ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 09.12.2015, පිටුව 5 (Vidusara)
http://www.vidusara.com/2015/12/09/feature1.html
පසුගියදා ඉන්දියාවේ චෙන්නායි නගරයේ ඇති වූ ගංවතුර නිසා ඇති වූ බරපතළ තත්ත්වය එරට පමණක් නො ව ලෝකයේ බොහෝ දෙනා ගේ සාකච්ඡාවට ලක් වූ කරුණක් විය. නොවැම්බර් මාසයේ පටන් දකුණු ඉන්දියාවේ ඇති වූ කාලගුණ වෙනස් වීමත් සමඟ ඉන්දියාවේ කොරමන්ඩල් වෙරළ තීරයේ පිහිටි ප්‍රදේශ ගණනාවකට ම දැඩි වර්ෂාපතනයක් ලැබිණි. මේ නිසා තමිල්නාඩුව, ආන්ද්‍රd ප්‍රදේශ් හා පොන්ඩිචෙරි වැනි ප්‍රාන්තවල දැඩි ගංවතුර තත්ත්වයක් ඇති විය.
කෙටි කාලයක් තුළ ඇති වූ අධික වර්ෂාපතනය නිසා තමිල්නාඩු ප්‍රාන්තයේ අගනුවර මෙන්ම එරට සිව්වැනි විශාලතම නගරය වන චෙන්නායි නගරයේ විශාල ප්‍රදේශයක් ගංවතුරට යට වූ අතර එය ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතයට හා එදිනෙදා ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑමක් ඇති කළේ ය. විදුලිය, ජලය වැනි පොදු පහසුකම් අවහිර වූ අතර, ප්‍රවාහනය ඇනහිට තිබිණි. එසේ ම සෞඛ්‍ය ගැටලු ද ඇති වෙමින් තිබිණි. චෙන්නායි නගරයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගංවතුරින් යට වීම නිසා දින කිහිපයක් ගුවන් කොටුපොළ වසා තැබීමට සිදු විය. 19 වැනි සියවසේ දී ආරම්භ කළ දින පටන් අඛණ්‌ඩව ප්‍රකාශයට පත් කරන ලද 'ද හින්දු' පුවත්පතේ මුද්‍රණය එක් දිනයක දී අත්හිටුවීමට සිදු වූයේ ගංවතුරෙන් උද්ගත වූ ප්‍රවාහන අපහසුතා නිසා ය. මේ ගංවතුර නිසා නිසා ඇති වූ ආර්ථික බලපෑම ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක් පමණ වන බව මූලික ගණන් බැලීම්වලින් හෙළි වී තිබේ.
අප මෙහි දැක්‌වූයේ චෙන්නායි නගරය පමණක් වුව ද, තමිල්නාඩු ප්‍රාන්තයේ තවත් දිස්‌ත්‍රික්‌ක ගණනාවක් මෙන්ම දකුණු ඉන්දියාවේ තවත් ප්‍රාන්ත කිහිපයක ප්‍රදේශ ද මේ ගංවතුරේ බලපෑමට ලක් ව තිබිණි.
චෙන්නායි නගරයේ ඇති වූ දැඩි ගංවතුර සඳහා බලපෑ එක් හේතුවක් ලෙස දක්‌වා ඇත්තේ කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ලැබීම ය. පැය විසි හතරක් තුළ එම නගරයට ලැබුණු වර්ෂාව මිලිමීටර් 374ක් වූ අතර, නොවැම්බර් මාසයේ දී සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාව මෙන් තුන් ගුණයක පමණ වර්ෂාවක් මේ වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ලැබී තිබේ. මේ නිසා නගරයේ රැඳුණු අධික වැසි ජලය බැස යැම අවහිර වීම ද ගංවතුර තත්ත්වයට බලපෑ තවත් හේතුවකි. මේ සඳහා හේතු වී ඇත්තේ අක්‍රමවත් ලෙස හා ඇතැම් විට නීති විරෝධී ව සිදු ව ඇති සංවර්ධන කටයුතු ය. අක්‍රමවත් නාගරිකකරණය චෙන්නායි ගංවතුර සඳහා බලපා ඇතැයි ඉන්දියාවේ විද්‍යාව හා පරිසරය පිළිබඳ මධ්‍යස්‌ථානය (CSE) පෙන්වා දී තිබේ. විශේෂයෙන් චෙන්නායි නගරයේ ජලාශවල ධාරිතාව මෑත කාලයේ දී ක්‍රමයෙන් අඩු වී ඇති අතර ගංවතුර තත්ත්වයට එය ද හේතුවකි. 1980 දශකයේ දී චෙන්නායි නගරයේ පැවැති ජලාශ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක ධාරිතාව මේ වන විට අඩු වී ඇත. නිදසුනක් ලෙස ගත හොත්, චෙන්නායි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ජලාශ 19ක ධාරිතාව, 1980 දශකයේ දී හෙක්‌ටයාර 1130ක් වූ අතර 2000 දශකය වන විට එය හෙක්‌ටයාර 645ක් පමණ තෙක් අඩු වී ඇත. මේ නිසා වැඩි ජලය රඳවාගැනීමට මේ ජලාශවලට නොහැකි වීමෙන් ගංවතුර තත්ත්වය ඉහළ යයි. එමෙන් ම මේ ප්‍රදේශයට ඇදහැළෙන වර්ෂාපතනය ප්‍රදේශයට ලැබිය යුතු සාමාන්‍ය වර්ෂාපතනයට වඩා බෙහෙවින් අධික බව හා ඊට දේශගුණ වෙනස් වීම යම් සම්බන්ධයක් ඇති බව ද මේ පිළිබඳ පර්යේෂකයන් ගේ අදහස වේ.

බැංකොක් මහා ගංවතුර
මෙවැනි ම සිදුවීමක් මීට වසර කිහිපයකට පෙර 2011 වර්ෂයේ දී තායිලන්තයේ ඇති විය. එරට මෝසම් වැසි සමයේ දී ඇති වූ අධික වැසි හේතුවෙන් ඒ වසරේ ජුලි මස සිට 2012 වර්ෂයේ ජනවාරි දක්‌වා රටේ උතුරු ප්‍රදේශවල හටගත් ගංවතුර තත්ත්වය පසුව රටේ දකුණුදිග ප්‍රදේශවලට ද බලපෑවේ ය. මේ නිසා කෘෂි බිම් විශාල ප්‍රමාණයක් ද ජලයෙන් යට වූ අතර ම සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල විය. සමස්‌තයක් ලෙස තායිලන්තයේ පළාත් 77ක් අතරින් 65කට පමණ බලපෑ මේ මහා ගංවතුර තත්ත්වය ජල පරිමාව හා බලපෑමට ලක් වූ ජනතාව ගේ ගණන අනුව එරට මෙතෙක් වාර්තා වී ඇති විශාලතම ගංවතුර වේ.
එරට අගනුවර වූ බැංකොක් නගරය ගංවතුරින් යට වූයේ වසර අවසානය ආසන්නයේ දී වන අතර එය නගරයට වසර සියයකින් පමණ බලපෑ විශාලතම ගංවතුර බව වාර්තා වේ. නගරයට ආසන්න ව එරට පිහිටි ප්‍රකට කර්මාන්ත පුර හතක් ම ගංවතුරේ බලපෑම නිසා දිගු කලක් තිස්‌සේ වසා දමන ලදි. එපමණක් නො ව, ඇතැම් ප්‍රකට කර්මාන්ත ශාලා වසා දැමීමට පවා මේ තත්ත්වය හේතු විය. මේ ගංවතුර නිසා ඇති වූ ආර්ථික හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 45කට අධික බව ගණන් බලා තිබේ. ලෝක බැංකුව පවසන ආකාරයට මෙය ලෝකයේ වැඩි ම ආර්ථික හානියක් ඇති වූ ස්‌වාභාවික ව්‍යසන අතරින් සිව්වැනි තැනට එයි. මේ ගංවතුර තායිලන්තයට පමණක් නො ව ඇතැම් අංශවලින් සමස්‌ත ලෝකයට ම බලපෑවේ ය. ගංවතුරින් අඩපණ වූ කර්මාන්තශාලාවල සැපයුම් ඇණහිටීම හේතුවෙන් පරිගණක සඳහා අවශ්‍ය දෘඪ තැටි නිෂ්පාදනය හා සැපයුම පිළිබඳව හා ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු රැසක් 2012 වර්ෂයේ දී ඇති විය.
බැංකොක් ගංවතුර සඳහා බලපෑ හේතු අතර නගරය ජලගැලුම් නිම්නයක පිහිටා තිබීම, නගරය පහත් ප්‍රදේශයක පිහිටා තිබීම, නගරය ක්‍රමයෙන් ගිලා බසිමින් තිබීම හා එහි ජලාපවහන පද්ධතියේ ඇති ගැටලු ආදිය පෙන්වා දී තිබේ. එමෙන් ම සමස්‌තයක් ලෙස අදාළ ගංවතුර තත්ත්වය සඳහා ද සාමාන්‍ය අගය ඉක්‌මවා ලැබුණු අධික වර්ෂාපතන තත්ත්වය ද හේතු වී ඇත. (මේ පිළිබඳව මතභේද ඇති බවක් ඇතැම් වාර්තාවල දැක්‌වෙන නමුත්, කරුණු විමසා බලන විට පෙනෙන්නේ ඒ කාලයේ දී තායිලන්තයට අධික වර්ෂාපතනයක් ලැබුණු බවයි.)
2013 වර්ෂයේ දී නිකුත් වූ පස්‌වැනි දේශගුණ ඇගැයීම් වාර්තාවේ පළමු වාර්තාවේ දක්‌වා ඇති ආකාරයට ආන්තික කාලගුණ හා දේශගුණ තත්ත්වවල වෙනස්‌කම් 1950 දශකයෙන් පසුව ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. මේ අනුව අධික වර්ෂාපතන තත්ත්ව ඇති විමේ අවස්‌ථා ගණන ඉහළ ගිය ප්‍රදේශ ප්‍රමාණය ඒවා පහළ ගිය ප්‍රදේශ ප්‍රමාණයට වඩා අධික ය. යුරෝපයේ මෙන්ම ඇමෙරිකාවේ ද මෙවැනි අධික වර්ෂාපතන තත්ත්ව ඇති වීමේ වාර ගණන හෝ ඒවායේ තීව්‍රතාව ඉහළ ගොස් ඇති බවට සාධක ඇත. වෙනත් මහාද්වීපවල ද මෙවැනි වෙනස්‌කම් ඇති වී තිබෙන බව පෙනේ. මේ කරුණු විද්‍යාත්මකව ගත් විට බෙහෙවින් තාර්කික ය. පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යැම හා සමඟ වැඩි ජල ප්‍රමාණයක් වාෂ්ප වන බැවින් වර්ෂාපතනය ඉහළ යැමේ වැඩි ඉඩක් තිබේ. ඒ සඳහා වෙනත් සාධක ද එක් වූ විට ආන්තික කාලගුණ තත්ත්ව සුලබ වීමට මෙන්ම එවැනි තත්ත්වයක දී ඇති වන තීව්‍රතාව ඉහළ යැමටද විශාල ඉඩක් පවතියි.
ප්‍රකාශිත වෙනත් පර්යේෂණ අනුව ද මේ සඳහා තවත් සාධක තිබේ. නිදසුනක් ලෙස ගත හොත්, 2006 වර්ෂයේ දී ඉන්දියාවේ පූනේහි පිහිටි නිවර්තන කාලගුණ විද්‍යාව පිළිබඳ ඉන්දීය ආයතනය නම් ආයතනයක් මගින් ප්‍රකාශයට පත් එක් අධ්‍යයනයකට අනුව, ඉන්දියාවේ ආන්තික වර්ෂාපතන තත්ත්වවල සංඛ්‍යාතය (වාර ගණන) හා තීව්‍රතාව ඉහළ ගොස් ඇත. එසේ ම මේ වර්ෂයේ දී ජර්මනියේ පර්යේෂණායතනයක් පෙන්වා දී ඇති ආකාරයට පසුගිය වසර තිහක පමණ කාලයේ දී ඇති වූ අධික වර්ෂාපතන සිදුවීම් අතරින් 12%ක් පමණ ප්‍රමාණයක් සඳහා දේශගුණ වෙනස් වීම හේතු වී ඇති බවයි.
කෙසේ වෙතත් මෙවැනි නාගරික ගංවතුර තත්ත්වයක දී ඇති වන හානිය වඩාත් උග්‍ර වීමට බලපාන වෙනත් හේතු ද තිබේ. එකක් වන්නේ මේ අවදානම් තත්ත්වයේ ඇති නගරවල කලක පටන් දැකිය හැකි වේගවත් නාගරීකකරණයයි. වර්ධනය වන ජනගහනය නිසා මේ ප්‍රදේශවල ඇති වන ගංවතුර තත්ත්වයක දී ඇති සිදු විය හැකි ජීවිත හා දේපළ හානි මෙන්ම විපතට පත්වන්නන් ගේ ප්‍රමාණය ද ඉහළ යයි. එසේ ම මේ නාගරික ප්‍රදේශවල ඇති වී තිබෙන භූගෝලීය වෙනස්‌කම් ද මේ තත්ත්වය උග්‍ර කිරීමට බලපායි. නිදසුනක් ලෙස මේ ප්‍රදේශවල තෙත් බිම් ගොඩ කිරීම නිසා වර්ෂා ජලය බැහැර කිරීමට පරිසරයක් නොමැති තරම් ය.
නගර සම්බන්ධ ව ගත හොත්, ශ්‍රී ලංකාවේ වාණිජ අගනගරය වන කොළඹ මෙන්ම පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ නගරය ද විටින් විට ඇති වන ජලගැලීම්වලින් පීඩා විඳියි. විශේෂයෙන් අධික වර්ෂාපතනයකින් පසුව ඇති වන ගංවතුර තර්ජනය මේ නගරවල කැපී පෙනෙන සිදුවීමකි. මේ නිසා ඇතැම් වර්ෂවල දී සුළු ගංවතුර තත්ත්ව ඇති වීම වසරකට කිහිප වරක් ම සිදු වේ. 1992 වර්ෂයේ ජුනි මස මුල දී මෙන්ම යළිත් 2000 දශකයේ මුල් භාගයේ දී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඇති වූ ඉතා දැඩි ගංවතුර තත්ත්වය මෙහි වාර්තාගත අවස්‌ථා ලෙස දැක්‌විය හැකි ය. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පරිසරයට මිනිසුන් විසින් සිදු කරනු ලැබ ඇති වෙනස්‌කම් ගැන අවධානයක් යොමු වූයේ මේ අවස්‌ථාවල දී ය.
එසේ ම වර්ෂාව අපේක්‌ෂා නො කරන කාලවකවානුවල දී අධික වැසි හා ගංවතුර ඇති වීම අපේ රටේ බොහෝ ප්‍රදේශවල දැන් දැන් දැකගත හැකිය. නිදසුනක් ලෙස ගත හොත්, සාමාන්‍යයෙන් අධික වර්ෂාවක් අපේක්‌ෂා නො කරන කාල වකවානුවක් වන මහ කන්නයේ වී අස්‌වනු නෙළන කාලයේ දී අධික වැසි ඇති වීම හා ක්‌ෂණිකව ඇති වූ ගංවතුර අවස්‌ථා මෑත කාලයේ දී වාර්තා වූවා අපට මතක ය. මෙවැනි සිදුවීම් මෙරට ජන ජීවිතයට දැඩි බලපෑම් කළ හැකි ආකාරයේ ඒවා ය.
මේ තත්ත්වය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද නගරවල ඇති සුරක්‌ෂිත බව පිළිබඳ සාකච්ඡාවක් සඳහා අවස්‌ථාව වේ. විශේෂයෙන් දේශගුණ වෙනස් වීම නිසා අනාගතයේ ඇති විය හැකි අවදානම ඉහළ යා හැකි ය. මේ වන විට ජගත් දේශගුණ සමුළුව ප්‍රංශයේ පැරිස් නගරයේ දී පැවැත්වෙමින් ඇති අතර, චෙන්නායි ගංවතුර ද එහි අවධානයට ලක් වනු නිසැක ය. (2013 වර්ෂයේ දී පෝලන්තයේ වෝර්සෝ නගරයේ දේශගුණ සමුළුව පැවැත්වෙමින් තිබිය දී පිලිපීනයේ ඇති වූ කුණාටුව ද මෙවැනි සාකච්ඡාවකට මග පෑදුවේ ය.)
බැංකොක් ගංවතුර සඳහා බලපෑ හේතු අතර නගරය ජලගැලුම් නිම්නයක පිහිටා තිබීම, නගරය පහත් ප්‍රදේශයක පිහිටා තිබීම, නගරය ක්‍රමයෙන් ගිලා බසිමින් තිබීම හා එහි ජලාපවහන පද්ධතියේ ඇති ගැටලු ආදිය පෙන්වා දී තිබේ. එමෙන් ම සමස්‌තයක් ලෙස අදාළ ගංවතුර තත්ත්වය සඳහා ද සාමාන්‍ය අගය ඉක්‌මවා ලැබුණු අධික වර්ෂාපතන තත්ත්වය ද හේතු වී ඇත. (මේ පිළිබඳව මතභේද ඇති බවක් ඇතැම් වාර්තාවල දැක්‌වෙන නමුත්, කරුණු විමසා බලන විට පෙනෙන්නේ ඒ කාලයේ දී තායිලන්තයට අධික වර්ෂාපතනයක් ලැබුණු බවයි.)
ආන්තික කාලගුණ තත්ත්ව හා දේශගුණ වෙනස් වීම
මේ වාර්තාගත මට්‌ටමේ ගංවතුර සිදුවීම් දෙක සඳහා බලපෑ ආන්තික දේශගුණ තත්ත්වය වන්නේ අධික වර්ෂාපතනයයි. එසේ ම කෙටි කාලයක් තුළ දැඩි වර්ෂාපතනයක් පතිත වීම ද උක්‌ත තත්ත්වය සඳහා බලපා ඇත. මෙවැනි ආන්තික තත්ත්ව සඳහා දේශගුණ වෙනස් වීම බලපාන බවට මේ වන විට සැලකිය යුතු පිළිගැනීමක් තිබේ.2013 වර්ෂයේ දී නිකුත් වූ පස්‌වැනි දේශගුණ ඇගැයීම් වාර්තාවේ පළමු වාර්තාවේ දක්‌වා ඇති ආකාරයට ආන්තික කාලගුණ හා දේශගුණ තත්ත්වවල වෙනස්‌කම් 1950 දශකයෙන් පසුව ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. මේ අනුව අධික වර්ෂාපතන තත්ත්ව ඇති විමේ අවස්‌ථා ගණන ඉහළ ගිය ප්‍රදේශ ප්‍රමාණය ඒවා පහළ ගිය ප්‍රදේශ ප්‍රමාණයට වඩා අධික ය. යුරෝපයේ මෙන්ම ඇමෙරිකාවේ ද මෙවැනි අධික වර්ෂාපතන තත්ත්ව ඇති වීමේ වාර ගණන හෝ ඒවායේ තීව්‍රතාව ඉහළ ගොස් ඇති බවට සාධක ඇත. වෙනත් මහාද්වීපවල ද මෙවැනි වෙනස්‌කම් ඇති වී තිබෙන බව පෙනේ. මේ කරුණු විද්‍යාත්මකව ගත් විට බෙහෙවින් තාර්කික ය. පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යැම හා සමඟ වැඩි ජල ප්‍රමාණයක් වාෂ්ප වන බැවින් වර්ෂාපතනය ඉහළ යැමේ වැඩි ඉඩක් තිබේ. ඒ සඳහා වෙනත් සාධක ද එක් වූ විට ආන්තික කාලගුණ තත්ත්ව සුලබ වීමට මෙන්ම එවැනි තත්ත්වයක දී ඇති වන තීව්‍රතාව ඉහළ යැමටද විශාල ඉඩක් පවතියි.
ප්‍රකාශිත වෙනත් පර්යේෂණ අනුව ද මේ සඳහා තවත් සාධක තිබේ. නිදසුනක් ලෙස ගත හොත්, 2006 වර්ෂයේ දී ඉන්දියාවේ පූනේහි පිහිටි නිවර්තන කාලගුණ විද්‍යාව පිළිබඳ ඉන්දීය ආයතනය නම් ආයතනයක් මගින් ප්‍රකාශයට පත් එක් අධ්‍යයනයකට අනුව, ඉන්දියාවේ ආන්තික වර්ෂාපතන තත්ත්වවල සංඛ්‍යාතය (වාර ගණන) හා තීව්‍රතාව ඉහළ ගොස් ඇත. එසේ ම මේ වර්ෂයේ දී ජර්මනියේ පර්යේෂණායතනයක් පෙන්වා දී ඇති ආකාරයට පසුගිය වසර තිහක පමණ කාලයේ දී ඇති වූ අධික වර්ෂාපතන සිදුවීම් අතරින් 12%ක් පමණ ප්‍රමාණයක් සඳහා දේශගුණ වෙනස් වීම හේතු වී ඇති බවයි.
නගර ආරක්‌ෂිත ද?
මෙවැනි තත්ත්වයක් තුළ චෙන්නායි හා බැංකොක් වැනි නගර පමණක් නො ව, ගංවතුර තර්ජනයට ලක් ව ඇති වෙනත් ප්‍රදේශ හා නගර සම්බන්ධයෙන් ලෝකයේ වැඩි අවධානයක් යොමු විය යුතු ය. මේ ඇතැම් නගර හා ප්‍රදේශ මුහුදු මට්‌ටම ඉහළ යැමේ අහිතකර බලපෑමට ද ලක් විය හැකි ප්‍රදේශ ද වේ. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය එක් ව සකස් කරන ලද වාර්තාවකට අනුව ආසියාවේ මහා නගර අතරින් තුනක් දේශගුණ වෙනස් වීම නිසා තර්ජනයට ලක් ව තිබේ. ඒ බැංකොක්, හෝචිමිං නගරය හා මැනිලා යන නගර ය. 2005 වර්ෂයේ දී ඇමෙරිකාවේ නිව් ඕර්ලියන්ස් ප්‍රදේශයට බලපෑ කැතරිනා සුළිකුණාටුව වැනි ආන්තික තත්ත්ව ද මෙවැනි බලපෑම් අතර වේ.කෙසේ වෙතත් මෙවැනි නාගරික ගංවතුර තත්ත්වයක දී ඇති වන හානිය වඩාත් උග්‍ර වීමට බලපාන වෙනත් හේතු ද තිබේ. එකක් වන්නේ මේ අවදානම් තත්ත්වයේ ඇති නගරවල කලක පටන් දැකිය හැකි වේගවත් නාගරීකකරණයයි. වර්ධනය වන ජනගහනය නිසා මේ ප්‍රදේශවල ඇති වන ගංවතුර තත්ත්වයක දී ඇති සිදු විය හැකි ජීවිත හා දේපළ හානි මෙන්ම විපතට පත්වන්නන් ගේ ප්‍රමාණය ද ඉහළ යයි. එසේ ම මේ නාගරික ප්‍රදේශවල ඇති වී තිබෙන භූගෝලීය වෙනස්‌කම් ද මේ තත්ත්වය උග්‍ර කිරීමට බලපායි. නිදසුනක් ලෙස මේ ප්‍රදේශවල තෙත් බිම් ගොඩ කිරීම නිසා වර්ෂා ජලය බැහැර කිරීමට පරිසරයක් නොමැති තරම් ය.
නගර සම්බන්ධ ව ගත හොත්, ශ්‍රී ලංකාවේ වාණිජ අගනගරය වන කොළඹ මෙන්ම පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ නගරය ද විටින් විට ඇති වන ජලගැලීම්වලින් පීඩා විඳියි. විශේෂයෙන් අධික වර්ෂාපතනයකින් පසුව ඇති වන ගංවතුර තර්ජනය මේ නගරවල කැපී පෙනෙන සිදුවීමකි. මේ නිසා ඇතැම් වර්ෂවල දී සුළු ගංවතුර තත්ත්ව ඇති වීම වසරකට කිහිප වරක් ම සිදු වේ. 1992 වර්ෂයේ ජුනි මස මුල දී මෙන්ම යළිත් 2000 දශකයේ මුල් භාගයේ දී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඇති වූ ඉතා දැඩි ගංවතුර තත්ත්වය මෙහි වාර්තාගත අවස්‌ථා ලෙස දැක්‌විය හැකි ය. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පරිසරයට මිනිසුන් විසින් සිදු කරනු ලැබ ඇති වෙනස්‌කම් ගැන අවධානයක් යොමු වූයේ මේ අවස්‌ථාවල දී ය.
එසේ ම වර්ෂාව අපේක්‌ෂා නො කරන කාලවකවානුවල දී අධික වැසි හා ගංවතුර ඇති වීම අපේ රටේ බොහෝ ප්‍රදේශවල දැන් දැන් දැකගත හැකිය. නිදසුනක් ලෙස ගත හොත්, සාමාන්‍යයෙන් අධික වර්ෂාවක් අපේක්‌ෂා නො කරන කාල වකවානුවක් වන මහ කන්නයේ වී අස්‌වනු නෙළන කාලයේ දී අධික වැසි ඇති වීම හා ක්‌ෂණිකව ඇති වූ ගංවතුර අවස්‌ථා මෑත කාලයේ දී වාර්තා වූවා අපට මතක ය. මෙවැනි සිදුවීම් මෙරට ජන ජීවිතයට දැඩි බලපෑම් කළ හැකි ආකාරයේ ඒවා ය.
මේ තත්ත්වය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද නගරවල ඇති සුරක්‌ෂිත බව පිළිබඳ සාකච්ඡාවක් සඳහා අවස්‌ථාව වේ. විශේෂයෙන් දේශගුණ වෙනස් වීම නිසා අනාගතයේ ඇති විය හැකි අවදානම ඉහළ යා හැකි ය. මේ වන විට ජගත් දේශගුණ සමුළුව ප්‍රංශයේ පැරිස් නගරයේ දී පැවැත්වෙමින් ඇති අතර, චෙන්නායි ගංවතුර ද එහි අවධානයට ලක් වනු නිසැක ය. (2013 වර්ෂයේ දී පෝලන්තයේ වෝර්සෝ නගරයේ දේශගුණ සමුළුව පැවැත්වෙමින් තිබිය දී පිලිපීනයේ ඇති වූ කුණාටුව ද මෙවැනි සාකච්ඡාවකට මග පෑදුවේ ය.)
No comments:
Post a Comment