ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 07.06.2017, පි. 11, 24 (Vidusara)
http://www.vidusara.com/2017/06/07/feature5.html
2017 වර්ෂයේ මහ ගංවතුර හා නාය යැම් නිසා ඇති වූ හානිය බරපතළ ය. ඒ බව ආපදාව පිළිබඳ සංඛ්‍යාලේඛන අනුව පෙනේ. මේ ලිපිය ලියන ජූනි 3 දින ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය නිකුත් කළ දත්ත අනුව මේ ආපදාව නිසා 224 දෙනකු පමණ මිය ගොස් ඇති අතර තවත් 72ක් පමණ පිරිසක් අතුරුදන් ව ඇත. මේ කාලය ඇතුළත පවුල් 179,376කට අයත් 698,289ක පමණ පිරිසක් අපදාව නිසා බලපෑමට ලක් ව සිටිය හ. නිවාස 2,093ක් පමණ මුළුමනින් ම ද, තවත් නිවාස 11,056ක් පමණ අර්ධ වශයෙන් ද හානියට පත් ව ඇත. ඇති වූ මහ ගංවතුර මෙන්ම නාය යැම් ද මේ විනාශය සඳහා හේතු වී තිබේ. වැඩි ම බලපෑමක් ඇති වී ඇත්තේ රත්නපුර, මාතර, කළුතර හා ගාල්ල දිස්‌ත්‍රික්‌කවලට වුව ද මෙහි හානි දිස්‌ත්‍රික්‌ක 15කට බලපා ඇත.
මේ ආපදා තත්ත්වය සඳහා බලපෑ මූලික හේතුව ශ්‍රී ලංකාවේ බස්‌නාහිර, දකුණු හා සබරගමු පළාත්වලට නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමග කෙටි කාලයක් තුළ වැටුණු අධික වර්ෂාව විය හැකි බව වර්ෂාපතන දත්ත අනුව පෙනේ. නිදසුනක් ලෙස ගත හොත් මැයි මස 26 වැනි සිකුරාදා පෙරවරුවෙන් අවසන් වූ පැය 24ක කාලය ඇතුළත කුකුළේ ගග ප්‍රදේශයට මිලිමීටර් 553ක වර්ෂාපතනයක් ලැබුණු බව වාර්තා විය. එසේ ම වීරකැටියෙන් මිලිමීටර් 495.5ක වර්ෂාපතනයක් ද, ගාල්ලේ බටුවන්ගලින් මිලිමීටර් 395ක් ද, පාදුක්‌කට මිලිමීටර් 387.2ක් ද, රත්නපුරයෙන් මිලිමීටර් 348.5ක වර්ෂාපතනයක් ද ලෙස අධික වර්ෂාපතනයක් වාර්තා වී තිබිණි. වර්ෂාව වැඩි කාලයක් අඛණ්‌ඩ ව පතිත වීම ද ගැටලුවක් වී ඇති බව පෙනේ. වර්ෂාව පැය 48ක පමණ කාලයක් තිස්‌සේ පතිත වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් උපුටා දක්‌වමින් පුවත්පත් වාර්තාවල පළ විය. එසේ ම මේ වර්ෂාපතනය තවදුරටත් පැවැතීම සඳහා බෙංගාල බොක්‌කේ ජනනය වූ 'මෝරා' සුළි කුණාටුව ඇති වීමට පසුබිම් වූ තත්ත්වය ද බලපෑමක් ඇති කළ බව ඇතැම් මූලාශ්‍ර සඳහන් කරයි.
මේ අනුව මෝසම් වැසි සමයේ කෙටි කාලයක දී අසාමාන්‍ය ලෙස අධික වර්ෂාපතනයක් මේ වර්ෂයේ දී ලැබී ඇති බවක් පෙනේ. එවැනි අධික වැසි ඇතැම් වර්ෂවල පමණක් ඇති වී තිබෙන බව වාර්තා අනුව පැහැදිලි ය. වැසි මගින් වැටුණු ජලයෙන් සංතෘප්ත වූ පසකට ජලය තවදුරටත් උරාගැනීම අසීරු ය. වන වැස්‌මක් තිබුණ ද එය සිදු විය හැකි ය. එවිට සිදු වන්නේ ජලය එම ගංගා නිම්න දිගේ පහළට ගමන් කිරීමයි. එමගින් ගංගා නිම්නයේ පහත් බිම්වල මහ ගංවතුරක් ඇති විය හැකි ය. වතු වගා සඳහා කැලණි නිම්නයේ ඉහළ ප්‍රදේශවල කැළෑ එළිපෙහෙළි කිරීම අඩු මට්‌ටමක තිබූ 1872 වර්ෂය වන විට එහි සැලකිය යුතු වන ආවරණයක් පැවතිය ද එම වර්ෂයේ ඇති වූ අධික වැසිවල ප්‍රතිඵලයක් ලෙස ගෙග් පහළ ප්‍රදේශවල වාර්තාගත මහ ගංවතුරක් ඇති වීම මීට නිදසුනකි. එකල කොළඹ හා ගම්පහ දිස්‌ත්‍රික්‌කවල තෙත්බිම් ගොඩ කිරීම අවම වුව ද, බොහෝ ප්‍රදේශ ගංවතුරට යට විය.
2017 වර්ෂයේ ඇති වූ ගංවතුර දෙවැනි වන්නේ 2003 වර්ෂයේ ඇති වූ ගංවතුරට පමණක් බව ඇතැම් පාර්ශ්වවලින් කියෑවෙනු අපට අසන්නට ලැබිණි. (තවත් අයට අනුව මෙවර ගංවතුර 2003 වර්ෂයට වඩා බරපතළ ය). 2003 යනු ජනතාව ගේ මතකයේ ඇති මෑත කාලයේ වූ වැඩි ම විනාශය ඇති වූ වර්ෂය වේ. කෙසේ නමුත් ඊට වඩා බරපතළ ගංවතුර අතීතයේ මේ කලාපයට ඇද වැටී තිබේ.
2003 වර්ෂයේ දී ඇති වූ ගංවතුර පිළිබඳව විමසා බැලීමේ දී එය ඇති වන්නේ 2003 මැයි මස 17 දින ආරම්භ වූ කෙටි කාලයක් තුළ වැටුණු අධික වර්ෂපාතනය නිසා බව වාර්තාගත ය. ඒ අනුව මැයි 17 දින රත්නපුරයට මිලිමීටර් 345.2ක වර්ෂාපතනයක් ලැබී ඇත. (රත්නපුරයට පමණක් නො ව වෙනත් ප්‍රදේශවලට ද 2017 දී වැටුණු වර්ෂාපතනය මීට වඩා ඉහළ බව ඉහත සඳහන් දත්ත අනුව පැහැදිලි ය).
2003 දී ගංවතුරේ බලපෑමට ලක් වූයේ මූලික වශයෙන් කළු ගග, නිල්වලා ගග හා ගිං ගග යන ගංගා නිම්න වේ. දිස්‌ත්‍රික්‌ක වශයෙන් ගත් විට රත්නපුර, මාතර, ගාල්ල, කළුතර, හම්බන්තොට හා නුවරඑළිය දිස්‌ත්‍රික්‌ක ය. ගංවතුරේ බලපෑම අධික ව පැවතියේ රත්නපුර, මාතර හා කළුතර යන දිස්‌ත්‍රික්‌වල ය. එදා ගංවතුරින් යට වූ ප්‍රදේශ ඊට ලක් වූ ආකාරය හා 2017 ගංවතුරෙන් යට වූ ආකාරය අතර යම් යම් සමානකම් තිබේ. විශේෂයෙන් කළු ගංගා නිම්නයේ හා නිල්වලා නිම්නයේ මේ සමානකම දැකිය හැකි ය. ජලයෙන් යට වූ ප්‍රදේශ මෙන්ම, ජලය බැස යැමේ දී ඇති වූ ප්‍රමාදයේ ද සමානකම් තිබේ. රත්නපුර, නෙළුව, මොරවක, අකුරැස්‌ස වැනි නගර අඩි ගණනක් ජලයෙන් යට වූ අතර, මාතර හා තදාසන්න ප්‍රදේශවල ජලය බැස යැම සිදු ව ඇත්තේ සෙමිනි. 2003 දී ද මේ වර්ෂයේ මෙන්ම මාතර රෝහලේ වාට්‌ටු සමහරක් ජලයෙන් යට වී ඇත. එසේ ම මේ ගංවතුර හා නාය යැම් නිසා සැලකිය යුතු පිරිසක් මිය ගොස් තිබේ. 2003 ජූනි 03 දින හැන්සාඩ් වාර්තාවට අනුව 2003 ගංවතුරින් මිය ගිය ගණන 235ක් හා අතුරුදන් වූ පිරිස 19ක් බව සඳහන් වේ. එසේ ම විපතට පත් පවුල් ගණන 138,924ක් විය. නිවාස 9503ක් සම්පූර්ණයෙන් ද, තවත් 30,688ක් අර්ධ වශයෙන් ද හානියට ලක් වී තිබිණි. (කෙසේ වෙතත් මේ දත්ත ඒ දිනවල ඇතැම් පුවත්පත් වාර්තාවල පළ වූ දත්තවලට වඩා අඩු අගයක් ගන්නා බව මෙහි දී සඳහන් කළ යුතු ය).
කෙටි කාලයක් තුළ ඇති වූ අධික වර්ෂාපතනය 2003 වර්ෂයේ ගංවතුර සඳහා හේතු වූ බව එදා විවාදයක් නොමැති ව පිළිගැනුණු බව පෙනේ. 2003 මැයි 20 දින දිවයින පුවත්පතට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂවරයා පවසා ඇත්තේ එම ගංවතුර තර්ජනයට හේතුව එම ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇදහැළීම බවයි. මේ ආපදාව පිළිබඳව පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා වී ඇති අතර, එදා විදුලිබල හා බලශක්‌ති අමාත්‍ය කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර තිබූ පරිදි "මින් පෙර නො වූ විරූ ආකාරයේ ධාරාණිපාත වර්ෂාවක්" ඇදහැළීමෙන් ඇති වූ "විශාල ජලධාරාවන් ගංගා ෙද්‍රdaණි හරහා ගලා යැමෙන්" එම ගංවතුර ඇති වී තිබේ.
2017 වර්ෂාපතන දත්ත අනුව මේ වර්ෂයේ කෙටි කාලයක දී වැටුණු වර්ෂාපතනය 2003 දී ලැබුණු වර්ෂාපතනයට ද වඩා අධික විය හැකි බවක් පෙනේ. එවැනි වර්ෂාවක් ගංගා නිම්න දිගේ පහළට ගමන් කරන විට පහත් ප්‍රදේශවල ගංවතුර ඇති වීම පුදුමයට හේතුවක් නො වේ. එසේ ම කළු, ගිං හා නිල්වලා නිම්නයේ ගංවතුර එතරම් දුර්ලභ දෙයක් නො වේ. "ගෙන් ගෙට දා කර වදාපු දරුවන් ගිංතොට නැන්දත් නැහැ දන්නේ - ගිංතොට නැන්ද ගෙ දූවරු හින්දයි ගගබඩ පත්තුව වැනසෙන්නේ" යන කවියෙන් ව්‍යංගයෙන් කියෑවෙන්නේ ද ගිංගග නිම්නයේ නිතර ඇති වූ ගංවතුර පිළිබඳ ව ය. මේ ගංගා නිම්නවල සාපේක්‌ෂව ඉහළ ප්‍රදේශවල පිහිටා ඇති ප්‍රදේශවල පහත්බිම් පවා සැම වසරක ම පාහේ ජලයෙන් මදක් යට වන ප්‍රදේශ වේ. රත්නපුර, පාලින්ද නුවර මෙවැනි ප්‍රදේශ සඳහා නිදසුන් ය. ඇතැම් ප්‍රදේශවල ගංවතුර ගලන තුරු බලා සිටින්නේ යල කන්නයේ කුඹුරු වගා කිරීමට ය. ඒ ගංවතුරින් ලැබෙන රොන්මඩ තුළ තැන්පත් ව ඇති "ගං පෝර" ප්‍රයෝජනයට ගැනීමට ය. ඇතැම් ප්‍රදේශයක ඇති වන ගංවතුර ප්‍රමාණය ගණන් කොට කුඹුරු වැපිරීම සිදු කරනු ලැබේ. එහෙත් වෙනස වන්නේ 2003 හා 2017 යන වර්ෂ දෙකේ ඇති වී තිබෙන්නේ සාමාන්‍ය ගංවතුරක් නො ව මහා ගංවතුරක් වීමයි.
කෙසේ වෙතත් සැම විටක දී ම මෙන් ගංවතුර නිසා ඇති වූ හානිය උග්‍ර කිරීම සඳහා බලපෑ සාධක කිහිපයක් පැහැදිලිව හඳුනාගත හැකි ය.
තෙත්බිම් හා පහත් බිම් ගොඩ කිරීම ගංවතුරේ බලපෑම උග්‍ර කිරීම සඳහා බලපා ඇති බව සත්‍යයකි. තෙත්බිම්වලට වැසි ජලය එකතු වීම නිසා ඊට වඩා උස් බිම් වැසි ජලයෙන් යට වීම වළකී. එහෙත් මේ වන විට බොහෝ ප්‍රදේශවල පහත්බිම් ප්‍රදේශ ගොඩ කර ඇති අතර ඒවායේ නිවාස හා වෙනත් ඉදි කිරීම් ද සිදු කර ඇත. මේ නිසා ජලය එක්‌රැස් වීම සඳහා පහත් බිම් නොමැති බැවින්, ඒ අවට ප්‍රදේශ මෙන්ම කලින් ජලයෙන් යට නො වූ ප්‍රදේශ ද යට වීමේ අවස්‌ථාවක් ඇත. අනෙක් අතට 1947, 1969 වැනි තෙත්බිම් හා පහත්බිම් ගොඩ කිරීම අදට වඩා අඩු තත්ත්වයක පැවැති වර්ෂවල දී පවා මේ ප්‍රදේශවල මහා ගංවතුර තත්ත්ව ඇති වීම වැදගත් නිරීක්‌ෂණයකි. එම වර්ෂ මේ කලාපයෙන් අධික වර්ෂාපතනයක් වාර්තා වී ඇති වර්ෂ අතර වේ. ඒ අනුව තෙත්බිම් හා පහත්බිම් ගොඩ කිරීම ගංවතුර සඳහා බලපෑ එක ම හේතුව නො වූ බව පෙනේ. කළු, ගිං හා නිල්වලා නිම්නයේ මෙවැනි බරපතළ ගංවතුර අතීතයේ වාර්තා වී තිබේ. ගංගා නිම්නයට පතිත වන අධික වර්ෂාපතනය තෙත්බිම් මගින් දරාගැනීමට නොහැකි තරම් විශාල අවස්‌ථාවල දී මහ ගංවතුර ඇති වේ.
දක්‌ෂිණ අධිවේගී මාර්ගය ඉදි කිරීම මේ ගංවතුර සඳහා හේතුව බව ද මෙවැනි තවත් මතයකි. එහෙත් ඉහත දැක්‌වූ ආකාරයට 2003 වර්ෂයේ මහා ගංවතුර ඇති වූ අවස්‌ථාවේ බලපෑමට ලක් වූ ප්‍රදේශ හා 2017 ගංවතුරෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල සැලකිය යුතු සමානතාවක් තිබේ. බලපෑම ද ආසන්න වශයෙන් සමාන ය. එහෙත් 2003 වර්ෂය වන විට දක්‌ෂිණ අධිවේගී මාර්ගය ඉදි කර නො තිබිණි. එසේ ම මීට ඉහත ඇතැම් වර්ෂවල දී මේ කලාපයේ මේ ප්‍රදේශවල මෙවැනි ම මහා ගංවතුර ආපදා ඇති වී තිබේ. කෙසේ වෙතත් අධිවේගී මාර්ගයේ පාලම් හා බෝක්‌කුවල පිහිටීම හා ප්‍රමාණය නිසා ඉහළ ප්‍රදේශවල සිට ගලා එන ජලය බැස යැම අවහිර වීමෙන් ඇතැම් ප්‍රදේශවලට බලපාන ගංවතුරක් ඇති වීම සඳහා මේ මාර්ගය හේතු වන්නට පිළිවන. ඉතා අධික වැස්‌සක දී මේ අවදානම ඉහළ යා හැකි ය. එහෙත් එය සමස්‌ත ගංවතුරට හේතු වූවක් බව ඉන් පැවසිය නොහැකි ය. එය කරුණු දෙකක් නිසා වඩාත් පැහැදිලි වේ. ඉන් පළමුවැන්න අධිවේගී මාර්ගයට වඩා සැලකිය යුතු දුරකින් හා ගංගා නිම්නවල ඉහළින් පිහිටා ඇති රත්නපුර, මොරවක වැනි ප්‍රදේශ හා තරමක් දුරින් පිහිටි පාලින්ද නුවර වැනි ප්‍රදේශ දැඩි ලෙස ජලගැල්මට ගොදුරු වීමයි. මේ ප්‍රදේශ ගංවතුරට ලක් වන්නේ ගංවතුරේ මුල් අවස්‌ථාවේ දී ය. ඒ වන විට අදාළ ගෙග් ඉහළ නිම්නයට වැටුණු වැසි ජල ප්‍රවාහය අධිවේගී මාර්ගය පිහිටා ඇති ප්‍රදේශ කරා ගලා ගොස් නැති තරම් ය. මේ ප්‍රදේශ අතීතයේ පටන් ම වාර්ෂිකව සුළු හෝ මහා ගංවතුරකට ලක් වන බව වාර්තා මගින් සනාථ වේ. එසේ ම අධිවේගී මාර්ගයට වඩා පහළින් පිහිටා ඇති ප්‍රදේශ ද දැඩි ගංවතුරකට ලක් ව තිබීම දෙවැනි කරුණය ය.
අධිවේගී මාර්ගය ගංවතුරට බලපෑ මූලික හෝ එක ම හේතුව නම්, ඊට පහළින් පිහිටා ඇති ප්‍රදේශ ගංවතුරට ලක් විය හැක්‌කේ අඩුවෙනි. එහෙත් 2003 වැනි මහා ගංවතුරවල දී මෙන්ම මෙවර ද ගාල්ල, මාතර හා කළුතර යන දිස්‌ත්‍රික්‌ක තුනේ ම අධිවේගී මාර්ගයට පහළින් පිහිටා ඇති ප්‍රදේශ ද ගංවතුරට ලක් වීම සාමාන්‍ය නිරීක්‌ෂණයකි. මේ ප්‍රදේශ සැම මෝසම් වැසි සමයක දී ම ගංගාවේ පහළට එන ජලකඳට ලක් වී ගංවතුරේ බලපෑමට ලක් වන ප්‍රදේශ වේ. එය මේ වර්ෂයේ මෙන් අධික වර්ෂාපතනයක් සහිත වර්ෂවල දී මහ ගංවතුරක් ද, සෙසු වර්ෂවල දී සාමාන්‍ය ගංවතුරක් ද බවට පත් වේ.
ගංවතුර සම්බන්ධව මේ වෙරළාසන්න නාගරික ප්‍රදේශවල දී වැඩි අවධානයකට ලක් විය යුතු කරුණක් වන්නේ පහළ ප්‍රදේශවල ජලය ගලා බසින ඇළ මාර්ග හා කාණු පද්ධති අවහිර වීම වැළැක්‌වීමට පියවර ගත යුතු බවයි. මෙය ද ගංවතුර බැස යැමට බාධාවක් වූ බව පැහැදිලි ය. එසේ ම ගංවතුර සමග ද කැළිකසළ විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශවලට පැමිණේ. අනෙකක් තබා ආපදා සහන ලබා දෙන සමයේ දී ද පොලිතීන් හා ප්ලාස්‌ටික් වැනි දිරා නො යන අපද්‍රව්‍ය විශාල ලෙස පරිසරයට එක් වන ආකාරයක් දැකිය හැකි ය. ඒවා නිසි ලෙස බැහැර නො කිරීම දැඩි පරිසර දූෂණයකට මෙන්ම සෞඛ්‍ය ගැටලුවලට ද හේතු විය හැකි කරුණකි.
නාය යැම් නිසා ඇති වන හානිය ඉහළ යැම සඳහා මානව මූලික කරුණු ගණනාවක් බලපා ඇති බව පැහැදිලි ය. නාය යැමේ අවදානමක් සහිත අධික බෑවුම් සහිත හායනයට ලක් වූ බිම් ප්‍රදේශවල ජනාවාස ඉදි කර තිබීම ඊට මූලික හේතුවයි. මේ බිම් හායනයට ලක් ව ඇත්තේ ද විවිධ භෝග වගා කිරීම, භෝග මාරු කිරීම වැනි මිනිස් ක්‍රියාකාරකම් නිසා ය. මේ ඇතැම් බිම් එළිපෙහෙළි කිරීමට නුසුදුසු බෑවුම් සහිත බිම් වේ. එසේ ම වාර්තා වන ආකාරයට නාය ගිය ඇතැම් ස්‌ථානවල ජනතාවට එම ස්‌ථානවලින් ඉවත් වන ලෙස මීට පෙර අනතුරු හගවා තිබේ. එහෙත් විවිධ හේතු නිසා සිය ගම් බිම් හැර දමා යැමට ජනතාව නො පෙලඹීම නාය යැම් හානිය ඉහළ යැමට හේතුවයි. එය අවාසනාවන්ත තත්ත්වයකි.
මේ අතර 2016 ඇති වූ ගංවතුර වැඩි වශයෙන් බලපෑවේ හා වැඩි හානියක් සිදු කළේ කැලණි නිම්නයට ය. ඒ සඳහා මූලික හේතුව කැලණි ගංගාවේ ඉහළ ප්‍රදේශවලට අධික වැස්‌සක් ලැබීම විය හැකි බව ඓතිහාසික ගංවතුර වාර්තා මත පදනම් ව විදුසර පුවත්පතට 2016 ජූනි 1 දින අප ලියූ ලිපියකින් යෝජනා කරන ලදි (මෙතැනින් බලන්න). 2017 නිරිතදිග මෝසමෙන් වැඩි වර්ෂාපතනයක් ලැබුණේ කළු, ගිං හා නිල්වලා නිම්නවලට වන බැවින් වැඩි වශයෙන් බලපා ඇත්තේ රටේ නිරිතදිග කලාපයේ සෙසු ප්‍රදේශවලට ය.
දැන් ගංවතුර අවසන් ය. අවශ්‍ය ව ඇත්තේ විපතට පත් ජනතාවට සහන සැලසීම හා ඔවුන් ගේ ජීවිත යළිත් ගොඩනගාගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පමණක් නො වේ. මීළග වැසි සමයේ දී මෙවැනි අධික වර්ෂාපතනයක් ඇති වුව හොත් විය හැකි හානිය අවම කරගැනීමට ගත හැකි පියවර හඳුනාගැනීම හා ක්‍රියාත්මක කිරීම ය. තෙත් කලාපයේ ප්‍රධාන ගංගා නිම්න ආශ්‍රිත ව හා ආසන්නයේ අපේ නගර හා ගම් පිහිටා ඇති ආකාරය අනුව හානිය මුළුමනින් ම අවම කිරීම සඳහා බොහෝ කාලයක් ගත වනු ඇත. ඒ ගංවතුර හා නාය යැම් අවදානම් සහිත ප්‍රදේශවල වාසය කරන ජනතාව වෙනත් සුදුසු ස්‌ථානවල පදිංචි කරවන තුරු ය. එහෙත් එතෙක් කල් ගංවතුර හා නාය යැම් වැනි ආපදාවක දී සිදු වන ජීවිත හානිය අවම කරගැනීම සඳහා ප්‍රායෝගික පියවරක් ගැනීම අවශ්‍ය වේ.
මෙහි දී පැවසිය යුතු තවත් කරුණක් ඇත. මෑත වසර හතරෙන් තුනක ම මැයි මාසවල දී අපේ රටේ සැලකිය යුතු තරම් බරපතළ ගංවතුර පිළිබඳව වාර්තා විය. ඒ 2014 දී කළු, කැලණි හා ගිං ගග නිම්න ප්‍රදේශවලිනි. 2016 දී ප්‍රධාන වශයෙන් කැලණි නිම්නයෙනි. දැන් 2017 දී කළු, ගිං හා නිල්වලා නිම්නවලිනි. මේ අප අත්විඳින්නේ ජගත් දේශගුණ වෙනස් වීම පිළිබඳ පුරෝකථන අනුව පෙන්වා දී ඇති වර්ෂාපතන තීව්‍රතාවේ (rainfall intensity) ඇති වෙමින් පවත්නා වර්ධනය විය හැකි ය. වර්ෂාපතන තීව්‍රතාව යනුවෙන් අදහස් කරන්නේ ඒකක කාලයක දී පතිත වන වර්ෂාපතනයයි. කෙටි කාලයක දී ඇති වන අධික වර්ෂාපතනයක් යනු මේ වර්ෂාපතන තීව්‍රතාව ඉහළ යැමකි. අපේ රටේ වර්ෂාපතන තීව්‍රතාවේ ඉහළ යන ප්‍රවණතාවක් දැකිය හැකි බව මෙරට සිදු කර ඇති අධ්‍යයනවලින් පෙන්වා දී තිබේ. එය එසේ නම් අප ඉදිරියේ දී මෙවැනි ආපදාවලට තවදුරටත් සූදානම් විය යුතු ම ය. ජාත්‍යන්තර මට්‌ටමේ දේශපාලනඥයන් වැන්නන් මෙන්ම අපේ රටේ තතු දන්නා ඇතැමුන් පවා දේශගුණ වෙනස් වීම විශ්වාස නො කළ ද ඊට පෙර සූදානමක් ඇති ව සිටීම යහපත් ය.

2003 ගංවතුර හා නාය යැම්

ගංවතුර හානිය උග්‍ර කළ සාධක

අනාගත ආපදා වැළැක්‌වීමට නම්

No comments:
Post a Comment