Friday, November 14, 2025

අදත් අසන යොවුන් ගී

ධනේෂ් විසුම්පෙරුම

2025-11-10


ජාතික තරුණ සේවා සභාවෙන් රටට ලැබුණු එක් සුන්දර දෙයක් තමයි යොවුන් ගීත... 

1980 දශකයේ දී යොවුන් ගීත විශාල සංඛ්‍යාවක් බිහිවුණා. ඒ අතරින් සමහර ගීත ඉතාම ජනප්‍රිය ගීත බවට පත් උනා වගේම අද දක්වාම අසන්නයට ලැබෙනවා. එසේම මේ සමහර ගීත පසුකාලීනව වෙනත් ගායක ගායිකාවන් විසිනුත් නැවත ගායනා කරනු ලැබුවා.

මේ සටහනේ දැක්වෙන්නේ එවැනි මතකයේ රැඳුණු යොවුන් ගී කීපයක්. මේ බොහොමයක් වීඩියෝ ඒ කාලේ නිතර රේඩියෝවෙන් ඇහුන ඒවා - කැසට්පටවලින් අහපු ඒවා - රූපවාහිනියෙන් දැකපු ඒවා.

මේ හඬවල් හිමි සමහරක් අද විශිෂ්ට ගායක ගායිකාවන්. ඒත් ඒ සමහර හඬවල් පසුකාලීනව නෑසි යෑම කණගාටුවක්. 

මේ ‌පිටුවේ ගීත පෙළගස්වා ඇත්තේ ගීතයේ මුල් වචනයේ අකාරාදි පිළිවෙලටයි. සවන් දිය හැකි, බොහෝ විට රූපවාහිනී මුල් පටිගත කිරීම් සඳහා වන සබැඳීත් මීට ඇතුළත්. 

අහන්න ආරාධනා කරනවා.

තවත් හමුවන ගීත, මෙතැනට එක් කරනු ඇති.
අවසන් යාවත්කාලීන කිරීම: 2025-11-10


කුසුමට ලංවී 

ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා 
ගීපද - ෂර්ලි වෛජයන්ත
තනුව - ෂර්ලි වෛජයන්ත

https://www.youtube.com/watch?v=LsHHjhUc-bM

තවලම් අපි යනවා (ඈත හමායන මද සුළඟේ)

ගායනය- වන්ද්‍රසේන හෙට්ටිආරච්චි, වන්ද්‍රලේඛා පෙරේරා හා පිරිස
පද - ෂර්ලි වෛජයන්ත
තනුව - ෂර්ලි වෛජයන්ත

https://www.youtube.com/watch?v=sHPd2znd2Q8

දොර කවුළුවෙන් එබී බලා

ගායනය- මාෂල් ජනතා හා චන්ද්‍රලේඛා පෙරේරා
පද - ෂර්ලි වෛජයන්ත
තනුව - ෂර්ලි වෛජයන්ත

https://www.youtube.com/watch?v=cizvo46VC2g

මට එපා ඔබේ 

ගායනය - ෂර්ලි වෛජයන්ත 
ගීපද - ෂර්ලි වෛජයන්ත
තනුව - ෂර්ලි වෛජයන්ත

https://www.youtube.com/watch?v=_ReImUfKaJY

මා දෑසෙ වේදනා

ගායනය - රෝයි පීරිස්  
ගීපද - නිහාල් ගම්හේවා
තනුව - නිහාල් ගම්හේවා

https://www.youtube.com/watch?v=vqqRxkWLk4c

මා හද සැලෙනා ගී හඬ මුමුණා

ගායනය - ෂර්ලි වෛජයන්ත හා සුජීවා කරුණානායක
පද - ෂර්ලි වෛජයන්ත
තනුව - ෂර්ලි වෛජයන්ත

https://www.youtube.com/watch?v=f6FRN7i2zzc

සීත කඳුයායේ ගයන ගී රාවේ....

ගැයුම - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි හා චන්ද්‍රලේඛා පෙරේරා
පද - ෂර්ලි වෛජයන්ත
තනුව -  ​ෂර්ලි ​වෛජයන්ත

https://www.youtube.com/watch?v=1xiCXbEV2qo

No comments:

Post a Comment