ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 17.04.2019, (Vidusara)
http://www.vidusara.com/2019/04/17/feature2.html
වර්තමාන ඉන්දියාව වූ කලී අතිශය මානව ජනවර්ග හා භාෂා විශාල සංඛ්‍යාවකින් යුක්‌ත රටක් ලෙස හැඳින්විය හැකි ය. එය සංස්‌කෘතික වශයෙන් ද විචිත්‍ර වූ මිශ්‍රණයකි. කෙසේ වෙතත් අතීතයේ දී මිනිසුන් ඉන්දියාවට පැමිණීම හෙවත් ඉන්දියානු ජනතාවගේ සම්භවය පිළිබඳ ව ඇත්තේ එතරම් පැහැදිලි චිත්‍රයක් නො වේ. විශේෂයෙන් මේ පිළිබඳ ඇති සාධක සම්පූර්ණ නැත.
අප්‍රිකාවෙන් පිටතට පැමිණි නූතන මානවයා ඉන්දියාවට ළඟා වීම පිළිබඳව ද වෙනස් මත ඇති බව පෙනෙයි. මේ පිළිබඳ ව වැඩි දෙනා පිළිගත් මතය වන්නේ අදින් වසර 65,000කට පමණ පෙර අප්‍රිකාවෙන් පිටතට පැමිණි මිනිසුන් ඉන්දියාවට ළඟා වූ බව ය. ප්‍රවේණික පර්යේෂණ අනුව ලෝකයේ වෙසෙන මානවයන් සියලු දෙනා ම පාහේ මේ සංක්‍රමණයෙන් පසු ලෝකය පුරා ව්‍යාප්ත වූවන් ය. එහෙත් වෙනත් සාධක අනුව අදින් වසර 100,000කට පමණ පෙර අප්‍රිකාවෙන් පැමිණි ජන කණ්‌ඩායම් ඉන්දියාවට පැමිණ තිබූ බව සාධක මෑත කාලයේ දී දක්‌වා ඇත. අප්‍රිකාවෙන් පිටතට මිනිසුන් කිහිප වරක් සංක්‍රමණය වී ඇති බැවින් එය එවැනි මානව සංක්‍රමණයක් ලෙස සැලකීම වඩාත් තාර්කික ය. එහෙත් එවැනි පැරැණි සංක්‍රමණිකයන් ගෙන් පැවතෙන්නන් පසු කලක ඇති වූ ප්‍රධාන සංක්‍රමණයෙන් පැමිණි මානවයන් ගෙන් යටපත් වී ඇත.
ආර්යයන් ලෙස හඳුන්වනු ලබන ජනතාවක් පසු කලක ඉන්දියාවට සංක්‍රමණය වූ බව පිළිගත් මතයයි. මේ ආර්යයන් විසින් භාවිත කරන ලද භාෂාත්මක හා වාග් විද්‍යාත්මක වශයෙන් සුවිශේෂී වන ඉන්දු-යුරෝපීය භාෂා පවුලේ භාෂා ඉන්දියාවේ දැකිය හැකි වීමෙන් මේ බව පැහැදිලි ය. මෙහි දී ආර්යයන් ලෙස හඳුන්වන්නේ මේ භාෂා පවුලේ භාෂා කතා කරන ජන කණ්‌ඩායමක් මිස ඇතැම් විට අදහස් කරන පරිදි සෙසු මානව කොටස්‌වලට වඩා සුවිශේෂී වූ ජන කණ්‌ඩායමක් නො වන බව අප අමතක නො කළ යුතු ය. මේ ආර්ය සංක්‍රමණය සිදු ව ඇත්තේ හරප්පා ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසුව බව පිළිගත් මතය වෙයි.
කෙසේ වෙතත් ආර්යයන් පිළිබඳ ව ඇති ඇතැම් මත සඳහා කිසිදු තාර්කික පදනමක් නැති තරම් ය. නිදසුනක් ලෙස වර්තමාන ඉන්දියාවේ වෙසෙන ඇතැම් පිරිස් ආර්යයන් ඉන්දියාවේ ජනිත වූ බවට දරන මතය දැක්‌විය හැකි ය. එමෙන් ම හරප්පා ශිෂ්ටාචාරය ද ආර්යයන් විසින් ඇති කරන ලද්දක් බවට අන්තවාදී මතයක් ද ඉදිරිපත් වන ආකාරය දැකිය හැකි ය. හරප්පා ශිෂ්ටාචාරය යන නම වෙනුවට සරස්‌වතී ශිෂ්ටාචාරය යන නම යොදාගත යුතු යෑයි ද යෝජනා වී ඇත. සරස්‌වතී යනු හින්දු වේද ග්‍රන්ථවල සඳහන් වන ගංගාවකි. ප්‍රමාණවත් සාධක නැති මේ නූතන අදහස් නූතන දේශපාලන මතවාද සමඟ ද බැඳී පවත්නා බවක් ද පෙනෙයි.
එමෙන් ම මීට වඩා වෙනස් ජන කොටස්‌වල සංක්‍රමණ පිළිබඳව ද සාධක ඉන්දියාවෙන් හමු වෙයි. නිදසුනක් ලෙස ගත හොත් චීනය හා අග්නිදිග ආසියානු කලාපයේ සිට ඉන්දියාවට සිදු වූ සංක්‍රමණ පිළිබඳව ද සාධක ද ඉන්දියාවෙන් හමු වෙයි. ඒ එම කලාපයේ භාෂා පවුලට අයත් භාෂා ඉන්දියාව තුළ හමු වන නිසා ය.
මේ කරුණු පිළිබඳ ව අවධානය යොමු කර ඇති, පසුගිය වර්ෂයේ දී නිකුත් වූ අධ්‍යයනයකින් මේ ජන සංක්‍රමණ පිළිබඳ වැදගත් කරුණු ගණනාවක් අනාවරණය කර ඇත. මේ අධ්‍යයන සඳහා ප්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයන්, ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් හා මානව විද්‍යාඥයන් වැනි බහුවිෂයික පර්යේෂකයන් 92ක පමණ පිරිසක් සම්බන්ධ වී ඇත.
මේ අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ අතීතයේ විසූ මිනිසුන් 362 දෙනෙකුගේ පැරැණි ප්‍රවේණික ද්‍රව්‍ය ය. නැෙ`ගනහිර ඉරානය, ටුරාන් ලෙසින් හඳුන්වනු ලබන මධ්‍යම ආසියාවේ දකුණුදිග ප්‍රදේශය (උස්‌බෙකිස්‌තානය, ටර්ක්‌මේනිස්‌තානය හා තජිකිස්‌තානය ඇතුළත් ප්‍රදේශය), ලෝකඩ යුගයට අයත් කසකස්‌ථානය හා දකුණු ආසියාවෙහි විසූ මිනිසුන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය මේ අධ්‍යයනය සඳහා භාවිත කර ඇත.
එක ම ප්‍රදේශයක විවිධ කාලවල දී විසූ මිනිසුන්ගේ හා විවිධ ප්‍රදේශවල එක ම කාලයක විසූ මිනිසුන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය යොදාගනිමින් මිනිසුන් කුමන ප්‍රදේශවලින් කුමන ප්‍රදේශවලට සංක්‍රමණය වූයේ ද යන්න පිළිබඳ ව කරුණු අනාවරණය කරගැනීමට හැකි ය. පැරැණි DNA පිළිබඳ පර්යේෂණ මඟින් ලෝකය පුරා විවිධ ප්‍රදේශවල ජනතාවගේ අතීතය පිළිබඳ ව සාධක සපයා ඇත.
මේ අධ්‍යයනයේ දී යොදාගත් ප්‍රවේණික දත්ත මූලික වශයෙන් ගත් විට සංකීර්ණ චිත්‍රයක් පෙන්වන්නකි. එමෙන් ම එය වර්තමාන දකුණු ආසියානුවන්ගේ පරිණාමික සම්බන්ධතා පෙන්වන්නක් ලෙස සැලකිය හැකි ය. (මූලාශ්‍රය - bioRxiv, DOI: 10.1101/292581)
මේ අනුව ඉන්දියාවට පැමිණි සංක්‍රමණික ජන ප්‍රවාහ කිහිපයක් පිළිබඳ ව සාධක ලැබී ඇත. මුලින් ම අදින් වසර 65,000ක් තරම් අතීතයේ දී අප්‍රිකාවෙන් පිටතට පැමිණි (Out of Africa) මානව කණ්‌ඩායම් ඉන්දියානු ප්‍රදේශ ජනාවාස කර ඇත. ඉන්දියානුවන්ගේ ප්‍රවේණික ද්‍රව්‍යවලින් 50%-65% අතර ප්‍රමාණයක් ලැබෙන්නේ මේ ජන කණ්‌ඩායමෙනි. (මේ මානව සංක්‍රමණය ලෝකයේ ම මානව ව්‍යාප්තියට බලපෑ ප්‍රධාන ජන සංක්‍රමණය බව මේ වන විට ඇති සාධක අනුව පිළිගැනෙන්නකි. ඒ අතර ප්‍රවේණික සාධක මූලික වේ.)
මේ ජන කොටස්‌වලට පසුව ඉන්දියාවට පැමිණි දෙවැනි මානව සංක්‍රමණය වන්නේ වර්තමාන ඉරානයේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටා ඇති සාග්‍රෝස් (Zagros) නම් ප්‍රදේශයේ සිට පැමිණි ජන කණ්‌ඩායමකි. මේ ප්‍රදේශය එළුවන් ගෘහාශ්‍රිතකරණය කිරීම පිළිබඳ ලෝකයේ පැරැණි ම සාධක සහිත ප්‍රදේශයයි. කෘෂිකර්මයේ (ඇතැම් විට එඬේරුන් ලෙස) යෙදුණු මේ පිරිස් අදින් වසර 9000-5000 (පොදු වර්ෂ පූර්ව 7000-3000) අතර පමණ කාලයේ දී මෙසේ ඉන්දියාවට පැමිණ ඇත. ඉන්දියාවේ වයඹදිග ප්‍රදේශයෙන් ඉන්දියාවට පිවිසි ඔවුහු ඉන්දියාවේ ඒ වන විට විසූ ඉහත සඳහන් කළ මුල් ජන කොටස් සමඟ මිශ්‍ර වී තිබෙයි. ඒ වන විටත් ඉන්දියාවේ ඇති වෙමින් තිබූ කෘෂිකර්මයේ වර්ධනය වේගවත් කිරීමට මේ කණ්‌ඩායම ද දායක වී ඇත. හරප්පා හෙවත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය වර්ධනය වීම මේ කෘෂිකාර්මික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස හඳුනාගත හැකි ය. එය මේ සාග්‍රෝස් හා පැරැණි ඉන්දියානුවන් අතර මිශ්‍රණයක් ලෙසට ඇතැම් විට සැලකෙන හරප්පා ශිෂ්ටාචාරයේ වඩාත් දියුණු අවධිය ඇති වන්නේ අදින් වර්ෂ 2600 හා 1900 අතර කාලයේ දී ය.
ඉන්පසුව ඉන්දියානු උප මහාද්වීපය වෙත සිදු වන ප්‍රධාන මානව සංක්‍රමණය වන්නේ ඉන්දු-යුරෝපීය භාෂා කතා කරන ආර්යයන් ලෙස හඳුන්වනු ලබන ජන කොටසේ පැමිණීම ය. ඔවුන් පැමිණියේ යුරේසියානු ස්‌ටෙප් බිම් හෙවත් මධ්‍යම ආසියානු ප්‍රදේශවලිනි. බොහෝ විට ඒ නූතන කසකස්‌තානය පිහිටි ප්‍රදේශයෙන් විය හැකි ය. එය සිදු ව ඇත්තේ අදින් වර්ෂ 4000 (පොදු වර්ෂ පූර්ව 2000) පමණ කාලයේ බව ද දක්‌වා ඇත. මේ පිරිස් සමඟ ඉන්දියාවට ඉන්දු-යුරෝපීය භාෂා පවුලට අයත් භාෂා ද පැමිණ ඇත. ඇතැම් පර්යේෂකයන්ට අනුව ඒ අතර සංස්‌කෘත භාෂාවට මුල් වූ භාෂාවක් හෝ සංස්‌කෘතවල මුල් භාෂාවක් හෝ තිබීමට ඉඩ ඇත. අශ්වයන් ඇති කිරීම පිළිබඳ දැනුම මෙන් ම විවිධ සංස්‌කෘතික චාරිත්‍රාදිය ද මේ පිරිස් විසින් ගෙන එනු ලබන්නට ඇතැයි අනුමාන කරනු ලැබෙයි. යුරේසියානු ස්‌ටෙප් බිම්වල විසූ එඬේරුන් දකුණු දිග ප්‍රදේශවල ව්‍යාප්ත වීම හා මේ දින වකවානු සමමිතික වෙයි. එමෙන් ම ස්‌ටෙප් බිම්වල සිටි මේ පිරිස් යුරෝපයට පිවිසියේ ඊට සහස්‍රකයකට පමණ පෙර දී ය.
මේ හැරුණු විට මේ ප්‍රදේශයට තවත් ජන සංක්‍රමණ සිදු වී ඇත. නිදසුනක් ලෙස ගත හොත් අග්නිදිග ආසියාවෙන් සිදු වූ ජන සංක්‍රමණ ද වැදගත් ය. එයට දායක වන්නේ චීනයේ සිට ව්‍යාප්ත වූ කෘෂිකාර්මික දිවිපෙවෙතක් ගත කරන්නන් ය. ඔවුන් පළමුව අග්නිදිග ආසියාවට ද, පසුව එතැනින් ඉන්දියාවට ද පැතිර ඇත. ඔවුන් ගෙන ආ භාෂා පවුල ඔස්‌ට්‍රොආසියාතික (Austroasiatic) භාෂා පවුලට අයත් භාෂා ලෙස දැක්‌විය හැකි ය. මේ භාෂා ඉන්දියාවේ නැෙ`ගනහිර හා මධ්‍යම ප්‍රදේශවල දැකිය හැකි වේ.
මේ අධ්‍යයනය තුළින් පැහැදිලි වන එක් කරුණක් වන්නේ අතීතයේ සිදු වූ මානව සංක්‍රමණ තරමක් සංකීර්ණ ක්‍රියාවලි බවයි. මේ පර්යේෂණය මඟින් මේ වන විට ඇති ඉන්දීය ජන සංක්‍රමණ පිළිබඳ ව ඇතැම් මතවලට අභියෝගයක් ඇති වන බව ඒ පිළිබඳ වාර්තා අනුව පෙනෙයි. සාධාරණ සාධක නොමැති එවැනි මත අභියෝගයකට ලක් වීම නො වැළැක්‌විය හැකි දෙයකි.
කෙසේ වෙතත් මෙමඟින් පෙනී ගොස් ඇති වැදගත් දෙයක් වන්නේ ඉන්දියානු ප්‍රවේණික දත්තවල ඇති විවිධත්වයයි. විවිධ ජන කොටස් එක් වීමෙන් ඉන්දියානු ශිෂ්ටාචාරය නිර්මාණය වී ඇත. එම විවිධත්වය ඉන්දියාව තුළ අද ද දැකිය හැකි වූවකි.

ප්‍රවේණික කරුණු පිළිබඳ පර්යේෂණයක්

ප්‍රවේණික විවිධත්වය පිළිබඳ නිගමන

විචිත්‍ර වූ සංක්‍රමණ චිත්‍රය
මේ අධ්‍යයනය තුළින් පැහැදිලි වන එක් කරුණක් වන්නේ අතීතයේ සිදු වූ මානව සංක්‍රමණ තරමක් සංකීර්ණ ක්‍රියාවලි බවයි. මේ පර්යේෂණය මඟින් මේ වන විට ඇති ඉන්දීය ජන සංක්‍රමණ පිළිබඳ ව ඇතැම් මතවලට අභියෝගයක් ඇති වන බව ඒ පිළිබඳ වාර්තා අනුව පෙනෙයි. සාධාරණ සාධක නොමැති එවැනි මත අභියෝගයකට ලක් වීම නො වැළැක්‌විය හැකි දෙයකි.
කෙසේ වෙතත් මෙමඟින් පෙනී ගොස් ඇති වැදගත් දෙයක් වන්නේ ඉන්දියානු ප්‍රවේණික දත්තවල ඇති විවිධත්වයයි. විවිධ ජන කොටස් එක් වීමෙන් ඉන්දියානු ශිෂ්ටාචාරය නිර්මාණය වී ඇත. එම විවිධත්වය ඉන්දියාව තුළ අද ද දැකිය හැකි වූවකි.
No comments:
Post a Comment