Friday, August 28, 2015

මැතිවරණ ප්‍රතිපත්තිවල එන පරිසර ප්‍රතිපත්ති පිළිබඳ විමසුමක්‌

(A review of environmental policies found in political manifestos)

ධනේෂ් විසුම්පෙරුම‍ | Dhanesh Wisumperuma

විදුසර (Vidusara), 12.08.2015
http://www.vidusara.com/2015/08/12/feature4.html


අගෝස්‌තු මස දහ හත් වැනි දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණය වෙනුවෙන් මේ වන විට රට ම සූදානම් වෙමින් තිබේ. ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාව පාලනය කරනු ලබන ප්‍රතිපත්ති තීරණය කරනු ලබන්නේ මේ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන පක්‌ෂයේ ප්‍රතිපත්ති මත ය. මේ වන විට මැතිවරණයට තරග කරන ප්‍රධාන පක්‌ෂ තුනේ මැතිවරණ ප්‍රකාශන තුනක්‌ ප්‍රකාශයට පත් ව තිබේ.

එක්‌සත් ජාතික පක්‌ෂය ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය "මාස 60කින් අලුත් රටක්‌ හදන පංචවිධ ක්‍රියාවලිය" නම් වේ. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර ඇත්තේ "අනාගතයට සහතිකයක්‌" යනුවෙනි. ජනතා විමුක්‌ති පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනය "හෘද සාක්‌ෂියේ සම්මුතිය" නමිනි.

මැතිවරණයට ඉදිරිපත් ව ඇති මේ ප්‍රධාන පක්‌ෂ තුනේ පරිසර ප්‍රතිපත්ති පිළිබඳව මදක්‌ විමසා බැලීමට අප සිතුවේ අදාළ පක්‌ෂ මෙරට පරිසරය පිළිබඳ දැවෙන කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විසඳුම් මොනවා ද යන්න ගැන විමසීම කාලීන අවශ්‍යතාවක්‌ සේ අප දකින නිසා ය.

මෙරට ප්‍රධාන දේශපාලන පක්‌ෂ තුන 2015 මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශනවල පරිසරය හා සම්බන්ධ ප්‍රතිපත්ති පිළිබඳව සැලකූ විට ඉන් වඩාත් කැපී පෙනෙන්නේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ (එජනිස) හා ජනතා විමුක්‌ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රතිපත්ති ප්‍රකාශන බව පෙනේ. එම පක්‌ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනවල පරිසරය වෙනුවෙන් වෙන ම කොටසක්‌ වෙන් කර අංශ රැසක්‌a ඔස්‌සේ කරුණු දක්‌වා තිබේ. එවැනි වෙන ම අංශයක්‌ එක්‌සත් ජාතික පක්‌ෂයේ (එජාප) ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැකිය නොහැකි වුව ද පරිසරය හා අදාළ කරුණු ගණනාවක්‌ එම පක්‌ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වෙනත් තැන්වල හා තිරසර සංවර්ධනය කොටසේ ඇතුළත් ය. පහත දැක්‌වෙන්නේ අදාළ වැදගත් කරුණු ප්‍රධාන මාතෘකා යටතේ ගොනු කර දැක්‌වීමට අප ගත් උත්සාහයකි.


පක්‌ෂ තුනේ ප්‍රධාන පරිසර ප්‍රතිපත්ති


  • ප්‍රතිපත්තිමය කරුණු හා දිගු කාලීන සැලසුම් - ශ්‍රී ලංකාව සඳහා භූවිද්‍යා සැලැස්‌මක්‌ වසරක්‌ තුළ සම්පාදනය කරන බව සඳහන් කරන එජාපය පවසන්නේ ඒ අනුව ජාතික පරිසර ප්‍රතිපත්තියක්‌ සකස්‌ කරන බවයි. ජනාවාස හා නගර නිර්මාණය වැනි කරුණු මේ භූ විද්‍යා සැලැස්‌ම අනුව තීරණය වේ. එජනිස ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන පරිදි මෙරට භූමිය ඉදිරි වසර 500ක කාලයක්‌ සඳහා සැලසුම් කිරීමට අදහස්‌ කෙරෙයි. මේ සැලසුම් ඉදිරි රාජ්‍ය ප්‍රතිපත්තියක්‌ බවට පත් කිරීම ඔවුන් ගේ අපේක්‌ෂාව වේ. ස්‌වාභාවික සම්පත් සංරක්‌ෂණය හා කළමනාකරණය සඳහා ජාතික ප්‍රතිපත්තියක්‌ සකස්‌ කිරීමට හා පරිසරයට අදාළ වර්තමානයේ පවත්නා පනත් හා රෙගුලාසි සමාලෝචනය කර ශක්‌තිමත් කිරීමට කටයුතු කරන බව ජවිපෙ සඳහන් කරයි.
  • ආරක්‌ෂිත ප්‍රදේශ හා වනාන්තර - සංරක්‌ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමිභාග ආරක්‌ෂා කරගැනීමට හා ඒවායේ මායිම්වල සුරක්‌ෂිතභාවය තහවුරු කිරීමට කටයුතු කරන බව එජාපය පවසයි. ශ්‍රී ලංකාව හරිත දේශයක්‌ ලෙස පවත්වාගැනීමේ අරමුණින් සියලු වනාන්තර මිනුම් කිරීම, මායිම් සලකුණු කොට විනාශ වීමේ තර්ජනයට ලක්‌ ව ඇති වනාන්තර නැවත ප්‍රතිෂ්ඨාපනය සිදු කරන අතර, රජය හා පෞද්ගලික අංශය උපයෝගී කරගනිමින් නැවත වන වගා වැඩපිළිවෙළක්‌ දියත් කරන්නට කටයුතු කරන බව එජනිස සඳහන් කරයි. රක්‌ෂිත ප්‍රදේශවල රැකවරණය තහවුරු කිරීම, ඒවා ඛණ්‌ඩනය වීම වළක්‌වා ජාලගත කිරීම, අනාරක්‌ෂිත පරිසර පද්ධති රක්‌ෂිත ප්‍රදේශ කිරීම යන කරුණු ජවිපෙ ඉදිරිපත් කර ඇත. වන වගාව පිළිබඳව සඳහන් කරන ජවිපෙ විශේෂයෙන් සඳහන් කරන කරුණක්‌ වන්නේ ෆයිනස්‌, ටර්පන්ටයින් වැනි වගා වෙනුවට දේශීය ශාක වගා මහා පරිමාණයෙන් ව්‍යාප්ත කරන බවකි. 
  • ජලපෝෂක ප්‍රදේශ සංරක්‌ෂණය - භූගත ජල සම්පත ආරක්‌ෂා කරගැනීමේ අරමුණින් ජලපෝෂක ප්‍රදේශ සංරක්‌ෂණය සඳහා පියවර ගන්නා බව එජාපය සඳහන් කරයි. ජල පෝෂක ප්‍රදේශ සංරක්‌ෂණය පිළිබඳව ජවිපෙ ද සඳහන් කර තිබේ.
  • පරිසර දූෂණය - පරිසර දූෂණය වැළැක්‌වීම සඳහා පියවර ගැනීම මේ පක්‌ෂවල පරිසර ප්‍රතිපත්තියේ එක්‌ මූලික අංගයකි. වායු, ජල, පාංශු, ශබ්ද හා දෘෂ්ටි යන පංචවිධ පරිසර දූෂණය වැළැක්‌වීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දෙන බව එජනිස පවසයි. ජවිපෙ පවසන්නේ ස්‌වාභාවික පරිසරය, ජලය, වෙරළ, භූමිය, වාතය, ස්‌වභාවධර්මයේ හඩ දූෂණය වීම වැළැක්‌වීමට අවශ්‍ය තාක්‌ෂණික මගපෙන්වීම හා නීතිය දැඩිව ක්‍රියාත්මක කරවීම සිදු කරන බවයි. 
  • රසායනික පොහොර හා පළිබෝධනාශක - පරිසර හිතකාමී ගොවිතැන නම් මාතෘකාව යටතේ කාබනික ගොවිතැන මගින් ජාත්‍යන්තර වෙළෙඳපොළ අල්ලාගැනීම හා රටේ ආහාර ස්‌වෛරීත්වය හා ආරක්‌ෂාව තහවුරු කිරීම ගැන එජාපය සඳහන් කරයි. මිනිසාට හා පරිසරයට හානිකර කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය තහනම් කර ඇති බැවින්, ජීව හිතවාදී කෘෂි රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය සහ භාවිතය දිරිගැන්වීමට පියවර ගන්නා බව ඔවුන් මේ යටතේ තවදුරටත් දක්‌වා ඇත. ප්‍රමිතියකින් තොර පළිබෝධනාශක හා පොහොර ආනයනය හා විකිණීම නැවැත්වීමට අවශ්‍ය නීති සම්මත කරන බවත් එAවා කඩ කරන පිරිස්‌වලට එරෙහි ව දැඩි ව නීsතිය ක්‍රියාත්මක කරන බවත් එජනිස පවසයි. වස විස නැති ගොවිතැන ප්‍රචලිත කිරීම සඳහා රසායනික පොහොර හා පළිබෝධනාශකවලින් තොර ගොවිතැන සඳහා විශේෂ සහන දෙන බව ද එජනිස පවසයි.
  • කැළිකසළ ගැටලුව - ජාත්‍යන්තර ප්‍රමිතිකරණයකට යටත් ව කසළ කළමනාකරණය කිරීම හා කසළ බලශක්‌ති නිෂ්පාදනයට හා පොහොර නිෂ්පාදනයට යොදාගැනීම පිළිබඳව එජනිස සඳහන් කරයි. ජවිපෙ සිය ප්‍රකාශනයේ සඳහන් කරන්නේ අපද්‍රව්‍ය කළමනාකරණයේ වගකීම හිමි පළාත්පාලන ආයතනවල එම වගකීම අත් හළ නොහැකි එකක්‌ බවට පත් කරන බව හා ඊට අවශ්‍ය තාක්‌ෂණික මගපෙන්වීම සිදු කරන බව ය. එසේ ම ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ඊට එරෙහි ව කටයුතු කරන ආයතන ගැන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
  • වෙරළාරක්‌ෂක නීති - වෙරළාරක්‌ෂක නීති පද්ධතිය ශක්‌තිමත් කිරීමට කටයුතු කරන බව එජනිසය සඳහන් කර තිබේ.
  • පරිසර නීතිය ක්‍රියාත්මක කිරීම - අභයභූමි හා වනවිනාශයට හා වනසත්ත්ව සංහාරයට වගකිවයුතු චූදිතයන් නීතිය හමුවට පමුණුවා දැඩි දඩුවම් ලබා දීමට කටයුතු කරන බව එජනිස සඳහන් කරයි. ජවිපෙ සඳහන් කරන්නේ පරිසර නීති ක්‍රියාත්මක කිරීම සඳහා මනා අන්තර් සම්බන්ධතාවක්‌ සහිත ආයතනික පද්ධතියක්‌ ස්‌ථාපිත කරන බවයි. 
  • පරිසර අධ්‍යාපනය - පරිසර අධ්‍යාපනය සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට හඳුන්වා දීමට කටයුතු කරන බව එජනිස සඳහන් කරයි. පාසල් අධ්‍යාපන ක්‌ෂේත්‍රය තුළට පරිසර විෂය ඇතුළත් කරන බව සඳහන් කරන ජවිපෙ පරිසරය සුරැකීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ අධ්‍යාපන වැඩසටහන් ද සකස්‌ කරන බව කියයි.
  • පරිසර ගැටලු විසඳීම සඳහා ප්‍රජා සහභාගිත්වය - රාජ්‍ය නිලධාරීන්, පරිසර සංවිධාන හා පරිසරවේදීන් ඇතුළත් පරිසර කමිටු පිහිටුවා එතුළින් ප්‍රදේශයේ පරිසර ගැටලු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමට පියවර ගන්නා බව ජවිපෙ පවසයි. 
  • සංවර්ධනය හා පරිසරය හා ස්‌වාභාවික සම්පත්- 2005 වර්ෂයේ සිට ක්‍රියාත්මක කළ සංවර්ධන ක්‍රියාවලියේදී පරිසර හිතවාදී ප්‍රතිපත්ති ප්‍රමුඛතාවයේ ලා සලකමින් පරිසරය සුරැකි බව එජනිස සිය ප්‍රකාශනයේ සඳහන් කරයි. එසේ ම සිය අනාගත සංවර්ධන සැලසුම්වල දී සතාසීපාවාට හා පරිසරයට අයත් අවකාශයට මනාව ගරු කිරීමට ද ඔවුන් පොරොන්දු වී ඇත. සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර නිසි ශක්‍යතා ඇගැයීම් ක්‍රියාවලියක්‌ සිදු කරන අතර, එහි දී ස්‌වාභාවික සම්පත්වලට හා ජනතාව ගේ යහපැවැත්මට එල්ල වන අහිතකර බලපෑම් අවම කිරීමට හා විකල්ප සංරක්‌ෂණ ක්‍රමෝපාය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ජවිපෙ පවසයි.
  • බලශක්‌ති සංරක්‌ෂණය - සුළං, සූර්ය, මුහුදු රළ, ස්‌වාභාවික ගෑස්‌ වැනි විකල්ප බලශක්‌ති උත්පාදනයට විශේෂ සහනාධාර සපයන බව එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ. බලශක්‌ති අවම ලෙස භාවිත කරන පරිසර හිතකාමී ගොඩනැගිලි ඉදි කරන බව එජාප වැඩිදුරටත් පවසයි. පුනර්ජනනීය බලශක්‌ති පද්ධතියක්‌ ගොඩනැගීමට පියවර ගන්නා බව ජවිපෙ ද සඳහන් කරන අතර, ප්‍රවාහනය හා ගොඩනැගිලි වැනි අංශවල බලශක්‌ති සංරක්‌ෂණය අත්‍යවශ්‍ය අරමුණක්‌ සේ සලකා නීති සම්පාදනයට සහාය ලබා දීමට කටයුතු කරන බව ද ඔවුහු සඳහන් කරති.

විශේෂ මාතෘකා

  • රුක්‌ රෝපණය - රජයේ හෝ පෞද්ගලික අවශ්‍යතාවක්‌ සඳහා කපා හෙළන සැම ගසකට ම ගස්‌ 2ක්‌ සිටුවීමට එජනිස සිය මැතිවරණ ප්‍රකාශනයෙන් පොරොන්දු වී තිබේ.
  • අලි මිනිස්‌ ගැටුම - අලි-මිනිස්‌ ගැටුම පවත්වා ප්‍රදේශවල රජයේ නියෝජිතයන්, ගැමියන් හා වනජීවී සංවිධානවල නියෝජිතයන්ගෙන් යුත් කමිටු ස්‌ථාපනය කරන බව හා ඒ ප්‍රදේශවල කඩිනමින් විදුලි වැට ඉදි කරන බවත් එජාප මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වේ. ජවිපෙ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පවසන්නේ මෙය ද ඇතුළුව පරිසරය හා මිනිසා ගැටෙන සියලු ප්‍රශ්න සඳහා විද්‍යාත්මක කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවයි.
  • පරිසර හානි දැනුම් දීමේ මධ්‍යස්‌ථානය - පැය 24 ම හා දින 365 පුරා ක්‍රියාත්මක පරිසර හානි දැනුම් දීමේ මධ්‍යස්‌ථානයක්‌ ස්‌ථාපනය කරන බව ජවිපෙ පවසයි.

පරිසරය නො සලකා හැර තිබේ ද?


මේ ප්‍රතිපත්ති විමසා බලන විට පරිසරය පිළිබඳ කරුණු සම්බන්ධව ප්‍රධාන පක්‌ෂ තුන ම කිසියම් හෝ අවධානයක්‌ යොමු කර ඇති බවක්‌ පෙනේ. පරිසරය දේශපාලන ප්‍රතිපත්තිවලට පැමිණෙන්නේ මෑත කාලයක සිට ය. කෙසේ වෙතත් පරිසරය යනු මැතිවරණයේ දී ඉදිරිපත් වන දේශපාලන ප්‍රතිපත්ති මාලාවකට පමණක්‌ සීමා වූ කරණක්‌ බව අපේ පොදු අත්දැකීමයි. අන් ආකාරයකින් පවසන්නේ නම් බලයට පත් වන පක්‌ෂය කුමක්‌ වුව, ඔවුන් ලබා දුන් පරිසර පොරොන්දු සියල්ල ම ඉටු කරන බව අපට අපේක්‌ෂා කළ නොහැකි බව ය.

මෙය බොහෝ සාමාන්‍ය දෙයකි. එයට හේතුව දියුණු වන රටක්‌ ලෙස මානව සංවර්ධන අරමුණුවල දී වෙනත් අංශවලට වැඩි අවධානයක්‌ යොමු වන අතර, පරිසරය පිළිබඳ කරුණුවලට යොමු වන්නේ අඩු සැලකිල්ලක්‌ වීම ය. රටේ ආර්ථිකය ද, සංවර්ධන අරමුණු ද මීට බලපාන වෙනත් සාධක වෙයි.

අනෙක්‌ අතට මැතිවරණයක දී ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ දී සලකා බලන සාධක අතර, පරිසර ප්‍රතිපත්තිවලට හිමි වන්නේ ද සාපේක්‌ෂව අඩු ස්‌ථානයකි. දේශපාලන පක්‌ෂවල සෙසු ප්‍රතිපත්ති ඡන්දදායකයින්ට බෙහෙවින් වැදගත් වේ. ඇතැම් අයට වැදගත් වන්නේ රටේ ආර්ථික සංවර්ධනය පිළිබඳ වැඩපිළිවෙළ ය. තවත් අයට වැදගත් වන්නේ ජාතික ආරක්‌ෂාව, රටේ ඒකීයභාවය, භෞමික අඛණ්‌ඩතාව, ස්‌වෛරීභාවය වැනි ජාතිකමය කරුණු ය. මේ නිසා පරිසර ප්‍රතිපත්තිවල වැදගත්කම සීමිත බව අප පිළිගත යුතු ව ඇත. මේ තත්ත්වය අපේ රටට පමණක්‌ පොදු වූවක්‌ නොව, ජගත් මට්‌ටමේ යථාර්ථයකි. දියුණු මට්‌ටමේ රටවල වූව ද දේශපාලන තීරණ ගැනීමේ දී වඩාත් වැදගත් වන්නේ මූලික වශයෙන් ආර්ථික සංවර්ධනය වැනි කරුණු මිස පාරිසරික කරුණු නො වේ. එහෙත් ඉන් කියෑවෙන්නේ පාරිසරික කරුණු කිසිසේත් නොවැදගත් බවක්‌ නො වේ.

Monday, August 24, 2015

Deep-rooted jumbo culture of Sri Lanka

Dhanesh Wisumperuma

The Nation (Insight), 23.08.2015

The Nation: http://nation.lk/online/2015/08/22/deep-rooted-jumbo-culture-of-sri-lanka/

My Blog (Edited): http://dhaneshw.blogspot.com/2015/08/deep-rooted-jumbo-culture-of-sri-lanka.html

This is the perahera season. Beautifully caparisoned elephants are among the best attractions of these peraheras or the Buddhist religious processions held annually in leading religious centers around the country. They carry the relic casket as well as the nilames or the chieftains in ceremonial dresses. The number of elephants in a perahera improves the ‘state’ of it among others. The elephants are featured well in almost all tourist guides as a key feature in these processions.

However, we can see that there are protests around the country against the use of elephants in these processions. This opposition is often shown against any type of taming of wild elephants. There are two major causes for this uproar – the inhumane keeping and working conditions of the tamed elephants and the illegal capturing of the young calves reported recently. Some critics have gone so far as to demand a stop to taming of elephants all together.

It’s apparent that this resistance arises from not being rooted in one’s culture, particularly Sinhala culture. Other vested interests cannot be totally ruled out. Humans and elephants coexisted in Sri Lankan culture for a long time. They were used for various purposes since the beginnings of our recorded history. Elephants were a part of the four armies of our kings, a stately vehicle, used as a beast of burden, for religious purposes and a profitable trade item. This human-elephant relationship changed with time, and the socio-economic context of the country. It’s rooted in several characteristics of the elephant, of which a key fact is the consideration of the elephants as an auspicious animal that symbolizes good fortune.

Religious ceremonies

Allusions to the use of elephants for religious purposes such as peraheras are made in the records of the earliest parts of the country’s history. The first such incident dates back to the period of King Devanampiyatissa (250-210 BCE), during whose time Arhant Mahinda, introduced Buddhism to the country. King Devanampiyatissa wanted the relics of the Buddha to be placed in the Thuparama Stupa built by him, the first stupa of Anuradhapura and the country. He organised a procession and the relic casket which was placed on the king’s head was then placed on the back of an elephant, and taken in procession to Thuparama, as described in the chronicles Mahavamsa and Thupavamsa. This is the first occasion where an elephant was used in a procession.

There are other important instances where elephants are mentioned in processions in the past, for instance elephants were used for the festival of enshrining of relics in the relic chamber of Ruvanveliseya of Anuradhapura during the reign of King Dutugemunu (167-137 BCE). There was a procession as described in Mahavamsa, where elephants, cavalry and vehicles were an integral part of the procession.

There are few other references to use of elephants in processions throughout our history, Polonnaruwa, Dambadeniya, Kurunegala and Kandy periods, for example. It is obvious that each and every such procession held throughout history and the use of elephants in these is not mentioned in these chronicles which are essentially political histories of the country.

Meanwhile donation of elephants is also recorded in history. Several kings have donated elephants to temples and the oldest to do so was King Mahadathika Mahanaga (7-19 CE), whose donation was a symbolic one as he paid an equal value in money and released the animal thus signifying the tradition of a donation. There are other such elephant offerings by King Nissankamalla during the Polonnaruwa Period, and other kings to temples, including temples in Anuradhapura. Parakramabahu IV of early 14th century and the Kandyan kings of the 18th century Vijaya Rajasinghe and Kirthi Sri Rajasinghe offered elephants among other items to the Tooth Relic itself as mentioned in history.

Association of elephants with the Tooth Relic dates centuries back. Holding processions for the Tooth Relic was an ancient religious rite that possibly dates back to the Anuradhapura period, as suggested by researchers on this subject, based on historical records. Although the association of elephants in these processions is not mentioned specifically, since we have evidence of the use of elephants in early peraheras as mentioned above, we cannot exclude the possibility of elephant usage. A procession held during the reign of Vijayabahu IV of Dambadeniya Period mentions the use of elephants in a procession of the Tooth Relic, where elephants were also used. The 14th Century Sinhala book titled Daladasirita, mentions that the relic enshrined in a casket is taken out and placed on a decorated chariot and was pulled by a tusked elephant with auspicious marks yoked to it. Description states that this is a rule of a procession of public display of the tooth relic.

King Kirthi Sri Rajasingha ordered the procession of the Tooth Relic (Dalada Perahera) be given priority over other items of the annual Esala Maha Perahera festival to honour Lord Buddha. The use of elephants is mentioned in the vivid description of the procession in Culavamsa – the king had placed a canopy fastened on the back of the royal elephant beautifully ornamented with gold embroidery and the elephant was surrounded by other elephants. The king placed the splendid sparkling casket of gold in which the bodily relic of Lord Buddha was placed carefully under the canopy. As some have mentioned this as be the first instance where an elephant was used to carry the casket of the Tooth Relic, but we know that other relics were carried on elephants going in processions long ago, as mentioned above. Historical evidence supports the assumption that it is a continuation of a long tradition.

Finding a solution

The cultural links between humans and elephants in perahera processions are strong as evident in historical sources mentioned in above mentioned references. The use of tame elephants in Peraheras is given so much importance even at present. Hence, finding a sustainable method to ensure the use of elephants for cultural purposes while reducing the suffering of animals and ensuring their welfare is a need of the day.

These tamed elephants are usually kept chained with iron chains and caretakers are often blamed for handling these animals in a cruel manner. Chaining elephants can cause serious leg injuries to these animals, especially to the calves. This can be solved by finding alternatives to chaining like using proper roping as in the past.

Some of these animals are engaged in hard work during other times of the year – the lifting of logs and recently used in safari rides etc. Both these activities can cause the animal to suffer from physical disorders – safaris can cause serious bone injuries to the animal. This is because during the safari animals are overcrowded with tourists. With regard to such activities, elephants are used without a rest. This type of usage of elephants clearly goes against the guidelines specified in using these animals in safaris.

The ownership of private elephants brings the opportunity for the owners to earn money. They tend to generate more and more money from the elephants disregarding their welfare. This is a reason why elephants are seen engaging in safari rides. When these animals are free from routine functions owners use them for activities which can make them rich. The new rich seem to follow this trend, as opposed to the elites of the past who thought having an elephant enhanced individual status of their respective clans. Hence efforts to find humane ways of keeping elephants in custody should be looked into.

One such solution, as pointed out some time back, is to maintain a reserve of elephants by a dedicated state body solely for religious and other cultural purposes. Properly trained mahouts should be engaged in the service of these centres. Traditional methods as well as modern scientific methods can be tried out at such places. There could be more than one centre in the country. These centres could also serve as tourist attractions. The elephants owned by the temples can be kept in these centres.

(The writer compiled a paper titled ‘Religious use of elephants in ancient Sri Lanka’ for Gajah,the Journal of the Asian Elephant Specialist Group in 2012)

* Certain parts edited by the editors that may mislead the reader has been corrected here in the blog article.

http://nation.lk/online/2015/08/22/deep-rooted-jumbo-culture-of-sri-lanka/

Monday, June 29, 2015

Totagamuwa Rajamaha Vihara: Glimpse from the past

By Dhanesh Wisumperuma

Photos: Bushana Kalhara

The Nation, June 20, 2015, Insight, p.

The Nation: http://nation.lk/online/2015/06/20/totagamuwa-rajamaha-vihara/
My Blog: http://dhaneshw.blogspot.com/2015/06/totagamuwa-rajamaha-vihara.html



New image house or aluth vihare

We turned left from the Galle Road at Telwatta Junction and proceeded along a narrow road leading towards Kiralagahawela. After crossing the Colombo-Matara railway line, we reached our destination – Totagamu Purana Ranpath Rajamaha Vihara, Telwatta. This temple is situated in the village of Telwatta in Galle District, and is in Vellboda Pattuwa as per the old division system. The temple is sometimes mentioned as Telwatta temple as it is situated in that village. Present day Totagamuwa is a village, south to Telwatta.

The temple in front of us was on a flat terrain, and it contained a quadrangular-shaped terrace, surrounded by a low wall or rampart with few gates. All sacred sites of the temple – the stupe, bo tree and image houses – were located inside this quadrangle and the dwelling houses of monks and other associated buildings were situated outside.
Totagamuwa Temple has a rich history and contains several archaeologically-important monuments, which was the aim of our visit to the temple.The bo tree

History in brief

The history of Totagamuwa Temple dates at least to late Anuradhapura period. The inscriptions with Sinhala letters dated to a period 8th to 11th centuries are found on few pillars remaining in the temple premises adjoining the devalas. These inscriptions denote the devotee who devoted those pillars, which are what is remaining from a building that stood within the present temple premises. Although the folklore on the origin of the temple can predate this date, this appears to be the oldest verifiable date of the temple.
Titthagama Vihara mentioned in the Mahavamsa is identified as the present Totagamuwa Temple. The first reference in history is to the King Vijayabahu the great, who built a building in Titthagama Vihara. Titthagama is the Pali version of the name Totagamuwa, which literary means ‘the village containing a fort or a port’. The kings of Polonnaruwa, Dambadeniya, Kurunegala and Kotte Kingdoms have constructed various buildings, and supported the temple as mentioned in our chronicles. Vijayaba Pirivena is one such institution started during this time.The temple reached its zenith by the time of Kotte Kingdom, as a temple as well as an education institute. The temple is being described in four sandesa kavyas(messenger poems) – Tisara, Parevi, Kovul and Girasandesas. These poetic descriptions include accounts of the temple’ stupa, bo tree, image house and monks, while the pirivena and its activities are also described some of these poems.

Meanwhile, Girasandesa is written to send a message to the incumbent of this temple, who was the most notable and eminent monk to reside in this temple. He was none other than Ven. Totagamuwe Sri Rahula Thera, well-known scholarly monk of the 15th century, who authored several books and who was fluent in several languages.The state of the temple as well as the monk is elaborated in Girasandesa.

This temple flourished until the end of the 16th century, and was destroyed by the Portuguese, who launched a campaign against the Buddhist temples in the maritime areas of the country under their control. The ill-reputed campaign of Thome de Souza in 1580 destroyed several famous temples along the coastal belt and the description of this campaign includes a reference of destroying two pagodas in Madampe. It is believed that this includes Totagamuwa, as Madampe is a village located to north of Telwatta. Being a well-known and much-venerated temple located close to the coast, it is impossible to think that the Portuguese excluded this from their devastation.An inscription of late Anuradhapura period

Revival and current state

After the period of decline for few centuries, the revival of the temple was initiated during the mid-18th century, when the area was under the Dutch rule. A monk from the southern region, Ven.Pallatara Punnasara Thera, who received his higher ordination from Kandyan Kingdom was responsible for the revival of this temple in late 18th century. The current lineage of monks was commenced by this monk, and continues upto today with three distinct branches.

As mentioned above, the key religious edifices of archaeological importance are situated in the inner quadrangle. The bo tree, located close to the southern wall, is large and old and probably saved from destruction. The stupa is located in the northern corner of the premises. The two image houses, old and the new one are among the most important edifices of archaeological importance, except the pillars with inscriptions, located near the two devala buildings.

Meanwhile, there are many other edifices in the temple belonged to the 19th century or later. For instance, the belfry dates back to 1881, and the preaching hall or the Dharmasala dates to the early 20th century. There are two devale buildings in the eastern side of the quadrangle, a Visnu Devale and Tun Devale.Pancanarighata under the Makara Torana in new image house

Image houses and paintings


The parana vihare or the old image house is said to be completed in 1799 along with the revival of the temple. It contains three Buddha images and some paintings most probably dating to the period the temple was constructed. The paintings in the inner chamber seem to be older than the vestibule of the image house and common paintings such as jataka stories, like mara parajaya (the defeat of Mara).

The aluth vihare or the new image house was completed in 1805, as per the inscription above one of the inner doorways. The inner chamber contains three Buddha statues in three postures and a statue of God Vishnu. The paintings in the inner chamber and the vestibule of the image house are some of the classic works of low country art, follows the Kandyan tradition. The subject matter of these paintings is mostly the common themes used in Kandyan tradition paintings. For instance, the life events of the Buddha, such as mara parajaya, sat satiya (episodes of the seven weeks after the enlightenment) are found among paintings. Also jataka stories (stories from Buddha’s previous births) like Vessantara Jataka, Sama Jataka, Culla Dhamma pala Jataka, Sasa Jataka and Devadhamma Jataka and suvisivivarana (twenty-four proclamations) are among the paintings. Also solos mahastana (16 places of worship in Sri Lanka) are found on the walls.The statue of Kamadewa or Mara or Ananga in new image house

There are some rare and possibly unique elements among the paintings and murals. The prominent statue between the two inner doors is identified as Kamadeva(Mara) or Ananga bearing the bow is said to be unique to Totagamuwa. The elaborative display of six heavens is not seen in such descriptions while painting of five footprints of the Buddha is also said to found only in Totagamuwa. The painter as identified as Hat Korale Sittara Muhandiram. The details in paintings and the color usage of these paintings confirm the talent of the painter, and these have been cured recently by the Department of Archeology. There is a clear European influence in some of these paintings. For instance, the shape of the vase of pancanarighata painting and two figures that support the vase show such influence. Some decorative items and floral displays also show such an influence.

The date of the paintings in the new image house is a matter of disagreement. Renowned artist and art historian, LTP Manju Sri dates these paintings to 1805, based on the date of the construction of the image house. However Prof. Senaka Bandaranayake argued that these paintings are more likely to belong to mid-19th century. The presence of European influence supports this argument, with which fact we can agree with.Pillars with inscriptions



http://nation.lk/online/2015/06/20/totagamuwa-rajamaha-vihara/

Saturday, June 6, 2015

Finding sustainability in consumption

Dhanesh Wisumperuma

The Nation, 2015-06-06, Insight

http://nation.lk/online/2015/06/06/finding-sustainability-in-consumption/


A Sri Lankan labourer transports drinking water in Colombo on May 27, 2015, The authorities have announced an eight-hour water cut across Sri Lanka’s capital to carry out urgent repairs at a time when the city is facing the hottest time of the year | (AFP)



This year’s World Environment Day fell on June 5 (Friday). The theme this year is sustainable consumption and production.

The slogan selected for This year’s World Environment Day is ‘Seven Billion Dreams. One Planet. Consume with Care’. There is more than seven billion people living in this single planet, and hence consume carefully. This highlights a crucial, but neglected environmental aspect of the day of modern world.

Current consumption and production rates of many of the consumables of the world are unsustainable. The concept of ecological debt day describes the approximate calendar date on which humanity’s resource consumption for the year exceeds Earth’s capacity to regenerate those resources that year. In 2014, it was on August 19. Current consumption rates indicate that the world will need more than one earth to provide the necessities of people. This threatens the goal of sustainable development, which emphasizes the need of wise use while saving resources for the future generations.

There is some important aspect of this, i.e. the role of the individual. We use and purchase various materials that are produced using various resources obtained from our environment. Our choices and amounts we consume directly affect the resources of the world. The more we consume, more resources will be used.

Water, food and energy are among the key resources that are over consumed by people in the world. In addition, many minerals, metals etc. are also used by humans at increased rates that threaten their sustainable use. Let’s look at the picture in detail.

Water Use

We consume water for many of needs, such as drinking, cooking, sanitation, agriculture etc. We often use water rather than what we need for these use. For instance, using a bathtub requires 3 times more water than a typical shower. In agriculture, paddy farmers use more water than required for their crops, due to lack of understanding, and this can reduce water for downstream areas. Farmers as well as gardeners often water the crops during the wrong time of the day, causing water waste. We live in a world where more than 1 billion of the population lives in water stress. We experience water stress even in Sri Lanka, during the driest months of the year and in the dry zone of the country. Many of us have heard of the announcements requesting to be cautious in using water in our houses during dry seasons. Meanwhile the lifestyle of developed world needs more water use than the developing nations. For instance, per capita water withdrawal per year in 2005 was 1583 cubic meters for USA, while it was 638 in Sri Lanka.

Food overconsumption

Food is another resource that needs the attention of the people. Food production requires various resources – land, water, fertilizer, energy etc. More food consumption means more production and requires more land, more water and other inputs.

As individual consumers, we have a responsibility to purchase food in correct amounts that is sufficient for the family. This can reduce food waste. The origin of food is an important aspect as long distance transport can increase the carbon footprint of food. In addition, overconsumption of food can create a range of health problems. Increased food consumption can increase the price of food items and can affect food security of the world, which can be serious with other factors. As in water, amount of food consumed and amount of food waste is higher in the rich countries, often causing food shortages in other countries.

Post-harvest waste is a severe issue that cause monetary and resource losses. In Sri Lanka this loss amounts to 30%-40% of total food production, and the use of plastic crates introduced few years ago in Sri Lanka and created a controversy, was an attempt to reduce this loss.

Energy

Energy, especially electricity, is another resource that is commonly over consumed by the consumers, due to the negligence of the consumers. People still use more electricity than they need – unnecessary bulbs, forgetting to switch off fans, televisions when not in use are typical examples. There are various best practices that save electricity and then money in the pocket highlighted in various awareness programs. Other than this, part of the power in Sri Lanka is generated using fossil fuels that are finite and cause air pollution.

Other than the above mentioned resources, many environmental resources are being over exploited by humans at present. Some of the metals and mineral resources are expected to be exhausted within few decades or centuries. Hence we have to be cautious in selecting materials for consumption. Whether it is water, food, other consumable or something else, we have to re think of two aspects; its necessity, whether we need it and the amount we require and our choice – whether the choices made by us are resource efficient with lesser ecological footprints.

Sustainable development is the accepted development model followed by the world. To be in line with that, we also have to be cautious of what we do and what we do not do, since that will save adequate resources for other people as well as the next generation.

http://nation.lk/online/2015/06/06/finding-sustainability-in-consumption/

Saturday, May 23, 2015

British action during 1915 riots

Dhanesh Wisumperuma


The Nation, 2015-05-23 (Insight)

http://nation.lk/online/2015/05/23/british-action-during-1915-riots/


1915 was the centenary year of the Kandyan convention, under which the entire island of Sri Lanka (then Ceylon) came under the United Kingdom in 1815. There was a notable rise of nationalistic movement in the country since early 1915. There was a public interest of the centenary of the convention and a National Day was celebrated in April 1915.This new socio-political developments ceased due to unfortunate incidents which took place in May-June that year, the Riots of 1915.

Riots of 1915, often known as 1915 Ceylonese Riots and 1915 Sinhala-Muslim riots commenced on May 28, 1915, 100 years ago. It was a communal disturbance and was directed against the Muslims.

These riots were against a section of the Muslims living in Sri Lanka, namely the Coast Moors, who were a group of recent emigrants from the Malabar Coast of South India. They were retail traders who penetrated into villages and were ready to extend credit, but they also sold at higher prices. The group had an advantage against their competitors.

Riots were caused by attacking a Buddhist perahera procession held in Kandy on that day, which was followed by an attack on a Muslim mosque and boutiques. This was put under control by the police. Since there were similar attacks in processions earlier in other places like Kurunegala earlier, people were vigilant on this. An event that took place on the next day in Kandy triggered the riots and spread into five provinces of the country – Western, Southern, Central, Sabaragamuwa and North-Western. Muslims were attacked, their boutiques and buildings were looted and damaged. The riots lasted until June 5.

The total death toll of the riot was either 106 or 116, as per the Governor and the military commissioners respectively. According to Armand de Sousa, Morning Leader Editor, who compiled a book titled Hundred Days in Ceylon under Martial Law, 39 of those killed during the riots were either Muslim or Sinhalese. At least 66 persons were killed by the military and the police. The number of total deaths could be different.

The British government headed by Governor Sir Robert Chalmers, took the situation seriously. As the Governor stated later in the Legislative Council, it was a “great calamity” and “the immediate steps demanded by the situation were to punish the guilty and to compensate victims.” Rather than a communal disturbance of simple nature, they treated the riots as an organized conspiracy against the British by the Sinhalese, although there was no evidence to support this ‘conspiracy theory’. It seems that the riots that could be easily handled by the police and authorities were made worse by the military. The most of the atrocities were conducted by the military or the volunteers under the martial law, which was declared on June 2 and maintained until August. The action taken by the authorities to suppress the riots and the method employed to raise compensation from the public are the two important aspects we are concerned with.

Suppression

Under the martial law, men were ‘liable to be shot at sight’ if they were out of their homes during certain hours. Several people were shot dead, either by the military and Europeans, who volunteered as town guards which included planters and shop-assistants. Punjabi soldiers were also employed in duty. Armand de Souza stated that a large number was shot in cold blood, not in the act of rioting or of resisting authority. He further stated that “deaths that occurred after June 5, suggest a misuse of authority, and require inquiry”. Many were arrested and detained and some were killed with or without a trail, often based on false charges. For instance Edward Hendy Pedris, who was himself an officer of the Town Guard, was shot based on treason charges, which were found as false later. There were many innocent people among the killed, including one or more women.

A large number were detained for their involvement in riots – 4,855 persons were convicted and 3,573 were acquitted by the tribunals. However some of the detainees were not connected to the riots, but were Sinhalese and Buddhists leaders who propelled themselves into action against the British authorities in other fronts – some were among the emerging leaders. Almost all prominent leaders of the temperance movement, which was on stage for about few years, were arrested and detained – this included Senanayake brothers (F.R., D.S. and D.C.), D.B.Jayatilaka, W.A de Silva, C. Batuwantudawe, Hewavitharane brothers (brothers of Anagarika Dharmapala – Dr. C.A. and Edmund – Edmund died while in prison in Jaffna). A.E. Goonesinha was among the arrested leaders of the Young Lanka Movement, a nationalist political association. Several trade union activists were also arrested, such as the 28 workers of the Railway Department who were deported to Eastern Province after the arrest.

There was a call for justice for the innocent people killed and detained. However, colonial authorities continued to refuse to investigate the charges of excesses committed by the military and others during the suppression of riots. The civil and military authorities were behind the reach of the law due to the provisions of ‘the Ceylon indemnity order’. For instance, a commission that inquired into the killing of 10 people in separate incidents in three Korales concluded that “the act of shooting (each) cannot be justified on the ground of the existence of martial law. In short it had no legal justification”. However it further mentioned that “since these executions were done for the maintenance of good order and government and for the public safety of the colony and therefore those ordered directed and done are protected by the Ceylon Indemnities Ordinance.”


Compensation issue

The damages caused by the riots were assessed by the government and were to be charged from the Sinhala people. A new ordinance, Riot Damages Ordinance (No 23 of 1915), was passed to provide necessary regulations to collect compensation from all Sinhala community.

Special Commissioners visited the villages and decided on the compensation due from a village. The general procedure was to summon people to a public place such as a school, and they were asked to hand over their title deeds to the government, often without a receipt. Then they were asked to pay a sum decided by the government as compensation within a given period of time. People obeyed this without a protest due to the presence of Punjabi soldiers at the scene, whose action was well known to them. Dwellers in villages where no Moorman were attacked or no property damage occurred or where people didn’t take part in any rioting were even demanded to pay the compensation.

The amount to be paid was generally a large sum, when we consider of that period. The numerous petitions submitted by the poverty-stricken villagers explain their inability to pay the sum. The villagers frequently mentioned that it was possible to them to pay the amount by mortgaging their deeds, but they couldn’t do that since the deeds were already in the custody of the government.

De Souza mentioned that these claims were ‘exorbitant and disproportionate compensation’. Compensation claims by the Moors was sometimes much higher than the real damage and Souza mentions of such instances. Often the compensation demanded from a village was several times higher than the actual damage occurred in that village.


Voicing for Sinhalese

These atrocities were mentioned by some of the patriots of the country in the Legislative Council. Sir Ponnambalam Ramanathan, the Ceylonese Member elected by the educated voters, voiced strongly for the Sinhalese, who suffered from the suppression as well as from the demand of compensation. He ‘rose for the defense of the Sinhalese leaders in a series of impassioned speeches’ as mentioned in the Volume 3 of University of Ceylon: History of Ceylon. He condemned the manner in which the disturbances were suppressed and the argued of the refutation of the conspiracy against the British. Ramanathan himself compiled a book titled ‘Riots and Martial Law in Ceylon, 1915’ which also includes his speeches at the Council.

We should note that the support received by Ramanathan, who was a Tamil, from the fellow local members of the Council to protect the rights of the Sinhala and Buddhists was inappropriate. Instead some of the local members seemed to support the British action, as revealed from the Hansards – Some members were fear of the upsurge of the new local political leadership. The outstanding support he received was from the European representative of the Council, Harry Creasy.

Another courageous effort was taken by E. W.Perera and D.B.Jayatilaka, who went to the UK despite the threat of World War I, tried to provoke a public opinion there on the atrocities conducted here in SriLanka and to get a body of commissioners appointed. This effort was unsuccessful as British Government was not willing to go for such an inquiry, as they thought it could hamper British morale, as the country was engaged in a World War.

In such a situation, Armand de Souza wrote that a grave consequence of all this is that the faith of the people in the justice and righteousness of British rule has been sharply shaken. The Governor Robert Chalmers, who was known for his oriental scholarship, was recalled in December 1915 and John Anderson was appointed as the new governor of the country.

ග්ලයිපොසේට්‌ පිළිබඳව ජගත් මට්‌ටමෙන් අවධානය

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2015-05-20, පි. 4 (Vidusara)

http://www.vidusara.com/2015/05/20/news4.html





පසුගිය සතියේ දී මෙරට ජනමාධ්‍යවල අවධානයට ලක්‌ වූ එක්‌ පුවතක්‌ වූයේ ග්ලයිපොසේට්‌ අඩංගු බහාලුම් හෙවත් කන්ටේනර් පහළොවක්‌ පමණ ප්‍රමාණයක්‌ මෙරටට ආනයනය කිරීමයි. ඉන්දුනීසියාවේ සිට මෙරටට ගෙන්වූ බව වාර්තා වූ මේ මේ බහාලුම් තුළ ඇතුළත් වූ ග්ලයිපොසේට්‌ ප්‍රමාණය ලීටර් 236,000ක්‌ පමණ බව ද පැවසිණි. කෙසේ වෙතත් නීතිමය අවහිරතාවක්‌ නොමැති බැවින් අදාළ කන්ටේනර් රේගුවෙන් නිදහස්‌ කරන ලද බව ද වාර්තා විය.

ග්ලයිපොසේට්‌ පිළිබඳව පසුගිය කාලයේ දී මෙරට තුළ තරමක ආන්දෝලනයක්‌ ඇති වූයේ රජරට ප්‍රදේශයේ දිස්‌ත්‍රික්‌ක කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින වකුගඩු රෝගය සඳහා මේ රසායන ද්‍රව්‍යය හේතු විය හැකි බව ඇතැම් පර්යේෂණ මගින් හෙළි කිරීම සමඟ ය. කෙසේ වෙතත් මේ අදහස රටේ සැලකිය යුතු ආන්දෝලනයක්‌ ඇති කිරීමට සමත් වූ අතර, විද්‍යාඥයන් අතර ඒ පිළිබඳව මතභේද පැවැති ආකාරය දැකිය හැකි විය. මේ පිළිබඳව බොහෝ වාද විවාද ද ඇති විය.

මේ තත්ත්වය හමුවේ මෙරටට ග්ලයිපොසේට්‌ ගෙන්වීම තහනම් කිරීමට පසුගිය වර්ෂයේ මුල දී එවකට පැවැති රජය තීරණය කළ ද වල් පැළෑටි නාශකයක්‌ ලෙස වැවිලි කර්මාන්තයේ අවශ්‍යතාව කෘෂිකාර්මික අංශ විසින් පෙන්වා දීම නිසා ඒ තහනම ඉවත් කරගන්නා ලදි.

කෙසේ වෙතත් අවසානයේ දී අපේ රටේ දිස්‌ත්‍රික්‌ක කිහිපයක හා ප්‍රාදේශීය ලේකම් කෙට්‌ඨාස කිහිපයක ග්ලයිපොසේට්‌ හා තවත් රසායනික ද්‍රව්‍ය හතරක්‌ භාවිතය, අලෙවි කිරීම සඳහා ඉදිරිපත් කිරීම හා අලෙවි කිරීම තහනම් කර තිබේ. පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ බලතල අනුව 2014 දෙසැම්බර් මස 22 වැනි දින නිකුත් කරන ලද අංක 1894/4 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රය මගින් මේ තහනම පනවා ඇත. ඒ අනුව අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල හා කුරුණෑගල යන දිස්‌ත්‍රික්‌ක තුළ ද, මහියංගනය, රිදීමාලියද්ද හා කන්දකැටිය යන බදුල්ල දිස්‌ත්‍රික්‌කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස තුළ ද මේ තහනම ක්‍රියාත්මක වේ. මෙහි දී තහනම් කරන ලද අනෙක්‌ සක්‍රිය රසායනික ද්‍රව්‍ය වන්නේ ප්‍රොපනිල් (Propanil), කාබරිල් (Carbaryl), ක්‌ලෝµයිරිපොස්‌ (Cholopyrifos), කාබොµsයුරාන් (Carbofuran) යන රසායනික ද්‍රව්‍ය ය.

අදාළ දිස්‌ත්‍රික්‌ක හැර රටේ සෙසු ප්‍රදේශවල මේ තහනම ක්‍රියාත්මක නො වේ. එමෙන් ම මේ රසායන ද්‍රව්‍ය තහනම ක්‍රියාත්මක වන්නේ ද යන්න සොයා බැලීම සඳහා පියවරක්‌ ගත් බවක්‌ ද වාර්තා නො වේ.

ජගත් මට්‌ටමේ දී ග්ලයිපොසේට්‌


අපේ රටේ බොහෝ දෙනා සිතා සිටි පරිදි ග්ලයිපොසේට්‌ නිසා ඇති විය හැකි ගැටලු සම්බන්ධව අවධානය යොමු ව තිබුණේ අපේ රටේ පමණක්‌ නො වේ. රටවල් ගණනාවක ම මේ රසායන ද්‍රව්‍ය සම්බන්ධව කලක පටන් සැලකිය යුතු අවධානයක්‌ යොමු ව තිබිණි.

ලෝකයේ වැඩි ම ප්‍රමාණයකින් නිෂ්පාදනය කරනු ලබන වල්පැළෑටි නාශකය වන්නේ මේ ග්ලයිපොසේට්‌ ය. එය කෘෂිකාර්මික, වනවිද්‍යාත්මක, නාගරික මෙන්ම ගෘහාශ්‍රිත පරිහරණය සඳහා යොදගන්නා නිෂ්පාදන 750කට අධික ප්‍රමාණයක්‌ සඳහා භාවිත වන බව සඳහන් වේ. 1970 දශකයේ දී පමණ වෙළෙඳපොළට පැමිණි මේ රසායන ද්‍රව්‍යය ඕගනෝපොස්‌පේට කාණ්‌ඩයට අයත් රසායන ද්‍රව්‍යයකි. ඇතැම් දියුණු රටවල මේ රසායන ද්‍රව්‍යය භාවිත කිරීම ඉහළ ගොස්‌ ඇත්තේ ඊට ඔරොත්තු දෙන ග්ලයිපොසේට්‌ ප්‍රතිරෝධී ශාක ප්‍රභේද ජාන විකරණය මගින් නිපදවා ඇති නිසා ය. එය කෘෂි නිෂ්පාදනවල දී වැඩි අස්‌වැන්නක්‌ ලබාගැනීම සඳහා ප්‍රයෝජනවත් වේ.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා සම්බන්ධ පර්යේෂණායතනය මගින් පසුගිය මාර්තු මාසයේ දී සිදු කරන ලද එළිදරව් කිරීමක්‌ නිසා ග්ලයිපොසේට්‌ අරභයා ඇති මේ කැමැත්ත පිළිබඳව යළි සිතා බැලීමට සිදු වී ඇති බව පෙනේ.

ග්ලයිපොසේට්‌ පිළිකාකාරකයක්‌ විය හැකි ය


ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ පිළිකා සම්බන්ධ විශේෂිත ආයතනය වන, ප්‍රංශයේ පිහිටා ඇති පිළිකා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර ඒජන්සිය (International Agency for Research on Cancer - ICAR) ග්ලයිපොසේට්‌ සම්බන්ධව ප්‍රකාශ කළේ එය පිළිකාකාරකයක්‌ විය හැකි බව ය. එA තීරණය ගන්නා ලද්දේ මේ පිළිබඳ විශේෂඥයන් 17ක ගෙන් යුක්‌ත කණ්‌ඩායමක්‌ විසින් ඕගනෝපොස්‌පේට පළිබෝධනාශක පහක්‌ සම්බන්ධව සිදු කරන ලද ඇගැයීමක ප්‍රතිඵලයක්‌ ලෙස ය.

එහි දී ග්ලයිපොසේට සහ කෘමිනාශක ලෙස භාවිත වන, මැලතියන් (malathion) හා ඩයසිනොන් (diazinon) යන රසායන ද්‍රව්‍ය තුන ම 'මානව පිළිකාකාරක වීමට සම්භාවී වූ' (probably carcinogenic to humans) හෙවත් 2A කාණ්‌ඩයට ඇතුළත් කර ඇත. මේ කාණ්‌ඩයට අයත් වන්නේ මිනිසුන්ට පිළිකාකාරක වන බවට සීමිත සාධක ඇති බව හා පරීක්‌ෂණාත්මක සතුන් සම්බන්ධ පර්යේෂණවල දී එA බවට ප්‍රමාණවත් සාධක ඇති ද්‍රව්‍ය ය. (IARC ආයතනය පිළිකාකාරක ද්‍රව්‍ය කාණ්‌ඩ පහකට වර්ග කරයි. 1 වැනි කාණ්‌ඩය යනු 'මානව පිළිකාකාරක' (carcinogenic to humans) ද්‍රව්‍ය වේ. දෙවැන්න ඉහත සඳහන් 2A කාණ්‌ඩයයි. තෙවැන්න හෙවත් 2ඊ කාණ්‌ඩය 'මානව පිළිකාකාර බවට භව්‍ය' (possibly carcinogenic to humans) වූ ද්‍රව්‍ය ය. සිව්වැන්නට (3 කාණ්‌ඩය) අයත් වන්නේ 'මානව පිළිකාකාරක බවට වර්ග කිරීමට අපහසු' (Not classifiable as to its carcinogenicity to humans) ද්‍රව්‍ය ය. 4 වැනි කාණ්‌ඩයට අයත් වන්නේ 'මානව පිළිකාකාරක නො විය හැකි' (Probably not carcinogenic to humans) ද්‍රව්‍ය ය.)

මේ පිළිබඳ පුවතක්‌ The Lancet Oncology සඟරාවේ පළ විය. (Carcinogenicity of tetrachlorvinphos, parathion, malathion, diazinon, and glyphosate, DOI: 10.1016/S1470-2045(15)70134-8). මේ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව ඉදිරියේ දී ප්‍රකාශයට පත් වීමට නියමිත ය. එA, පිළිකා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර ඒජන්සියේ 112 වැනි වාර්තාව ලෙසිනි.

මිනිසුන්ට පිළිකා ඇති කරන බවට ඉහත වාර්තාවේ උපුටා දක්‌වා ඇති පහත සඳහන් පර්යේෂණ සිදු කර ඇත්තේ කෘෂිකාර්මික අංශයේ යෙදෙන පිරිස්‌ පදනම් කරගනිමිනි. ඒ අනුව වසා පද්ධතිය ආශ්‍රිත පිළිකා තත්ත්වයක්‌ වන non-Hodgkin lymphoma ඇති වීමේ අවදානම ග්ලයිපොසේට්‌වලට නිරාවරණය වීම නිසා ඉහළ යන බව පහත අධ්‍යයනවලින් දක්‌වා ඇත.
  • ස්‌වීඩනයේ දී පුළුල් වයස්‌ පරාසයක කාන්තාවන් හා පිරිමින් යොදාගනිමින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව ග්ලයිපොසේට්‌ හා මේ පිළිකා වර්ගය අතර ශක්‌තිමත් සම්බන්ධයක්‌ පවතී. 1999-2002 අතර දී සිදු කළ මේ අධ්‍යයනය 2008 වර්ෂයේ දී පළ විය. (International Journal of Cancer, DOI: 10.1002/ijc.23589)
  • ඇමෙරිකාවේ මධ්‍ය-බටහිර ප්‍රදේශයේ පිරිමින් ආශ්‍රිතව සිදු කරන ලද අධ්‍යයනයකට අනුව, උක්‌ත පිළිකා ඇති වීම ඉහළ යැම සඳහා ග්ලයිපොසේට්‌ හේතු විය හැකි ය. මෙය 2003 වර්ෂයේ දී පළ වූවකි. (Occupational& Environmental Medicine, DOI: 10.1136/oem.60.9.e11)
  • පිරිමින් පමණක්‌ යොදාගෙන කැනඩාව පුරා සිදු කරන ලද, 2001 වර්ෂයේ දී ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයක දී පෙනී ගොස්‌ තිබුණේ ග්ලයිපොසේට්‌ භාවිත කරන දින ගණන හා මේ පිළිකා ඇති වීම අතර සම්බන්ධයක්‌ ඇති බවයි. (Cancer Epidemiology, Biomarkers & Prevention, වෙළුම 10) 

කෘෂිකාර්මික සේවකයන් ගේ රුධිරයේ හා මුත්‍රාවල ග්ලයිපොසේට්‌ ඇතුළත් බව ඇතැම් පර්යේෂවලින් දක්‌වා තිබේ.

සතුන් සම්බන්ධ පිළිකා සම්බන්ධ ප්‍රමාණික සාදක ද උක්‌ත වාර්තාව සඳහා පදනම් කරගෙන ඇත. මේවා මීයන් ගේ වෘක්‌කීය නාළිකා, සම ආශ්‍රිත දුර්ලභ අර්බුද තත්ත්ව, අග්න්‍යාශය ආශ්‍රිත ඇඩිනෝමා තත්ත්ව ආදිය මේ සඳහා නිදසුන් වේ. එසේ ම ග්ලයිපොසේට්‌ හා ග්ලයිපොසේට්‌ ආශ්‍රිත සංයෝග නිසා ඩීඑන්ඒ හා වර්ණදේහවලට හානි කරන ලද අවස්‌ථා ක්‌ෂීරපායින් සම්බන්ධ අධ්‍යයනවලින් ද මිනිස්‌ සෛල හා සත්ත්ව සෛල යොදාගෙන කළ බහිර්රෝපණ (in vitro) අධ්‍යයනවලින් ද දක්‌වා ඇත.

පසුගිය සතියේ වාර්තා වූ පුවතකට අනුව ඇමෙරිකාවේ රාජ්‍ය ආයතනයක්‌ වන පරිසර ආරක්‌ෂක ඒජන්සිය (Environmental Protection Agency) මේ වන විට ග්ලයිපොසේට්‌ පිළිබඳව කිසියම් වූ අධ්‍යයනයක්‌ සිදු කරමින් සිටින අතර එහි වාර්තාව ඉදිරියේ දී නිකුත් වීමට නියමිත ය. (මීයන් තුළ අර්බුද (tumour) ඇති වීම පිළිබඳ පැවැති සාධක හේතුවෙන් ග්ලයිපොසේට්‌ 'මිනිසුන්ට භව්‍ය පිළිකාකාරක' (possible human carcinogen) බවට 1985 දී ඇමෙරිකානු පරිසර ආරක්‌ෂණ ඒජන්සිය නම් කළ අතර, පසුව 1991 වර්ෂයේ දී ඒ නම් කිêම ඉවත් කර ඇත.)

ග්ලයිපොසේට්‌ තහනම් කර ඇති රටවල්


ඉහත සඳහන් කර ඇති ආකාරයට ග්ලයිපොසේට්‌වල ඇති සෞඛ්‍ය බලපෑම් නිසා එය තහනම් කිêමට පියවර ගෙන ඇති එක ම රට අපේ රට පමණක්‌ නො වේ.

ජාත්‍යන්තර මාධ්‍ය ඔස්‌සේ වාර්තා වූ ආකාරයට ඇතැම් රටවල් ග්ලයිපොසේට්‌ භාවිතය සීමා කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇත. කොලම්බියාවේ නීතිවිරෝධි ලෙස වගා කරන කොකා වගා විනාශ කිරීම සඳහා ග්ලයිපොසේට්‌ යොදාගැනීම නතර කරන බව පවසා තිබුණේ පසුගිය සතියේ දී ය. ඇමෙරිකාවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක මේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන යටතේ ගුවන් යානා මගින් ග්ලයිපොසේට්‌ ඉසීම සිදු කරන ලදි. (ඇමෙරිකාව මේ සඳහා මැදිහත් වන්නේ මේ නීතිවිරෝධී කොකා ශාක යොදාගනිමින් නිපදවන කොකේන් අවසානයේ දී ඇමෙරිකාවට යෑවෙන නිසා ය). ග්ලයිපොසේට්‌ සඳහා වෙනත් විකල්පයක්‌ සෙවිය යුතු බව එරට ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. මේ සඳහා ඔවුන් පදනම් කරගෙන ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු හැඟවීමයි.

එල් සැල්වදෝරය ග්ලයිපොසේට්‌ සම්බන්ධ සීමා කිරීම් සිදු කරන ලද්දේ 2013 වර්ෂයේ දී ය. නෙදර්ලන්තය, පෞද්ගලික භාවිතය සඳහා ග්ලයිපොසේට්‌ අලෙවි කිරීම තහනම් කිරීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වූයේ මෑතක දී ය. බ්‍රසීලය වැනි වෙනත් රටවල් ද ග්ලයිපොසේට්‌ සීමා කිරීම පිළිබඳව පියවර ගත් බව මින් පෙර වාර්තා වී තිබිණි.

මේ කරුණු සියල්ල විමසා බලන විට අපට පෙනෙන්නේ ග්ලයිපොසේට්‌ යනු තවදුරටත් අවධානය යොමු කළ යුතු රසායන ද්‍රව්‍යයක්‌ බවයි. අනෙක්‌ අතට අපේ රටේ තත්ත්වය සම්බන්ධව ද අවධානයෙන් සිටීම වැදගත් ය. රටේ කිසියම් ප්‍රදේශයක පමණක්‌ මේ රසායන ද්‍රව්‍යය තහනම් කිරීමෙන් එය භාවිතයේ කිසියම් අඩු වීමක්‌ ඇති වේ ද යන ගැටලුව මතු වේ. මේ තත්ත්වය තවදුරටත් විමසා බැලිය යුතු තත්ත්වයකි.

Saturday, May 9, 2015

The story of a lost landmark

Dhanesh Wisumperuma


The Nation, 2015-05-09 (Insight)

http://www.nation.lk/edition/insight/item/40533-the-story-of-a-lost-landmark.html




Chalmers Granaries

Chalmers Granaries were once a well-known landmark in Colombo, or precisely in Pettah. These were a complex of grain stores, situated in the square shaped land surrounded by Olcott Mawatha, Front Street (Malwatta Road), Main Street-Baron Jayathilake Mawatha and the canal between Fort and Pettah. These buildings once served as a granary or a store of imported grain before the distribution within the country.

The granaries functioned for decades, ensuring food security and sanitary food supplies until it was closed down. Chalmers Granaries are now no more as those were demolished few years ago (in 2012, as the Google Earth images show) to make way for modern buildings, yet to be built upon the site.The granary will be forgotten with time, although its name still being mentioned as the name of a place.

The history of this granary complex is not much discussed. Some writers have mentioned that this was built as a precaution against possible rice shortages at the commencement of the World War I. Some have dated its opening to 1916. However, the real facts are different from these, as it was built in respond to a plague and was opened on May 11, 1915, exactly a century ago.

Plague of 1914

The story of the granary begins with a serious plague that affected the country, predominately Colombo, in early 1914. An outbreak of the septeceamic plague, an infectious disease caused by bacteria called Yersinia pestis, that took place from the end of January 1914. Introduced from India, this outbreak caused 401 deaths during that year in the country and went on to cause further deaths in next year. It was prevalent in present Colombo and parts of present Gampaha District and the majority of these deaths were from Colombo Municipality limits. It was mostly confined to the poorer classes of the area, but the commercial sector of the city was also affected. The impact on the harbor was crucial with labourers leaving the harbor, causing delays in shipping.

The British rulers of the country took steps to halt the spread of the disease to other parts of the country. Scientific investigations revealed that a flea was spreading the bacteria that were causing the disease and the host of the flea was rats. An anti-rat campaign was organized by the government and rats were killed by poisoning and trapping. Authorities also considered of unhygienic situation in Colombo rice stores. Sanitary rice stores were prepared instead of private stores, as a temporary measure. The unfinished customs warehouse and the newly built Fort Railway Station were among these temporary sanitary stores. A proper rat-free rice stores was an urgent need under these circumstances. It seems the Racquet Court site in the western end of Pettah was proposed for such a rice store, a granary.

Idea of a granary

The Racquet Court site was discussed at the Legislative Council on July, 27 1914. It seems that it was opposed by some as it was the only recreational ground available for the people living in the area. In addition the traders were of the fear that the government was aiming towards a monopoly in rice storage. Finally the Council passed a motion approving provision to be made for the erection of rice stores in Colombo. The Colonial Secretary also pledged that a committee will be appointed to report on the sites and ancillary measures that can be taken.
Accordingly, a committee was appointed by the Governor Sir Robert Chalmers to consider and report upon the sites and plans for a rice stores in Colombo. It was chaired by Frederick Bowes, the Principal Collector of Customs, and its members included key state officials and Legislative Council members. It had three meetings and in July and August 1914 and examined rice merchants, Health Officer of Colombo Municipality and submitted a report dated August 24th. The Committee recommended the government to erect a central warehouse in the Racquet Court and the adjoining grounds. It also recommended that all rice imported into Colombo should be stored in these buildings, and that no importers or other rice merchants should be allowed to store rice in their own private stores.

The Racquet Court site was the ideal site, as it facilitated easy transport as it was in close proximity to the harbor, railway and Pettah. The Public Works Department was ordered to proceed with its construction by Sir Robert Chalmers, who was the then Governor in Sri Lanka. ( then Ceylon)

This was the beginning of the granary complex, which became to known as ‘Chalmers Granaries’, named after the Governor who ordered its construction.

Rat proof

The construction of the granary complex was commenced in September 1914. The plan was to construct 10 granaries, with a storage capacity to store 500,000 bags of rice. The records say that the granaries were to be constructed with reinforced concrete walls, granite sett paved floors on cement concrete and rubble foundations with the aim of making those as rat proof as possible. Roofs were to be made of poilite iron trusses, and sliding doors were to be finished in corrugated iron. There were wide verandahs around the building and offices too. Railway sidings were to be made to facilitate direct loading of grain. The estimated cost of the scheme was Rs. 1,700,000.

The two sheds to be completed first were opened in the afternoon of May 11, 1915, with an illustrated function. Governor Chalmers was welcomed with honor by the rice merchants of Colombo. After a welcome speech by a Legislative Council Member, Sir Ponnambalam Arunachalam invited the Governor to open the granary. Chalmers unlocked a silver padlock with a silver key to open a sliding door of a granary shed. After inspecting the shed, he put a quarter bushel of samba rice to auction, measured with a silver quarter bushel measure. A beautiful silver casket was presented to the Governor by the rice merchants, which contained an inscription mentioning of the event. Since the sheds were the ultimate result of the deadly plague, Times of Ceylon reported this event under the headline ‘Seed of sanitary salvation sown by the plague’.

However the entire granary complex was completed only in 1918. The shortage of certain building materials such as cement and cast iron caused a delay in the construction, as the World War I caused problems in shipping. Finding poilite tiles for roofing, expected from Italy, was also a problem caused by the war. Sometimes, alternative materials were used as a substitute until the authorities received expected materials. The prices of the imported materials were higher than usual due to the war, but the Department was able to set off that additional expenditure by obtaining rubble and metal free from the quarry at Ragama, operated under prison labor.

The cost of the construction of Chalmers Granaries is stated at Rs. 1,697,198.67, a little less than the original estimate. The total value of the 9.89 acre land on which it stood was estimated at Rs. 2.967 millions.

A railway line was built to the granary complex, as railway was the principal mode of goods transport in the country at that time.

The name ‘Chalmers Granaries’ was in use as soon as the complex was opened, newspapers mentioning that name within a month of its opening. These granaries provided services for the country for several decades. As per the records it was in use in early 1980s. Finally the unused granary complex was demolished to pave way for a modern land use recently.
Courtesy: Google Earth

http://www.nation.lk/edition/insight/item/40533-the-story-of-a-lost-landmark.html

Sunday, April 26, 2015

Heroes and monuments

Dhanesh Wisumperuma


The Nation, Insight,p. i11

http://www.nation.lk/edition/insight/item/40138-heroes-and-monuments.html

LTTE bulldozer destroyed by Gamini Kularatne, as seen soon after the war was over (Pics by Bushana Kalhara)


A person who passes Elephant Pass notices of a monument made of a bulldozer plated with armor, which silently reminds the heroic action of a soldier during the war that devastated the country for a period about three decades. It was when the Elephant Pass army camp came under attack by the Liberation Tigers of Tamil Eelam (LTTE) terrorists in July 1991. A bulldozer was moving towards the camp was a strange sight for the soldiers, and it was obvious that it could cause serious damage to the camp. A valiant soldier named Gamini Kularatne took a decision and moved towards the bulldozer, and stopped its movement by tossing grenades inside it, amidst the heavy fire from the terrorists. Kularatne was successful in stopping the terrorist bulldozer, but he made supreme sacrifice in doing so.

Gamini Kularatne is one of the heroes of the country who emerged as exceptional during the terrorist war of Sri Lanka. He was awarded with the Parama Weera Vibhushanaya Award, the highest award for gallantry which can be received by a military personal in Sri Lanka. He is the first person to receive the award, and became known as Hasalaka Weeraya, since he was from Hasalaka.

The bulldozer monument at Elephant Pass is the same bulldozer which was destroyed by Kularatne. It was there even after the fall of Elephant Pass some years later and during the time when the area was under the LTTE. Since the defeat of the terrorists, the bulldozer is an attraction for fellow Sri Lankan, who tour the area.

War memorials

This event was recalled here as a recent comment made by a left wing politician monk stating this monument should be removed as it belongs to the past, and can be a barrier in the post-war society. There was a discussion on this statement in the society and many condemned the statement.

Erecting monuments and memorials for war fallen is to commemorate them or the victory of the battle or the event is common all over the world. Ordinary people and authorities build monuments for their heroes, apart from the personal memorials often erected by the relatives. This can be seen in many countries of the world as all nations have heroes who braved themselves to face the enemies valiantly. Such monuments boost the morale of the fellow soldiers and of a nation as a whole.

The monument at Elephant Pass commemorates a hero, who fought to defend the country from separatist terrorists. Similarly, there are many monuments built to commemorate other heroes in various places of the country, who fought to safeguard the territorial integrity of Sri Lanka. The largest of all is the “war heroes monument” situated near the Parliament in Sri Jayewardenapura, where names of all the fallen heroes of the Armed Forces and Police during the recent war are inscribed. There is another monument related to this war, built for the fallen members of the Indian Peace Keeping Forces (IPKF), numbering more than 1,500, killed by the terrorists during their peace keeping mission in 1987-1990 near the Parliament.

Apart from those monuments of the recent war, there are few built to commemorate incidents such as the suppression of locals in 1817 and 1848 struggles of freedom, often interpreted as ‘rebellions’. One at the place where Major Wilson was killed in 1817 and where ‘rebels’ were dispersed in Matale are two examples for such. It should be noted that there are some other war-related monuments are there, which are not directly related to Sri Lanka, i.e. numerous World War I and II monuments and even the Boer War Memorial in Kandy.

Ancient tradition

There is an ancient tradition of building monuments for war heroes – known as weera gala (hero-stone), where a fallen war hero was commemorated and he is mentioned as born in heaven.

A well-known hero-stone can be found at the Archaeological Museum at Anuradhapura. It was first discovered from a ruined site called Velana Damana in a forest in Vilachchiya Korale, Anuradhapura district in 1896 by HCP Bell. However, it was rediscovered 50 years later and taken to the museum.

This particular hero-stone is of interest due to the ideology behind it. The stone has two panels – the large lower panel consists of a battle scene. The hero is depicted as fighting with four enemies, with the support of a fellow comrade. The enemies are dead or dying while hero has been wounded fatally by arrows, but he continue to fight with the enemy facing undaunted up to death. The hero and his other comrade have vanquished four enemies, but at the cost of their lives. The upper panel consists of a noble figure which is being fanned by two nymphs. Prof. Senerath Paranavitana identified the figure as a Buddha, more precisely as Aksobhya Buddha and interpreted that the statue is the consciousness of the war hero, who was born in heaven. The stone bears a Sinhalese language inscription, belonging to the period between 10TH and the 12TH centuries, which is totally illegible. Prof. Anuradha Seneviratne differentiated from this explanation and argued that the fallen soldier is depicted as to attain nirvana after seeing the Buddha.

These hero-stones are a depiction of the belief that a warrior who died a hero’s death on the battlefield obtains bliss of heaven. This belief was strong in India, where Hindu beliefs supported the idea. There are many hero-stones found in South India. However, such a belief is not accepted by the Buddhist teachings which do not tolerate the killing of any living being. There are about five hero-stones found so far from Sri Lanka, and this tradition most probably had an influence of south India.
However, despite the fact that Buddhism rejected killing of living beings, many rulers of Sri Lanka fought war, emerged victorious and even were able to invade other countries. Some of such gallant rulers and heroes are stated to have been born in heaven. That is how the country’s sovereignty and the territorial integrity have been protected during the past.

http://www.nation.lk/edition/insight/item/40138-heroes-and-monuments.html

Saturday, April 11, 2015

Rare landscape of Ussangoda

Dhanesh Wisumperuma
The Nation, 11-04-2015 (Insight, p. i 10)

http://www.nation.lk/edition/insight/item/39844-rare-landscape-of-ussangoda.html

Pics by Bushana Kalhara




After turning off a small road to the right near Nonagama Junction on Colombo-Hambantota (A2) road, we proceeded few hundred meters and then turned to the right hand side again and there was our destination. We were in the middle of a rare and unusual landscape of the country, known as Ussangoda.

Anyone would be able to see the difference of the open landscape in front of us in contrast to the surrounding area, which comprised mostly of dry zone vegetation. The soil of the area was deep red in color and quite an extensive area was almost devoid of any tall vegetation, except in few small patches that contained small shrubs. We were amazed by the scenery, while walking across the flat landscape in a southerly direction. The area is a rock outcrop significantly higher from the sea level, which is evident from the southern end where a narrow path taperes down towards the sea shore. This landmass was unusual and unique in the southern coastal belt of the country, a fact that is apparent to any visitor to the place. The Ussangoda rock outcrop is situated within the Ambalantota Divisional Secretariat Division in the Hambantota district in the Southern Province of Sri Lanka. To the west of it was the Lunawa Kalapuwa, a lagoon, and Kalametiya Sanctuary. Lunawa, Kalametiya, Nonagama and Welipatanwila are among the villages situated close by.

Usangoda or Ussangoda

The name of the area was pronounced as ‘Usangoda’, as evident in Nila Kobo Sandesaya, a 18th century sandeshakawya(messenger poem). This poem was written with the objective of carrying a message to the god Kataragama and the messenger bird flew across this area. It mentioned the place as Usangoda, which could be the original name which changed to the easily pronounceable from Ussangoda better known today. The poet instructed the bird to look at the soil which was in red color resembling the flesh of humans that was piled up by a group of non-humans or demons that came from the ocean to encroach the land. The poet also likened the color of the soil to a type of red colored flower, rakthakusuma, which could be the rathmal. It is worthy to note that the poet who lived two centuries ago was aware of the color of the soil of this place. However, he didn’t want to comment how the red color originated.

The rock outcrop is a high rising ground from the sea shore and the name may have been originated from that sense – the higher ground area. The recorded name ‘Usangoda’ supports this. It is still used by many.

As we were aware, there are many folk stories coined to explain the origin of the color and the lack of vegetation on the landscape, some of which are undoubtedly of very recent origin. One story mentions that this was the place where betel was first brought to Sri Lanka and the color of the soil was a result of deposition of masticated betel! Another story goes on to say that it was a ground of the local deity Mangara. A third story links this place to Ravana, a character of the Indian epic poem of Valmiki, considered as a mythical one by the learned people. There will be such folk stories generated in future too, due to the creativity of the people, and not based on facts. There is a suggestion that this is where a meteor knocked the earth in the past.
However this unusual nature of Ussangoda rock outcrop is explained by science.

Serpentine rock

Ussangoda is an outcrop of a rock type known as ‘serpentine rocks’, which is a rare formation in Sri Lanka. According to geologists, serpentine bodies are naturally found in the vicinity of the boundary of Highland and Vijayan Complex, two geological plates that make the country. Availability of serpentine rocks in Sri Lanka was not known to science until 1970s, when geological explorations revealed the availability of such sites along the boundary of the two plates. There are six serpentine rock formations found in the country–other sites being Yudhaganawa (in Wasgomuwa), Indikilapelessa, Ginigalpelessa, Katupotha and Rupaha, all of which are situated along the boundary of the plates.

These serpentine bodies and soils associated with them contain high concentrations of heavy metals such as nickel, cobalt, iron and magnesium. There are iron oxide and silicon dioxide as major components of the soil. It is these heavy metals that limit the growth of vegetation on the surface of these bodies as it alters the physical and chemical nature of soil. Plants that can tolerate the heavy metal concentration are able to establish themselves in this extreme environment. Researchers have found high concentrations of heavy metals in the few species of plants which grow on such places. This vegetation is often known as serpentine flora and includes a few dozens of species that fascinate many scientists by their remarkable ability to thrive on this type of soils.

The vegetation of the serpentine Ussangoda area contains of two distinct forms of vegetation - dominant prostrate species (plants that grow lying along the ground) and few patches of thorny shrubs. There is a number of research papers conducted on the vegetation of Ussangoda and other serpentine rocks.

Due to this particular ecological significance, and due the proximity to the other important habitats in the surrounding area, an area comprising 349 hectares (i.e. 862 acres) was declared as the Ussangoda National Park under the Flora and Fauna Ordinance in May 2010. We noticed the possible tracks of driving vehicles through this landscape, which can cause degradation of the site.

Time has passed and the evening sun was going down the western sky. It was time to say goodbye to this extraordinary place. On our return we had a locally made fruit drink made of the fruits of kadol, a mangrove plant, and sold by the villagers in the small thatched huts – they are receiving some income from the tourists that visit the area. We left the place while keeping this in mind - it is our duty to protect this place, even from misinterpretations.


The unusual landscape of reddish earth


Small rock found on the flat land


A low-lying plant that flourish on the landscape

http://www.nation.lk/edition/insight/item/39844-rare-landscape-of-ussangoda.html

Monday, March 30, 2015

ශී‍්‍ර ලංකාවේ උද්භිද උද්‍යාන නව මාවතකට

ශී‍්‍ර ලංකාවේ උද්භිද උද්‍යාන නව මාවතකට

ධනේෂ් විසුම්පෙරුම

විදුසර 2015-03-11 (Vidusara) - Not available online

ඡායාරූප: භූෂණ කල්හාර


උද්භිද උද්‍යානයක් කී පමණින් බොහෝ දෙනාගේ සිතට නැගෙන්නේ විසිතුරු මල් හා වෙනත් ශාකවලින් පිරුණු අලංකාර උද්‍යානයකි. මේ නිසා පොදු ව්‍යවහාරයේදී මෙවැනි උද්‍යාන හඳුන්වනු ලැබෙන්නේ මල්වත්ත යනුවෙනි. මේ හේතුවෙන් උද්භිද උද්‍යාන යනු දේශිය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ සිත් ගත් ස්ථාන වේ.

ඈත අතීතයේ පටන් අපේ රටේ මෙවැනි මල්වතු පැවති බවට සැලකිය යුතු සාධක තිබේ. කෙසේ වෙතත් නූතන අර්ථයෙන් යුක්තව පොදු උද්භිද උද්‍යාන ආරම්භ වන්නේ 19වන සියවස ආරම්භයේදී පමණය. මෙරට පහතරට ප‍්‍රදේශ පාලනය කළ බි‍්‍රතාන්‍ය ජාතිකයන් 1810 වර්ෂයේදී පමණ කොළඹ නගරයේ වර්තමාන කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේ ‘කිව් උද්‍යානය’ නමින් උද්භිද උද්‍යානයක් ආරම්භ කරන ලදී. එය පිහිටුවීම සඳහා එවකට බි‍්‍රතාන්‍යයේ විසූ ජෝසප් බෑන්ක්ස් නම් ප‍්‍රකට විද්‍යාඥයාගේ උපදේශය හා විශේෂ උනන්දුව හේතු විය. එහි එක් අරමුණක් වූයේ යටත්විජිතයක් වූ ලංකාවේ වෘක්ෂලතාදිය හා සම්පත් ආර්ථික වශයෙක් උපයෝගි කරගත හැකි ආකාරය පිළිබඳ සොයා බැලීමය. 1813 වර්ෂයේදී පමණ මේ උද්‍යානය කළුතර උග්ගල්බඩ ප‍්‍රදේශයට ගෙන යන ලදි. යළිත් 1821 වර්ෂයේදී මේ උද්භිද උද්‍යානය, වඩා යෝග්‍ය දේශගුණයක් පැවැති මහනුවර ආසන්නයේ පිහිටා ඇති පේරාදෙණිය වෙත ගෙන යන ලද අතර, එය අද වන විට මෙරට ප‍්‍රමුඛතම උද්‍යානය ලෙස ‘පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය’ ලෙස ප‍්‍රකටය.

මේ අතර 1861 වර්ෂයේදී නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ හක්ගල උද්භිද උද්‍යානය ආරම්භ කරනු ලබන්නේ ආර්ථික භෝගයක් ලෙස මෙරට වගා කිරීම ආරම්භ කළ සින්කෝනා වගාව පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සඳහාය. එ් ආකාරයෙන්ම රබර් වගාව ශ‍්‍රී ලංකාවට හඳුන්වාදීමත් සමඟ, රබර් පිළිබඳ පර්යේෂණ සිදු කළ වර්තමාන ගම්පහ දිස්ත‍්‍රික්කයේ හෙනරත්ගොඩ ප‍්‍රදේශයේ 1876 වර්ෂයේදී උද්භිද උද්‍යානයක් පිහිටුවන ලදි. එදායින් පසුව ගත වූ කාලය ඇතුළත බදුල්ල, නුවරඑළිය හා අනුරාධපුර වැනි ස්ථාන කිහිපයක උද්භිද උද්‍යාන පිහිටුවන ලද නමුත් විවිධ හේතු නිසා එ්වා පසු කලක අත්හැර දමා තිබේ.

වර්තමානයේ මෙරට උද්භිද උද්‍යාන පාලනය කරනු ලබන්නේ උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසිනි. ආරම්භයේ සිට 19වන සියවස පුරා රජයේ ස්වාධීන දෙපාර්තමේන්තුවක්ව පැවැති එය, 1912දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටුවීමත් සමඟ එය යටතට පත් විය. ඉන්පසුව, යළිත් 2006 වර්ෂයේදී උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ස්වාධීන දෙපාර්තමේන්තුවක් බවට පත් විය.


උද්භිද උද්‍යානවල කාර්යභාරය

උද්භිද උද්‍යානවල මූලික කාර්ය භාරය වන්නේ ඇතැම් විට සාමාන්‍ය ජනතාව විශ්වාස කරන පරිදි හුදෙක් සෞන්දර්යාත්මක වින්දනයක් හා විනෝදාස්වාදයක් ලබාදෙන මල්වත්තක් සේ ක‍්‍රියා කිරීම නොවේ. මේ උද්‍යානවල කාර්යභාරය පිළිබඳව බොහෝ උගතුන් හා විද්‍යාඥයින් අතර පවා ප‍්‍රාමාණික අවබෝධයක් නොමැත. මේවාට වඩා වැදගත් වූ විද්‍යාත්මක කාර්යභාරයක් තිබේ.

උද්භිද උද්‍යානවල ඇති ප‍්‍රධානතම වැදගත්කම වන්නේ විතැන් සංරක්ෂණය සඳහා එ්වා දක්වන දායකත්වයයි. එමගින් ශාක ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේලා ඉතා වැදගත් ප‍්‍රයෝජනයක් සැලසේ.

ශාක පිළිබඳ පර්යේෂණ පැවැත්වීමේදී වැදගත් කාර්යයක් උද්‍යානවලින් සිදුවේ. නිදසුනක් ලෙස ගතහොත් විද්‍යාත්මක පර්යේෂණ සඳහා වැදගත් වන ශාකාගාර නිදර්ශක එකතුවක් අපේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පිහිටා ඇති ශාකාගාරය සතුව තිබේ. එහි ඇති නිදර්ශක එකතුව 168,000ක් පමණ වේ. මේවා ශාක පිළිබඳ පර්යේෂණ කරන්නන්ට නැතිවම බැරි එකතුවකි.

සුවිශේෂ අධ්‍යාපනික වැදගත්කමක්ද මේ උද්භිද උද්‍යාන සතුව පවතී. එ් විවිධ මට්ටම්වල සිසුන්ට ශාක හා සම්බන්ධ දැනුම ලබාදීම සඳහාය.

ආර්ථික වශයෙන් වැදගත් කටයුතු කිහිපයක්ද මේ උද්‍යාන හරහා ක‍්‍රියාත්මක වන අතර, එ් අතර ආශ‍්‍රිතව මල් හා විසිතුරු පැළ වගාකිරීම මෙන්ම ඔසු පැළ වගාකිරීම වැනි වැඩසටහන් ආදිය ඇතුළත්ය. උද්භිද උද්‍යානවලින් සංචාරක කර්මාන්තයට ප‍්‍රයෝජනයක් සැලසෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එය අදාළ ප‍්‍රදේශයේ මෙන්ම රටේ ආර්ථිකයටද ප‍්‍රයෝජනවත්ය.

කෙසේ වෙතත් උද්භිද උද්‍යානවලින් සැලෙසන ඉතා වැදගත් කාර්යය වන්නේ විතැන් සංරක්ෂණයේලා මේ උද්‍යානවලින් ලබාගත හැකි දායකත්වයයි.


විතැන් සංරක්ෂණයේලා උද්භිද උද්‍යානවල වැදගත්කම

විතැන් සංරක්ෂණය (ex situ conservation) යනුවෙන් හඳුන්වනු ලබන්නේ කිසියම් ජීවියකුගේ ජනක ප්ලාස්මය (germplasm) එම විශේෂයේ ස්වාභාවික වාසස්ථානයෙන් බාහිරව සංරක්ෂණය කිරීමයි. ශාක සම්බන්ධයෙන් නම්, මෙහිදී අදාළ ශාකය ලෙසට, බීජ ලෙස, පරාග ලෙස, පටක ආදි ලෙස වෙනත් ආකාරවලින්ද සිදුකරන ආරක්ෂා කිරීමට හැකිය. මේවා එකතු කිරීම, පාලනය කිරීම වැනි කාර්යයන් රාශියක් උද්භිද උද්‍යානයක් මගින් සිදු වේ.

විතැන් සංරක්ෂණය මගින් ලබා ගත හැකි ප‍්‍රයෝජන රාශියකි. නිදසුනක් ලෙස, මේ වන විටද වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂ ආරක්ෂා කිරීමට අවස්ථාවක් එමගින් ලැබේ. විවිධ හේතු නිසා වඳවී යා හැකි ශාක විශේෂ ගණනාවක් උද්භිද උද්‍යානවලද වගා කර තිබේ. මෙවැනි එකතු මගින් ලබාගත් බීජ හෝ වෙනත් රෝපණ ද්‍රව්‍ය යොදාගනිමින් එම ශාක විශේෂ යළිත් ස්වාභාවික පරිසරයට හඳුන්වා දුන් අවස්ථා වාර්තා වී තිබේ.

නිදසුනක් ලෙස ගතහොත් 2012 වර්ෂයේදී ප‍්‍රකාශයට පත් කළ ශ‍්‍රී ලංකාවේ තර්ජනයට ලක් වූ සත්ත්ව හා ශාක පිළිබඳ රතු ලේඛනයට (Red List of Threatened Fauna and Flora of Sri Lanka) අනුව මෙරට හමුවන ශාක විශේෂ 3,154ක ප‍්‍රමාණය අතරින් ශාක විශේෂ 1,386ක් පමණ ප‍්‍රමාණයක් තර්ජනයට ලක්ව ඇත. මේ අතරින් ශාක විශේෂ 177ක් පමණ ප‍්‍රමාණයක් දැඩි ලෙස අන්තරායක (Critically Endangered - CR) තත්ත්වයේ ලා සැලකේ. මෑත කාලයේදී හමු වී නොමැති මේ ශාක සමහරක් අද වන විට වඳ වී ගොස් තිබිය හැකිය. මේවා ආරක්ෂා කිරීමට හා වගා කිරීමට උද්භිද උද්‍යානවලට විශේෂ කාර්යභාරයක් සිදු කළ හැකිය. නිදසුනක් ලෙස ගතහොත්, කළුතර දිස්ත‍්‍රික්කයේ වලව්වත්ත නම් විශේෂිත පරිසර පද්ධතියක හමුවන දැඩි ලෙස තර්ජනයට පත් ශාක විශේෂයක් වන Mesua stylosa ශාක උද්භිද උද්‍යානවල වගා කර තිබේ.

මෙරට ශාක අතරින් ස්වාභාවික පරිසරයෙන් වඳවී ගොස් ඇති (Extinct in wild) බව සැලකෙන ශාක විශේෂ දෙකක් මේ වන විට දැකිය හැක්කේ මෙරට උද්භිද උද්‍යානවල පමණි. නිදසුනක් ලෙස ගතහොත් Alphonsea hortensis හා Doona ovalifolia යන මේ අප රටට ආවේණික ශාක දෙක ස්වාභාවික පරිසරයේ දැකිය නොහැකි අතර, එ්වා හමුවන්නේ උද්භිද උද්‍යානවල පමණි. අනාගතයේදී මෙවැනි ශාක ස්වාභාවික පරසරයේ වගා කිරීමට හැකියාව ලැබීමට යම් අවස්ථාවක් ලැබෙන්නේ මේ සංරක්ෂණ උත්සාහය නිසාය.

මේ විතැන් සංරක්ෂණයේදී විවිධ පර්යේෂණ සඳහා ලබා ගැනීමට අවශ්‍ය පටක හා ශාක ආදි කොටස් ලබාගැනීමට හැකිය. ඇතැම් අවස්ථාවලදී ස්වාභාවික පරිසරයෙන් ශාක කොටස් ලබාගැනීම නිසා ඇති විය හැකි තර්ජනය අඩු කිරීම සඳහාද මේ විතැන් සංරක්ෂණයෙන් ලබාගන්නා ජනක ප්ලාස්ම ප‍්‍රයෝජනවත් වේ. එසේම ශාක විශේෂවල බීජ ආදිය කල් තබාගැනීම අපහසු අවස්ථාවලදී එ්වා වර්ධනය කිරීමට අවස්ථාව සැලසීමට උද්භිද උද්‍යාන ප‍්‍රයෝජනවත් වේ.

මෑතක් වනතුරුම සංරක්ෂණයේලා අපේ රටේ උද්භිද උද්‍යානවලින් සිදු වූ සංරක්ෂණ දායකත්වය තරමක් අඩුය. එහෙත් මෑතක සිට අපේ රටේ එ් පිළිබඳ වැඩි අවධානයක් යොමු වී ඇත. විශේෂයෙන් 2006 වර්ෂයේදී උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පිහිටුවීමේදී එහි කාර්යයන් අතරට මේ විතැන් සංරක්ෂණ ක‍්‍රමවේද සඳහා සැලසුම් සකස් කිරීම හා එ්වා ක‍්‍රියාවට නැංවීම අයත් වේ.

විවිධ භූ දේශගුණික කලාපවල උද්භිද උද්‍යාන පිහිටුවීම වැදගත් වන්නේ මේ සංරක්ෂණ වැදගත්කම නිසාය. අදාළ දේශගුණික කලාපයේ දැකිය හැකි ශාක විශේෂ ආරක්ෂා කිරීමේදී එම කලාපයේම පිහිටුවනු ලබන උද්භිද උද්‍යාන මගින් මහඟු සේවයක් සැලසේ. මෑත කාලයේදී ශ‍්‍රී ලංකාවේ ආරම්භ කිරීමට යෙදුණු උද්භිද උද්‍යාන දෙකක් මේ කාර්යය සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇත. එ් මිරිජ්ජවිල ප‍්‍රදේශයේ පිහිටා ඇති වියළි කලාපීය උද්භිද උද්‍යානය හා අවිස්සාවේල්ලට නුදුරු ඉලූක් ඕවිට ප‍්‍රදේශයේ පිහිටා ඇති සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානයයි. (සටහන් බලන්න)



සටහන 1 - වියළි කලාපීය උද්භිද උද්‍යානය - මිරිජ්ජවිල


හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ, හම්බන්තොට නගරයට නුදුරුව මිරිජ්ජවිල ප‍්‍රදේශයේ පිහිටා ඇති වියළි කලාපීය උද්භිද උද්‍යානය මහජනතාව වෙනුවෙන් විවෘත කරන ලද්දේ 2013 වර්ෂයේ නොවැම්බර් මාසයේදීය. එය මෙරට වියළි කලාපයේ පිහිටා ඇති එකම උද්භිද උද්‍යානය වේ.

අක්කර 300ක පමණ භූමියක් පුරා පිහිටා ඇති මේ උද්‍යානය පිහිටුවීමට පෙර මේ ප‍්‍රදේශය හේන් වගාව සඳහා යොදාගෙන තිබේ. දශක කිහිපයකට පෙර මේ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ කජු වගා කිරීමට හා වන වගාවක් ඇති කිරීමට රජය උත්සාහ දරා ඇතත් එය අසාර්ථක වී තිබේ. මේ සඳහා එක් හේතුවක් වී ඇත්තේ මේ ප‍්‍රදේශයේ පවත්නා දැඩි නියඟයයි.

මෙවැනි ප‍්‍රදේශයක උද්භිද උද්‍යානයක් සඳහා සුදුසු භූමියක් තෝරාගෙන උද්භිද උද්‍යානයේ කටයුතු ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේදීය. මෙහිදී මුහුණ පෑමට සිදු වූ අභියෝග ගණනාවක් විය. නිදසුනක් ලෙස ගතහොත් අඩු වර්ෂාපතනයක් සහිත වියළි කලාපයේ පිහිටා ඇති බැවින් ඊට අවශ්‍ය ජල අවශ්‍යතාවය ලබාගැනීම සඳහා බැරගම විල නම් මිරිදිය ජලාශයේ එක්රැුස්වන ජලය ලබාගැනීමට පියවර ගෙන තිබේ. එසේම උද්‍යානය ඇතුළතද කුඩා ප‍්‍රමාණයේ වැව් තුනක් පිහිටා තිබේ. මේ නිසාත් උද්‍යානයේ සේවක පිරිස්වල කැපවීමත් නිසා වසර කිහිපයක් ඇතුළත උද්‍යානය විවෘත කළ හැකි වී ඇත.

මේ උද්‍යානය නිර්මාණය කිරීමේදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ වියළි කලාපීය හා ශුෂ්ක කලාපීය ශාක විශේෂ පිළිබඳවය. මෙහි වෘක්ෂෝද්‍යානය (Arboretum) වගා කර ඇති ශාක අතරින් 80%ක් පමණ ප‍්‍රමාණයක් දේශීය ශාක විශේෂ වේ. මෙහිදී අදාළ භූමියේ ස්වාභාවිකව වැවුණු ශාක විශේෂ රැුසක් යොදාගෙන ඇත. අධ්‍යයන හා පර්යේෂණ සඳහා වැදගත් අංග රාශියක් මේ උද්‍යානයේ පිහිටා ඇත. සිසු උයන, ඖෂධ උද්‍යානය, පලතුරු ශාක එකතුව ආදිය මේ සඳහා නිදසුන් වේ. ඇහැල ගසින් (Cassia fistula), ඔවිල ගසින් (Polyalthia longifolia var. pendula) හා මාර ගසින් (Delonix regia) සැදුණු මංපෙත් මතුකරන්නේ සුන්දර දර්ශනයකි. මේ උද්‍යානයේදී විදේශීය ශාක යොදාගෙන ඇත්තේ මූලික වශයෙන්ම උද්‍යානයේ අලංකාරය පවත්වා ගැනීම සඳහාය.

මේ උද්‍යානය ශාක සංරක්ෂණය සඳහාද වැදගත් මෙහෙයයක් ඉටු කරයි. නිදසුනක් ලෙස ගතහොත්, මෙරට වියළි කලාපයේ හමුවන තර්ජනයට පත් හා ආවේණික ශාක සංරක්ෂණය සඳහා වැදගත් කාර්යයක් මේ උද්‍යානයෙන් ඉටු වේ. එසේම භාවිතයට නොගන්නා ශාක ප‍්‍රවර්ධනය පිණිසද සැලකිය යුතු මෙයෙයයක් මිරිජ්ජවිල උද්‍යානයෙන් අපේක්ෂා කෙරේ.

ජලය හිඟ වූ වියළි කලාපයේ උද්භිද උද්‍යානයක් ස්ථාපිත කිරීමේ අභියෝගය සාර්ථකව ජයගැනීමට හැකියාව ලැබීම නිසාද මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානය වැදගත් වේ. 1883 වර්ෂයේදී අනුරාධපුරයේ වියළි කලාපීය උද්භිද උද්‍යානයක් ඉදිකරන ලද නමුත්, නියඟය හා වෙනත් හේතු නිසා එම උද්‍යානය 1906 වර්ෂයේදී අත්හැර දමන ලදි.


















සටහන 2 - සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය - ඉලූක් ඕවිට


තෙත් කලාපීය උද්භිද උද්‍යානය පිහිටා ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයේ අවිස්සාවේල්ල නගරයට ආසන්නව පුවක්පිටිය-තුම්මෝදර මාර්ගයේ ගමන් කිරීමේදී හමුවන ඉලූක් ඕවිට ග‍්‍රාමයේය. එයට අයත් මුළු බිම් ප‍්‍රමාණය අක්කර 105ක් පමණ වන අතර, එය ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම සතුව පැවැති භූමියකි. විසි වැනි සියවස ආරම්භයේදී මේ ඉඩම ආශ‍්‍රිතව රබර් හා තේ වගාව පැවති අතර මේ භූමිය මූලික වශයෙන් අයත්ව තිබුනේ පන්නාගුල නම් වතුයායකටය. කෙසේ වෙතත් උක්ත භූමියෙන් ඉන් වැඩි කොටසක් පසුකාලයක අත්හැර දමා ඇති බවක් පෙනේ. 2008 වර්ෂයේදී මේ උද්‍යානයේ කටයුතු ආරම්භ කරන ලදි.

මේ ප‍්‍රදේශය වර්ෂාව අධිකව ලැබෙන ප‍්‍රදේශයක් වන අතර, භූමිය හරහා වසර පුරා ගලා යන කුඩා දියපහරක්ද තිබී ඇත. උද්‍යානයේ කටයුතු ආරම්භයට පෙර මේ භූමියේ වැඩි කොටසක් පඳුරු සහිත බිමක් වූ අතර, එම භූදර්ශයේ දියපර ශාක ප‍්‍රමුඛ විය. එසේම කඳු බැවුමේ වැඩි වශයෙන් පැවති ශාක අතර හවරිනුග වැනි හඳුන්වා දුන් ශාකද වේ.

මේ උද්‍යානයේ සෞන්දර්යය වර්ධනය කරන අංශයක් වන්නේ උද්‍යානයට පිවිසෙන විට නෙත ගැටෙන සේ නිර්මාණය කර ඇති විශාල ජලාශයයි. සැබැවින්ම, එකිනෙකට යාව පිහිටි ජලාශ තුනක් වන මේ අපූරු ජලාශය නිර්මාණය කර ඇත්තේ භූමිය හරහා ගලා ගිය දියපහරවල් යොදාගනිමිනි. මේ ජලාශය හා එ් හා යාව පිහිටා ඇති තෘණ භූමිය, ඊට යාව පිහිටා ඇති කුඹුක් ගසින් (Terminalia arjuna) සැදුණු අරඹ මේ උද්‍යානයට එක් කර ඇත්තේ සුවිශේෂ දර්ශනයකි.

උද්‍යානයේ මෙන්ම එහි අක්කර 65ක් පමණ පුරා පැතිර ඇති වෘක්ෂෝද්‍යාන කොටසේද වැඩි වශයෙන් දැකිය හැක්කේ තෙත් කලාපීය ශාක විශේෂ වේ. මෙහිදීද ස්වාභාවිකව භූමියේ වැවි තිබූ ශාක රැසක් උද්‍යානය නිර්මාණය කිරීමේදී යොදාගෙන ඇත. එසේම මේ වන විට තර්ජනයට ලක්ව ඇති තෙත් කලාපයේ හමුවන ආවේණික ශාක විශේෂ යොදාගනිමින් මේ කොටස දියුණු කිරීමට පියවර ගෙන ඇත. මේ අතර ස්වාභාවික පරිසරයෙන් වඳව ගොස් ඇති ශාකද වේ. මේ අනුව පහතරට තෙත් කලාපයේ ශාක සංරක්ෂණය සඳහා මේ උද්‍යානය බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇත. එසේම තෙත් කලාපීය ශාක පිළිබඳව සිදුකරන අධ්‍යයන හා පර්යේෂණ සඳහා මේ උද්‍යානය දායක වනු ඇත.

මේ උiානය මල් වත්තකින් ඔබ්බට ගොස් උද්භිද උද්‍යානයක දැකිය හැකි සෙසු කාර්යභාරය පිළිබඳව අවධානය යොමු කර ඇත. එහෙත් සංචාරක ආකර්ෂණය උදෙසා විසිතුරු මල් සහිත ශාකද මෙහි වගා කර ඇත. නිදසුනක් ලෙස ගතහොත්, මෙරට නිර්මාණය කෙරෙන විශාලතම රෝස උයන මේ උද්‍යානයේ නිර්මාණය කෙරෙමින් පවතී. එසේම මෙහි නඩත්තු කරනු ලබන තේ වගා බිම උද්භිද උද්‍යානයකදී ලැබිය හැකි නැවුම් අත්දැකීමක් වනු ඇත.

සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය ඉදිරියේදී විවෘත කිරීමට නියමිතය.




















(උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතාට අපේ විශේෂ ස්තුතිය හිමි වේ)

ධනේෂ් විසුම්පෙරුම
ඡායාරූප: භූෂණ කල්හාර