මේ සිදුවීම සිදු වූයේ 1980 ගණන්වල අගදීය. එ් මම නාවල පදිංචිව සිටි කාලයයි. මම එ් දිනවල පාසල් ගියේ 173 තොටළඟ බසයෙනි. මට්ටක්කුලිය ඩිපා්ෙවෙන් ධාවනය වුණු පිටකෝට්ටේ- තොටළඟ බස් හැර එ් පාරේ පුද්ගලික බස් රථ ධාවනය වූයේ නුගේගොඩ-තොටළඟ (?) හෝ කොටුව ලෙසිනි. පුද්ගලික බස් කිව්වාට එ්වා සියල්ලම පාහේ කුඩා එල්ෆ් වර්ගයේ වෑන් රථ විය. (පසුකලක මේ මාර්ගයේද විශාල බස් රථ ධාවනය විය*).
සීසන් තිබුනත් අැතැම් දවස්වල ලංගම බස් නැතිව ප්‍රයිවට් බස්වල යන්න සිදු වූ අවස්ථා අැත. මේ එවැනි දවසක සිදු වූ සිදුවීමකි.
එදත් එල්ෆ් වෑන් රථයක දොරේ එල්ලී විජයබා මාවතේ සිට නාරාහේන්පිට දක්වා යෑමට මට සිදු විය. වෑන් එක අැතුළට රිංගා ගන්නට මට හැකි වුනේ නාරාහේන්පිටදීය. එ් දවස්වල අද මෙන් නාරාහේන්පිටට මහා සෙනගක් නොසිටියත් තරමක සෙනගක් සිටි බව මතකය.
බසය තුළට පිවිසි මට මේ දෙබස අැසුනේ බසයේ අසුනක හිඳ සිටි, පාසැලට යමින් සිටි කුඩා දැරියක හා පියෙකුගෙනි. ඔවුන්ටද අසුනක් ලැබුනේ එ් වෙලාවේ විය යුතුය. බසයේ අධික තදබදය නිසා එ් දැරිය පීඩාවට පත්ව සිටි බව පෙනිනි.
දියණිය - "තාත්තෙ මට නං බස් එකේ ඉස්කෝලෙ යන්න බැහැ." අැය කීවේ මුහුණ පුළුටු කරගෙන විය යුතුය.
පියා - "එ් වුනාට දුවේ අපි ඉස්කෝලේ යන්න ඔ්නැනෙ"
දියණිය - "අපි කාර් එකක් ගනිමුකො" දුව කීවාය.
පියා - "එ්කට ලොතරැයියක්වත් අැදෙන්න ඔ්න දුවේ"
දියණිය - "එහෙනම් අපි ලොතරැයියක් අරන් අදිමුකො තාත්තෙ" එ් දියණියගේ අපූරු යෝජනාවයි.
දෙබස අැසුණු අයට සිනා නැගුණත් කිසිවකු හඩ නගා සිනා සුනේ නැති බව මට මතකය. එ් අැය මේ කිසිවක් හරි හැටි නොදත් කුඩා දියණියක් නිසා විය යුතුය.
එ් දියණිය අද වැඩි මහලු තැනැත්තියක් විය යුතුය. අද එ් වයසේ දියණියන් සිටින තැනැත්තියක් විය හැකිය.
* 173 ශ්‍රීලංගම බස් සේවය අඩු වී ගොස් නතර වූයේ 1990 දශකයේදී පමණය. පසුකලක උඩහමුල්ල ඩිපෝවෙන් එක් බසයක් පමණක් ධාවනය වුවද එයද දැන් නැත. මෑතක් තෙක් නුගේගොඩ-කොටුව අතර ධාවනය වූ පුද්ගලික බස් රථ ධාවනය නතර වූයේ 2015 මුලදී අලුත් අාණ්ඩුව පැමිණි දවස්වලය. දැන් එහෙම මාර්ග අංකයක් නුගේගොඩ පැත්තෙන් නම් නැත.
No comments:
Post a Comment