එ් දෙන්නාගේ කතාබහ විවිධ මාතෘකා ඔස්සේ ඇදී ගියේය. කොළඹ සරසවිය අසලින් බසයට නැගෙන්නට ඇති ඔවුන් එහි සිසුන් බව කැම්පස් කතාවලින් පෙනුණි (එ් ෂෝ එකටදැයි නොදන්නෙමි.) ඔවුන් එකිනෙකාගේ ගම් ප‍්‍රදේශ ගැන දැනසිටියේ මද වශයෙනි. ඒ අනුව ඔවුන් නවක සිසුන් හෝ මෑතදී හඳුනාගත අය විය යුතුය. තරුණයාගේ පියාගේ ගම කුරුණෑගල වූ අතර ඔවුන් දැන් කොළඹ ආසන්නයේ පදිංචි බව පෙනිණි. තරුණියගේ ගම් ප‍්‍රදේශය වේයන්ගොඩ විය. කුරුණෑගල යන විට වේයන්ගොඩ පසුකර යන බවද ඇය සිය මිත‍්‍රයාට පවසා සිටියාය! (මටත් මේ ඔ්පාදූපමයි ලියන්න හිතෙන්නේ, ඔ්න කතාව පැත්තක තිබෙද්දි.)
කතාවේ වැදගත් දේ සිදුවූයේ, ගම්සභා හන්දියේදී තරුණයා බසින්නට සැරසුණු විටය. තරුණිය තරුණයාගෙන් මෙසේ අසා සිටියාය.
තරුණිය - "බස් එකෙන් බැහැලා යන්න දන්නවාද?"
මදක් විපිලිසර වූ තරුණයා මෙසේ කීවේය
"මාව කවුරු වගේද පේන්නේ? මම ශ‍්‍රී ලාංකික කොල්ලෙක්."
මේ අනුව "ශ‍්‍රී ලාංකික" යනු "බස් එකෙන් බැහැල යන්න දැනගැනීම" විය යුතුය.
එය එසේ නම්, ශ‍්‍රී ලාංකික කම යනු අප දන්නා කියන ප‍්‍රදේශවලදී පමණක් ඇති වන තත්ත්වයකි. එ් අනුව අප නොදන්නා තැනක යන විට ශ‍්‍රී ලාංකික කම නැති විය යුතුය. එ් බස් එකෙන් බැහැලා යන්න නොදන්නා නිසාය. පිටරටක ගියාම සමහරුන්ගේ ශ‍්‍රී ලාංකික බව නැත්තටම නැතිවන්නේද මේ නිසා විය යුතුය.
අනේ මංදාය. මේවා ඉගෙන ගන්න මේ කාලේ කැම්පස් යන්නම ඔ්නෑ වගේය. ඔවුන් මොන පීඨයේද යන්න හා 2009ට කලින් උපන් අයද යන්න දැන ගැනීමට මතක් වුනේ පසුවය. අපරාදේ...
(පසු සටහන - අපි කොළඹ කැම්පස් යන කාලයේ මෙවැනි අතිශය ගැඹුරු අර්ථකථන දෙන්නට හැකි අය සරසවියේ සිටියේ නැති වීම ගැන කණගාටුවක් ඇති විය. අපට කලින් කාලයේ එ් තරම් වත් නොසිටින්නට ඇත.)

* 2016 ඔක්. 20
No comments:
Post a Comment