Monday, September 24, 2012

ජගත් පරිසර විමසුම 141 (Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-09-19, පි. 11
http://www.vidusara.com/2012/09/19/feature3.html

විමසුම - සුළං බල විදුලිය - ශක්‍යතාව ඉහළයි, ඒත් පරිසරය තැකිය යුතුයි
ප්‍රමුඛ පුවත - වසර 30ක දී ජපානයත් න්‍යෂ්ටික බලයට සමු දෙයි
පුවත් සැකෙවින් - ජල හිඟයේ තරම/ ඕසෝන් දින සැමරුම/ නව වඳුරු විශේෂයක්‌ කොංගෝවෙන්



විමසුම
සුළං බල විදුලිය - ශක්‍යතාව ඉහළයි, ඒත් පරිසරය තැකිය යුතුයි

විදුලිය නිපදවීම සඳහා සුළං බලයට ඇති හැකියාව මේ දිනවල ලෝකයේ බලශක්‌ති ක්‌ෂේත්‍රයේ වැඩි අවධානයකට ලක්‌ ව ඇති කරුණකි. දේශගුණ වෙනස්‌ වීමට හේතු වන ෆොසිල ඉන්ධන වෙනුවට සුළඟ හා සූර්ය බලය වැනි පුනර්ජනනය කළ හැකි එසේම පිරිසිදු බලශක්‌ති ප්‍රභව පිළිබඳව බොහෝ රටවල් උනන්දු වී ඇත. මේ නිසා ඒ අංශයේ ආයෝජන ද ඉහළ ගොස්‌ තිබේ. මේ අතර වැඩි වශයෙන් ඇත්තේ දියුණු රටවල් වුවත් දියුණු වන රටවල් ද ඒ පිළිබඳව සැලකිල්ලක්‌ දක්‌වා තිබේ.

වර්තමානයේ සුළඟ මගින් නිපදවනු ලබන්නේ ලෝකයේ භාවිත වන සමස්‌ත විදුලිබලයෙන් සියයට හතරක්‌ තරම් ප්‍රමාණයකි. විදුලිබල ජනනයේ දී සුළං බලයට ඇති ශක්‍යතාව පිළිබඳව පසුගිය දා ප්‍රකාශයට පත් අධ්‍යයන දෙකක අවධානය යොමු වී තිබේ. ඉන් පෙනෙන්නේ සුළං බලයේ වර්ධනයට බලපාන යම් යම් සීමාකාරී සාධක තිබුණ ද, එමගින් ඉතා විශාල විදුලිබලයක්‌ ජනනය කරගත හැකි බව ය.

සුළං බලයේ ශක්‍යතාව


ඉන් එක්‌ අධ්‍යයනයක්‌ මගින් පෙන්වා දෙන්නේ ගොඩබිම හා මුහුදේ පිහිටුවා ඇති සුළං ටර්බයින මගින් දැනට ලෝකයේ භාවිත වන සමස්‌ත විදුලි බලය මෙන් අති විශාල විදුලියක්‌ ජනනය කළ හැකි බව ය. මීටර් 395ට වඩා අඩු උස මට්‌ටමේ සුළං භාවිතයට ගන්නා පොළොව මතුපිටට ආසන්න ව පිහිටා ඇති ටර්බයින මගින් නිපදවිය හැකි විදුලි බලය ටෙරාවොට්‌ 428කට අධික ය. එහෙත් වඩා ඉහළ අහසේ හමා යන සුළඟේa ඇති ශක්‌තිය අධික නිසා විශේෂ ටර්බයින යොදාගනිමින් ඉහළ උන්නතාංශ සුළං බලයෙන් (high-altitude wind power) ලබාගත හැකි විදුලිය මීට වඩා වැඩි ය. එය ටෙරාවොට්‌ 1873කට අධික ප්‍රමාණයක්‌ ජනනය කළ හැකි ය.

එහෙත් දැනට ලෝකයේ භාවිත වන විදුලිබලය ප්‍රමාණය ටෙරාවොට්‌ 18ක්‌ පමණක්‌ වන නිසා භූභෞතික සාධකවල සීමාකාරී බවක්‌ නොමැති ව භූමිය මත පොළොවට ආසන්නව පිහිටුවන ටර්බයින මගින් පමණක්‌ වුවත් ලෝකයට අවශ්‍ය ප්‍රමාණය මෙන් විසි ගුණයක විදුලියක්‌ නිපදවිය හැකි ය. (ඉහළ උන්නතාංශ සුළං බලයෙන් අද භාවිත වන විදුලි බලය මෙන් සිය ගුණයක්‌ තරම් විදුලියක්‌ නිපදවිය හැකි ය.) දේශගුණ ආකෘතියක්‌ මගින් සිදු කර ඇති මේ අධ්‍යයනය අනුව සුළං බලය සඳහා බලපෑ හැක්‌කේ පාරිසරික හා ආර්ථික සාධක පමණි. ලෝකය පුරා සමානව ව්‍යාප්ත වී ඇති සුළං ටර්බයින මගින් පොළොවේ දේශගුණයට මෙමගින් බලපෑමක්‌ ඇති නො කරයි. (මූලාශ්‍රයNatureClimate Change,DOI: 10.1038/nclimate1683)

මේ අතර සුළං බලය පිළිබඳව සිදු කරන ලද තවත් අධ්‍යයනයක්‌ අනුව මීටර් 100ක පමණ උස මට්‌ටමේ සවි කරන ලද ටර්බයින යොදා ගනිමින් වර්තමාන බලශක්‌ති පරිභෝජනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්‌ නිපදවීමට බලපාන කිසිදු බාධාවක්‌ නොමැත. ඒ හුදෙක්‌ ටර්බයින මිලියන හතරක්‌ පමණ ප්‍රමාණයක්‌ මගිනි. (මූලාශ්‍රයProceedings ofthe National Academy of Sciences, DOI:10.1073/pnas.1208993109)

සීමාකාරී විය හැකි පාරිසරික බලපෑම්

සුළඟ පිරිසිදු බලශක්‌ති ප්‍රභවයක්‌ බව අප දන්නා කරුණකි. එහෙත් සුළං විදුලියේ අහිතකර පාරිසරික බලපෑම් නැතිවා නො වේ. නිදසුනක්‌ ලෙස අප මේ විමසුම ඔස්‌සේ මින් ඉහත දී ද සාකච්ඡා කර ඇති ආකාරයට එය වවුලන්ට යම් බලපෑමක්‌ විය හැකි ය. එසේ ම ඇතැම් ප්‍රදේශවල දී පක්‌ෂීන්ට බලපෑමක්‌ කළ හැකි බව තවත් අධ්‍යයනවලින් හෙළි වී තිබේ. (2012-08-15 දින හා 2012-04-18 දිනවල ජගත් පරිසර විමසුම බලන්න). එසේ ම පරිසරයේ ස්‌වභාව දර්ශනයට මේ ටර්බයින ඉදි කිරීමෙන් ඇති වන බලපෑම් ද සැලකිල්ලට ලක්‌ ව ඇති කරුණකි.

පරිසරයට හානිකර නො වන ආකාරයෙන් සුළං බලය යොදාගත හැකි ආකාරය අවධානයට ලක්‌ කළ යුතු කරුණකි. ඉහත සඳහන් බලපෑම් අවම වන ආකාරයෙන් - එනම් පක්‌ෂීන් හා වවුලන් වැනි සතුන්ට හානි නො වන ආකාරයෙන් - සුළං ටර්බයින ස්‌ථාපනය කළ හැකි ය. එසේ ම මේ ටර්බයින ස්‌ථාපනය කරන ස්‌ථාන හා ප්‍රදේශ ද මෙහි දී වැදගත් වේ. ස්‌වාභාවික භූ දර්ශනයට අවම හානියක්‌ සිදු වන ආකාරයෙන් සුළං ටර්බයින පිහිටුවීම ද කළ හැකි ය. ලෝකය මේ පිළිබඳව යම් අවධානයක්‌ යොමු කළ යුතු අතර නොඑසේ නම් සිදු විය හැක්‌කේ හුදෙක්‌ "පිරිසිදු බලශක්‌ති ප්‍රභවයකි" යන ලේබලය යටතේ පාලනයකින් තොර ව සුළං ටර්බයින පිහිටුවීමෙන් පාරිසරික වශයෙන් යම් බලපෑමක්‌ ඇති වීම ය.

ඒ අනුව අදාළ අංශවල අවධානය යොමු විය යුත්තේ ශක්‍යතාව පවත්නා පමණින් සුළං විදුලිය හැකිතාක්‌ නිපදවීමට නො ව, පරිසරයට අවම බලපෑමක්‌ වන පරිදි සුළං බලය යොදා ගැනීම පිළිබඳව ය. සුළඟ පමණක්‌ නො ව සූර්ය බලය හා ජල විදුලිය වැනි පුනර්ජනනය කළ හැකි බලශක්‌ති ප්‍රභව ගණනාවක්‌ ඇති නිසා අනාගත බලශක්‌ති ක්‌ෂේත්‍රයේ ගැටලුවක්‌ ඇති නො වනු ඇත.

ප්‍රමුඛ පුවත
වසර 30ක දී ජපානයත් න්‍යෂ්ටික බලයට සමු දෙයි

න්‍යෂ්ටික බලයෙන් ඈත් වීමට ජපානය සූදානම් වන බවක්‌ පසුගිය සතියේ වාර්තා විය. ඒ අනුව ඉදිරි වර්ෂ 30ක කාලය ඇතුළත ක්‍රමයෙන් න්‍යෂ්ටික බලය අත්හැරීමට සැලසුම් කර ඇති බව එරට රජය නිවේදනය කළේය. මේ අනුව 2040 වර්ෂය වන විට එරට සියලු න්‍යෂ්ටික බලාගාර වසා දැමීමට ජපානය තීරණය කර ඇත. න්‍යෂ්ටික බලාගාරවලින් තම බලශක්‌ති අවශ්‍යතාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ ලබාගත් ජපානය ගත් මේ තීරණය එරට රාජ්‍ය ප්‍රතිපත්තිවල පැහැදිලි වෙනසක්‌ පෙන්නුම් කරයි. පසුගිය වර්ෂයේ ජපානයේ ඇති වූ භූමිකම්පාව හා සුනාමිය නිසා ෆුකුෂිමා ප්‍රදේශයේ න්‍යෂ්ටික බලාගාරයේ අනතුර සිදු වන විට ජපානය න්‍යෂ්ටික බලය භාවිත කරන රටවල් අතර තුන්වැනි තැන පසු විය. මේ අනුව එරට බලශක්‌ති අවශ්‍යතාව සඳහා ඉදිරියේ දී පුනර්ජනනය කළ හැකි බලශක්‌තිය සමස්‌ත බලශක්‌ති අවශ්‍යතාවෙන් 30%ක්‌ දක්‌වා ප්‍රවර්ධනය කිරීම ද නව බලශක්‌ති සැලසුම්වල ඇතුළත් වේ.

ෆුකුෂිමා අනතුරේ ප්‍රතිඵලය වූයේ ලෝකයේ බරපතළ ම න්‍යෂ්ටික ආපදාවකට ජපානය පත් වීම ය. විකිරණවලට නිරාවරණය වූ විශාල ප්‍රදේශයක්‌ ජනශුන්‍ය කරන ලද අතර තවමත් මේ සමහර ප්‍රදේශවල ජනතාව පදිංචි වීමට ඉඩ ලබා නො දේ. මේ අර්බුදයෙන් පසුව න්‍යෂ්ටික බලයට එරෙහි ව ජපාන වැසියන් අතර විරෝධයක්‌ ඇති වූ අතර එරට ක්‍රියාත්මක සියලු බලාගාර තාවකාලිකව වසා දමන ලදි. එහෙත් මේ අවස්‌ථාවේ ජගත් මට්‌ටමෙන් ඇති වූ න්‍යෂ්ටික විරෝධය නිසා ජර්මනිය, ස්‌විට්‌සර්ලන්තය වැනි රටවල් තම න්‍යෂ්ටික බලාගාර මුළුමනින් ම වසා දැමීමට පෙලඹිණි. එහෙත් මේ දක්‌වා ජපාන බලධාරීන් සිටියේ න්‍යෂ්ටික බලාගාර තවදුරටත් පවත්වා ගත යුතුය යන අදහසේ ය. පෙර සඳහන් ප්‍රතිපත්තිමය වෙනස වැදගත් වන්නේ එවැනි තත්ත්වයක්‌ හමුවේ ය. එය වර්තමාන රජයේ ජනප්‍රියතාව වර්ධනය වීමට ද බලපෑ හැකි බව සඳහන් වේ.

අපේ රටට ආසන්නව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කූදාන්කුලම් ප්‍රදේශයේ මේ වන විට න්‍යෂ්ටික බලාගාරයක්‌ ඉදි කෙරෙමින් පවතී. මේ වන විට ඉන්දීය වැසියන් අතරින් ඊට එරෙහි ව දැඩි විරෝධයක්‌ මතු වී තිබේ.

පුවත් සැකෙවින්

ජල හිඟයේ තරම

වැඩි වන ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය සැපයීමට හා රටවල් අතර ගැටුම් ඇති වීම වැළැක්‌වීම සඳහා ලෝකයේ අනාගත ජල අවශ්‍යතාවේ තරම පෙන්වා දෙන වාර්තාවක්‌ පසුගිය දා නිකුත් විය. ඒ අනුව 2025 වර්ෂය වන විට ලෝකයට නයිල් ගඟ වැනි තවත් ගංගා 20ක්‌ පමණ අවශ්‍ය වේ. සංඛ්‍යාත්මකව දක්‌වන්නේ නම්, ඒ වන විට තවත් ඝන කිලෝමීටර 1000ක පමණ ජල ප්‍රමාණයක්‌ කෘෂිකර්මය සඳහා පමණක්‌ අවශ්‍ය වේ.

ජල හිඟය බරපතළ ලෙස බලපෑ හැකි රටවල් අතර චීනය හා ඉන්දියාව ද වේ. 2030 වර්ෂය වන විට මේ දෙරටේ ම ජල අවශ්‍යතාව සැපයුම ඉක්‌මවා යනු ඇත. කෙසේ වෙතත් මේ වාර්තාවේ දැක්‌වෙන පරිදි ජලය සංරක්‌ෂණය කරගැනීමෙන් හා නාස්‌තිය වැළැක්‌වීමෙන් සැලකිය යුතු වෙනසක්‌ සිදු කළ හැකි ය. නිදසුනක්‌ ලෙස, දියුණු වන රටවල සමස්‌ත නළ ජල ප්‍රමාණයෙන් 40%ක්‌ පමණ ජල සම්පාදනය අතර දී අහිමි වේ. එසේම ජල හිඟයක්‌ ඇති රටවල් ඊට විකල්ප සෙවීමේ ඇති වැදගත්කම ද මෙහි දක්‌වා ඇත.

මේ වාර්තාව නිකුත් කර ඇත්තේ ලෝකයේ හිටපු රාජ්‍ය නායකයන් හතළිහක පමණ පිරිසක ගෙන් සැදුම් ලත් InterAction Council නම් කණ්‌ඩායම හා තවත් ආයතන කිහිපයක්‌ විසිනි. ඔවුන් මෙහෙ දී පවසන වැදගත් ම කරුණ වන්නේ එක්‌සත් ජාතීන් ගේ ආරක්‌ෂක මණ්‌ඩලය, ජලය සඳහා අදට වඩා වැඩි ප්‍රමුඛතාවක්‌ ලබා දිය යුතු බව ය. (මූලාශ්‍රයThe Global Water Crisis: Addressing an Urgent Security Issue, www.inweh.unu.edu/WaterSecurity/documents/ WaterSecurity_FINAL_Aug2012.pdf)

ඕසෝන් දින සැමරුම


ඕසෝන් දිනයේ සැමරුම පසුගිය ඉරිදා දිනට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් ලෝකයේ විවිධ ප්‍රදේශවල විවිධ කටයුතු සංවිධානය කර තිබෙනු දැකගත හැකි විය. ඕසෝන් ස්‌තරයේ ආරක්‌ෂාවට හේතු වූ මොන්ටි්‍රයල් සන්ධානයේ 25 වැනි සංවත්සරය මේ වර්ෂයට යෙදී ඇත. මේ කාලය ඇතුළත ඕසෝන් වියන රැකගැනීම අරභයා ලෝකය ම සැලකිය යුතු ජයක්‌ අත්පත් කරගෙන තිබේ.

අනෙක්‌ අතට අප මින් ඉහත දී ද සඳහන් කර ඇති පරිදි ඕසෝන් දිනය වැදගත් වන තවත් කරුණක්‌ වන්නේ මෙය ලෝකය සාමූහිකව අත්පත් කරගත් ජයග්‍රහණයක්‌ වන නිසා ය. ඕසෝන් ස්‌ථාරයේ විනාශයට හේතු වන බව පෙන්වා දී තිබූ ප්‍රධාන රසායනික සංයෝග වන ක්‌ලෝරෝෆ්ලෝරොකාබන් සංයෝග 98%කට අධික ප්‍රමාණයක්‌ භාවිතයෙන් ඉවත් කර තිබේ.

නව වඳුරු විශේෂයක්‌ කොංගෝවෙන්

අප්‍රිකානු මහාද්වීපයේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මධ්‍යම ප්‍රදේශයෙන් නව වඳුරු විශේෂයක්‌ වාර්තා වේ. ජානමය අධ්‍යයනවලින් පසු මේ නව විශේෂය Cercopithecus lomamiensis ලෙස නම් කර ඇත. ඒ ආසන්නයේ පිහිටා ඇති ලොමාමි ගංගාවේ නමිනි. ඒ අනුව ගත වූ දශක තුනක කාලයක්‌ ඇතුළත අප්‍රිකාවෙන් වාර්තා වන දෙවැනි නව වඳුරු විශේෂය මෙයයි.

2007 වර්ෂයේ දී මේ වඳුරා පිළිබඳ තොරතුරු මුලින් ම අනාවරණය වූ අවස්‌ථාවේ දී ඒ නව විශේෂයක්‌ බවට අදහසක්‌ තිබී නැත. එහෙත් පසුව ඒ බව තහවුරු වී ඇත. මින් පෙනෙන්නේ ජෛවවිවිධත්වය පිළිබඳ නූතන විද්‍යාත්මක දැනුමේ ඇති අඩුපාඩු ය. එසේ ම නව වඳුරු විශේෂය සීමිත ප්‍රදේශයක පමණක්‌ ව්‍යාප්ත වී ඇති අතර ආරක්‌ෂිත ප්‍රදේශයක්‌ නො වන බැවින් ඒ පරිසරය මානව තර්ජනවලට ලක්‌ වී තිබේ. වාසනාවකට මෙන් අදාළ ප්‍රදේශය ආරක්‌ෂිත ප්‍රදේශයක්‌ ලෙස නම් කිරීමට කටයුතු කෙරෙමින් තිබේ. (මූලාශ්‍රයPLoS ONE, DOI: 10.1371/journal.pone.0044271)

http://www.vidusara.com/2012/09/19/feature3.html

Monday, September 17, 2012

What now after Rio+20?

Dhanesh Wisumperuma
The Nation, 08-07-2012

http://www.nation.lk/edition/feature-viewpoint/item/8010-what-now-after-rio20.html



The much anticipated global environment summit or the Rio+20 Conference is over. The outcome was discussed and reviewed during the past week. The key outcome of the declaration is a plan to prepare a set of goals, “Sustainable Development Goals”, which is to be implemented in future. There is no legally binding target or stern action aimed at conserving the environment and achieving sustainable development.

UN Secretary General Ban Ki-Moon has said; “Rio+20 has given us a solid platform to build on. And it has given us the tools to build with – the work starts now”. However many civil society organizations have pointed out that the outcome is too weak to solve pressing environmental and development issues. The United Nations Conference on Sustainable Development has not provided the dramatic turn of events the world expected.

In other words, the world leaders have collectively postponed answering crucial environmental issues, at least by another three years. It is too early to guess whether there will be a legally binding treaty by the end of this period. No one can confirm that the tug of war between the developing and developed nations is yet over. It is worthy to note that there were certain “unholy” alliances observed during this summit where some countries that are well known political opponents, joined together to water down some key points of the declaration.

Result not unexpected


The result of Rio+20 was not entirely unexpected. Many leaders, scientists and campaigners had no hopes for crucial development at the summit. Attention on environmental issues has been declining in the global political stage, mainly due to emerging economic crisis and the confrontations between developed and developing nations. No leader was taking environmental issues seriously.

This was the cause for the lack of leadership at Rio+20, which is being blamed as the major cause for the summit’s failure. Some leaders of the major economies were absent, while there was an encouraging participation from the developing nations.

Way forward


What is the role of the public at this stage? They can accept all whether those are good or bad, and without taking any effort to make a change. Or they can voice their concerns and act, since they have every right to do so.
For instance, change is taking place, seeded and promoted by the general public. These initiatives include age-old practices widely followed by people in the past but almost forgotten due to the advent of modern technology. Many such grassroots level developments are taken as models for sustainability. Unfortunately, most of these are still not absorbed into the mainstream processes of relevant fields. Sustainable agriculture is a prime example and is now being increasingly accepted at the face of serious environmental concerns.

Changing people’s attitudes is crucial. What is necessary is not just to mobilize people or the community, but to mobilize the political leadership. People can take steps to motivate their leaders to create the change people need. Leaders should be encouraged to accept the limits of nature, natural resources and “real” sustainability, as this word is often used to denote destructive development processes.

Hence mobilizing people, who can in the long run lobby their leadership, is crucial. A strong voice from the community backed by sound sustainability is the need of the day, a fact highlighted by some of the environmental and social activists who returned from Rio+20. This requires active participation of various social groups - civil society representatives, journalists and most importantly, people who are conscious of the environment.

Sri Lankan scenario

Recent environmental and development related issues in Sri Lanka have apparently triggered mixed reactions. Certain actions, with regard to natural resources and environment, taken by the present government are controversial. For instance, the massive development drive in the country has a significant impact on the environment and natural resources, raising grave social concerns.

This could make the negative effects more serious than the long-term benefits. The recent cancellation of permits required for sand transportation is a prime example. We are aware of the land degradation resulting from excessive river sand mining in many areas and close monitoring is necessary to reduce this impact. Similar exploitation of other natural resources – both biotic and abiotic – that is connected to rapid economic development is observed.

The most important issue is that the environmental policies change with the government, in many countries of the world. Moreover policies of the same government can change within a short period of time. However, such change is only positive and acceptable if it benefits all or the majority of people as well as sustainability – something most people forget. Lobbying by people and informed groups could change the direction of policies of a government. Hence need for activism remains essential more than ever. Highlighting this collective responsibility, mentioning his little daughters an activist of Greenpeace said “…their future is decided by all of us, who must unite to build a movement of movements to force the future we want”.

There is a long way to go. But there may be the ‘sustainable’ future we want!

Sunday, September 16, 2012

Our Historical Memory Loss

Dhanesh Wisumperuma

The Nation, 16-09-2012, UNDO, page 3

http://www.nation.lk/edition/undo/item/10388-our-historical-memory-loss.html

“CMC busts Rs.5 m for just one lecture” is the headline of a news item published in ‘The Nation’ (February 19, 2012) referred to the Mayor of Colombo approving a workshop at Kandalama Hotel. It was claimed that the “… Kandalama Hotel (was) a project vehemently condemned by his party [i.e. the UNP] a decade ago during the Chandrika Kumaratunga administration”. This is incorrect. The Kandalama Hotel was built during the United National Party administration and opened before Kumaratunga became President.

H.L. Seneviratne gives the date given for the above mentioned massive protest campaign or the satyagraha held in Dambulla as 12th June 1991, in his book The work of kings: the new Buddhism in Sri Lanka. It predates the events by a year and one month!

Construction work on the hotel, located in the catchment area of Kandalama Wewa, begun in late 1991 with the strong backing of the Premadasa Government and in spite of protests based on the location of the hotel, the possible negative impact on culture etc. No construction is allowed in the catchment area of a tank under the traditional systems that prevailed in the country. It was claimed that people living in traditional villagers were also removed from the catchment area of Kandalama tank when it was renovated in 1960s.

The Kandalama protest campaign gathered the support of various groups - civil activists, environmentalists and also some politicians then in the opposition. Then, as now, there was no lack of people ever ready to agitate against the Government. The climax of this campaign was the massive satyagraha demonstration at the slopes of the Rangiri Dambulla Rajamaha Vihara on July 12, 1992. In fact some opposition vowed to convert the hotel into a hospital when thy capture power. An inquiry was held by the Chandrika Kumaratunga administration and it was found there are no serious issues arising from the hotel. The hotel is now recognized for being environment-friendly, subsequent to some alterations in its design. It nevertheless remains square on the catchment area.

This is not a malady restricted to Sri Lanka or Sinhalese. Time blurs, discolors and in other ways alter memory. Indeed, the erroneous may even replace the real (like the above mentioned event) and may be buttressed by invented folklore.

Such situations ate often called “historical memory loss” where “historical memory” is defined as the collective understanding that a specific group of people shares about past events which this group perceives as having shaped its current economic, cultural, social, and political status and identity. It is a term that is yet to be fleshed out of course, but it is getting frequent mention in academic circles.

There are other lesser known examples, for instance the ceremonial opening of the Tower Hall Theatre, Colombo in December 1911. The story based on an “eye witness account” and the printed script of a drama mentions that the hall was opened at an event held in the presence of the then Governor of Sri Lanka and other distinguished guests. The Governor, Sir Henry McCallum was not in the country in the entire month of December, and it was the Mayor of Colombo who was the chief guest. The date given for the opening is 6th December in that story, but it was opened only on the 16th as revealed by contemporary newspaper reports. The true story of Tower Hall Theatre opening will be included in the forthcoming book titled Tower rangahal vamsa katawa by Prof Tissa Kariyawasam.

Such errors creep into popular writing as well as in academic writing but could be remedied by referring to authentic sources. The best way to minimize error is to check official records of relevant institutions (government or non government), contemporary literature including diaries of reliable individuals and the comparing of newspaper reports.
The memory of the Sinhala people (majority of the country) lasts only for a period of two weeks, some say. That is a lie that was turned to ‘fact’ by Velupillai Prabakaran and later picked up (perniciously) as “fact” and abused by those with their own vested interests. It’s more than three years since terrorism was defeated. Have the people forgotten? The Government believed the people will remember the victory over terrorism and show gratitude. The opposition thought otherwise. The ruling party won, some will say because things were remembered.

Some will say the era of terror and its impact should be remembered as it will be a lesson for the future too. Will it be erased from memory? Will it be mis-remembered? We don’t know. The not knowing is perhaps the charm of remembrance and learning lessons, or the forgetting and still learning lessons no less skewed.

http://www.nation.lk/edition/undo/item/10388-our-historical-memory-loss.html

ජගත් පරිසර විමසුම - Global Environmental Watch (140)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-09-12, පි. 11
http://www.vidusara.com/2012/09/12/feature3.html


විමසුම - රළ පහරේ බලය අඩු කරන්නට කඩොලාන සතු හැකියාව
ප්‍රමුඛ පුවත - ආක්‌ටික්‌ සාගරයේ පා වන අයිස්‌ දිය වීම
පුවත් සැකෙවින් - කාන්තාර ජෛවවිවිධත්වයත් මිනිසුන් නිසා අනතුරේ?/ කෙන්යා කන්ද වටා විදුලි වැටක්‌/ බැංකොක්‌ දේශගුණ සමුළුවෙන් මිශ්‍ර ප්‍රතිඵල


රළ පහරේ බලය අඩු කරන්නට කඩොලාන සතු හැකියාව


කඩොලාන වැනි පරිසර පද්ධති වෙරළබඩ පරිසරයේ හා ගොඩබිම් තීරුවේ ආරක්‌ෂාව සඳහා වැදගත් බව බෙහෙවින් පිළිගැනෙන කරුණකි. විශේෂයෙන් සුළඟ නිසා හටගන්නා දැඩි රළ පහරින් ගොඩබිම ආරක්‌ෂා කිරීම සඳහා කඩොලාන බොහෝ ප්‍රයෝජනවත් ය. සුළිසුළං හා කුණාටු වැනි ස්‌වාභාවික ආපදාවලින් පරිසරයට සිදු වන හානිය වළක්‌වා ලීම සඳහා ද කඩොලාන වනාන්තරවලට හැකියාව තිබේ. එසේ ම ඇතැම් අධ්‍යයනවලින් පෙන්වා දී ඇති පරිදි එසේ ම සුනාමි වැනි ප්‍රබල තත්ත්වවල දී ද කඩොලාන පරිසරය යම් බාධකයක්‌ ලෙස සීමා සහිත ව හෝ ක්‍රියා කරයි.

කෙසේ වෙතත් සුළඟ මගින් ඇති කරන රළ පහර නිසා ඇති වන බලපෑම් වැළැක්‌වීමට කඩොලාන වනාන්තර බොහෝ සේ ප්‍රයෝජනවත් ය. මේ පිළිබඳව සිදු කරන ලද නවතම අධ්‍යයනයක්‌ පසුගිය අගෝස්‌තු මාසයේ දී ප්‍රකාශයට පත් විය. එය ප්‍රකාශයට පත් කර ඇත්තේ තෙත්බිම් ජාත්‍යත්තරය (Wetlands International) හා නේචර් කොන්සර්වන්සි (Nature Conservancy) නම් ජාත්‍යන්තර ආයතන මගිනි. මේ හා සම්බන්ධව ප්‍රකාශයට පත් කර ඇති අධ්‍යයන වාර්තා යොදාගනිමින් දියුණු කර ඇති පුළුල් ආකෘතික අධ්‍යයනයක්‌ ලෙස සිදු කර ඇති මේ පර්යේෂණයේ දී මූලික වශයෙන් අවධානය යොමු වී ඇත්තේ සෙන්ටිමීටර් 70කට වඩා අඩු උසක්‌ ඇති සුළඟ මගින් ඇති වන රළ පහර (swell waves) නිසා ඇති වන බලපෑම් පිළිබඳව ය.

රළ පහරේ බලපෑම් අඩු කිරීම


ඒ අනුව මීටර් සියයක්‌ පමණ දිගු කඩොලාන තීරුවක්‌ මගින් රළවල උස සියයට 13ත් 66ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට හැකියාව ඇති බව මෙහි දී හෙළි වී තිබේ. මේ ආකාරයෙන් රළවල ශක්‌තිය හා උස අඩු කිරීම සඳහා කඩොලාන තීරුව ක්‍රියා කරන්නේ රළ පහරේ ශක්‌තිය හානි කිරීමට බාධකයක්‌ ලෙස ය. ඉන් හෙළි වන කරුණු අනුව රළ පහරේ උස අඩු කිරීම සඳහා කඩොලාන තීරුව කෙතරම් පළල වේ ද යන්න සැලකිය යුතු සාධකයක්‌ වේ.

මේ බලපෑම සඳහා හේතු වන ප්‍රධාන සාධකය වන්නේ කඩොලාන අතර දැකිය හැකි විශාල ශාක වර්ග ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, නොගැඹුරු ජලයේ දී වැඩි බලපෑමක්‌ ඇති කරන්නේ කඩොලාන ශාක අතර ඇති වායුධර මුල් සහිත ශාක මගිනි. අනෙක්‌ අතට වඩා ගැඹුරු ජලයේ දී ගස්‌වල පහත මට්‌ටමේ ඇති අතු මගින් ද ඒ හා සමාන බලපෑමක්‌ ඇති වේ. මේ තත්ත්වය සඳහා වෙරළේ දැකිය හැකි බෑවුම ද වැදගත් වේ. උක්‌ත අධ්‍යයනයේ දී අනාවරණය වූ කරුණු යොදාගනිමින් වියට්‌නාමයේ කඩොලාන මගින් සිදු කරන රළ අඩු කිරීම පිළිබඳව කිසියම් පුරෝකථනයක්‌ සිදු කිරීමට ද හැකියාව ලැබී ඇත.

කෙසේ වෙතත් මෙහි දී පෙනී ගොස්‌ ඇති පරිදි බොහෝ අධ්‍යයන මගින් අවධානය යොමු කර ඇත්තේ සාපේක්‌ෂව අඩු උසක්‌ වන සෙ.මී. 70ට අඩු උසක්‌ ඇති රළ පිළිබඳව ය. මේ නිසා වඩා අධික උසක්‌ ඇති රළ පහර සම්බන්ධව හා වඩා ප්‍රබල සුළං පිළිබඳව දක්‌වන ප්‍රතිචාරය පිළිබඳව තවත් අධ්‍යයන අවශ්‍ය ව තිබේ. කෙසේ වෙතත් රළ පහරේ වේගය අඩාල කිරීමට කඩොලානවලට හැකියාව ඇති බැවින් මනාව කළමනාකරණය කරන ලද කඩොලාන තීරුවකින් ලැබෙන ප්‍රයෝජන සැලකිය යුතු තරම් ය.

මේ ප්‍රයෝජනය නො සලකා හැර තිබේ ද?

උක්‌ත අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ කඩොලාන පරිසර පද්ධති මගින් ඇති වන එක්‌ හිතකර හා වැදගත් බලපෑමකි. එහෙත් අපේ පරිසරයට මෙන්ම මිනිසුන්ට ද බොහෝ ප්‍රයෝජන ලබා දෙන මේ අපූරු පරිසර පද්ධති මේ වන විට මුහුණ දී ඇති තර්ජනය මහත් ය. ඉන් වඩාත් බරපතළ වන මිනිසුන් විසින් සිදු කරනු ලබන විනාශයට අමතරව දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති වී තිබෙන්නේ ද දැඩි තර්ජනයකි. මේ නිසා ස්‌වාභාවික ආපදාවලින් ඇති වන බලපෑම් වැළැක්‌වීමට දක්‌වන මිල කළ නොහැකි තරම් වන දායකත්වය ලෝකයට ලබා දීමට මේ අගනා පරිසර පද්ධතියට තවත් කෙතෙක්‌ කලක්‌ හැකි වේ ද යන්න අද ලෝකය හමුවේ ඇති ගැටලුව වේ. (මූලාශ්‍රයReductionofwindandswellwavesbymangroves”www.naturalcoastalprotection.org/documents/reduction-of-wind-and-swell-wavesby-mangroves)

ප්‍රමුඛ පුවත
ආක්‌ටික්‌ සාගරයේ පා වන අයිස්‌ දිය වීම

ආක්‌ටික්‌ සාගරය මතුපිට පා වන අයිස්‌ දිය වීමේ වේගය අපේක්‌ෂා කළ වේගයට වඩා අධික බව විද්‍යාඥයන් යළිත් තහවුරු කර තිබේ. පසුගිය මාසයේ අග භාගයේ දී මේ අයිස්‌ මට්‌ටම මෙතෙක්‌ වාර්තාගත අවම මට්‌ටමට ළඟා වූ අතර එය තවදුරටත් අඩු වෙමින් තිබේ. සාමාන්‍යයෙන් ආක්‌ටික්‌ සාගරයේ අයිස්‌ ආවරණයේ අවම මට්‌ටම ඇති වන්නේ සැප්තැම්බර් මස මැද දී පමණ ය.

අයිස්‌ දිය වන වේගය මීට වර්ෂ විස්‌සකට පමණ පෙර අපේක්‌ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ බව පෙන්වා දී තිබේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් 1980 වර්ෂයේ දී පැවැති අයිස්‌ ආවරණයේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 8ක්‌ පමණ වූ අතර 2007 වර්ෂයෙන් පසුව එය මිලියන 4ක්‌ පමණ දක්‌වා අඩු වී තිබේ. (මෑත කාලයේ දී සිදු වී ඇති අයිස්‌ දිය වීමේ තරම සිතියමෙන් දැක්‌වේ. එහි ළා පැහැ ඉරකින් දැක්‌වෙන්නේ 1979-2000 කාලයේ දී ග්‍රීෂ්ම Rතුවේ පැවැති අයිස්‌ ආවරණයේ සාමාන්‍ය මට්‌ටමයි. 2012 වර්ෂයේ පවත්නා අයිස්‌ ආවරණය සුදු පැහැයෙන් දැක්‌වේ.)

අයිස්‌ තට්‌ටුව දිය වීමෙන් ඇති විය හැකි තත්ත්වය බරපතළ ය. එවිට සාගර මතුපිට ඇති සුදු පැහැය සාපේක්‌ෂව අඩු වේ. මේ සුදු පැහැය නිසා ඒ මතට වැටෙන ආලෝකය පරාවර්තනය වීම සිදු වන අතර සුදු පැහැ අයිස්‌ තට්‌ටුව වෙනුවට පවත්නා අඳුරු පැහැ ජලය මගින් ආලෝකයේ ඇති තාපය වැඩි වශයෙන් අවශෝෂණය කරයි. එහි ප්‍රතිඵලය නම් සාගර ජලය තවදුරටත් උණුසුම් වීම ය. මේ ආකාරයෙන් අවශෝෂණය කරගන්නා තාප විකිරණ ප්‍රමාණය වසර විස්‌සක කාලයක්‌ තිස්‌සේ වායුගෝලයට එකතු වන කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය හා සමාන බව පෙන්වා දී තිබේ.

එමෙන් ම අයිස්‌ තට්‌ටුව තුනී වීම නිසා ද යම් බලපෑමක්‌ ඇති විය හැකි ය. තුනී අයිස්‌ තට්‌ටුවක්‌ හරහා ආලෝකය ගමන් කරන ප්‍රමාණය අධික ය. මේ නිසා ද ජලයේ උෂ්ණත්වය වඩා ඉහළ යයි.

මේ ආකාරයෙන් දිගින් දිගට ම අයිස්‌ දිය වීම සිදු වුව හොත්, අනාගතයේ දී ග්‍රීෂ්ම Rතුවේ දී ආක්‌ටික්‌ ප්‍රදේශවල අයිස්‌ සම්පූර්ණයෙන් ම නොමැති විය හැකි බව පෙන්වා දී තිබේ. මේ තත්ත්වය නිසා ඇති විය හැකි බලපෑම් පිළිබඳව දැන් අවධානය යොමු වී ඇත. එය යුරෝපයේ කාලගුණයට යම් අහිතකර බලපෑමක්‌ කළ හැකි බව මේ වන විට පෙන්වා දී තිබේ. (මූලාශ්‍රය ඇමෙරිකාවේ ජාතික හිම සහ අයිස්‌ දත්ත මධ්‍යස්‌ථානය, http://nsidc.org/arcticseaicenews)





පුවත් සැකෙවින්

කාන්තාර ජෛවවිවිධත්වයත් මිනිසුන් නිසා අනතුරේ?
මානව මූලික කටයුතු නිසා ලෝකයේ විවිධ ප්‍රදේශවල පිහිටි කාන්තාර පරිසර පද්ධතිවල සත්ත්ව විවිධත්වය හායනයට ලක්‌ වන බව පර්යේෂණ වාර්තාවකින් පෙන්වා දී තිබේ. ඒ අනුව වැඩි ම බලපෑමකට ලක්‌ ව ඇත්තේ කාන්තාර වැනි ශුෂ්ක හා අර්ධ ශුෂ්ක පරිසර පද්ධතිවල වාසය කරන ක්‌ෂීරපායින් ය. ක්‌ෂීරපායි ප්‍රජාව ගේ විවිධත්වයට හා ප්‍රාදේශීය වඳ වීම්වලට හේතු වන මෙවැනි සාධක අතර පශු පාලනයේ දී සතුන් අධික ලෙස තෘණ ආහාරයට ගැනීම, දැව කැපීම, දඩයම් කිරීම, ගිනි හා ආක්‍රමණීක ජීවී විශේෂ ආදිය වේ.

කාන්තාරබද සත්ත්ව විශේෂ 110ක්‌ පමණ ආවරණය කරමින් සිදු කර ඇති ඇති අධ්‍යයන 25ක්‌ සමාලෝචනය කරමින් සිදු කරන ලද මේ පර්යේෂණ පත්‍රිකාවෙන් පෙන්වා දී ඇති ආකාරයට මේ සංකීර්ණ පරිසර පද්ධතියේ ක්‍රියාකාරිත්වයට මිනිසුන් නිසා සැලකිය යුතු බලපෑමක්‌ ඇති විය හැකි ය. සාමාන්‍යයෙන් නිසරු හෝ විවිධත්වයෙන් අඩු පරිසර පද්ධතියක්‌ සේ සැලකෙතත් වියළි හා කාන්තාර පරිසර පද්ධතිවල ජෛවවිවිධත්වය සැලකිය යුතු තරම් ඉහළ ය. මේ අනුව කාන්තාර ජෛවවිවිධත්වය ආරක්‌ෂා කිරීම සඳහා වැඩි අවධානයක්‌ යොමු කළ යුතු බව ඉතා පැහැදිලි ය. (මූලාශ්‍රය:Journal of Arid Environments, DOI:10.1016/j.jaridenv.2012.06.016&)

කෙන්යා කන්ද වටා විදුලි වැටක්‌

අප්‍රිකාවේ දෙවැනි උස ම කන්ද වන කෙන්යා කන්දේ (Mt Kenya) ජීවත් වන වනජීවීන් අවට ප්‍රදේශවලට පැමිණීම වැළැක්‌වීම සඳහා කන්ද වට කරමින් විදුලි වැටත් ඉදි කිරීමට කෙන්යා රජය තීරණය කර තිබේ. මේ කඳු ප්‍රදේශයේ සිට අවට ප්‍රදේශවලට පිවිසෙන අලින් හා වෙනත් වන සතුන් නිසා අවට ප්‍රදේශයේ වැසියන්ගේ වගාබිම්වලට ඇති වී තිබෙන ගැටුම් නිමාවට පත් කිරීම එහි අරමුණ වේ.

මේ අනුව වර්ග කිලෝමීටර් දෙ දහසක පමණ වනාන්තර ප්‍රදේශයක්‌ ආවරණය කරමින් කිලෝමීටර් 400ක්‌ පමණ දිගු විදුලි වැටක්‌ ඉදි කිරීමට නියමිත ය. එහි ඇති විශේෂත්වය වන්නේ උසින් මීටර් දෙකක්‌ පමණ වීම හා භූගත ව තවත් මීටරයක පමණ ගැඹුරක්‌ දක්‌වා විහිදීම ය.

බැංකොක්‌ දේශගුණ සමුළුවෙන් මිශ්‍ර ප්‍රතිඵල

පසුගිය සතියේ තායිලන්තයේ බැංකොක්‌හි දී අවසන් වූ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ සාකච්ඡා වටයේ දී කිසියම් වර්ධනයක්‌ සිදු වී ඇති බව ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන නමුත් සත්‍ය වශයෙන් ඇති වී තිබෙන්නේ මිශ්‍ර ප්‍රතිඵලයක්‌ බව පැවසිය හැකි ය. මෙහි දී සෙල්සියස්‌ අංශක 2 සීමාවේ උෂ්ණත්ව ඉහළ යැම පවත්වා ගැනීමට නම් 2020 වන විට හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සැලකිය යුතු තරම් විය යුතු බවට රටවල් එකඟ වී ඇති අතර එය අප මේ වන විටත් දන්නා මෙන්ම ලෝකය කලින් ද එකඟ වී සිටි කරුණකි. කියෝටෝ සන්ධානය දිගු කිරීම පිළිබඳව යම් එකඟතාවක්‌ මෙහි දී ඇති වී ඇති අතර වන විනාශයේ හා වන හායනයේ විමෝචන අඩු කිරීමේ යාන්ත්‍රණයේ ද යම් වර්ධනයක්‌ සිදු විය. එසේ ම 2015 දී ඇති කර ගැනීමට නියමිත ගිවිසුම සම්බන්ධ කරුණුවල යම් වර්ධනයක්‌ ඇති වී තිබේ.

එහෙත් පුළුල්ව සලකා බැලීමේ දී මේ වර්ධනය කෙතෙක්‌ ප්‍රමාණවත් වේ ද යන්න පැවසීමට තවමත් කල් වැඩි ය. ඇතැම් රටවල් සුපුරුදු පරිදි මේ සාකච්ඡා වටය ද දියාරු කර හැරීමට උත්සාහ කරනු මේ සාකච්ඡා අතර පවා දැකිය හැකි විය. එසේ ම මේ තීරණ හෝ එකඟතා පිළිබඳව වර්ෂය අවසානයේ දී දෝහාහි දී පැවැත්වෙන දේශගුණ සමුළුවේ දී සම්මුතියකට පැමිණියවිය යුතු ය.

http://www.vidusara.com/2012/09/12/feature3.html

ජගත් පරිසර විමසුම - Global Environmental Watch (139)

ධනේෂ් විසුම්පෙරුම

http://www.vidusara.com/2012/09/05/feature3.html 

විදුසර (Vidusara), 2012-09-05, පි. 11

විමසුම - අපෘෂ්ඨවංශීන් අතරින් පහෙන් පංගුවක්‌ වඳ වීමේ අවදානමක
පුවත් සැකෙවින් - ආහාර අර්බුදයක්‌ අත ළඟ ද?/ ආක්‌ටික්‌ සාගර අයිස්‌ මට්‌ටම අඩු ම මට්‌ටමේ/ ලාබදායක සූර්ය කෝෂ තාක්‌ෂණයේ දියුණුවක්‌



විමසුම
අපෘෂ්ඨවංශීන් අතරින් පහෙන් පංගුවක්‌ වඳ වීමේ අවදානමක

අපේ ලෝකයේ ජීවත් වන ජීවීන් අතර කොඳුඇට පෙළක්‌ නොමැති ජීවීන් හෙවත් අපෘෂ්ඨවංශීන් කෙරෙහි ඇති අවධානය සාපේක්‌ෂව අඩු ය. මේ වර්ගයට අයත් ජීවීන් අතර විවිධ කෘමීන් හා වෙනත් සන්ධිපාදිකයන්, ගොළුබෙල්ලන් ඇතුළත් මෘද්වංශීන්, ගැඩවිලුන් හා කූඩැල්ලන් ඇතුළත් ඇනෙලිඩාවන්, නෙමටෝඩාවන් ආදීන් අයත් වේ.

අපෘෂ්ඨවංශීන් අතර ජෛවවිවිධත්වය ඉතා ඉහළ ය. ලෝකයේ ජීවත් වන ජීවී විශේෂ අත§න් 79%ක්‌ පමණ අපෘෂ්ඨවංශීන් බව ගණන් බලා ඇත. මේ ප්‍රමාණය භෞමික ජීවී විශේෂ පිළිබඳව සැලකීමේ දී 96%ක්‌ පමණ තරම් ඉහළ විය හැකි ය. එහෙත් අපෘෂ්ඨවංශීන් අතින් කොරල් ජීවීන්, සමනළයින් වැනි ඇතැම් වර්ගවල සතුන් අපේ වැඩි අවධානයකට ලක්‌ වුව ද සෙසු අපෘෂ්ඨවංශීන් එතරම් අවධානයට ලක්‌ ව නැත. නිදසුනක්‌ ලෙස ගත හොත් පර්යේෂණ ලේඛන අතරින් 69%ක්‌ ම ලියෑවී ඇත්තේ ප්‍රමාණයෙන් 3%ක්‌ පමණක්‌ වන පෘෂ්ඨවංශීන් පිළිබඳව ය. ප්‍රමාණයෙන් 79%ක්‌ වන අපෘෂ්ඨවංශීන් ගැන ලියෑවී ඇත්තේ 11%ක්‌ තරම් අඩු ප්‍රමාණයකි. එසේ ම වර්තමානයේ විස්‌තර කරනු ලබන ජීවී විශේෂ අතරින් ඉතා අධික ප්‍රතිශතයක්‌ අපෘෂ්ඨවංශීන් ය. එහෙත් අපෘෂ්ඨවංශීන් අතරින් අප වැඩි විස්‌තරයක්‌ දන්නේ විශේෂ අතරින් 1%කටත් අඩු ප්‍රමාණයක්‌ පිළිබඳව ය.

අපේ එතරම් සැලකිල්ලකට ලක්‌ නො වුව ද ඔවුන් මේ පරිසරයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොටස්‌කරුවන් පිරිසකි. ස්‌වාභාවිකව දැකිය හැකි පරිසර පද්ධති සේවා අතර සැලකිය යුතු කාර්ය රැසකට මේ ජීවීන් ගෙන් දායකත්වයක්‌ ලැබේ. නිදසුනක්‌ ලෙස මීමැස්‌සන් හා වෙනත් කෘමීන් මගින් සිදු වන පරාගනය හා ගැඩවිලුන් විසින් අපද්‍රව්‍යවල ඇතුළත් පෝෂක ප්‍රතිචක්‍රීකරණය කිරීම මිනිසුන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වන සංසිද්ධි අතර වේ. අනෙක්‌ අතට කොරල්පර පරිසර පද්ධති බොහෝ ජීවී විශේෂ රැසකට වාසස්‌ථාන හා අභිජනන භූමි සපයන අපූරු පරිසර පද්ධතියකි.

අපෘෂ්ඨවංශීන් මුහුණ දෙන තර්ජනය

අපෘෂ්ඨවංශීන් පිළිබඳව අපේ ඇති අඩු අවධානය නිසා මේ වන විටත් ඔවුන් තර්ජනයකට ලක්‌ ව ඇති අතර එය තවදුරටත් නො සලකා හැරීමෙන් අනාගතයේ දී තවත් බොහෝ ගැටලුවලට මුහුණ දීමට අපට සිදු විය හැකි ය. ලන්ඩන් සත්ත්ව විද්‍යාත්මක සංගමය (Zoological Society of London) මගින් පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද අපෘෂ්ඨවංශීන් පිළිබඳව සිදු කරන ලද විද්‍යාත්මක අධ්‍යයන වාර්තාවකින් මේ බව හෙළි කර තිබේ.

ලෝකයේ ජීවත් වන අපෘෂ්ඨවංශීන් පිළිබඳ මේ වාර්තාව පිළියෙල කර ඇත්තේ IUCN රතු ලැයිස්‌තුවේ ඇතුළත් වන අපෘෂ්ඨවංශීන් 12,621ක්‌ පමණ විශේෂ ප්‍රමාණයක්‌ පිළිබඳව සිදු කරන ලද සමාලෝචනයකිනි. මේ ප්‍රමාණය ලෝකයේ වාසය කරන බවට අනුමාන කර ඇති අපෘෂ්ඨවංශීන් අතරින් සියයට එකකටත් අඩු ප්‍රමාණයක්‌ වුවත් එය මේ ජීවීන් මුහුණපා ඇති තත්ත්වය පෙන්වන සාධකයක්‌ සේ ගත හැකි ය. මේ වාර්තාවෙන් හෙළි වන කරුණු අනුව ලෝකයේ ජීවත්වන සියලු අපෘෂ්ඨවංශීන් අතරින් පහෙන් එකක්‌ පමණ ප්‍රමාණයක්‌ වඳ වීමේ තර්ජනයකට ලක්‌ ව සිටින බව පෙනේ.

මිරිදියේ ජීවත් වන අපෘෂ්ඨවංශීන් අතරින් 34%ක්‌ පමණ වඳ වීමේ තර්ජනයකට ලක්‌ ව සිටිති. තතු හීන (Data Deficient) කාණ්‌ඩයට ඇතුළත් ජීවීන් සියල්ල වඳ වීමේ තර්ජනයක සිටින්නේ යෑයි සිතුව හොත් මේ ප්‍රමාණය 56%ක්‌ පමණ ද, එම කාණ්‌ඩයේ කිසිදු ජීවියකු තර්ජනයකට ලක්‌ ව නොමැත්තේ නම් එය 23%ක්‌ පමණ ද විය හැකි ය. නිදසුනක්‌ ලෙස මිරිදිය ගොළුබෙල්ලන් දැක්‌විය හැකි ය. ඔවුන් අතරින් තුනෙන් එකක්‌ පමණ වඳ වීමේ තර්ජනයට ලක්‌ ව තිබේ. ඒ සඳහා මූලික හේතුවක්‌ වන්නේ ඔවුන් සීමිත ප්‍රදේශයක ව්‍යාප්ත වීම හා සංචලතාවය අඩු වීම ය. (මෙය පෘෂ්ඨවංශීන් අතර ද දැකිය හැකි ය - මෙවැනි තත්ත්වයකට මුහුණ පා ඇති සත්ත්ව කාණ්‌ඩයක්‌ වන උභය ජීවීන් අතර තර්ජනයට ලක්‌ ව ඇති විශේෂ ප්‍රමාණය මේ හා සමාන මට්‌ටමක වේ.)

ගොඩබිම වාසය කරන අපෘෂ්ඨවංශීන් අතරින් 42%ක්‌ වඳ වීමේ තර්ජනයට ලක්‌ ව තිබේ. සාගරවාසී අපෘෂ්ඨවංශීන් අතරින් 25%ක්‌ පමණ තර්ජනයට ලක්‌ ව ඇති අතර එය තතු හීන කාණ්‌ඩය නොමැති ව හා ඇතුළත් ව 20% හා 45% අතර පරාසයක වේ. එහෙත් සාගර අපෘෂ්ඨවංශීන් අතරින් මෙතෙක්‌ ඇගැයීමට ලක්‌ ව ඇත්තේ සාගරයේ ජීවත් වන එවැනි ජීවීන් අතරින් සියයට 1ක්‌ පමණ තරම් අඩු ප්‍රමාණයක්‌ වීම නිසා ඒ පිළිබඳව නිශ්චිතව කීම අසීරු ය.

සමස්‌තයක්‌ ලෙස ගත් විට ලෝකයේ අපෘෂ්ඨවංශීන් මුහුණ පා ඇති තර්ජනය පෘෂ්ඨවංශීන් හා ශාක මුහුණ දී ඇති තර්ජනයට සමාන තත්ත්වයක්‌ ගන්නා බව පෙනේ. එහෙත් ඔවුන් අප අඩුවෙන් දන්නා ජීවී කාණ්‌ඩයක්‌ වීම කණගාටුවට කරුණකි.

තර්ජනයට හේතු
මේ ජීවී කාණ්‌ඩවල සතුන් වඳ වීමේ තර්ජනයකට ලක්‌ වීමට බලපා ඇති හේතු විවිධ වේ. එහෙත් ඉන් වැඩි ප්‍රමාණයක්‌ මිනිසුන් විසින් සිදු කරන ලද ක්‍රියාවලිවල ප්‍රතිවිපාක සේ සඳහන් කළ හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත් විවිධ හේතු නිසා සිදු වන වාසස්‌ථාන විනාශ වීම, පරිසර උෂ්ණත්වය ඉහළ යැම, ජල දූෂණය, වේලි ඉදි කිරීම වැනි කරුණු ප්‍රධාන වේ. මෙය අදාළ පරිසරය අනුව විවිධ ආකාරයෙන් බලපෑ හැකි ය. පරිසර දූෂණය හා වේලි ඉදි කිරීම මිරිදිය අපෘෂ්ඨවංශීන්ට බලපාන ප්‍රධාන සාධක වේ. එහෙත් ගොඩබිම වෙසෙන අපෘෂ්ඨවංශීන්ට වඩාත් බලපාන්නේ වාසස්‌ථාන අහිමි වීම ය. කෙසේ වෙතත් මේ විවිධ බලපෑම් නිසා පරිසරයේ සිදු වන වෙනස්‌වීම් මේ ජීවීන්ට බලපායි.

අප මේ නො සලකා හැර ඇති මේ අපෘෂ්ඨවංශීන් පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කිරීමට කාලය පැමිණ ඇති බව පෙනේ. අනෙක්‌ අතට ඔවුන් ගෙන් සිදු වන පාරිසරික සේවා පිළිබඳව සැලකූ විට අපෘෂ්ඨවංශීන් නොමැති ලෝකයක මිනිසුන් ගේ පැවැත්ම කොතෙක්‌ කාලයක්‌ යන තුරු පවතී ද යන්න විමසිය යුතු ය. මේ වාර්තාව එළිදක්‌වන ලද්දේ තවත් දින කිහිපයකින් කොරියාවේ ජේජුහි දී පැවැත්වෙන ලෝක සංරක්‌ෂණ සමුළුව අරමුණු කරගෙන ය. ඒ පිළිබඳ යම් අවධානයක්‌ උක්‌ත සමුළුවේ දී ගනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ. මෙහි දී සංරක්‌ෂණවේදීන් හා විද්‍යාඥයන් අත සැලකිය යුතු වගකීමක්‌ තිබේ. කොඳු ඇට පෙළක්‌ ඇති හා දියුණු හා බුද්ධිමත් ජීවියකු ලෙස මිනිසුන් වශයෙන් අප සියලු දෙනා ම මේ පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කිරීමේ ආචාරධර්මීය වැදගත්කමක්‌ ඇති බව පෙනේ. (මූලාශ්‍රයSpineless : Status and Trends of theWorld's Invertebrates, 2012, http://static.zsl.org/secure/files/spineless-reportonline-4mb-2026.pdf)


පුවත් සැකෙවින්
ආහාර අර්බුදයක්‌ අත ළඟ ද?

මෑත කාලයේ ඇමෙරිකාෙවේ හා යුරෝපයේ ඇතැම් ප්‍රදේශවල වගාබිම්වලට නියඟයෙන් සිදු වූ හානිය නිසා ලෝකයේ ආහාර මිල ගණන් ඉහළ යා හැකි බව ලෝක බැංකුව පසුගිය දා නිකුත් කළ නිෙවේදනයක සඳහන් ෙවේ. නියඟයෙන් මේ වන විටත් ආහාර මිල ගණන් ඉහළ යමින් ඇති අතර නුදුරු අනාගතයේ දී ඇතැම් කලාපවල ආහාර හිඟයක්‌ පවා ඇති වීමේ ඉඩක්‌ ද පවතී.

ලෝක බැංකුෙවේ ආහාර මිල දර්ශකයේ (food price index) දැකිය හැකි වෙනස්‌කම් වලින් මේ බව පෙනේ, එහි අගය පසුගිය ජුලි මාසයේදී වාර්තාගත ආකාරයෙන් ඉහළ ගොස්‌ තිබේ මෙය 2011 වර්ෂයේ ජුලි මාසයට වඩා සියයට 6 කින්ද, මෙතෙක්‌ පැවැති ඉහළ ම අගයට වඩා සියයට 1කින්ද අධික ය. එය මෙතෙක්‌ පැවැති ඉහළ ම අගය පසු කර තිබේ. පසුගිය ජුලි මාසයේ දී ඇමෙරිකාෙවේ ඉරිඟු මිල 25%කින් ද, සෝයාවල මිල 17%කින් ද, රුසියාවේ හා අවට රටවල් කිහිපයක තිරිඟු මිල 25%කින් ද ඉහළ ගොස්‌ ඇත. කෙසේ වෙතත් මෙහි ඇති විශේෂත්වයක්‌ වන්නේ ලෝකයේ සහල් මිල අඩු වී තිබීම ය.

නියඟය වැනි භෝග වගා සඳහා බලපාන ස්‌වාභාවික දේශගුණික සාධක මිනිසුන්ට පාලනය කිරීම අසීරු ය. එහෙත් ඒ නිසා ආහාර මිල ඉහළ යැම හා ආහාර හිඟයක්‌ ඇති වීම ලෝකයේ රටවල් රැසකට ගැටලු ඇති කළ හැකි තත්ත්වයකි. මේ නිසා අප්‍රිකානු රටවල් වැනි වැඩි අවදානමක්‌ ඇති රටවල් අනාගතයේ දී ඇති විය හැකි මේ තත්ත්වය පිළිබඳව වැඩි අවධානය යොමු කළ යුතු ව තිබේ. (මූලාශ්‍රය Food Price Watch” අගෝස්‌තු 2012)


ආක්‌ටික්‌ සාගර අයිස්‌ මට්‌ටම අඩු ම මට්‌ටමේ

ආක්‌ටික්‌ සාගරයේ පා වන අයිස්‌ තට්‌ටුවේ ප්‍රමාණය අඩු ම මට්‌ටමකට ළඟා වී ඇති බව පසුගිය අගෝස්‌තු 26 වැනි දා වාර්තා විය. ඒ අනුව 1979 වර්ෂයේ දී චන්ද්‍රිකා මගින් අයිස්‌ තට්‌ටුවේ ප්‍රමාණය මැනීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ අඩු ම අයිස්‌ මට්‌ටම මේ වර්ෂයේ දී වාර්තා වී තිබේ. එය ප්‍රමාණිකව දක්‌වන්නේ නම් වර්ග කිලෝමීටර් මිලියන 4ග10ක පමණ ප්‍රමාණයකි. මීට ප්‍රථම වාර්තා වූ අවම අයිස්‌ ආවරණය වූයේ 2007 වර්ෂයේ සැප්තැම්බර් 18 දින වාර්තා වූ වර්ග කිලෝමීටර් මිලියන 4ග17 ප්‍රමාණය ය.

එසේ ම සාමාන්‍යයෙන් ආක්‌ටික්‌ සාගරය මතුපිට ඇති අයිස්‌ තට්‌ටුවේ අවම අගය දැකිය හැකි වන්නේ සැප්තැම්බර් මාසයේ දී ය. ඒ අනුව අයිස්‌ දිය වීම තවදුරටත් සිදු විය හැකි බව පෙනේ. එසේ ම මේ පිළිබඳ නිශ්චිත සාමාන්‍ය අගයයන් ප්‍රකාශයට පත් වන්නේ ලබන ඔක්‌තෝබර් මාසයේ දී පමණ ය.

අයිස්‌ අවරණයේ අඩු ම අගය වාර්තා වූ වර්ෂ හය ම 2007න් පසු උදා වී තිබේ. අයිස්‌ ආවරණය මෙන්ම අයිස්‌ තට්‌ටුවේ ඝනකම ද අඩු වී ඇති බව පෙන්වා දී තිබේ. මේ අනුව ලෝකයේ උණුසුම ඉහළ යැමේ ඇති බරපතළ ස්‌වභාවය පැහැදිලි ය. ඒ සඳහා මිනිසුන් ගේ ද යම් වගකීමක්‌ තිබේ. (මූලාශ්‍රය ඇමෙරිකාවේ ජාතික හිම සහ අයිස්‌ දත්ත මධ්‍යස්‌ථානය http://nsidc.org/arcticseaicenews)

ලාබදායක සූර්ය කෝෂ තාක්‌ෂණයේ දියුණුවක්‌

පුනර්ජනනය කළ හැකි බලශක්‌ති ප්‍රභවයක්‌ ලෙස සූර්ය බලශක්‌තියේ ඇති ඵලදායිත්වය සඳහා බලපා ඇති බරපතළ ම ගැටලුව වන්නේ ඒ සඳහා වන ප්‍රාග්ධනය තවමත් අධික වීම ය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් සූර්ය කෝෂවල මිල අධික වීම ය. එහෙත් මෑත කාලයේ සිදු කර ඇති පර්යේෂණවලින් ලාබදායක ලෙස සූර්ය බලශක්‌තිය නිපදවීමේ උපක්‍රම යොදාගෙන ඇත. මෑත දී පළ වූ පර්යේෂණයකට අනුව අඩු වියදම් ද්‍රව්‍ය යොදාගනිමින් කෝෂ නිපදවිය හැකි ලාබදායක තාක්‌ෂණික ක්‍රමයක්‌ සොයාගැනීමට හැකි වී තිබේ.

ඒ අනුව වර්ග මීටරයකට ඩොලර් 20ක පමණ මිලකට මේ ක්‍රමය මගින් සූර්ය කෝෂ නිපදවිය හැකි ය. එය සාමාන්‍ය සූර්ය කෝෂ මෙන් සියයට 75ක්‌ පමණ අඩු මිලකි. මේවායේ බලශක්‌ති පරිවර්තනය ද සාපේක්‌ෂව ඉහළ ය. මේ සොයාගැනීම වැදගත් වන්නේ සූර්ය බලය අඩු වියදමින් නිෂ්පාදනය කිරීම ඉන් ප්‍රවර්ධනය කරන බැවිනි. (මූලාශ්‍රය Applied PhysicsLetters, DOI: 10.1063/1.4707377)

http://www.vidusara.com/2012/09/05/feature3.html

Thursday, September 13, 2012

"යුරේන් රූ" - සුන්දර සිතුවම් එකතුවක්

පසුගිය සති අන්තයකදී කොළඹ ලයනල් වෙන්ඩ්ට් ශාලාවේදී "යුරේන් රූ" නමින් පැවැති චිත්‍ර ප්‍රදර්ශනයක් නැරඹීමට අවස්ථාවක් ලැබිණි. අපූරු චිත්‍ර සමූහයකින් යුක්ත වූ එය එය පවත්වන ලද්දේ යුරේන් අතුකෝරල නම් අප හිතවතකු විසිනි.

මේ සිතුවම් ස්වාභාවිකවාදී ශෛලිය අනුගමනය කරමින් නිමැවූ චිත්‍ර බව පෙනුනි. මාතෘකා ලෙස ගතහොත් වනජීවන්, පරිසරය, මිනිසුන් හා ස්වාභාවික දර්ශන මෙන්ම පුරාවිද්‍යාත්මක ස්ථානද ඔහුගේ තෙලිතුඩට හසුව තිබිණි. මේ ස්වාභාවිකවාදී ශෛලිය නිසාම මේ චිත්‍ර රස විඳීමට මට වැඩි අවස්ථාවක්ද සැලසිණි.


සහෘදයකුට විස්තර කරන යුරේන්

යුරේන්ට පරිසරය පිළිබ‍ඳ විමසිලිමත් ඇසක් ඇති බව පෙනේ. ඔහුට ඒ ගැන උනන්දුවක් ලැබුනේ කෙසේදැයි මම දැන ගැනීමට කැමැත්තෙන් සිටියෙමි. ඒ තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයෙන් ලද ආභාෂය නිසා බව ඔහු කීවේය. මීට පෙර මා දැක තිබූ ඔහුගේ චිත්‍ර ඇ‍ඳි සටහන් පොතක පිටි කිහිපයක්ද මේ ප්‍රදර්ශනයට එක්ව තිබිණි. ඒවා ඔහු පාසල් වියේදී හා ඒ ආසන්න කාලයේදී ඇති පක්ෂි සිතුවම් විය.

යුරේන් අතුකෝරල ගැනද කෙටි හෝ සටහනක් තැබීම මැනැවැයි මට සිතේ. මා ඔහු හ‍ඳුනාගත්තේ වසර කිහිපයකට පෙර වුවත් ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ සාමාජිකයකු ලෙස 1990 දශකයේ මුල් භාගයේ සිට මම ඔහු නමින් දැන සිටියෙමි. පුරාවිද්‍යාව පිළිබඳ තිබූ ඇල්ම නිසා ඔහු එහි සාමාජිකත්වය ලබා ඇත්තේ පාසල් සමයේදීමය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් පුරාවිද්‍යාව පිළිබ‍ඳ විශේෂ උපාධිය හා කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද හාදාරා තිබේ. මේ වන විට ඔහු ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරයි.

මේ පසුබිම මැද ඔහුට තව බොහෝ දුර යා හැකි බව සිතමි. එලෙසින්ම පතමි. (කැමරාව තවමත් මට නුහුරු නිසා මේ ඡායාරූප එතරම් හොඳ තත්ත්වයේ නොතිබිය හැකිය.)

ධනේෂ් විසුම්පෙරුම
2012-08-22

Monday, September 3, 2012

ජගත් පරිසර විමසුම 138 (Global Environmental Watch, 138)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2012-08-29, පි. 11 (Vidusara, 2012-08-29 p.11)
Vidusara: http://www.vidusara.com/2012/08/29/feature3.html


විමසුම - පර්යටන පක්‌ෂීන්ට ඇති තර්ජන පිළිබඳ විමසීමක්‌
පුවත් සැකෙවින් - ආක්‌ටික්‌ සාගර අයිස්‌ වාර්තාගත අඩුවීමක?/ උතුරු ඇමෙරිකානු වායු දූෂකවලින් අඩක්‌ වෙනත් රටවලින්/ දේශගුණ වෙනස්‌ වීම වවුලන්ටත් බරපතළයි

විමසුම
පර්යටන පක්‌ෂීන්ට ඇති තර්ජන පිළිබඳ විමසීමක්‌

අපේ පරිසරයේ ජීවත් වන පක්‌ෂීන් අතරින් පර්යටන පක්‌ෂීන් මිනිසුන් ගේ විශේෂ අවධානයකට ලක්‌ ව ඇති පක්‌ෂි කාණ්‌ඩයකි. ඔවුන් ගේ පර්යටන රටාවේ ඇති විශේෂත්වය ම මේ අවධානය සඳහා හේතු වේ. මිනිසුන් විසින් තනාගැනුණු දේශසීමා හා මායිම් මේ පර්යටනය සඳහා කිසිදු බලපෑමක්‌ ඇති නො කරන අතර ඔවුහු තම අභිජනන බිම් හා පර්යටන සමයේ වාසය කරන බිම් අතර වාර්ෂිකව පර්යටනය කරති. එහෙත් මේ පක්‌ෂීන් ගේ පැවැත්ම සඳහා ප්‍රදේශ දෙකේ ම අදාළ පරිසර පද්ධති ආරක්‌ෂා වීම වැදගත් ය. මේ නිසා ඔවුන් ගේ පර්යටන භූමි ප්‍රදේශ ආරක්‌ෂා කිරීම පිළිබඳව ද ලෝකයේ අවධානය යොමු වී ඇත. තෙත්බිම් ආරක්‌ෂා කිරීම පිළිබඳ රම්සා සම්මුතිය ඇති වන්නේ මේ පර්යටන පක්‌ෂීන් සම්බන්ධව ඇති වූ අවධානය නිසා ය. එසේ ම පර්යටනය කරන ජීවී විශේෂ පිළිබඳ සම්මුතිය (බොන් සම්මුතිය) මෙවැනි ජීවී විශේෂ සම්බන්ධ පොදු ගිවිසුමක්‌ ලෙස හැඳින්විය හැකි ය.

ලෝකයේ මෙවැනි සම්මුති හා විවිධ වැඩසටහන් තිබුණ ද මේ පක්‌ෂි කාණ්‌ඩය තර්ජනයකට ලක්‌ ව තිබේ. පසුගිය දා ප්‍රකාශයට පත් සමාලෝචනයක ප්‍රතිඵලවලට අනුව වෙරළබඩ ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන පර්යටන පක්‌ෂීන් ගේ පැවැත්මට බලපාන සාධක ගණනාවක්‌ තිබේ. මෙහි දී සෞම්‍ය කලාපීය ප්‍රදේශවල අභිජනනය කරන හා තෙත්බිම් ප්‍රදේශවල සිසිර සෘතුව ගත කරන පක්‌ෂි විශේෂ පිළිබඳව අවධානය යොමු කර ඇති අතර වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන පක්‌ෂි විශේෂවලට බලපාන සාධක 45ක්‌ පමණ මේ පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබ තිබේ. ඒ බලපෑම් ස්‌වාභාවික, දිගුකාලීන, වර්තමාන මානව කටයුතු හා අනාගත තර්ජන ලෙස කාණ්‌ඩගත කර ඇත.

ස්‌වාභාවික තර්ජන හා ක්‍රමික වෙනස්‌ වීම්

පර්යටන පක්‌ෂීන් මුහුණ දෙන ස්‌වාභාවික තර්ජන පහක්‌ මෙහි දී සමාලෝචනයට ලක්‌ කර තිබේ. මේ අතර මුල්තැනක්‌ ගන්නේ මහා සුනාමි තත්ත්වවල දී පරිසර පද්ධතිවලට ඇති විය හැකි හානිය විශාල වීම ය. එසේ ම ගිනි කඳු පිපිරීම් නිසා ද මේ පක්‌ෂීන්ට වාසස්‌ථාන වන කුඩා දූපත් ආදිය විනාශ වීමට හැකි ය. භූමිකම්පා මඟින් ඩෙල්ටා ප්‍රදේශ හා අන්තර් උදම් කලාප පවා විතැන් විය හැකි අතර එවැනි සිදුවීමක්‌ ඇතැම් විට පර්යටන පක්‌ෂීන් ගේ වාසස්‌ථාන වෙනස්‌ කිරීමට බලපෑමට ඉඩ තිබේ. එමෙන් ම කුණාටු වැනි තත්ත්ව නිසා මේ පක්‌ෂීන්ට වැදගත් වන භූමි ප්‍රදේශ විනාශ විය හැකි ය.

මේ අතර ක්‍රමිකව සිදු වන වෙනස්‌වීම් අතර වැදගත් තැනක්‌ ගන්නා බලපෑමක්‌ ලෙස කලාපීය වශයෙන් සිදු වන දේශගුණ වෙනස්‌ වීම හඳුනාගෙන තිබේ. මේ නිසා පක්‌ෂීන්ට ඇති වන අහිතකර තත්ත්ව බොහෝ සේ ප්‍රකට ඒවා ය. දේශගුණ වෙනස්‌ වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ඇති වන මුහුදු මට්‌ටම ඉහළ යැම නිසා වෙරළාශ්‍රිත පක්‌ෂීන් ගේ ගොදුරුබිම් හා වාසස්‌ථාන විනාශ වීමට හා වෙනස්‌ වීමට ඉඩ තිබේ. ඉහළ යන මුහුදු මට්‌ටම සමඟ ගොඩබිම තුළට වන්නට නව අන්තර් උදම් කලාපයක්‌ ඇති වීමට ඇති අවස්‌ථාව බොහෝ ප්‍රදේශවල මේ වන විට දැකිය හැකි මානව සංවර්ධන කටයුතු නිසා සීමා වී තිබේ.

වර්තමාන මානව මූලික තර්ජන

වර්තමානයේ ඇති වී තිබෙන මානව මූලික තර්ජන විසි එකක්‌ හඳුනාගෙන තිබේ. ඒ අතර වඩා වැදගත් වන්නේ, කෘෂිකර්මයේ වර්ධනය, වෙරළබඩ තෙත්බිම් හා උදම් කලාප මානව සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීම හා වෙරළබඩ පරිසර පද්ධතිවල දැකිය හැකි සුපෝෂණයයි.

මේ අතරින් කෘෂිකාර්මික කටයුතුවල දැකිය හැකි වර්ධනය නිසා ඇතැම් පක්‌ෂි වාසභූමි වෙනස්‌ වී තිබේ. එවැනි ප්‍රදේශවලට හුරු වීමට නොහැකි පකෂීන් වඳ වී යා හැකි ය. එසේ ම කෘෂිකර්මයේ දී යොදාගන්නා ඇතැම් නව තාක්‌ෂණික ක්‍රමවේද පක්‌ෂීන්ට බලපෑමට ඉඩ තිබේ. නිදසුනක්‌ ලෙස අඩු ජල ප්‍රමාණයක්‌ මගින් සිදු කරනු ලබන වී වගාව නිසා පක්‌ෂි වාසස්‌ථාන අඩු වූ අවස්‌ථා වාර්තා වේ.

මානව කටයුතු සඳහා යොදාගෙන ඇති වෙරළබඩ පරිසර පද්ධති අතර කඩොලාන බිම් හා උදම් ප්‍රදේශ හා වෙනත් එවැනි පරිසර පර්යටන පක්‌ෂීන්ට වැදගත් පරිසර පද්ධති වේ. මේවා ලුණු ලේවා, ජලජීවී වගාව හා ගොඩනැඟිලි මානව ඉදි කිරීම් සඳහා යොදාගැනීම ඉහළ ගොස්‌ තිබේ. එසේ ම පරිසර දූෂණය ද අහිතකර බලපෑමක්‌ ඇති කළ හැකි සාධකයකි.

වෙරළබඩ පරිසර පද්ධති සුපෝෂණයට ලක්‌ වීම ද පක්‌ෂීන්ට අහිතකර වේ. මේ නිසා ඇති වන අසමතුලිතතාව පක්‌ෂීන්ට අයෝග්‍ය විය හැකි ය. මේවා හැර, දඩයම් කිරීම, ආක්‍රමණික ජීවී විශේෂ හා මේ පක්‌ෂීන් ගේ ගොදුරු පරිසරයෙන් ඉවත් කිරීම ද මේ ජීවීන්ට තර්ජනයක්‌ වේ.

අනාගත තර්ජන

මේ අතර උක්‌ත අධ්‍යයනයේ දී අවධානය යොමු වී ඇති සාධක වර්ගයක්‌ ලෙස අනාගතයේ දී තර්ජනයක්‌ විය හැකි සාධක දැක්‌විය හැකි ය. එවැනි සාධක 13 ක්‌ හඳුනාගනෙ තිබේ. නිදසුනක්‌ ලෙස මිලිමීටර් 5ට අඩු ප්‍රමාණයේ ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ ප්‍රමාණය ඉහළ යැම නිසා පක්‌ෂීන් ගේ ආහාර දාමයේ යම් යම් වෙනස්‌වීම් ඇති වේ. එසේ ම මිනිසුන් විසින් වෙරළාශ්‍රිත ප්‍රදේශවල ඇති කරනු ලබන නව විනෝදාත්මක කටයුතු ද අනාගත තර්ජනයක්‌ විය හැකි ය.

මේ අධ්‍යයනය මගින් පර්යටන පක්‌ෂීන් ගේ අනාගතය පිළිබඳව වැදගත් පණිවිඩයක්‌ ලබා දෙන බව පෙනේ. ඒ නිසා අදාළ ගැටලු අවම කිරීමට කටයුතු කළ හැකි ය. එසේ ම ක්‍රමවේද යොදාගනිමින් අනෙක්‌ පක්‌ෂි කාණ්‌ඩ සඳහා ද මේ ආකාරයෙන් යම් ඇගැයීමක්‌ සිදු කළ හැකි නම් වැදගත් බව උක්‌ත අධ්‍යයනයේ දී පෙන්වා දී තිබේ. (මූලාශ්‍රය( Mammal Review, DOI:
10.1111/j.1365-2907.2012.00214.x)

පුවත් කෙටියෙන්

ආක්‌ටික්‌ සාගර අයිස්‌ වාර්තාගත අඩුවීමක?

ඉදිරි සති කිහිපයක කාලය තුළ ආක්‌ටික්‌ සාගර ප්‍රදේශයේ ඇති අයිස්‌ මට්‌ටම මෙතෙක්‌ වාර්තාවූ අඩු ම මට්‌ටම දක්‌වා පහළ යැමට ඉඩ ඇති බව පසුගිය සතියේ වාර්තා විය. ලෝකයේ උතුරු අර්ධගෝලයේ ග්‍රීෂ්ම සෘතුව පවත්නා කාලය තුළ ඇති වන මේ අයිස්‌ දිය වීම සැම වර්ෂයක දී ම දැකිය හැකි ය. මෙතෙක්‌ වාර්තා වී ඇති අඩු ම මුහුදු අයිස්‌ ප්‍රමාණය වාර්තා වී තිබුණේ 2007 වර්ෂයේ දී ය. එහෙත් ඉදිරි දින තුළ මේ තත්ත්වය ඇති විය හැකි ය. මේ වන විට ආක්‌ටික්‌ සාගර කලාපයේ වේගවත් අයිස්‌ දියෑවීමක්‌ දැකිය හැකි ය. ඒ අනුව ග්‍රීෂ්ම සෘතුව අවසන් වී නැවත අයිස්‌ සෑදීම ආරම්භ වීමට පෙර දියෑවෙන උපරිම මට්‌ටම වාර්තාගත මට්‌ටමට ළඟා වනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ.

මේ තත්ත්වය සඳහා ගෝලීය උණුසුම් වීම බරපතළ ආකාරයෙන් බලපාන බව පැහැදිලි ය. මේ තත්ත්වය හා ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම අතර පැහැදිලි සම්බන්ධයක්‌ තිබේ. අප යළි යළිත් පෙන්වා දී ඇති ආකාරයට මේ තත්ත්වය වැළැක්‌වීමට කිසිදු පියවරක්‌ ගෙන නොමැති වීම ලෝකය හමුවේ ඇති අභියෝගයයි.

උතුරු ඇමෙරිකානු වායු දූෂකවලින් අඩක්‌ වෙනත් රටවලින්

උතුරු ඇමෙරිකාවේ වායු දූෂණය සහ දේශගුණ වෙනස්‌ වීම සඳහා බලපාන වාතිලන අංශුවලින් අඩක්‌ පමණ ප්‍රමාණයක්‌ වෙනත් මහාද්වීපවල ජනනය වන ඒවා බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. මේ අතරින් වැඩි ප්‍රමාණය කාර්මික වායු දූෂක නො ව දූවිලි බව ද මෙහි දී හෙළි වී තිබේ.

චන්ද්‍රිකා තාක්‌ෂණය යොදාගනිමින් වායු දූෂක පිළිබඳව සිදු කර ඇති මේ පර්යේෂණය අනුව වෙනත් කලාපවලින් පැමිණෙන දූවිලි අංශු උතුරු ඇමෙරිකාවේ දී වායු ගෝලයේ ඉහළ මට්‌ටම්වලට යම් බලපෑමක්‌ ඇති කරයි. ඒ අනුව ආසියාව, යුරෝපය, අප්‍රිකාව හා මැද පෙරදිග කලාපයේ ජනනය වන දූවිලි උතුරු ඇමෙරිකානු ප්‍රදේශවලට පැමිණේ. මේ අතරින් සියයට 87.5ක්‌ ම පැසිපික්‌ කලාපය හරහා පැමිණෙන බව අනාවරණය වී ඇත.

මෙහි දී වැදගත් කරුණු දෙකක්‌ තිබේ. ඉන් පළමුවැන්න උතුරු ඇමෙරිකානු රටවල වායු දූෂණය පාලනයෙන් පමණක්‌ වාතිලයන අංශු මගින් වන වායු දූෂණය වැළැක්‌වීම අසීරු වීම ය. අනෙක්‌ කරුණ වන්නේ ආසියානු රටවල කාර්මික වායු දූෂණයට වඩා වැඩි වාතිලන අංශු ප්‍රමාණයක්‌ කාලගුණ තත්ත්ව හා කාන්තාරණය නිසා ජනනය වීම ය. (මූලාශ්‍රය( Science, DOI: 10.1126/science.1217576)

දේශගුණ වෙනස්‌ වීම වවුලන්ටත් බරපතළයි

දේශගුණ වෙනස්‌ වීම වවුල් විශේෂ අතරින් විශාල සංඛ්‍යාවක ගේ පැවැත්ම සඳහා ඉදිරියේ දී දැඩි බලපෑමක්‌ එල්ල කළ හැකි බව පසුගිය දා පළ වූ අධ්‍යයනයකින් හෙළි කර තිබේ. යුරෝපීය හා වයඹදිග අප්‍රිකානු ප්‍රදේශවල ජීවත් වන වවුල් විශේෂ යොදාගත් මේ අධ්‍යයනයට අනුව උෂ්ණත්වය ඉහළ යැම මේ වන විට ද වවුල් විශේෂ ගණනාවකට ගැටලුවක්‌ බවට පත් ව තිබේ.

වවුලන් ගේ ජීවිතයේ බොහෝ අංශ සඳහා වෙනස්‌ වන පාරිසරික තත්ත්ව බලපානු ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් වවුලන් ගේ ආහාර ගැනීම, ශිශිරතරණය, ප්‍රජනනය, වර්ධනය හා ව්‍යාප්තිය වැනි අංශ සඳහා බලපෑම් ඇති විය හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, දේශගුණ වෙනස්‌ වීම නිසා ඉහළ යන ජල ආතතියක්‌ ඇති ප්‍රදේශවල ජීවත් වන වවුල් විශේෂවලට ජලය සොයා වැඩි දුරක්‌ පියැඹීමට සිදු වීම දැක්‌විය හැකි ය. එසේ ම කෘමීන් ආහාරයට ගන්නා විශේෂවලට ද ආහාර සොයාගැනීම සඳහා වැඩි ප්‍රදේශයක්‌ පුරා ගමන් කිරීමට සිදු විය හැකි ය.

මේ ආකාරයෙන් වවුලන් දේශගුණ වෙනස්‌ වීමෙන් වැඩි බලපෑමට ලක්‌ වීම සඳහා විශේෂයෙන් හේතු වන කරුණු ගණනාවක්‌ තිබේ. ඉන් එකක්‌ වන්නේ ඇතැම් විශේෂවල ව්‍යාප්තිය කුඩා ප්‍රදේශයකට සීමා වීම ය. නිදසුනක්‌ ලෙස මේ සතුන් ඇතැම් විට උස්‌ උන්නතාංශයක හෝ අක්‌ෂාංශ ප්‍රදේශවල වාසය කිරීම දැක්‌විය හැකි ය. එසේ ම ඇතැම් වවුල් විශේෂවල ව්‍යාප්තිය සඳහා ඇති අවස්‌ථා සීමාසහිත වීම ද මෙවැනි කරුණු අතර වේ. ඉදිරියේ දී ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සමඟ මේ තර්ජන තවත් බරපතළ වීමට ඉඩ තිබේ.

සාමාන්‍යයෙන් අඩු අවධානයකට ලක්‌ ව සිටින වවුලන්, ක්‌ෂීරපායී විශේෂ අතර වැදගත් පාරිසරික සේවාවක්‌ ඉටු කරන ජීවී විශේෂ කාණ්‌ඩයකි. ඇතැම් විට මේ සේවා මිනිසාට සුවිශේෂ වැදගත්කමකින් යුක්‌ත ය. නිදසුනක්‌ ලෙස ඇතැම් භෝගවල පුෂ්ප පරාගණය වවුලන් විසින්ම සිදු වේ. එසේ ම ඇතැම් හානිකර කෘමි විශේෂ ආහාරයට ගැනීම මගින් පරිසරයේ සමතුලිතතාවක්‌ ඇති කිරීමට ද වවුලෝ දායක වෙති. එසේ නම් මේ අපූරු සත්ත්ව කාණ්‌ඩය

රැකගැනීම සඳහා කඩිනම් පියවරක්‌ ගැනීම වැදගත් වේ. වවුලන් අනාගතයේ දී දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව සිදු කරනු ලබන ඇගැයීම්වල දී වවුලන් පිළිබඳව ද කිසියම් වැඩි අවධානයක්‌ යොමු කිරීම වැදගත් බව මේ පර්යේෂණයෙන් අවධාරණය කරන ප්‍රධාන කරුණකි. (මූලාශ්‍රය( Mammal Review, DOI: 10.1111/j.1365-2907.2012.00214.x)

http://www.vidusara.com/2012/08/29/feature3.html