මාස ගණනකට පෙර දවසක් උදේ වරුවෙ මං සාමාන්‍යයෙන් බෙහෙත් ගන්න පුරුදු පාමසියට ගියා. එදා පේන්න හිටියෙ සාමාන්‍යයෙන් ඉන්න තරුණ ගැහැණු ලමයා විතරයි.
මම මට අවශ්‍ය බෙහෙත් හා ප්‍රමාණ ගැන කියද්දි, ටිකක් නවීන මොඩ් පන්නයෙ තරුණයෙක් ඇවිත් පාමසියෙ කවුන්ටරෙන් කවුන්ටරේට ඔළුව දමමින් "කෝ කවුද ඉන්නෙ" කියලා අසමින් මුදල් ගෙවන කවුන්ටරේ පැත්තට බලමින් ගියා. ඒ පාමසියෙ බෙහෙත් දෙන කුඩා කවුන්ටර් 3ක් පමණ තියනවා. මුදල් ගෙවන්න තිබ්බෙ තව තැනක.
මේ බව දුටු අර තරුණිය "පුදුම හදිස්සියක්නෙ මෙයාට" කියලා මට කියලා ඔහු ගිය පැත්තට ගියා. ඔහු එවිට හිටියෙ මුදල් ගෙවන තැනට කිට්ටුම කවුන්ටරේ ළඟ.
ඔහු ගිහින් ගත්තෙ කොන්ඩොම් පැකට් එකක්. මුදල් ගෙවා බඩු අරන් ඔහු යන්න ගියාම, අර තරුණිය බලනවා ඔහු යන දිහා. මං හිතන්නෙ ඒ තරුණයාට තිබුණු හදිසිය මොකද්ද කියලා අර නංගිට තේරෙන්න ඇති. මම හිනා නොවී හිටියෙ ටිකක් අමාරුවෙන්.

No comments:
Post a Comment