Wednesday, February 20, 2019

ඒ කියන්නෙ තුන පහු වෙලාද? (බස් කථා 9)

​ගෙවල් ළඟින් බසයකට නැග දොර අසලම අසුනේ හිඳගතිමි

"වෙලාව කීයද?" එහා පැත්තේ හිඳ සිටි තරුණිය විමසුවාය.

"හතරයි" ඒ මගේ උත්තරය.

"ඒ කියන්නෙ තුන පහු වෙලාද?" ඇගෙන් තවත් පැනයක්. ඒ ප්‍රශ්නය නිසා මම ඇගේ මුහුණ බැලුවේ 3 හා 4 තේරුම්ගත නොහැකි කෙනා බලන්නටය.

ඒ සිතිවිල්ල ගැන මට සැණෙකින් කණගාටුවක් ඇතිවිය. ඈ බුද්ධි වර්ධනයේ ගැටලු සහිත තරුණියකි. මේ මාර්ගයේ එවැනි ළමුන් හා තරුණ තරුණියන් යනු නිතර මම දැක ඇත්තෙමි. එවැනි අය සඳහා වූ පාසලක් අවට තැනක ඇති බව නිලඇඳුම් ලාගත් ළමුන්ගෙන් පෙනිණි.

මේ අය ඇතැම් කරුණු වටහාගත නොහැකි අයයි. ඔවුන් බොහෝවිට ගමන් යන්නේ ඥාතියෙකු සමගය. මේ තරුණියද කිසිවෙකු හා පැමිණ ඇතිවා ද විය හැකිය.

මේ අප සමාජයේ වෙසෙන අපේ අවධානය හා සහාය අවශ්‍ය පිරිසකි.

1 comment:

  1. මොවුන් ගැන ලිවීම අගයමි.".. අවධානය හා සහාය අවශ්‍ය පිරිසකි" යන්න කියවන්නන් හරිහැටි තේරුම් ගතයුතුය. මේ අය differently abled යනුවෙන් හඳුන්වනු ලබන්නේ ම ඔවුන්ට විවිධ හැකියාවන් ඇති බව අවධාරණය කරන පිණිස ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ තම පෞරුෂත්වය මත වැඩ කරගෙන යාමට සුදුසු වාතාවරණයකි. සමාජ අවධානය හා සහාය අවශ්‍ය වන්නේ එයටයි. ධනේෂ් වියමන් කරන අවස්ථාව වැදගත් වන්නේ එනිසයි.

    ReplyDelete