Thursday, May 10, 2012

ජගත් පරිසර විමසුම 121 (Global Environmental Watch, 121)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2012-05-02, පි. 11 (Vidusara, 2012-05-02, p.11)
http://www.vidusara.com/2012/05/02/feature3.html


විමසුම - රියෝ+20 සමුළුවේ සූදානම
ප්‍රමුඛ පුවත - ලන්ඩන් ඔලිම්පික්‌ උළෙලේ පරිසර හිතකාමී පියවර
පුවත් සැකෙවින් - මේ රසායන ද්‍රව්‍ය ගැන අවධානය අවශ්‍යයි / උභයජීවීන්ට මරු කැඳවූ දිලීරය / බ්‍රිතාන්‍ය රජයේ පරිසර හිතකාමී බව ප්‍රශ්න කෙරේ



විමසුම
රියෝ+20 සමුළුවේ සූදානම

බ්‍රසීලයේ දී රියෝ ද ජැනේරෝ නගරයේ දී පැවැත්වීමට නියමිතව ඇති රියෝ + 2 සමුළුව ට තවත් ඇත්තේ දින පණහක්‌ තරම් වූ සීමිත දින ගණනකි. ලෝකයේ පරිසරය හා ලෝකයේ අනාගතය හා සම්බන්ධව වැදගත් තීරණ ගනු ඇතැයි අපේක්‌ෂා කරන මේ මහා පරිසර සමුළුව (තිරසර සංවර්ධනය පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණය) වසර ගණනක්‌ තිස්‌සේ අපේක්‌ෂා කරන ලද්දකි. පරිසරය පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන සියලූ දෙනාම පාහේ මේ සමුළුව පිළිබඳව දන්නා බව සිතිය හැකි නමුත්, සෙසු සාමාන්‍ය ජනතාව අතර ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක්‌ තවමත් දැකිය නොහැකි තරම්ය. (සාපේක්‌ෂව බලන විට 1992 වර්ෂයේ දී පැවැති රියෝ සමුළුව හෙවත් මිහිතල සමුළුව පිළිබඳව සාමාන්‍ය ජනතාව මීට වඩා දැන සිටි බවක්‌ පැවසිය හැකි ය. ඒ අපේ රටේ ජනමාධ්‍ය මෙතරම් විශාල ප්‍රමාණයක්‌ නොතිබි අවධියක වීම වැදගත් ය.)

එහෙත් ඉන් වසර 20කට පසුව රියෝ +20 සමුළුව පැවැත්වෙන්නේ ලෝකය පාරිසරික වශයෙන් එකතැනක රඳා ඇති කාලයකය. ලෝකය තිරසර සංවර්ධනය කෙරේ යන ගමන සිදුවන්නේ අවශ්‍ය වේගයෙන් නොවේ. ඇතැම් තීරණාත්මක පාරිසරික ගැටලූ සමහරක්‌ සැලකිය යුතු තරම් උග්‍රය. එසේ ම ඒවාට විස`දුම් සෙවීමට ලෝකයේ තීරක පාර්ශ්වවලට එතරම් අවශ්‍යතාවක්‌ නොමැති තරම්ය. මෙවැනි තත්ත්වයක්‌ තුළ පැවැත්වෙන මේ සමුළුව තුළින් ඇති විය හැකි ප්‍රතිඵලය කෙබ`දු විය හැකි ද? එය තීරණය වන්නේ මේ සමුළුවට අදාළ පාර්ශ්වකරුවන් මුහුණ දෙන ආකාරය මතය.

සමුඵවේ අවධානයට යොමු විය යුතු අංශ

මේ වන විට ලෝ කයේ බොහෝ ප්‍රධාන පෙළේ පාරිසරික හා සිවිල් සංවිධාන රියෝ+20 සමුළුව හා සම්බන්ධ විවිධ කටයුතුවල යෙදී සිටියි. මෑත මාස කිහිපයක පමණ සිට පැවැත් වෙන සියලූ බොහෝ ජාත්‍යන්තර රැස්‌වීම්වල එක්‌ ප්‍රධාන මාතෘකාවක්‌ බවට පත් වී ඇත්තේ රියෝ+20 සමුළුව හා ඒ සඳහා ඉදිරිපත් කිරීමට නියමිත කරුණු හෝ අවධානය යොමු විය යුතු යෑයි පෙන්වා දෙන අංශ වේ. එසේ නැතහොත් මේ සමුළුවෙන් සාර්ථක ප්‍රතිඵලයක්‌ අත් පත් කර ගන්නේ කෙසේ ද යන්නය. එසේම විවිධ සංවිධාන ආදිය ම`ගින් නිකුත් කර ඇති වාර්තා හා නිවේදනවලින් ද මේ ගැන අවධානයක්‌ යොමුව ඇත.

නිදසුනක්‌ ලෙස ගතහොත්, පසු ගිය දා ප්‍රකාශයක්‌ නිකුත් කරන කාන්තාරකරණය වැළැක්‌වී මේ ගිවිසු මේ (UNCCD) විධායක ලේකම් ලුක්‌ ඤකඩ්ජා පැවසූ යේ කාර්යක්‌ෂම වූ ඉඩම් භාවිතය ක්‍රම ප්‍රවර්ධනය කිරීමෙන් නිය`ගයේ බලපෑම් පාලනය කිරීම පිළිබඳව රියෝ +20 සමුළුවේ අවධානය යොමු විය යුතු බවය. විශේෂයෙන් අප්‍රිකාව වැනි ඇතැම් කලාප මුහුණ දී ඇති බරපතළ අර්බුද වැළැක්‌වීමට මේ තත්ත්වය අවශ්‍ය වේ. තිරසර සංවර්ධනයේ එක්‌ වැදගත් අංශයක්‌සේ මෙය සැලකිය හැකි ය.

මේ අතර පසු ගියදා පැවැති ජාත්‍යන්තර මට්‌ටමේ සමුළුවක දී කියෑවුනේ ලෝකයේ විවිධ වූ පාරිසරික හා සමාජයීය ගැටලූ සඳහා තාක්‌ෂණික විස`දුම් ලබා දීම කෙරේ රියෝ+20 සමුළුවේ වැඩි අවධානයක්‌ යොමුව ඇති බවකි. එය ගැටලූ සහිත තත්ත්වයක්‌ වන්නේ මේ තාක්‌ෂණික විස`දුම් (භූ-ඉංජිනේරුමය විසදුම් ද ඇතුළත්) අසාර්ථක වුවහොත් ඇති විය හැකි තත්ත්වය නිසාය. ඒ මත අසීමිත වශයෙන් බලාපොරොත්තු තැබිම නොකළ යුත්තේ ඒ නිසාය. මේ අදහස බොහෝ පාරිසරික හා සිවිල් සංවිධාන විසින් දරණ අදහසක්‌ සේ දැක්‌විය හැකි ය.

සමුළුවේ අපේක්‌ෂා

මේ සමුළුවේ සාර්ථකත්වය තීරණය වන්නේ මේ පාරිසරික ගැටලූවල බරපතළ බව මත පමණක්‌ නොව තවත් බොහෝ සාධකවල බලපෑම ද සම`ගිනි. මේ සාධක අතර ඇති දේශපාලන, ආර්ථික හා සමාජයීය ආදි සාධක හා ඒවායේ තරම පිළිබඳව මේ සටහන ඔස්‌සේ මින් ඉහත දී ද සාකච්ඡා කර ඇති බැවින් ඒ ගැන පළ වූ එක්‌ අදහසක්‌ පමණක්‌ පැවසී මට කැමැත්තෙමු.

පරිසරය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ (IIED) සලීම් උල් හක්‌ රියෝ සමුළුවේ සාර්ථකත්වයට වැදගත් වන කරුණු කිහිපයක්‌ පෙන්වා දී තිබිණි. රියෝ+20 සමුළුව හා ඊට අදාළ ගැටලූ පිළිබඳව ලෝක නායකයින්ගේ අවධානය කෙතරම් ලබා ගත හැකි ද යන්න හා ආර්ථික කරුණු වලට මෙම`ගින් කෙතරම් යහපත් ප්‍රතිචාර සපයනු ලැබේද යන්න ඒ අතර එක්‌ කරුණක්‌ වේ. ඒ පාරිසරික අභියෝගවලට විස`දුම් සලසන අතරතුරය. මේ කරුණ ඉතා සරළ සේ පෙනුන ද කිරීමට අපහසුම වන්නේ ද මේ කරුණු කිහිපයමය. එක්‌ එක්‌ රටවල පුද්ගලික අපේක්‌ෂා හා අභිමතාර්ථ ඉක්‌මවා ගොස්‌ සමස්‌ත ලෝකයටම හා ජීවී-අජීවී පරිසරයට බලපාන ආකාරයේ සාධනීය තීරණ ගැනීමට ලෝක නායකයන් පෙළඹවීම පහසු කරුණක්‌ නොවේ. ජාත්‍යන්තර දේශපාලනයේ ඇති සංකීර්ණකත්වය මෙහි දී අප අවබෝධ කරගත යුතු ය. එසේම සමුළුවෙන් කිසියම් හෝ සාර්ථක ප්‍රතිඵලයක්‌ අත් පත් කර ගැනීමේ දී බ්‍රසීලයේ නියෝජිතයන් එය හසුරුවන ආකාරය ද බලපෑමට පුළුවන. කෙසේ වෙතත් මේ උදා වී ඇත්තේ ලෝකයේ ගමන් ම`ග යළිත් නිසි මාර්ගය වෙත යොමු කළ හැකි අවස්‌ථාවකි. ඒ සඳහා පියවරක්‌ ගැනීමට මේ මහා පරිසර සමුළුවේදී හැකියාවක්‌ ලැබේද?


ප්‍රමුඛ පුවත
ලන්ඩන් ඔලිම්පික්‌ උළෙලේ පරිසර හිතකාමී පියවර

ක්‍රීඩාවේ පාරිසරික බලපෑම් දැනට දශකයක පමණ කාලයක පටන්වරින් වර සාකච්ඡාවට ලක්‌ ව ඇති කරුණකි. විශේෂයෙන් ජගත් මට්‌ටමේ ක්‍රීඩා උත්සව අවස්‌ථාවල පරිසරයට ඇති වන බලපෑම් හා එවැනි බලපෑම් වැළැක්‌ වීම සඳහා ගන්නා වූ ක්‍රියා මාර්ග සම්බන්ධව එනම් ක්‍රීඩා ක්‌ෂේත්‍රය හරිතවත් කිරීමට ගන්නා උත්සාහයට අදාළ අංශවල අවධානය යොමු වී ඇත.

තවත් මාස කිහිපයකින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික්‌ උළෙල වෙනුවෙන් එහි සංවිධායකයින් විවිධ පරිසර හිතකාමී පියවර ගණනාවක්‌ දියත් කර තිබේ. මේ පියවර උළෙලේ විවිධ අංශවලට අදාළ වේ.

නිදසුනක්‌ ලෙස ගතහොත් ලන්ඩන් ඔලිම්පික්‌ උද්‍යානය ද පරිසර හිතකාමී එකකි. එය යුරෝපයේ නාගරික උද්‍යාන අතර වඩාත් පැරණි එකක්‌ සේ හැඳින්වේ. සමස්‌ත ක්‍රීඩා උත්සවය පුරාම කාබන් පිය සටහන මැනීමක්‌ සිදුකරන පළමු ක්‍රීඩා උළෙල මෙය වේ. මේ සඳහා අමුද්‍රව්‍ය ලබා ගැනීමේ සැපයුම් දාමය පරිසර හිතකාමී කිරීම මෙහි දී අනුගමනය කරනු ලබන එක්‌ පියවරකි. ආහාර සැපයු මේ තිරසරභාවය පිළිබඳව ද මෙහි දී පියවර ගෙන තිබේ. එසේ ම බලශක්‌ති කාර්යක්‌ෂමතාව අත්පත් කර ගැනීම සඳහා ද විශේෂ සැලකිල්ලක්‌ ගෙන ඇත. තවද පොදු ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම හා අඩු කාබන් විමෝචනයක්‌ සහිත වාහන භාවිතය ප්‍රවාහනය සම්බන්ධව ගෙන ඇති පියවර අතර වේ. අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව හා භූමි පිරවුම් සඳහා යොමු කරන අපද්‍රව්‍ය ශුන්‍යකි. êමේ ඉලක්‌කයක්‌ කර කටයුතු සිදු වෙමින් තිබේ. අදාළ ක්‍රිඩා උලෙල පැවැත්වීමට පෙර පවා මේ සම්බන්ධව වැදගත් වර්ධනයක්‌ දැකි ය හැකිය. නිදසුනක්‌ ලෙස උත්සවයට යොදාගන්නා විවිධ ස්‌ථාන ඉදිකිරීමේ දී හා අවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමේ දී කාබන් පියසටහන ටොන් 100,000කින් පමණ අඩු කර ගැනීමට හැකි වී තිබේ. ප්‍රතිචක්‍රීකරණය හා ප්‍රති භාවිතය මේ ඉදිකිරීම්වල දී වැඩි අවධානයකට ලක්‌ වී තිබේ. මෙය ද වැදගත් කරුණකි.

ඔලිම්පික්‌ උළෙලේ සංවිධායකයින් පවසන ආකාරයට ලන්ඩන් ඔලිම්පික්‌ ක්‍රීඩා උත්සවය ඔලිම්පික්‌ ඉතිහාසයේ වඩාත්ම තිරසර ක්‍රීඩාංගන වලින් සමන්විත වේ. මේ පිළිබඳව අදහස්‌ දක්‌වන එක්‌සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ප්‍රධානියා පවසන්නේ මෙවැනි විශාල පරිමාණයේ කටයුත්තක දී පවා අත්පත් කරගත හැකි තිරසරභාවය පිළිබඳව මෙයින් පෙනෙන ය. මෙහි දී ක්‍රියාත්මක කර ඇති පියවර මගින් තිරසරභාවය පිළිබඳ හැගීම සෙසු අංශවලට ද ලබා දිය හැකි ය.


පුවත් සැකෙවින්

මේ රසායන ද්‍රව්‍ය ගැන අවධානය අවශ්‍යයි

ස්‌නායු වර්ධනය සම්බන්ධ ආබාධ හා වෙනත් මොළය ආශ්‍රිත ඇතැම් රෝගාබාධ ඇති වීම සඳහා බලපාන බව විශ්වාස කරනු ලබන වැඩි අවධානයක්‌ යොමු කළ යුතු රසායනික ද්‍රව්‍ය දහයක්‌ පිsළිබඳව කතු වැකියකින් නම් කර තිබේ. මේ පිළිබඳව සිදුකර ඇති විවිධ අධ්‍යයන වාර්තාමත පදනම්ව Environmental Health Perspectives සඟරාවේ මේ කතුවැකියේ දක්‌වා ඇත්තේ උක්‌ත ආබාධ සඳහා බලපාන පාරිසරික සාධක පිළිබඳව පර්යේෂණ කිරීමට ක්‍රමවේදයක්‌ අවශ්‍යය බවය.

මේ රසායන ද්‍රව්‍ය දහන වන්නේ - ඊයම්, මෙතිල් මර්කරි, පොලික්‌ලෝරිනේටඩ් බයිෆොනිල වර්ග, ඕගනෝ පොස්‌පේට්‌ (පළිබෝධනාශක), ඕගනෝක්‌ලෝරීන (පළිබෝධනාශක), අන්තරාසර්ගබාධක රසායනික ද්‍රව්‍ය, වාහන විමෝචන, බහුචක්‍රීය ඇරෝමැටික හයිෙඩ්‍රාකාබන, බ්‍රොමීන් ඇතුළත් ගිනි විකර්ශක හා පර්ෆ්ලෝරිනේට රසායනික ද්‍රව්‍ය මේ අතර වේ. මේ කතු වැකිය සම`ග පළවී ඇති තවත් පර්යේෂණ වාර්තා කිහිපයක්‌ මගින් විවිධ රසායනික ද්‍රව්‍ය හා ස්‌නායු ආශ්‍රිත රෝග තත්ත්ව ගැන අවධානය යොමු කර තිබේ, ඇමරිකාවේ ළමුන් හා වැඩිහිටියන් අතර දැකිය හැකි මෙවැනි තත්ත් ව ඇති වීම සඳහා මේ රසායන ද්‍රව්‍ය බලපා ඇති බව විශ්වාස කරනු ලැබේ. (මූලාශ්‍රය (EnvironmentalHealth Perspectives, DOI: 10.1289 /ehp.1104285)


උභයජීවීන්ට මරු කැඳවූ දිලීරය

උභයජීවීන්ට මරු කැඳවමින් ලෝකය පුරා රටවල් රැසක පැතිර දිය දිලීර රෝගය වනගත මැඩියන්ට බලපාන ආකාරය අධ්‍යයනයක්‌ මගින් හෙළි කර ඇත. මෙතෙක්‌ පර්යේෂණාගාර තත්ත්ව යටතේ සිදුකරන ලද අධ්‍යයනවලින් හෙළි වී ඇති කරුණු මෙහි දී තහවුරු වී තිබේ.

මෙහි දී හෙළි වී ඇති පරිදි Batrachochytrium dendrobatidis නම් මේ ජලජ දිලීරය අධික ලෙස පවතින්නේ නම් මැඩියන්ගේ ශරීරවල දියර සමතුලිතතාවය බාධා ඇති වී විජලනයට පත් වේ. එසේ ම මැඩියන්ගේ ශරීරයේ සෝඩියම් හා පොටෑසියම් මට්‌ටම්වලට ද බලපෑමක්‌ ඇති වන අතර අවසානයේ හෘදයාබාධ ඇති වීම නිසා මේ මැඩියන් මරණයට පත් වේ. (මූලාශ්‍රයPLoS ONE,DOI: 10.1371/journal.pone.0035374)

මේ රෝගය පැතිර ගිය ඇතැම් රටවල උභය ජීවීන්ගේ ගහනය ඉතා විශාල වශයෙන් අඩු වී තිබේ. ඉතා බරපතළ ජෛව හානියකට හේතු වී ඇති මේ තත්ත්වයට කිසියම් විස`දුමක්‌ ලබා දීමට මේ පර්යේෂණයෙන් පිටු වහලක්‌ ලැබීමට ඉඩක්‌ පවතී.


බ්‍රිතාන්‍ය රජයේ පරිසර හිතකාමී බව ප්‍රශ්න කෙරේ

බ්‍රිතාන්‍යයේ වඩාත් පරිසර හිතකාමී රජය වන බවට පොරොන්දු වී ඇති වර්තමාන කොන්සර්වේටිව් පාක්‌ෂික රජය ඒ ස්‌ථාවරයේ දිගටම සිටින බව එ රට අග්‍රාමාත්‍යවරයා පසු ගියදා පැවසී ය. එ රට තුළ පරිසර හිතකාමී ආයෝජනවලට පවත්නා තත්ත්වය යහපත් බව ඔහුගේ අදහසයි.

එහෙත් බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවේ පරිසර හිතකාමී ස්‌වභාවය ඇතැම් පාර්ශ්වවලින් ප්‍රශ්න කර තිබේ. නිදසුනක්‌ ලෙස ගතහොත් එ රට ජනතාව අතරින් මේ බව විශ්වාස කරනු ලබන්නේ ඉතා සුළු පිරිසක්‌ බව සමීක්‌ෂණවලින් පෙනේ. විශේෂයෙන් බැජරයන් මරාදැමීමට ගත් තීරණය, බලශක්‌තිය, වායු දූෂණය වැනි කරුණු මේ අතර වැදගත් ය. 2020 වර්ෂයේ දී රටේ බලශක්‌තියෙන් සියයට 15ක්‌ පුනර්ජනනය කළ හැකි බලශක්‌ති ප්‍රභවවලින් ලබා ගැනීමේ යුරෝපීය ඉලක්‌කය ද එ රට රජය හමු වේ ඇති අභියෝගයක්‌ බව පෙනේ.

Source: http://www.vidusara.com/2012/05/02/feature3.html

No comments:

Post a Comment