ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 15.08.2018, පි. 11, (Vidusara)
http://www.vidusara.com/2018/08/15/feature4.html
Homo ගණයේ සෙසු විශේෂ අභිබවා Homo sapiens හෙවත් නූතන මානවයාගේ සාර්ථකත්වයට හේතු වූ කරුණු මොනවා ද යන්න ද කලක් තිස්‌සේ පර්යේෂකයන්ගේ අවධානයට යොමු වූ කරුණකි. ඒ සම්බන්ධ ව මේ දක්‌වා යම් හෝ පිළිගැනීමකට ලක් ව ඇති කරුණු අතර, සංකේත භාවිතයට ඇති හැකියාව (symbolism) හා ප්‍රජානන වෙනස්‌කම් (cognitive changes) වැනි කරුණු වෙයි. එම අංශවල දැකිය හැකි දියුණුව නිසා අප අයත් වන නූතන මානවයා සෙසු මානවයන් අභිබවා ඉදිරියට ගිය බව එම අදහස්‌වලින් පැහැදිලි කර ඇත.
කෙසේ වෙතත් මේ පිළිබඳ ව නව කල්පිතයක් පර්යේෂකයන් දෙදෙනකු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. එම කල්පිතයට අනුව ලෝකය පුරා විවිධ වූ හා ආන්තික වූ පරිසර අත්පත් කරගැනීමට නූතන මානව විශේෂයට ඇති හැකියාව හේතුවෙන් අනෙක් Homo විශේෂ ඉක්‌මවා ලීමට හා අපේ විශේෂය මේ ගණයේ ඉතිරි ව ඇති අවසන් විශේෂය වීමට අවස්‌ථාව ලැබී ඇත. ඒ අනුව ඔවුන් ඉදිරිපත් කරන නූතන මානවයාගේ සුවිශේෂ පාරිසරික ස්‌ථානගත වීම ගෝලීය වූ සාකල්‍යකරුවකු වූ විශේෂඥයකු (generalist specialist) ලෙස හඳුන්වා දී තිබෙයි. මේ අනුව නූතන මානව විශේෂය පාරිසරික වශයෙන් සුවිශේෂ වූයේ කෙසේ ද යන්න තේරුම් ගැනීම පිළිබඳ ව අවධානය යොමු කළ යුතු බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි.
මේ පර්යේෂණ පත්‍රිකාව සඳහා පදනම් වී ඇත්තේ මධ්‍ය හා අපර ප්ලයිස්‌ටොසීන යුගයේ දී (අදින් වසර 300,000 සිට 12,000 දක්‌වා වූ කාලයේ දී) අප්‍රිකාවේ හා ඉන් පිටත ප්‍රදේශවල සිදු වූ ආදි මානවයන්ගේ ව්‍යාප්තිය පුරාවිද්‍යාත්මක හා පුරාපරිසර විද්‍යාත්මක දත්ත යොදාගනිමින් සිදු කරන ලද සවිස්‌තර සමාලෝචනයකි.
මෙහි දී Homo sapiens හෙවත් නූතන මානව විශේෂය හා ඔවුන්ට පෙර හා ඔවුන්ට සමකාලීන ව විසූ මානව විශේෂ වූ Homo erectus හා Homo neanderthalensis වැනි විශේෂ හා පරිසරය අතර පැවැති සම්බන්ධතාව පිළිබඳ ව අවධානය යොමු කර ඇත. එහි දී පැවැති පාරිසරික තත්ත්ව හා ඒවාට අනුහුරු වූ ආකාරය පිළිබඳ ව සැලකිල්ල යොමු කර තිබෙයි. අපේ පූර්වජයන්ට හා සමකාලීන වෙනත් Homo ගණයේ සාමාජිකයන්ට වඩා නූතන මානවයන් වෙනස් වූ එක් ප්‍රධාන කරුණක් වූයේ ඔවුන් කාන්තාර, නිවර්තන වනාන්නර, ඉහළ උන්නතාංශයක් සහිත ප්‍රදේශ හා ප්‍රාග් ආක්‌ටික් ප්‍රදේශ වැනි අභියෝගාත්මක පරිසර ගණනාවක් ජනාවාස කරගැනීම ය. එපමණක් නො ව මේ ඇතැම් ආන්තික පරිසරවලට අනුහුරු වීමේ දී දැක්‌වූ විශේෂිතභාවය ද වැදගත් විය.
මේ පර්යේෂණ පත්‍රිකාවේ දී ඉදිරිපත් කර ඇති වැදගත් හෙළි කිරීම් මෙසේ සැකෙවින් දැක්‌විය හැකි ය. සෙසු Homo විශේෂ අතරින් Homo erectus මානවයා වැනි මානවයන් අප්‍රිකාවෙන් පිටත ඇතැම් ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇත. එහි දී මේ මානවයන් වනාන්තර හා තෘණබිම් වැනි පරිසර පද්ධති භාවිත කර ඇති බව මේ වන විට ලැබී ඇති සත්ත්ව, ශාක ආදි අවශේෂ මඟින් පෙනී ගොස් ඇත. Homo florensis වැනි මානව විශේෂයක් නිවර්තන වනාන්තර භාවිත කර ඇති බවට අදහස් පළ වී ඇතත් ඒ පිළිබඳ ව තවමත් ප්‍රමාණවත් හා පිළිගත හැකි සාධක නොමැති බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි.
Homo neanderthalensis මානවයා පිළිබඳ ව මීට වඩා වෙනස් අදහසක් තිබුණේ ඔවුන් වඩා ඉහළ අක්‌ෂාංශ ප්‍රදේශ වන යුරේසියානු ප්‍රදේශවල වාසය කළ නිසා ය. අදින් වසර 250,000ත් 40,000ත් අතර කාලයේ වාසය කළ ඔවුන් ඒ පිළිබඳ ව විශේෂඥතාවක් දැක්‌වූ බවට අදහසක් විය. මේ සඳහා පදනම් කරගෙන ඇත්තේ ශීත කාලගුණ තත්ත්වයට ඔරොත්තු දෙන මුහුණු හැඩයක් තිබීම හා වූලි මැමත් වැනි මහා ක්‌ෂිරපායී විශේෂ දඩයම් කිරීම සඳහා පෙලඹීමයි. කෙසේ වෙතත්, මේ පිළිබඳව ඇති සාධක විමසා බැලූ මේ පර්යේෂකයන්ගේ නිගමනය වූයේ නියෑන්ඩර්තාල් මානවයන්ගේ අවධානය මූලික වශයෙන් යොමු වූයේ වනාන්තර හා තෘණභූමි සහිත විවිධ පරිසර පද්ධතිවලට බවයි. ඔවුන් මධ්‍යධරණී ප්‍රදේශවල සිට සෞම්‍ය කලාපීය උතුරු යුරේසියාව දක්‌වා වූ ප්‍රදේශයක විවිධ සතුන් දඩයම් කිරීමේ යෙදී ඇත.
එහෙත් මේ Homo විශේෂ සමඟ සංසන්දනය කරන විට නූතන මානවයා වඩා විශාල විවිධත්වයක් සහිත හා ආන්තික තත්ත්ව සහිත පරිසරයන්හි සිය වාසස්‌ථාන පිහිටුවීමට සමත් විය. අදින් වසර 80,000ත් 50,000ත් අතර කාලයකට ඉහත දී ඔවුහු ඉහළ උන්නතාංශයක් සහිත ප්‍රදේශවල ජනාවාස ඇති කරගත්තෝ ය. අදින් වසර 45,000කට පමණ පෙර කාලය වන විට ආක්‌ටික් ප්‍රදේශ ගණනාවක හා ආසියාවේ, මෙලනීසියාවේ හා ඇමෙරිකාවේ නිවර්තන වනාන්තර තුළ ද වාසස්‌ථාන ඇති කරගෙන තිබිණි. එසේ ම උතුරු අප්‍රිකාවේ, අරාබි අර්ධද්වීපයේ හා වයඹදිග ඉන්දියාවේ කාන්තාර ප්‍රදේශවල නූතන මානවයන් ව්‍යාප්ත වූ බව පෙන්වන සාධක ලැබීමත් සමඟ ඔවුන් නව ප්‍රදේශවලට අනුහුරු වීමේ දී දැක්‌වූ දක්‌ෂතාව මනාව පැහැදිලි වෙයි. එසේ ම ටිබෙට් හා ඇන්ඩීස් කඳුකරය වැනි ඉහළ උන්නතාංශයක් හා ආන්තික තත්ත්ව සහිත පරිසරවලට හැඩගැසීමට හැකි වීම මේ විශේෂයේ ඉදිරි පැවැත්මට වැදගත් විය. එසේ ම මේ හැකියාව නූතන මානවයාගේ නව්‍ය වූ හැකියාවක් විය.
මේ පාරිසරික වශයෙන් වූ සුවිකාර්යතාවට (plasticity) - එනම් බෙහෙවින් එකිනෙකට විවිධ වූ පරිසර අත්පත් කරගැනීමට ඇති හැකියාවට - හේතුව හා එහි ආරම්භය තරමක් අපැහැදිලි ය. එය ඇතැම් විට Homo sapiens නූතන මානව විශේෂයේ අදින් වසර 300,000ත් 200,000ත් අතර සිදු වූ ආරම්භය හා බැඳුණු එකක් විය හැකි ය. එය සාමාන්‍යයෙන් පිළිගැනෙන කරුණකි. එහෙත් මෙසේ නව පරිසර පද්ධතිවලට නූතන මානවයා අනුහුරු වීමේ දක්‌ෂතාවට හේතු වූ කරුණු අනාගතයේ දී වඩාත් පැහැදිලි විය හැකි ය.
මේ ආකාරයෙන් ලෝකයේ මහාද්වීපවලින් බහුතරයක විවිධ වූ පරිසර පද්ධතිවල මානව පැවැත්ම සඳහා සාධක ලැබීම පසුපස නව පාරිසරික නිකේතනයක් හෙවත් අවකාශයක් ඇති බව පර්යේෂකයන්ගේ අදහස වෙයි. එය ඔවුන් දක්‌වන්නේ පෙර සඳහන් කළ 'සාකල්‍යකරුවකු වූ විශේෂඥයකු' යනුවෙනි. මෙහි සාකල්‍යකරුවකු ලෙස හඳුන්වනු ලබන්නේ විවිධ වූ වෙනස් සම්පත් භාවිත කළ හැකි හා විවිධ වූ පාරිසරික තත්ත්වවල වාසය කළ හැකි මිනිසුන් ය. එහෙත් විශේෂඥතාව යනුවෙන් මෙහි දී හඳුන්වන්නේ සීමිත ආහාර වර්ග ප්‍රමාණයක් හා පරිසරයට ඔරොත්තු දිය හැකි සීමිත වූ පිරිස් පිළිබඳව ය. කෙසේ වෙතත් නූතන මිනිසුන් මේ විශේෂඥ ගහන පිළිබඳ ලක්‌ෂණ (කඳුකර වැසි වනාන්තරවාසීන් හා පුරාආක්‌ටික් මැමත් දඩයක්‌කරුවන් වැනි) මෙන් ම සාකල්‍යයික ගහන පිළිබඳ ලක්‌ෂණ ද දරයි.
මේ තත්ත්වය නූතන මානවයාගේ පැවැත්ම සඳහා වැදගත් වී ඇති බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි. නිදසුනක් ලෙස ගත හොත්, මේ හැකියාව සඳහා ඥාතීත්වයක් නොමැති තම විශේෂයේ වෙනත් සාමාජිකයන් සමඟ පුළුල් ලෙස ඇති කරගත් සහයෝගිතාව වැදගත් වන්නට ඇත. එවැනි අය සමඟ ආහාර බෙදා ගැනීම, දිගු දුරක වාසය කරන පිරිස් සමඟ ද්‍රව්‍ය හුවමාරු කරගැනීම හා චාරිත්‍රමය සම්බන්ධතා මඟින් පරිසරයේ විවිධ අංශවල හා දේශගුණයේ විචල්‍යතාවලට අනුහුරු වීමට මිනිසුන්ට ඇති හැකියාව ඉහළ නැංවූ බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. එය සෙසු Homo විශේෂ පරයා ව්‍යාප්ත වීමට මෙන් ම ඔවුන් අභිබවා යැමට ද දායක වන්නට ඇත. මේ අනුව සමුච්චිත (cumulative) සංස්‌කෘතික දැනුමක් එක්‌රැස් කරගැනීම, එය භාවිත කිරීම හා ඊළඟ පරපුරට ලබා දීම අපේ මානව විශේෂයේ සාර්ථකත්වයට හේතු විය. මේ දැනුම ද්‍රව්‍යමය මෙන් ම අදහස්‌වලින් යුත් දැනුමක් වන්නට ඇත. මේ දැනුම සාකල්‍යයික විශේෂඥතා නිකේතය ඇති කිරීමේ දී ඵලදායී වන්නට ඇත.
අප මාතෘකා කරගත් පර්යේෂණ පත්‍රිකාවෙන් නූතන මානව විශේෂයේ සාර්ථකත්වයට හා සැම මහාද්වීපයක ම හා පරිසරයක ම පාහේ ව්‍යාප්ත වීමට ඔවුන් සතු වූ දක්‌ෂතාව පැහැදිලි කළ හැකි පාරිසරික දෘෂ්ටිකෝණයක් සපයා ඇත. අපගේ විශේෂයේ ආරම්භය හා ස්‌වභාවය පිළිබඳ ව මේ පාරිසරික දෘෂ්ටිකෝණය වැදගත් ය.
කෙසේ වෙතත් පර්යේෂකයන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මේ අදහස අපූරු කල්පිතයකි. එය පිළිගත හැකි මෙන් ම, ප්‍රාමාණික සාධක ඉදිරිපත් කිරීම මඟින් ප්‍රතික්‌ෂේප කළ හැකි එකක් බවත් මේ පර්යේෂකයන්ගේ පිළිගැනීමයි. කෙසේ වෙතත්, මේ නව අදහස මඟින් ආන්තික පරිසරවල පුරාවිද්‍යාත්මක ගවේෂණ හා අධ්‍යයන සිදු කිරීම බෙහෙවින් දිරිමත් කරනු ලැබෙයි. එවැනි ස්‌ථාන රැසක් ම මේ දක්‌වා එතරම් සැලකිල්ලට ලක් නො වූ ස්‌ථාන වෙයි. විශේෂයෙන් නූතන මානවයාගේ පරිණාමය හා සම්බන්ධව තොටිල්ල සේ සැලකිය හැකි කාලයට (වසර 300,000ක් හෝ 200,000ක්) අයත් පැරැණි සාධක පිළිබඳ ව වඩා සවිස්‌තර ව හැදෑරීම ඉතා වැදගත් බව ඔවුන්ගේ අදහස වෙයි.
මූලාශ්‍රය : Nature Human Behaviour, DOI: 10.1038/s41562-018-0394-4

අධ්‍යයනයේ පසුබිම

අනාවරණය වූ කරුණු

සුවිශේෂී තත්ත්වය

තවත් කල්පිතයක් ලෙස