ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 04.04.2018, පි. 11 (Vidusara)
http://www.vidusara.com/2018/04/04/feature4.html
අනාගතයේ දී ඇති විය හැකි බරපතළ ආකාරයේ දේශගුණ වෙනස් වීමක් වළක්‌වාගැනීමට නම් ලෝකයේ ඉන්ධන භාවිතයේ කැපී පෙනෙන වෙනසක් ඇති කළ යුතු බව පැහැදිලි කරුණකි. නිදසුනක් ලෙස ගත හොත් හරිතාගාර වායු අධික ලෙස විමෝචනය කිරීමට හේතු වන ගල්අඟුරු, ඛනිජතෙල් ආදි ෙෆාසිල ඉන්ධන දහනය කිරීම වෙනුවට පිරිසිදු බලශක්‌තිය වෙත යොමු වීමට සිදු වෙයි. මෙය බලශක්‌ති ක්‌ෂේත්‍රයේ කිසියම් ආකාරයක විප්ලවයක් බඳු තත්ත්වයකි.
පිරිසිදු බලශක්‌තිය වෙත යොමු වීමේ මේ අවශ්‍යතාව පිළිබඳ ව කලක පටන් පෙන්වා දී ඇති අතර, ලෝකයේ රටවල් ගණනාවක් මේ ගැන අවධානය යොමු කර ඇත. මේ නිසා ඒ රටවල් හා රටවල් කණ්‌ඩායම් විවිධ කාල වකවානු සඳහා පුනර්ජනනය කළ හැකි බලශක්‌තිය භාවිතය පිළිබඳ ඉලක්‌ක සකස් කර එය ප්‍රවර්ධනය කිරීම සඳහා ද කටයුතු කර තිබෙයි. එසේ ම දේශගුණ වෙනස් වීම පාලනය පිළිබඳව ලෝකය සතු බලාපොරොත්තුව වන පැරිස් දේශගුණ ගිවිසුම යටතේ ඒ ඒ රටවල් විසින් ප්‍රකාශිත ජාතිකමය නිර්ණය කළ දායකත්වවල ද පිරිසිදු බලශක්‌ති ඉලක්‌ක ඇතුළත් වෙයි.
කෙසේ වෙතත් පිරිසිදු බලශක්‌තිය වෙත මේ වන විට අප ගමන් කරන වේගය ප්‍රමාණවත් ද යන්න සැක සහිත ය. මේ බව පෙන්වා දෙන අධ්‍යයනයකින් හෙළි වන කරුණු පිළිබඳ පුවතක් පසුගිය දා වාර්තා වී තිබිණි.
දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්‌ඩලයට අනුව ලෝකයේ සෙල්සියස් අංශක දෙකක උෂ්ණත්වය ඉහළ යැමක් ඇති වීම වැළැක්‌වීමට නම් 2050 වන විට ලෝකයේ විමෝචනය වන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය 2010 පැවැති මට්‌ටමින් 40%ත් 70%ත් අතර පමණ ප්‍රමාණයකින් අඩු කළ යුතු ය. මෙහි උපරිම අගය පිළිබඳව සිතීම වඩා තාර්කික ය. එහෙත් කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය වර්ෂයෙන් වර්ෂය ඉහළ යයි. නිදසුනක් ලෙස ගත හොත්, 2017 වර්ෂයේ කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය 2%කින් පමණ ඉහළ ගිය බව වාර්තා විය.
එසේ ම ඉදිරි දශක කිහිපයක කාලය ඇතුළත දී ලෝකයේ බලශක්‌ති පරිභෝජනය 30%ක් පමණ ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි අපේක්‌ෂීත ය. එයට එක් හේතුවක් වන්නේ දියුණු වන රටවල සිදුවන ආර්ථික වර්ධනයයි. මේ අනුව බලශක්‌ති වර්ධනය සමඟ හරිතාගාර වායු විමෝචන කපා හැරීමට නම් 2050 වර්ෂය වන විට ටෙරාවොට් 20ක පිරිසිදු බලශක්‌ති ධාරිතාවක් දියුණු කළ යුතු වේ. මේ ප්‍රමාණය වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, න්‍යෂ්ටික බලාගාර 30,000ක් ඉදි කිරීමට සමාන ය. එසේ නැත හොත් වොට් 250 සූර්ය බලශක්‌ති පැනල බිලියන 120ක් නිෂ්පාදනය කර ස්‌ථාපිත කිරීම හා සමාන ය.
ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කට වඩා ඉහළ යැම වළක්‌වාගැනීමට නම් ලෝකයට කාබන් විමෝචන නොමැති බලශක්‌තිය කෙතරම් අවශ්‍ය ද යන්න ගැන ගණනය කිරීමක් සිදු කර තිබෙයි. ඒ අනුව එවැනි බලශක්‌තිය මෙගවොට් 1,100ක් බැගින් එක් දිනකට එකතු විය යුතු බව ඇමෙරිකාවේ කානගි ආයතනයේ කෙන් කල්දේරා ප්‍රමුඛ විද්‍යාඥයන් පිරිසක් විසින් 2003 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දී තිබෙයි. එසේ සිදු කළ හොත් හරිතාගාර වායු විමෝචන වර්ධනය පාලනය කරගනිමින් දේශගුණ වෙනස් වීමේ භයානක ප්‍රතිඵල වළක්‌වාගත හැකි මට්‌ටමක ලෝකයේ උෂ්ණත්වය පවත්වාගත හැකි ය.
අද වන විට මේ ආකාරයෙන් ලෝකයේ බලශක්‌ති පද්ධතියට එකතු වන පිරිසිදු බලශක්‌තිය පිළිබඳව යළි ගණනය කිරීමක් පිළිබඳව පසුගිය දා වාර්තා විය. එය 2006-2015 අතර කාලයේ දී නිෂ්පාදනය කළ පිරිසිදු බලශක්‌තිය ප්‍රමාණය අනුව සිදු කරන ලද ගණනය කිරීමකි. ඒ අනුව ලෝකයේ බලශක්‌ති පද්ධතියට දිනකට අලුතින් එකතු වන්නේ මෙගවොට් 151ක් තරම් ප්‍රමාණයක් පමණකි. එසේ නම් ලෝකය මේ වේගයෙන් ඉදිරියට කටයුතු කළ හොත්, ලෝක බලශක්‌ති පද්ධතිය හරිතාගාර විමෝචනවලින් තොර පිරිසිදු බලශක්‌තියට හැරවීම සඳහා ගත වන කාලය වසර 363ක් තරම් කාලයක් විය හැකි ය.
ඉහත දැක්‌වූ පරිදි හරිතාගාර වායු විමෝචන කපා හැරීම දශක තුනක් ඇතුළත ඇති කරගත යුතු විය. එහෙත් දැන් පෙනෙන වසර 363ක් හෙවත් ශතවර්ෂ හතරක් යනු බරපතළ ප්‍රතිවිපාක ඇති විය හැකි තරම් කාලයකි. මේ කාලයේ දී උෂ්ණත්වය ඉහළ යැම, අයිස් කඳු දිය වීම, මුහුදු මට්‌ටම ඉහළ යැම, තාප ප්‍රවාහ වැනි දේශගුණ වෙනස් වීමේ බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට ලෝකයට සිදු විය හැකි ය.
වසර ගණනාවක් තිස්‌සේ සිදු කරන ලද අනතුරු හැඟවීම්වලින්, ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ විවාදවලින් හා පිරිසිදු බලශක්‌තිය ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ සංවිධාන හා කණ්‌ඩායම් විසින් සිදු කරන ලද ව්‍යාපාරවලින් අනතුරු ව පවා ලෝකය ඒ පිළිබඳව ප්‍රමාණවත් තරමින් කටයුතු කර නොමැති වීම ය. එය දේශගුණ වෙනස් වීම පිළිබඳව කටයුතු කිරීමේ දී අප දකින සාමාන්‍ය උදාසීන ප්‍රතිචාරයට සාධකයක් ලෙස ද ගත හැකි ය.
මෙසේ වීමට බලපාන හේතු අතර පිරිසිදු බලශක්‌ති අංශයට ප්‍රමාණවත් තරම් මූල්‍ය සහායයක් නො ලැබීම, රාජ්‍ය ප්‍රතිපත්තිවල ප්‍රබල වෙනසක් සිදු නො වීම හා තාක්‌ෂණයේ විශාල පෙරළිකාර වර්ධනයක් සිදු නො වීම වැනි කරුණු වෙයි.
නිදසුනක් ලෙස ඇමෙරිකාව පිළිබඳව සලකා බැලිය හැකි ය. එරට වාර්ෂික ව ගිගාවොට් 10ක් පමණ නව බලශක්‌ති සැපයුමක් පද්ධතියට එක් කරයි. මෙයට ස්‌වාභාවික වායු, සූර්ය හා සුළං බලය ද අයත් වෙයි. එහෙත් එම වේගයෙන් ගිය ද, පවත්නා විදුලි පද්ධතිය පිරිසිදු බලශක්‌තිය මඟින් ප්‍රතිස්‌ථානය කිරීම සඳහා තවත් වර්ෂ සියයක පමණ කාලයක් ගත විය හැකි බව පෙන්වා දී ඇත. එසේ නම් තවත් දශක කිහිපයක කාලයක් ඇතුළත සිදු විය හැකි වෙනස්‌වීමක් ගැන අපේක්‌ෂා කිරීම අපහසු බව පෙනෙයි.
හරිතාගාර වායු විමෝචන කපා හැරීම සම්බන්ධව ඇති අනෙක් ගැටලුව වන්නේ එමඟින් ආර්ථිකයට හා ආර්ථික වර්ධනයට බලපෑමක් ඇති විය හැකි සේ සැලකීමයි. එහෙත් මෙහි දී අමතක කරනු ලබන වැදගත් කරුණ වන්නේ දේශගුණ වෙනස් වීම නො සලකා හැරීම මඟින් අනාගතයේ දී ආර්ථිකයට සිදු විය හැකි හානිය ඊට වඩා විශාල විය හැකි බවයි. එක් ගණන් බැලීමකට අනුව ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සම්බන්ධව කිසිවක් සිදු නො කළ හොත්, ලෝකයේ දළ ජාතික නිෂ්පාදනය මේ ශතවර්ෂය අවසන් වන විට 20%කින් පමණ අඩු වීමේ අවදානමක් පවතී.
ජනතාව අතර ද තවමත් දේශගුණ වෙනස් වීමේ බරපතළ ප්‍රතිවිපාක පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නොමැති වීම ද මෙවැති තත්ත්ව ඇති වෙයි. අනාගතයේ දී දේශගුණ වෙනස් වීමේ බරපතළ බලපෑම් දැනෙන විට ජනතාව අතර ඇති අදහස් හා ආකල්ප ද වෙනස් විය හැකි බව දක්‌වා තිබේ. එවිට බලශක්‌ති භාවිතය මෙන් ම උත්පාදනය හා සම්බන්ධව ද යම් යම් වෙනස්‌කම් සිදු කිරීමට හැකියාවක් ලැබෙන බව හා එමඟින් දැනට වඩා වේගවත් වෙනසක් සිදු කළ හැකි බව ඇතැම් විද්‍යාඥයන් ගේ අදහස වෙයි.
එහෙත් එය ප්‍රමාද වැඩි විය හැකි ය. කාබන් ඩයොක්‌සයිඩ් වායුව එහි සම්පූර්ණ උණුසුම් වීමේ බලපෑම ඇති කිරීම ආරම්භ කරන්නේ විමෝචනය වී වසර 10ක දී පමණ ය. එසේ ම එම වායුව වසර දහස් ගණනාවක් වායුගෝලයේ පවතිනු ඇත. අප අනතුරුදායක තත්ත්වයකට පිවිසිය පසුව කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන සීමා කළ පමණින් එහි බලපෑම් නැති නො වේ. අපට කළ හැක්‌කේ එම බලපෑම් තවදුරටත් නරක අතට හැරීම වළක්‌වාගැනීම පමණකි. මේ අනුව දේශගුණ වෙනස් වීමේ අහිතකර බලපෑම් තවත් වසර ගණනාවක් - ඇතැම් විට සහස්‍රක ගණනාවක් - තිස්‌සේ පැවතිය හැකි ය. එසේ නො වීමට නම් හරිතාගාර වායු විශාල ප්‍රමාණවලින් වායුගෝලයෙන් ඉවත් කිරීමට හැකි තාක්‌ෂණයක් සොයාගත යුතු වෙයි. නො එසේ නම් සාර්ථක තත්ත්වයේ භූ ඉංජිනේරු ක්‍රම සොයාගත යුතු ය.
මේ අනුව බලශක්‌ති ක්‌ෂේත්‍රයේ වෙනසක් ඇති කිරීම සඳහා වඩා වැදගත් වන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීම බව මේ පිළිබඳව අදහස් දක්‌වන බොහෝ විද්‍යාඥයන් හා ආර්ථික විද්‍යාඥයන් ගේ අදහස ය. මෙහි දී බොහෝ විට යෝජනා වන කරුණ වන්නේ කාබන් සඳහා මිලක් නියම කිරීම ය. එය බද්දක් හෝ කාබන් වෙළෙඳාම හෝ විය හැකි ය. එමඟින් ෙෆාසිල ඉන්ධනවල මිල ඉහළ යැමත් සමඟ පිරිසිදු බලශක්‌තිය ප්‍රවර්ධනය සඳහා වඩාත් යෝග්‍ය අවස්‌ථාවක් ලැබේ. ඒ සඳහා කාබන් ටොන් එකකට ගෙවනු ලබන මිල අද පවත්නා ඩොලර් 15කට අඩු මට්‌ටමේ සිට ඩොලර් 40ක් පමණ තෙක් ඉහළ යා යුතු බව ආර්ථික විද්‍යාඥයන් ගේ අදහස වෙයි. එවිට ෆොසිල ඉන්ධනවලට වඩා පුනර්ජනනය කළ හැකි ඉන්ධනවලට අවස්‌ථාවක් ලැබෙයි. එහෙත් එවැනි මිලක් කාබන් සඳහා අනුමත වේ ද යන්න මෙහි ඇති සැක සහිත කරුණ ය.
අනෙක් අතට කාබන් ඩයොක්‌සයිඩ් විමෝචනය කරන බලශක්‌තියට අදාළ අංශ අතර විදුලි බලය එක් අංශයක් පමණක් බව ද සැලකිය යුතු ය. හරිතාගාර වායු විමෝචනය කරන තවත් අංශ තිබේ.
මේ කරුණු අනුව හෙළි වන තත්ත්වය කෙතරම් කණගාටුදායක වුව ද ලෝකය මේ ගැටලුව සඳහා විසඳුමක් සෙවිය යුත්තේ ද මේ මාර්ගය තුළින් පමණකි. මේ ගැටලුවෙන් මිදීමට වෙනත් මඟක් නොමැත. ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස් අංශක දෙකේ සීමාවේ නවත්වාගැනීමට නො හැකි වුව හොත් අංශක 4 සීමාවේ හෝ නවත්වාගැනීමට හෝ උත්සාහයක් තිබිය යුතු ය. අප කළ යුතු සියලු දේ කළ යුතු ය, එය කඩිනමින් කළ යුතු ය යන්න මේ විද්‍යාඥයන් පිරිස අවසන් වශයෙන් ලබා දෙන පණිවිඩයයි.
මූලාශ්‍රය: www.technologyreview.com

වර්තමාන තත්ත්වය ප්‍රමාණවත් නැහැ

පිරිසිදු බලශක්‌තියේ ප්‍රමාදය හා අනාගතය

විසඳුම කොතැන ද?

No comments:
Post a Comment