ධනේෂ් විසුම්පෙරුම
දිවයින, 11.06.2017, පි. 02 (Divaina)
http://www.divaina.com/2017/06/11/feature28.html1904 ගංවතුරේදි නිවාස වන්දිය රුපියල් 15යි
ගංවතුර හා නියඟය වැනි ස්‌වාභාවික ආපදා අපේ රටේද කලින් කල ඇති වේ. එවැනි අවස්‌ථාවලදී විපතට පත්වූවන්ට නොමසුරුව ආධාර කරන්නට ශ්‍රී ලංකාවේ සෙසු පුරවැසියෝ මැලි නොවෙති. විපතට පත් වූ අපේම සහෝදර සහෝදරියන්ට අවශ්‍ය ආහාරපාන, ඇඳුම් පැළඳුම් ආදියද, ළමුන්ට අවශ්‍ය පොත් පත්, බේත් හේත් ආදියද ලබාදීමට සෙසු ජනතාව අතර විශාල උනන්දුවක් දැකිය හැකිය. විපතකදී රජයෙන් ආධාර උපකාර ලබා දෙන්නේ මදක් කල්ගත වීමෙන් පසුවය. එහෙත් ඊට පෙර විපතක් සිදු වූ වහාම මහා පරිමාණයෙන්ද ආධාර උපකාර කිරීමට සාමාන්‍ය ජනතාව කටයුතු කරන ආකාරය මෑත කාලයේ ඇති වූ ගංවතුර, නියඟය මෙන්ම සුනාමිය අවස්‌ථාවේදීද අපි අත්දුටුවෙමු. බුදුදහමින් හැඩගැසුණු සමාජයක එවැනි නිර්ලෝභී පරිත්‍යාගශීලිත්වයක් තිබීම අරුමයක් නොවේ.
මෙය අපට එතරම් අලුත් දෙයක් නොවූවද බ්‍රිතාන්‍යයන් මෙරට පාලනය කළ සමයේ ඔවුන්ට එය තරමක් නුහුරු වූවක් විය. ඒ බව සිතෙන්නේ 19වන සියවසේ හා 20 සියවසේ මුල් කාලයේ ඇති වූ ගංවතුර ආපදා ඇති අවස්‌ථාවලදී දිසාපතිවරුන් හා උපදිසාපතිවරුන් මේ ගැන තබා ඇති සටහන් කියවන විටදීය.
1872 සැප්තැම්බර් මාසයේ කැලණි ගඟ නිම්නයේ ඇති වූ මහ ගංවතුර පිළිබඳ වාර්තාවලට අනුව එය දෙවැනි වූයේ 1820-30 දශකවලදී ඇති වූ ගංවතුර කිහිපයකට පමණි. කැලණි ගඟ දෙපස ඉතා විශාල ප්‍රදේශයක් මේ අවස්‌ථාවේදී ගංවතුරින් යට විය. ඒ වන විට කැලණි ගඟ දෙපස අද අප දකින ගංවතුර වැළැක්‌වීමේ බැමි නොවීය. බොහෝ දේපොළ විනාශයට පත් විය. නිවාස තුන්දහසක් පමණ මුළුමනින්ම විනාශයට පත්වී හතළිස් දහසක පමණ පිරිසක් අවතැන් වී ඇත. ඒ අවස්‌ථාවේදී ඔවුන්ට 'නවාතැන් හා ආහාර සඳහා තමන්ට වඩා වාසනාවන්ත වූ අසල්වැසියන්ගේ හා ආගන්තුකයන්ගේ සරණ පැතීමට' සිදු වූ බව බස්‌නාහිර පළාතේ දිසාපතිවරයා වූ චාල්ස් ලෙයාඩ් සිය පාලන වාර්තාවේ සඳහන් කරයි. ඒ ගංවතුර අවස්‌ථාව 'මිනිසුන්ගේ කරුණාව පරීක්‌ෂාවට ලක් කරන ලද අවස්‌ථාවක්' වූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. යටත්විජිත ලේකම් තැනට දිසාපති විසින් යෑවූ ලිපියක ඔහු සඳහන් කරන්නේ 'පුද්ගලිකව ලබාදුන් ආධාර උපකාරවලින් අවශ්‍ය වූ සහන ලබාදීමට' හැකි වූ බවයි. ඔරු හිමියන් ඔරු පාරු ලබාදීමට පෙළැඹුණුq ආකාරයද ලිපි ලේඛනවල සඳහන් වේ. එම ගංවතුර අවස්‌ථාවේදී සෙස්‌සන් දැක්‌වූ සහාය පිළිබඳව එවකට මෙරට ආණ්‌ඩුකාරවරයා වූ විලියම් ග්‍රෙගරි කෙතරම් සතුටට පත්වීද යත් දොන් සයිමන් ගුණතිලක හා දොන් ජොහැන්නස් අමරසේකර යන දෙදෙනා විශේෂයෙන් ඇගැයීමට ලක් කර තිබේ.
සෙසු ගංවතුර අවස්‌ථාවලදීද ජනතාව මෙවැනි ආකාරයටම විපතට පත්වූවන්ට පිහිට වී තිබේ. 1904 වර්ෂයේ මැයි මාසයේදී යළිත් කැලණි ගඟේ ගංවතුරක් ඇති වූ අවස්‌ථාවේදී මේ පරිත්‍යාගශීලී ස්‌වභාවය කැපී පෙනේ. එයද දිසාපතිවරුන්ගේ වාර්තාවල සඳහන් වේ. එම ගංවතුරින් කොළඹ හා කෑගල්ල දිස්‌ත්‍රික්‌කවලට දැඩිව හානි සිදු ව ඇත. ආණ්‌ඩුකාරවරයා මහජන රැස්‌වීමක් කැඳවූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සහන අරමුදලක් පිහිටුවා ඇත. ඊට රුපියල් 13,370ක මුදලක් එකතු වී තිබේ. මේ මුදලෙන් රුපියල් 5,000ක මුදලක් ලබාදුන්නේ ඒ. ජේ. ආර්. ද සොයිසා බව බස්‌නාහිර පළාතේ දිසාපති වූ ජෝර්ඡ් ෆවුලර් විශේෂයෙන් සඳහන් කරයි. ඒ දානපතියා අන් කවරකුත් නොව මෙරට ප්‍රකට දානපතියකු වූ චාල්ස් හෙන්රි ද සොයිසාගේ දෙවැනි පුත්‍රයාය. (එය සැලකිය යුතු මුදලක් වූයේ එවකට පළමු පංතියේ සිවිල් සේවා නිලධාරියකු වූ කොළඹ දිසාපතිවරයාගේ වාර්ෂික වැටුපද රුපියල් 17,000ක් පමණ වූ නිසාය) තම පියා හා මව මෙන්ම ඔවුන්ගේ දරුවන්ද සමාජ සේවයේ යෙදී ඇත. මේ ආධාර අරමුදල පාලනය කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර, එහි සභාපතිත්වය දරා ඇත්තේ බස්‌නාහිර පළාතේ දිසාපතිවරයාය. එහි කටයුතු සම්බන්ධව වාර්තාවක්‌ද ප්‍රකාශයට පත්කර ඇත.
මෙසේ ජනතාව සහන සැපයීමට මැදිහත් වූ ආකාර දෙකක් ඇති බව පෙනේ. එකක් වන්නේ රජයේ අරමුදලකට මුදල් පරිත්‍යාග කිරීමය. නැතහොත් දිසාපති ඇතුළු රජයේ නිලධාරීන්ට මුදල් ලබාදීමය. අනෙක් අතට ජනතාව විසින් විපතට පත්වූවන්ට ඍජුවම ආහාර හා නවාතැන් වැනි ආධාර ලබාදී ඇති බවද පැහැදිලිය.
කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ ඇති වූ ගංවතුර ගැන සඳහන් කරන එහි උපදිසාපති වූ වාල්ස් වෝහාන් රජය ආධාර ලබාදෙන තුරු විපතට පත්වූවන් ජීවත් වූ ආකාරය ගැන සඳහන් කරමින් ඔහු ජනතාවගේ පරිත්‍යාගශීලිත්වය පසසයි. ඒ 'මිනිසුන්ට සහන අවශ්‍ය වූ ගංවතුර අවස්‌ථාවේදී ආහාර හා නවාතැන් ලබාදෙමින් ප්‍රදේශවාසීන් ලබාදුන් ආධාරය සිහිපත් කළ යුතුය' යනුවෙන් සඳහන් කරමිනි.
මේ අතර ගංවතුර අවස්‌ථාවලදී ජනතාව කිසිදු භේදයකින් තොරව ආධාර උපකාර කළ බවද වාර්තා අනුව පෙනේ. 1906 වර්ෂයේදී කළුගඟ උතුරා යැමෙන් ඇති වූ ගංවතුර අවස්‌ථාවේදී 'සියලුම පංතිවලට අයත් ජනතාව ආපදාවට පත් ගම්වැසියන්ට සහන සැලසීම සඳහා දායක වූ බැවින් ආපදාවෙන් මතු වූ දුෂ්කරතා සාර්ථකව වළක්‌වාගත හැකි වූ' බව කළුතර උපදිසාපති සඳහන් කරයි. 1913 ගංවතුර අවස්‌ථාවේදී විපතට පත්වූවන්ට ආධාර ලැබුණේ කුමන ප්‍රදේශවලින්ද යන්න බස්‌නාහිර පළාතේ දිසාපතිවරයා සඳහන් කරයි. ඒවා යාපනයෙන්, දකුණු පළාතෙන්, කුරුණෑගල වැනි පළාත්වලින් සහනාධාර ලැබී තිබිණි. එමෙන්ම සිංගප්පූරුව හා මලක්‌කා වැනි 'සමුද්‍රසන්ධි ජනපද' (Straights Settlements) ලෙස හඳුන්වන ලද බ්‍රිතාන්‍යය යටතේ පැවැති ජනපදවලින්ද ආධාර ලැබුණු බව සඳහන් වේ. මේ ජනපදවල විසූ ලාංකිකයන් මේ සඳහා මුල් වූ බව සිතිය හැකිය. අප මේ කතාකරන කාලයේදී ශ්‍රී ලංකාව හා අග්නිදිග ආසියානු කලාපයේ සෙසු රටවල් අතර ගණුදෙනු සිදු වූයේ නාවුක මාර්ග හරහා බව අප අමතක නොකළ යුතුය. එහෙත් අපේ රටේ ඇති වූ වැදගත් සිදුවීම් වෙනත් රටවල පුවත්පත්වලද පළ විය. ටෙලිග්‍රාප් මගින් පුවත් ලබාදීම දැකිය හැකිය.
1913 ඔක්‌තෝබර් මාසයේ කැලණි මිටියාවතේ ගංවතුර අවස්‌ථාවේදී මහජන පරිත්‍යාග එකතු නොකිරීමද විශේෂ සිදුවීමකි. ඊට හේතුව වූයේ පැරණි ගංවතුර අරමුදලේ මුදල් ඉතිරිව තිබීමය. ඒ ඊට පෙර ගංවතුර අවස්‌ථාවලදී එකතු වූ මුදල්ය. වර්තමානයේදී රජයෙන් මුදල් වෙනම වෙන්කරන තුරු රජය ආධාර ලබාදීම ආරම්භ නොවන තත්ත්වයත් සමඟ මෙය සංසන්දනය කළ හැකිය. එවැනි තත්ත්වයක් තිබුණද ප්‍රදේශවාසීන් ඔහුට විශාල මුදල් ආධාර ලෙස ලබාදුන් බව බස්‌නාහිර පළාතේ දිසාපති සිය පාලන වාර්තාවේ සඳහන් කරයි. සහන සැපයීමට මුදල් තිබූ බැවින් එසේ ලද මුදල් මූලික වශයෙන් යොදාගත්තේ නිවාස හානි වූ දුප්පත් වැසියන්ට අවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට බවද ඔහු පවසා ඇත. මේ මුදල් ලබාදුන් වැසියන්ට ස්‌තුති කිරීමට එය අවස්‌ථාවක් කරගන්නා බවද එච්. ආර්. ෆ්‍රීමන් දිසාපතිවරයා සඳහන් කරයි. එසේම මේ ගංවතුර අවස්‌ථාවේදී පවා ජනතාව තුළ පැවැති ජීව ගුණය හා අෙන්‍යාන්‍ය උපකාරය පුදුම එළවන සුළු වූ බවද ඔහු සඳහන් කරයි. මෙය ආපදාවට පත්වූවන්ට උපකාර කිරීමේදී දේශීය මුලාදෑණිවරුන් තුළ ද දැකිය හැකි වූ බව හෙතෙම පවසයි. (මේ හර්බට් රේනර් ෆ්‍රීමන් යනු පසුව නුවරකලාවියේ දිසාපතිවරයා ලෙස ද සේවය කර විශ්‍රාම යැමෙන් පසුව ප්‍රදේශයේ ජනතාවගේ ඡන්දයෙන් අනුරාධපුරයේ මන්ත්‍රීවරයා වූ සුදු ජාතිකයාය.)
1904 ගංවතුර අවස්‌ථාවේදී කෑගල්ලේ උපදිසාපතිවරයා ජනතාවට රජයෙන් ලබාදුන් වන්දි මුදල් සම්බන්ධවද සිය පාලන වාර්තාවේ කෙටියෙන් විස්‌තර කරයි. ඒ අනුව නිවාස විනාශ වූ තුන්කෝරළේ නිවාස හිමියකුට ලබාදුන් උපරිම මුදල රුපියල් 15ක් වූ අතර, හතර කෝරළේ නිවාස හිමියකුට ලබාදී ඇති උපරිම මුදල රු. 20කි. එසේම එවැනි මුදලක් ලබාදුන්නේ සුළු අවස්‌ථා ගණනකදී ඔහු සඳහන් කරයි. මුළු දිස්‌ත්‍රික්‌කයේම 184 දෙනෙකු සඳහා වන්දි වශයෙන් ලබාදී ඇති මුදල රු. 1054ක් පමණක් වූ අතර ඒ අනුව එක් නිවාස හිමියකුට ලැබී ඇති මුදලේ සාමාන්‍යය රු. 5.73ක් පමණ වේ.
මෙවැනි ගංවතුර අවස්‌ථාවලදී රජය සහල් වැනි ආහාර ද්‍රව්‍ය ලබාදී ඇති බවද වාර්තාවල සඳහන් වේ. එසේම වනාන්තරවලින් දැව කපා ප්‍රවාහනය කරගත හැකි පුද්ගලයින්ට දැව හෙළීම සඳහා අවශ්‍ය බලපත්‍ර නොමිලේ ලබාදී තිබේ. ඒ නිවාස ඉදිකරගැනීම සඳහා අවශ්‍ය දැව දඬු ලබා ගැනීමටය. 1913 ඔක්‌තෝබර් මාසයේදී කැලණි හා කළු ගංගාවල හා මහ ඔයේ ජලය පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර අවස්‌ථාවේදී මෙවැනි පියවරක් බස්‌නාහිර පළාතේ දිසාපති විසින් ගෙන ඇත.
ආපදාවලදී විපතට පත්වූවන්ට සහනාධාර ලබාදීම සඳහා මාධ්‍ය ආයතනවල මැදිහත්වීම අද තරඟයක් වී ඇත. ඇතැම් අය සිතනුයේ එය මෑත කාලයේ ආරම්භ වූවක් බවයි. එහෙත් 19-20 සියවස්‌වල පවා මාධ්‍ය ආයතන විශේෂ අරමුදල් ආරම්භ කර මුදල් එකතු කර විපතට පත්වූවන්ට ආධාර කර තිබේ. මෙහි ඇති වැදගත්කම වන්නේ ආධාර ලබාදීමට පුද්ගලිකව ආපදා ප්‍රදේශවලට පැමිණිය නොහැකි ජනතාවට සිය පරිත්‍යාග අදාළ ආයතනයට ලබාදීමට හැකි වීමයි. එම මාධ්‍ය විසින් අවසානයේ සහනාධාර අවශ්‍ය පුද්ගලයින්ට ඒවා ලබාදෙනු දැකිය හැකිය.
මෙසේ මාධ්‍ය ආයතනවල මැදිහත් වීමෙන් ආධාර ලබාදීම අතීතයේදීද සිදුවී තිබේ. ඒ එදා පැවැති එකම මාධ්‍ය ආයතනවන පුවත්පත්වල මැදිහත්වීමෙනි. 1913 ඔක්‌තෝබර් ගංවතුර අවස්‌ථාවේදී සිලොනීස් (Ceylonese) පුවත්පත ගංවතුර සහනාධාර ලබාදීමට මැදිහත්වීම එවැන්නකි. එහිදී ගංවතුර ආධාර අරමුදලක් ආරම්භ කර ඇති පුවත්පත ආධාර අවශ්‍ය ජනතාව වෙත ඒවා ලබාදී තිබේ. මේ පිළිබඳව සඳහන් කරන කොළඹ වැඩබලන දිසාපති ෆ්‍රීමන්, සිලොනීස් පුවත්පත දියත් කළ ආධාර ලබාදීමේ වැඩපිළිවෙලට ප්‍රශංසා කර තිබේ. එහිදී ඔවුන් විසින් සිදු කළ 'වඩාත් අසීරු කාර්යය වන ආධාර බෙදාදීම' පිළිබඳව ඔහු විශේෂයෙන් සඳහන් කර ඇත.
ලක්‌වැසියන් මෙසේ ආධාර එකතුකර උපකාර කර ඇත්තේ මෙරට ඇති වූ ගංවතුර වැනි ආපදාවලදී පමණක් නොවේ. වාර්තාවලින් හෙළි වන පරිදි ඉන්දියාවේ ඇති වූ ආපදා අවස්‌ථාවලදී පිහිටුවන ලද අරමුදල්වලටද මෙරට සාමාන්‍ය වැසියන් ආධාර ලබාදී ඇත. අදත් අප මේ දකින්නේ එසෙ අනුන්ට උපකාරී කිරීමට ඉදිරිපත් වන ශ්‍රී ලංකාවාසීන් සතු දානපති පරිත්‍යාගශීලිත්වයයි. පරිත්‍යාගශීලිත්වය මත පදනම්ව මෑතක සිට ජගත් මට්‌ටමෙන් සකස් කරනු ලබන දර්ශකයක් වන World Giving Index හි 2016 වර්ෂයේදී ශ්‍රී ලංකාව පසුවන්නේ පස්‌වැනි ස්‌ථානයේය.
http://www.divaina.com/2017/06/11/feature28.html

No comments:
Post a Comment