Monday, January 20, 2014

පහේ ශිෂ්‍යත්ව විභාගය අවශ්‍යද?

ධනේෂ් විසුම්පෙරුම

Vidusara, 2014-01-01

Not available online

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2016 වර්ෂයෙන් පසු අහෝසි කිරීමට තීරණය කර ඇත යන්න රටේ තරමක ආන්දෝලනයක් ඇති කර තිබේ. පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිදුකර ඇති ප‍්‍රකාශයකට අනුව පහේ ශිෂ්‍යත්ව විභාගය 2016 වර්ෂයේදී අහෝසි වීමට බොහෝ විට ඉඩ ඇත. එ් අනුව ශිෂ්‍යත්ව විභාගය වෙනුවට ළමුන් සඳහා කිසියම් ඇගැයීම් පරීක්ෂණයක් පවත්වනු ලබන බවත්, එය තරඟකාරී විභාගයක් නොවන බවත් අමාත්‍යවරයා පවසා ඇත. පැය එකයි කාලක පමණ කාලයක ප‍්‍රශ්න පත‍්‍රයක් මගින් ශිෂ්‍යයින්ගේ දක්ෂතාවය ඇගැයීමට කටයුතු කරන බවත් ඔහු පවසා තිබිණි.

ශිෂ්‍යත්ව විභාගව සම්බන්ධව මෙරට සමාජයේ මේ විභාගය පිළිබඳව ආන්දෝලනයක් ඇති වූයේ ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල නිකුත් වීමත් සමඟය. ඊට මුල් වූ හේතුව වූයේ ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල නිකුත් වූ දිනයයි. ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල නිකුත් වූයේ ලෝක ළමා දිනය (හා ලෝක වැඩිහිටි දිනය) යෙදී තිබූ ඔක්තෝබර් මස පළමුවැනිදාය. ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල නිසා ළමුන්ගේ එදින සතුටට බාධාවක් ඇති වූ බව මේ සමාජ ආන්දෝලනයේ හරය විය. සාමාන්‍ය ජනතාව, අධ්‍යාපන වෘත්තීය සමිති, ඇතැම් ජනමාධ්‍ය හා දේශපාලනඥයන් මේ පිළිබඳව රජයට චෝදනා එල්ල කරනු දැකිය හැකි විය. කෙසේ වෙතත් මේ සමඟ ශිෂ්‍යත්ව විභාගයත් එහි ගැටලූ පිළිබඳව ඇති වූ සාකච්ඡුාවත් වැදගත් බව අපේ හැඟීම විය. එහෙත් මේ වන විට අප දකින්නේ මේ ආන්දෝලනයේ අවසන් ප‍්‍රතිඵලය නම් එය මදක් නොව දැඩි අවධානයකින් සැලකිය යුත්තකි.

කෙසේ වෙතත් මේ වන විට උක්ත තීරණයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා බව එක් ගුරු සංගමයක් දැනටමත් ප‍්‍රකාශ කර ඇත. එසේම මේ පිළිබඳව විරෝධතා ක‍්‍රියාමාර්ග ගන්නා බවටද ඔවුන් ප‍්‍රකාශ කර තිබේ. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ පවා සාකච්ඡුා වී ඇති බවක් වාර්තා වී තිබේ. අනෙක් අතට ඉහත කී ප‍්‍රකාශය රජයේ මතය වේද යන්න හා එය මේ පිළිබඳ අවසත් ප‍්‍රතිඵලද යන්න තවමත් පැහැදිලි නැත.

පහේ ශිෂ්‍යත්ව විභාගය


පහේ පංතියේ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව පවත්නා වාර්තා අනුව විභාගය ආරම්භ වන්නේ 1943 වර්ෂයේදීය. එ් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මහතා විසින් ආරම්භ කරන ලද මධ්‍ය මහා විද්‍යාල සංකල්පය ඵලගැන්වීමෙන් පසුවය. මේ විභාගයෙන් සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වැඩි පහසුකම් සහිත පාසැලක අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලැබිණි. එසේම නොමිලේ හා නවාතැන් හා ඇඳුම් ආදියද ලැබිණි. පසුකලක ආර්ථික අපහසුතා ඇති සිසුන්ට ශිෂ්‍යාධාර ලබාදීම සිදු විය. ශිෂ්‍යාධාර ලෙස ලබාදෙන මුදලට වඩා වැදගත් වූයේ පහසුකම් සහිත පාසලක අධ්‍යාපනය හැදෑරීමට ලැබීමයි.

මේ අනුව ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූ සිසුන් අතරින් රටට හා ලෝකයට වැඩදායක උගතුන් බොහෝ දෙනෙක් පසුගිය වසර හැත්තෑවක කාලය පුරා බිහිව ඇති බව සැකයක් නැත.
අනෙක් අතට ගත වූ කාලය ඇතුළත ශිෂ්‍යත්ව විභාගයේ යම් යම් වෙනස්වීම් ඇති වී තිබෙන බව පෙනේ. නිදසුනක් ලෙස ගතහොත්, එක්තරා කාලයකදී විභාග දෙකක් පැවැත්වූ අවස්ථා ඇත. එහිදී දෙවැනි විභාගයට පෙනී සිටියේ පළමු විභාගයෙන් සමත්වූ සිසු-සිසුවියන්ය. එසේම ශිෂ්‍යත්ව විභාගය සඳහා අන්තර්ගත වන විෂයද මේ කාලය ඇතුළත වෙනස් වී තිබේ.

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමේ අහිතකර ප‍්‍රතිඵල

යම් ආකාරයකින් ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළහොත් ඇතිවිය හැකි අහිතකර ප‍්‍රතිවිපාක පිළිබඳව මදක් විමසා බැලිය යුතු වේ.

ග‍්‍රාමීය ප‍්‍රදේශයක වෙසෙන දක්ෂ දරුවකුට වඩාත් ඉහළ පහසුකම් සහිත පාසලකට ඇතුළත් වීම සඳහා වර්තමානයේ ඇති අවස්ථාව වන්නේ ශිෂ්‍යත්ව විභාගයයි. දක්ෂ ශිෂ්‍යයින්ට මෙතෙක් ලැබුණු අවස්ථාව අහිමි වීම ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමේ බරපතළම ප‍්‍රතිඵලය සේ දැක්විය හැකිය. ජාතික පාසල් මෙන්ම මේ වන විට සංවර්ධනය කරමින් පවත්නා ද්විතීයික පාසල් තිබුණද ඒවාට ළමුන් ඇතුළත් කරගැනීම සිදුවන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. එ් පාසල්වලට පළමු ශ්‍රේණියෙන් ළමුන් බඳවා ගන්නේ නම් පාසලේ සිට පදිංචි නිවසට ඇති කිලෝමීටර් දෙකේ නීතිය බලපායි. අනෙක් අතට සාමාන්‍යයෙන් සිදුවන ආකාරයටම මිල මුදල් වියදම් කළ හැකි පවුල්වල දරුවන්ට අවස්ථාව ලැබීම වැළැක්විය නොහැකි වනු ඇත. (මෙසේ මුදල් අවශ්‍ය වන්නේ කරුණු දෙකකටය - ව්‍යාජ ලේඛන සැකසීමට හා ළමයා ඇතුළත් කිරීමේදී අවශ්‍ය පුද්ගලයින්ට ගෙවීමටය. අල්ලස් ¥ෂණ අතින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයද ඉහළ මට්ටමක පසුවන බව ප‍්‍රකට කරුණකි.)
 
ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම සඳහා හැකිවන්නේ මේ වන විට ක‍්‍රියාත්මකව ඇති ද්විතීයික පාසල් දහසක් දියුණු කිරීමේ ව්‍යාපෘතිය නිසා බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසා තිබිණි. 2016 වර්ෂය වන විට අවසන් වීමට නියමිත ද්විතීයික පාසල් දහසේ ව්‍යාපෘතියත් සමඟ ජනප‍්‍රිය පාසල්වලට ඇති අධික ඉල්ලූම නිමා වනු ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කර ඇත. එහෙත් මේ අනුව පාසල් දියුණු කරනු ලැබුවද ආර්ථික ගැටලූ ඇති හා ග‍්‍රාමීය ප‍්‍රදේශවල පදිංචි දක්ෂ දරුවන්ට මේ පහසුකම් සහිත පාසලකට ඇතුළත් වීම අසීරු විය හැකිය. අනෙක් අතට පළමු ශ්‍රේණියෙන් පසු කිසියම් ඉහළ පංතියකදී මේ පාසල්වලට බඳවා ගනු ලැබෙන්නේ නම්, එ් කුමන පදනමකින්ද යන්නද පැහැදිලි නැත. මේ පාසල්වලට ඇතුළත් වීම සඳහාද අධික තරඟයක් ඇති විය හැකිය. එසේම ප‍්‍රාථමික පංති පමණක් පැවැත්වෙන විද්‍යාලවලින් පසුව එ්වායේ දක්ෂ දරුවන් වෙනත් පාසලකට බඳවා ගැනෙන ආකාරයද පැහැදිලි නැත. එවැන්නක් තරඟ විභාගයක් හරහා සිදුවන්නේ නම් සිදුවන්නේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවට වෙනත් නමකින් විභාගයක් ඇති වීම පමණක් විය හැකිය. කෙසේ වෙතත් එවැනි විභාගයකින් පසු ළමුන් නව පරිසරයකට යොමු කිරීමට වඩාත් යෝග්‍ය වන්නේ නව යොවුන්වියට පෙර බව පැහැදිලිය.

ශිෂ්‍යත්වයෙන් සමත් දක්ෂ දරුවන් 2016 වසරෙන් පසු ජාතික පාසල්වලට ඇතුළත් නොවුවහොත් වර්තමාන ජාතික හා ජනප‍්‍රිය පාසල්වල අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වැනි උසස් විභාගවල ප‍්‍රතිඵල අනාගතයේදී පහත වැටෙනු ඇතැයි සිතීම සාධාරණය. සාමාන්‍යයෙන් මේ පාසල්වල ඉහළ විභාග ප‍්‍රතිඵලවලින් වැඩි ප‍්‍රමාණයක් වාර්තා වන්නේ ශිෂ්‍යත්ව සමතුන් අතරිනි. (අපේ පෞද්ගලික අත්දැකීම් අනුවද එය එසේ බව තහවුරු කළ හැකිය.) තම පාසල්වල එවැනි තත්ත්වයක් වළක්වාලීම සඳහා අදාළ පාසල් කුමන ආකාරයක පියවරක් ගනු ඇතිද යන්න ගැටලූවකි. වර්තමාන ජනප‍්‍රිය පාසල්වලට ස්වකීය පාසලේ ප‍්‍රතිඵල ඉහළ මට්ටමක පවත්වාගැනීම ඒ පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමට වෙනම ඇතුළත්වීමේ විභාගයක් පැවැත්වීමට පියවර ගනු ඇතිද? අතීතයේ මෙවැනි ඇතුළත් වීමේ විභාග පැවැත්වූ අතර අද තත්ත්වය යටතේ එයද බොහෝ අනිසි ක‍්‍රියාවලට මුල්විය හැකිය. එසේම ඇතැම් ජාතික පාසල්වල පංති පැවැත්වෙන්නේ 6 වැනි ශ්‍රේණියේ සිට ඉහළට පමණක් වන නිසා එ් පාසල්වලට සිසුන් බඳවා ගැනීම සිදුකරන්නේ කෙසේද යන්න ගැටලූ සහගතය. සාමාන්‍යයෙන් ඉහළ විභාගවලින් හොඳ ප‍්‍රතිඵල වාර්තා කරන මධ්‍ය මහා විද්‍යාලද සාමාන්‍යයෙන් හයවැනි ශ්‍රේණියෙන් සිසුන් ඇතුළත් කරගන්නා පාසල් අතර වේ.

ස්වභාෂා මාධ්‍ය අධ්‍යාපනය පිරිහීම ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමේ තවත් ප‍්‍රතිඵලයක් විය හැකිය. බොහෝ උගත් දෙමාපියන්ගේ අදහස තම දරුවන් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූ පසු උසස් පාසලකට ඇතුළත් කිරීමයි. ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළහොත් ඔවුන්ට මේ අවස්ථාව අහිමි වේ. මේ නිසා සිදුවිය හැක්කේ ඔවුන් තම දරුවන්ට ස්වභාෂා මාධ්‍යය වෙනුවට ඉංග‍්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙත හෝ ජාත්‍යන්තර විෂයමාලා සඳහා යොමු කිරීමය. එහි එක් ප‍්‍රතිඵලයක් වන්නේ පුද්ගලික හා ජාත්‍යන්තර පාසල්වලට වඩා හොඳ කලක් උදා වීමය. අවසානයේදී මේ වන විටත් කිසියම් තර්ජනයකට ලක්ව ඇති ස්වභාෂා අධ්‍යාපනය තවදුරටත් පිරිහී යා හැකිය. මේ තත්ත්වය රටේ අනාගතය සඳහා මෙන්ම ජාතික භාෂාවල අනාගත පැවැත්ම සම්බන්ධවද ගැටලූවක් විය හැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ.
 
උපකාරක පංති සඳහා ඉහළ ඉල්ලූමක් ඇති වීමද ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමේ ප‍්‍රතිඵලයක් විය හැකිය. පහසුකම් සහිත පාසලක උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් අහිමිවීමත් සමඟ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට පෙනී සිටින තම දරුවන්ට අතිරේක පංතිවල සහයෝගය ලබාදීමට කිසියම් හෝ හැකියාවක් සහිත දෙමාපියන් පෙළඹවීම වැළැක්වීම අසීරු විය හැකිය. පහසුකම් සහිත පාසලකට පිවිසිය නොහැකි වූ මුදල් ඇති මධ්‍යම පංතියේ දරුවකුට හොඳ ගුරුවරු හා පහසුකම් නොලැබිය හැකි නිසාය. මේ නිසා ප‍්‍රතිඵල පෙන්වීම සඳහා ටියුෂන් පංතිතරඟය වඩාත් ඉහළ යනු ඇත. මේ අනුව ටියුෂන් ව්‍යාපාරිකයන්ට මේ තත්ත්වය ඉතා යෝග්‍ය වේ. මේ වන විටත් උපකාරක පංති පැවැත්වීම අපේ රටේ ඉතා හොඳ ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.

ශිෂ්‍යත්ව විභාගය වෙනත් පංතියකට ගෙනයෑම ගැනද සාකච්ඡුාවට ලක්ව ඇත. එහෙත් දරුවකුගේ බොහෝ වෙනස්කම් සිදුවන නව යොවුන්වියට පිවිසෙන අවස්ථාවේදී ඔහු හෝ ඇය අධ්‍යාපනය සඳහා අදාළ පරිසරයක පසුවීම යෝග්‍ය බව සාමාන්‍යයෙන් පිළිගැනේ. එය මේ නිසා ශිෂ්‍යත්ව විභාගය පහ ශ්‍රේණියේදී පැවැත්වීම යෝග්‍ය වේ. එය වෙනත් ශ්‍රේණියකට ගෙන ගියහොත් සිදුවන්නේ නව යොවුන් වියේදී ඇතිවන වෙනස්කම් අතරට පාසල වෙනස් වීමද එක් වීමය.
 
අනෙක් අතට හුදෙක් භෞතික පහසුකම් දියුණු වූ පමණින් කිසියම් පාසැලක අධ්‍යාපන මට්ටම ඉහළ යනු ඇතැයි පැවසීම අසීරුය. එ් සඳහා බලපාන්නා වූ වෙනත් සාධක රැුසක්ද තිබේ. නිදසුනක් ලෙස ගතහොත් අත්දැකීම් සහිත දක්ෂ ගුරුවරුන්ගේ අවශ්‍යතාවය දැක්විය හැකිය. අද වැඩිම ඉල්ලූමක් ඇති ජාතික පාසල් ජනප‍්‍රිය පාසල් බවට පත්ව ඇත්තේ කලක් තිස්සේ ඇති වූ වර්ධනය හා ඉහළ අධ්‍යාපන මට්ටමක් පවත්වාගැනීම නිසාය. එසේම කැපීපෙනෙන ප‍්‍රතිඵල පෙන්වන පාසල් අනෙක් උසස් පාසල් අතර වෙනස්කමක් පැවතීම වැළැක්වීමට නොහැකි වනු ඇති අතර එ් පාසල්වලට වැඩි ඉල්ලූමක් ඇතිවීමට වැළැක්වීම අසීරු වන ඇත. එය සමාන වන්නේ හුදෙක් ජනප‍්‍රිය දේශපාලන සටන්පාඨයක් වන ‘දුප්පත්කම දුරලීමටය‘. දුප්පත්කම යනු සම්පූර්ණයෙන්ම දුරලිය නොහැක්කකි. ඊට හේතුව ආදායම් මට්ටම ඉහළට ගියද ඉහළම ආදායම් ලබන්නන් හා අඩු ආදායම් ලබනන්නන් අතර කිසියම් ආකාරයක ඇති නැති පරතරයක් ඕනෑම රටක හෝ සමාජයක පවතින නිසාය.
 
අධික තරඟකාරිත්වය හා ළමුන්ට ඇතිවන පීඩනය

මෙරට සිසු-සිසුවියන් ස්වකීය ශිෂ්‍ය ජීවිතයේ මුහුණ දෙන පළමු තරඟකාරී විභාගය වන්නේ පහේ පංතියේ ශිෂ්‍යත්ව විභාගයයි. ශිෂ්‍යත්ව විභාගය විවේචනයට ලක්වී ඇති බරපතළම කරුණ වන්නේ එහි දැකිය හැකි අනිසි තරඟය නිසාය. ඇතැම් දෙමාපියන් තම දරුවන්ට ළමයකු සතු විය යුතු ළමා කාලය අහිමි කර ඇති බවක් පෙනේ. ළමුන් පොතපතට පමණක් සීමා කිරීමට හා වෙනත් සියලූ ආකාරයේ කටයුතුවලින් ඈත් කිරීමට දෙමාපියන් කටයුතු කිරීම මීට නිදසුනකි. ළමා කාලය අහිමි කරන ලද දරුවකුගේ අනාගතයට එය බලපෑමක් වීම වැළැක්විය නොහැකිය.
 
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින තම දරුවන් පිළිබඳව දෙමාපියන් අසීමිත බලාපොරොත්තු තබා ඇත. නිදසුනක් ලෙස ගතහොත් පසුගිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල නිකුත්වූදා ඇති වූ කලබගෑනිය දැක්විය හැකිය. එක් ශිෂ්‍යයකු නිවසින් එළවා දැමූ පුවතක් පුවත්පතක වාර්තා වූ අතර, ළමුන්ට පහරදීම්ද රටේ ඇතැම් ප‍්‍රදේශවලින් වාර්තා විය. ඉන් පෙනන්නේ දෙමව්පියන් විභාගය පිළිබඳව සිතන ආකාරයයි. ශිෂ්‍යත්ව විභාගයේ වැදගක්ම දකින්නේ ලමුන් නොව දෙමාපියන්ය. මේ හේතුව නිසා මේ විභාගය ඇතැම් අවස්ථාවලදී දෙමාපියන්ගේ විභාගය (ඡු්රුබඑ’ි ැං්ප* ලෙස හැඳින්වේ.
 
අප දන්නා පරිදි පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළු වන දරුවා වෙනුවෙන් පවා ශිෂ්‍යත්වය සඳහා සූදානම් කරන පංති පළමු හා දෙවැනි ශ්‍රේණියේදී ආරම්භ වන අතර එ් සඳහා සැකසුණු පොත් හා ප‍්‍රශ්න පත‍්‍ර ආදියද වෙළෙඳ පොළේ දැකගත හැකිය. අවාසනාවකට මෙන් මේවාට දෙමාපියන් අතර ඇති ඉල්ලූමද ඉහළය. පළමු ශ්‍රේණියේ දරුවන්ගෙන් පාසලේදී අපේක්ෂා කරන ක‍්‍රියාකාරිත්වය හා ඔවුන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට පුහුණු කිරීම අතර නොගැලපීමක් දැකිය හැකිය.

ශිෂ්‍යත්ව විභාගය වෙනස් විය යුත්තේ කෙසේද?


මේ සියලූ කරුණු මැදිහත්ව සලකා බැලීමේදී අපට සිතෙන්නේ ශිෂ්‍යත්ව විභාගය පැවතිය යුතු වුවත් එහි සැලකිය යුතු වෙනස්කම් සිදු කළ යුතු බවය. එ් විශේෂයෙන් ආර්ථික අපහසුතා ඇති පවුල්වල දක්ෂ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහාය. එහි සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳවද මදක් විමසා බැලිය යුතු වේ.
 
ශිෂ්‍යත්ව විභාගයේ තරඟකාරිත්වය අඩු කිරීමට ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡුාවක් අවශ්‍යව තිබේ. මෙවැනි උපක‍්‍රම කිහිපයක් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පසුගිය සතියේදී ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවලියකද ඇතුළත් වේ. ශිෂ්‍යත්ව විභාගය අහෝසි කර සාධන මට්ටම සම්බන්ධ විභාගයක් වෙනුවට ඒවා යොදාගෙන ශිෂ්‍යත්ව විභාගය වෙනස් කිරීම යෝග්‍ය බව අපට සිතෙන කරුණකි. එහි ඇතුළත් වන පරිදි විභාගය සාමාන්‍ය පරීක්ෂණයක් බඳු විභාගයක් කිරීම එවැනි එක් උපක‍්‍රමයකි. විභාගය පැයක පමණ කෙටි කාලයක් සඳහා වූ විභාගයක් විය යුතු බවද යෝජනා කර ඇති අතර, එසේම එය සාමාන්‍ය වාර විභාගයකට වඩා සංකීර්ණ නොවූ විභාගයක් විය යුතුය. මේ සඳහා යෝග්‍ය අන්තර්ගතයක්ද උක්ත යෝජනාවලියේ ඇතුළත් වේ. විභාගය සරළ වුවද එතුළින් ලමුන්ගේ දක්ෂතාවය සාධාරණ ආකාරයෙන් සංසන්දනය කළ හැකි නම් එය ප‍්‍රමාණවත්ය.
 
ශිෂ්‍යත්ව විභාගය මේ වන විට විෂය කිහිපයක් ආවරණය වන පුළුල් ආකාරයේ පරීක්ෂණයකි. එහෙත් විභාගය සරළ කිරීමේදී මේ බහු විෂයික ස්වභාවය තබාගත හැකිද යන්න තරමක ගැටලූවකි.
විභාගයේ තරඟකාරිත්වය අඩුකිරීමත් සමඟ දෙමාපියන් විසින් ළමුන් මත ඇතිකරන බලපෑම අඩු කිරීමටද පියවර ගත යුතුය. මේ නිසා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ගේ දෙමාපියන් විසින් කළ යුතු හා නොකළ යුතු දේ පිළිබඳව උපදේශනයක් ලබාදීමට පියවර ගත හැකි නම් වැදගත් වේ. මෙය ඇතැම් විට පළමු ශ්‍රේණියේ පටන් සිදු කළ යුතු වනු ඇත. මේ වන විට පාසල්වල මනෝඋපදේශනය පිළිබඳව පුහුණුව ලද ගුරුවරුන් සිටින එවැන්නක් සැලසුම් කිරීම අසීරු කරුණක් නොවේ.
 
අනෙක් අතට දැනටමත් ජාතික හා ජනප‍්‍රිය පාසල්වල ඉගෙනුම ලබන දරුවන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමද විභාගයේ දැකිය හැකි තරඟකාරිත්වය වර්ධනය වීම සඳහා හේතු වී ඇත. එහෙත් යම් සිසුවකුට හෝ සිසුවියකට ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට ඇති අවස්ථාව අහිමි කිරීමද අනුමත කළ නොහැකි බැවින් මේ පිළිබඳවද වැඩි සංවාදයක් ඇති විය යුතු බව පෙනේ.
 
මේ වන විට හතු පිපෙන්නාක් සේ බිහිව ඇති ශිෂ්‍යත්ව විභාගය අරමුණු කරගත් අතිරේක පංති සීමා කිරීමක් කළ හැකිද යන්න නම් ගැටලූවකි. අප පෙර සඳහන් කළාක් මෙන් පළමු ශ්‍රේණියේ සිටම පාහේ ශිෂ්‍යත්ව අතිරේක පංති පැවැත්වේ. මේ පංති පවත්වන වැඩි දෙනා පාසල් ගුරුවරු වේ. (ඔවුන්ගෙන් සමහරක් ශිෂ්‍යත්වය අහෝසි කිරීමට විරුද්ධ වන්නේද මේ නිසා විය හැකිය) කෙසේ වෙතත් මේ සඳහා නීති මගින් යම් සීමාවක් පැනවිය හැකිද යන්නද සොයා බැලිය යුතුය.
 
මෙහිදී පැවසිය යුතු තවත් කරුණක් ඇත. එනම්, රජය මේ වන විට ක‍්‍රියාත්මක කරන පාසල් සංවර්ධන ව්‍යාපෘතියේ ඉතා වැදගත් බව පැවසිය යුතුය. මේ යටතේ ද්විතීයික පාසල් දහසක් සංවර්ධනය කරනු ලබන අතර එ්වායේ පහසුකම් වර්ධනය කිරීම මෙහිදී සිදුවේ. මෙහිදී එක් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට පාසල් තුනක් පමණ දියුණු කිරීම වැදගත් වේ. මෙවැනි පහසුකම් සහිත පාසල් සෑම ප‍්‍රදේශයකම පිහිටා තිබීම නිසා ශිෂ්‍යත්වයෙන් සමත් වන දරුවන්ට ඈත පාලසකට නොගොස් ස්වකීය දෙමාපියන් සමඟ ජීවත් වන අතර පහසුකම් සහිත පාසලක අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවද ළමුන්ට ලැබේ. නේවාසික අධ්‍යාපනයට වඩා තම නිවසේ දෙමාපියන් සමඟ වාසය කිරීම දරුවකුට කෙතරම් වැදගත් වන්නේද යන්න අමුතුවෙන් කිවයුතු නැත. 

රජයේ වගකීම අවබෝධකරගැනීම
 
වඩා හොඳ විසඳුම් තිබියදී මේ විභාගය අහෝසි කර දැමීමට කටයුතු කළහොත් වත් පොහොසත්කම් ඇති බමුණු කුලයේ දෙමාපියන්ගේ දරුවන්ට පමණක් අවස්ථා ඇති අධ්‍යාපන ක‍්‍රමයක් ස්ථාපිත වීමටද ඉඩ තිබේ. 1940 දශකයේ ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වීමට පෙර කළ සමයේදී මෙරට පැවැති සමාජ රටාව එවැනි වූවකි. එනම්, ධනවත් පංතියේ සිසුන්ට මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය හැකි තත්ත්වයකි. මධ්‍ය මහා විද්‍යාල හා ශිෂ්‍යත්ව විභාගයේ ආරම්භය නිසා තමන්ගේ වතුවල ගෙඩි කඩා ගැනීමට සේවකයින් නොමැතිවනු ඇතැයි එවකට බලයේ සිටි ඇතැම් පාලකයින් හා ධනපති පංතියේ නියෝජිතයන් පැවසූ බව සඳහන් වේ. (පසුකලක ස්වභාෂා අධ්‍යාපනය හඳුන්වාඳුන් කාලයේදීද මෙවැනි අදහස් තිබී ඇත.)
 
ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම හරහා රට යළිත් රැුගෙන යන්නේ එවැනි තත්ත්වයක් වෙතද යන්න බලධාරීන් විසින් විමසා බැලිය යුතුව තිබේ. බමුණු කුලය වෙනුවෙන් පෙනී නොසිටින හා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන බව පවසන රජයක් ලෙස වර්තමාන රජයට එවැනි පියවරක් ක‍්‍රියාත්මක කළ හැකිද?
මේ සියලූ කරුණු අනුව ශිෂ්‍යත්ව විභාගයේ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධව පුළුල් සමාජ සාකච්ඡුාවක් ඇති විය යුතු බව අපේ අදහසයි.

Not available online.

No comments:

Post a Comment