ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 31.01.2018 පි. 4 (Vidusara)
මෙරට හැත්තෑ වන නිදහස් උත්සවයේ බි‍්‍රතාන්‍ය රැජින නියෝජනය කරමින් බි‍්‍රතාන්‍ය රජ පවුලේ සාමාජිකයකු වන එඞ්වඞ් කුමරු සහභාගි වන බව වාර්තා වෙයි. මීට පෙරදීද බි‍්‍රතාන්‍ය රාජකීයයන් අපේ රටේ නිදහස් උළෙලවලට සහභාගි වී ඇත. නිදහසක් ලෙස ගතහොත්, 1998 වර්ෂයේ පැවැති 50වන නිදහස් උත්සවය සඳහා බි‍්‍රතාන්‍ය රජ පවුලේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමරු මෙරටට පැමිණියේය. එහෙත් බි‍්‍රතාන්‍යයන් යටත්විජිතයක් ලෙස මෙරට පාලනය කළ සමයේ සිදු වූ දේ අනුව ඔවුන් හා එක්ව හෝ නිදහස සැමරිය හැකිද යන්න අපට නම් ගැටලුවකි.
එහෙත් මෙරට තීරණ ගන්නා ඇතැමුන්ගේ අතීත ක‍්‍රියාකාරකම් අනුව එය එතරම් පුදුමයක් නොවේ. පෘතුගීසීන් මෙරටට පැමිණ වසර 500ක් සම්පූර්ණ වීමට නියමිත වූ 2005 වර්ෂයේදී පෘතුගාලයෙන් නියෝජිතයන් මෙරටට ගෙන්වීමට හෝ දෙරටේම උත්සවාකාරයෙන් සැමරීම සඳහා මෙරට ඇතැම් දේශපාලන නායකයින්ට අවශ්‍යතාවයක් පැවැති බව වාර්තා වෙයි. පෘතුගීසීන් මෙරට සිදු කළ මහා විනාශය, අපේ රට හා සංස්කෘතිය උඩු යටිකුරු කළ වෙනසක් ඇති කළේය. එය පරාධීන සමයක ආරම්භය ද විය. වාසනාවකට මෙන් 2004දී සිදු වූ ආණ්ඩු මාරුවත් සමඟ එම සැලසුම් වෙනස් විය.
1796 සිට මෙරට පහතරට ප‍්‍රදේශවලත්, 1815 සිට සමස්ත රට තුළ බි‍්‍රතාන්‍යයන් විසින් සිදුකරන ලද පාලනය යටතේ මෙරට තුළ ඇති වූ වෙනස්කම් මෙරට අනෙක් යටත්විජිත පාලන සමයවල සිදු වූ දේට වඩා එතරම් වෙනස් නොවේ. මේ පිළිබඳව අංශ කිහිපයකින් පමණක් මෙහිදී සලකා බලමු.
පරිසරය හා සම්පත් සූරාකෑම
ශ‍්‍රී ලංකාවේ පරිසරය සම්බන්ධව බි‍්‍රතාන්‍ය පාලනය යටතේ සැලකිය යුතු විනාශයක් සිදුව ඇත. අතීතයේ සිට මෙරට මධ්‍ය කඳුකර ප‍්‍රදේශය වැසී තිබුනේ වනාන්තරවලිනි. උඩරට රාජධානි සමයේ පවා විශාල වනාන්තර බිම් ප‍්‍රමාණයක් රාජධානියේ ආරක්ෂිත වී තිබිණි. එහෙත් බි‍්‍රතාන්‍ය පාලන සමයේදී වනාන්තරවලින් වැසී ගොස් තිබූ විශාල ප‍්‍රදේශයක් පළමුව කෝපි වගාව සඳහා ද, පසුව තේ වගාවට හා රබර් වගාව සඳහා ද එළිපෙහෙළි කරන ලදි. බි‍්‍රතාන්‍ය ඉඩම් ප‍්‍රතිපත්තිය අනුව, විවිධ නීති රීති යටතේ පුද්ගලික මෙන්ම විහාර දේවාල සතු ඉඩම්ද රජයට ලබාගෙන වතුවගා සඳහා යොදාගන්නා ලදි.
බි‍්‍රතාන්‍යයන් මෙරට හැරයන අවස්ථාව වන විට මේ වතුවගාවලින් වැසී ගොස් තිබූ බිම් ප‍්‍රමාණය මේ වනාන්තර විනාශයේ තරම පෙන්වයි. 1948 වර්ෂය වන විට ශ‍්‍රී ලංකාවේ පැවැති රබර් වගාබිම් ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් 2,660ක් (හෙක්ටයාර 266,000) වූ අතර, 1950 වන විට තේ වගාව සඳහා වර්ග කිලෝමීටර් 2,250ක් (හෙක්ටයාර 225,000) යොදාගෙන තිබිණි. එ් අනුව තේ හා රබර් වගා දෙක සඳහා පමණක් එළි කර තිබූ තෙත් කලාපීය බිම් ප‍්‍රමාණය ඒ අනුව වර්ග කිලෝමීටර් 4,910ක් හෙවත් රටේ බිම් ප‍්‍රමාණයෙන් 7.48%ක් පමණ වෙයි. පොල්, කෝපි, කොකෝවා, ආදි වතු වගාද මෙකල ව්‍යාප්ත වී තිබිණි. මේ සඳහා යොදාගත් බිම් අතරින් වැඩි ප‍්‍රමාණක් වනාන්තර වෙයි.
මෙහි ඇති වැදගත් කරුණු දෙකක් ඇත. ඉන් පළමුවැන්න මේ වගා සඳහා එළි පෙහෙළි කරන ලද වනාන්තර සියල්ලම හෝ වැඩි ප‍්‍රමාණයක් ජෛව විවිධත්වයෙන් ඉහළ තෙත් කලාපීය වනාන්තර වීමය. අනෙක් වැදගත් කරුණ වන්නේ මේ වනාන්තර එළි කර භූමිය ලබාගන්නා ලද්දේ මෙරට වැසියන්ගේ යැපුම් අවශ්‍යතාවයක් සඳහා නොව අපනයනය සඳහා සිදුකරන ලද නිෂ්පාදනයක් වෙනුවෙනි. එහි ලාභය උපයන ලද්දේ බි‍්‍රතාන්‍යයන් හා බි‍්‍රතාන්‍ය සමාගම් විසිනි.
බි‍්‍රතාන්‍යයන් මෙරට හැරයන අවස්ථාව වන විට මේ වතුවගාවලින් වැසී ගොස් තිබූ බිම් ප‍්‍රමාණය මේ වනාන්තර විනාශයේ තරම පෙන්වයි. 1948 වර්ෂය වන විට ශ‍්‍රී ලංකාවේ පැවැති රබර් වගාබිම් ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් 2,660ක් (හෙක්ටයාර 266,000) වූ අතර, 1950 වන විට තේ වගාව සඳහා වර්ග කිලෝමීටර් 2,250ක් (හෙක්ටයාර 225,000) යොදාගෙන තිබිණි. එ් අනුව තේ හා රබර් වගා දෙක සඳහා පමණක් එළි කර තිබූ තෙත් කලාපීය බිම් ප‍්‍රමාණය ඒ අනුව වර්ග කිලෝමීටර් 4,910ක් හෙවත් රටේ බිම් ප‍්‍රමාණයෙන් 7.48%ක් පමණ වෙයි. පොල්, කෝපි, කොකෝවා, ආදි වතු වගාද මෙකල ව්‍යාප්ත වී තිබිණි. මේ සඳහා යොදාගත් බිම් අතරින් වැඩි ප‍්‍රමාණක් වනාන්තර වෙයි.
මෙහි ඇති වැදගත් කරුණු දෙකක් ඇත. ඉන් පළමුවැන්න මේ වගා සඳහා එළි පෙහෙළි කරන ලද වනාන්තර සියල්ලම හෝ වැඩි ප‍්‍රමාණයක් ජෛව විවිධත්වයෙන් ඉහළ තෙත් කලාපීය වනාන්තර වීමය. අනෙක් වැදගත් කරුණ වන්නේ මේ වනාන්තර එළි කර භූමිය ලබාගන්නා ලද්දේ මෙරට වැසියන්ගේ යැපුම් අවශ්‍යතාවයක් සඳහා නොව අපනයනය සඳහා සිදුකරන ලද නිෂ්පාදනයක් වෙනුවෙනි. එහි ලාභය උපයන ලද්දේ බි‍්‍රතාන්‍යයන් හා බි‍්‍රතාන්‍ය සමාගම් විසිනි.
මේ ආකාරයටම බි‍්‍රතාන්‍ය යුගයේදී වියළි කලාපයේ පිහිටා තිබූ වනාන්තර ප‍්‍රදේශ විශාල වශයෙන් හෙළි පෙහෙළි කරන ලදි. ඒ දැව ලබාගැනීම පිණිසය. කළුවර, බුරුත වැනි දැව සඳහා තිබූ ඉහළ ඉල්ලූම සඳහා දැව හෙලීම නිසා ඇති වූ තත්ත්වය පරිපාලන වාර්තාවල සඳහන් වෙයි. පාලනයකින් තොරව ඇති වූ මේ තත්ත්වය නිසා, එම වනාන්තර හා ඇතැම් දැව වර්ග තුරන්ව හා හැකි බව බි‍්‍රතාන්‍ය නිලධාරීන් විසින්ම සඳහන් කර ඇත. මෙම තත්ත්වය පාලනය කර දැව ලබාගැනීම විධිමත් කිරීම කැලෑ දෙපාර්තමේන්තුවක් ඇති කිරීම සඳහා මූලික වූ හේතුව විය. එහි මුල් අවස්ථාවේදී සංරක්ෂණ අරමුණක් නොවීය.
මේ හැරුණු කොට මෙරට තිබූ වෙනත් සම්පත්ද හුදු ආර්ථික වාසි වෙනුවෙන් උකහාගැනීම බි‍්‍රතාන්‍ය සමයේදී සිදු විය. මිනිරන් කර්මාන්තය මීට නිදසුනකි.
යටිතල පහසුකම් ඇතිකිරීම
බි‍්‍රතාන්‍යයන් විසින් සිදු කළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙරට වැසියන්ගේ යහපත වෙනුවෙන් සිදුකරන ලද්දක් හෝ ඉන් මෙරට වැසියන්ට යහපතක් සැලසුනු බවක් ඇතැම් අය විසින් පුන පුනා දක්වන කරුණකි. එහෙත් එය සැබැවින්ම එසේද යන්නද විමසා බැලිය යුත්තකි.
බි‍්‍රතාන්‍යයන් ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල මහා මාර්ග ඉදි කළේ මූලික වශයෙන්ම මෙරට පාලනය පහසුවෙන් පවත්වා ගැනීම සඳහාය. උඩරට ප‍්‍රදේශ හා පහතරට ප‍්‍රදේශ සම්බන්ධ කරමින් මහාමාර්ග ඉදිකිරීම පිළිබඳව සැලකීමෙන් ඒ බව පැහැදිලිව පෙනෙයි. අනෙක් අතට විවිධ ප‍්‍රදේශවලදී ජනතාව විසින් රජයෙන් ඉල්ලා සිටි ඇතැම් මාර්ග ඉදිකිරීම සඳහා බි‍්‍රතාන්‍ය පාලකයින් උනන්දුවක් නොදැක්වීම මීට මනා නිදසුනකි. එවැනි අවස්ථාවලදී ඇතැම් මාර්ග ජනතාව විසින්ම තනාගත් අවස්ථා තිබෙයි.
එසේම බි‍්‍රතාන්‍යයන් විසින් දුම්රිය මාර්ග ඉදි කළේ වතු වගාව ව්‍යාප්ත වීම හා සමඟ එ්වායේ නිෂ්පාදන පහසුවෙන් කොළඹ වරාය වෙත ප‍්‍රවාහනය කිරීම අරමුණු කරගනිමිනි. දුම්රිය මාර්ග ව්‍යාප්ත වූ ප‍්‍රදේශ පිළිබඳව විමසා බැලීමේදී මේ තත්ත්වය මනාව පැහැදිලි වෙයි. ඇතැම් නිලධාරින් විසින් ජනතාවගේ යහපතට හේතුවන ලෙස නම් කරන ලද දුම්රිය මාර්ග ඉදිකිරීම රජය විසින් ප‍්‍රතික්ෂේප කරන ලද්දේ ඒවායින් ආර්ථික වශයෙන් යහපතක් නොසැලසෙන බව පවසමිනි. මේ සඳහා හොඳම නිදසුන වන්නේ මාතරින් ඔබ්බට හම්බන්තොට දක්වා දුම්රිය මාර්ගයක් තැනීම පිළිබඳ යෝජනාවට අත් වූ ඉරණම සැලකීමේදීය. එය මුලින්ම යෝජනාව වූයේ 1894දී තරම්ය. විටින් විට දිසාපතිවරුන් ඉල්ලීම් සිදුකරන ලද නමුත් හම්බන්තොට දක්වා වූ දුම්රිය මාර්ගයක් සඳහා වූ මිණුම් කටයුතු පවා සිදුකරන ලද්දේ 1921-22 වර්ෂවලදීය. එ් සඳහා වූ ඇස්තමේන්තුද සකස් කරන ලදි. එහෙත් 1925 දී පත් කරන ලද කොමිසමක නිර්දේශ මත එම යෝජනාව ක‍්‍රියාත්මක කිරීම නවත්වන ලදි. එයට හේතුව වූයේ ඉන් වියදමට සරිලන ආදායමක් නොලැබීමය. (ඉන් දශක ගණනාවකට පසුව මේ දුම්රිය මාර්ගය යළි ඉදිකිරීම සඳහා 1990 දශකයේදී හා 2000 දශකයේදී උත්සාහ ගත්තද එ්වා අසාර්ථක විය. එය මේ වන විට ඉදි කෙරෙමින් තිබෙයි.)
එසේම මෙරට සියලූ දුම්රිය මාර්ග ඉදිකිරීමේදී විවිධ කණ්ඩායම් විසින් ඉදිරිපත් කළ ඉල්ලීම්, පෙත්සම් ආදිය අනුව පෙනෙන්නේ එය හුදෙක් පහසු කාර්යයක් නොවු බවයි. එසේම වතු වගා පැවැති ප‍්‍රදේශවලට දුම්රිය මාර්ග ව්‍යාප්ත කිරීමේදී අදාළ වගාවල නිෂ්පාදනවලින් අතිරේක බද්දක් ගෙවිය යුතු වූ අවස්ථා තිබෙයි.
වාරිමාර්ග දියුණු කළේ ඇයි?
බි‍්‍රතාන්‍ය සමයේ මෙරට වාරිකර්මාන්ත අලූත්වැඩියා කිරීම සඳහා කිසියම් පියවරක් ගෙන ඇති බව සත්‍යයකි. එහෙත් එ් ඔවුන් මෙරට පාලනය කිරීම පටන්ගෙන අඩ සියවසක් පමණ ගත වූ පසුවය. ඊට පෙර එවැනි උත්සාහයක් ගෙන නොමැති තරම්ය. ඊට හේතුව මෙරටට සහල් ආනයනය කිරීම සඳහා දැරිය යුතු වූ අධික වියදම නිසා ඉන්දියාව හා මෙරට අතර තිබූ වෙළෙඳ ශේෂය යහපත් තත්ත්වයක පවත්වා ගැනීමට ඇති වූ අවශ්‍යතාවයයි.
එසේම රජයේ වියදමින් වැව් ප‍්‍රතිසංස්කරණය කිරීමේදී එම වැව්වලින් ජලය ලබාගන්නා ගොවීන් කිසියම් කාලයක් යනතුරු වැඩි බදු මුදලක් ගෙවිය යුතු විය. එය අස්වැන්නෙන් 10%ක් පමණ විය. රජයේ අපේක්ෂාව වූයේ එමගින් අදාළ කටයුතු සඳහා වූ වියදම පියවා ගැනීමය.
නිදහස් අරගලය
ඇතැමුන් සිතන්නේ මෙරට නිදහස් ලබාගත්තේ ලේ හැලූණු අරගලයකින් නොවන නිසා සුද්දා කැමැත්තෙන් රට අපට දී ගිය බවකි. එහෙත් එය එසේ නොවේ. 1818 හා 1848 වැනි නිදහස් සටන්ද (ඇතැමුන්ට මේවා කැරලිය) එ් හැරුණු විට වරින් වර බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහිව මෙරට තුළ ඇති වූ කුඩා ප‍්‍රමාණයේ නැගී සිටීම්ද සියල්ල බි‍්‍රතාන්‍යයින් විසින් මර්දනය කරන ලදි. 1818 හා 1848 ඇති වූ අරගල මර්දනය කළ අතිශය ක‍්‍රෑර ආකරය අපි අසා ඇත්තෙමු. විශේෂයෙන් 1818 වෙල්ලස්සෙන් ඇරඹුනු නිදහස් අරගලය ඉතා කෲර ලෙස මර්දනය කරන ලද්දේ විශාල විනාශයක් රටට සිදුකරමිනි. සියලූ ගම් බිම් කෙත් වතු පාළු කර, වයස අවුරුදු දහසයට වඩා වැඩි පිරිමින් මරාදමා සිදු කළ විනාශය බරපතළය. එදා වෙල්ලස්ස වැනි ප‍්‍රදේශවල කළ ජන හා දේපොළ විනාශය සැලකිය යුතු කාලයක් යනතුරු එම පළාත් රටේ සෙසු පළාත්වලට වඩා පසුබා තිබිණි. 1848 අරගලයද මර්දනය කරන ලද්දේ ක‍්‍රෑර ආකාරයෙනි. 1915දී ඇති වූ සිංහල-මුස්ලිම් කෝලාහලය අවස්ථාවේදී පවා එ් වන විට නැගී එමින් තිබූ ජාතික නායකත්වය මර්දනය කිරීමට උත්සාහ ගත් බව පැහැදිලි කරුණකි.
කෙසේ වෙතත්, පැවැති ලෝක දේශපාලන තත්ත්වය තුළ 1948දී බි‍්‍රතාන්‍යයට මෙරටට නිදහස ලබාදීමට සිදු විය. එහෙත් එය අහසින් වැටුණු නිදහසක් නම් නොවේ. මෙරට නායකයින් හා වැසියන්ගේ දීර්ඝකාලීන ඉල්ලීමක ප‍්‍රතිඵලයක් බව ඉතිහාසය හදාරන්නවුන්ට රහසක් නොවේ. අනෙක් අතට අද අප අත් දකින තවත් බොහෝ ගැටලූද බි‍්‍රතාන්‍ය පාලනයේ ප‍්‍රතිඵල වෙයි. මීට නිදසුන ඔවුන්ගේ බෙදා පාලනය කිරීමේ න්‍යායයේ ප‍්‍රතිඵලයක් වූ ජනවාර්ගික අර්බුදයයි (එවැන්නක් තිබේ නම්).
මේ කරුණු අනුව ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය පාලනයේ සැබෑ තත්ත්වය පිළිබඳව විමසන විට බි‍්‍රතාන්‍යයන් සමඟ සහයෝගයෙන් මෙරට නිදහස් දිනය සැමරිය හැකිද යන්න ඉතිහාසය දෙස යථාර්ථවාදීව සිතන ඕනෑම අයෙකුට නැගෙන පැනයකි. එහෙත් අපේ රටේ ඇතැමුන් තවමත් මානසිකව බි‍්‍රතාන්‍යයෙන් හෝ බටහිරින් නිදහස් වී නොමැති වීම කණගාටුවට කරුණකි.
No comments:
Post a Comment