ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 28.11.2018, පි. 11 (Vidusara)
http://www.vidusara.com/2018/11/28/feature3.html
මානව ඉතිහාසයේ වරින් වර බොහෝ අඳුරු හා අවාසනාවන්ත කාලපරිච්ඡේද ඇති වී තිබෙයි. ඒ ඇතැම් සිදුවීම්වල දී ලෝකයේ විසූ මානව සංහතියේ පැවැත්ම පවා අවදානමට ලක් වූ අවස්‌ථා ඇත. සමහර ශිෂ්ටාචාර බිඳ වැටීමට පවා ඒ තත්ත්වය හේතු විය. ඉතිහාසය යනු මෙවැනි සිදුවීම්වලින් සමන්විත වූවකි.
ඓතිහාසික වාර්තා මෙන් ම පුරාවිද්‍යාත්මක දත්ත අනුව හඳුනාගත හැකි සිදුවීම් කිහිපයක් මෙසේ ය. වර්ෂ 1349 දී යුරෝපයේ ව්‍යාප්ත වීමට පටන්ගත් එහි ජනගහනයෙන් අඩක් පමණ පිරිසක් මරුමුවට පත් කළ 'කළු මරණය' (Black Death) හෙවත් මහාමාරිය වසංගතය එවැනි එක් සිදුවීමකි. 1918 - 1920 අතර ව්‍යාප්ත වූ 'ස්‌පාඤ්ඤ උණ' (Spanish flu) නමින් ප්‍රකට වූ ඉන්ෆ්ලුවන්සා උණ වසංගතය නිසා ලෝකය පුරා මිනිසුන් මිලියන 50 - 100ක් අතර ප්‍රමාණයක් මරුමුවට පත් වීම තවත් බරපතළ ව්‍යසනයකි. තෙවැන්න වන්නේ 1939 - 1945 කාලයේ දී මිලියන 80ක් පමණ පිරිසකට මරු කැඳවූ දෙවැනි ලෝක මහා සංග්‍රාමයයි.
මානව ඉතිහාසයේ වඩාත් නරක ම වර්ෂය පිළිබඳ ව අලුත් මතයක් විද්‍යාඥයන් පිරිසක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව වර්ෂ 536 දී පමණ ඇති වූ ගිනිකඳු පිපිරී යැමක් හෝ පිපිරී යැම් ඒ සඳහා හේතු වී තිබෙයි. එමඟින් ඇති වූ අර්බුදකාරී තත්ත්වය යථා තත්ත්වයට පත් වීමට වසර සියයක් (100) පමණ කාලයක් ගත විය.
වර්ෂ 536න් පසුව ගත වූ කාලයේ දී ඇති වූ සිදු වීම් මාලාව පිළිබඳ ව සමකාලීන ඓතිහාසික වාර්තාවල සඳහන් වෙයි. ඒ කාලයේ ඇති වූ දූවිලි වලාකුළු මඟින් සූර්යාලෝකය අවහිර වූ බව වාර්තා වෙයි. මෙය විශාල ප්‍රදේශයකට බලපා ඇත. යුරෝපය, මැද පෙරදිග හා ආසියාවේ සමහර ප්‍රදේශ ඇතුළත් ව උත්තරාර්ධගෝලයේ විශාල ප්‍රදේශයක් මාස දහ අටක් (18) පමණ කාලයක් පුරා අඳුරින් වැසී තිබී ඇත. එවකට නැඟෙනහිර රෝම අධිරාජ්‍යයේ පාලකයා වූ මහා ජස්‌ටින් අධිරාජයාගේ සමයේ විසූ ප්‍රොකෝපියස් නම් ඉතිහාසඥයා මෙසේ වාර්තා කරයි. සූර්යාලෝකයේ දීප්තිමත් බව අඩු වූ අතර, වර්ෂය පුරා ම එහි ආලෝකය සඳේ ආලෝකය හා සමාන විය. එසේ ම ආලෝකය සූර්යග්‍රහණයක දී ඇති වූ තත්ත්වය හා සමාන බව ද ඔහු පවසයි. ඒ තත්ත්වය හේතුවෙන් කෙටිකාලීන ව ලෝකයේ උෂ්ණත්වයේ අඩු වීමක් සිදු ව ඇත.
මේ වන විට දන්නා පරිදි එම වර්ෂයේ දී ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ත් 2.5ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇත. විවිධ ආන්තික කාලගුණ තත්ත්වවලින් යුක්‌ත වර්ෂ ගණනාවක් ඉන් පසුව ඇති වී තිබෙයි. නියඟය, බෝග අස්‌වනු පාළු වීම ඒ අතර විය. ග්‍රීෂ්ම ඝෘතුවේ දී චීනයේ හිම පතනයක් වූ බව ද වාර්තා වෙයි. මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය වූයේ මහා සාගත තත්ත්වයක් ඇති වීම ය. අයර්ලන්ත වාර්තාවල ද ආහාර හිඟය පිළිබඳ ව සඳහන් වෙයි. එසේ ම ජස්‌ටීනියන් වසංගතය ලෙසින් හඳුන්වනු ලබන වර්ෂ 541 දී පමණ ඇති වූ මහාමාරිය වසංගත තත්ත්වය නිසා මේ අයහපත් තත්ත්වය තවදුරටත් බරපතළ වන්නට ඇත. එම වසංගතය පැතිරීමෙන් නැඟෙනහිර රෝම අධිරාජ්‍යයේ ජනගහනයෙන් තුනෙන් එකක් හා අඩක් අතර ප්‍රමාණයකට සිය දිවි අහිමි වූ අතර, එය එම අධිරාජ්‍යයේ අවනතිය ඉක්‌මන් කළ සාධකයක් ලෙස ද සැලකෙයි.
ඒ අඳුරු වලාව හා ඉන් පසුව ඇති වූ තත්ත්වය පිළිබඳ ව ඉතිහාසයේ සඳහන් වුව ද, එයට හේතුව සම්බන්ධ ව මෙතෙක් නිශ්චිත ව අනාවරණය වී නො තිබිණි. එය පැහැදිලි කිරීමට මෑත කාලයේ දී සිදු කරන ලද අධ්‍යයනවලින් හැකියාව ලැබී ඇත.

හයවැනි සියවසේ ඇති වූ නරක කාලය

යමහල් විදාරණ නිසා හිරු එළිය අඩු වීම
මේ ආකාරයෙන් සූර්යාලෝකය පොළොවට පතිත වීම අඩාළ වීමට හේතු වන එක් කරුණක් ලෙස ගිsනිකඳු පිපිරීම්වල දී වායුගෝලයට නිකුත් වන අළු හා වෙනත් ද්‍රව්‍ය හඳුනාගෙන තිබෙයි. ප්‍රබල ගිනිකඳු පිපිරීමක දී පිට වන අළු හා වෙනත් අංශු ඉහළ වායුගෝලයේ රැඳෙමින් සූර්යාලෝකයෙන් කොටසක් පරාවර්තනය කරයි. ඒ නිසා ප්‍රමාණවත් සූර්යාලෝකයක් පොළොව මතට පැමිණීම වළකී. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ උෂ්ණත්වය අඩු වෙයි.
මෙවැනි සිදු වීම් පිළිබඳ ව 2015 පළ වූ අධ්‍යයනයකට අනුව පසුගිය වසර 2,500ක කාලයේ දී ඇති වූ අසාමාන්‍ය ලෙස ශීතල ග්‍රීෂ්ම ඝෘතු අතරින් බහුතරයකට පෙර යමහල් විදාරණයක් සිදු ව ඇත. වර්ෂ 535 හෝ 536 දී සිදු වූ විශාල ගිනිකඳු පිපිරීමක් හා ඉන් පසු ව 540 වර්ෂයේ දී ඇති වූ ගිනිකඳු පිපිරීමක් නිසා අප මාතෘකා කරගත් කාලයේ දී මෙසේ ලෝකය අඳුරින් වැසී ගිය බව ඔවුන් පැහැදිලි කර ඇත. මේ අතරින් 536 වර්ෂයේ දී වූ සිදු වීම උතුරු ඇමෙරිකාවේ සිදු වන්නට ඇති බව ඔවුන්ගේ මතයයි. (Nature, DOI: 10.1038/nature14565) එසේ ම 1990 ගණන්වල සිට සිදු කර ඇති රුක් වළලු හා සම්බන්ධ පර්යේෂණවලින් ද 540 වර්ෂය හා ආසන්න වර්ෂවල ග්‍රීෂ්ම ඝෘතුව අසාමාන්‍ය ලෙස ශීතල වූ බව පැහැදිලි වී තිබිණි. එවැනි ම සාධක මීට පෙර, ග්‍රීන්ලන්තය හා ඇන්ටාක්‌ටිකාවෙන් ලබාගෙන තිබුණු අයිස් මද (Ice core) පිළිබඳ අධ්‍යයනවලින් ද ලැබී තිබිණි.
536 වර්ෂයේ දී ඇති වූ සිදු වීම පිළිබඳ ව අවධානය මෑතක දී යොමු ව ඇත්තේ ස්‌විට්‌සර්ලන්තය හා ඉතාලිය අතර දේශ සීමාවේ ඇල්ප්ස් කඳුවැටියේ පිහිටා ඇති කෝල් නිµsටි නම් ග්ලැසියරයකින් (Colle Gnifetti glacier) ලබාගත් අයිස් මදයක් පිළිබඳව කෙරුණු අධ්‍යයනවලිනි (Antiquity, DOI: 10.15184/aqy.2018.110). මෙවැනි ස්‌ථිර ව පිහිටා ඇති අයිස් තැන්පතු වාර්ෂික ව සිදු වන හිමපතනයත් සමඟ අඛණ්‌ඩ ව වර්ධනය වෙයි. එහි දී අයිස් සමඟ වායුගෝලයේ ඇති විවිධ ද්‍රව්‍ය තැන්පත් වෙයි. අයිස් තැන්පතුවලින් ලබාගත් අයිස් මදයක් යොදාගනිමින් එහි අදාළ කාල සීමාවේ වායුගෝලයට එක් ව ඇති දේ හා සිදු ව ඇති වෙනස්‌වීම් හඳුනාගැනීමට හැකි ය. අතීතයේ වර්ෂයක දී, මාසයක දී හෝ ඇතැම් විට සතියක දී සිදු ව ඇති සිදු වීම් හඳුනාගැනීමට තරම් තාéණය සියුම් වී ඇත. එම වායුගෝලයේ වෙනස්‌වීම්වලට හේතු වී ඇති කරුණු හඳුනාගැනීමෙන් ඉතිහාසයේ වූ සිදු වීම් පිළිබඳ ව තොරතුරු අනාවරණය වෙයි.
උක්‌ත අධ්‍යයනයේ දී අදාළ අයිස් මදය විශ්ලේෂණය කිරීමෙන් පොදු වර්ෂ 536 දී තැන්පත් ව ඇති ද්‍රව්‍ය අතර ගිනිකඳු පිපිරීමක දී පිට වන අළු සහ වෙනත් අංශු, අයිස් හා මිශ්‍ර ව ඇති ආකාරය හඳුනාගෙන තිබෙයි. මෙසේ හමු වී ඇති ඉතා කුඩා යමහල් වීදුරු කැබැලි මින් පෙර ග්‍රීන්ලන්තයෙන් හා යුරෝපයේ විල්වලින් හමු ව තිබූ ද්‍රව්‍ය අතරින් හමු වී තිබූ වීදුරු කැබැලිවලට සමාන බව හෙළි ව ඇත. එසේ ම ඒවා සමාන වන්නේ අයිස්‌ලන්තයේ ගිනිකඳු පිපිරීම්වලින් නිකුත් වූ ඒවාට බව ඔවුන්ගේ අදහසයි. අදාළ ගිනිකඳු පිපිරීම කොතැන සිදු වූවා ද යන්න ගැන නිශ්චිත ව දැනගැනීමට නම් තවදුරටත් අධ්‍යයනය කළ යුතු අතර, එය මහත් විනාශකාරී වූ බව නම් පැහැදිලි ය.
එදා ඇති වූ තත්ත්වය පිළිබඳ ව ඉහත විස්‌තර කර ඇත. ආලෝකය අඩු වීම හා ශීතල නිසා බෝග වගා පාළු වූ අතර සාගතයක් පැතිර ගියේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි විය. තත්ත්වය කෙතරම් බරපතළ වූයේ ද යත්, ඉන් සමස්‌තයක් ලෙස අද අප දන්නා යුරෝපයේ ඇති වූ ආර්ථික පිරිහීම යළිත් යථා තත්ත්වයට පත් වූ බවක් පෙනෙන්නේ පොදු වර්ෂ 640 දී පමණ ය. ඒ සඳහා සාධක මේ නව පර්යේෂණය මඟින් යෝජනා කරනු ලැබෙයි. ඒ මේ අයිස් මදවල ඇති වායුගෝලීය ඊයම් තැන්පතු ඉහළ යැම සමඟිනි. වර්ෂ 536 කාලයට සමපාත වන හයවැනි සියවසේ මැද භාගයේ දී අඩු වූ මේ ඊයම් තැන්පත් වීම යළි ඉහළ යන්නේ වර්ෂ 640න් පසුව ය. මෙසේ වායුගෝලයේ ඇති ඊයම් ඉහළ යැමට හේතුව රිදී සොයා, ඊයම් හා සිල්වර් සල්ෆයිඩ් සහිත නිධි කැණීම හා ඒවා සකස් කිරීම ඉහළ යැම ය. එසේ ඊයම් විමෝචන ඉහළ යැමෙන් පෙනෙන්නේ රිදී සඳහා යළිත් ඉල්ලුමක් ඇති වී තිබෙන බව ය. එය සිදු ව ඇත්තේ ආර්ථිකය යළිත් යථා තත්ත්වයට පත් වීම නිසා විය යුතු බව මේ පර්යේෂකයන්ගේ පැහැදිලි කිරීම වෙයි.
ඒ අනුව වර්ෂ 536 දී පමණ ඇති වූ නරක කාලය වර්ෂ 640 පමණ තෙක් හෙවත් සියවසක් පමණ කාලයක් පැවතී ඇති බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි. එය සමස්‌තයක් ලෙස ලෝකයට අයහපත් කාල වකවානුවක් වූ බවට පැහැදිලි සාධකයක් ලෙස ඔවුන් සලකා තිබෙයි. එසේ නම් වර්ෂ 536න් ආරම්භ වන කාල වකවානුව ලෝක ඉතිහාසයේ පැවැති නරක ම කාල වකවානුව හෝ වකවානුවක් විය හැකි ය.
වායුගෝලයේ ඊයම් ප්‍රමාණය වෙනස් වන ආකාරය ඉතිහාසයේ සිදු වීම් සමඟ සමපාත වන බව මින් පෙර සිදු කර ඇති අධ්‍යයනවලින් ද සනාථ වී ඇත. නිදසුනක් ලෙස ග්‍රීන්ලන්තයෙන් ලබාගත් අයිස් මදයක් යොදාගනිමින් සිදු කර ඇති අධ්‍යයනයක් දැක්‌විය හැකි ය. එහි දී දක්‌වා ඇති ආකාරයට යුද්ධ, අයහපත් තත්ත්ව, දේශපාලන අස්‌ථාවරත්වය හමුවේ රිදී කැණීම් නැවතීම නිසා එම තත්ත්වය ඇති වෙයි (Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1721818115).
එසේ ම වර්ෂ 660 දී පමණ ඊයම් ප්‍රමාණයේ කැපී පෙනෙන ඉහළ යැමක් දැකිය හැකි ය. එය රිදී භාවිතයේ ඉහළ යැමකි. රන් භාවිතය අඩු වීමත් සමඟ මුදල් සඳහා රිදී යොදාගැනීම ඉහළ යැම මෙමඟින් දක්‌වන බව පර්යේෂකයන්ගේ අදහසයි. මෙසේ ඊයම් මඟින් දක්‌වන රිදී භාවිතය පිළිබඳ සාක්‌ෂි 14 වැනි සියවසේ ද දැකිය හැකි ය. 1349 - 1353 අතර කාලයේ දී වායුගෝලයේ ඊයම් නො තිබූ බව අයිස් මද පිළිබඳ අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත. ඒ කාලය පෙර සඳහන් කළ 'කළු මරණය' නම් වසංගතය නිසා යුරෝපයේ ආර්ථික වර්ධනය නැවතී තිබූ කාල වකවානුවකි.

වර්ෂ 536න් පසු සිදු වූයේ කුමක් ද?

රිදී භාවිතය පිළිබඳ සාධකයක්

No comments:
Post a Comment