ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 22.03.2017, පි. 5 (Vidusara)
Vidusara: Not available online
නියැන්ඩර්තාල් මානවයන් යනු වඳවී ගිය ආදි මානවයන් අතරින් නූතන මානවයා හට වඩාත් සමීපතම වූ මානවයා සේ සැලකෙන මානවයාය. අප මේ වන විට දන්නා කරුණු අනුය නියැන්ඩර්තාල් මානවයින් හා නූතන මානවයන් යුරේසියාව නමින් අද හඳුන්වනු ලබන ප‍්‍රදේශය ඇතුළත සමකාලීනව වාසය කළ අතර අතර, අන්තර් අභිජනනය කළ බවටද සාධක ඇත. නූතන මානවයාගේ ජෙනෝමයේ නියැන්ඩර්තාල් ජාන ඇති බව මේ වන විට අනාවරණය වී ඇති කරුණකි. හේතු කිහිපයක් නිසා නියැන්ඩර්තාල් මානවයින් වඳව ගියේ අදින් වසර 40,000කට පමණ පෙර බව සැලකේ.
කෙසේ වෙතත් මේ නියැන්ඩර්තාල් මානවයින්ගේ ආහාරය කෙබඳු ආකාරයක් ගත්තේද යන්න ගැන තරමක් මතභේද පවතී. ඇතැම් අධ්‍යයනවලින් පෙන්වාදී ඇති පරිදි මේ ආදි මානවයින් අධික ලෙස මාංශභක්ෂක වූ ආහාර රටාවක් පෙන්නුම් කර ඇත. එහෙත් තවත් අධ්‍යයනවලින් අනාවරණය කර ඇති ආකාරයට ඔවුන්ගේ ආහාර රටාව මගින් පෙන්වාදී ඇත්තේ එය ඔවුන් ජීවත් වූ ප‍්‍රදේශයේ ආහාර සුලභතාවය මත රඳා පැවතුණු කරුණක් වූ බවයි. ඔවුන් ශාකමය ආහාර ගත් බවද අනාවරණය වී තිබේ.
මේ අතර පසුගියදා ප‍්‍රකාශයට පත් වූ පර්යේෂණ වාර්තාවකින් නියැන්ඩර්තාල් මානවයින්ගේ ආහාරය පිළිබඳව හා ඔවුන් හා නූතන මිනිසුන් අතර තිබූ සම්බන්ධතා පිළිබඳව වැදගත් කරුණු රැුසක් පෙන්වාදී ඇත.
මේ අධ්‍යයනයේදී නියැන්ඩර්තාල් මානවයින්ගේ දත්වල ඝන වූ මැලියම් අතර තැන්පත්ව තිබූ ආහාර හා බැක්ටීරියා හඳුනාගැනීමක් සිදුකර තිබේ. දත්වල වීදුරුමස් හා දත අතර ප‍්‍රදේශයේ බැක්ටීරියා විශාල ප‍්‍රමාණයක් එ්කරාශීව සාදන ජෛව පටලයක් දත් මැලියම් (tooth plaque) නම් වන අතර, මෙය ඉවත් නොකළහොත් එය මත ඛනිජමය ද්‍රව්‍ය තැන්පත්වී කැල්කියුලස් (calculus) ලෙස හඳුන්වන ඝන ස්තරයක් බවට පත් වේ. අතීතයේ විසූ මානවයින්ගේ දත්වල මේ කැල්සනීභූත ස්තරයේ ඇති ද්‍රව්‍යවලින් DNA ලබාගැනීමට මේ කණ්ඩායමේ පර්යේෂකයන් අතරින් දෙදෙනකු මුලින්ම උත්සාහ කර ඇත්තේ මීට දශක දෙකකට පමණ පෙරදීය. එහෙත් එදා පැවති තාක්ෂණිය අනුව එම තැන්පතුවල තිබූ ක්ෂුද්‍රජීවීන් හෝ ආහාර හඳුනාගැනීම සඳහා ඔවුන්ට එදා හැකියාවක් ලැබුනේ නැත. කෙසේ වෙතත්, පැරණි DNA විශ්ලේෂණය කිරීමේ තාක්ෂණය දියුණු වීමත් සම`ග දත්වල මැලියම්වල ඇතුළත් ද්‍රව්‍යවල DNA විශ්ලේෂණය සඳහා අවස්ථාවක් ලැබී ඇත.
මෙහිදී අතීතයේ විසූ නියැන්ඩර්තාල් ආදි මානවයින් පස් දෙනෙකුගේ දන්ත මැලියම්වල අඩංගුද්‍රව්‍ය යොදාගනිමින් හා එ්වායේ ඇතුළත් ෘභ් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකින් මේ අධ්‍යයනය සමන්විත වේ. ඉන් නිදර්ශක දෙකක් ස්පාඤ්ඤයේ එල් සිඞ්රොන් නම් ගුහාවකින් හමු වූ අදින් වසර 50,000ක් පමණ පැරණි ඒවාය. තවත් දෙකක් බෙල්ජියමේ ස්පයි ගුහාවෙන් හමු වූ වසර 42,000ක් පමණ කාලයක් පැරණි මානව අවශේෂ වේ. අනෙක ඉතාලියේ බ්‍රෙයුඉල් ගුහාවෙන් හමු වූ නිදර්ශකයකි. එසේම මෙහිදී අනාවරණය වූ දත්ත සමඟ වනගතව විසූ චිම්පන්සින්ගේ හා නූතන මිනිසුන්ගේ දත්වල තිබූ ද්‍රව්‍යවල
DNA සමඟ සංසන්දනය කිරීමක්ද සිදුකර ඇත. එහිදී පෙනී ගොස් ඇති ආකාරයට ඓතිහාසික චිම්පන්සින් හා මානවයින් සමඟ මේ නියැන්ඩර්තාල් දන්ත නිදර්ශකවල ක්ෂුද්‍රජීවී ගහනයේ විවිධත්වය සංසන්දනය කිරීමෙන් මේ පර්යේෂකයන්ට පෙනීගොස් ඇති වැදගත් කරුණක් වී ඇත්තේ, නියැන්ඩර්තාල් මානවයින්ගේ දත්වල ක්ෂුද්‍රජීවී ගහනය (microbiota) වඩා සමීප වන්නේ ඓතිහාසික චිම්පන්සින්ගේ ක්ෂුද්‍රජීවී ගහනයට බවයි.
ආහාර භාවිතය පිළිබඳ අනාවරණ
මෙහිදී අනාවරණය වූ කරුණු අනුව බෙල්ජියමේ හා ස්පාඤ්ඤයේ ගුහා දෙකෙන් හමු වූ නියැන්ඩර්තාල් මානවයින්ගේ ආහාර රටාව පිළිබඳ කැපී පෙනෙන වෙනස්කම් ඇති බව පෙනේ. එහිදී හෙළි වූ සාධකවලට අනුව, ස්පයි ගුහාවේ විසූ මානවයින් වූල් රයිනෝ (Ceratotherium simum) හා වල් බැලළුවන් (Ovis aries) වැනි මාංශභක්ෂක ආහාරවලට මුල්තැනක් දුන් බව පෙනී ගොස් ඇත. එසේම එහි තිබී හමු වූ සත්ත්ව අස්ථි ශේෂ අනුව වෙනත් සතුන්ද ආහාරයට ගත් බව පැහැදිලිය. නමුත් ස්පාඤ්ඤයේ විසූ නියැන්ඩර්තාල් මානවයින් පිළිබඳ කළ අධ්‍යයනයවලින් හෙළි වී ඇත්තේ ඔවුන් ප‍්‍රධන වශයෙව් ශාකමය ආහාරවේලක් ලබාගත් බවයි. මේ ස්ථාන දෙකේම විසූවන් හතු වර්ග ආහාරයට ගත් බව ප‍්‍රවේණික ද්‍රව්‍ය මගින් අනාවරණය වී තිබේ.ස්පාඤ්ඤයේ එල් සිඞ්රොන් ගහාවෙන් ලැබුණු සාධක අනුව එම මානවයින් හතු වර්ග (Schizophyllum commune), කැළෑ පාසි වර්ග (Physcomitrella patens) හා පයින් ශාකයේ (Pinus koraiensis) ගෙඩි වැනි ද්‍රව්‍ය ආහාරයට ගෙන ඇති බව පෙනී ගොස් ඇත.
මේ අනුව නියැන්ඩර්තාල් මානවයින් තම ආහාරය සඳහා තමන් වාසය කළ ප‍්‍රදේශයේ දැකිය හැකි වූ ආහාර වර්ග මත පදනම් වූ බවට පැහැදිලි සාධක මෙම පර්යේෂණය මගින් ලැබී ඇති බව පැහැදිලිය. එනම් ඔවුන් අදාළ ප‍්‍රදේශවල ආහාර සුලභතාවය අනුව බහුවිධ යැපුම් උපායමාර්ග අනුගමනය කර ඇති බවද පැහැදිලිය. මේ බව තහවුරු කිරීම සඳහා වැඩිදුර ප‍්‍රවේශයක් අවශ්‍ය බව මේ පර්යේෂකයන් විසින් පෙන්වාදී තිබේ.
කෙසේ වෙතත් ආහාර පිළිබඳව මේ පර්යේෂණයෙන් අනාවරණය වූ කරුණුවල සත්‍යතාවය සම්බන්ධව ඇතැම් විiාඥයන් සැක මතුකර ඇති බව මේ පිළිබඳව ඉදිරිපත්ව ඇති අදහස් අනුව පෙනේ. එවැනි එක් අදහසකට අනුව අද වන විට වඳවී ගොස් ඇති එහෙත් අතීතටේ නියැන්ඩර්තාල් මානවයින් විසින් ආහාරයට ගත් ශාක හා සතුන්ගේ DNA දත්ත වර්තමාන විද්‍යාඥයන් සතුව ඇති ශාක හා සත්ත්ව හා ශාක DNA දත්ත සමුදායවල ඇතුළත් නොවිය හැකිය.
ඖෂධ භාවිතය පිළිබඳ සාධක
එල් සිඞ්රොන් ගුහාවේ එක් මානවයකුගේ දත්වල තිබී පොප්ලර් ශාක (Populus trichocarpa) ශේෂ හා Zymoseptoria tritici, Phaeosphaeria nodorum, Penicillium rubens, හා Myceliophthora thermo-phila වැනි දිලීර පළිබෝධ සහිත ආහාර ගත් බවට සාධක හමුවීහ විශේෂත්වයක් ගනියි. එය තම ආබාධ සඳහා ඔසුවක් ලෙස භාවිත කර ඇති බවට සාධකයක් ලෙස මේ පර්යේෂකයින් විසින් පෙන්වාදී තිබේ. මීට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ පොප්ලර් ශාක කොටස් හා පෙනිසිලින් පුස්වල DNA මේ මානවයින්ගේ දත්වලින් හමුවීමයි.පොප්ලර් ශාකයේ ඇතැම් කොටස්වල ස්වාභාවික වේදනා නාශකයක් වන සැලිසිලික් අම්ලය ඇතුළත් වේ. එය වේදනා නාශකයක් ලෙස යොදාගන්නා ඇස්පිරින් වල ඇතුළත් ප‍්‍රධාන සංඝටකය වන අතර එම අවශ්‍යතාවය සඳහා මිනිසුන් විසින් ඓතිහාසික වශයෙන් භාවිතයට ගෙන තිබේ. එය මුඛයේ ඇති වූ ගෙඩියක් සඳහා වේදනා නාශකයක් ලෙස එම මානවයින් විසින් යොදාගන්නා ලද බවක් මේ පර්යේෂකයන් විසින් යෝජනාව කර ඇත. එසේම පෙනිසිලින් පුස් යනු පෙන්සිලින් සඳහා වූ මූලාශ‍්‍රයයි. මේ පර්යේෂකයක් විශ්වාස කරන්නේ ආහාර මාර්ගයේ Enterocytozoon bieneusi නම් මිනිසුන්ට පාචනය ඇතිකරන බැක්ටීරියා ආසාදනයක් සඳහා ප‍්‍රතිකාර ලෙස පෙනිසිලින් ඇතුළත් පුස් සහිත ආහාන ඇතැම් විට යොදාගන්නට ඇති බවයි. අදාළ බැක්ටීරියාව පිළිබඳ සාධකද හමුව තිබීම සේ සඳහා වැඩිදුර තහවුරු කිරීමකි.
මේ ආකාරයෙන් ස්වයං-ප‍්‍රතිකාර කිරීම්වල නියැන්ඩර්තාල් ආදි මානවයින් යෙදුනේ නම් එය වැදගත් සොයාගැනීමක් බව පැහැදිලිය. එසේම පෙන්සිලින් වැනි ද්‍රව්‍යයක් ඔසුවක් ලෙස භාවිත කළේ නම් එය සිදුව ඇත්තේ නූතන මානවයින් විසින් එ් පිළිබඳව විසිවැනි සියවසේදී අනාවරණය කරගැනීමට හතළිස් දහසකට හෝ පණස් දහසකට පමණ පෙර වීම සුවිශේෂ සිදුවීමකි.
නූතන මානවයා සමඟ වූ සම්බන්ධතා
වඳවී ගොස් ඇති නියැන්ඩර්තාල් මානවයින් හා නූතන මානවයින් අතර තිබූ සමීප සම්බන්ධතා ගැනද මෙහිදී කරුණු අනාවරණය වී ඇත. නිදසුනක් ලෙස ගතහොත්, නියැන්ඩර්තාල් මානවයින්ගේ මුඛයේ දැකිය හැකි වූ ක්ෂුද්‍රජීවීන් නූතන මානවයින්ගේ මුඛය තුළ දැකිය හැක්කේ ඉතා දුර්ලභවය.මෙම පර්යේෂණයේදී නූතන මානවයින් හා නියැන්ඩර්තාල් මානවයින් අතර ඇති සම්බන්ධව ගැන කරුණු අනාවරණය කරගැනීමට උපකාරී වූ එවැනි එක් ක්ෂුද්‍රජීවීයකු වන්නේ Methanobrevibacter oralis නම් ජීවියාය. මෙම ජීවියා නූතන මානවයාගේ මුඛයේද හමුවන අතර, නියැන්ඩර්තාල් මානවයින්ගේ දත් විශ්ලේෂණයෙන්ද හමු වී ඇත. එහෙත් මේ ක්ෂුද්‍රජීවීන්ගේ ජෙනෝම විශ්ලේෂණයෙන් පෙනී ගොස් ඇති ආකාරයට එහි නූතන මානවයා තුළ හමුවන දර්ශය හා නියැන්ඩර්තාල් මානවයින් අතර හමුවන දර්ශය ප‍්‍රවේණිකව වෙන් වී ඇත්තේ අදින් වසර 112,000ත් 143,000ත් අතර කාලයකට පමණ කාලයකට පෙරදී බව පෙනී ගොස් ඇත. එම වෙන්වීම සිදුව ඇත්තේ නියැන්ඩර්තාල් මානවයාගේ හා නූතන මානවයාගේ පොදු පූර්වජයා වෙන්වීමෙන් වසර දහස් ගණනාවකට පසුවය.
එ් අනුව මේ බැක්ටීරියාව නියැන්ඩර්තාල් මානවයා හා නූතන මානවයා අතර හුවමාරු වී ඇති බව උක්ත විiාඥයන්ගේ අදහසයි. මේ විශේෂ දෙක අතර එම සම්බන්ධතාවය ඇති වූයේ මෑත පෙරදිග ප‍්‍රදේශවලදී බව සැක කෙරේ. මේ සමීප සම්බන්ධතාව අවම වශයෙන් සිපගැනීමකට හෝ ආහාර හුවමාරු කරගැනීමක් හෝ විය හැකිය. මේ අනුව මේ මානව විශේෂ දෙක අතර අන්තර්-සම්බන්ධතා මෙතෙක් සිතුවාට වඩා සුහද වූ ඒවා විය හැකි බවද මේ පර්යේෂකයන්ගේ අදහස වේ. කෙසේ වෙතත් මේ විශේෂ දෙක අතර අභිජනනයක් සිදුව ඇති බව ප‍්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳ පර්යේෂණ අනුව පැහැදිලිය.
(මූලාශ්‍රය - Nature, DOI: 10.1038/nature21674)
No comments:
Post a Comment