Monday, May 20, 2013

Snake & Ladder නව නීති

Snake & Ladder ක්‍රීඩාව සඳහා නව නීති හඳුන්වාදී ඇත.

1. සර්පයාගේ හිස සහිත කොටුවට පැමිණියද ක්‍රීඩකයා ආපසු පහළට නොවැටේ. ඒ සර්පයා සමාව දෙන බැවින් හා ඊළඟ කොටුවට පනින්නට හැකි නිසාය.
2. ඉණිමගේ ඕනෑම තැනක ඇති කොටුවකට පැමිණි විට එය දිගේ නැග ඉහළට යා හැකිය.
3. අවශ්‍ය නම් කොටු දිගේ ඉහළට යෑමටද හැකිය.
4. තමන්ට අවශ්‍ය ඉලක්කම වැටෙන තුරු නැවත නැවත දාදු කැටය දැමීමටද අවසර තිබේ.

සැ.යු. Snake & Ladder ක්‍රීඩාවේ මේ නව නීති වලංගු වන්නේ අවුරුදු 5 වයසේ ආධුනික ක්‍රීඩකයන්ට පමණි. නොඑසේ නම් ඒ ක්‍රීඩකයාට ජයගැනීමට නොහැකි වීම නිසා ඇයට කේන්ති යෑමට ඉඩ තිබේ. එසේම අම්මා හෝ තාත්තාට මේ නීති කිසිසේත් වලංගු නොවේ!

නව නීති හඳුන්වා දීම - මෙතාෂා ලක්වින්දි විසුම්පෙරුම විසිනි. 2013-05-18 දින පටන් ක්‍රියාත්මකය.

No comments:

Post a Comment