Monday, March 30, 2015

ශී‍්‍ර ලංකාවේ උද්භිද උද්‍යාන නව මාවතකට

ශී‍්‍ර ලංකාවේ උද්භිද උද්‍යාන නව මාවතකට

ධනේෂ් විසුම්පෙරුම

විදුසර 2015-03-11 (Vidusara) - Not available online

ඡායාරූප: භූෂණ කල්හාර


උද්භිද උද්‍යානයක් කී පමණින් බොහෝ දෙනාගේ සිතට නැගෙන්නේ විසිතුරු මල් හා වෙනත් ශාකවලින් පිරුණු අලංකාර උද්‍යානයකි. මේ නිසා පොදු ව්‍යවහාරයේදී මෙවැනි උද්‍යාන හඳුන්වනු ලැබෙන්නේ මල්වත්ත යනුවෙනි. මේ හේතුවෙන් උද්භිද උද්‍යාන යනු දේශිය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ සිත් ගත් ස්ථාන වේ.

ඈත අතීතයේ පටන් අපේ රටේ මෙවැනි මල්වතු පැවති බවට සැලකිය යුතු සාධක තිබේ. කෙසේ වෙතත් නූතන අර්ථයෙන් යුක්තව පොදු උද්භිද උද්‍යාන ආරම්භ වන්නේ 19වන සියවස ආරම්භයේදී පමණය. මෙරට පහතරට ප‍්‍රදේශ පාලනය කළ බි‍්‍රතාන්‍ය ජාතිකයන් 1810 වර්ෂයේදී පමණ කොළඹ නගරයේ වර්තමාන කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේ ‘කිව් උද්‍යානය’ නමින් උද්භිද උද්‍යානයක් ආරම්භ කරන ලදී. එය පිහිටුවීම සඳහා එවකට බි‍්‍රතාන්‍යයේ විසූ ජෝසප් බෑන්ක්ස් නම් ප‍්‍රකට විද්‍යාඥයාගේ උපදේශය හා විශේෂ උනන්දුව හේතු විය. එහි එක් අරමුණක් වූයේ යටත්විජිතයක් වූ ලංකාවේ වෘක්ෂලතාදිය හා සම්පත් ආර්ථික වශයෙක් උපයෝගි කරගත හැකි ආකාරය පිළිබඳ සොයා බැලීමය. 1813 වර්ෂයේදී පමණ මේ උද්‍යානය කළුතර උග්ගල්බඩ ප‍්‍රදේශයට ගෙන යන ලදි. යළිත් 1821 වර්ෂයේදී මේ උද්භිද උද්‍යානය, වඩා යෝග්‍ය දේශගුණයක් පැවැති මහනුවර ආසන්නයේ පිහිටා ඇති පේරාදෙණිය වෙත ගෙන යන ලද අතර, එය අද වන විට මෙරට ප‍්‍රමුඛතම උද්‍යානය ලෙස ‘පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය’ ලෙස ප‍්‍රකටය.

මේ අතර 1861 වර්ෂයේදී නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ හක්ගල උද්භිද උද්‍යානය ආරම්භ කරනු ලබන්නේ ආර්ථික භෝගයක් ලෙස මෙරට වගා කිරීම ආරම්භ කළ සින්කෝනා වගාව පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සඳහාය. එ් ආකාරයෙන්ම රබර් වගාව ශ‍්‍රී ලංකාවට හඳුන්වාදීමත් සමඟ, රබර් පිළිබඳ පර්යේෂණ සිදු කළ වර්තමාන ගම්පහ දිස්ත‍්‍රික්කයේ හෙනරත්ගොඩ ප‍්‍රදේශයේ 1876 වර්ෂයේදී උද්භිද උද්‍යානයක් පිහිටුවන ලදි. එදායින් පසුව ගත වූ කාලය ඇතුළත බදුල්ල, නුවරඑළිය හා අනුරාධපුර වැනි ස්ථාන කිහිපයක උද්භිද උද්‍යාන පිහිටුවන ලද නමුත් විවිධ හේතු නිසා එ්වා පසු කලක අත්හැර දමා තිබේ.

වර්තමානයේ මෙරට උද්භිද උද්‍යාන පාලනය කරනු ලබන්නේ උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසිනි. ආරම්භයේ සිට 19වන සියවස පුරා රජයේ ස්වාධීන දෙපාර්තමේන්තුවක්ව පැවැති එය, 1912දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටුවීමත් සමඟ එය යටතට පත් විය. ඉන්පසුව, යළිත් 2006 වර්ෂයේදී උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ස්වාධීන දෙපාර්තමේන්තුවක් බවට පත් විය.


උද්භිද උද්‍යානවල කාර්යභාරය

උද්භිද උද්‍යානවල මූලික කාර්ය භාරය වන්නේ ඇතැම් විට සාමාන්‍ය ජනතාව විශ්වාස කරන පරිදි හුදෙක් සෞන්දර්යාත්මක වින්දනයක් හා විනෝදාස්වාදයක් ලබාදෙන මල්වත්තක් සේ ක‍්‍රියා කිරීම නොවේ. මේ උද්‍යානවල කාර්යභාරය පිළිබඳව බොහෝ උගතුන් හා විද්‍යාඥයින් අතර පවා ප‍්‍රාමාණික අවබෝධයක් නොමැත. මේවාට වඩා වැදගත් වූ විද්‍යාත්මක කාර්යභාරයක් තිබේ.

උද්භිද උද්‍යානවල ඇති ප‍්‍රධානතම වැදගත්කම වන්නේ විතැන් සංරක්ෂණය සඳහා එ්වා දක්වන දායකත්වයයි. එමගින් ශාක ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේලා ඉතා වැදගත් ප‍්‍රයෝජනයක් සැලසේ.

ශාක පිළිබඳ පර්යේෂණ පැවැත්වීමේදී වැදගත් කාර්යයක් උද්‍යානවලින් සිදුවේ. නිදසුනක් ලෙස ගතහොත් විද්‍යාත්මක පර්යේෂණ සඳහා වැදගත් වන ශාකාගාර නිදර්ශක එකතුවක් අපේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පිහිටා ඇති ශාකාගාරය සතුව තිබේ. එහි ඇති නිදර්ශක එකතුව 168,000ක් පමණ වේ. මේවා ශාක පිළිබඳ පර්යේෂණ කරන්නන්ට නැතිවම බැරි එකතුවකි.

සුවිශේෂ අධ්‍යාපනික වැදගත්කමක්ද මේ උද්භිද උද්‍යාන සතුව පවතී. එ් විවිධ මට්ටම්වල සිසුන්ට ශාක හා සම්බන්ධ දැනුම ලබාදීම සඳහාය.

ආර්ථික වශයෙන් වැදගත් කටයුතු කිහිපයක්ද මේ උද්‍යාන හරහා ක‍්‍රියාත්මක වන අතර, එ් අතර ආශ‍්‍රිතව මල් හා විසිතුරු පැළ වගාකිරීම මෙන්ම ඔසු පැළ වගාකිරීම වැනි වැඩසටහන් ආදිය ඇතුළත්ය. උද්භිද උද්‍යානවලින් සංචාරක කර්මාන්තයට ප‍්‍රයෝජනයක් සැලසෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එය අදාළ ප‍්‍රදේශයේ මෙන්ම රටේ ආර්ථිකයටද ප‍්‍රයෝජනවත්ය.

කෙසේ වෙතත් උද්භිද උද්‍යානවලින් සැලෙසන ඉතා වැදගත් කාර්යය වන්නේ විතැන් සංරක්ෂණයේලා මේ උද්‍යානවලින් ලබාගත හැකි දායකත්වයයි.


විතැන් සංරක්ෂණයේලා උද්භිද උද්‍යානවල වැදගත්කම

විතැන් සංරක්ෂණය (ex situ conservation) යනුවෙන් හඳුන්වනු ලබන්නේ කිසියම් ජීවියකුගේ ජනක ප්ලාස්මය (germplasm) එම විශේෂයේ ස්වාභාවික වාසස්ථානයෙන් බාහිරව සංරක්ෂණය කිරීමයි. ශාක සම්බන්ධයෙන් නම්, මෙහිදී අදාළ ශාකය ලෙසට, බීජ ලෙස, පරාග ලෙස, පටක ආදි ලෙස වෙනත් ආකාරවලින්ද සිදුකරන ආරක්ෂා කිරීමට හැකිය. මේවා එකතු කිරීම, පාලනය කිරීම වැනි කාර්යයන් රාශියක් උද්භිද උද්‍යානයක් මගින් සිදු වේ.

විතැන් සංරක්ෂණය මගින් ලබා ගත හැකි ප‍්‍රයෝජන රාශියකි. නිදසුනක් ලෙස, මේ වන විටද වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂ ආරක්ෂා කිරීමට අවස්ථාවක් එමගින් ලැබේ. විවිධ හේතු නිසා වඳවී යා හැකි ශාක විශේෂ ගණනාවක් උද්භිද උද්‍යානවලද වගා කර තිබේ. මෙවැනි එකතු මගින් ලබාගත් බීජ හෝ වෙනත් රෝපණ ද්‍රව්‍ය යොදාගනිමින් එම ශාක විශේෂ යළිත් ස්වාභාවික පරිසරයට හඳුන්වා දුන් අවස්ථා වාර්තා වී තිබේ.

නිදසුනක් ලෙස ගතහොත් 2012 වර්ෂයේදී ප‍්‍රකාශයට පත් කළ ශ‍්‍රී ලංකාවේ තර්ජනයට ලක් වූ සත්ත්ව හා ශාක පිළිබඳ රතු ලේඛනයට (Red List of Threatened Fauna and Flora of Sri Lanka) අනුව මෙරට හමුවන ශාක විශේෂ 3,154ක ප‍්‍රමාණය අතරින් ශාක විශේෂ 1,386ක් පමණ ප‍්‍රමාණයක් තර්ජනයට ලක්ව ඇත. මේ අතරින් ශාක විශේෂ 177ක් පමණ ප‍්‍රමාණයක් දැඩි ලෙස අන්තරායක (Critically Endangered - CR) තත්ත්වයේ ලා සැලකේ. මෑත කාලයේදී හමු වී නොමැති මේ ශාක සමහරක් අද වන විට වඳ වී ගොස් තිබිය හැකිය. මේවා ආරක්ෂා කිරීමට හා වගා කිරීමට උද්භිද උද්‍යානවලට විශේෂ කාර්යභාරයක් සිදු කළ හැකිය. නිදසුනක් ලෙස ගතහොත්, කළුතර දිස්ත‍්‍රික්කයේ වලව්වත්ත නම් විශේෂිත පරිසර පද්ධතියක හමුවන දැඩි ලෙස තර්ජනයට පත් ශාක විශේෂයක් වන Mesua stylosa ශාක උද්භිද උද්‍යානවල වගා කර තිබේ.

මෙරට ශාක අතරින් ස්වාභාවික පරිසරයෙන් වඳවී ගොස් ඇති (Extinct in wild) බව සැලකෙන ශාක විශේෂ දෙකක් මේ වන විට දැකිය හැක්කේ මෙරට උද්භිද උද්‍යානවල පමණි. නිදසුනක් ලෙස ගතහොත් Alphonsea hortensis හා Doona ovalifolia යන මේ අප රටට ආවේණික ශාක දෙක ස්වාභාවික පරිසරයේ දැකිය නොහැකි අතර, එ්වා හමුවන්නේ උද්භිද උද්‍යානවල පමණි. අනාගතයේදී මෙවැනි ශාක ස්වාභාවික පරසරයේ වගා කිරීමට හැකියාව ලැබීමට යම් අවස්ථාවක් ලැබෙන්නේ මේ සංරක්ෂණ උත්සාහය නිසාය.

මේ විතැන් සංරක්ෂණයේදී විවිධ පර්යේෂණ සඳහා ලබා ගැනීමට අවශ්‍ය පටක හා ශාක ආදි කොටස් ලබාගැනීමට හැකිය. ඇතැම් අවස්ථාවලදී ස්වාභාවික පරිසරයෙන් ශාක කොටස් ලබාගැනීම නිසා ඇති විය හැකි තර්ජනය අඩු කිරීම සඳහාද මේ විතැන් සංරක්ෂණයෙන් ලබාගන්නා ජනක ප්ලාස්ම ප‍්‍රයෝජනවත් වේ. එසේම ශාක විශේෂවල බීජ ආදිය කල් තබාගැනීම අපහසු අවස්ථාවලදී එ්වා වර්ධනය කිරීමට අවස්ථාව සැලසීමට උද්භිද උද්‍යාන ප‍්‍රයෝජනවත් වේ.

මෑතක් වනතුරුම සංරක්ෂණයේලා අපේ රටේ උද්භිද උද්‍යානවලින් සිදු වූ සංරක්ෂණ දායකත්වය තරමක් අඩුය. එහෙත් මෑතක සිට අපේ රටේ එ් පිළිබඳ වැඩි අවධානයක් යොමු වී ඇත. විශේෂයෙන් 2006 වර්ෂයේදී උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පිහිටුවීමේදී එහි කාර්යයන් අතරට මේ විතැන් සංරක්ෂණ ක‍්‍රමවේද සඳහා සැලසුම් සකස් කිරීම හා එ්වා ක‍්‍රියාවට නැංවීම අයත් වේ.

විවිධ භූ දේශගුණික කලාපවල උද්භිද උද්‍යාන පිහිටුවීම වැදගත් වන්නේ මේ සංරක්ෂණ වැදගත්කම නිසාය. අදාළ දේශගුණික කලාපයේ දැකිය හැකි ශාක විශේෂ ආරක්ෂා කිරීමේදී එම කලාපයේම පිහිටුවනු ලබන උද්භිද උද්‍යාන මගින් මහඟු සේවයක් සැලසේ. මෑත කාලයේදී ශ‍්‍රී ලංකාවේ ආරම්භ කිරීමට යෙදුණු උද්භිද උද්‍යාන දෙකක් මේ කාර්යය සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇත. එ් මිරිජ්ජවිල ප‍්‍රදේශයේ පිහිටා ඇති වියළි කලාපීය උද්භිද උද්‍යානය හා අවිස්සාවේල්ලට නුදුරු ඉලූක් ඕවිට ප‍්‍රදේශයේ පිහිටා ඇති සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානයයි. (සටහන් බලන්න)



සටහන 1 - වියළි කලාපීය උද්භිද උද්‍යානය - මිරිජ්ජවිල


හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ, හම්බන්තොට නගරයට නුදුරුව මිරිජ්ජවිල ප‍්‍රදේශයේ පිහිටා ඇති වියළි කලාපීය උද්භිද උද්‍යානය මහජනතාව වෙනුවෙන් විවෘත කරන ලද්දේ 2013 වර්ෂයේ නොවැම්බර් මාසයේදීය. එය මෙරට වියළි කලාපයේ පිහිටා ඇති එකම උද්භිද උද්‍යානය වේ.

අක්කර 300ක පමණ භූමියක් පුරා පිහිටා ඇති මේ උද්‍යානය පිහිටුවීමට පෙර මේ ප‍්‍රදේශය හේන් වගාව සඳහා යොදාගෙන තිබේ. දශක කිහිපයකට පෙර මේ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ කජු වගා කිරීමට හා වන වගාවක් ඇති කිරීමට රජය උත්සාහ දරා ඇතත් එය අසාර්ථක වී තිබේ. මේ සඳහා එක් හේතුවක් වී ඇත්තේ මේ ප‍්‍රදේශයේ පවත්නා දැඩි නියඟයයි.

මෙවැනි ප‍්‍රදේශයක උද්භිද උද්‍යානයක් සඳහා සුදුසු භූමියක් තෝරාගෙන උද්භිද උද්‍යානයේ කටයුතු ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේදීය. මෙහිදී මුහුණ පෑමට සිදු වූ අභියෝග ගණනාවක් විය. නිදසුනක් ලෙස ගතහොත් අඩු වර්ෂාපතනයක් සහිත වියළි කලාපයේ පිහිටා ඇති බැවින් ඊට අවශ්‍ය ජල අවශ්‍යතාවය ලබාගැනීම සඳහා බැරගම විල නම් මිරිදිය ජලාශයේ එක්රැුස්වන ජලය ලබාගැනීමට පියවර ගෙන තිබේ. එසේම උද්‍යානය ඇතුළතද කුඩා ප‍්‍රමාණයේ වැව් තුනක් පිහිටා තිබේ. මේ නිසාත් උද්‍යානයේ සේවක පිරිස්වල කැපවීමත් නිසා වසර කිහිපයක් ඇතුළත උද්‍යානය විවෘත කළ හැකි වී ඇත.

මේ උද්‍යානය නිර්මාණය කිරීමේදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ වියළි කලාපීය හා ශුෂ්ක කලාපීය ශාක විශේෂ පිළිබඳවය. මෙහි වෘක්ෂෝද්‍යානය (Arboretum) වගා කර ඇති ශාක අතරින් 80%ක් පමණ ප‍්‍රමාණයක් දේශීය ශාක විශේෂ වේ. මෙහිදී අදාළ භූමියේ ස්වාභාවිකව වැවුණු ශාක විශේෂ රැුසක් යොදාගෙන ඇත. අධ්‍යයන හා පර්යේෂණ සඳහා වැදගත් අංග රාශියක් මේ උද්‍යානයේ පිහිටා ඇත. සිසු උයන, ඖෂධ උද්‍යානය, පලතුරු ශාක එකතුව ආදිය මේ සඳහා නිදසුන් වේ. ඇහැල ගසින් (Cassia fistula), ඔවිල ගසින් (Polyalthia longifolia var. pendula) හා මාර ගසින් (Delonix regia) සැදුණු මංපෙත් මතුකරන්නේ සුන්දර දර්ශනයකි. මේ උද්‍යානයේදී විදේශීය ශාක යොදාගෙන ඇත්තේ මූලික වශයෙන්ම උද්‍යානයේ අලංකාරය පවත්වා ගැනීම සඳහාය.

මේ උද්‍යානය ශාක සංරක්ෂණය සඳහාද වැදගත් මෙහෙයයක් ඉටු කරයි. නිදසුනක් ලෙස ගතහොත්, මෙරට වියළි කලාපයේ හමුවන තර්ජනයට පත් හා ආවේණික ශාක සංරක්ෂණය සඳහා වැදගත් කාර්යයක් මේ උද්‍යානයෙන් ඉටු වේ. එසේම භාවිතයට නොගන්නා ශාක ප‍්‍රවර්ධනය පිණිසද සැලකිය යුතු මෙයෙයයක් මිරිජ්ජවිල උද්‍යානයෙන් අපේක්ෂා කෙරේ.

ජලය හිඟ වූ වියළි කලාපයේ උද්භිද උද්‍යානයක් ස්ථාපිත කිරීමේ අභියෝගය සාර්ථකව ජයගැනීමට හැකියාව ලැබීම නිසාද මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානය වැදගත් වේ. 1883 වර්ෂයේදී අනුරාධපුරයේ වියළි කලාපීය උද්භිද උද්‍යානයක් ඉදිකරන ලද නමුත්, නියඟය හා වෙනත් හේතු නිසා එම උද්‍යානය 1906 වර්ෂයේදී අත්හැර දමන ලදි.


















සටහන 2 - සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය - ඉලූක් ඕවිට


තෙත් කලාපීය උද්භිද උද්‍යානය පිහිටා ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයේ අවිස්සාවේල්ල නගරයට ආසන්නව පුවක්පිටිය-තුම්මෝදර මාර්ගයේ ගමන් කිරීමේදී හමුවන ඉලූක් ඕවිට ග‍්‍රාමයේය. එයට අයත් මුළු බිම් ප‍්‍රමාණය අක්කර 105ක් පමණ වන අතර, එය ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම සතුව පැවැති භූමියකි. විසි වැනි සියවස ආරම්භයේදී මේ ඉඩම ආශ‍්‍රිතව රබර් හා තේ වගාව පැවති අතර මේ භූමිය මූලික වශයෙන් අයත්ව තිබුනේ පන්නාගුල නම් වතුයායකටය. කෙසේ වෙතත් උක්ත භූමියෙන් ඉන් වැඩි කොටසක් පසුකාලයක අත්හැර දමා ඇති බවක් පෙනේ. 2008 වර්ෂයේදී මේ උද්‍යානයේ කටයුතු ආරම්භ කරන ලදි.

මේ ප‍්‍රදේශය වර්ෂාව අධිකව ලැබෙන ප‍්‍රදේශයක් වන අතර, භූමිය හරහා වසර පුරා ගලා යන කුඩා දියපහරක්ද තිබී ඇත. උද්‍යානයේ කටයුතු ආරම්භයට පෙර මේ භූමියේ වැඩි කොටසක් පඳුරු සහිත බිමක් වූ අතර, එම භූදර්ශයේ දියපර ශාක ප‍්‍රමුඛ විය. එසේම කඳු බැවුමේ වැඩි වශයෙන් පැවති ශාක අතර හවරිනුග වැනි හඳුන්වා දුන් ශාකද වේ.

මේ උද්‍යානයේ සෞන්දර්යය වර්ධනය කරන අංශයක් වන්නේ උද්‍යානයට පිවිසෙන විට නෙත ගැටෙන සේ නිර්මාණය කර ඇති විශාල ජලාශයයි. සැබැවින්ම, එකිනෙකට යාව පිහිටි ජලාශ තුනක් වන මේ අපූරු ජලාශය නිර්මාණය කර ඇත්තේ භූමිය හරහා ගලා ගිය දියපහරවල් යොදාගනිමිනි. මේ ජලාශය හා එ් හා යාව පිහිටා ඇති තෘණ භූමිය, ඊට යාව පිහිටා ඇති කුඹුක් ගසින් (Terminalia arjuna) සැදුණු අරඹ මේ උද්‍යානයට එක් කර ඇත්තේ සුවිශේෂ දර්ශනයකි.

උද්‍යානයේ මෙන්ම එහි අක්කර 65ක් පමණ පුරා පැතිර ඇති වෘක්ෂෝද්‍යාන කොටසේද වැඩි වශයෙන් දැකිය හැක්කේ තෙත් කලාපීය ශාක විශේෂ වේ. මෙහිදීද ස්වාභාවිකව භූමියේ වැවි තිබූ ශාක රැසක් උද්‍යානය නිර්මාණය කිරීමේදී යොදාගෙන ඇත. එසේම මේ වන විට තර්ජනයට ලක්ව ඇති තෙත් කලාපයේ හමුවන ආවේණික ශාක විශේෂ යොදාගනිමින් මේ කොටස දියුණු කිරීමට පියවර ගෙන ඇත. මේ අතර ස්වාභාවික පරිසරයෙන් වඳව ගොස් ඇති ශාකද වේ. මේ අනුව පහතරට තෙත් කලාපයේ ශාක සංරක්ෂණය සඳහා මේ උද්‍යානය බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇත. එසේම තෙත් කලාපීය ශාක පිළිබඳව සිදුකරන අධ්‍යයන හා පර්යේෂණ සඳහා මේ උද්‍යානය දායක වනු ඇත.

මේ උiානය මල් වත්තකින් ඔබ්බට ගොස් උද්භිද උද්‍යානයක දැකිය හැකි සෙසු කාර්යභාරය පිළිබඳව අවධානය යොමු කර ඇත. එහෙත් සංචාරක ආකර්ෂණය උදෙසා විසිතුරු මල් සහිත ශාකද මෙහි වගා කර ඇත. නිදසුනක් ලෙස ගතහොත්, මෙරට නිර්මාණය කෙරෙන විශාලතම රෝස උයන මේ උද්‍යානයේ නිර්මාණය කෙරෙමින් පවතී. එසේම මෙහි නඩත්තු කරනු ලබන තේ වගා බිම උද්භිද උද්‍යානයකදී ලැබිය හැකි නැවුම් අත්දැකීමක් වනු ඇත.

සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය ඉදිරියේදී විවෘත කිරීමට නියමිතය.




















(උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතාට අපේ විශේෂ ස්තුතිය හිමි වේ)

ධනේෂ් විසුම්පෙරුම
ඡායාරූප: භූෂණ කල්හාර

Wednesday, March 25, 2015

පරිසර පුවත් - Environment News (2015-03-18)

පරිසර පුවත් 2015-03-18
ධනේෂ් විසුම්පෙරුම


විදුසර 2015-03-18 (Vidusara)

http://www.vidusara.com/2015/03/18/news4.html


ජලගැලීම්වලින් විපතට පත් වන ගණන ඉහළට


ජලගැලීම් යනු බරපතළ විපාක ඇති කරන ස්‌වාභාවික ව්‍යසනයකි. 2030 වර්ෂය වන විට ලෝකයේ ගංගාවල ඇති වන ජලගැලීම් තත්ත්ව නිසා නිසා පීඩාවට පත් වන ගණන අද මෙන් තුන් ගුණයක්‌ විය හැකි බවට ගණනය කර ඇත. ඊට හේතු වන සාධක අතර දේශගුණ වෙනස්‌ වීම හා සමාජ-ආර්ථරික සංවර්ධනය ද (ජනගහන වර්ධනය) ඇති බව ලෝක සම්පත් ආයතනය (World Resources Institute - WRI) පෙන්වා දී තිබේ.

ජගත් මට්‌ටමේ දත්ත යොදාගනිමින් සකස්‌ කර ඇති අන්තර්ජාලය පදනම් කරගත් මෙවලමක්‌ ලෙස ක්‍රියාත්මක මෙහි දී දක්‌වා ඇති පරිදි ලෝකය පුරා ගංවතුරින් පීඩාවට පත් වන පිරිස වර්තමානයේ දී සාමාන්‍යයෙන් මිලියන 21ක්‌ පමණ ය. ඉදිරි වර්ෂ පහළොවක කාලය ඇතුළත මේ ගණන මිලියන 54ක්‌ පමණ තෙක්‌ ඉහළ යා හැකි ය. ලෝකයේ ආර්ථිකයට ගංවතුරින් සිදු වන හානිය මීට වඩා වැඩි අනුපාතයකින් ඉහළ යනු ඇත. දැනට ජලගැලීම් නිසා සිදු වන පාඩුව ඩොලර් බිලියන 96ක්‌ පමණ වන අතර, 2030 දී මේ ප්‍රමාණය බිලියන 541 දක්‌වා ඉහළ වනු ඇතැයි අපේක්‌ෂිත ය.

මෙහි දී රටවල් 164ක ගංවතුර නිසා පීඩාවට පත් වන ජනගහනය ගණනය කර ඇති අතර, ඉන් 80%ක පමණ පිරිසක්‌ ජීවත් වන්නේ දියුණු වන රටවල් 15ක්‌ පමණ ප්‍රමාණයක වීම විශේෂ කරුණකි. වැඩි ම ජන සංඛ්‍යාවක්‌ අවදානමට ලක්‌ ව ඇත්තේ ඉන්දියාව, බංගලාදේශය හා චීනය යන රටවල ය. ඉන්දියාවේ වාර්ෂිකව විපතට පත් වන ජනගහනය මිලියන 4.84ක්‌ පමණ වේ. වැඩි ම ආර්ථික හානියක්‌ සිදු වන රටවල් අතර ද ඉන්දියාව ඉදිරියෙන් සිටියි. මේ කරුණු අනුව පෙනෙන්නේ ජලගැලීම්වලින් ආරක්‌ෂා වීමට හා හානි අවම කිරීමට අවශ්‍ය පියවර ගැනීමේ වැදත්කමයි. (මූලාශ්‍රය: Aqueduct Global Flood Analyzer, www.wri.org/floods)

ඇත් දළ වෙළෙඳාමට එරෙහි හඬ තීව්‍ර වේ


දළ ලබාගැනීම සඳහා ඇතුන් මරා දැමීම මේ වන විට සංරක්‌ෂණවේදීන් ගේ සැලකිල්ලට ලක්‌ ව ඇති කරුණකි. චීනය හා ඇතැම් අග්නිදිග ආසියානු රටවල් කිහිපයක සිදු කරන විසිතුරු භාණ්‌ඩ නිෂ්පාදනය සඳහා ඇත් දළවලට ඇති අධික ඉල්ලුමක්‌ පවතී. මේ නිසා ඇතුන් නීති විරෝධී ලෙස මරා දැමීම හා ඇති දළ නීති විරෝධී ලෙස ජාත්‍යන්තර වශයෙන් ප්‍රවාහනය කිරීම දැකගත හැකි ය. ලෝක වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාමේ වැදගත් තැනක්‌ ඇත් දළවලට හිමි වේ. මේ තත්ත්වය නිසා අප්‍රිකානු අලි ගහනය දැඩි ලෙස පීඩා විඳියි. එසේ ම ඇත් දඩයම හා දළ වෙළෙඳාම පාලනය කිරීම අප්‍රිකානු රටවලට අභියෝගයක්‌ වී තිබේ.

කෙන්යාව පසුගිය සතියේ ගත් පියවර මේ පිළිබඳව විරෝධය පළ කිරීමකි. එරට තුළ දී පසුගිය කාලයේ දී අත්අඩංගුවට ගන්නා ලද ඇත් දළ ටොන් 15ක්‌ පමණ ප්‍රමාණයක්‌ පසුගිය දා පුළුස්‌සා දැමීමට එරට බලධාරීහු කටයුතු කළ හ. එරට ජනාධිපතිවරයා ගේ සහභාගිත්වයෙන් පැවැති මේ උත්සවය සඳහා ඔවුන් තෝරාගත්තේ ලෝක වනජීවී දිනයයි. මින් පෙර අවස්‌ථා දෙකක දී ද කෙන්යාව මේ ආකාරයෙන් තම රටේ එකතු වූ ඇත් දළ තොග පුළුස්‌සා විනාශ කර ඇත.

මේ අතර, ඇත් දළ හා එමගින් කළ නිෂ්පාදන සඳහා ඇති ප්‍රධානතම වෙළෙඳපොළ වන චීනය පසුගිය මාසයේ දී අප්‍රිකානු අත් දළ කැටයමින් කළ භාණ්‌ඩ ආනයනය සඳහා වසරක තහනමක්‌ ප්‍රනාශයට පත් කළේ ය. එසේ ම අත්අඩංගුවට ගන්නා ලද ඇත් දළ ටොන් 6.2ක ප්‍රමාණයක්‌ එරට රජය විසින් පසුගිය වසරේ දී විනාශ කරන ලදි. එය චීන බලධාරීන් එවැනි පියවරක්‌ ගත් මුල් ම අවස්‌ථාව විය. එසේ ම පසුගිය දා චීනයේ සංචාරයක යෙදුණු බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු ද ඇත් දළ වෙළෙඳාම අවසන් කිරීමේ වැදගත්කම අවධාරණය කළේ ය.

http://www.vidusara.com/2015/03/18/news4.html

පරිසර පුවත් - Environment News (2015-03-11)

පරිසර පුවත් 2015-03-11
ධනේෂ් විසුම්පෙරුම

විදුසර 2015-03-11 (Vidusara)

http://www.vidusara.com/2015/03/11/news4.html


ජලගැලීම්වලින් විපතට පත් වන ගණන ඉහළට


ජලගැලීම් යනු බරපතළ විපාක ඇති කරන ස්‌වාභාවික ව්‍යසනයකි. 2030 වර්ෂය වන විට ලෝකයේ ගංගාවල ඇති වන ජලගැලීම් තත්ත්ව නිසා නිසා පීඩාවට පත් වන ගණන අද මෙන් තුන් ගුණයක්‌ විය හැකි බවට ගණනය කර ඇත. ඊට හේතු වන සාධක අතර දේශගුණ වෙනස්‌ වීම හා සමාජ-ආර්ථරික සංවර්ධනය ද (ජනගහන වර්ධනය) ඇති බව ලෝක සම්පත් ආයතනය (World Resources Institute - WRI) පෙන්වා දී තිබේ.

ජගත් මට්‌ටමේ දත්ත යොදාගනිමින් සකස්‌ කර ඇති අන්තර්ජාලය පදනම් කරගත් මෙවලමක්‌ ලෙස ක්‍රියාත්මක මෙහි දී දක්‌වා ඇති පරිදි ලෝකය පුරා ගංවතුරින් පීඩාවට පත් වන පිරිස වර්තමානයේ දී සාමාන්‍යයෙන් මිලියන 21ක්‌ පමණ ය. ඉදිරි වර්ෂ පහළොවක කාලය ඇතුළත මේ ගණන මිලියන 54ක්‌ පමණ තෙක්‌ ඉහළ යා හැකි ය. ලෝකයේ ආර්ථිකයට ගංවතුරින් සිදු වන හානිය මීට වඩා වැඩි අනුපාතයකින් ඉහළ යනු ඇත. දැනට ජලගැලීම් නිසා සිදු වන පාඩුව ඩොලර් බිලියන 96ක්‌ පමණ වන අතර, 2030 දී මේ ප්‍රමාණය බිලියන 541 දක්‌වා ඉහළ වනු ඇතැයි අපේක්‌ෂිත ය.

මෙහි දී රටවල් 164ක ගංවතුර නිසා පීඩාවට පත් වන ජනගහනය ගණනය කර ඇති අතර, ඉන් 80%ක පමණ පිරිසක්‌ ජීවත් වන්නේ දියුණු වන රටවල් 15ක්‌ පමණ ප්‍රමාණයක වීම විශේෂ කරුණකි. වැඩි ම ජන සංඛ්‍යාවක්‌ අවදානමට ලක්‌ ව ඇත්තේ ඉන්දියාව, බංගලාදේශය හා චීනය යන රටවල ය. ඉන්දියාවේ වාර්ෂිකව විපතට පත් වන ජනගහනය මිලියන 4.84ක්‌ පමණ වේ. වැඩි ම ආර්ථික හානියක්‌ සිදු වන රටවල් අතර ද ඉන්දියාව ඉදිරියෙන් සිටියි. මේ කරුණු අනුව පෙනෙන්නේ ජලගැලීම්වලින් ආරක්‌ෂා වීමට හා හානි අවම කිරීමට අවශ්‍ය පියවර ගැනීමේ වැදත්කමයි. (මූලාශ්‍රය: Aqueduct Global Flood Analyzer, www.wri.org/floods)

ඇත් දළ වෙළෙඳාමට එරෙහි හඬ තීව්‍ර වේ


දළ ලබාගැනීම සඳහා ඇතුන් මරා දැමීම මේ වන විට සංරක්‌ෂණවේදීන් ගේ සැලකිල්ලට ලක්‌ ව ඇති කරුණකි. චීනය හා ඇතැම් අග්නිදිග ආසියානු රටවල් කිහිපයක සිදු කරන විසිතුරු භාණ්‌ඩ නිෂ්පාදනය සඳහා ඇත් දළවලට ඇති අධික ඉල්ලුමක්‌ පවතී. මේ නිසා ඇතුන් නීති විරෝධී ලෙස මරා දැමීම හා ඇති දළ නීති විරෝධී ලෙස ජාත්‍යන්තර වශයෙන් ප්‍රවාහනය කිරීම දැකගත හැකි ය. ලෝක වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාමේ වැදගත් තැනක්‌ ඇත් දළවලට හිමි වේ. මේ තත්ත්වය නිසා අප්‍රිකානු අලි ගහනය දැඩි ලෙස පීඩා විඳියි. එසේ ම ඇත් දඩයම හා දළ වෙළෙඳාම පාලනය කිරීම අප්‍රිකානු රටවලට අභියෝගයක්‌ වී තිබේ.

කෙන්යාව පසුගිය සතියේ ගත් පියවර මේ පිළිබඳව විරෝධය පළ කිරීමකි. එරට තුළ දී පසුගිය කාලයේ දී අත්අඩංගුවට ගන්නා ලද ඇත් දළ ටොන් 15ක්‌ පමණ ප්‍රමාණයක්‌ පසුගිය දා පුළුස්‌සා දැමීමට එරට බලධාරීහු කටයුතු කළ හ. එරට ජනාධිපතිවරයා ගේ සහභාගිත්වයෙන් පැවැති මේ උත්සවය සඳහා ඔවුන් තෝරාගත්තේ ලෝක වනජීවී දිනයයි. මින් පෙර අවස්‌ථා දෙකක දී ද කෙන්යාව මේ ආකාරයෙන් තම රටේ එකතු වූ ඇත් දළ තොග පුළුස්‌සා විනාශ කර ඇත.

මේ අතර, ඇත් දළ හා එමගින් කළ නිෂ්පාදන සඳහා ඇති ප්‍රධානතම වෙළෙඳපොළ වන චීනය පසුගිය මාසයේ දී අප්‍රිකානු අත් දළ කැටයමින් කළ භාණ්‌ඩ ආනයනය සඳහා වසරක තහනමක්‌ ප්‍රනාශයට පත් කළේ ය. එසේ ම අත්අඩංගුවට ගන්නා ලද ඇත් දළ ටොන් 6.2ක ප්‍රමාණයක්‌ එරට රජය විසින් පසුගිය වසරේ දී විනාශ කරන ලදි. එය චීන බලධාරීන් එවැනි පියවරක්‌ ගත් මුල් ම අවස්‌ථාව විය. එසේ ම පසුගිය දා චීනයේ සංචාරයක යෙදුණු බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු ද ඇත් දළ වෙළෙඳාම අවසන් කිරීමේ වැදගත්කම අවධාරණය කළේ ය.

ධනේෂ් විසුම්පෙරුම

http://www.vidusara.com/2015/03/11/news4.html

Thursday, March 19, 2015

පරිසර පුවත් - Environment News (2015-03-04)

පරිසර පුවත් 2015-03-04
ධනේෂ් විසුම්පෙරුම

විදුසර 2015-03-04 (Vidusara)

http://www.vidusara.com/2015/03/04/news1.html


ඕසෝන් ස්‌තරයට වින කරන රසායන ද්‍රව්‍ය වර්ධනය වේ?


මොන්ටි්‍රයල් සන්ධානය මගින් පාලනය නො වන ඕසෝන් ස්‌තරයට හානිකර බලපෑම් ඇති කරන රසායන ද්‍රව්‍ය ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඇති බව පර්යේෂකයන් පිරිසක්‌ අනාවරණය කර තිබේ. මේ අනුව ඉතා කෙටි ආයු කාලයක්‌ ඇති සංයෝග (Very Short-Lived Substances - VSLS) නම් කාණ්‌ඩයට අයත් රසායනික ද්‍රව්‍ය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී.

මේ රසායනික ද්‍රව්‍ය ස්‌වාභාවිකව නිපදවීම මෙන්ම කාර්මික භාවිතය සඳහා යොදාගැනීම ද සිදු වේ. කාර්මික භාවිතයේ දී නිකුත් වන මේ කාණ්‌ඩයේ රසායනික ද්‍රව්‍ය මගින් ඕසෝන් ස්‌තරය විනාශ වීමට දක්‌වන දායකත්වය අඩු වන බැවින් මොන්ටි්‍රයල් සන්ධානය මගින් ඒවා භාවිතය පාලනය කිරීම සිදු නො වී ය. එහෙත් මේ පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට මේ VSLS කාණ්‌ඩයේ එක්‌ රසායනික ද්‍රව්‍යයක්‌ ඉතා වේගයෙන් වර්ධනය වේ. ඒ ඩයික්‌ලෝරොමෙතේන් (dichloromethane) නම් රසායනික ද්‍රව්‍යයයි. මේ වන විට 1990 දශකයේ පැවැති සාන්ද්‍රණය මෙන් දෙගුණයක්‌ පමණ ප්‍රමාණයක්‌ දක්‌වා මෙහි සාන්ද්‍රණය ඉහළ ගොස්‌ තිබේ.

උක්‌ත පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි මේ තත්ත්වය දිගින් දිගට ම පැවතුණ හොත්, මොන්ටි්‍රයල් සන්ධානයෙන් අත්පත් කරගත් ඇතැම් යහපත් ප්‍රතිඵල ආපසු හැරවීමට පවා ඉඩක්‌ පවතී. මේ වන විට උක්‌ත කාණ්‌ඩයේ රසායන ද්‍රව්‍යවලින් ඕසෝන් ස්‌තරයට ඇති වන බලපෑමෙන් 90%ක්‌ සඳහා වගකිව යුත්තේ ස්‌වාභාවිකව නිපදවනු ලබන රසායනික වුව ද, මිනිසුන් විසින් නිපදවනු ලබන රසායනිකවල බලපෑම දිනෙන් දින ඉහළ යමින් පවතී. (මූලාශ්‍රය: Nature Geoscience, DOI:10.1038/ ngeo2363)


මීළඟ මහා ගිනි කඳු පිපිරීම පරීක්‌ෂාවට


දේශගුණ වෙනස්‌ වීම අවම කිරීම සඳහා ඉදිරිපත් ව ඇති එක්‌ විසඳුම් කාණ්‌ඩයක්‌ ලෙස භූ ඉංජිනේරුමය විසඳුම් සැලකිය හැකි ය. මේවා පිළිබඳ දැඩි විවේචන ඇතත්, සැලකිය යුතු විද්‍යාඥයෝ පිරිසක්‌ මේවායේ කිසියම් ප්‍රායෝගික ස්‌වභාවයක්‌ ඇති බව පවසන අතර ඒ පිළිබඳ අධ්‍යයනය කරති.

මෙවැනි එක්‌ ක්‍රමවේදයක්‌ වන්නේ වායුගෝලයේ ඉහළ මට්‌ටමක පිහිටා ඇති ස්‌තරගෝලයට සල්ෆර් මුදාහැරීමයි. මේ අදහස ලැබෙන්නේ මෑත අතීතයේ සිදු වූ විශාල ගිනිකඳු පිපිරීමක්‌ වන 1998 වර්ෂයේ දී සිදු වූ පිනාටුබෝ ගිනිකන්ද විදාරණයෙන් ඇති වූ බලපෑම නිසා ය. එම පිපිරීමෙන් පසු ගත වූ වර්ෂ කිහිපය ඇතුළත ලෝකයේ මද සිසිල් වීමක්‌ සිදු විය. ඒ සඳහා හේතු වූයේ ඒ යමහල් විදාරණයේ දී වායුගෝලයට එක්‌ වූ සල්ෆර් ඩයොක්‌සයිඩ් ටොන් මිලියන 20ක්‌ පමණ ප්‍රමාණය බව පෙන්වා දී තිබේ. මේ වායුව ජලය හා එක්‌ වීමෙන් සෑදුණු සල්ෆියුරික්‌ අම්ල බිඳිති මගින් සූර්යාලෝකය පොළොව මතට පතිත වීම වළක්‌වා ආපසු පරාවර්තනය කිරීම හේතුවෙන් පෘථිවිය උණුසුම් වීම මද කලකට අඩු වී තිබේ.

එහෙත් මේ පිළිබඳව ප්‍රාමාණික අවබෝධයක්‌ තවමත් නොමැති බැවින් ඒ ගැන අධ්‍යයනය කිරීමට අපේක්‌ෂා කරන විද්‍යාඥ පිරිසක්‌, මීළඟ විශාල ගිනිකඳු පිපිරීමේ දී දියුණු උපකරණ යොදාගනිමින් උක්‌ත බලපෑම සිදු වන ආකාරය හැදෑරීමේ අපේක්‌ෂාවෙන් පසුවෙති.


ඇමෙරිකාවේ අනාගත නියඟවල තරම


ඇමෙරිකාවේ අනාගතයේ දී ඇති විය හැකි මහා නියං තත්ත්ව ගත වූ වසර දහසක පමණ කාලය ඇතුළත එරට ඇති වන බරපතළ ම තත්ත්වයේ නියඟ විය හැකි බව පර්යේෂණයකින් පෙන්වා දී තිබේ. ඇමෙරිකාවේ නිරිතදිග ප්‍රදේශයේ හා මහා තැනිතලා (Great Plains) ප්‍රදේශවල ඇති විය හැකි හා දශක ගණනක්‌ පුරා පැවතීමට අවස්‌ථාව ඇති මේ නියඟ, අදින් සියවස්‌ හතකට පමණ පෙර, එනම් වර්ෂ 1100-1300 අතර කාලයේ දී, ඇති වූ හා මහා ශිෂ්ටාචාරවල විනාශයට හේතු වූ බරපතළ මහා නියඟයකට ද වඩා දැඩි විය හැකි ය.

මේ අධ්‍යයනය වර්තමාන ඉහළ යන උෂ්ණත්වය හා අතීතයේ පැවැති දේශගුණ වාර්තා සංසන්දනය කරන ආකාරයේ අධ්‍යයනයකි. ඒ සඳහා එම පර්යේෂකයන් උතුරු ඇමෙරිකාවේ වසර දහසක දේශගුණ ඉතිහාසය හා වර්තමාන දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව සිදු කර ඇති ආකෘති 17ක්‌ සංසන්දනය කර ඇත. මේ අනුව ඔවුන්ට හෙළි වී ඇත්තේ 2050 හා 2099 වර්ෂ අතර කාලයේ දී දිගු කල් පවත්නා ආකාරයේ නියඟයක්‌ ඇති විය හැකි බවයි. මේ තත්ත්වය මධ්‍යස්‌ථ මෙන්ම ඉහළ දේශගුණ සංසිද්ධි පෙන්වන තත්ත්ව යටතේ ඇති විය හැකි ය.

නියං තත්ත්ව සුලබ වීම හා ඒවායේ තීව්‍රතාව ඉහළ යැම සඳහා වර්තමාන දේශගුණ වෙනස්‌ වීම ද දායක වන බව මේ වන විට පිළිගත් කරුණකි. (මූලාශ්‍රය: Science Advances, DOI:10.1126/sciadv.1400082)

http://www.vidusara.com/2015/03/04/news1.html

Tuesday, March 17, 2015

Fall of Kandy

Dhanesh Wisumperuma


The Nation (Lens) 2015-03-01

http://www.nation.lk/edition/lens/item/38685-fall-of-kandy.html






March 2, 1815 is a significant day of the history of Sri Lanka. The British, who subjugated the Kandyan Kingdom, announced a convention between the British and the Kandyans on that day, exactly 200 years ago. The sole independent realm of the Island was this kingdom, and hence this event marked the entire island of Sri Lanka being conquered by foreign power. This not only ended the monarchial rule and also the independence of the country that existed for 23 centuries.

Established in the 15th century, first as a provincial kingdom, Kandy became the capital of the country in 1594, under King Vimaladharmasurya I. The kingdom consisted of a mountain terrain and covered with dense natural forests defenses, making it difficult to access through the few gaps such as Balana, which were heavily guarded. With these natural defenses and the battle strategy used by the Kandyan administration; they were able to thwart several invasion attempts by the Portuguese and the Dutch. The British experienced the bitter truth in 1803, when they invaded the Kandyan Kingdom. As Gaston Perera mentioned in his Kandy fights the Portuguese – A military history of Kandyan resistance, Kandy was thus never subjugated militarily and the British did it by other means. It was a long-planned plot by the British, to obtain the support of the Kandyan chiefs to overthrow the King of Kandy, thus ending the rule of King Sri Wikrema Rajasinghe.


The conspiracy

With the experience of the 1803 invasion, in which the British troops were massacred by the Kandyans, the British employed a different tactic to capture the Kandyan Kingdom. John D’Oyly, the British Civil Servant, who was fluent not only the Sinhala language, but also of the Kandyan affairs, managed to operate a network of spies and others, and was able to negotiate and coordinate with the chiefs under the King of Kandy.

The situation that prevailed in Kandy made this British attempt was a successful endeavor, in their view. On the eve of 1814, there were several internal issues and disputes between the King and the chiefs of the Kandyan Kingdom. The powers and benefits enjoyed by the Kandyan chiefs were reduced by King Sri Wikrema Rajasinghe. A coup to kill the king was implemented by Pilimatalawwe, the Chief Adigar, and he was beheaded in 1811. This was an act that made the other chiefs unhappy about the king. Ehelepola was appointed as the new first Adigar, and he became the most powerful Sinhalese chief under the king. However, the British were able to obtain the support of Ehelepola and he was an ally with the British by 1814. As a result of his, he raised a failed revolt in Sabaragamuwa against the king in March 1814 and fled to the British. However, his family members were taken prisoners and were brutally killed making the king more unpopular among the chiefs and people.

There are other issues that made the king’s action tougher. Meanwhile the king, who was pressurized from internal problems, was addicted towards liquor, thus making his decisions more unconvinced. There is evidence to suggest that foreign liquor were occasionally sent by the British officials as gifts. This could be a part of the same coup.

With this backdrop, the British were ready to invade the Kandyan Kingdom at any time by 1814. However, there was a need of a trigger event and two such events took place in late that year. The first was the brutal mutilation of a team of ten merchants who went for trade in the Kandyan Kingdom, from Mahara, situated in the British territory. They were taken prisoners by the Kandyans suspecting for being spies and mutilated and sent back. Seven of these men died and three survived, which the British described as ‘atrocious barbarity’. Describing this event by a proclamation dated November 9, 1814; the British government mentioned although such a thing happened in Kandy, Kandyan inhabitants can enter the British territories for peaceful purposes, without such hindrance. It is shown that although Robert Brownrigg, the governor of the British territories of Sri Lanka, was in an idea to invade Kandyan Kingdom after this event.

The decisive event was not far away. It was the chasing away of few insurgents from Kandyan Kingdom to the British territory through the borders of Sabaragamuwa. Brownrigg considered this as an invasion of the British territory and taken as a sufficient cause for the war against the Kandyans. A proclamation was issued on January 10, 1815 by which the British justified their invasion, mentioning of both above events. It hints that the invasion was to be conducted ‘not against the Kandyan nation and the arms of His Majesty [The British] are directed against that tyrannical power [the king] alone, who has provoked by aggravated outrages and indignities vested out at the British Nation, which has cut off the most ancient and noblest families of in his Kingdom,’ etc. It also states that the ‘inhabitants of five extensive provinces of the Kandyan kingdom has raised against the tyranny and oppression of their ruled and implored the protection of British’, and the invasion was aimed to ‘subversion of that Malabar Dominion, which during three generations has terrorized over the country.’ The chiefs and people of Kandy are also addressed by this document by requesting inhabitants “to remain without fear in their dwellings, and regard armed forces who pass through villages as protectors and friends”. By the same proclamation they promise that the chiefs the continuance of their respective ranks and dignities. This proclamation is often correctly described as a “clever if self-righteousness and magniloquent piece of propaganda”.


Invasion of Kandy

British forces that left Colombo included Ehelepola, John D’oyly and Don Adrian Wijesinghe Jayewardane (Tombi Mudali) accompanied the troops as the guide. There was no major opposition to them as the Kandyans made little resistance. It is mentioned that the shown semblance of opposition was maintained till Molligoda crossed over to the British, which he did once his family was secure from King’s wrath. Molligoda, the first Adigar, was also in communication with the British.

Taking over the other Kandyan provinces as they march, the British entered the city of Kandy, a deserted city, which was burnt as some reports suggest, by February 12. The king and his family had fled away. Within 40 days since the commencement of war, the entire kingdom was under British, without any notable damages to the British.

The king and his two wives were captured by the troops who went with Ekneligoda and accompanied by Don William Adrian Dias Bandaranayake, the translator. They were able to capture the king on February 18, 1815 at the house of Udupitiya Arachchi, at Bomure. Some other females of the King’s family including his mother were captured few days earlier near Hanguranketha. The king was sent to Colombo on March 6, and later deported to Madras in 1816, where he lived in exile until his death.


Convention

After the capture of the king and the territory, a convention between the British and the Kandyans was announced on March 2 at the Magul Maduwa (the Hall of Audience) situated adjoining the Palace premises. The British were represented by the Governor and senior British officers and Adigars, Dissaves and other principal chiefs were there on behalf of the inhabitants of the kingdom. There were mohottales, coraals, vidaans and other subordinate headmen from several provinces and of the people the and there assembled, as mentioned in a Gazette notification.

Although some consider that the Kandyan Convention, as this agreement is known at present, was signed on March 2, it was just the announcement and explanation of its articles that took place on that day. The agreement was drafted by D’Oyly, as he explains in his diary, and was read in English by James Sutherland, Deputy Secretary to Government, and in Sinhala by Abraham de Saram, Modiliar under the British Government.

As pointed out by Dr. KDG Wimalaratne in his Lankawe britanya adipathyaya (British rule in Lanka) the convention was not signed not on that day. The Kandyan chiefs were appointed to various positions on March 5 and later. After this event and after explaining the article on the protection of Buddhism to the head priests (monks), the convention was signed by the Governor and some of the chiefs on March 10. Some other chiefs including Ehelepola signed it few days later.

This convention has 12 clauses - The first three on the ousted Kandyan dynasty and the fourth article mentioned that the Kandyan territory becomes under the King of the Great Britain. The British also agreed to preserve the powers and privileges of the chiefs, to preserve the laws and the customs and institutions of the country (clause 4) and most importantly to maintain and protect Buddhist religion, rites, ministers and the places of worship, (clause 5). This latter was shown to obtain the adherence of the Buddhist monks and chiefs, when there was an issue on that in the officials of the Britain.

As we all know, the British didn’t adhere to the Kandyan Convention in full, and it lead to certain issues between the Kandyans and the British. The result was the uprising against the British in 1817-1818 in the Kandyan Kingdom, which is known as the Uva Rebellion. This struggle for freedom uprising was brutally suppressed by the British. Some of the above mentioned chiefs who allied with the British to overthrow the king in 1815 were sentenced to prison or banished from Sri Lanka. The British engineered coup, which obtained the support of the chiefs of Kandy, some of whom wanted a personal revenge, ended the independence of a country for the next one and half century, which changed the entire country.

http://www.nation.lk/edition/lens/item/38685-fall-of-kandy.html

මහා පරිමාණ පරිසර සූරාකෑම ඇරඹී වසර දෙ සියයයි

ධනේෂ් විසුම්පෙරුම

විදුසර 2015-02-25 (Vidusara)

http://www.vidusara.com/2015/02/25/feature1.html


එළැඹෙන මාර්තු මස 2 වැනි දිනය අපේ රටේ ඉතිහාසයේ වැදගත් දිනයකි. එදිනට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් පසු ඇති කරගත් උඩරට ගිවිසුමට වසර දෙසියයක්‌ සම්පූර්ණ වේ. 1796 වර්ෂයේ සිට මෙරට වෙරළබඩ ප්‍රදේශ පාලනය කළ බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයෝ එතෙක්‌ ස්‌වාධීන රාජ්‍යයක්‌ ව පැවැති උඩරට ප්‍රදේශය 1815 වර්ෂය මුල් කාලයේ දී ආක්‍රමණය කළ හ. ඒ වන විට උඩරට රාජධානියේ රාජ්‍යත්වය දැරූ නායක්‌කාර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගේ පාලනයට එරෙහි වූ උඩරට රදළ නායකයන් ගේ සහාය මෙහි දී ලැබුණේ බ්‍රිතාන්‍ය සේනාවලට ය. මේ නිසා ආක්‍රමණික හමුදා බොහෝ පහසුවෙන් උඩරට ප්‍රදේශ යටත් කරගත් අතර, පෙබරවාරි මස 18 දින ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගන්නා ලදි. ඉන්පසුව උඩරට ප්‍රදේශවල ඉදිරි පාලනය පිළිබඳව ගිවිසුමක්‌ ප්‍රකාශයට පත් කරන ලද්දේ මාර්තු මස දෙවැනි දින දී ය.

බ්‍රිතාන්‍ය රජු වෙනුවෙන් මෙරට සිටි පාලකයන් එක්‌ පාර්ශ්වයක්‌ ලෙස ද, උඩරට රදළයන් හා වෙනත් ප්‍රධානීන් උඩරට පාර්ශ්වය වෙනුවෙන් ද අත්සන් කරන ලද මේ ගිවිසුම මගින් වසර දෙ දහස්‌ තුන් සියයක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ කිසිදු විදේශයකට මුළුමනින් ම යටත් නො වූ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ම විදේශීය පාලනයකට නතු වේ.

ඉතිහාසයේ 'බ්‍රිතාන්‍ය යුගය' හෙවත් බ්‍රිතාන්‍ය පාලන සමය' යනුවෙන් සාමාන්‍යයෙන් සඳහන් වන කාල සීමාව නිවැරැදිව අදාළ වන්නේ 1815 සිට 1948 දක්‌වා වූ කාල වකවානුවට ය. ඉන් පෙර මෙරට ඉතිහාසයේ යුග බෙදීම් දක්‌වා ඇත්තේ අදාළ කාලයේ දී පැවැති ප්‍රධාන නගරය හෙවත් අගනුවර පදනම් කරගනිමිනි. අනුරාධපුර, පොළොන්නරු හා දඹදෙණිය ආදි වශයෙන් නම් කර ඇති මේ යුග නාමාවලියේ අවසන් යුගය ලෙස මහනුවර යුගය දැක්‌වේ. එහෙත් 1815 වර්ෂයෙන් පසුව කාලය බ්‍රිතාන්‍ය යුගය සේ දැක්‌විය හැකි ය. (ඇතැම් අය සඳහන් කරන ආකාරයට පෘතුගීසි යුගයක්‌ හෝ ඕලන්ද යුගයක්‌ හෝa සඳහන් කිරීම නිවැරැදි නො වන බව ඉතිහාසඥයන් පෙන්වා දී ඇත. එම යටත්විජිතවාදී පාලකයන් මේ රට සම්පූර්ණයෙන් පාලනය නො කළ අතර ඒ කාලය ඇතුළත මෙරට ප්‍රධාන දේශීය රාජධානියන් පැවතිණි. ඒ නිසා අදාළ කාලය නිවැරැදි වන්නේ කෝට්‌ටේ, සීතාවක හා මහනුවර යුග ලෙස හැඳින්වීම ය.)

කෙසේ වෙතත් 1815 වර්ෂයෙන් ආරම්භ වන අපේ රටේ බ්‍රිතාන්‍ය යුගය ඇතුළත මෙරට ඇති වූ වෙනස්‌කම් ඉතා බරපතළ ඒවා වීම මෙහි ඇති අනෙක්‌ වැදගත් ම කරුණ වේ. මේ වෙනස්‌කම් ඉන් ඉහත කාල වකවානුවල දී මෙරටට එල්ල වූ සෙසු සියලු විදේශීය බලපැම්වලට වඩා දැඩි බලපෑමක්‌ ඇති කර තිබේ. බ්‍රිතාන්‍ය යුගය ඇතුළත අපේ රට ඇතුළත ඇති වූ වෙනස්‌ වීම් අතර ආර්ථිකයේ, භූමි පරිභෝජනයේ, වනාන්තරවල, සමාජ ක්‍රමයේ ආදි වශයෙන් විවිධ අංශවලින් සාකච්ඡා කළ හැකි ය. එහෙත් මේ ලිපියේ අරමුණ එහි දී ඇති වූ මූලික වෙනස්‌ වීම් කිහිපයක්‌ පිළිබඳව පමණක්‌ සාකච්ඡා කිරීමයි.

ඇති වූ පාරිසරික වෙනස්‌කම්


වතු වගාව යනු බ්‍රිතාන්‍යයන් විසින් මෙරට තුළ සිදු කරන ලද බරපතළ වෙනසකි. ඊට හේතුවක්‌ වූයේ මෙරටින් ලබාගත් ප්‍රධාන ආදායම වූ කුරුඳු සඳහා ලෝක වෙළෙඳපොළේ පැවැති ඉල්ලුම පහළ යැමත් සමඟ වෙනත් විකල්ප සොයා යා යුතු වීමයි. අයිතිය තහවුරු කළ නොහැකි වූ ජනතාව සතු වූ ඉඩම්, රජයේ ඉඩම් (අනවසර අල්ලාගැනීම්) ආඥාපනත වැනි නීති මගින් රජය විසින් අත්පත් කරගන්නා ලදි. මේ ඉඩම් හා ඒ වන විටත් වනාන්තර සේ පැවැති ඉඩම් රජය විසින් වෙන්දේසි කරන ලද අතර ඒ ආශ්‍රිතව වතු වගා ඇති කරන ලදි. පළමුව ව්‍යාප්ත වූයේ කෝපි වගාව වූ අතර 1870 දී පමණ ඇති වූ කෝපි වසංගතය හේතුවෙන් විනාශයට ලක්‌ වූ පසුව තේ හා රබර් වගාව ලෙස ව්‍යාප්ත විය. තේ වගාව 1860 දශකයේ අගභාගයේ දී පමණ ආරම්භ වූ අතර, රබර් වගාව ව්‍යාප්ත වීම ආරම්භ වූයේ 1870 දශකයේ දී ය. මේ වැවිලි මගින් නිපදවන ලද නිෂ්පාදන මෙරට ආර්ථිකයේ වැදගත් ස්‌ථානයක්‌ අත්පත් කරගත්තේ ය. තේ වගාව තවදුරටත් මෙරට ආර්ථිකයේ ප්‍රධාන අංගයක්‌ නො වූව ද 'සිලෝන් ටී' නාමය අද දක්‌වාත් ජනප්‍රිය වෙළෙඳ නාමයකි.

මේ වගා මගින් මෙරට නිෂ්පාදනය කරන ලද සම්පතින් ලාබ ලබාගන්නා ලද්දේ බ්‍රිතාන්‍ය ජාතිකයන් හා සමාගම් ය. මේ අනුව ඉපැයූ ධනය එක්‌රැස්‌ වූයේ අපේ රටේ නො වේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් අප නිදහස ලැබූ 1940 දශකය අවසන් වන විට තේ හා රබර් යන ප්‍රධාන වතු වගා යටතේ පැවැති බිම් ප්‍රමාණය හෙක්‌ටයාර 500,000කට මදක්‌ අඩු විය. මේ ප්‍රමාණය මෙරට මුළු බිම් ප්‍රමාණයෙන් 7%ක්‌ පමණ වේ. එසේ ම, තේ වතු අතරින් 69%ක්‌ හා රබර් වගාවෙන් 38%ක්‌ පමණ ඒ වන විට පැවතියේ විදේශීය හිමිකරුවන් අත ය. (එහෙත් මීට ආසන්න බිම් ප්‍රදේශයක ව්‍යාප්ත ව තිබූ පොල් වගා බිම්වල හිමිකාරිත්වයෙන් 88%ක්‌ පමණ තිබුණේa දේශීය ධනවතුන් අත ය.)

මේ වතු වගා සඳහා හෙළි පෙහෙළි වූ වනාන්තර ප්‍රමාණය ඉතා විශාල විය. සාමාන්‍යයෙන් ගණන් බලා ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ වන ආවරණයේ සැලකිය යුතු අඩු වීමක්‌ බ්‍රිතාන්‍ය පාලන සමයේ දී සිදු වේ. 1880 වන විට මෙරට වන ආවරණය මුළු භූමි ප්‍රමාණයෙන් 80%ක්‌ පමණ වූ බව ගණන් බලා ඇති අතර, 1948 වන විට ඒ ප්‍රමාණය 50%කටත් වඩා අඩු විය. ඒ සඳහා බලපෑ මූලික කරුණක්‌ වූයේ මේ වතු වගාවයි. මෙසේ හෙළි පෙහෙළි වූයේ මෙරට මධ්‍ය කඳුකරයේ පිහිටා තිබූ ප්‍රධාන ගංගාවල ජල පෝෂක ප්‍රදේශ විය. එහි ප්‍රතිඵල අපි අද වන විට අත්විඳිමින් සිටිමු.

එසේ ම, මේ වන විනාශය හා සමඟ අපේ රටේ ස්‌වාභාවික පරිසරයේ විශාල වෙනස්‌කම් ඇති විය. මෙරට ජෛව විවිධත්වය සඳහා ඉන් ඇති වී තිබෙන බලපෑම අප සිතනවාට වඩා විශාල විය හැකි ය. අපේ රටේ තෙත් කලාපය ලෙස හඳුන්වනු ලබන භූ-දේශගුණ කලාපයේ දැකිය හැකි ජෛව විවිධත්වය වියළි හා අතරමැදි කලාපවලට වඩා ඉහළ ය. එහෙත් අද වන විට තෙත් කලාපයේ විශාල වනාන්තර හා ආරක්‌ෂිත ප්‍රදේශ පිහිටා ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. මේ ප්‍රදේශවල පවත්නා ජෛව විවිධත්වය තර්ජනයකට ලක්‌ වී ඇත. වනාන්තර විනාශයට අමතරව දඩයම වැනි විනෝද ක්‍රීඩා නිසා මේ ප්‍රදේශයේ වනසතුන් විශාල වශයෙන් දඩයමට ලක්‌ විය. නිදසුනක්‌ ලෙස ගත හොත් මෙරට තෙත් කලාපයේ හා කඳුකරයේ සැලකිය යුතු ප්‍රදේශවල විසූ අලි ඇතුත් අද වන විට දැකිය හැක්‌කේ තෙත් කලාපයේ ඉතා සීමිත ප්‍රදේශයක පමණි.

ශ්‍රි ලංකාවේ දැකිය හැකි ස්‌වාභාවික සම්පත් අසීමිත ලෙස උකහාගනිමින් විශාල ලෙස ලාබ ලබා ගැනීම ද මේ යුගයේ පැවතිණි. මේ සම්පත් අතර දැව, මිනිරන් වැනි සම්පත් වඩා ප්‍රකට ය. ඇතැම් වටිනාකමින් ඉහළ දැව වර්ග විශාල ලෙසින් කපා හෙළන ලද අතර මේ නිසා ඇතැම් දැවමය ශාක බොහෝ දුරට සීමා සහිත වී ගියේ ය. එසේ ම මිනිරන් වැනි ඛනිජමය සම්පත් ද සූරා කෑ ආකාරය දැකිය හැකි ය. අනෙක්‌ අතට මේ සම්පත්වල වැඩි වාසි ප්‍රයෝජන ලබාගත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන් හා විදේශීය සමාගම් ය.

සමස්‌තයක්‌ ලෙස ගත හොත් අපේ රටේ ආර්ථිකයේ උඩු යටිකුරු වීමක්‌ බ්‍රිතාන්‍ය පාලන සමයේ දී සිදු වූ බව පෙනේ. බ්‍රිතාන්‍යයට යටත් වූ අවධියේ දී බෙහෙවින් ස්‌වයංපෝෂිත ආර්ථිකයක්‌ව පැවැති මෙරට ආර්ථිකය, ක්‍රමයෙන් ආනයන-අපනයන ආර්ථිකයක්‌ බවට පත් විය. ඇතැම් නිෂ්පාදන මෙරට නිපදවා විදේශවලට අලෙවි කිරීමටත්, අපේ ප්‍රධාන ආහාරය සපයන සහල් සැලකිය යුතු ප්‍රමාණයක්‌ ඇතුළු අවශ්‍ය ද්‍රව්‍ය රැසක්‌ මෙරටට ආනයනය කිරීමටත් සිදු විය. මේ නිසා මෙරට සංයංපෝෂිත ආර්ථික රටාව තීරණාත්මක වශයෙන් බිඳ වැටිණි.

බ්‍රිතාන්‍ය යුගය ඇතුළත සිදු වූ සමාජයීය විපර්යාස ද බරපතළ විය. ස්‌වකීය ඉඩම් රජය විසින් අත්පත් කරගනු ලැබීම නිසා තමන් පාරම්පරික ව භුක්‌ති විඳි ඉඩම් අහිමි වීම මෙරට ගැමියන් මුහුණ දුන් බරපතළ ගැටලුවක්‌ විය. මේ නිසා ඉඩම් අහිමි ප්‍රජාවක්‌ අපේ රටේ බිහි වූ අතර මෙය අද දක්‌වා ම නො විසඳුණු ගැටලුවක්‌ බවට පත් ව තිබේ. එසේ ම මේ වතු වගාව සඳහා අවශ්‍ය ශ්‍රමය පහසවෙන් හා ලාබදායක ව ලබාගැනීම සඳහා ඉන්දියාවෙන් ශ්‍රමිකයන් 'ආනයනය' කිරීමට ද බ්‍රිතාන්‍ය වැවිලිකරුවෝ කටයුතු කළ හ. එසේ ගෙන්වනු ලැබූ වතු කම්කරු ප්‍රජාව නිසා තවත් සමාජයීය ගැටලුවක්‌ අප රට තුළ ඇති විය. ඔවුන් ගේ අයිතීන් පිළිබඳ ගැටලු විසඳුණේ නිදහස ද ලබා වසර ගණනාවක්‌ ගෙවුණු පසුව ය. එහෙත් මේ වතුකම්කරු ප්‍රජාව ගේ ජීවන මට්‌ටම මෑතක්‌ වන තුරු ම පැවතුණේ ඉතා පහළ මට්‌ටමක ය.

බ්‍රිතාන්‍ය බලපෑම හරිහැටි විමසා තිබේ ද?


මේ කරුණු සැලකූ විට, බ්‍රිතාන්‍ය යුගයේ දී මෙරට ඇති වූ වෙනස්‌කම්වල ඇතැම් අංශ සම්බන්ධව නිසි ඇගැයීමක්‌ කර නොමැති බවක්‌ පෙනේ. පෙර සඳහන් කළ කරුණු හැර, මෙරට ඔවුන් විසින් ඇති කළේ යෑයි පැවසෙන යටිතල පහසුකම් වර්ධනය කිරීමේ සැබෑ අරමුණ විමසීම කළ යුතු ව තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, මාර්ග සංවර්ධනයේ අරමුණ වූයේ උඩරට පාලනය පහසු කරගැනීම හා මෙරට නිෂ්පාදන පහසුවෙන් වරාය වෙත ප්‍රවාහනය කිරීම ය. දුම්රිය මාර්ග සංවර්ධනය කරන ලද්දේ හුදෙක්‌ ජනතාවට පහසු හා ලාබදායී ප්‍රවාහන සේවාවක්‌ සැපයීම සඳහා ම නො ව වතු වගාවේ නිෂ්පාදන පහසුවෙන් වරාය වෙත ගෙන ඒම සඳහා ය. ඇතැම් ප්‍රදේශවල මාර්ග හා දුම්රිය මාර්ග ඉදි වීම හා ඇතැම් ප්‍රදේශවල ඒවා ඉදි කිරීම පමා වීම හා කල් දැමීම සඳහා හේතුවක්‌ වූයේ ඉන් රජයට ලාභයක්‌ නො ලැබීමයි.

එසේ ම බ්‍රිතාන්‍ය සමයේ පසු කාලයේ දී මෙරට වාරිමාර්ග හා කෘෂි කර්මාන්තයේ දියුණුව සඳහා පියවර ගැනීමට බලපෑ හේතු අතර, මෙරටට අවශ්‍ය සහල් ආනයනය සඳහා වැය වූ මුදල පහළ දැමීමේ අවශ්‍යතාව ද විය. මෙවැනි තවත් අංශයක්‌ ලෙස මෙරට අධ්‍යාපනයේ දියුණුව දැක්‌විය හැකි ය. බ්‍රිතාන්‍ය මොඩලයේ අධ්‍යාපනයේ අරමුණ වූයේ අධිරාජ්‍යයට හිතවත් නායකයන් හා පාලිතයන් පිරිසක්‌ බිහි කිරීම බව බොහෝ දෙනාට අමතක ව ගොස්‌ ඇති කරුණකි. අනෙක්‌ අතට බ්‍රිතාන්‍යයන් අනුගමනය කළ බෙදා වෙන් කර පාලනය කිරීමේ උපක්‍රමය නිසා මේ වන විට අපේ රටේ ජනවර්ග අතර ඇති වී තිබෙන්නේ ඉතා ගැටලුසහගත ගැටුම්කාරී වාතාවරණයකි. වර්තමාන පරපුර මුහුණ දී ඇති මේ තත්ත්වය වැඩි වශයෙන් විස්‌තර කිරීම අවශ්‍ය නො වේ.

මේ සියලු කරුණු අනුව අපේ රටේ සමාජ ක්‍රමයේ විශාල පරිවර්තනයක්‌ මෙන්ම චින්තන ක්‍රමයේ විශාල වෙනසක්‌ ද මෙරට ඉතිහාසයේ බ්‍රිතාන්‍ය සමයේ දී ඇති වූ බව පැවසිය හැකි ය. මේ පිළිබඳව බොහෝ දෙනා සාකච්ඡා කරන බැවින් එය අමුතුවෙන් කිව යුතු නො වේ. මේ කරුණු අනුව බ්‍රිතාන්‍යයට යටත් වීමේ වසර දෙ සියයේ සැමරුම තුළ සතුටු වීමට හැකියාවක්‌ නොමැති බව පැහැදිලි ය. 1948 දී අප බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගත් අතර 1972 වර්ෂයේ දී ජනරජයක්‌ බවට ද පත් විය. එහෙත් අද වන විට ද අපේ රට සිර වී සිටින්නේ බටහිර අධිරාජ්‍යවාදීන් ගේ හා නව අධිරාජ්‍යවාදයේ උපක්‍රම තුළ නො වේ ද?

http://www.vidusara.com/2015/02/25/feature1.html

පරිසර පුවත් - Environment News (2015-02-25)

පරිසර පුවත් 2015-02-25

ධනේෂ් විසුම්පෙරුම

විදුසර 2015-02-25 (Vidusara)

http://www.vidusara.com/2015/02/25/news1.html

ඕසෝන් ස්‌තරයට වින කරන රසායන ද්‍රව්‍ය වර්ධනය වේ?


මොන්ටි්‍රයල් සන්ධානය මගින් පාලනය නො වන ඕසෝන් ස්‌තරයට හානිකර බලපෑම් ඇති කරන රසායන ද්‍රව්‍ය ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඇති බව පර්යේෂකයන් පිරිසක්‌ අනාවරණය කර තිබේ. මේ අනුව ඉතා කෙටි ආයු කාලයක්‌ ඇති සංයෝග (Very Short-Lived Substances - VSLS) නම් කාණ්‌ඩයට අයත් රසායනික ද්‍රව්‍ය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී.

මේ රසායනික ද්‍රව්‍ය ස්‌වාභාවිකව නිපදවීම මෙන්ම කාර්මික භාවිතය සඳහා යොදාගැනීම ද සිදු වේ. කාර්මික භාවිතයේ දී නිකුත් වන මේ කාණ්‌ඩයේ රසායනික ද්‍රව්‍ය මගින් ඕසෝන් ස්‌තරය විනාශ වීමට දක්‌වන දායකත්වය අඩු වන බැවින් මොන්ටි්‍රයල් සන්ධානය මගින් ඒවා භාවිතය පාලනය කිරීම සිදු නො වී ය. එහෙත් මේ පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට මේ VSLS කාණ්‌ඩයේ එක්‌ රසායනික ද්‍රව්‍යයක්‌ ඉතා වේගයෙන් වර්ධනය වේ. ඒ ඩයික්‌ලෝරොමෙතේන් (dichloromethane) නම් රසායනික ද්‍රව්‍යයයි. මේ වන විට 1990 දශකයේ පැවැති සාන්ද්‍රණය මෙන් දෙගුණයක්‌ පමණ ප්‍රමාණයක්‌ දක්‌වා මෙහි සාන්ද්‍රණය ඉහළ ගොස්‌ තිබේ.

උක්‌ත පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි මේ තත්ත්වය දිගින් දිගට ම පැවතුණ හොත්, මොන්ටි්‍රයල් සන්ධානයෙන් අත්පත් කරගත් ඇතැම් යහපත් ප්‍රතිඵල ආපසු හැරවීමට පවා ඉඩක්‌ පවතී. මේ වන විට උක්‌ත කාණ්‌ඩයේ රසායන ද්‍රව්‍යවලින් ඕසෝන් ස්‌තරයට ඇති වන බලපෑමෙන් 90%ක්‌ සඳහා වගකිව යුත්තේ ස්‌වාභාවිකව නිපදවනු ලබන රසායනික වුව ද, මිනිසුන් විසින් නිපදවනු ලබන රසායනිකවල බලපෑම දිනෙන් දින ඉහළ යමින් පවතී. (මූලාශ්‍රය: Nature Geoscience, DOI:10.1038/ ngeo2363)


මීළඟ මහා ගිනි කඳු පිපිරීම පරීක්‌ෂාවට


දේශගුණ වෙනස්‌ වීම අවම කිරීම සඳහා ඉදිරිපත් ව ඇති එක්‌ විසඳුම් කාණ්‌ඩයක්‌ ලෙස භූ ඉංජිනේරුමය විසඳුම් සැලකිය හැකි ය. මේවා පිළිබඳ දැඩි විවේචන ඇතත්, සැලකිය යුතු විද්‍යාඥයෝ පිරිසක්‌ මේවායේ කිසියම් ප්‍රායෝගික ස්‌වභාවයක්‌ ඇති බව පවසන අතර ඒ පිළිබඳ අධ්‍යයනය කරති.

මෙවැනි එක්‌ ක්‍රමවේදයක්‌ වන්නේ වායුගෝලයේ ඉහළ මට්‌ටමක පිහිටා ඇති ස්‌තරගෝලයට සල්ෆර් මුදාහැරීමයි. මේ අදහස ලැබෙන්නේ මෑත අතීතයේ සිදු වූ විශාල ගිනිකඳු පිපිරීමක්‌ වන 1998 වර්ෂයේ දී සිදු වූ පිනාටුබෝ ගිනිකන්ද විදාරණයෙන් ඇති වූ බලපෑම නිසා ය. එම පිපිරීමෙන් පසු ගත වූ වර්ෂ කිහිපය ඇතුළත ලෝකයේ මද සිසිල් වීමක්‌ සිදු විය. ඒ සඳහා හේතු වූයේ ඒ යමහල් විදාරණයේ දී වායුගෝලයට එක්‌ වූ සල්ෆර් ඩයොක්‌සයිඩ් ටොන් මිලියන 20ක්‌ පමණ ප්‍රමාණය බව පෙන්වා දී තිබේ. මේ වායුව ජලය හා එක්‌ වීමෙන් සෑදුණු සල්ෆියුරික්‌ අම්ල බිඳිති මගින් සූර්යාලෝකය පොළොව මතට පතිත වීම වළක්‌වා ආපසු පරාවර්තනය කිරීම හේතුවෙන් පෘථිවිය උණුසුම් වීම මද කලකට අඩු වී තිබේ.

එහෙත් මේ පිළිබඳව ප්‍රාමාණික අවබෝධයක්‌ තවමත් නොමැති බැවින් ඒ ගැන අධ්‍යයනය කිරීමට අපේක්‌ෂා කරන විද්‍යාඥ පිරිසක්‌, මීළඟ විශාල ගිනිකඳු පිපිරීමේ දී දියුණු උපකරණ යොදාගනිමින් උක්‌ත බලපෑම සිදු වන ආකාරය හැදෑරීමේ අපේක්‌ෂාවෙන් පසුවෙති.


ඇමෙරිකාවේ අනාගත නියඟවල තරම


ඇමෙරිකාවේ අනාගතයේ දී ඇති විය හැකි මහා නියං තත්ත්ව ගත වූ වසර දහසක පමණ කාලය ඇතුළත එරට ඇති වන බරපතළ ම තත්ත්වයේ නියඟ විය හැකි බව පර්යේෂණයකින් පෙන්වා දී තිබේ. ඇමෙරිකාවේ නිරිතදිග ප්‍රදේශයේ හා මහා තැනිතලා (Great Plains) ප්‍රදේශවල ඇති විය හැකි හා දශක ගණනක්‌ පුරා පැවතීමට අවස්‌ථාව ඇති මේ නියඟ, අදින් සියවස්‌ හතකට පමණ පෙර, එනම් වර්ෂ 1100-1300 අතර කාලයේ දී, ඇති වූ හා මහා ශිෂ්ටාචාරවල විනාශයට හේතු වූ බරපතළ මහා නියඟයකට ද වඩා දැඩි විය හැකි ය.

මේ අධ්‍යයනය වර්තමාන ඉහළ යන උෂ්ණත්වය හා අතීතයේ පැවැති දේශගුණ වාර්තා සංසන්දනය කරන ආකාරයේ අධ්‍යයනයකි. ඒ සඳහා එම පර්යේෂකයන් උතුරු ඇමෙරිකාවේ වසර දහසක දේශගුණ ඉතිහාසය හා වර්තමාන දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව සිදු කර ඇති ආකෘති 17ක්‌ සංසන්දනය කර ඇත. මේ අනුව ඔවුන්ට හෙළි වී ඇත්තේ 2050 හා 2099 වර්ෂ අතර කාලයේ දී දිගු කල් පවත්නා ආකාරයේ නියඟයක්‌ ඇති විය හැකි බවයි. මේ තත්ත්වය මධ්‍යස්‌ථ මෙන්ම ඉහළ දේශගුණ සංසිද්ධි පෙන්වන තත්ත්ව යටතේ ඇති විය හැකි ය.

නියං තත්ත්ව සුලබ වීම හා ඒවායේ තීව්‍රතාව ඉහළ යැම සඳහා වර්තමාන දේශගුණ වෙනස්‌ වීම ද දායක වන බව මේ වන විට පිළිගත් කරුණකි. (මූලාශ්‍රය: Science Advances, DOI:10.1126/sciadv.1400082)

http://www.vidusara.com/2015/02/25/news1.html