ධනේෂ් විසුම්පෙරුම
විදුසර (Vidusara), 2013-01-30, පි. 05
http://www.vidusara.com/2013/01/30/feature1.html
දුඹුරු පැළ කීඩෑවා (Nilaparvata lugens) පිළිබඳව ශ්‍රී ලංකාවේ අප බොහෝ දෙනා අසා තිබේ. ඒ, ලෝකයේ ප්‍රධාන ආහාර භෝගයක් වන වී වගාවට මේ පළිබෝධකයා සිදු කරන හානිය බරපතළ වන නිසාය. මේ තත්ත්වය නිවර්තන රටවල වඩාත් බරපතළය. මේ කෘමියාගේ වර්ධනය සඳහා යෝග්‍ය වූ ප්‍රශස්‌ත උෂ්ණත්ව පරාසය සේ සැලකෙන්නේ සෙල්සියස් අංශක 28-30 අතර උෂ්ණත්ව පරාසයයි. වී අස්‌වැන්නෙන් සැලකිය යුතු ප්‍රමාණයක් දුඹුරු පැළ කීඩෑවාගේ හානිය නිසා විනාශයට පත් වේ. මේ කෘමියාගෙන් සිදුවන හානිය නිසා වී වගාවේ 60%ක පමණ තරම් අධික අස්‌වනු හානියක් වුවත් ඇතිවීමට හැකියාවක් තිබේ. මේ කෘමියාගේ හානිය ශ්‍රී ලංකාවේ වී වගාවට ද සැලකිය යුතු බලපෑමක් සිදු කරන්නකි.
දුඹුරු පැළ කීඩෑවාගේ සංක්‍රමණ හැකියාව හා ඉතා වේගයෙන් සිදුවන අභිජනනය නිසා ගොයම් ශාකයේ යුෂ උරාබොන පළිබෝධකයන් අතරින් වැඩිම හානියක් සිදුකරන කෘමියකු වශයෙන් මේ පළිබෝධකයා සැලකේ.
ලෝකයේ වර්තමානයේ සිදුවන පාරිසරික වෙනස්‌කම් වී වගාවට මෙන්ම වී වගාවේ පළිබෝධකයන්ට ද බලපෑමක් කළ හැකිය. ඉහළ යන උෂ්ණත්වය, ආන්තික කාලගුණික තත්ත්ව සුලභ වීම හා කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය ඉහළ යැම හා භෞතික පරිසරයේ සිදුවන වෙනස්‌වීම් මෙවැනි බලපෑම් අතර වේ. මේ පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් සිදු කර ඇති අධ්‍යයන අනුව පෙනෙන්නේ ඒ පිළිබඳව අප හමුවේ ඇත්තේ මිශ්‍ර අදහසක් බවය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් තවමත් ප්‍රාමාණික දැනුමක් නොමැති බවය.
ඉහළ යන උෂ්ණත්වය කීඩෑවාට අහිතකරයි
දේශගුණ වෙනස් වීම නිසා ඇතිවන ඉහළ උෂ්ණත්වය හේතුවෙන් දුඹුරු පැළ කීඩෑවාගේ ව්‍යාප්තියේ යම් අඩුවීමක් විය හැකි බව 2009 වර්ෂයේ සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වාදී තිබිණි. මෙහිදී සිදුකර ඇත්තේ කීඩෑවාගේ ශිෂු හා සුහුඹුල් අවස්‌ථාවලදී ඉහළ උෂ්ණත්වයක් දරාගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයාබැලීමය. එය සිදු කර ඇත්තේ ඔවුන් ඉහළ උෂ්ණත්වයකට නිරාවරණය කිරීමෙනි. එය සමග මේ කීඩෑවාගේ ව්‍යාප්තිය සහිත ප්‍රදේශයේ වර්තමාන හා අනාගත දේශගුණ පුරෝකථනවල ඇති උෂ්ණත්ව පරාසය සමග දත්ත සංසන්දනයක් සිදුකර තිබේ.
මේ අධ්‍යයනයෙන් හෙළි වී තිබුණේ මේ වන විටත් දුඹුරු පැළ කීඩෑවාගේ ශිෂුවන් ඔවුන්ගේ උෂ්ණත්ව පරාසයේ ඉහළ සීමාවේ ජීවත්වන බවයි. මේ කීඩෑවාගේ ශිෂු අවස්‌ථාවේ ඔරොත්තු දෙන උෂ්ණත්ව පරාසය සුහුඹුල් අවස්‌ථාවේ ඔරොත්තු දිය හැකි උෂ්ණත්ව පරාසයට වඩා අඩු වන බැවින් මෙය වැදගත් කරුණකි. මේ නිසා අනාගතයේ නිවර්තන කලාපයේ ඇතිවන උෂ්ණත්වය ඉහළ යැම හා වරින් වර ඇතිවන උෂ්ණත්ව වෙනස්‌වීම් මේ කීඩෑවන්ගේ පැවැත්මට කිසියම් ආකාරයකින් සීමාකාරී ලෙස බලපෑමක් කළ හැකිය. (මූලාශ්‍රයPLoS ONE,DOI:10.1371/journal.pone.0029409)
දුඹුරු පැළ කීඩෑවාගේ ගහනය පාලනය කිරීම සඳහා ඉහළ යන උෂ්ණත්වයේ කිසියම් බලපෑමක් ඇති බවට වූ උදාහරණ තවත් පර්යේෂණවලින් ද පෙන්වාදී තිබේ. ඒ අනුව පෙනෙන්නේ සෙල්සියස් අංශක 35කට වඩා ඉහළ උෂ්ණත්වයක් ඇති පරිසරයකදී දුඹුරු පැළ කීඩෑවාගේ වර්ධනය පාලනය වන බවයි. එසේම වර්තමානයේ සෙල්සියස් අංශක 30ට අඩු උෂ්ණත්වයක් ඇති කලාපවල කීඩෑවාගේ හානිය ඉහළ යැමේ අවදානමක් පවතී. (මූලාශ්‍රයWorld Journal of Agricultural Sciences වෝඵම 8, කලාපය 3, 240-246 පිටු)
කාබන්ඩයොක්‌සයිඩ් වැඩි නම් කීඩෑ හානියත් ඉහළට
මේ අතර දුඹුරු පැළ කීඩෑවා හා ඉහළ යන කාබන්ඩයොක්‌සයිඩ් මට්‌ටම පිළිබඳව ඉන්දියාවේ සිදු කරන ලද තවත් අධ්‍යයනයක වාර්තාවක් අපට පසුගියදා කියෑවීමට ලැබිණි. එය වැදගත් වන්නේ දේශගුණ වෙනස් වීම නිසා මේ පළිබෝධකයාගෙන් ඇති වන හානියේ තවත් අංශයක් පිළිබඳව එමගින් අවධානය යොමු කර ඇති නිසාය.
අප සාමාන්‍යයෙන් දන්නා පරිදි ඉහළ යන කාබන්ඩයොක්‌සයිඩ් මට්‌ටම භෝගවල අස්‌වැන්න සඳහා යම් බලපෑමක් ඇති කරයි. වී වගාව ද ඇතු`ඵව ආහාර භෝග ගණනාවක වර්ධනය හා අස්‌වැන්න ඉහළ යැමක් සිදුවිය හැකි බව පෙන්වාදී තිබේ. එහෙත් මේ තත්ත්වය ශාක භක්‌ෂකයන් කෙරේද බලපෑමක් ඇති කළ හැකිය. මේ ශාක භක්‌ෂකයන් අතර ඇතැම් ශාක පළිබෝධකයන් ද වේ. සරළව පවසන්නේ නම් අධික කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක් යටතේ ශාකවල කාබන් ( නයිට්‍රජන් අනුපාතය ඉහළ යා හැකිය. මේ සමග නයිට්‍රජන් අවශ්‍යතාවය ලබා ගැනීම සඳහා කෘමි කීටයින් වැඩි ශාක පත්‍ර ප්‍රමාණයක් ආහාරයට ගැනීම සිදුවේ. මේ නිසා භෝග ශාකයට වැඩි හානියක් සිදුවිය හැකිය. උක්‌ත අධ්‍යයනය සඳහා පදනම් වී ඇත්තේ මේ කරුණුය.
පරීක්‌ෂණාගාර තත්ත්ව යටතේ උක්‌ත අධ්‍යයනය සිදුකර ඇත්තේ ඉන්දියාවේය. එහිදී යොදාගෙන ඇත්තේ පූසා බාස්‌මතී නම් වී වර්ගයකි. එහිදී ඉහළ කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක් යටතේ (570 ± 25 ppm) හා සාමාන්‍ය වායුගෝලීය කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක් (380 ± 25 ppm) යටතේ යනුවෙන් එක් වර්ගයකින් නියෑදි දෙකක් බැගින් වී වගා කර තිබේ. ඉන් එක් නියෑදියක් වගා කර දින දහයකට පමණ පසු දුඹුරු පැළ කීඩෑවාගේ හානියට නිරාවරණය කර ඇති අතර අනෙක් නියෑදිය පිළිබෝධකයාගේ හානියට ලක් වීමෙන් වළක්‌වා තිබේ. මේ පරීක්‌ෂණය වගා කන්න කිහිපයක් සිදුකර ඇත.
මෙහිදී අනාවරණය වී තිබුණේ අධික කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක් පැවැති පරිසරයේ වාසය කළ දුඹුරු පැළ කීඩෑවන්ගේ ගහනය අධික වූ බවයි. එසේම එහි ගැහැනු සතුන් විසින් අධික කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක් යටතේ දැමූ බිත්තර ප්‍රමාණය ද අධික වී තිබේ. එවැනි එක් ගැහැනු සතෙක් බිත්තර 324ක් දමා ඇති අතර සාමාන්‍ය කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක් යටතේ බිත්තර දැමීමේ සාමාන්‍යය 231ක් පමණ වී ඇත. එසේම බිත්තර දමන ගැහැනු සතුන් වැඩි ප්‍රමාණයක් දැකිය හැකි වී ඇත්තේ ද වැඩි කාබන්ඩයොක්‌සයිට් සාන්ද්‍රණයක් යටතේ ය.
ඉහළ කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක් යටතේ ගොයම් ශාකයේ වර්ධනයේ වැඩි වීමක් දැකිය හැකි බවද මේ පරීක්‌ෂණයේදී පෙනීගොස් ඇත. එහෙත් දුඹුරු පැළ කීඩෑවාගේ ගහනය ඉහළ යාමත්, ඔවුන් වැඩි යුෂ ප්‍රමාණයක් උරා බීමත් නිසා ගොයම් ශාකවල අස්‌වැන්න සැලකිය යුතු තරම් අඩු වී ඇත. එහි අස්‌වැන්න 26.5%කින් අඩු වී ඇති අතර සාමාන්‍ය කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයක් යටතේ සිදුවූ අස්‌වනු අඩුවීම 12.4%ක් පමණ විය. (මූලාශ්‍රය Current Science වෝඵම 103, කලාපය 10, 1201-1205 පිටු)
අනාගතය කෙබ`දු වේද?
මේ පර්යේෂණ තොරතුරු අනුව පෙනෙන්නේ වී වගාවේ බරපතළ හානියක් සිදුකරන පළිබෝධකයෙක් වන දුඹුරු පැළ කීඩෑවාගේ හානිය සඳහා තීරණාත්මක වශයෙන් බලපාන්නේ උෂ්ණත්වය ඉහළ යැමද, නො එසේ නම් කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය ද යන්න තවමත් පැහැදිලි නොමැති බවය. මින් පළමුවැන්න යටතේ කීඩෑ ගහනයේ වර්ධනයක් සිදුවිය හැකි අතර, අනෙක් අතට වෙනත් පාරිසරික සාධකවල බලපෑම් නිසා මේ තත්ත්වය වෙනස් වීමට ද හැකියාවක් තිබේ. මෙවැනි එක් වැදගත් සාධකයක් ලෙස මේ පළිබෝධකයක්‌ගේ ස්‌වාභාවික විලෝපිකයන්ගේ ගහනවල ඇතිවන වෙනස්‌වීම් දැක්‌වීමට හැකිය.
මේ නිසා දේශගුණ වෙනස් වීම හමුවේ දුඹුරු පැළ කීඩාවාගේ හානිය වෙනස්‌වන ආකාරය වැඩිදුර අධ්‍යයනයට ලක්‌විය යුතු බව පැහැදිලිය. විශේෂයෙන් ක්‌ෂේත්‍ර අධ්‍යයන වලින් ද මෙය තවදුරටත් තහවුරු විය යුතු කරුණකි. ඇතැම් කාලගුණ තත්ත්ව යටතේ දුඹුරු පැළ කීඩෑ හානිය වෙනස්‌වන ආකාරය වාර්තා වී ඇති කරුණකි. එසේම මේ කීඩෑ හානියට ඔරොත්තු දෙන වී ප්‍රභේද ද වගා කරනු ලැබේ. මේ කරුණ පිළිබඳව කිසියම් අවධානයක් යොමු කිරීම වී වගාව මත යෑපෙන රටවලට වැදගත් වන බව සැකයක් නැත.

No comments:
Post a Comment