ධනේෂ් විසුම්පෙරුම
සුනීත සහ සුමංගල (යොවුන් නවතකාවකි)
කුසුම්සිරි විජයවර්ධන (2019)
ප්‍රකාශනය - දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල - රු. 450/=
‘සුනීත සහ සුමංගල’ යනු අප හිතවත් ලේඛක කුසුම්සිරි විජයවර්ධන විසින් ලියන ලද යොවුන් නවතකාවකි. පොතක් කියවීම සඳහා දැන් මට ගත වන කාලය වැඩි නිසා මට කලින් එය කියැවූයේ මගේ දියණිය මෙතාෂාය. මගේ ඉල්ලීම මත ඈ මට ලියා දුන් අදහස් කීපයකි මේ:-
මේ කතාවේ සාරාංශය -
සුනීත පොඩි හාමුදුරුවෝ ගැන -
ඈ කැමතිම චරිතය -
ඒ ඇගේ අදහස්ය. ‘සුනීත සහ සුමංගල’ ගැන මට සිතුණු දේ මෙහි සටහන් කිරීමට සිතුවෙමි.

පොත් කියවන්නට ඇබ්බැහි වූ කාලයේ සිට මම යොවුන් නව කතා කියැවීමට විශේෂ කැමැත්තක් දැක්වීමි. එය අදටත් එසේමය. ඒවායේ ත්‍රාසජනක හා වීර ක්‍රියා සුලබය. සිංහල කතාවල නිදන් සොරුන් පිළිබඳ කතා ඉංග්‍රීසි කතාවලට වඩා සුලබය. එවැනි කතා එදා ළමුන් ලෙස ද, අද වැඩිහිටියන් ලෙස ද මම මහත් ආස්වාදයෙන් රසවිඳිමි. කුසුම්සිරි ඔහුගේ අලුත්ම කෘතියෙන් අපව වෙනස් මාතෘකාවක් වෙත ගෙනයයි.
බහු වාර්ගික ජනතාවක් වාසය කරන ප්‍රදේශයක් වන මල්වානේ පිහිටා ඇති විහාරයක්, එහි වෙසෙන භික්ෂූන් හා ගම වටා ගෙතී ඇති ‘සුනීත සහ සුමංගල’ යනු වීර ක්‍රියා ඇතුළත් නවකතාවලින් ඔබ්බට ගිය එකකි. කතාවේ කතා නායකයා සුනීත පොඩි හාමුදුරුවන්ය. නායක හිමියන් හා සුමංගල දෙවැනි හාමුදුරුවන් විහාරයේ වෙසෙන සෙසු භික්ෂූන් වහන්සේලාය. සුනීත හිමියන්ගේ මිතුරන්, දායකයින්, ගමේ සිංහල හා මුස්ලිම් වැසියන් කීපදෙනෙකු මේ කතාවේ සෙසු චරිත අතර වේ. සුනීත පොඩි හාමුදුරවන්ගේ චරිතය කතාව පුරා මතුව එන්නේ ආදර්ශමත් චරිතයක් වශයෙනි. තරුණ වයසේදී වෙනත් හරයන් පිළිගෙන නොමග ගොස් සිටි සුමංගල තෙරණුවන් යහමගට පැමිණීම සඳහා හේතු වන්නේ ද සුනීත පොඩි හාමුදුරුවන්ගේ හැසිරීම හා එතුළින් එහිමියන්ට ලැබෙන පිළිගැනීම බව පෙනෙයි. සුනීත හිමියන්ගේ කටයුතු නිසා පන්සලේ ද, ගමේ ද සිදුවන වෙනස්වීම් පාදක කරගත් මේ කෘතිය අපේ සමාජයේ ඇති මූලික ගැටලු දෙකක් ආමන්ත්‍රණය කරන බවක් මට සිතෙයි.
ඉන් පළමුවැන්න ජාතික සමගියේ ඇති වැදගත්කම හා එය ඇති කළ හැකි ආකාරයයි. අන්තවාදී පෙළඹවීමකට නතු වී නැතිතාක්, වාර්ගික විවිධත්වය ඉහළ බොහෝ ස්ථානවල සාමකාමී ජනජීවිතයක් දැකිය හැකි බව ඉතිහාසය විමසීමේදී පෙනෙයි. ඕනෑම සමාජයක වෙසෙන ඕනෑම ජනවර්ගයක, ඕනෑම ආගමත් අදහන පිරිස් අතර අන්තවාදී අදහස් දරන්නන් සිටිය හැකිය. මේ කතාවේ ද අන්තවාදීන් විසින් සිදුකරන වාර්ගික ගැටුම් පිළිබඳව මෙන්ම ඒවා වැළැක්වීම සඳහා පන්සල හා සෙසු සමාජය සාර්ථකව මැදිහත් වන ආකාරය ගැන සඳහන් වේ. කුසුම්සිරි මේ උපුටා දක්වන්නේ අපේ ගම්වල ආගමික හා සමාජ නායකත්වයේ මෙහෙයවීමෙන් හැමදාමත් පවත්වා ගැනීමට යෙදුණු ඒ සැබෑ ජාතික සමගියයි. ජාතීන් අතර සමගිය ඇති කිරීමේලා ගමේ පන්සල විසින් සැමදා ලබා දී ඇති නායකත්වය මේ කතාවේ යළි ඉස්මතු වේ. අද කෘත්‍රිමව ඇති කරන්නට යන සංහිදියාවට වඩා එය සාර්ථක ක්‍රමවේදයක් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.
සිය අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් අන්‍යාගමිකයන් පිළිබඳව අවබෝධයෙන් යුක්තව හා එකට ජීවත් වන හැටි කියා දෙන කතාවක් සේ මේ කතාව හැඳින්විය හැකිය. කතා නායකයා වන සුනීත පොඩි හාමුදුරුවන්ගේ මැදිහත් වීමෙන් පන්සලේ මෙන්ම දායක පිරිස්වල සිත්වල ද යම් යම් වෙනස්කම් ඇති වේ. එහෙත් පන්සලේ නායක හාමුදුරුවන්ගේ චරිතය තුළ එ් අවබෝධය හා සහජීවනය හැමදාමත් පැවතියේය. එය නැතිව ගොස් තිබුණේ, දෙවැනි හාමුදුරුවන්ගෙන් නියෝජනය වන, පහසුවෙන් නොමඟ යා හැකි නූතන තරුණ පරපුර තුළය. සිය ආදර්ශයෙන් හා මැදිහත්වීමෙන් සුනීත සාමනේරයන් විසින් එය යළි ස්ථාපිත කරනු ලැබේ.
මෙම කතාවේ කුසුම්සිරි මතු කරන දෙවන සමාජ ගැටලුව වර්තමාන තාරුණ්‍යය පිළිගන්නා හා අනුගමනය කරන විශ්වාස හා හර පද්ධති මොනවාද යන්නයි. මූලික වශයෙන් සුමංගල හිමියන්ගේ හා ඔහුගේ යහළුවන්ගේ චරිත හරහා පෙන්වන්නේ මෙයයි. භික්ෂුවක වුවත්, එහිමියන් නූතන තරුණ පරපුර පිළිගන්නා වටිනාකම් හා සංස්කෘතිය අනුගමනය කරන්නෙකි. ඒ නිසා නායක හිමියන් හා ගැටෙන අවස්ථා කීපයක්ද කතාවේ එයි. ගමෙන් පිට වෙනම යාළු පිරිසක් ආශ්‍රය කළ උන් වහන්සේගේ අදහසක් වන “මගේ තරුණ අදහස්වලට, වයසට ගැළපෙන කෙනෙක් ඔය හැට පැනපු දායකයො අතර නෑ” යන්න ඉන් එකකි. ගිහි ඇඳුමකට මාරු වී සංගීත සංදර්ශනයක් නැරඹීමට යෑම තවත් එකකි. මිතුරන් සමඟ බියර් පානය කිරීම ද එවැනි සිදුවීමකි. සුමංගල හිමියන්ට ඇති වන ස්මාර්ට් ජංගම දුරකථනයක් ලබාගැනීමට ඇති ආශාව ඒ පරපුරේ මූලික අවශ්‍යතාවක් බඳුය. එසේම මේ පරපුර සිය අවශ්‍යතා කෙසේ හෝ සපුරා ගැනීමට පසුබට වන්නේ ද නැත. බල්ලන් මරා හෝ සල්ලි සොයන පිරිස් වෙසෙන සමාජයක් ගැන එහි සඳහන් වෙයි. පිරිවෙනක ඉගෙන ගත් තරුණයෙක් ඒ පන්සලෙන් සොරාගත් පුස්කොළ පොතක් අලෙවි කරන සිදුවීම මීට නිදසුනකි. ආගමික හා වෙනත් කරුණු ගැන ලියැවුණු මිල කළ නොහැකි පුස්කොළ පොත් ඇන්ටික් හෙවත් පැරණි බඩු ලෙස අලෙවි වූ අවස්ථා රටේ සිදුව ඇත. ඒ කෙසේ හෝ මුදල් පමණක් සොයන පිරිසට රටේ සංස්කෘතික උරුමය ගැන අවබෝධයක් නොමැති නිසාය (එය නම් තරුණ පරපුරට පමණක් සීමා වූවක් නොවේ).
කෙසේ වෙතත් මේ මූලික තේමාව හැර ‘සුනීත සහ සුමංගල’ කතාවෙන් කුසුම්සිරි පවසන තවත් වටිනාකම් කීපයක් මට හඳුනා ගැනීමට හැකි විය.
ඉන් එකක් වන්නේ පරිසරය හා ළමුන් අතර තිබෙන හා තිබිය යුතු සමීප සම්බන්ධතාවයයි. ඉමිටියාස්, තෙදස්, රවිඳු, රංගන හා චතුර යන මිතුරන් හා සුනීත සාමනේරයන්ගේ ගිහි කළ මිතුරන් සමඟ සිදුකරන එදිනෙදා ක්‍රියාකාරකම් පරිසරය හා බද්ධ වූ ඒවාය. වන පලතුරු ගැන පාසලේ ගුරුවරයා ප්‍රශ්නයක් ඇසූ අවස්ථාවේ දී ඒවා නම් කරන්නේ ඉමිටියාස්ය. එසේම ඔවුන් “පහුරුවෙල අද්දර කැලෑවට ගිහින් පලතුරු කඩනවා” යන්න ගමේ වෙසෙන සැබෑ ළමයා මතුකරයි. එයට පිළිතුරු දෙන ගුරුවරයා පවසන්නේ “අන්න ඒක හොඳ වැඩක්. ඔය ළමයි වටපිටාව ගැන අවබෝධයෙන් හිටියොත් ශිෂ්‍යත්වෙ පාස් වෙන එක මහ කජ්ජක් නෙවෙයි.” මෙය පරිසරය පිළිබඳ අවධානය යොමු කිරීම අධ්‍යාපනය සඳහා කෙතරම් වැදගත්ද යන්න වටහා දෙන්නකි.
මේ කතාවේ දී කුසුම්සිරි මල්වාන හා අවට ප්‍රදේශය ගැනද සැලකිය යුතු විස්තරයක් සිදු කරයි. ගමේ ළමයි, ඔවුන්ට කළ හැකි දේ යනාදිය කියයි. වේගයෙන් වෙනස්වෙමින් පැවතුන ද මේ කියන ස්ථාන තවමත් මල්වාන හා ඒ අවට ඇත. මල්වානේ, මාපිටිගම කැලණි ගඟ අවට, කිඹුල්විල පැත්තේ හා වවුල්කැලේ දෙතුන් වරක් ඇවිදින්නට ගිය මගේ මතකයද යළිත් අලුත් කිරීමට ඒ විස්තරය සමත් විය. එහි නොගිය අයෙකු තුළ ද මේ ප්‍රදේශයේ පරිසරය ගැන චිත්ත රූප මැවීමට කුසුම්සිරි කතාවේ තැනින් තැන කෙටියෙන් වුවද සිදුකරන විස්තර පොහොසත්ය.
එසේම ගංවතුර ගැන එන විස්තරය කැලණි ගඟබඩ පිහිටි මේ ප්‍රදේශයට සදාකාලිකව මෙන් උරුම වී ඇති ස්වාභාවික ව්‍යසනය ගැන විස්තරයකි. එවැනි අවස්ථාවක අපේ මිනිසුන් අතර ඇති, වහා පිහිටට පැමිණෙන ගුණය කුසුම්සිරි මෙහිදී මනාව දක්වා ඇත. එවැනි අවස්ථාවලදී පිහිට වීමේදී කිසිදු වාර්ගික විශේෂත්වයක් අපේ ජනතාව අතර මෑතක් වනතුරුම පැවතියේ නම් නැත. පැරණි පුවත්පත් හා වෙනත් වාර්තා අනුව පෙනෙන්නේ දකුණේ ජනතාව ආපදාවකට ලක් වු විට උතුරේ ජනතාව ද, උතුරු නැගෙනහිර ජනතාව ආපදාවකට ලක් වූ විට දකුණේ ජනතාවද පිහිටට පැමිණී ආකාරයයි. සමහර විට විදේශවලින් ද අධාර ලැබිණි. තවත් අවස්ථාවල දී අපි සමහර රටවලට සහන ලබා දී ඇත. වඩාත් මෑතකදී ඇති වූ සුනාමි ව්‍යසනය අවස්ථාවේදී මේ තත්ත්වය අපි මනාව දුටුවෙමු. අවාසනාවකට මෙන්, සහන සැලසීමේදී වාර්ගික වශයෙන් වෙන් වූ තත්ත්ව මෑත කාලයේ සිට අපි දැක ඇත්තෙමු. (අතීතයේ පැවති ආපදාවලදී අනුන්ට පිහිට වූ හැටි ලිපියක් මෙතැනින් කියවන්න)
තවත් අපූරු නිරූපණයක් වන්නේ දරුවන් තුළ දැකිය හැකි විවිධ රුචිකත්වයන් හා දක්ෂතා කාලය සමඟ වෙනස්වන ආකාරයයි. ළමුන්ගේ ජීවිතවල අද වන විට ඇතිවෙමින් පවත්නා වෙනස සැලකිය යුත්තකි. අද ළමුන්ගේ කැමැත්ත ඇත්තේ අප කුඩා කාලයේ සිදු කළ දේට නොවේ. ඇතැම් ළමුන් සරුංගල් යැවීමට හා කැලේ ඇවිදිමින් ගඩා ගෙඩි කෑමට කැමැත්ත දක්වති. ඒ කටයුතුවලට සහභාගි වන අතරම, මේ කතාවේ රවිඳුගේ කැමැත්ත ඇත්තේ ටැබ් එක සමඟ ගේම් ගැසීමටය. ඒ නිසා ඔහුට හා මිතුරන්ට කතා පැටලෙන අතරම, අනතුරට ලක්වීම ද සිදු වේ (මේ කතාව කියැ වූ මගේදුවගේ ප්‍රියතම චරිතය රවිඳු වීමට හේතුව ද මේ ඩිජිටල් මෙවලම්වලට ඇගේ ඇති කැමැත්තය. ඈ මට පැවසූ පරිදි රවිඳු ටැබ් එකෙන් ගේම් ගැසුවාට ඉගෙන ගන්නටද උනන්දුය. ඈ ද එසේය). දරුවන් අතර මෙන්ම, භික්ෂුවක් තුළද මේ ඩිජිටල් මෙවලම්වලට කැමැත්ත ඇති වන හැටි කුසුම්සිරි කතාවේ පවසයි. කෙසේ වෙතත්, පසුකලක සිය ජීවිතයේ වෙනසක් සිදුවීමත් සමඟ සුමංගල හාමුදුරුවෝ තමන් කලින් ඒවායින් අපේක්ෂා කළ දේට වඩා වෙනස් ප්‍රයෝජනයක් ඉන් ලබන බවද පෙනේ. මිනිසුන් විසින්ම නිර්මාණය කළ මෙවැනි මෙවලම්වලින් යහපත් ලෙස භාවිත කිරීම මිනිසුන් සතු දෙයක්ම බව පැහැදිලිය. සමාජ මාධ්‍ය හා චැට් ගෘප් ළමුන්ගේ අධ්‍යාපනය සඳහා යහපත් ලෙසින් භාවිත වන හැටි කොරෝනා නිවාඩුවේ සිටින අපි මේ වන විට දනිමු. (කුසුම්සිරි විජයවර්ධන ලියූ 2018 වර්ෂයේදී පළ වූ ‘ෆැන්ටසියාව’ නවකතාවෙන් ඩිජිටල් මෙවලම් නූතන සමාජයේ ජීවිතවලට බලපා ඇති ආකාරය පෙන්වා දුන්නේය. ඒ පොත මා දුටු ආකාරය මෙතැනින් කියවන්න).
මේ කතාවේ සඳහන් වන තවත් කරුණක් වන්නේ අධ්‍යාපනයේ වැදගත්කමයි. සුනීත හිමියන් ඉගෙනීමට දක්ෂය. නායක හිමියන්ගේ අපේක්ෂාව වන්නේ සුමංගල හිමියන් විශ්ව විද්‍යාලයට පිවිසෙනු දැකීමය. කතාවේ කියැවෙන පරිදි සුමංගල හිමියන් පළමු වතාවේ උසස් පෙළ විභාගය සමත් වන්නේ යාන්තමිනි. එහෙත් උන් වහන්සේ නැවත වතාවක් විභාගයට පෙනී සිටීමට මෙන්ම වෙහෙස වී වැඩ කිරීමට ද අධිෂ්ඨාන කරගත්හ. විභාග අසමත් වීම නිසා මෙන්ම, ඊයේ පෙරේදා වාර්තා වූ පරිදි සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ 9ක් නොලැබූ නිසා සියදිවි නසාගන්නා ළමුන් සිටින රටක මේ අදහස වැදගත්ය. විභාග යනු ජීවිතයම නොවෙතත්, විභාග සමත් වීමද අවශ්‍ය වේ.
කුසුම්සිරි ඔහුට හුරු සරල හා කතා කරන භාෂාව මේ කතාව කීම සඳහා යොදාගෙන ඇත. එය කතාව කියැවීමේදී වඩා පහසුවක් ගෙන දෙයි. එහෙත් ලිඛිත භාෂාවෙන් වුවද කියවීමට රුචි වන ආකාරයේ කතාවක් කීම අපහසු නොවන බව කුසුම්සිරි දන්නා බව සිතමි. එසේම එක් එක් පරිච්ඡේදය මුල දී උපුටා දක්වා ඇත්තේ මූලික වශයෙන්ම සුනීත පොඩි හාමුදුරුවන්ගේ සිතිවිල්ල හෝ ප්‍රකාශය අපට ද මොහොතක් සිතීමට නැඹුරු කරවන්නකි. ඒ සටහන නිරූපණය කර ඇති ආකාරය, අකුරුවල ප්‍රමාණය වෙනස් වූවා නම් සුදුසු යැයි මට සිතේ.
මේ කතාව අනුව වරක් නොමග ගොස් සිටි අයෙකුට තමන් අතින් සිදු වූ වැරදි මෙන්ම විශ්වාස කළ හරයන් නිවැරදි කරගෙන යහපත් මිනිසුන් වීමට තවත් අවස්ථාවක් ඇති බව පැහැදිලිය. ඒ සඳහා තවත් අයෙකුගේ උත්ප්‍රේරණයක් අවශ්‍ය විය හැකිය. එය පමණක් නොව තමන්ගේ අධිෂ්ඨානය ද අවශ්‍යය. සුමංගල හිමියන්ගේ සිදුවීම මීට අගනා නිදසුනකි. එමෙන්ම කීපවරක් සොරකම් කර හමුවන තරුණයෙකු යහමගට ගැනීමේ සිදුවීම ද මෙවැන්නකි. මේවා හුදෙක් පොත්වල එන කතාවල පමණක් නොව සැබෑ ජීවිතයේදීද සිදු වන සිදුවීම් බව පැවසීම අසත්‍යයක් නොවේ.
අවසාන වශයෙන් මෙසේ සඳහන් කරමි. කලා කෘතියකින් එය පරිශීලනය කරන්නා ආනන්දයෙන් ප‍්‍රඥාවට ගෙන යා යුතු බවට කියමනක් ඇත. එහෙත් රටේ පළ වන සමහර පොත් පාඨකයා ගෙන යන්නේ ආනන්දයෙන් මරදානට හෝ ආමර්වීදියටය. එවැනි නිර්මාණ අතර, කියවන ඕනෑම අයෙකුට පණිවුඩයක් දෙන කුසුම්සිරිගේ ‘සුනීත හා සුමංගල’ බෙහෙවින් අගය කළ යුත්තකි.
2020.05.01

කතාවේ මා දුටු වටිනාකම් කීපයක්

කියවුව. කදිමයි
ReplyDeleteආයෙත් හමුවූ බ්ලොග් සටහන නැවත බැලුවා
ReplyDeleteස්තුතියි!
Delete