Thursday, March 14, 2019

විෂය බාහිර ක්‍රියාකාරකම්!!! (​බස් කතා 10)


සති කිහිපයකට පෙර දිනයක මෙම සිදුවීම වූයේ නුගේගොඩින් ගමන් ඇරඹුණු බසයකය. මට පසුපස අසුනේ තරුණයන් දෙදෙනකුගේ කතාව මට ඇසුණි.

ඔවුන්ගේ මාතෘකාව උසස්පෙළ විභාගය බව පැහැදිලි වූයේ "තියරි ක්ලාස්" හා "රිවිෂන් ක්ලාස්" ගැන කතා කළ නිසාය. බයෝ විෂයධාරාව නොවන බව වැටහුනේ "බයෝ අයට පාඩම් කරන්න" ඇති බව එකෙක් කී නිසාය. ධාරා විද්‍යුතය ගැන කී බැවින් ඔවුන් ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන බව සිතාගත හැකිය.

මෙසේ කතාව ඇදී යන විට ඔවුන් පාඩම් කරන හැටි ගැන කතාව යොමුවිය. එක් අයෙක් කීවේ ජනවාරි මාසෙ එයා සෑහෙන වැඩ කළ බවයි. සියයට 20 පමණ පාඩම් කර අවසන් කළ බවයි.

අනෙකා කීවේ ජනවාරි මාසෙ එයාට එතරම් වැඩක් කරගන්නට නොහැකි වූ බවයි. ඔහු ඊට කී හේතුව මට එක්වරම විශ්වාස කළ නොහැකි විය.

"ජනවාරි මාසෙ සෙට් උනා වැඩි උනා. ගැහුවත් වැඩියි. වැඩක් කෙරුනෙම නෑ"

මේ අද දවසේ පාසල්වල තත්ත්වයද? තවමත් යන්තම් අවුරුදු 18 පැන්න අයගේ ජීවිතද...?

අපේ කාලෙත් පිරිමි පාසල් ළමුන් සෙට් උනා. මත්පැනින් සප්පායම් වුනා. එහෙත් බිග්මැච් සමයෙ වගෙ කලාතුරකින් දවසක විතරයි. සිගරැට් බීපු අය හිටියත් එයත් දිනපතා කළ අය නැති තරම්. කළෙත් හොරෙන්. මේ කියනව වගෙ මාසෙට දවස් ගණනක් සෙට් වූ අය එකල හිටියෙ නැති තරම්. 

මේ අද යුගයේ විෂය බාහිර ක්‍රියාකාරකම්ද?

No comments:

Post a Comment