආරක්‌ෂිත ප්‍රදේශ


මේ සුවිශේෂී ආරක්‌ෂිත ප්‍රදේශ ලේඛනයේ ශ්‍රි ලංකාවේ ආරක්‌ෂිත ප්‍රදේශ දෙකක්‌ නම් කර ඇතත්, මේ ස්‌ථාන දෙකට ආරක්‌ෂිත ප්‍රදේශ වැඩි ගණනක්‌ අයත් වේ. ඒ මධ්‍ය කඳුකරය යනුවෙන් ලෝක උරුමයක්‌ සේ නම් කර ඇති ප්‍රදේශයට ආරක්‌ෂිත ප්‍රදේශ කිහිපයක එකතුවක්‌ අයත් වීම නිසා ය. මේ අතර සමනළ අඩවිය ආරක්‌ෂිත ප්‍රදේශය, හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය හා නකල්ස්‌ සංරක්‌ෂණ වනාන්තරය වේ. මේ ආරක්‌ෂිත ප්‍රදේශ තුනේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 537කින් යුක්‌ත වේ. මේ ලේඛනයේ ඇති අනෙක්‌ ආරක්‌ෂිත ප්‍රදේශය වන කන්නෙලිය වනාන්තරය වර්ග කිලෝමීටර් 62ක භූමි ප්‍රමාණයකින් සමන්විත ය. මේ ආරක්‌ෂිත ප්‍රදේශ සියල්ල ඉහළ ජෛව විවිධත්වය නිසා වැඩි අවධානයට ලක්‌ වූ ඒවා ද වේ.

ඡායාරූපය - භූෂණ කල්හාර

http://www.vidusara.com/2013/11/20/feature5.html


Tuesday, November 12, 2013

Re-dressing Queen Victoria

Re-dressing Queen Victoria

Dhanesh Wisumperuma

The Nation, 2013-11-10, CHOGM (Special section) p. 6
http://www.nation.lk/edition/feature-issues/item/22518-re-dressing-queen-victoria.html



The statue of Queen Victoria was among the topics discussed by some circles recently. The issue was the action taken by museum authorities to turn the statue to face Nelum Pokuna Mawatha. The statue was moved from the Gordon Gardens premises adjoining President’s House at Fort and was temporary dumped at Viharamahadevi Park in May 2006. Later it was moved to the museum premises and re-fixed.
The sudden ‘facelift’ is attributed by some to the forthcoming Commonwealth Summit. A recent BBC news report said that the statue was moved from its ‘original location’ (Gordon Gardens) to the museum site. There was a statement by a political commentator mentioned in this news, saying that the seven-year-curse has ended.

When we look deep into facts that history reveals, many have forgotten the real history–when the statue was erected, where it was originally located, from where to where it was moved etc. In short, the statue of Queen Victoria was originally placed in front of the Passenger Jetty of the Colombo Harbour in 1902. It was then moved to Gordon Gardens in 1920s, which was a public park then. It was brought to President’s House about 30 years ago.

The story

Queen Vitoria was the queen of the British Empire for nearly 64 years from 1837 to 1901. She became the queen at the age of 18 years.
The diamond jubilee of her enthronement was celebrated in 1897 and many celebrations were held all over the colonies of the empire. The Ceylon Legislative Council, which met on June 22 in 1897, passed a resolution stating that a statue of the Queen be erected in the island at the cost of the public revenue, and as acommemoration of the 60th anniversary of Her Majesty’s accession to the throne. This resolution was proposed by the Governor and seconded by P. Coomaraswamy, the Tamil representative and it was taken as carried unanimously.

Hansard of that day depicts the colonial mentality of Council members. It was said that a statue of the queen was “a long-felt want”. One member said, “If anything were to compensate a people for the loss of their national independence, it is to be governed by such a sovereign as Queen Victoria.” He further said, “Every one of us now and in the future may look upon her face and say that this has been the greatest and best queen that we have ever known.”
The location selected for the statue was a site in front of the Passenger Jetty of Colombo Harbor, and at the junction of York and Church Streets. It is a locality in front of the Grand Oriental Hotel. There stood the Ceylon Tea Kiosk, a popular shop among the passengers and the government paid compensation and acquired that land plot for the statue. Rs. 22,700 was allocated in 1900 to compensate for the owner of the Tea Kiosk. The map of the Fort area in the fifth edition of George Skeen’s “A Guide to Colombo” published in 1901 points the space reserved for the statue.

It took few years to complete the statue. The state of the statue was once questioned at the Legislative Council in October 1901. That revealed the progress of the work and the acting Colonial Secretary, who was in London few months ago, said that he inspected the model. The marble block, which was imported to London from Italy, was on its way to London at that point. The artist was the famous London based sculptor, George Edward Wade. West Ridgeway, the governor opined, “it will be an effigy that at which the Colony will have reason to be proud”.

The statue finally arrived in Colombo in mid 1902, after the death of the Queen. It was ceremonially unveiled on June 25 in 1902 by the Lieutenant Governor Everard F. imThurn. A large number of state and military officials, religious sector representatives, MC members and local elites participated. A news report of the day provided a good description of the statue – it was made out of Carrara marble, imported from Italy. This marble is a type of white or blue grey marble used for sculpture and building decoration from the ancient times. The statue of the queen was in coronation robes. It was mounted on a square pedestal of grey granite with an octagonal base. The total height was 21 feet and the weight was 13 tons.
The accompanying photograph is from the 20th century Impressions of Ceylon, published in 1907.

Gordon Gardens

The statue was at its original location until mid 1920s and then it was moved to Gordon Gardens. According to Allister Macmillan’s Seaports of India and Ceylon published in 1928, the statue was at Gordon Gardens. He wrote,“the old Dutch cemetery is Gordon Gardens, commemorating a distinguished governor, to which has recently been transferred from another site a Jubilee statue of Queen Victoria enthroned,...” This transfer has taken place around that time, but I am yet unable to find any reference to the exact date.However it could be as a result of erecting a new Custom House at the Passenger Jetty, which was completed around 1929.

However, at this time Gordon Gardens was not a part of the Governor’s residence. It was a public park since its inception and according to our friend and former ambassador Bandu de Silva, the park was closed and used to park vehicles of the Ministry of Defence and External Affairs in 1970s. Later it became a part of the premises of President’s House around 1980.

The statue moved from Gordon Gardens to Viharamahadevi Park (which in fact the Victoria Park during colonial times) and then to the Colombo Museum site in 2006. Certain newspaper reports reported that this was done due to the instructions given by ‘astrologers’ to the president. But it is the Victorian curse and the colonial mentality, which is above all, still haunting our society.

What’s the best place?

Those who are familiar with the history know what happened under Queen Victoria’s regime. To recall some events, the Matale Rebellion and its suppression took place in 1848 and the implementation of the Wastelands Ordinance was also during her reign. Expansion of the plantations which devastated the ecosystems, biodiversity as well as traditional village life took place during this era. Modes of transport such as railways, harbours etc, that are described as a benefit to the country, were developed to facilitate this economic exploitation.

There is no necessity to worry about moving a statue of our former colonial ruler. Since we cannot change what happened in history,such statutes and other similar memorials are a part of history. History cannot be erased by dumping or scrapping these memorials. These statues are masterpieces of art even are the works of European artists. For instance, G.E. Wade was known for his sculpture.Hence, the best option available is to place it in a suitable site – a museum. Queen Victoria’s statue is now in an appropriate place.
Instead of debating on this statue, it is the time to look deep into the negative impact of the British administration of Sri Lanka, which some seems to have forgotten.It will reveal details of the real ‘curse’ on the nation.- See more at: http://www.nation.lk/edition/feature-issues/item/22518-re-dressing-queen-victoria.html#sthash.kuhVvzyJ.dpuf

Tuesday, October 8, 2013

'සතුටු වාර්තාව' ගැන සතුටු විය නොහැක්‌කේ ඇයි?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-10-02, p.2-3
http://www.vidusara.com/2013/10/02/feature1.html



පසුගිය සැප්තැම්බර් මස මුල දී ප්‍රකාශයට පත් කරන ලද ජගත් සතුටු වාර්තාව පසුගිය සති කිහිපයක කාලය ඇතුළත සාකච්ඡාවට ලක්‌ වූ කරුණකි. විශේෂයෙන් ම ශ්‍රී ලංකාව එහි හිමි කරගෙන ඇති ස්‌ථානය (137 වැනි තැන) ඇතැම් පුද්ගලයන් ගේ අවධානයට ලක්‌ වූ බවක්‌ පෙනෙන්නට තිබිණිs. එයට හේතු සෙවීමට කරන උත්සාහ සහ රජයේ බලධාරීන්ට චෝදනා කිරීම පවා අපට දැකගත හැකි විය. සතුටු වාර්තාවේ දැක්‌වෙන කරුණු පිළිබඳව වෙනත් කවර දා වත් නො දුටු උනන්දුවක්‌ විපක්‌ෂයේ ඇතැම් දේශපාලකයන්ට විචාරකයන්ට තිබුණේ පසුගිය මාසයේ මැතිවරණයක්‌ තිබූ නිසා විය යුතු ය.

ඇතැම් පශ්චාත් උපාධි පාඨමාලා වැනි පාඨමාලාවල ගුරුවරුන් පවා මේ සතුටු දර්ශකය හුවා දක්‌වා තිබිණි. ලෝකයේ කොතැනින් හෝ එන යමක්‌ සොයා නො බලා වහා වැළැඳගැනීමට සූදානම් අපේ සමහර උගතුන් පවා මේ අලුත් ම දර්ශකය යෑයි පවසමින් තම සිසුනට උගැන්වීමට පටන් ගත් බවක්‌ දැකිය හැකි විය. කෙසේ වෙතත් මේ කිසිදු පුද්ගලයකු අදහස්‌ දැක්‌වීමක මේ දර්ශකය සකස්‌ කර ඇති ආකාරය පිළිබඳව සලකා බලා තිබුණේ නැත. මේ පිළිබඳව විමසීමක්‌ සිදු කිරීම මේ ලිපියේ අරමුණ වේ.

සතුටු දර්ශකය හා එහි නිර්ණායක

ලෝක සතුටු වාර්තාව 2013 (World Happiness Report 2013) යනුවෙන් නම් කර ඇති මේ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත්තේ කොලොම්බියා විශ්ව විද්‍යාලයයේ මිහිතල ආයතනය (The Earth Institute) නම් ආයතනය විසිනි.

මේ සඳහා පදනම් වන්නේ 2011 වර්ෂයේ දී එක්‌සත් ජාතීන් ගේ සංවිධානයේ මහා මණ්‌ඩල රැස්‌වීමේ දී සම්මත කරන ලද යෝජනාවකි. එහි දක්‌වෙන්නේ තම රටවල ජනතාව ගේ සතුට මැනීමට හා එය රටවල මහජන ප්‍රතිපත්ති සම්පාදනයේ දී යොදාගන්නා ලෙස ඉල්ලීමකි. මේ අනුව 2012 අප්‍රේල් මාසයේ දී සන්තුෂ්ටිය හා යහ පැවැත්ම පිළිබඳ පළමු එක්‌සත් ජාතීන් ගේ ඉහළ මට්‌ටමේ රැස්‌වීම පවත්වන ලදි. ලෝක සන්තුෂ්ටිය පිළිබඳ පළමු වාර්තාව පළමුව ප්‍රකාශයට පත් වන්නේ එතැන දී ය.

මේ වාර්තාව සකස්‌ කිරීම සඳහා ජීවිත ඇගැයීම පිණිස වැඩි වශයෙන් දත්ත ලබාගෙන ඇත්තේ 'Gallup world poll' නම් සමීක්‌ෂණයේ දත්ත සහිත වර්ෂවලිනි. (දුරකථන යොදාගනිමින් සිදු කරන මේ සමීක්‌ෂණ ක්‍රමවේදය පිළිබඳව ඇමෙරිකාවේ පවා ප්‍රශ්න ඇති බව අප මෙහි දී සඳහන් කළ යුතු ය). මෙහි දී විශේෂයෙන් 2005-2011 අත කාලය සඳහා වැඩි අවධානයක්‌ යොමු කර තිබේ. මේ සමීක්‌ෂණයේ දී එක්‌ රටකින් සහභාගි කරගන්නා නියෑදිය දහසක්‌ පමණ පිරිසකි. 2013 වාර්තාව සඳහා 2010-12 අතර කාලයේ දත්ත යොදාගනෙ ඇති බැවින් මේ අනුව නූතන ම සමීක්‌ෂණය සඳහා එක්‌ රටකින් සම්බන්ධ කරගෙන ඇත්තේ තුන් දහසක්‌ පමණ පිරිසකි. මේ දත්තවලින් අනාවරණය වන ප්‍රවණතා හඳුනාගැනීම සඳහා 2005-2007 අතර කාලයේ දී ලබාගෙන ඇති දත්ත සමඟ සංසන්දනය කර තිබේ.

මේ අනුව ප්‍රධාන විචල්‍ය 6ක්‌ පිළිබඳව අවධානය යොමු කර ඇත. ඒවා වන්නේ,

· ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය (GDP per capita)

· සෞඛ්‍යමත් ජීවන අපේක්‌ෂාව (Healthy life expectancy&)

· සමාජ සහාය හෙවත් ගැටලුවක දී සහාය ලබාගත හැකි අය (Social support)

· දූෂණය පිළිබඳ සංජානනය (perceptions of corruption)

· දානයේ පැවැත්ම (prevalence of generosity)

· ජීවිතයේ තීරණ ගැනීමේ ඇති නිදහස (freedom to make life choices)

මේ ආකාරයෙන් ගණනය කරන ලද ලකුණු අනුව Cantril ඉනිමඟේ (Cantril ladder) අංක 0 සිට 10 දක්‌වා රටවල් ස්‌ථානගත කර ඇති අතර ඒ මත රටවල සන්තුෂ්ටිය ප්‍රමාණනය කර ඇත. වැඩි ලකුණු ලබාගැනීම යනු වඩාත් සතුටින් සිටින රටක්‌ ලෙස දැක්‌වේ. රටක්‌ ලබා ගන්නා ලකුණු ප්‍රමාණය අඩු වන විට ඒ රට අසතුටින් සිටින බවක්‌ පෙනේ.

ශ්‍රී ලංකාවට හිමි තැන නිවැරැදි ද?

මේ වාර්තාවේ දැක්‌වෙන ආකාරයට ශ්‍රී ලංකාව මේ දර්ශකයේ 137 වැනි තැන පසු වේ. එහි ඇතුළත් රටවල් ගණන 156ක්‌ පමණක්‌ වන බැවින් අපේ රට පසු වන්නේ අසතුටින් සිටින රටවල් ඇතුළත් ගණයට ය. එසේ වී ඇත්තේ ඇයි?

2012 හා 2013 සතුටු වාර්තා සංසන්දනය කිරීම තරමක්‌ අපහසු බව පැවසුණත්, එහි අදාළ රටවලට හිමි ව තිබූ ස්‌ථාන පිළිබඳව මදක්‌ විමසීමක්‌ කිරීම වැදගත් ය. 2012 සතුටු වාර්තාවේ දී ශ්‍රී ලංකාවට හිමි ව තිබුණේ 131 වැනි ස්‌ථානයයි. 2013 වර්ෂය සඳහා සලකා බලා ඇත්තේ 2010-2012 කාලවල දී ලබාගත් සමීක්‌ෂණ දත්ත වේ. ඒ අනුව මේ කාලය ඇතුළත ශ්‍රී ලංකාවේ සතුට පිරිහුණු බවක්‌ යමකුට බැලූ බැල්මට පෙනී යා හැකි ය. එහෙත් විමසිල්ලනේ බලන විට අපට සැබෑ තත්ත්වය පෙනේ.

කෙසේ වෙතත් සතුටු දර්ශකයේ බරපතළ ම ගැටලුව ඇති වන්නේ එහි අදාළ ඉනිsම`ග ගණනය කිරීමේ දී යොදාගෙන ඇති අංශ සලකා බලන විට ය. මේ සමඟ ඇති රූපයේ දකුණු ආසියානු රටවල් පහක්‌ අදාළ වාර්තාවේ හිමි කරගෙන ඇති ස්‌ථාන දක්‌වා තිබේ. (අදාළ වර්ණවලින් දැක්‌වෙන්නේ ඒ ඒ විචල්‍යයට හිමි ව ඇති අගය වේ.) එහි දී පෙනෙන ආකාරයට, 'පාදක රට හා ශේෂය' (Base Country + residual) අංශය (මධ්‍යස්‌ථ නිල් පැහැයෙන් දැක්‌වෙන ප්‍රස්‌තාරයේ පළමුව දැක්‌වෙන කොටස) හැර සෙසු සියලු ම අංශවලින් ශ්‍රී ලංකාව සෙසු දකුණු ආසියානු රටවල් අභිබවා ඇති බව මේ රූපයෙන් පෙනේ. ඒ අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියානු රටවල් අතර පස්‌වැනි තැනට පැමිණ ඇති හේතුව ඉතා ම පැහැදිලි ය. ඒ 'පාදක රට + ශේෂය' හෙවත් Base Country + residual ලෙස දක්‌වා ඇති කොටසේ දී අප ලබා ගෙන ඇති අගය අඩු වන නිසා ය. එය ඉවත් කරනු ලැබුව හොත් ශ්‍රී ලංකාව පසු වන්නේ දකණු ආසියානු රටවල් සියල්ලට ම වඩා ඉහළිනි. එපමණක්‌ නො ව, ශ්‍රී ලංකාව ලෝකයේ බොහෝ දියුණු වන රටවල් අතරින් ඉහළට යනු ඇත.


මෙහි ඇති ගැටලුව වන්නේ 'පාදක රට + ශේෂය' (Base Country + residual) ලෙස දක්‌වා ඇති අගයෙහි බව පෙනේ. කෙසේ වෙතත් මේ වාර්තාවේ ඒ අගය කෙසේ ගණනය කළේ ද යන්න විස්‌තර කරනු ලබන්නේ නැත. මේ පිළිබඳව පැහැදිලි කිරීමක්‌ ලබාගැනීම සඳහා අප අදාළ වාර්තාවේ ප්‍රධාන සංස්‌කාරකවරුන් ගෙන් එක්‌ අයකු ගෙන් විමසීමු. ඔහු ගේ කාර්යාලයෙන් ලැබුණු විද්යුත් තැපැල් පිළිතුරට අනුව මේ 'පාදක රට' (Base Country) යනු පෙර සඳහන් විචල්‍ය හය සඳහා ලෝකයේ රටවල් ලබාගන්නා අඩු ම ලකුණු ප්‍රමාණය මත සකස්‌ කරනු ලබන ව්‍යාජ රටක්‌ වන ඩිස්‌ටෝපියාව (Distopia) ලබාගන්නා ලකුණු ප්‍රමාණයයි. එහි අගය 1.977 පමණ වේ. ශේෂය (residual) හෙවත් පැහැදිලි කළ නොහැකි කොටස (unexplained component) යනුවෙන් මෙහි දී හඳුන්වා දී ඇත්තේ සමස්‌ත ලකුණු ප්‍රමාණය ඇතුළත ඇති ඉහත කී විචල්‍ය හය ම`ගින් සම්පූර්ණයෙන් පැහැදිලි කළ නොහැකි ලකුණු ප්‍රමාණයයි. එය අපේ රටේ අඩු බව පෙනේ. මේ පිළිබඳව වැඩිදුරටත් අපට කරුණු දක්‌වා ඇති ඔවුන් සඳහන් කරන්නේ මේ පැහැදිලි කළ නොහැකි කොටස පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කිරීමට ඔවුන්ට මේ අවස්‌ථාවේ නොහැකි බව ය.¾

සතුටු වාර්තාවේ අසතුට


මේ කරුණු සියල්ල සලකා බලන විට ජගත් සතුටු වාර්තාව සාධාරණ වාර්තාවක්‌ ලෙස සතුටු විය හැකි ද යන්න ගැන සාධාරණ සැකයක්‌ ඇති වීම වැළැක්‌විය නොහැකි ය.

එසේ ම ඉහත සඳහන් විචල්‍ය අතරින් සතුට හා සෘජු ව සම්බන්ධ වන්නේ කවර ඒවා ද යන්න ම`දක්‌ විමසා බැලිය යුතු ය. මේ අතරින් සමහරක අපේ රට ලෝකයේ බොහෝ රටවලට වඩා ඉහළින් පසු වේ. සෞඛ්‍යවත් ජීවන අපේක්‌ෂාව අතින් අපේ රට වෙනත් රටවලට ආදර්ශයක්‌ සේ දක්‌වනු ලැබ ඇත්තේ ද ජාත්‍යන්තර ආයතන විසිනි. එසේ ම අනාදිමත් කාලයක සිට දානය හා සමාජ ගැටලුවක දී සහාය ලබාගැනීමට ඇති හැකියාව වැනි කරුණුවලින් ශ්‍රී ලාංකිකයන් කැපී පෙනේ. (එවැනි දේ ඇතැම් රටවල රාජකාරි පමණක්‌ වුවත්, පවුල ශක්‌තිමත් බැඳීමක්‌ සහිත ව්‍යුහයක්‌ වන අපේ රට තුළ එය ගැටලුවක්‌ නො වේ). එසේ ම, සතුට හා ධනය අතර ඇති සම්බන්ධය අපේ රට වැනි රටවල සැවොම විශ්වාස නො කරනු ඇත. සතුට යනු මුදල් ම නො වේ.

පෙනෙන්නට ඇති ආකාරයට සතුටු වාර්තාව තවමත් වර්ධනය වෙමින් ඇති දර්ශකයක්‌ සේ සැලකිය හැකි ය. මේ 2013 සතුටු වාර්තාවේ 9 වැනි පිටුවේ සඳහන් වන ආකාරයට අනාගතයේ දී යහ පැවැත්ම පිළිබඳ දත්ත ඇති විට වඩාත් ඉහළ සහභාගිත්වයක්‌ සහිත හා අදාළ රජ්‍ය විසින් සකස්‌ කරනු ලබන සමීක්‌ෂණ වාර්තා අනුව වඩාත් පැහැදිලි චිත්‍රයක්‌ ලබා ගත හැකි බව පෙන්වා දී තිබේ.

අප අමතක නො කළ යුතු කරුණක්‌ වන්නේ සතුට යනු අනෙක්‌ සියල්ල මෙන්ම සාපේක්‌ෂ දෙයක්‌ වන බව ය. මේ තත්ත්වය බොහෝ දර්ශකවලට ද පොදු ය.

http://www.vidusara.com/2013/10/02/feature1.html

Friday, August 16, 2013

ජලය, සමාජයීය අර්බුද හා ගැටුම්

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-08-14, පි. 2-3
Vidusara: http://www.vidusara.com/2013/08/14/feature1.html


රතුපස්‌වල හා අවට ප්‍රදේශවල භූගත ජලයේ ඇති වූ ගැටලු හේතුවෙන් උද්ගත වූ අර්බුදය මේ වන විට අප සමාජයේ සාකච්ඡාවට ලක්‌ ව ඇති මාතෘකාවකි. රතුපස්‌වල ජනතාවට ඒ ප්‍රදේශයේ පානීය ජලය පිළිබඳ යම් ගැටලුවක්‌ ඇති ව තිබූ අතර ඔවුන් ගේ චෝදනාව වූයේ ප්‍රදේශයේ පිහිටි කම්හලක්‌ මේ සඳහා පාදක වූ බව ය. ඔවුන් මින් සති කිහිපයකට පෙර ආරම්භ කළ ජනතා උද්ඝෝෂණය ක්‍රමයෙන් දුරදිග ගිය බවක්‌ පෙනේ. එහි බරපතළ ප්‍රතිඵලය වූයේ අගෝස්‌තු මස පළමුවැනි දා ආසන්න ප්‍රධාන නගරය වන වැලිවේරිය ප්‍රදේශයේ දී ඇති වූ ගැටුමින් ජීවිත තුනක්‌ ජාතියට අහිමි වීම ය. මේ පිළිබඳ විවිධ ආකාරයේ අදහස්‌ උදහස්‌ හා චෝදනා කිරීම් පසුගිය සතිය පුරා ජනමාධ්‍ය ඔස්‌සේ දැකිය හැකි විය. එසේ ම මේ සිදුවීම හරහා රජයට පක්‌ෂ හා විපක්‌ෂ කණ්‌ඩායම් ලෙස විවිධ පාර්ශ්ව ගොනු වන ආකාරය ද දක්‌නට තිබිණි. එහෙත් අවාසනාවකට මෙන් ජලය පිළිබඳව මිනිසුන් සතු අයිතිය හෑල්ලු කිරීම ද අඩු වැඩි වශයෙන් මෙහි දී දැකිය හැකි වූ බව සඳහන් කළ යුතු ය.

ජලය නිසා මෙවැනි සමාජයීය අර්බුද ඇති වීම සාමාන්‍ය කරුණකි. එයට හේතුව වන්නේ ජලය මිනිසුන්ට නැති ව ම බැරි අත්‍යවශ්‍ය සම්පතක්‌ වීම ය. ජලය නොමැති ව තම ජීවිත පවත්වාගැනීමට, වගා කිරීමට හෝ එදිනෙදා බොහෝ කටයුතු සිදු කරගැනීමට මිනිසුන්ට නොහැකි ය. විශේෂයෙන් පානීය ජලය මෙන්ම කෘෂිකාර්මික ජල සැපයුම පිළිබඳ යම් අර්බුදයක්‌ ඇති වුව හොත් එය බෙහෙවින් ගැටලු සහිත වනු ඇත. ජල සුලබතාව හා ජලය කළමනාකරණය කරගැනීමට ඇති හැකියාව බිඳවැටීම නිසා අතීත ලෝකයේ පැවැති ශිෂ්ටාචාර පවා අවදානමකට ලක්‌ වූ අවස්‌ථා පවතී.

ජලය සපයාගැනීම හෝ බෙදාගැනීම පිළිබඳව ඇති වන ගැටලු නිසා සමාජයීය අර්බුද ඇති වූ අවස්‌ථා රැසක්‌ ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. ජල අර්බුද සඳහා බලපාන කරුණක්‌ වන්නේ ජලය පිළිබඳ විවිධ අංශවල ඇති ඉල්ලුම සම්බන්ධ ගැටලු බව පිළිගෙන ඇති කරුණකි. මේ අර්බුද රටවල් දෙකක්‌ අතර, එක ම රටක ප්‍රදේශ හෝ ප්‍රාන්ත දෙකක්‌ අතර මෙන්ම ගම් හෝ නගර කිහිපයක්‌ අතර ආදි වශයෙන් විවිධ විය හැකි ය. මේ ආකාරයෙන් ඇති වන ජල අර්බුද ඇතැම් විට ගැටුම් දක්‌වා වුව ද වර්ධනය වීමට පවා ඉඩ තිබේ. රටවල් අතර ජලය පිළිබඳ යුද්ධ ඇති නො වුව ද, ඒවා විවිධ ගැටුම් සඳහා පදනම් ව ඇති බව පෙනේ.

අප්‍රිකාවේ රටවල් අතර ජලය සම්බන්ධ අර්බුද ඇති අතර නයිල් නදියේ ජලය බෙදාගැනීම පිළිබඳව මේ වන විට ඊජිප්තුව, ඉතියෝපියාව හා සුඩානය අතර ඇති ව තිබෙන අර්බුදය මෙවැනි එක්‌ නිදසුනකි. ඒරල් මුහුදේ ජල සැපයුම සම්බන්ධ අර්බුදය මධ්‍යම ආසියාවේ රටවල් අතර ඇති තවත් ගැටලුවකි. එසේ ම මෑත අතීතයේ දී අප්‍රිකාවේ ඇති වූ ඇතැම් ගැටුම් සඳහා ජලය පිළිබඳ අර්බුද ද හේතු වී ඇති බව පෙනේ. එක ම රටක ප්‍රාන්ත දෙකක්‌ අතර ජලය සම්බන්ධව ඇති වූ ගැටලුවක්‌ ලෙස, කාවේරි ගංගාවේ ජලය බෙදාගැනීම ඉන්දියාවේ තමිල්නාඩු හා කර්නාටක ප්‍රාන්ත අතර ඇති අර්බුදය හා මුල්ලපෙරියර් ජලාශය සම්බන්ධව කේරළ හා තමිල්නාඩු ප්‍රාන්ත අතර ඇති අර්බුදය දැක්‌විය හැකි ය.

මේ ආකාරයෙන් ම ආසන්න ගම් හෝ නගරවල වාසය කරන ජන කොටස්‌ දෙකක්‌ අතර ද ජලය බෙදාගැනීම පිළිබඳ අර්බුද ඇති විය හැකි ය. එසේ ම ජලය භාවිත කරමින් ජනතාව පීඩාවට පත් කළ අවස්‌ථා ද ඇතැම් රටවලින් වාර්තා වී තිබේ. ඉරාකයේ සදාම් හුසේන් පාලන සමයේ දී වගුරු බිම් ආශ්‍රිත ව දිවි ගෙවූ ජන කොටසක්‌ පාලනය කිරීමට අදාළ වගුරු බිමට ඇති ජලය සැපයුම සීමා කිරීම මීට නිදසුනක්‌ ලෙස දැක්‌විය හැකි ය.

එහෙත් මේ සියල්ලට වඩා ජලය පිළිබඳ සුලබව දැකිය හැකි අර්බුදය වන්නේ ජල හිඟය හා ජල දූෂණය නිසා පීඩා විඳින ජනතාවක්‌ ඊට විසඳුම් ඉල්ලා සිටිමේ දී සිදු කරන අරගලයි.

ශ්‍රී ලාංකේය උදාහරණ

ජලය පිළිබඳ ගැටලු අපේ රටේ ඇති වූ අවස්‌ථා ද හිඟ නො වේ. කෙසේ වෙතත් අපේ රටේ ජලය හා සම්බන්ධව වැඩි වශයෙන් ඇති වී තිබෙන්නේ ජල හිඟය හෝ ජලය නොමැති වීම නිසා ඇති වී තිබෙන අර්බුද බව පෙනේ.

මෙවැනි එක්‌ සිදුවීමක්‌ ලෙස කිරිඳිඔය ජල අර්බුදය දැක්‌වීමට හැකි ය. කිරිඳිඔය වාර්මාර්ග හා ජනාවාසකරණ ව්‍යාපෘතිය යටතේ 1980 දශකයේ ලුණුගම්වෙහෙර ජලාශය ඉදි කරන ලද නමුත් ප්‍රමාණවත් ජල ප්‍රවාහයක්‌ නො තිබීම නිසා ඒ ව්‍යාපෘතිය යටතේ පදිංචි කරන ලද ජනතාවට ප්‍රමාණවත් ජල සැපයුමක්‌ තිබුණේ නැත. මේ නිසා කෘෂිකර්මය සඳහා මෙන්ම එදිනෙදා අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තරම් ජල සැපයුමක්‌ නොමැති වීමෙන් ඉතා බරපතළ සමාජයීය අර්බුදයක්‌ ඇති විය. එය වඩාත් උග්‍ර වූයේ දෙ දහස දශකයේ මුල් කාලයේ දී ඇති වූ දැඩි නියඟයත් සමඟ ය. මේ නිසා අදාළ ජනතාව ප්‍රදේශය හැර යන තත්ත්වයකට පත් වූ අතර, එය රටේ මෙන්ම ජාත්‍යන්තරව ද සාකච්ඡාවට ලක්‌ වූ මාතෘකාවක්‌ විය. මේ තත්ත්වය විසඳීම සඳහා අදාළ ප්‍රදේශයටට වෙනත් ජල සැපයුමකින් ජලය සැපයීමට සිදු විය. ඒ අනුව වෙහෙරගල ජලාශය තැනීමෙන් මැණික්‌ ගඟේ ජලය කිරිඳිඔය නිම්නයේ ලුණුගම්වෙහෙරෙ ජලාශයට සපයා දී තිබේ.

ජලය පිළිබඳ සමාජයීය අර්බුද උග්‍ර වූ තවත් අවස්‌ථාවක්‌ ලෙස පශ්චාත් සුනාමි තත්ත්වය දැක්‌වීමට හැකි ය. සුනාමියෙන් අවතැන් වූ ඇතැම් ප්‍රදේශවල ජනතාව නැවත පදිංචි කිරීමේ දී ජල මූලාශ්‍ර පිළිබඳව ගැටලු ඇති වූ අවස්‌ථා හිඟ නො වේ. මෙවැනි ගැටලු ප්‍රදේශ කිහිපයක ඇති වූ බව අපි දුටිමු.

අනෙක්‌ අතට පානීය ජලය ඉල්ලා ජනතාව විසින් සිදු කරනු ලබන ඉල්ලීම් විවිධ ජනමාධ්‍ය ඔස්‌සේ අපට බොහෝ විට දකින්නට ලැබේ. විශේෂයෙන් ඔවුන්ට මේ සම්බන්ධව ඇති ගැටලු වන්නේ පානීය ජලය සපයා ගැනීමේ දුෂ්කරතා, ප්‍රමාණවත් ජල සැපයුමක්‌ නොමැති වීම, ජලයේ පිරිසිදු බල පිළිබඳ ගැටලු, ජලයේ අධික කඨිනත්වය හා සම්බන්ධ ගැටලු ආදියයි. සමස්‌තයක්‌ ලෙස ඉන් පෙන්වා දෙන්නේ පානීය ජලයේ ඇති වැදගත්කමයි. මේ වන විට අපේ රටේ ජනතාව ගෙන් නළ ජල සැපයුමක්‌ ඇත්තේ සියයට 43.6ක්‌ පමණ තරම් පිරිසකට පමණි. ඒ අනුව රටේ ජනගහනයෙන් වැඩි පිරිසකට නළ ජල පහසුකම් නොමැති බව පෙනේ. (එහෙත් ඉන් කියෑවෙන්නේ ඔවුන් ගේ ජල සැපයුම අපිරිසිදු බව නො විය හැකි ය. ළිං ජල සැපයුම මීට නිදසුනකි. කෙසේ වෙතත් රටේ ප්‍රදේශ සමහරක භූගත ජලය පානය සඳහා එතරම් සුදුසු නො වන බව ද අප අමතක නො කළ යුතු ය).

රතුපස්‌වලින් ඔබ්බට

අප මේ මාතෘකාවට යොමු වූයේ රතුපස්‌වල මතු වූ ජල අර්බුදය නිසා ය. රතුපස්‌වල ජල ගැටලුවට හේතු වූ කරුණු පිළිබඳව විවිධ අංශ විවිධ සාධක දක්‌වන බවක්‌ පෙනෙයි. මේ ලියන මොහොත වන විට ද විවිධ ආයතනවලින් ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වෙමින් තිබේ. මේ පර්යේෂණවල ප්‍රතිඵල මත උක්‌ත ජල දූෂණය සඳහා හේතු වී ඇති කරුණු මොනවා ද යන්න ඉදිරියේ දී වඩාත් පැහැදිලි වනු ඇත. මේ වන විට රජයේ අදාළ බලධාරීන් ක්‍රියාත්මක ව ඇති බැවින් ප්‍රදේශයේ ජනතාව සඳහා පානීය ජල සැපයුමක්‌ ඇති කිරීම සඳහා යම් ස්‌ථිර විසඳුමක්‌ ද ලැබීමට හැකි ය. මේ පිළිබඳ වාර්තාවලට අනුව මේ සඳහා වන ව්‍යාපෘතියක්‌ ද අනාගතයේ දී ක්‍රියාත්මක වනු ඇත.

අප මේ ලිපියේ නැවත නැවතත් දැක්‌වූයේ මිනිසුන්ට අත්‍යවශ්‍ය සම්පතක්‌ ලෙස ජලයේ ඇති වැදගත්කමයි. එය ඇතැම් විට නො සලකා හැර තිබේ. මිනිසාට අත්‍යවශ්‍ය සම්පතක්‌ වන ජලය පිළිබඳ ගැටලුවල දී අදාළ අංශවල බලධාරීන් මීට වඩා කඩිනමින් හා වගකීමෙන් ක්‍රියා කළ යුතු බව මෙහි දී අවධාරණය කළ යුතු කරුණකි. රතුපස්‌වලින් අප උගත යුතු එක්‌ පාඩමක්‌ වන්නේ මෙයයි.

එසේ ම මෙහි දී ඇතැමුන්ට අමතක වී ඇති බවක්‌ පෙනෙන එහෙත් අපට අමතක කළ නොහැකි එක්‌ කරුණක්‌ තිබේ. එනම් ජලය යනු මිනිසුන්ට පමණක්‌ නො ව සමස්‌තයක්‌ ලෙස සියලු ජීවීන්ට ම අත්‍යවශ්‍ය වූ අමිල සම්පතක්‌ බව ය. කිසියම් ප්‍රදේශයක ජල දූෂණය හා සම්බන්ධ ගැටලුවක්‌ ඇති වූ විට ඒ සඳහා වෙනත් ප්‍රදේශයක සිට පිරිසිදු ජල සැපයීම පිළියමක්‌ වන්නේ මිනිසුන්ට ය. එහෙත් අදාළ පරිසර පද්ධතියට මේ ජල දූෂණය නිසා ඇති විය හැකි බලපෑම බොහෝ විට අප අමතක කරන කරුණකි. උග්‍ර ජල දූෂණයක්‌ ඇති වන අවස්‌ථාවල දී ඉන් සමස්‌ත පරිසර පද්ධතියට ම බලපෑමක්‌ ඇති වේ. අදාළ පරිසරයේ වැවෙන ශාකවලට මෙන්ම එහි ජීවත් වන සත්ත්ව ප්‍රජාවට ද මින් බලපෑමක්‌ ඇති විය හැකි ය. මේ බලපෑම ඇතැම් විට දැඩි වෙනස්‌කම් ඇති කරන්නක්‌ විය හැකි ය. මේ නිසා සමස්‌ත පරිසර පද්ධතියේ පැවැත්ම මිනිසුන් ගේ පැවැත්ම සඳහා වැදගත් වන නිසා අවශ්‍ය වන්නේ සමස්‌තයක්‌ ලෙස අදාළ පරිසර දූෂණයට පිළියමක්‌ යෙදීම හා එවැනි දූෂණයක්‌ ඇති වීම වළක්‌වා ගැනීම ය.

එසේ ම කර්මාන්ත ද අපේ රටට අවශ්‍ය කරන බැවින් ඒවායින් පිට කරනු ලබන අපද්‍රව්‍ය පිළියම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට හා ඒවා අඛණ්‌ඩව ක්‍රියාත්මක වන්නේ දැයි සොයා ගැලීමට ප්‍රමාද නො විය යුතු ය. මේ සඳහා ප්‍රමාණවත් නීති පද්ධති අපේ රටේ ඇත. අපට අවශ්‍ය වන්නේ ඒවා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන බවට අදාළ බලධාරීන් විසින් තහවුරු කරනු ලැබීම ය. එවිට ජනතාවට ද වාසය කිරීමට යෝග්‍ය පරිසරයක්‌ ඉබේ ම සැකසෙනු ඇත. මේ වන විට සාකච්ඡාවට ලක්‌ ව ඇති එක්‌ යෝජනාවක්‌ වන්නේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති කර්මාන්තශාලාවලින් ඇති වන පාරිසරික ගැටලු සොයා බලා විසඳුම් සැපයීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස මට්‌ටමින් පරිසර කමිටු පිහිටුවීම ය. එය ප්‍රදේශවාසීන්, රාජ්‍ය නිලධාරීන් හා කර්මාන්තරුවන් ගෙන් සමන්විත වන බව වාර්තා වී තිබේ. මේ කමිටු පරිසරය පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන සංවිධානවලට විවෘත වන්නේ නම් වඩාත් යෝග්‍ය වේ. එසේ ම මේ පියවර සක්‍රියව පවත්වා ගැනීමට මෙන්ම එය රටේ අනෙක්‌ ප්‍රදේශවල ද ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

http://www.vidusara.com/2013/08/14/feature1.html

දේශගුණ වෙනස්‌වීම හා ජීවීන්ගේ පරිණාමය

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-07-31
Vidusara: http://www.vidusara.com/2013/07/31/feature1.html


වර්තමාන දේශගුණ වෙනස්‌වීම හමුවේ ඇති වී තිබෙන විවිධ පාරිසරික වෙනස්‌වීම්වලට අනුහුරු වීම සියලු ජීවී විශේෂවල පැවැත්ම සඳහා ඉතා වැදගත් බව අප දන්නා කරුණකි. වසර මිලියන ගණනාවක්‌ තිස්‌සේ පරිණාමය වෙමින් පැවත ආ ඇතැම් ජීවී විශේෂවල අනාගත පැවැත්ම රඳා පවතින්නේ මේ මත ය. මේ පිළිබඳව සිදු වන පර්යේෂණවලින් පෙනී යන්නේ ඇති වී තිබෙන තත්ත්වයේ බරපතළ බව පෙන්වා දෙන කරුණු ය.

ඇතැම් අධ්‍යයනවලින් පෙනෙන පරිදි ඇතැම් ජීවී විශේෂවලට මේ පාරිසරික වෙනස්‌වීම්වලට අනුහුරු වීම තුළින් තම විශේෂයේ පැවැත්ම තහවුරු කරගැනීමට හැකියාවක්‌ තිබේ. එහෙත් ඒ තත්ත්වයට වෙනස්‌ සාධක ද බලපාන බව පෙනේ. කෙසේ වෙතත් තවත් සමහර විශේෂවලට මෙන්ම ඇතැම් ජීවී කාණ්‌ඩවලට බලපා ඇත්තේ වඳ වීමේ තර්ජනයක්‌ බව තවත් පර්යේෂණවලින් පෙනේ.

අප අද සාකච්ඡා කිරීමට තෝරාගත් මෑත දී වාර්තාවූ මෙවැනි පර්යේෂණ දෙකකින් හෙළි වන කරුණු අනුව අපට පෙනෙන්නේ මේ තත්ත්වය අප සිතනවාට වඩා සංකීර්ණ එකක්‌ බව ය.

ඇතැම් පක්‌ෂීන්ට අවස්‌ථාවක්‌ තිබේ

අප තෝරාගත් පළමු අධ්‍යයනයෙන් පෙනී ගොස්‌ ඇති ආකාරයට, පරිසරයේ ඇති වන වෙනස්‌වීම්වලට ගැලපෙන වේගයකින් ප්‍රවේණික වෙනස්‌ වීම් ඇති වීමේ වැඩි අවස්‌ථාවක්‌, ප්‍රමාණයෙන් කුඩා සහ කෙටි ජීවිත කාලයක්‌ ඇති පක්‌ෂි විශේෂවලට තිබේ. කෙසේ වෙතත් එවැනි වේගවත් පරිණාමයක්‌ දක්‌වන ජීවී විශේෂවල පැවැත්ම සඳහා වුව ද, ඔවුන් විසින් පමණක්‌ දක්‌වනු ලබන පරිණාමය ප්‍රමාණවත් නො විය හැකි ය. මේ කරුණු හෙළි වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඔක්‌ස්‌ෆර්ඩ් ප්‍රදේශයේ වාසය කරන ග්‍රේට්‌ ටිට්‌ (Great tit - Parus major) නම් කුඩා පක්‌ෂි විශේෂය පිළිබඳව වසර 50ක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ සිදු කරන ලද අධ්‍යයන ආශ්‍රයෙනි.

යම් ජීවී විශේෂයකට පරිසරයේ ඇති වන වෙනස්‌වීම්වලට ප්‍රතිචාර දැක්‌වීම සඳහා ස්‌වකීය රූපානුදර්ශය වෙනස්‌ කරගැනීමට ඇති හැකියාව රූපානුදර්ශී සුවිකාර්යතාව (phenotypic plasticity) නම් වේ. මේ හැකියාව නිසා කෙටිකාලීන වෙනස්‌වීම්වලට ඔවුන්ට කෙතරම් දුරට ඔරොත්තු දී පැවතිය හැකි ද යන්න තීරණය කරයි. ජීවී විශේෂ පරිසරයේ දැකිය හැකි කෙටිකාලීන වෙනස්‌ වීම්වලට දක්‌වන ප්‍රතිචාර දිගුකාලීන අධ්‍යයනවලින් හඳුනාගත හැකි ය. කෙසේ වෙතත් මේ සාර්ථකත්වය සඳහා බලපාන තවත් ප්‍රධාන කරුණක්‌ වන්නේ ඔවුන් තම පරිසරයේ දැකිය හැකි ප්‍රධාන සාධකවලට දක්‌වන ප්‍රතිචාර ය. නිදසුනක්‌ ලෙස ආහාර සුලබතාව දැක්‌විය හැකි ය. එසේ ම යම් විශේෂයක ආයු කාලය ඉහළ යන විට නව පරපුරක්‌ බිහි කිරීමට ගත වන කාලය ද වැඩි වේ. එවැනි අවස්‌ථාවල දී පරිණාමික අනුහුරුවීම් සෙමින් සිදු වන අතර අදාළ විශේෂයට දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති වන වඳ වී යැමේ තර්ජනයට තනි ව ම මුහුණ දීම අසීරු විය හැකි ය.

මේ අධ්‍යයනය සඳහා ඉහත කී පක්‌ෂියා යොදාගෙන ඇත්තේ, වසන්ත සමයේ ඉවතට එන දළඹුවන් ගේ ගණන ඉහළ ම අගයට පැමිණෙන කාලයේ දී පක්‌ෂි පැටවුන් බිහි වීම හා ගැලපිය යුතු බැවිනි. මේ පක්‌ෂීන් ගේ ප්‍රධාන ආහාරයක්‌ වන දළඹුවන් ඔවුන් ගේ පැවැත්ම සඳහා ඉතා වැදගත් වේ. මේ කාලය ඇතුළත පරිසරයේ සාමාන්‍ය උෂ්ණත්වයේ වර්ධනය හා සමඟ මේ දළඹුවන් ගේ උපරිමය පවත්නා කාල වකවානුවේ ඇති වී තිබෙන වෙනස්‌වීම් හා මේ හා සමගාමීව පක්‌ෂීන් බිත්තර දමන කාල වකවානුවල වෙනස්‌ වීම් මේ අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ ව ඇත.

මෙහි දී පෙනී ගොස්‌ ඇති ආකාරයට අදින් වසර පනහකට පෙර මේ පක්‌ෂීන් බිත්තර දැමූ දින වකවානුවට වඩා සති දෙකක්‌ පමණ කලින් මේ වන විට බිත්තර දමන බව පෙනේ. මේ යාන්ත්‍රණය නිසා මේ පක්‌ෂීන්ට අනාගතයේ දී වසරක්‌ තුළ ඇති වන සෙල්සියස්‌ අංශක 0.5ක උෂ්ණත්ව වර්ධනයකට වුවත් ඔරොත්තු දීමට හැකි වනු ඇත. එහෙත් මේ වන විට පිළිගෙන ඇති වඩාත් ආන්තික සංසිද්ධිය යටතේ වුව ද ඇති විය හැකි උෂ්ණත්ව වර්ධනය වසරකට සෙල්සියස්‌ අංශක 0.03ක පමණ ප්‍රමාණයක්‌ පමණක්‌ වන නිසා මේ පක්‌ෂීන්ට දේශගුණ වෙනස්‌ වීමේ තර්ජනයට අනුහුරු වීමට වැඩි අවස්‌ථාවක්‌ තිබේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් අනාගතයේ ඇති වන උෂ්ණත්ව වෙනස්‌ වීමට ඔරොත්තු දීමට මේ පක්‌ෂීන්ට අවස්‌ථාවක්‌ තිබේ. කෙසේ වෙතත් රූපානුදර්ශීය සුවිකාර්යතාව නොමැති වූයේ නම්, මේ පක්‌ෂීන් වඳ වී යැමට 60%ක පමණ අවස්‌ථාවක්‌ තිබිණි. (මූලාශ්‍රයPLoS Biology, DOI:10.1371/journal.pbio.1001605)

පෘෂ්ඨවංශීන්ට ඇති වඳ වීමේ තර්ජනය

කෙසේ වෙතත් තවත් අධ්‍යයනයකින් හෙළි වී ඇති අකාරයට, සැම ජීවී කාණ්‌ඩයක්‌ ම මේ තරම් වාසනාවන්ත නො වේ. එහි දී පෙන්වා දී ඇත්තේ ඉදිරි වර්ෂ සියයක පමණ කාලය ඇතුළත සිදු විය හැකි උෂ්ණත්ව වෙනස්‌ වීමට ගැලපෙන ආකාරයෙන් අනුවර්තනය වීමට නම් බොහෝ පෘෂ්ඨවංශී විශේෂ අදට වඩා 10,000ක ගුණයක්‌ තරම් වේගයෙන් පරිණාමය විය යුතු බව ය.

මේ අධ්‍යයනය සඳහා ද යොදාගෙන ඇති ක්‍රමවේදය වැදගත් හා පුළුල් වූවකි. මෙහි දී සැම භෞමික පෘෂ්ඨවංශී කාණ්‌ඩයක්‌ ම පාහේ නියෝජනය වන ආකාරයෙන් විශේෂ 540ක්‌ පමණ පිළිබඳ දත්ත භාවිත කර ඇත. මේ ජීවීන් ගේ පරිණාමික ඉතිහාසයේ දී පැවැති වෙනස්‌ දේශගුණික තත්ත්වවලට ගැලපෙන ආකාරයෙන් හැඩගැසීමට මේ ජීවීන්ට කෙතරම් කාලයක්‌ ගත වී ද යන්න පරීක්‌ෂා කර බලා ඇත. ඉන් පසුව මේ පරිණාමික වේගය හා වර්තමාන තත්ත්වය හමුවේ මේ සියවස අවසානයේ දී ඇති වෙතැයි අපේක්‌ෂා කරන දේශගුණ වෙනස්‌ වීමේ වේගය හා සංසන්දනය කර තිබේ. මෙසේ අතීතයේ පැවැති අනුහුරු වීමේ වේගය හා අනාගතයේ අපේක්‌ෂිත දේශගුණ වෙනස්‌ වීමේ වේගය හා සංසන්දනය කරන ලද පළමු පර්යේෂණය ලෙස මෙය හැඳින්විය හැකි ය.

ඔවුන් මේ සඳහා යොදාගෙන ඇත්තේ වංශ ප්‍රවේණිය (phylogenies) හෙවත් ජීවි විශේෂ එකිනෙකට සම්බන්ධ වන ආකාරය පෙන්වන පරිණාමික පවුල් ගස්‌ පිළිබඳ දත්ත ය. මෙහි දී එවැනි පරිණාමික පවුල් දහ හතක්‌ පිළිබඳව අවධානය යොමු කර ඇත. ඉන්පසුව මේ දත්ත හා එක්‌ එක්‌ විශේෂයේ දේශගුණ නිකේතනය (climatic niche) හා සම්බන්ධ කර දේශගුණ නිකේතනවල හා ජීවී විශේෂවල වෙනස්‌කම් කෙබඳු ආකාරයකින් සිදු වේ දැයි විමසා බලා ඇත.

යම් ජීවී විශේෂයක්‌ කෙතරම් පැරැණි ද යන්න අප දන්නේ නම්, අදාළ ජීවියා ගේ දේශගුණ නිකේතනය කාලය සමඟ කෙතරම් වේගයකින් වෙනස්‌ වන්නේ ද යන්න විමසා බැලිය හැකි ය. මෙහි දී ඔවුන්ට පෙනී ගොස්‌ ඇත්තේ බොහෝ විශේෂ පරිණාමය වී ඇත්තේ වසර මිලියනයක්‌ හා මිලියන කිහිපයක්‌ අතර කාලයක්‌ ඇතුළත උෂ්ණත්වයේ සාමාන්‍යය සෙල්සියස්‌ අංශක 1-2ක්‌ අතර ප්‍රමාණයකින් වෙනස්‌ වී ඇති පරිසරයක දී බව ය.

මෙහි දී අනාවරණය වී ඇති පරිදි, සාමාන්‍යයෙන් බොහෝ ජීවී විශේෂ සෙල්සියස්‌ අංශක එකක උෂ්ණත්ව වර්ධනයකට අනුහුරු වන්නේ වසර මිලියනයක පමණ කාලයක දී ය. පරිණාමය යනු එතරම් සෙමින් සිදු වන ක්‍රියාදාමයකි. මේ ප්‍රමාණය හා අනාගතයේ ඇති විය හැකි උෂ්ණත්ව වෙනස පිළිබඳව සසඳා බලා ඇත. ඒ අනුව ඉදිරි වසර සියයක පමණ කාලය ඇතුළත ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක හතරකින් ඉහළ ගිය හොත් එය ඉතා වේගවත් වර්ධනයක්‌ වන අතර ඊට ගැලපෙන ආකාරයෙන් පරිණාමය වීමට බොහෝ විශේෂවලට නොහැකි වනු ඇත. මේ වෙනස්‌වීම්වලට ගැලපීමට නම් කෙතරම් වේගයකින් පරිණාමය විය යුතු ද යන්න විමසා බලා ඇත. එය බොහෝ අවස්‌ථාවල දී දස දහස්‌ ගුණයක්‌ තරම් විය හැකි ය.

මේ අනුව පෙනෙන්නේ 2100 වර්ෂය වන විට ඇති විය හැකි දේශගුණ තත්ත්වවලට මුහුණ දීමට හැකි තරම් වේගයකින් බොහෝ භෞමික පෘෂ්ඨවංශී විශේෂවල පරිණාමයක්‌ සිදු නො විය හැකි බව ය. එවැනි තත්ත්වයක්‌ තුළ ජීවීන්ට දේශගුණ වෙනස්‌වීමේ බලපෑම්වලින් ආරක්‌ෂා වී සිය පැවැත්ම තහවුරු කරගත හැක්‌කේ යෝග්‍ය දේශගුණ තත්ත්ව ඇති පරිසරයක්‌ වෙත සංක්‍රමණය වීමෙනි. එ නම් ඔවුන් අද ජීවත් වන ප්‍රදේශයේ උෂ්ණත්වය හා සමාන උෂ්ණත්වයක්‌ ඇති ප්‍රදේශවලට ය. නිදසුනක්‌ ලෙස ඉහළ උන්නතාංශයක්‌ ඇති ප්‍රදේශවලට හා උතුරු හෝ දකුණු ධ්‍රැව දෙසට හෙවත් ඉහළ අක්‌ෂාංශ දෙසට සංක්‍රමණය වීම දැක්‌විය හැකි ය. යෝග්‍ය පරිසරයක්‌ වෙත සංක්‍රමණය වීම හැම විට ම සාර්ථක නො වේ. ඇතැම් අධ්‍යයනවලින් පෙන්වා දී ඇති පරිදි, ස්‌වකීය පැවැත්ම ආරක්‌ෂා කරගැනීමට ප්‍රමාණවත් තරම් වේගයකින් ඇතැම් සත්ත්ව විශේෂවලට පවා සංක්‍රමණය වීම අසීරු ය. ඊට බලපාන එක්‌ හේතුවක්‌ වන්නේ මිනිසුන් ගේ ක්‍රියාකාරකම් සහ ස්‌වාභාවික භූගෝලීය බාධක නිසා ද මේ සංක්‍රමණවලට බාධා ඇති වීම හා අඛණ්‌ඩව සංක්‍රමණය වීම අසීරු වීමයි.

අනෙක්‌ අතට කිසියම් ජීවී විශේෂයක බොහෝ ගහන වඳ වී ගිය ද, ඇතැම් ගහන ආරක්‌ෂා වීම හරහා අදාළ ජීවී විශේෂයේ අඛණ්‌ඩ පැවැත්ම තහවුරු විය හැකි ය. එහෙත් මේ කිසිදු විකල්පයක්‌ නොමැති වුව හොත්, සිදු විය හැකි දේ වන්නේ වඳ වී යැමයි. (මූලාශ්‍රයEcology Letters, DOI:10.1111/ele.12144)

මානව බලපෑමේ තරම

මිහිතලය මත ස්‌වකීය පැවැත්ම සඳහා වූ සාධාරණ අහිමි වීමේ තර්ජනයකට ජීවී විශේෂ රැසක්‌ ලක්‌ ව ඇත්තේ වර්තමාන දේශගුණ වෙනස්‌ වීම හා එහි අහිතකර ප්‍රතිඵල නිසා ය. දේශගුණ වෙනස්‌ වීම සඳහා බලපාන මූලික සාධකය වන්නේ පසුගිය ශතවර්ෂ දෙකකට ම`දක්‌ අධික කාලයක්‌ තුළ මිනිසුන් ගේ ක්‍රියාකාරිත්වය හා වර්තමාන සංවර්ධන ආකෘතියයි. මේ වන විට මේ සඳහා මිනිසා ගේ දායකත්වය පිළිබඳව කිසිදු සැකයක්‌ නොමැති තරම් ය.

එහෙත් ඉහත සඳහන් කළ වෙනස්‌ වීම් වළක්‌වාගැනීමේ වැඩි හැකියාවක්‌ හා අවස්‌ථාවක්‌ ඇත්තේ ද මිනිසාට ම ය. ඊට හේතුව ඔහු ගේ ක්‍රියාකාරිත්වය හා එහි ප්‍රතිඵල පාලනය කළ හැක්‌කේ මිනිසාට ම වන නිසා ය. ඒ සඳහා ඔහුට වගකීමක්‌ හා යුතුකමක්‌ ද ඇත. මේ මිහිතලය ලොව වෙසෙන සියලු ජීවීන්ට අයත් ය. වර්තමාන දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම මෙන්ම ජීවී විශේෂ සංරක්‌ෂණය පිළිබඳ වැඩි අවධානයක්‌ යොමු කිරීමට ද මේ කාලය බව පෙනේ.


http://www.vidusara.com/2013/07/31/feature1.html

Wednesday, July 24, 2013

සුදීප පූර්ණජිත් - ඔහු රුදුරු ත්‍රස්තවාදයට බිලිවූ තවත් එක් ජීවිතයක් පමණක් නොවේ ...

මාස කිහිපයකට පෙර දිනයක හිතවතකුගේ ඥාති පරපුරේ තොරතුරැ සොයමින් පානදුරේ මිණුවන්පිටිය සුසානභූමියේ ඇවිදයමින් සිටියදී අහම්බෙන් මෙන් දක්නට ලැබුණු මේ සුසාන පුවරුව අද මට මතකයට ආවේ එහි හිමිකරු අපෙන් වෙන්වූ සිදුවීමට අදට වසර 17ක් සම්පූර්ණ වූ බැවිනි.
 

අදින් වසර 17කට පමණ පෙර 1996 ජුලි මාසයේ 24 දින දෙහිවලදී දුම්රියේ පුපුරා ගිය බෝම්බයට අදට වසර දහහතක් සම්පූර්ණ විය. එය දහස් ගණනක් මිනිස් ජීවිත බිලිගත්, අපේ රට වෙළාගෙන තිබූ රුදුරු ත්‍රස්තවාදයේ තවත් එක් බෝම්බයක් විය.

මේ බෝම්බයෙන් අපට අහිමි කළ, මා දුටු සුසානයේ හිමිකරු වූයේ අපේ කාලයේ සොඳුරු කලාකරුවකු වූ සුදීප පූර්ණජිත්ය.

මම කිසිදිනක ඔහු දැන හැඳින නොසිටියෙමි. එහෙත් පුවත්පත් හරහා ඔහුගේ අපූරු නිර්මාණ රසවිඳින්නට මට අවස්ථාව ලැබිණි.

පුවත්පත් සැරසූ ඔහුගේ ඇතැම් නිර්මාණ මෙන්ම ඔහුගේ ශෛලියද මට අද පවා සිහියට නගාගත හැකිය. ඔහුගේ සුසානයේද ඒ ශෛලියේ සඳහනක් ඇති බවක් මට හැඟේ.

වසර ගණනාවක් තිස්සේ පාසි බැඳී ගොස් අවපැහැ ගැන්වී තිබුණු සුසාන පුවරුව මත ලියා තිබූ දේ කියවා ගත්තේ මා ගත් ඡායාරූපවලිනි. එහෙත් සුසානය මත ඔහුගේ සේයාරුව තවමත් පැහැදිලිව පෙනෙන්නට තිබිණි.

ඔහු පිළිබඳව තවත් කිසිවක් මම සඳහන් නොකරමි. ඒ වෙනුවට අදාළ සුසාන පුවරුවේ මෙසේ සඳහන් විය.




සුදීප පූර්ණජිත්

හමුවට ආවේ
1966.07.22
සමුගෙන ගියේ
1996.07.24
------------
දිගු ගමන් ගම
අඩක් නිම කල
සිහිනයක් මෙනි
ඔබේ පියවර
සිතුවමකි ඔබ
අඩක් නිමවුණ
වර්ණ බොඳ කොට
කඳුළු වගුරන
-------------
ජීවිතයේ
අරුණ යාමයේ සිටම
ජන සන්නිවේදන මාධ්‍යයෙන්
චිත්‍ර කලාවෙන්
විචිත්‍ර කරණ ශිල්පයෙන්
මුද්දර නිර්මාණ කරණයෙන්
දෙස් විදෙස් සම්මාන ලබමින්
නව යොවුන් වසන්තයේදීම
අප්‍රමාණ ප්‍රතිභාවක
ස්වර්ණාලෝකය විහි දූ
සුදීප පූර්ණජිත්
විකසිත පහන් සිළුව
රුදුරු ත්‍රස්තවාදයක
චන්ඩ මාරුතයෙන්
සදහටම නිවී ගියෙද
ඔහුගේ මතක සුවඳ
මෙහි නිදන් වූයේ ය.


Tuesday, July 23, 2013

Saving people from bus owners

Dhanesh Wisumperuma

The Nation, (Gain section), 21-07-2013

http://www.nation.lk/edition/business-tbl/item/19359-saving-people-from-bus-owners.html


The private bus strike held on July 11 demanding a bus fare hike was another failed bus strike of the recent times. It didn’t affect passenger transport at all and ultimately called off within few hours. There were sufficient number of buses on the roads – both private and Sri Lanka Transport Board (SLTB) – in many of the main routes with the timely intervention. Many of the active private bus owners’ organizations didn’t get involved in this strike too. Government and groups loyal to the government claimed a victory over this, while the problem seems to be not yet solved.

Lanka Private Bus Owners’ Association (LPBOA) was the association that organized this strike demanding a bus fare hike. According to them, they were demanding the annual bus fare hike due in the middle of the year which has been provided annually. The recent fuel price hike triggered their claim and the dispute between the bus owners and the state authorities was the amount of bus fare hike. Some of the bus owners demanded a 10% increase of the bus fare while the National Transport Commission offered a 6.2% increase.

Meanwhile the government has been considering of providing subsidies and relief measures for the bus owners, instead of a fare hike. A monetary subsidy or concessions in purchasing tyres, spare parts, etc and low rates in leasing issues were among the relief measures tabled. According to government sources, some of the bus owners had requested both. A fare hike as well as relief, a fact the government couldn’t agree with. Strike was the result of this situation. One should remember that the non-striking bus owner associations are also waiting for an increase of the bus fare. Only difference is that they follow another way to gain their needs – discussions.

Bus fare hike – Is it a solution?

It is worth to question whether an increase of the bus fare is the solution to the crisis. In simple terms, the global fuel price fluctuations affect the retail price of fuel in the country, decided by the government. When the fuel price is increased, this burden is then passed to the people or the consumers in a variety of means – bus fare, train fare, electricity bill, prices of goods, etc. The authorities can bear the burden alternatively to avoid the people from suffering, by providing subsidies.

Most of the people who use road passenger transport are of the middle and low income people. An increase of the bus fares can directly affect them and their living conditions. Hence providing subsidies to the bus owners can directly benefit the needy passengers. Although the subsidy will eventually be somehow passed to the people, this can be named as a commendable action as it could benefit the ordinary passengers. There are subsidies provided for similar sectors in many countries.

Many of the fare hike seekers willfully neglect the fact that the bus fares were increased from 20%, which is more than the required rates in February 2012, with the increase of fuel prices.

Challenges and solutions

The private bus industry is a profit making industry and it is widely considered as a good business to invest in. The addition of new buses to the fleet is proof for this factor. Most of these are bought using leasing facilities. The target of the bus owners to recover the investment they have made with, while part of their income is looted by their servants who work mostly for a daily wage and without any welfare or job security. A saying among the public goes as: bus owner digs the well, the driver fetches water and the bus conductor takes the bath!

That’s bus owners own problem. The entire bus industry has been facing certain challenges. One is the increase number of private vehicles, including bicycles, three-wheelers and small cars. A considerable number of middle and low income passengers have moved to their own transport systems, thus reducing the passenger base. A fact pointed by bus owners is that the numbers of buses are more than the required number, but this cannot be accepted as the passengers have the right for a comfortable journey. There are certain limits to the number of passengers that can be taken in a bus, which is not adhered or checked.
The bottom line of all these facts is that private sector passenger transport is not a service like the state-owned SLTB at present. It is merely a business, and this has caused the deterioration of the quality of passenger transport. History of road passenger transport service of Sri Lanka says the same story.

Commenced in 1907 with the first omnibus service between Colombo and Chilaw, it was solely operated by various bus companies and few individuals for about fifty years. However, the growing passenger complaints of these privately owned bus services led the nationalization of bus services. It was an election promise of the 1956 government and the Ceylon Transport Board or the ‘Langama’ was born on January 1, 1958. Since then, the state-owned bus services had the responsibility of passenger transport for more than twenty years. It was able to provide a creditable service although the lack of sufficient number of buses hindered the service.

The private sector was allowed to run bus services in 1979, when the country’s economy was opened. This took place in parallel to the decentralizing of the state-owned transport board and later peoplising of the depots which caused a deterioration of the state-owned agency paving the way to the domination of private bus industry. Meanwhile, the continuous recruitment with the political backing over staffed the transport board making the annual loss to increase more. Finally, the present government established the Sri Lanka Transport Board in 2005. By now the share of the state-owned buses on roads is about 4,400, while there are nearly 20,000 private buses. (Although the total fleet of SLTB exceeds 7,700 buses by the end of 2012, the average number operated daily is less than 4,400).

One of the solutions proposed as a relief includes the introduction of joint timetables for private and SLTB buses. This is debatable as the SLTB share of transport at present is about 20% and which will further deteriorate the state agency. Many of the trade unions oppose such a move, until the SLTB is able to deploy sufficient buses for their stake in the transport sector, 40%. Although the lack of joint timetables is sometimes pointed as the cause for the accidents caused by the competition, it has many other issues. The SLTB provides a far better service than the private sector, specially on uneconomical rural bus routes where the passengers are low and during the night and early morning.

Passenger welfare
Each time the bus fare is increased the government mentions that more facilities should be provided for the passengers. These include the issue of tickets, adhering to the timetables, passenger care and passenger capacity, etc. Private bus owners seem to be agreeing on this, or they pretend to show so until the bus fare is increased. For a week or merely for few days, we can see the officials of the government checking the service of buses. However, the system continues as usual soon and passengers do not care about their rights.

Non-issuance of tickets and rude behavior of the bus staff of private busses is a common fact. There are such reports published in newspapers occasionally. Lack of law implementation on this is partly due to passenger inaction of complaining the authorities. The other main issue is the lack of interest of bus staff to adhere to the timetable, which makes the passengers to waste their valuable time on roads. This is also a common issue in the profit-oriented private bus sector sometimes with political support.
The comfort in these buses is an aspect that should be addressed. Some buses are designed to accommodate more standing passengers by altering seat size and space between seats, making it uncomfortable for the passengers. There are standards for this, but it seems that none are interested on those.

The semi-luxury bus services operating in some of the long distance routes are one of the worst of the passenger transport services. Although these buses should take seated passengers only, the target of the owners and the staff is to accommodate more and more standee passengers. The situation is worse in the routes that are almost solely comprise of these semi-luxury buses.

Authorities are neglecting the rights of the consumers and the consumers do not care about. There is no strong consumer movement or action in the transportation sector. It is not much different in other sectors in the country too. Hence public interest as well as the SLTB’s role is vital to keep the transport sector a safe and comfortable journey for the passengers. The state sector plays a key role in transport in many developing and developed countries.

http://www.nation.lk/edition/business-tbl/item/19359-saving-people-from-bus-owners.html

Wednesday, July 17, 2013

ඇමෙරිකානු බල්ලන් ගේ ආසියානු නෑකම

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-07-17, පි. 2-3
http://www.vidusara.com/2013/07/17/feature1.html



බල්ලන් මිනිසාට බොහෝ සේ සමීප සත්ත්ව විශේෂයකි. අදින් වසර 15,000ක්‌ තරම් ඈත කාලයක දී මිනිසුන් විසින් ගෘහාශ්‍රිතකරණය කරනු ලැබූ දා පටන් මිනිස්‌ ඇසුරේ සිටි සත්ත්ව විශේෂයක්‌ සේ බල්ලන් දැක්‌විය හැකි ය. මේ නිසා අද වන විට ඇතැම් බලු වර්ගවලට මිනිස්‌ වාසයෙන් තොර ව පැවතීම පවා අසීරු ය. වර්තමානයේ දී අප සතු විද්‍යාත්මක සාධක අනුව, නැඟෙනහිර ආසියාවේ දකුණුදිග ප්‍රදේශ බල්ලන් ගේ සම්භවය හෙවත් ගෘහාශ්‍රිතකරණය සිදු වූ ප්‍රදේශය සේ සැලකේ.

ගෘහාශ්‍රිත බල්ලන් අයත් වන්නේ Canis familiaris නම් එක්‌ ජීවී විශේෂයකට වුවත්, මේ වන විට ලෝකයේ විවිධ බලු වර්ග හෙවත් වරිග (breeds) පවතී. ලෝකයේ ජීවත් වන ක්‌ෂීරපායි විශේෂ අතරින් රූපවිද්‍යාත්මකව (Morphological) වැඩි ම විවිධත්වයකින් යුක්‌ත විශේෂය බල්ලන් ය. මේ විවිධ බලු වර්ගවල දැකිය හැකි ප්‍රමාණයේ හා සංන්‍යාසයික (conformation) විවිධත්වය, බල්ලන් අයත් වන Canidae කුලයේ සතුන් අතර ඇති ප්‍රමාණයේ හා සංන්‍යාසයික විවිධත්වය ඉක්‌මවා යයි. මිනිසුන් විසින් කාලාන්තරයක්‌ තිස්‌සේ තෝරා අභිජනනය කරනු ලැබීම මේ ආකාරයෙන් බල්ලන් ගේ හැඩය, වර්ණය හා හැසිරීමේ වෙනස්‌කම් ඇති වීමට දැඩි ලෙස බලපෑ හේතුවක්‌ බව පැහැදිලි ය.

උතුරු හා දකුණු ඇමෙරිකානු මහාද්වීපවලට හෙවත් නවලෝකයට 15 වැනි සියවස අග දී යුරෝපීයයන් පැමිණීමට පෙර හෙවත් පූර්ව-කොලොම්බියානු (Pre-Colombian) යුගයේ දී ඇමෙරිකාවේ විවිධ බලු වර්ග රැසක්‌ වාසය කළ බවට ඓතිහාසික සාධක හා පුරාවිද්‍යාත්මක සාධක ද තිබේ. විශේෂයෙන් ම දින නිර්ණය කර ඇති පුරාවිද්‍යාත්මක දත්ත අනුව අදින් වසර 10,000ත් 8,500ත් අතර පමණ කාලයකට පෙර ඇමෙරිකාවේ විසූ ස්‌වදේශිකයන් බල්ලන් ඇති කළ බවට හෙළි ව ඇත. ඇමෙරිකාව ජනාවාස කළ දකුණු සයිබීරියානුවන් ආසියාවේ සිට ඇමෙරිකාවට පැමිණියේ අදින් වසර 15,000කට තරම් පෙර නම්, බල්ලන් ආසියාවේ සිට පැමිණි පිරිස්‌ විසින් කිසියම් කලක එහි ගෙන එන ලද බව සිතීම අසීරු කරුණක්‌ නො වේ.

ඇමෙරිකාවේ ස්‌වදේශිකයන් විසින් ඇති කරන ලද විවිධ බලු වර්ග ගණනාවක්‌ පිළිබඳව ඇමෙරිකාව ජනාවාස කරගත් යුරෝපීයයන් ද වාර්තා කර ඇත. මේ ඇතැම් බලු වර්ගවලට ස්‌වදේශිකයන් දැඩි ආකර්ෂණයක්‌ දැක්‌වූ බවට ද සාධක පවතී. එසේ ම ඇතැම් බලු වර්ග මේ ජනතාවට බොහෝ ප්‍රයෝජනවත් සේවා ලබා දී ඇත. ප්‍රවාහන කටයුතු හා දඩයම සඳහා යොදාගත් ආක්‌ටික්‌ බලු වර්ග මේ සඳහා මනා නිදසුනකි.



මේ ඇමෙරිකානු බලු වර්ගවලට සිදු වූයේ කවරක්‌ ද යන්න පිළිබඳව ඇති එක්‌ මතයක්‌ වන්නේ යුරෝපීයයන් ගේ පැමිණීමත් සමඟ මේ දේශීය බලු වර්ග වඳ වී යන්නට ඇති බවයි. ඒ යුරෝපීයයන් ඇමෙරිකාවට රැගෙන ආ බල්ලන් නිසා ය. ඒ බල්ලන් සමඟ අභිජනනය වීම නිසා දේශීය බල්ලන් එක්‌කෝ වඳ වී යන්නට ඇති බව හෝ ඒ බල්ලන් ගේ ප්‍රවේණික ලක්‌ෂණ ක්‍රමයෙන් නැති ව යන්නට ඇති බව මේ මතයෙන් පැවසේ. එසේ ම මෙය ස්‌වදේශික ජනතාව ගේ සංස්‌කෘතිය විනාශ කරන්නට ගත් උත්සාහයේ ම කොටසක්‌ සේ ඇතැම් විට දක්‌වා ඇත. දකුණු ඇමෙරිකාවේ ඇතැම් ස්‌වදේශිකයන් ඔවුන් ගේ බල්ලන් ආරක්‌ෂා කරගැනීම සඳහා යම් යම් පියවර ගෙන තිබීම මීට නිදසුනකි.

ඇමෙරිකානු බලු වර්ගවල මුල් සෙවීම

වර්තමාන ඇමෙරිකානු බල්ලන් ගේ සම්භවය පිළිබඳව කිසියම් ආකාරයක මතභේද තිබූ බව පැහැදිලි ය. යුරෝපීය බල්ලන් නිසා දේශීය බලු වර්ගවලට කෙතරම් දුරට බලපෑමක්‌ සිදු වී ද යන්න ගැන ඇති මතභේදය මීට නිදසුනකි. පෙර සඳහන් පරිදි, පැරැණි දේශීය බලු ප්‍රභේද මුළුමනින් ම මැකී ගියේ ද යන්න හෝ යම් පමණකින් ක්ෂය වී ගොස්‌ තිබේ ද යන්න ගැටලුවකි. එසේ ම නිදහසේ සිටින බල්ලන් පිළිබඳව සිදු කර ඇති ඇතැම් අධ්‍යයනවලට අනුව වැඩි ගහන ගණනාවක්‌ යුරෝපීය බල්ලන් ගෙන් පැවත එන අතර හා ඇතැම් ගහන දේශීය බල්ලන් ගෙන් පැවත එන බව පෙනේ.

ඇමෙරිකාවේ බල්ලන් ගේ අතීතය පිළිබඳ මතභේද විසඳීමට සමත් පර්යේෂණයක්‌ පිළිබඳ තොරතුරු පසුගිය දා ප්‍රකාශයට පත් විය. බල්ලන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳව වන මේ අධ්‍යයනය බෙහෙවින් සවිස්‌තර ලෙස සිදු කරන ලද අධ්‍යයනයකි. මේ අධ්‍යයනයේ" ආසියාවේ, ඇමෙරිකාවේ හා යුරෝපයේ මේ වන විට ජීවත් වන විවිධ බලු වර්ගවලින් සහ ඇමෙරිකාවේ පුරාවිද්‍යාත්මක ස්‌ථානවලින් හමු වී ඇති බල්ලන් ගේ ඇටකටුවලින් ලබාගත් ප්‍රවේණික ද්‍රව්‍ය (මයිටොකොන්ඩී්‍රය ඩීඑන්ඒ) සංසන්දනය කිරීමක්‌ සිදු කර ඇත. යුරෝපයෙන් නිදර්ශක 639ක්‌, නැඟෙනහිර ආසියාවෙන් 889ක්‌, සයිබීරියාවෙන් 95ක්‌, අප්‍රිකාවෙන් 57ක්‌, නිරිතදිග ආසියාවෙන් 133ක්‌ හා ඉන්දියාවෙන් 59ක්‌ ආදි වශයෙන් ඇමෙරිකාවෙන් පිටත ප්‍රදේශවලින් විශාල නිදර්ශක ප්‍රමාණයක්‌ භාවිත කර ඇත. එසේ ම ඇමෙරිකානු නිදර්ශක අතර ඉනියුට්‌ ස්‌ලෙඩ් බල්ලන් (Sled dogs), කැනඩාවේ එස්‌කිමෝ, ග්‍රීන්ලන්ත හා ඇලස්‌කානු මලමුට්‌ (Malamute) යන ඇලස්‌කානු බලු වර්ග ද, උතුරු ඇමෙරිකානු බලු වර්ග වන මෙක්‌සිකානු චිහුවාහුවා (Chihuahuas), මෙක්‌සිකානු සොලාඉට්‌ස්‌ක්‌වින්ට්‌ලි (xoloitzcuintli) යන බලු වර්ග ද, දකුණු ඇමෙරිකානු බලු වර්ග වන පේරු රාජ්‍යයේ පෙරෝ සින් පෙලෝ යන ලෝම රහිත බල්ලන් (Peruvian perro sin pelo /Peruvian hairless dogs) ද ඇතුළත් වේ. මේ ඇමෙරිකානු බලු වර්ග අතරින් ගණනාවක්‌ ම ඇමෙරිකාවට යුරෝපීයයන් පැමිණීමට පෙර පටන් සිටි බලු වර්ග බවට සාධක තිබූ අතර ඔවුන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ලබා ගැනීමේ දී ඔවුන් ගේ පෙළපත පිළිබඳව සැලකිලිමත් වී ඇති අතර නිදර්ශක ලබාගෙන ඇත්තේ අදාළ බලු වර්ගය ඔස්‌සේ ම අභිජනනය වූ බව දන්නා පරම්පරාවලිනි. එසේ ම නිදහසේ වෙසෙන බලු ගහන හෙවත් දඩාවතේ යන බලූ ගහන රැසකින් ද නිදර්ශක ලබාගෙන ඇත. අනෙක්‌ අතට මේ හා සංසන්දනය කිරීම සඳහා බොලීවියාව, පේරු, මෙක්‌සිකෝ හා ඇලස්‌කාවේ විසූ පැරැණි බල්ලන් ගේ ශේෂවලින් 19කින් ප්‍රවේණික ද්‍රව්‍ය ලබාගෙන ඇත.

මේ අනුව උක්‌ත අධ්‍යයනය ඉතා පුළුල් හා සංසන්දනාත්මක ප්‍රවේණික අධ්‍යයනයක්‌ සේ සැලකිය හැකි ය. එයින් හෙළි වන ප්‍රධාන කරුණු දෙකක්‌ පහත විස්‌තර වේ.

ඇමෙරිකානු බල්ලන් වඳ වී ගොස්‌ නැත

මේ අධ්‍යයනයෙන් හෙළි වූ එක්‌ කරුණක්‌ වූයේ ඇමෙරිකාවේ වර්තමාන බලු වර්ග හා පැරැණි ඇමෙරිකානු දේශීය බලු වර්ග අතර සෘජු ප්‍රවේණික බන්ධුතා ඇති බව ය. යුරෝපීය බලු වර්ග අතර දක්‌නට නොමැති ඓකදර්ශ (haplotype) මේ වර්තමාන ඇමෙරිකානු බලු දර්ශ අතර තිබේ. එසේ ම, මේ බලු වර්ග අතරින් යුරෝපීය මවු පාර්ශ්වීය සම්භවයක්‌ දැකිය හැක්‌කේ 30%ක්‌ හෝ ඊට අඩු ප්‍රමාණයක ගේ පමණකි. ඒ අනුව දේශීය බලු වර්ග ඇමෙරිකානු මහාද්වීපයෙන් වඳ වී ගොස්‌ නොමැති බව පැහැදිලි ය.

අනෙක්‌ අතට අධ්‍යයනයට ලක්‌ කළ බලු වර්ග ගණනාවක සම්භවය මෙහි දී පැහැදිලි වී ඇත. නිදසුනක්‌ ලෙස මෙක්‌සිකානු චිහුවාහුවා බලු වර්ගය මෙක්‌සිකෝවේ විසූ පැරැණි දේශීය බලූ වර්ගයකින් පැවත එන බව හෙළි වී ඇත. මේ බලු වර්ගය හා අතීතයේ මෙක්‌සිකෝවේ විසූ බලු වර්ගයකට පමණක්‌ සීමා වූ ඓකදර්ශයක්‌ තිබීම මීට හේතුවයි. ඒ අනුව චිහුවාහුවා වර්ගය මෑතක දී චීනයෙන් ගෙන ආ වර්ගයකට සම්බන්ධ බවට ඇති මතය බිඳ වැටේ. එසේ ම ආක්‌ටික්‌ ප්‍රදේශය පාදක කරගත් බලු වර්ග වන ඉනියුට්‌, එස්‌කිමෝ හා ග්‍රීන්ලන්ත බලු වර්ගවලට යුරෝපියානු බලපෑමක්‌ නොමැති බව හෙළිවී ඇත.

එසේ ම අයාලේ යන බල්ලන් පරීක්‌ෂා කිරීමෙන් හෙළි වී ඇත්තේ ඔවුන් ගෙන් වැඩි බලු ගහන ප්‍රමාණයක්‌ යුරෝපීය බලු වර්ගවලින් පැවත එන බව ය. කෙසේ වෙතත් බොලීවියාවේ හා මෙක්‌සිකෝවේ දඩාවතේ යන බල්ලන් අතර දේශීය බලු වර්ගවල සම්බන්ධකම් ද ඇති බවක්‌ අනාවරණය වී ඇත. එසේ ම කැරොලයිනා බල්ලන් (Carolina dog) නම් එක්‌ දඩාවතේ යන බලු වර්ගයක්‌ පැවත එන්නේ පැරැණි දේශීය බලු වර්ගයකින් බවට තිබූ මතය ද මෙහි දී සනාථ වී තිබේ. ඔවුන් සතු එක්‌ ප්‍රවේණික සාධකයක්‌ නැඟෙනහිර ආසියානු බල්ලන්ට අදාළ වීම මේ සඳහා එක්‌ සාධකයකි.

ආසියාවෙන් ඇමෙරිකාවට ගිය බල්ලෝ

මේ අධ්‍යයනයෙන් පෙනී ගිය අනෙක්‌ වැදගත් කරුණ වන්නේ ඇමෙරිකාවේ දේශීය බලු වර්ග පැවත එන්නේ නැඟෙනහිර ආසියාවේ හා සයිබීරියානු බල්ලන් ගෙන් බවයි. ඇමෙරිකානු දේශීය බල්ලන්ට පමණක්‌ සීමිත වූ ප්‍රවේණික ලක්‌ෂණ නොමැති බව ද මෙහි දී හෙළි ව ඇත.

මේ අනුව ඔවුන් ගේ අතීත පූර්වජයෝ යම් දිනයක මිනිසුන් සමඟ ආසියාවත්, ඇමෙරිකාවත් යා කරන ලද බීජිං සමුද්‍ර සන්ධිය හරහා වැටුණු ගොඩබිම් මංපෙතක්‌ ඔස්‌සේ උතුරු ඇමෙරිකාවට පැමිණි බවක්‌ පෙනේ. මේ භූමිය ඇතැම් විට හඳුන්වනු ලබන්නේ බීජිං ගොඩබිම් සේතුව (Bering Land Bridge) යනුවෙනි. මේ සිදුවීම සිදුවන්නට ඇත්තේ අදින් වසර 15,000ත් 10,000ත් අතර කිසියම් කාලයක දී ය. මුහුදු මට්‌ටම අදට වඩා පහළ මට්‌ටමක පැවැති මේ කාලයේ දී, සැතපුම් දහසක්‌ පමණ පළල වූ ගොඩබිම් ප්‍රදේශයක්‌ පැවැති අතර ඒ හරහා නැඟෙනහිර ආසියාවේ (වර්තමාන රුසියාවේ නැඟෙනහිර කෙළවර) සිට වර්තමාන ඇලස්‌කාවට මිනිසුන් පිවිස තිබේ.

මේ අනුව ඇමෙරිකාවේ බල්ලන්ට ද මිනිසුන් හා තරම් ම පැරැණි අතීතයක්‌ පැවැති බව පැහැදිලි ය. මේ අනුව ඇමෙරිකාවේ වාසය කරන බල්ලන් එහි ආදිවාසීන් ගේ සංස්‌කෘතියේ ම කොටසකි. එය මේ ගහන ආරක්‌ෂා කිරීමේ ඇති වැදගත්කම පෙන්වා දෙන්නක්‌ බව අදාළ පර්යේෂකයන් දරන මතයයි.

මේ අනුව වෘකයන් ගෙන් බල්ලන් බිහි වීම හා ගෘහාශ්‍රිතකරණය ආසියාවේ දී සිදු වූ බවට ඇති මතය යළිත් තහවුරු වී ඇත. එසේ ම එය වඩා මෑත කාලයේ දී (වසර 8,500කට පමණ පෙර බවට) සිදු වූවාට වඩා වසර 15,000කට පෙර තරම් ඈත කාලයක දී සිදු වූ බව සිතීම වඩාත් සාධාරණ බව මේ අනුව පෙනේ. ඒ ඇමෙරිකාවෙන් හමු වන බල්ලන් පිළිබඳ පැරැණි ම සාධක වසර 10,000ක්‌ තරම් පැරැණි වන නිසා ය.

මිනිසුන් විසින් පරිසරයට සිදු කරන ලද බලපෑම පිළිබඳව පෙන්වන තවත් අධ්‍යයනයක්‌ ලෙස මේ සමස්‌ත පර්යේෂණය සැලකිය හැකි ය. අනෙක්‌ අතට මිනිසුන් විසින් පරිසරයට සිදු කරන ලදැයි මිනිසුන් විසින් සිතනු ලබන කරුණුවල යම් යම් වෙනස්‌කම් තිබිය හැකි බව ද මේ අනුව පෙනේ.

http://www.vidusara.com/2013/07/17/feature1.html

Tuesday, July 16, 2013

Time to adjust the ‘Fuel Adjustment Charge’

Dhanesh Wisumperuma

The Nation, 14-07-2013, News Features, p. 10
http://www.nation.lk/edition/news-features/item/19219-time-to-adjust-the-%E2%80%98fuel-adjustment-charge%E2%80%99.html

It is now nearly three months since the controversial electricity tariff hike and many of the consumers have already received two electricity bills prepared according to the new tariff. Although the tariff hike has somewhat affected the middle income families and they are in discussion, the protest campaign against the raise seems to be losing ground.

Meanwhile, this issue has been replaced by many other hot topics. It may be due to the fact that nearly half of the total consumers that actually required a relief are not affected by the tariff hike. Further to this, a section of the consumers who can afford the increased price hike do not care about the issue, i.e. the high income groups. However the middle income families who cannot change their electricity consumption patterns to a rational use are still affected.
Things have changed rapidly during the last two months in electricity consumption. The prevailing cooler weather pattern has reduced the use of fans and air conditioners and this has somewhat reduced electricity usage. Also some have been using electricity wisely, which can be also a cause for the reduction in power consumption.

Hydropower potential high, but not used in full?

With the onset of the south-west monsoon, heavy and continuous rains prevailed in the last few weeks. This wet weather resulting in an extended rainy period has benefited the power sector by an increase in the reservoir water levels. Most of the reservoirs that store water for hydro electricity generation are at spill level or near spill level. According to the Ceylon Electricity Board (CEB) website, the reservoir storage was over 94 percent on July 9, with the potential of generating 1183 Giga Watt hours of electricity. This is the highest reservoir storage that prevailed during this time of the year in recent times. It is almost three times higher than last two years.

This seems to be greatly beneficial to the CEB. On July 9, 76.9 percent of the total power generation came from hydropower. It also shows that the total thermal power generation has been reduced to about 18.4 percent while wind has contributed for about 4.7 percent. The thermal power contribution includes 2 percent of the total power generation provided by Independent Power Producers (IPP), which is the electricity purchased from the private sector. (It is still high during night time peak hours, when the consumption rises to about 1800 MWs) This is a reduction when compared to drought periods and the end result is that the huge expenses incurred on relying on thermal power (especially oil based thermal power both CEB owned and IPP, but mostly the second) have reduced drastically and the CEB is making profits.

However, there were recent media reports that indicated about malfunctioning hydropower turbines which have caused a closure of some. For instance both turbines at the Kukule Ganga Reservoir went out of operation causing a loss of 75 MW of cheap hydro electricity in mid June. A few turbines in some of the other reservoirs are also reported to be causing troubles; some are in danger of failing while some are closed for routine maintenance. The Public Utilities Commission has launched an inquiry of the closure of some of these turbines, as reported on July 5.

Media reported that the repairs to the Kukule Ganga turbines may take some time, which means a loss of 75 MW of electricity. However since the intervention of the minister one of the two turbines was in operation since last week. Kukule Ganga is a reservoir where there is a continuous water supply throughout most of the year. Such breakdowns of multiple hydro turbines can lower the hydropower generation and could force the CEB to purchase thermal electricity from IPPs, if the water level reduces in future. As reports suggested some sort of vested interest may be behind such a situation.

Meanwhile, according to CEB officials, it is not possible to use all hydro turbines when the demand is low during off peak hours. At such times some of the hydro turbines have to be switched off to avoid serious situations. This was due to the fact that some coal and wind power plants had to be kept in continuous operation.

Providing the benefit for consumers

With increased hydropower generation, there is a demand to reduce the electricity prices from various sectors of society – trade unions, political parties and individuals. It is clear that the CEB is profiting contrary to the estimates of expenses and income that were provided when they requested a price hike early this year. In simple terms, CEB is saving funds and it is an unexpected saving. Hence the request is to pass the benefit to the consumers. One report reveals the number of units of electricity generated using hydropower during the first six months have been 2600 GWh while it was estimated to be only 1143 GWh, which means the necessity of relying on costly thermal power was reduced during the last one and half months.

Amidst these circumstances, an organization working for the benefit of the consumers has already handed over a statement to the Public Utilities Commission of Sri Lanka requesting to reduce the electricity bill. The issue here is what are we going to reduce - the unit price, pricing system or the fuel adjustment charge?

The best option available for the government is to reduce the percentage of the fuel adjustment charge by a significant amount, which will reduce the electricity bill of the people. The existing fuel adjustment charge varies from 10 percent to 40 percent based on the number of units used. Further to that, introduction of a system of altering the fuel adjustment charge from time to time - half yearly or quarterly - is a viable option and acceptable.

As the burden of thermal power generation (which is a result of long term inaction of authorities as well as vested interests) was transferred to the consumers, the benefit of the low expenditure should also pass to the consumers. That becomes a responsibility of the government and PUCSL can act on this. It should also be noted that all electricity consumers should receive the benefit of the cheap hydropower, although it is agreeable to provide more benefits to low energy users.

http://www.nation.lk/edition/news-features/item/19219-time-to-adjust-the-%E2%80%98fuel-adjustment-charge%E2%80%99.html