ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 19.12.2018 පි. 6 (Vidusara)
http://www.vidusara.com/2018/12/19/feature1.html
පෝලන්තයේ කටෝවිස් නගරයේ දී පසුගිය දෙසතියක කාලය තිස්‌සේ පැවැති වාර්ෂික දේශගුණ සමුළුව පසුගිය සති අන්තයේ දී අවසන් විය. ඊට දේශගුණ වෙනස් වීම පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) 24 වැනි පාර්ශ්වකරුවන්ගේ රැස්‌වීම හා තවත් සමාන්තර රැස්‌වීම් ගණනාවක් අයත් ය.
එහි දී මේ වන විට දේශගුණ වෙනස් වීම පාලනය කිරීම සඳහා එක ම පිළිගත් විසඳුම ලෙස ඉදිරිපත් ව ඇති පැරිස් දේශගුණ ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ ව යම් එකඟතාවකට පැමිණ ඇති බව පෙනෙයි. අවසාන මොහොතේ කාබන් වෙළෙඳපොළ පිළිබඳ ව යම් ගැටලු සහගත තත්ත්වයක් ඇති වූ බවක් වාර්තා වන නමුත්, එක් අමතර දිනයක් අවසානයේ දී යම් සාධනීය වූ ප්‍රතිඵලයක් අත්පත් කරගෙන ඇති බවක් පෙනෙයි. අවසානයේ දී ඇති කරගත් එකඟතාව පිළිබඳ ව හා වෙනත් වැදගත් කරුණු පහත සඳහන් වෙයි.
පෝලන්ත සමුළුවේ දී ඇති කරගත් වැදගත් එකඟතාවක් වූයේ සියලු රටවලට පොදු වූ නීති පොතක් හෙවත් නීති පද්ධතියක් ඇති කරගැනීමට එකඟ වීම ය. එක් එක් රටවල් හෝ රටවල් කාණ්‌ඩ අනුව පවත්නා වෙනස්‌කම් මත වෙනස් වන නීති පද්ධතියක් වෙනුවට සියලු රටවලට පොදු වූ එක් නීති පද්ධතියක් එහි දී අවධානයට ලක් ව ඇත. මෙවැන්නකට එරෙහි ව අදහස් දැක්‌වූ චීනය වැනි රටවල් එවැනි අදහසක් සඳහා එකඟ වීම ද වැදගත් කරුණකි. එතරම් සරල කරුණක් නො වූ මේ නීති පොත සම්බන්ධ ව එකඟතාවකට පැමිණීම තාéණික වශයෙන් දුෂ්කර කරුණක් වූ බැවින් එය අත්පත් කරගැනීම කිසියම් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි ය. විශේෂයෙන් රට රටවල් අතර ඇති වෙනස්‌කම් හා කාල රාමුවල ඇති වෙනස්‌කම් තිබිය දී මෙවැනි එකඟතාවකට පැමිණිය හැකි වීම වැදගත් ය.
මෙසේ ඇති කරගන්නා නීති පද්ධතිය ඉදිරියේ දී පැරිස් ගිවිසුමේ ක්‍රියාත්මක නීති පද්ධතිය වනු ඇත. මෙමඟින් ඒ ඒ රට රටවල විමෝචන නිරීéණය හා වාර්තා කිරීම සම්බන්ධ ව සමාන ව කටයුතු කිරීම සිදු වනු ඇත. මෙහි දී එකඟ වී ඇති ආකාරයට, තම රටවල වාර්තා ලබා නො දෙන රටවල් ඒ පිළිබඳ ව විමසීමකට ලක් වනු ඇත. මේ නීති පද්ධතිය අනුව පැරිස් ගිවිසුම යටතේ ලබා දී ඇති කාබන් විමෝචන සීමා කිරීමේ පොරොන්දු ඉටු කිරීමට සියලු රටවල් කටයුතු කරනු ඇතැයි අපේක්‌ෂාවක් ඇති වී තිබෙයි. මෙසේ විනිවිදභාවයෙන් යුක්‌ත ක්‍රමවේදයක් ලැබීමෙන් සාර්ථක ලෙස සියලු රටවල කටයුතු පිළිබඳ ව ලෝකයට දැනගැනීමට හැකියාව ලැබෙයි. එසේ ම මේ දක්‌වා පැරිස් ගිවිසුම අපරානුමත නො කළ රටවලට දැන් නීති පද්ධතිය පිළිබඳ ව පැහැදිලි කිරීමක් ඇති නිසා එයින් ඈත් වීමට නො හැකි වනු ඇත.
එසේ ම දුප්පත් රටවලට දේශගුණ මූල්‍ය සහන ලබා දීම පිළිබඳ ව අදහස් ද මේ යටතේ එයි. 2020 වර්ෂය වන විට වාර්ෂික ව ඩොලර් බිලියන 100ක මුදලක් බැගින් දියුණුවල රටවල් සඳහා ලබා දීම නැවත ඉල්ලා ඇත. එය දේශගුණ වෙනස් වීම පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යැම සඳහා තිබූ බරපතළ බාධකයකි.
කෙසේ වෙතත් මේ නීති පද්ධතිය පිළිබඳ ව එකඟතාව කෙතරම් ප්‍රමාණවත් ද යන්න ගැන සමහර පරිසර ක්‍රියාකාරිකයන් අතර එකඟතාවක් නොමැති බව දැකිය හැකි ය. නිදසුනක් ලෙස මෙමඟින් අදාළ ක්‍රියාවලියේ දියුණුවක් සංකේතවත් කරන නමුත්, ලෝකය හා සම්බන්ධ ව සැලකූ විට එය ප්‍රමාණවත් ප්‍රතිඵලයක් අත්පත් කර දෙන්නේ ද යන්න මෙහි දී මතු කර ඇති ගැටලුවයි. ඒ නිසා පෝලන්ත සමුළුව ක්‍රියාකාරී ප්‍රතිඵලයක් අත්පත් කරගැනීමට තිබූ අවස්‌ථාවක් ගිලිහුණු එකක් සේ ඇතැමුන් පෙන්වා දී ඇත. එයින් කියෑවෙන්නේ මේ එකඟතාව ලෝකයේ දැන් ඇති වී තිබෙන කඩිනමින් කටයුතු කිරීමට ඇති අවශ්‍යතාව හා සංසන්දනය කරන විට ප්‍රමාණවත් නො විය හැකි බවයි. නිදසුනක් ලෙස ගත් විට එක් නියෝජිතයකු පවසා ඇත්තේ "මේ කළ හැකි දෙය වන අතර, අවශ්‍ය දේ නො වෙයි" යනුවෙනි.
කෙසේ වෙතත්, කිසියම් හෝ නීති පොතක් පිළිබඳ ව එකඟතාවක් ඇති වීම වැදගත් ය.
2020 වර්ෂය වන විට රටවල් තමන්ගේ කාබන් විමෝචන සීමා කළ යුතු මට්‌ටම සඳහා පදනම වන ජාතිකමය වශයෙන් නිර්ණය කළ දායකත්වයේ නව සැලසුම් දැනුම් දෙන ලෙස රටවලින් ඉල්ලා ඇත. මෑත කාලයේ දී පළ වූ බොහෝ විද්‍යාත්මක වාර්තාවලින් නැවත නැවත පෙන්වා දී තිබුණේ මේ වන විට ප්‍රකාශිත ජාතිකමය වශයෙන් නිර්ණය කළ දායකත්වය මඟින් රටවල් පොරොන්දු වී ඇති කාබන් විමෝචන කපා හැරීමේ ප්‍රමාණය පැරිස් ගිවිසුමෙන් අපේක්‌ෂා කර ඇති ඉලක්‌ක අත්පත් කරගැනීම සඳහා ප්‍රමාණවත් නො වන බවයි.
මේ සමුළුවේ දී ද කාබන්ඩයොක්‌සයිඩ් ඇතුළු හරිතාගාර වායු විමෝචන කඩිනමින් කපා හැරීමේ ඇති වැදගත්කම බොහෝ පාර්ශ්ව විසින් පෙන්වා දෙනු ලැබ ඇත. ඒ පිළිබඳ ව ලෝකයේ ඇතැම් රටවල් මුහුණපා ඇති තත්ත්වය වඩාත් බරපතළ බව පැහැදිලි ය.
දේශගුණ වෙනස් වීම පාලනය කිරීමට අවශ්‍ය අන්තර්ජාතික සහයෝගය පිළිබඳ ව ඇති ගැටලු මේ සමුළුවේ දී අවධානයට ලක් වූ කරුණකි. එයට මූලික හේතුවක් ලෙස ඒ ඒ රටවල දේශපාලනයේ දී ජාතිකත්වය හා සම්බන්ධ කණ්‌ඩායම් ඉදිරියට පැමිණීම හා බලය ලබාගැනීම දක්‌වා තිබෙයි. එහි දී අදාළ රටවල ප්‍රතිපත්ති වෙනස් වීමෙන් හුදෙක් ජාතික වැදගත්කමක් ඇති කරුණු පමණක් සැලකිල්ලට ලක් වීම මීට හේතුවයි. කෙසේ වෙතත්, මේ නිසා දේශගුණ වෙනස් වීම පිළිබඳ ව කටයුතු කිරීමේ දී පසුබෑමක් ඇති වී තිබෙයි. ඇමෙරිකාවේ ජනාධිපති ධූරයට ට්‍රම්ප් පත් වීමෙන් පසුව එරටේ දේශගුණ ප්‍රතිපත්තිවල ඇති වී තිබෙන වෙනස් වීම් මීට නිදසුනකි. එසේ ම මෑත කාලයේ දී බ්‍රසීලයේ ඇති වී තිබෙන දේශපාලන වෙනස් වීම් ද ඊට නිදසුනක් සේ දක්‌වා ඇත.
මේ විවිධ වූ අදහස් ඇති රටවල් අතර තවමත් දේශගුණ වෙනස් වීම පිළිබඳ ව කටයුතු කිරීමේ දී රටවල් අතර ඇති උනන්දුව සමාන ආකාරයෙන් පවත්වාගැනීමට හැකි වීම වැදගත් ය. ඒ පිළිබඳ ව රටවල් අතර ඇති උත්සාහයේ අඩුවක් නො වීම වැදගත් සේ සැලකෙයි. මේ වන තෙක් ඇති එකඟතාව සම්බන්ධ ව සියලු ම රටවල් පාහේ එකඟ වී තිබීම මේ සඳහා හේතුවයි.
පසුගිය ඔක්‌තෝබර් මාසයේ දී දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්‌ඩලය (IPCC) නිකුත් කළ වාර්තාව පිළිගැනීමට ඇතැම් රටවල් විරුද්ධත්වය පළ කිරීම මේ දේශගුණ සමුළුවේ දී සිදු විය. එම වාර්තාවෙන් පෙන්වා දී තිබුණේ ලෝකය අපේක්‌ෂා කරන ඉලක්‌කය වන සෙල්සියස් අංශක 1.5 සීමාව ඇතුළත ලෝක උෂ්ණත්වය ඉහළ යැම පවත්වාගැනීම අපහසු වන බව හා අංශක 3ක පමණ උෂ්ණත්ව වර්ධනයක් සිදු විය හැකි බව ය. උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස් අංශක 1.5කට සීමා කිරීමට නම්, 2030 වර්ෂය වන විට ලෝකයේ මුළු කාබන්ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය අද මට්‌ටමට වඩා 45%කින් පමණ අඩු කළ යුතු බව ද එහි දක්‌වා ඇත. ඒ සඳහා කඩිනමින්, පුළුල් හා ඇතැම් විට මෙතෙක් නො සිතූ ආකාරයේ පියවර ගත යුතු වෙයි. ඒ වාර්තාව ලෝකය පුරා, විද්‍යාඥයන් හා පරිසරවේදීන් අතර පිළිගැනීමකට ලක් විය.
පෝලන්ත සමුළුවේ දී එම වාර්තාව පිළිගැනීම පිළිබඳ ව රටවල් කිහිපයක් එරෙහි විය. එම රටවල අදහස වූයේ අදාළ වාර්තාව පිළිබඳ ව සටහන් කරන (take note) බවක් සඳහන් කළ යුතු බවයි. කෙසේ වෙතත් සෙසු රටවල් විසින් දිගින් දිගට ම සිදු කරන ලද මැදිහත් වීම නිසා අවසානයේ දී මේ දේශගුණ සමුළුවේ දී මේ වාර්තාව සම්පූර්ණ කළ බව පිළිගැනීමට හා එය භාවිත කිරීමට රටවලට ආරාධනා කිරීමට එකඟ වී ඇත. වාර්තාව පිළිගැනීම තරම් නො වුව ද මෙය වැදගත් ප්‍රතිදානයකි. ෂඡCC ආයතනය පිළිබඳ ව හා විද්‍යාත්මක දත්ත පිළිගැනීමට එකඟ වීම සතුටුදායක කරුණකි. එහෙත් එය ප්‍රමාණවත් නො වන බව විද්‍යාඥයන් හා පරිසරවේදීන්ගේ අදහස වෙයි.
අනෙක් අතට දේශගුණ වෙනස් වීම පිළිබඳ ව වැදගත් සාධකයක් ලෙස සැලකෙන ගල් අඟුරු භාවිතය ප්‍රවර්ධනය කරන ආකාරයේ කටයුතු ගැන ඇමෙරිකාව හා පෝලන්තය උනන්දු වූ බවක් පැවසේ. එම රටවල් ගල් අඟුරු මත තදින් යෑපෙන රටවල් අතර වෙයි. එබැවින් දේශගුණ සමුළුවේ දී එවැන්නක් සිදු වීම පරිසර ක්‍රියාකාරිකයන්ගේ විවේචනයට ලක් විය.
මේ සමුළුවේ දී තරුණ පිරිස්‌වල ක්‍රියාකාරිත්වයේ හා ඉදිරිපත් වීමේ පැහැදිලි වර්ධනයක් දැකිය හැකි වූ බව සඳහන් වෙයි. විවිධ රටවල් නියෝජනය කරමින් සමුළුව හා ඊට සමගාමී ව පැවැති වැඩසටහන්වලට සම්බන්ධ වූ මේ පිරිස් අනුව පෙනෙන්නේ ලෝකයේ තරුණ පිරිස් දේශගුණ වෙනස් වීම පිළිබඳ ව දක්‌වන උනන්දුවයි. එය වැදගත් වන්නේ දේශගුණ වෙනස් වීම පිළිබඳ අරගලයට එමඟින් ජවයක් ලැබෙන නිසා ය.

පොදු නීති පද්ධතියක්

හරිතාගාර වායු විමෝචන සීමා කිරීම

රට රටවල් අතර වෙනස්‌කම්

දේශගුණ වාර්තාවට වූ දේ

වෙනත් කරුණු