Thursday, October 31, 2019
ලෝකය තවදුරටත් හරිතවත් නොවේ!
ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2019.09.18, පි. 11 (Vidusara)
Vidusara - Not available online
ලෝකය පුරා සැලකිය යුතු ප‍්‍රදේශයක ශාක වර්ධනය අඩුවෙමින් පවතී. එනම්, ලෝකයේ හරිතවත් බව තවදුරටත් ඉහළ යන්නේ නැත. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් ලෝකය තවදුරටත් හරිතවත් වීම අදින් වසර විස්සකට පමණ පෙර කාලයකදී නැවතී තිබෙයි. ඉහතින් සරලව සඳහන් කරන ලද්දේ පසුගිය අගෝස්තු මාසයේදී Science Advances සඟරාවේ පළ වූ නවතම අධ්‍යයනයකින් හෙළි දරව් වී තිබෙන කරුණුය.
වනාන්තර සහ වෙනත් පරිසර පද්ධති ඇතුළු හරිතවත් බවට හේතුවන ශාක වැස්මෙන් යුක්ත බොහෝ පරිසර පද්ධති සේවා සපයයි. ජෛව විවිධත්වය සඳහා වාසස්ථාන සැලසීම, ඔක්සිජන් සැපයීම, ආහාර නිෂ්පාදනය කරන ප‍්‍රාථමික නිෂ්පාදකයා ලෙස, සෞන්දර්යාත්මක බව යනාදි විවිධ ප‍්‍රයෝජනවලට අමතරව, දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහාද මෙම පරිසර පද්ධති වැදගත් වෙයි. එම පරිසර පද්ධති සේවා අඛණ්ඩව පවත්වාගැනීම සඳහා මෙම හරිතවත් පරිසර පද්ධතිවල පැවැත්ම හා වර්ධනය අත්‍යවශ්‍යය.
එහෙත් අප මාතෘකා කරගත් අධ්‍යයනයේදී චන්ද්‍රිකා ඡුායාරූප යොදාගනිමින් ලෝකයේ හරිතවත් බව වෙනස් වූ ආකරය පිළිබඳව කරුණු විමසා තිබෙයි. 1982 සිට 1998 වර්ෂය දක්වා වූ කාලයේදී ලෝකය පුරා වෘක්ෂලතා ආවරණයේ වර්ධනය වීමේ ප‍්‍රවණතාවයක් ලෝකය පුරාම පාහේ දැකිය හැකි වී ඇත. එහෙත් අදින් වසර විස්සකට පමණ පෙර එම තත්ත්වය හදිසියේම වාගේ නැවතී ඇත. එතැන් සිට ලෝකයේ වෘක්ෂලතා දැකිය හැකි භූ දර්ශනවලින් 59%ක් පමණ ප‍්‍රමාණයක දැකිය හැකි වූයේ දුඹුරු පැහැවීමේ ප‍්‍රවණතාවයකි හෙවත් එය ශාක වර්ධනයේ අඩුවීමකි.
මෙම තත්ත්වය අධ්‍ය්‍යනය සඳහා ඔවුන් ශාකවල රුක්වලලූ යොදාගනිමින්ද ශාක වර්ධනය පිළිබඳ මිණුම් කටයුතු සිදුකර ඇත. එහිදී පෙනීගොස් තිබෙන ආකාරයට, 1998 වර්ෂයෙන් පසුව ගෙවුණු කාලයේදී ලෝකයේ අධ්‍යයනය කළ ස්ථාන 171ක් අතරින් 100ක පමණ ශාකවල රුක්වලලූවල පළලෙහි සාමාන්‍යය අඩු වී තිබෙයි. ඒ 1998ට පෙර එවැනි අඩුවීමක් දැකිය හැකි වී නැත. මෙයින්ද ශාක වර්ධනයර අඩුවීමක් සිදු වී තිබෙන බව තහවුරු වී ඇත.
මෙමගින් පැවසෙන්නේ ලෝකයේ සෑම ප‍්‍රදේශයකම පාහේ දැකිය හැකි හරිතවත් බව අඩුවෙමින් පවත්නා බව නොවෙයි. නිදසුනක් ලෙස අධික ශීතල ස්වභාවය අඩු වී යාමත් සමඟ ආක්ටික් ප‍්‍රදේශය හරිතවත් වෙමින් පවතී. එවැනි තවත් හරිතවත් බව වර්ධනය වෙමින් පවත්නා වෙනත් කලාපද ලෝකයේ පවතී. එහෙත් සමස්තයක් ලෙස ගතහොත් ලෝකයේ දැකිය හැකි හරිතවත් ප‍්‍රදේශවලින් අඩකට අධික ගණනක හරිතවත් බව අඩුවෙමින් පවත්නා බව හෙවත් ශාක වර්ධනය අඩු වෙමින් ඇති බව මෙම අධ්‍යයනයෙන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ලෝකයේ වෘක්ෂලතා ආවරණයෙහි ගෝලීය අඩුවීම සිදු වී ඇති බව වාර්තාගත කරන පළමු අධ්‍යයනය මෙය නොවෙයි. 2010 වර්ෂයේදී Science සඟරාවේ පළ වූ අධ්‍යයනයකට අනුව ලෝකයේ භෞමික පරිසරයෙහි ශුද්ධ ප‍්‍රාථමික නිෂ්පාදනය (net primary production) 1982 සිට 1999 දක්වා කාලයේදී වර්ධනය වී ඇත. එහෙත් 2000-2009 අතර කාලයේදී මෙම අගය අඩු වී තිබෙයි. ඒ සඳහා බලපා ඇත්තේ ලෝකයේ දකුණු අර්ධගෝලයේ පැවති වියළි කාලගුණ තත්ත්වයයි. මෙම ශුද්ධ ප‍්‍රාථමික නිෂ්පාදනය මගින් ශාකවල ජෛව ස්කන්ධය ලෙස තැන්පත් වන වායුගෝලීය කාබන් ප‍්‍රමාණය පිළිබඳව අදහසක් ලබාගත හැකිය. (මූලාශ‍්‍රය - Science, DOI: 10.1126/science.1192666)
ශාක වර්ධනය මෙසේ අඩු වී යෑම සඳහා හේතු වී තිබෙන බවට මෙම පර්යේෂකයන් විසින් පෙන්වා දෙන කරුණු මෙහිදී වැදගත් වෙයි. ඒ අනුව, වායුගෝලයේ දැකිය හැකි ජලවාෂ්ප ප‍්‍රමාණය හෙවත් තෙතමනය අඩු වීම මෙම තත්ත්වය සඳහා හේතු වී තිබෙයි. එවැනි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ දේශගුණ වෙනස් වීම නිසාය.
මෙම තත්ත්වය වාෂ්ප පීඩන ඌනතාවය (vapor pressure deficit) ලෙසින් හඳුන්වනු ලබන අගය හා සම්බන්ධ විය හැකි බව දේශගුණ වාර්තා අනුව පැහැදිලි කර තිබෙයි. මෙමගින් අදහස් වන්නේ වායුගෝලයේ උපරිම ජලවාෂ්ප ප‍්‍රමාණයක් පවත්නා විට ඇති කරනු ලබන පීඩනය හා ඇත්ත වශයෙන්ම වායුගෝලයේ පවත්නා පීඩනය වෙනසයි. වායුගෝලයේ සත්‍ය වශයෙන්ම පවත්නා ජලවාෂ්ප ප‍්‍රමාණය අඩු වන විට මෙම ඌනතාවය ඉහළ යයි. මෙම ඌනතාවය ඉහළ නම් එය වායුගෝලීය නියඟයක් (atmospheric drought) ලෙස හඳුන්වනු ලැබෙයි. එවැනි අවස්ථාවකදී ශාක පත‍්‍රවල වායු හුවමාරුව සිදුකරන පූටිකා විවර වැසී යන අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රභාසංස්ලේෂණ වේගය අඩු වෙයි. මෙහි ප‍්‍රතිඵලය වන්නේ ශාකවල වර්ධනය අඩු වීමය.
මෙම අධ්‍යයනය සඳහා ජගත් මට්ටමේ දේශගුණ දත්ත කට්ටල හතරක් පමණ සම්බන්ධ කරගෙන තිබෙයි. එහිදී හෙළි ව තිබෙන්නේ ලෝකයේ වෘක්ෂලතා ආවරණය දැකිය හැකි ප‍්‍රදේශ අතරින් 53%ක පමණ වාෂ්ප පීඩන ඌනතාවයේ කැපී පෙනෙන වර්ධනයක් 1990 දශකයෙන් පසුව දැකිය හැකි බවයි. එනම් වියළි වීමේ ස්වභාවයකි. පෙර සඳහන් කරන ලද 2010 අධ්‍යයනෙය්දී ද මෙම හරිතවත් බව නැවතීම හෝ අඩු වීම සඳහා හේතුව ලෙස වියළි ස්වභාවයක් පැවතීම හෙවත් ජලය හා සම්බන්ධ කරුණක් විය හැකි බව යෝජනා කර තිබිණි.
මෙසේ වායුගෝලයේ දැකිය හැකි ජලවාෂ්ප ප‍්‍රමාණය අඩු වීමට බලපාන සාධක කිහිපයක් දේශගුණ වෙනස් වීම නිසා ඇති වූ ඒවාය. නිදසුනක් ලෙස සාගරය හරහා හමා එන සුළගේ වේගය අඩු වී තිබෙන අතර එහි ප‍්‍රතිඵලය වන්නේ ජලවාෂ්ප ගොඩබිම් ප‍්‍රදේශය හරහා ගමන් කිරීම අඩු වීමයි. මේ අනුව ශාක ආවරණය සහිත ප‍්‍රදේශවලට ලැබෙන ජලවාෂ්ප ප‍්‍රමාණය අඩු වෙයි. එමෙන්ම මෙම පර්යේෂකයින් පෙන්වා දෙන පරිදි, ඉහළ යන උෂ්ණත්වය නිසාද යම් බලපෑමක් සිදුවෙයි. කිසියම් උෂ්ණත්වයකදී වායුගෝලයට රදවා ගැත හැකි උපරිම ජලවාෂ්ප ප‍්‍රමාණයක් පවතී. එහෙත් භූමියේ උෂ්ණත්වය ඉහළ යන විට වායුගෝලයට රදවා ගත හැකි ජලවාෂ්ප ප‍්‍රමාණය ඉහළ යයි. එවිට මෙහි සඳහන් වන වාෂ්ප පීඩන උෳනතාවය ද ඉහළ යයි.
මෙම තත්ත්වය අද වන විට බෙහෙවින් අඩු වී තිබෙන දේශගුණ සංශයවාදීන්ගේ තර්ක තවදුරටත් අසරණ කරන්නකි. දේශගුණ වෙනස් වීම, මිහිතලය උණුසුම් වීම නිදා ඇති වන බලපෑම් සැහැල්ලූ කිරීමට ඔවුන් දක්වන එක් තර්කයක් වන්නේ කාබන් ඩයොක්සයිඞ් වායුව ඉහළ ප‍්‍රමාණවලින් ඇති විට ශාක වර්ධනය වේගවත් වනු ඇති බවයි. මේ තත්ත්වය ලෝකයේ ආහාර සැපයුම සඳහා සුභවාදීව බලපාන බව ඔවුන්ගේ අදහසයි. එහෙත් මෙම පර්යෛෂණයෙන් පෙනෙන්නේ එවැන්නක් සිදුනොවන බවයි.
මෙයට හේතුව විද්‍යාඥයන් විසින් පැහැදිලි කර තිබෙන්නකි. ඉහළ යන කාබන් ඩයොකසයිඞ් වායු සාන්ද්‍රණය, ශාකවලට ඵලදායී ලෙස බලපාන බව සත්‍යයකි. ඒ ශාකවල ආහාර නිෂ්පාදනය හෙවත් අස්වැන්න ඉහළ නැංවීම සඳහාය. එහෙත් එම සාධනීය බලපෑම දැකිය හැක්කේ කාබන් ඩයොක්සයිඞ් වායුව යම් සාන්ද්‍රණයක් දක්වා ඉහළ යනතෙක් පමණි. ශාකවල ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලිය සඳහා බලපාන සාධක අතර කාබන් ඩයොක්සයිඞ් යනු එක් සාධකයක් පමණකි. ඉහළ යන උෂ්ණත්වය, වෙනස්වන කාලගුණ තත්ත්ව, ජල සුලභතාවයේ ඇති වන වෙනස්කම් මෙහිදී බලපාන සෙසු සාධක අතර වෙයි.
එබැවින් බොහෝ පර්යේෂකයන් පෙන්වා දී තිබෙන පරිදි සමස්තයක් ලෙස ගත් විට ලෝකයේ වෘක්ෂලතා අතරින් වැඩි ප‍්‍රමාණයකට දේශගුණ වෙනස් වීම නිෂේධනීය ලෙස බලපානු ඇති බව මෙම අධ්‍යයනයෙන්ද යළිත් පැහැදිලි කර ඇත. මීට කෘෂි භෝගද ඇතුළත් වෙයි. මෙම අධ්‍යයනය මගින් පෙනෙන්නේ මෙම තත්ත්වය අද වන විටද සිදුවෙමින් පවත්නා බවයි.
දේශගුණ ආකෘතිවලින් පෙන්වා දී තිබෙන පරිදි ලෝකය උණුසුම් වන විට ඉහත සඳහන් වාෂ්ප පීඩන ඌනතාවය දිගින් දිගටම වර්ධනය විය හැකිය. විශේෂයෙන් එළැඹෙන දශකවලදීද මෙම වායුගෝලීය නියඟය තවදුරටත් වර්ධනය වනු ඇත. පෙන්වා දී තිබෙන පරිදි එම තත්ත්වය මෙම ශතවර්ෂය අවසන් වන තුරුම පාහේ පැවතිය හැකිය. ඒ අනුව, එය ශාකවල වර්ධනය සඳහා සැලකිය යුතු නිශේධනීය බලපෑමක් ඇති කළ හැකිය.
මෙහි තිබෙන තවත් වැදගත්කමක් වන්නේ දේශගුණ වෙනස් වීම ශාකවල වර්ධනයට බලපාන අතර අඩුවෙමින් යන ශාක වර්ධන වේගය දේශගුණ වෙනස් වීමේ වේගයට බලපෑ හැකි වීමයි. වනාත්තර හා වෙනත් භූදර්ශනවල පවත්නා ශාක යනු වායුගෝලයෙන් කාබන් ඉවත් කර සංචිත කළ හැකි පද්ධතිය. එබැවින් ඒවා දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහා වැදගත් වන්නකි. එහෙත් ශාක වර්ධනය අඩු වීම යනු, කාබන් සංචිත කිරීම අඩුවීමකි. මෙය දේශගුණ වෙනස් වීම හා සම්බන්ධව පැහැදිලි අභියෝගයක් වනු ඇත.
මෑතකදී ප‍්‍රකාශයට පත් එක් පර්යේෂණ වාර්තාවකින් පෙන්වා දී තිබුණේ හෙක්ටයාර බිලියන 0.9ක ප‍්‍රමාණයක වනාන්තර වගා කළ හැකි නම්, මිනිසුන් විසින් නිපදවූ මුළු හරිතාගාර වායු ප‍්‍රමාණයෙන් තුනෙන් දෙකක් පමණ ඉවත් කිරීමට හැකි බවයි (මූලාශ‍්‍රය - Science, DOI: 10.1126/science.aax0848). එහෙත් ලෝකයේ ශාක වර්ධනයේ ගැටලූවක් සිදුවන්නේ නම් දේශගුණ වෙනස් වීම වැළැක්වීමේ අරමුණින් සිදුකරන වන වගාවල ඵලදායී බව අඩු වනු ඇති බව පැහැදිලිය.
එබැවින් වායුගෝලයේ තෙතමනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු සාධකයක් බව පැහැදිලිය.
මූලාශ‍්‍රය - Science Advances, DOI: 10.1126/sciadv.aax1396

බලපාන හේතුව

අනාගතයට අභියෝගයක්?

පැරණිතම ආදිමානවයාගේ හිස්කබලක් සොයාගැනීම
ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2019.09.11, පි. 11 සහ 20 (Vidusara)
Vidusara - Not available onlineනූතන මානවයාගේ මෙතෙක් දන්නා පැරණිතම පූර්වජයා ලෙස සැලකිය හැකි ආදිමානවයකුට අයත් හිස්කබලක් අප‍්‍රිකාවෙන් සොයාගැනීම පිළිබඳව පසුගිය මාසයේ වාර්තා විය. මෙය මානව පරිණාමය හා සම්බන්ධව වැදගත් හා දුර්ලභ සොයාගැනීමක් වනවා පමණක් නොව, එහි පැරණිකම පිළිබඳව සලකන විට ඉතා හොඳින් ආරක්ෂා වී තිබෙන පොසිලයක් බවද පෙනෙයි.
අප‍්‍රිකා මහාද්වීපයේ ඉතියෝපියාවේ පිහිටා තිබෙන වොර්සානෝ-මිල් (Woranso-Mille) නම් ප‍්‍රදේශයේ වයඹ දිගින් පිහිටි ස්ථානයක කැනීම් අතරතුර 2016 වර්ෂයේදී එක් පර්යේෂකයෙකුට ප‍්‍රදේශවාසියෙකු විසින් ගෙනැවිත් දුන් ආදිමානවයකුට අයත් උඩු හනු අස්ථියකින් මෙම සොයාගැනීම පිළිබඳ කතාව ආරම්භ වෙයි. එම ලැබුණු ස්ථානය වැඩිදුර පරීක්ෂා කිරීමෙන් පසුව උඩු හනුව ලැබුණු තැන සිට මීටර් 3ක් පමණ ඔබ්බෙන් තිබී හිස්කබලක කොටස් ලැබී ඇත. මේ පිළිබඳව සිදුකරන ලද වැඩිදුර විශ්ලේෂණවලින් එහි වැදගත්කම හෙළි වී තිබෙයි.
පැරණිම ආදිමානව පොසිලය?
මෙම හිස්කබල Australopithecus anamensis විශේෂයට අයත් ආදිමානවයකුගේ බවට විද්‍යාඥයින් විසින් නිගමනය කර ඇත්තේ මූලික වශයෙන් එහි රදනක දත, උඩුහනුව හා ශංඛක අස්ථිය (temporal bone) අස්ථියෙහි ව්‍යුහය හා වෙනත් ලක්ෂණ පදනම් කරගනිමිනි. එම හිස්කබලේ දින වකවානු අනුව එම ආදිමානවයා අදින් වසර මිලියන 3.8ක් පමණ කාලයකට පෙර ජීවත් වූ අයෙකි. රසායනික වශයෙන් එකිනෙකට සම්බන්ධිත ගිනි කඳු ස්තර (chemically correlated volcanic layers) හා පුරාචුම්බක ස්තරායනය (palaeomagnetic stratigraphy) හා දින නියම කර තිබෙන ගිනි කඳු අළුවලින් සැදුණු පාෂාණ (tuff) පිළිබඳ දත්ත අනුව මෙම කාලනිර්ණය සිදුකර ඇත.අදින් වසර මිලියන 4ත් 2ත් අතර කාලයේදී අප‍්‍රිකාවේ වාසය කළ මූලික ආදි මානව විශේෂය ලෙස සැලකෙන්නේ මෙම Australopithecus ගනයට අයත් ආදිමානවයන්ය. ඔවුන් අප මෙන්ම ඍජුව ගමන් කළ අතර එහෙත් මොළයේ ප‍්‍රමාණය නූතන මානවයාට වඩා කුඩා විය. Australopithecus ගනයට අයත් විශේෂ ගණනාවක් පිළිබඳ පොසිල සාධක කෙන්යාව හා ඉතියෝපියාව වැනි රටවලින් ලැබී තිබෙයි. ලෝක ප‍්‍රකට ආදිමානව පොසිලයක් වන ලූසී අයත් වන්නේ මෙම ගනයටම අයත් වන Australopithecus afarensis විශේෂයටය.
1995 වර්ෂයේදී මුලින්ම විස්තර කරන ලද, අප මාතෘකා කරගත් පොසිලය අයත් Australopithecus anamensis විශේෂය මෙතෙක් හෙළිදරව් වී තිබෙන වඩාත් පැරණිම ආදිමානව විශේෂයට අයත් පොසිලය වෙයි. ඔවුන් වාසය කර තිබෙන්නේ අදින් වසර මිලියන 4.2ත් 3.9ත් අතර කාලයේදී බව මෙතෙක් පිළිගැනිණි. මෙම ආදිමානව විශේෂය රුක්වාසී ජීවීතයෙන් ඉවත්ව දෙපා මත සංචරණය ආරම්භ කළ සමයේ විසූවන් බවටද විශ්වාස කරනු ලැබෙයි. එහෙත් ඔවුන්ගේ මුහුණ වානරයින්ගේ මෙන් නෙරා තිබීම, ශක්තිමත් හනු තිබීම, ප‍්‍රමාණයෙන් කුඩා මොළයක් තිබීම (එය නූතන මානවයකුගේ මොළය මෙන් හතරෙන් එකක් තරම්ය) වැනි ලක්ෂණ විශේෂයක් ගනියි.
එමෙන්ම මෙම විශේෂයට අයත් ආදිමානවයෙකුගේ මුහුණ කෙසේ වූයේද යන්න ගැන අදහසක් ලබාගැනීමට හැකි වූ අවස්ථාවක් ලෙසද මෙය සැලකෙයි. මෙම හිස්කබල යොදාගනිමින් මුහුණ ප‍්‍රතිනිර්මාණය කිරීමටද හැකියාව ලැබී තිබෙයි. පිරිමියෙකුට අයත් බව සිතිය හැකි වූ මෙම හිස්කකබල හිමි තැනැත්තා වියපත්ව මියගිය අයෙකි. එලෙස නිගමනය කිරීමට හේතුව වන්නේ දත් සැලකිය යුතු තරම් අධික ලෙස ගෙවී ගොස් තිබීමය.
පරිණාමය සඳහා වැදගත්කම
මෙම අනාවරණයත් සමඟ පරිණාමය පිළිබඳ මෙතෙක් පිළිගත් මතයකට යම් අභියෝගයක්ද එල්ල වී තිබෙයි.
සාමාන්‍යයෙන් පිළිගැනෙන පරිදි නූතන මානවයා අයත් වන අදින් වසර මිලියන 2.8කට පමණ පෙර කාලයකදී බිහි වූ බව සැලකෙන Homo ගනයේ මානවයින්ට පූර්වජයා වූයේ සුප‍්‍රකට ලූසී අයත් වන Australopithecus afarensis විශේෂයයි. එම විශේෂයේ පොසිල අතර වඩාත් මෑත ඒවා අදින් වසර මිලියන 3ක් පමණ කාලයකට අයත්ය. එය Homo ගනයේ මානවයින්ගේ සම්භවය හා ගැලපෙයි.
එහෙත් එම Australopithecus afarensis විශේෂයේ ආදිමානවයින්ගේ පූර්වජයා කවරෙක් වීද යන්න ගැන පොදු එකඟතාවයක් තිබුනේ නැත. එහෙත් මෙම ලිපියට මාතෘකා වූ පොසිලය අයත් Australopithecus anamensis විශේෂය Australopithecus afarensis විශේෂයේ පූර්වජයා බවට බොහෝ මානව විද්‍යාඥයින්ගේ මතය විය. එයට හේතුව වූයේ Australopithecus anamensis වඩා පැරණි වීමත් වඩා වානර ස්වරූපයත් ගැනීමත්ය. එසේ වූයේ නම් එම විශේෂ දෙක එකම කාලයක විසීමක් සිදුවිය නොහැකිය.
කෙසේ වෙතත් ඉතියෝපියාවෙන් මෙහි සඳහන් වන හිස්කබල සෙයාගැනීමත් සමඟ මේ පිළිබඳව යළිත් සිතා බැලීමට සිදුවන බව විද්‍යාඥයන්ගේ මතයයි. මෙම නව සොයාගැනීමට අනුව Australopithecus anamensis ආදිමානවයාගේ වානර ලක්ෂණ අඩුවීමට පටන් ගෙන තිබීම සැලකිය යුතු කරුණකි. එම විශේෂයේ රදනක දත් කුඩා වීමට පටන් ගෙන තිබෙයි. රදනක දත් විශාල වීම වඩා පැරණි ආදිමානව පොසිලවල දැකිය හැකි විය. එමෙන්ම හා කම්මුල් අස්ථි කැපී පෙනෙන්නට ගෙන තිබිණි.
එබැවින් දැන් මෙම හිස්කබල සෙයාගැනීමත් සමඟ මෙම විශේෂ දෙක අතර කලින් සිතුවාට වඩා වෙනස්කම් තිබෙන බව දැන් හෙළි වී ඇත. එම වෙනස්කම් මෙන්ම මෙම හිස්කබලෙහි දින නිර්ණය වන වසර මිලියන 3.8ක් යන්නට අනුව පෙනෙන්නේ එම විශේෂ දෙක අවම වශයෙන් වසර 100,000ක පමණ කාලයක් එකට ජීවත් වී ඇති බවයි. ඒ අනුව Australopithecus afarensis විශේෂයේ පූර්වජයා ලෙස Australopithecus anamensis සැලකිය හැකිද යන්න ගැටලූවක් වෙයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව වඩා තාර්කික පැහැදිලි කිරීමක් මෙම විද්‍යාඥයින් විසින්ම ඉදිරිපත් කර තිබෙයි. ඒ අනුව, Australopithecus anamensis විශේෂයේ ජීවීන් අතරින් වෙන්ව ගිය ගහනයක් Australopithecus afarensis බිහි වීමට හේතු වන්නට ඇත. අනෙක් කොටස තවදුරටත් Australopithecus anamensis ලෙස පැවත එන්නට ඇත. එවැනි තත්ත්වයක් ඇති වීමට හැකියාව තිබෙන භූ විෂමතාවයක් එකල තිබූ බවට ඕනෑ තරම් සාධක පවතී. දැඩි බෑවුම් සහිත කඳු, ගිනි කඳු හා ලාවා ගලායෑම් නිසා එකම විශේෂයක ගහන කිහිපයක් එකිනෙකාගෙන් හුදකලා වීමට හා පරිණාමය වීමට ඕනෑ තරම් අවස්ථා තිබී ඇත. එම විශේෂ දෙක එකම කාලයක විසීම සිදුවිය හැක්කේ එවැනි තත්ත්වයක් තුළය.
මේ අයුරින් Homo ගහනයේ පූර්වජයා හැකි ආදිමානව විශේෂ දෙකක් එක් කලක විසූ බවට සාධක හමුවීම නිසා එයින් කුමන විශේෂයක් Homo ගනයේ පූර්වජයා වීද යන්න නිගමනය කිරීම තරමක දුෂ්කර එකක් කරයි. මෙය පරිණාමය වඩා සංකීර්ණ එකක් කරන බවද පෙනෙයි. එමෙන්ම මේ පිළිබඳව දැනට ඇති සාධක මගින් අවසන් නිගමනයකට පැමිණීමට අපහසුය.
කෙසේ වෙතත් එක් කරුණක් පැහැදිලිය. මෙම හිස්කබල නිසා Australopithecus anamensis යනු මේ වන විට අප දන්නා පැරණිතම ආදිමානව විශේෂය බවට දැන් සැකයක් නැති තරම්ය. එබැවින් මෙම සොයාගැනීම මානව පරිණාමය හා සම්බන්ධව වැදගත් සොයාගැනීමකි.
මූලාශ‍්‍රය - Nature, DOI: 10.1038/s41586-019-1513-8 හා 10.1038/s41586-019-1514-7
Thursday, October 10, 2019
දුම්රියේ අගය... (බස් කතා 11)
දිනය ඔක්තෝබර් 9 බදාදා හෙවත් ඊයේය. වෙලාව සවස 4.30ට පමණ ඇත. 138 හෝමාගම පුද්ගලික බසයක පැමිණි මම දෙල්කඳ හන්දියෙන් බසින්නට සූදානම් වීමි. ඉදිරි දොරට ළඟා වන මට රියැදුරු හා කොන්දොස්තරගේ කතාබහක් ඇසිණි.
රියැදුරු - "මොකද්ද බං මේ වෙලා තියෙන්නෙ... මේ වෙලාවෙත් සීට් ගානටවත් නැතිව දුවන්න වෙලානෙ"
කොන්දොස්තර - "ආපහු කෝච්චි දුවන්න පටන් අරන්නෙ."
රියැදුරු - "ඒ වගෙයි. පහුගිය දවස් ටිකේ බස් එකේ ගිය මිනිස්සු ආපහු කෝච්චියට ගිහින්"
ටවුන්හෝල් සිට දෙල්කඳ දක්වාම එම බසයේ අසුන් ගණනට වත් මගීන් සිටියේ නැත. ඔවුන්ට අනුව එයට හේතුව දුම්රිය වර්ජනය නිමාවීමත් සමඟ මගීන් ආපසු දුම්රිය වෙත යොමු වීමය.

Subscribe to:
Posts (Atom)