ධනේෂ් විසුම්පෙරුම
විදුසර (Vidusara), 2013-02-06, පි. 05
Vidusara website: Not available online (unedited writeup is reproduced below)
පසුගිය සතියේ අපේ රටේ පුවත්පත් වාර්තා අතර තිබූ ප‍්‍රධානතම පරිසර පුවතක් වූයේ 2012 වර්ෂයේ ඇතිවූ අලි-මිනිස් ගැටුමේ ප‍්‍රතිඵල පිළිබඳ සටහනයි. එ් අනුව ගතවූ වර්ෂය ඇතුළත අලි මරණ 252ක් හා මිනිස් මරණ 66ක් පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වී තිබේ. (වැඩි පුවත්පත් ප‍්‍රමාණයක් මේ සංඛ්‍යා දක්වා තිබූ අතර එක් පුවත්පතක මේ සංඛ්‍යා මීට වඩා අඩුවෙන් දක්වා තිබිණි.)
ශ‍්‍රී ලංකාව ආසියානු අලි ගහන ඝනත්වය අතින් ඉහළම රට සේ සැලකිය හැකිය. 2003 වර්ෂයේ ප‍්‍රකාශිත අධ්‍යයනයකට අනුව ලෝකයේ වෙසෙන සමස්ත ආසියානු අලි ගහනයෙන් දහයෙන් එකකට අධික ප‍්‍රමාණයක් අලින් වාසය කරන බිම් ප‍්‍රමාණයෙන් (range) සියයට 2ක තරම් අඩු ප‍්‍රමාණයක වාසය කරයි. (මෙරට අලි ගහනය පිළිබඳ නව සංඛ්‍යාලේඛන අනුව මේ ප‍්‍රමාණය සමස්ත ආසියානු අලි ප‍්‍රමාණයෙන් දහයෙන් එකකට වඩා අධික විය යුතුය*. අපේ රටේ ජනගහන ඝනත්වයද ඉහළ වන බැවින් අපේ රට ඇතුළත අලි-මිනිස් ගැටුමක් ඇතිවීම ස්වාභාවිකය. දිනෙන් දින වැඩිවන මිනිස් ජනගහනයත් සමඟ මේ ගැටලූව උග‍්‍රවීමට ඉඩ ඇති බැවින් එය වළක්වා ගැනීම අද දවසේ අප හමුවේ ඇති අභියෝගයයි. මේ නිසා උක්ත තත්ත්වය පිළිබඳව සාකච්ඡුා කිරීම කාලෝචිත වේ.
මේ සමඟ ඇති පළමු වගුවේ දැක්වෙන්නේ විවිධ මූලාශ‍්‍රය යොදාගනිමින් මෑත වර්ෂ අටක පමණ කාලය ඇතුළත සිදුවූ අලි මරණ ප‍්‍රමාණයයි.
1 වගුව: අලි මරණ ප‍්‍රමාණය
(මූලාශ‍්‍රය: වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත යොදාගත් පුවත්පත් හා වෙනත් ලිපි)
අලි-මිනිස් ගැටුමේ වර්ධනය
ඉහත කී වගුව නිරීක්ෂණය කිරීමේදී අපට අලි-මිනිස් ගැටුමේ වර්ධනය පිළිබඳ කැපීපෙනෙන අවස්ථා දෙකක් හඳුනාගත හැකි බව පෙනේ. ඉන් පළමුවැන්න 2006 හා 2008 අතර කාලයේදී අලි මරණ ප‍්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යෑමයි. මීට හේතු කිහිපයක් තිබිය හැකිය. ඉන් පළමුවැන්න වන්නේ 2009 දක්වා මෙරට උතුරු හා නැගෙනහිර පළාත්වල පැවැති ත‍්‍රස්තවාදී ගැටුම් නිසා අදාළ පළාත්වල හා තදාසන්න ප‍්‍රදේශවල ජනතාව වාසය කළේ අඩු වශයෙනි. ගොවිබිම් හා ජනාවාස විශාල ප‍්‍රමාණයක් අත්හැරදමා තිබිණි. එහෙත් ගැටුම් ක‍්‍රමයෙන් නිමාවෙද්දී මේ ප‍්‍රදේශවල නැවත පදිංචි කිරීම හා වගා කටයුතුද ආරම්භ විය. විශේෂයෙන් නැගෙනහිර පළාතේ හා තදාසන්න ප‍්‍රදේශවල මේ තත්ත්වය දැකිය හැකිවිය. දශක දෙකක් පමණ කාලයක් තිස්සේ අලි-ඇතුන් හා වෙනත් වනසතුන්ට කැපවී තිබූ බිම්වල නැවතත් මිනිසුන් පදිංචිවීම හා වගා කිරීමත් සමඟ අලි-මිනිස් ගැටුම ඉහළ ගියේය. අනෙක් අතට ගැටුම් පැවැති සමයේදී මේ පළාත්වල මෙන්ම ඊට ආසන්න ප‍්‍රදේශවල මියගිය අලි ඇතුන් පිළිබඳ නිවැරදි සංඛ්‍යාලේඛන බලධාරීන්ට ලැබුනේද යන්නය.
එසේම මේ වගුවට අනුව 2011 හා 2012 වර්ෂවල අලි මිනිස් ගැටුමෙන් මියගිය අලින්ගේ ගණන, ඊට පෙර වසර දෙකක කාලය (2009 හා 2010) හා සංසන්දනය කරන විට සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බවක් පෙනේ. මේ අනුව මෑත වසර දෙක තුළ අලි-මිනිස් ගැටුමේ වර්ධනයක් ඇති වී තිබෙන බව පෙනේ.
අලි මරණවලට හේතු මොනවාද?
මේ ලිපිය සමඟ ඇති දෙවන වගුව සකස් කර ඇත්තේ 2008-2010 අතර කාලයේදී ඇතිවූ අලි මරණවලට හේතුවූ කරුණු විමසා බැලීමෙනි.
2 වගුව: අලි මරණ සඳහා බලපා ඇති හේතු
(මූලාශ‍්‍රය: උපුටා ගැනීම - 2011දී Gajah 35 වෙළුමේ පළවූ Current Status of Asian Elephants in Sri Lanka ලිපිය)
2008-2010 අතර කාලයේදී සිදුවූ අලි මරණ සඳහා බලපෑ හේතු අතරින් 47.5%කට ආසන්න ප‍්‍රමාණයකට හේතු වී තිබුනේ වෙඩිතැබීම්ය. එහෙත් එහි යම් අඩුවීමක් දැකිය හැකිය. 2012 වර්ෂයේදී වෙඩිතැබීම් නිසා මරණයට පත්ව ඇති අලින් ගණන 44ක් බව වාර්තාවක සඳහන් විය. වෙඩි වැදී මියයන අලි ගණන අඩුවී ඇතත් අලි මරණ ප‍්‍රමාණය ඉහළ ගොස් තිබේ. ඒ කෙසේද? උක්ත පුවතට අනුව හක්ක පටාස් නිසා සිදුවන මරණ ප‍්‍රමාණය ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් ඇත. වනජීවී දෙපාර්තමේන්තුවට අනුව හක්ක පටාස් නිසා සිදුවන අලි මරණ වාර්තා වන්නේ 2010 වර්ෂයේ පටන්ය. එහෙත් එවැනි මරණ ඊට පෙර පටන් වාර්තා වී ඇති බවට සාධක ඇති අතර මේ උපක‍්‍රමය ත‍්‍රස්ත ගැටුම් අවසානයේදී වර්ධනය වෙමින් ඇති බව පෙනේ. 2010 වර්ෂයේ 11ක් ලෙස පැවැති හක්ක පටාස් අලි මරණ ගණන 2011දී 36ක් දක්වාද 2012දී මේ අගය 35 දක්වා වර්ධනය වී තිබේ. පෙර සඳහන් වගුවේ දත්ත අනුව අනෙක් හේතු නිසා සිදුවන අලි මරණ ගණනට අමතරව මේ අමානුෂීය ක‍්‍රියාමාර්ගය මෑත කාලයේදී වැඩි වී ඇති අලි මරණවලට හේතුවී ඇති බව පෙනේ. සතුන් දඩයම සඳහා මෙන්ම වගා පාලූ කරන ඌරන් වැනි සතුන් මරා දැමීම සඳහා හක්ක පටාස් ඇටවීම සිදුවේ. (හක්ක පටාස්වලින් සිදුන හානිය හා එය වැළැක්වීමේ අවශ්‍යතාවය පිළිබඳව අප ලියූ ලිපියක් 2011-06-08 දින විදුසර පුවත්පතේ පළවිය.)
අලි මරණ සඳහා බලපාන ප‍්‍රධාන කරුණ
මේ සියල්ල අනුව අපට පෙනෙන්නේ අලි මරණ ප‍්‍රමාණය සැලකිය යුතු තරම් වන බවය. වනජීවී දෙපාර්තමේන්තුවේ 2011 අලි සංගණනයෙන් අනාවරණය වූ සංඛ්‍යා නිවැරදි නම්, මෙරට වාසය කරන අලි ගහනයෙන් 4%කට අධික ප‍්‍රමාණයක් වාර්ෂිකව මියයන බව පෙනේ. එය සැලකිය යුතු අගයකි.
අපට කියැවීමට ලැබුණු පුවත් වාර්තා අනුව 2012 වර්ෂයේදී සිදුවූ අලි මරණ අතරින් වැඩිම ප‍්‍රමාණයක් වාර්තා වන්නේ මහවැලි වනජීවී කලාපයෙන් හා වයඹ වනජීවී කලාපයෙනි. එ් 66ක් හා 61ක් ලෙසය. මේ වර්ෂයේදී අලින්ගේ ප‍්‍රහාරවලින් සිදුවූ මිනිස් මරණ ප‍්‍රමාණය 66ක් වන අතර ඉන් 36ක් වාර්තා වන්නේ වයඹ හා මහවැලි වනජීවී කලාපවලිනි. මේ කලාප දෙකේ පිහිටීම සැලකූ විට එ්වා මෙරට කෘෂිකර්මයේලා අතිශයින් වැදගත් ප‍්‍රදේශ වේ. හක්ක පටාස්, විදුලි සර යෙදීම, වෙඩිතැබීම හා වසදීම වැනි උපක‍්‍රමවලින් වැඩි වශයෙන් අලි මරා දමන්නේද මේ වගා බිම් ආශ‍්‍රිත ප‍්‍රදේශවලය.
එසේම 2012 වර්ෂයේ පැවැති දැඩි නියඟය අලි-මිනිස් ගැටුම වර්ධනය වීමට යම් ආකාරයකින් බලපාන්නට ඇත. නියඟය නිසා අලින් ආහාර මෙන්ම ජලය සොයා වෙනත් ප‍්‍රදේශවලට, විශේෂයෙන් ගොවිබිම් ප‍්‍රදේශවලට පැමිණීම සිදුවිය හැකිය.
මේ අනුව අලි ඇතුන්ගේ මරණ ප‍්‍රමාණය මෑත කාලයේ ඉහළයෑමට බලපා ඇති හේතු අතර අලින් වගා බිම්වලට පිවිසීම නිසා ඇතිවන ගැටුම වැදගත් තැනත් ගන්නා බව පෙනේ.
ගැටුමට විසඳුම්
අලි-මිනිස් ගැටුම විසඳුමක් නැති ගැටලූවක් නම් නොවේ. කෙසේ වෙතත් මෙහිදී වැදගත් වන තවත් කරුණක් නම් ගැටලූවට විසඳුම් දීමට නම් අප ගැටලූවේ මුල සොයා ගත යුතු වීමය. මෙරට අලි-මිනිස් ගැටුමට වැඩි වශයෙන් හේතුවන්නේ අලින් විසින් මිනිසුන්ගේ වගාබිම් ආක‍්‍රමණය කිරීම හා වගාබිම් පාලූ කිරීමය. එ් කවරක් නිසාදැයි අප විමසා බැලිය යුතුය. මෙහිදී අප අමතක නොකළ යුතු කරුණ වන්නේ මින් පෙර අලි ඇතුන් විසූ බිම් ප‍්‍රදේශ මේ වන විට ගොවිබිම් හා වගාබිම් බවට පත්කර ඇති බවය. එ් නිසා අප විසඳුමක් සෙවිය යුතු වන්නේ එතැන සිට බව පෙනේ.
එහෙත් මේ ගොවිබිම් හා ජනාවාස ව්‍යාප්ත වී ඇති බැවින් අපට එ්වා යළිත් ආපස්සට ගැනීමට නොහැකිය. එය රටේ ජනතාවගේ ආර්ථිකයට මෙන්ම ආහාර සුරක්ෂිතතාවයටද බලපාන වැදගත් සාධකයකි. එසේ නම් අලි ඇතුන්ගේ පැවැත්මට හානි නොවන ආකාරයෙන් වගා බිම් හා ජනාවාස පවත්වාගැනීමට උපක‍්‍රම යෙදීම අවශ්‍යය. මෙහිදී වැදගත් වන විවිධ උපක‍්‍රම මෑත කාලයේදී අපේ රටේද අත්හදා බලා තිබෙන අතර නැතහොත් අත්හදා බැලෙමින් පවතී. මේ ඇතැම් උපක‍්‍රම බෙහෙවින් සාර්ථක වී ඇත. විදුලි වැට පමණක් නොව ජෛව වැට ආදි උපක‍්‍රමවල ඇති වැදගත්කට අමුතුවෙන් කිව යුතු නැත. එසේම මේ සඳහා ප‍්‍රජා සහභාගිත්වයද බෙහෙවින් වැදගත්ය.
අනෙක් අතට තවත් වැදගත් කරුණක් වන්නේ මේ ගැටුමට මැදැහත්ව ඇති ජනතාව අතර අලි ඇතුන් පිළිබඳ ඇති ආකල්පය වෙනස්වීමේ ඇති වැදගත්කමය. අලි ඇතුන්ද අපේ පරිසරයේ කොටසක් බව ජනතාව අතර තිබිය යුතු ආකල්පයක් වන්නේය. අලි ඇතුන් සමඟ අපේ පරිසරය බොදාගැනීමට අපට හැකියාව තිබිය යුතුව තිබේ. මේ හැඟීම ජනතාව අතරින් තරමක් ඈත්ව ඇති බව පෙනේ. මෙරට මෑත කාලයේ ක‍්‍රියාත්මක වී ඇති සංවර්ධන ප‍්‍රතිපත්තිද මේ සඳහා යම් පමණකින් හෝ හේතු වී ඇති බවක් පෙනේ.
සමස්තයක් ලෙස ගතහොත් වර්තමාන තත්ත්වය අනුව අලි-මිනිස් ගැටුමට එක් තනි විසඳුමක් නොමැති බව පෙනේ. මේ දක්වා ගෙන ඇති පියවර සියල්ල සමාලෝචනය කර ගැටලූවේ ස්වභාවය අනුව එ්වා අවශ්‍ය තැනට යොදාගැනීම කළ යුතුව තිබේ. එක් තැනක අසාර්ථක වූ විසඳුමක් තවත් තැනක සාර්ථක වීමට හැකියාව පවතී. මේ නිසා විවිධ ප‍්‍රදේශ සඳහා විවිධ විසඳුම් සපයන බහුවිධ විසඳුම් සහිත විවෘත ප‍්‍රවේශයක් යොදාගැනීම කෙරේ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.
නොඑසේ නම් සිදුවිය හැක්කේ අපේ රටට ආඩම්බරයක් ගෙනදුන් අලි සම්පත අපට තවදුරටත් අහිමිවීමය.
Not available online.