Sunday, February 23, 2020

ඉස්කොලෙ කතා 1 - ‌දොර ඇරල තිබ්බට...

දවසක් අපේ ඉස්කෝලෙ රැස්වීමක් තිබ්බා. මොකක් හරි වැරද්දක් කරල තිබ්බ එකක්. මොකද පංතී කීපයක් විතරයි හිටියෙ. රැස්වීම තිබ්බෙ නවරඟහලේ. මං හිටියෙ 10න් පහළ පන්තියක වෙන්න ඕන.

ඒකට ආපු විදුහලේ ජ්‍යේෂ්ඨ ගුරුමහතෙක් ‌මෙහෙම කතාවක් කීවා.

"රෝයල් එකේ ළමයෙක් ඕන තැනකදි අඳුනගන්න පුළුවන්"

"කොහොමද?" ඔහු ඇහුවා. සභාව මීයට පිම්බා වගෙයි.

"දොර ඇරල තියෙන කාමරයකින් ජනේලෙන් පැනල යන කොල්ලෙක් ඉන්නව නං ඒ රෝයල් එකේ ළමයෙක්!"

(ඉස්කෝලෙ මේ වගේ සිද්ධි තව තියනවා. කියන්නම්කො.)

Saturday, February 22, 2020

සියවසකට පෙර ලංකාවට දැනුණු භූ කම්පනයක්


ධනේෂ් විසුම්පෙරුම



ඉරිදා ලංකාදීප 2020.02.23 (රසවිත, පි. 4), Irida Lankadeepa

On paper - lankadeepa.lk


මීට දින කීපයකට පෙර පෙබරවාරි 12 වැනි දින අලු‍යම අපේ රටේ දකුණු ප්‍රදේශවලට දැනුණු භූ වලනයක් සම්බන්ධව වාර්තා විය. එය ඇති වී තිබුණේ ලංකාවට ගිනිකොණ දෙසින් උතුරුදිග ඉන්දියානු සාගර කලාපයේ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබිණි. ඒ භූ කම්පනය වඩාත් දැනී තිබුණේ මෙරට දකුණු පළාතේ ප්‍රදේශ කීපයකටය. ඒ ප්‍රදේශවල ඒ අත්දැකීම ලද ජනතාව ඔවුන්ගේ අත්දැකීම් සම්බන්ධව ජනමාධ්‍යවලට සඳහන් කර තිබිණි.


මෙවැනි භූ කම්පන වරින්වර අපේ රටට දැනෙයි. අපේ මෑත ඉතිහාසය සම්බන්ධව හැරී බැලූවිට මේ වසරේ භූ කම්පනය දැනී වසර සියයකට පෙර, එනම් 1920 පෙබරවාරි මස 11 වැනිදා අලුයම් කාලයේදී ද ලංකාවට භූ කම්පනයක් දැනී ඇති බවයි. මේ සිදුවීම පිළිබඳව එදා මෙරට පළ වූ සිංහල මෙන්ම ඉංග්‍රීසි පුවත්පත් ද වාර්තාකර ඇත.


අලු‍යම දැනුණු භූ කම්පනය


අප මාතෘකා කරගත් භූ කම්පනය 1920 පෙබරවාරි 11 බදාදා දින උදෑසන තුනට පමණ මෙරට වැසියන්ට දැනී ඇත. බොහෝ පිරිස් ඒ කම්පනයට නින්දෙන් අවදි වී ඇති බව වාර්තාවල සඳහන්ය. මෙම භූ චලනය එදින පෙ.ව. 3.16ට කොළඹ පිහිටා තිබූ නිරීක්ෂණාගාරයේ (Observatory) භූ කම්පන මානයේ සටහන් වූ බව කොළඹ නිරීක්ෂණාගාරයේ අධිකාරිවරයා වෙනුවෙන් ජේ.ඊ. එවන්ස් විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ.


එසේම මෙම භූමිකම්පාව ඊට පෙර මෙරටට දැනී ඇති භූ කම්පනවලට වඩා තදින් දැනී ඇති බව ඒ දිනවල පළ වූ පුවත්පත් වාර්තා කර ඇත්තේ මෙරට විවිධ ප්‍රදේශවලින් ලැබී ඇති වාර්තා උපුටා දක්වමිනි.


එමෙන්ම පුවත්පත් වාර්තාවලට අනුව නම්, තවත් දෙවැනි භූ කම්පනයක් ඊට පැයකට පමණ පසුව ඇති වී තිබෙයි. ඒ කලින් එකට වඩා ඈත ප්‍රදේශයක ඇති වූ එකක් බව ද ඒවායේ සඳහන් වෙයි.


අත්දැකීම් සමහරක්


අදින් වසර සියයකට පමණ පෙර ඇති වූ මේ භූ චලන ලක්වැසියන්ට දැනුණේ කෙසේද යන්න එදා පුවත්පත්වල සඳහන් වේ. කොළඹ දකුණු ප්‍රදේශයේ මුහුදට සමීපව පිහිටි නිවසක වාසය කළ අයෙක් සඳහන් කර ඇති ආකාරයට එම කම්පනය නිසා ඔහු නින්දෙන් අවදි වී තිබේ. දිනමිණ පුවත්පතේ පළ වූ වචනවලින්ම සඳහන් කරන්නේ නම්, ඔහුට “රාත්‍රියේ තුනට හදිසියෙන් ඇහැරුණ බවත්, කාමරයේ තිබූ ලී බඩු ආදිය සොරුන් පැහැර ගන්නාක් මෙන් ගමන් කරන ස්වභාවක් පෙනුණු බවත්, එතකොටම ඇඳ සෙලවෙන්ට පටන්ගත්” බවත් පවසා ඇත. එසේම ඔහු සිටි සයනය සෙලවී ඇත්තේ ඒ මත යමක් ගැස්සී උඩ ගිය පරිද්දෙන් යැයි හෙතෙම සඳහන් කරයි. ඔහුගේ නිවසේ විසූ අනෙක් අයට ඒ හා සමාන අත්දැකීම් ලැබී ඇත. මේ අතර තවත් තැනකින් වාර්තා වන පරිදි ගෘහ භාණ්ඩ තත්පර කීපයක කාලයකට සෙලවී තිබේ.

කොළඹ කැම්බල් උද්‍යාන ප්‍රදේශයේ වාසය කළ වැසියෙකු ටයිම්ස් පුවත්පතට ලියා දන්වා එවා ඇති පරිදි, ‌එම භූ කම්පනය තත්පර 20ක් පමණ කාලයක් පැවතී ඇත. කාමරයේ තිබූ දේ දෙදරුම් කෑ බව ඔහු පවසයි.

කෙසේ වෙතත් අඹේපුස්සේ පදිංචිව සිටි ෂෙල්ටන් ද සේරම් සඳහන් කර ඇති ආකාරයට මේ කම්පනය දැනී ඇත්තේ තත්පර තුනක් පමණ කෙටි කාලයකි. එසේම එම කම්පනය නැගෙනහිර සිට බටහිර දිශාවට ගමන් කළ බවක් තමන්ට දැනුණු බව ඔහු පවසා ඇත.

කඳුකර ප්‍රදේශයේ ස්ථානවලට ද මේ භූ කම්පනය දැනී තිබේ. ටයිම්ස් පුවත්පතේ නුවරඑළිය වාර්තාකරු දක්වා ඇති ආකාරයට මෙම කම්පනය දැනී ඇත්තේ සුළු පිරිසකටය. ඒ ද තත්පර 6-7ක් වැනි කෙටි කාලයකටය. එහෙත් රත්තොට ප්‍රදේශයේ මිඩ්ලන්ඩ් වතුයායේ නිලධාරියෙකු වූ මැන්සෙල් ලෙ ෆෙව්රෙ පවසා ඇති පරිදි එම භූ කම්පනය ඔහු විසූ ප්‍රදේශයට තදින් දැනී තිබේ.

කෙසේ වෙතත් රටේ උතුරට වන්නට පිහිටා ඇති අනුරාධපුර ප්‍රදේශයට ද මෙම භූ කම්පනය තදින් දැනී ඇති බවක් ඒ පිළිබඳ වාර්තා විමසන විට පෙනේ. එම ප්‍රදේශයට විනාඩි දෙකක් පමණ කාලයක් පුරා මේ භූමිකම්පාව දැනී ඇති බව සඳහන් වෙයි. ඇතැම් පිරිස් තමන් නිදා සිටි ඇඳන්වලින් ඉවතට පැන විවෘත ස්ථානවලට ද දිව ගොස් ඇත. බෙර ශබ්දයක් වැනි ශබ්දයක් ඇසුණු බවක් අනුරාධපුරයෙන් ලැබී ඇති වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි. එම වාර්තා අනුව පෙනෙන්නේ කිසියම් කලබලකාරී බවක් අනුරාධපුරයේ දැකිය හැකි වූ බවයි.


නිල වාර්තා


ලංකාවේ තැනින් තැනට විවිධ මට්ටම්වලින් හා එකිනෙකට වෙනස් වූ කාලසීමාවක් මෙම කම්පන දැනී ඇති බව පැහැදිලිය. මෙම භූමිකම්පාව පමණක් නොව ඒ කාලයේ ඇති වූ එවැනි සිදුවීම් පිළිබඳව වාර්තා තැබීමට එවකට මෙරට පාලනය කළ විදේශීය රාජ්‍ය නිලධාරීන් උනන්දුවක් දක්වා ඇත. මෙවැනි දෑ පිළිබඳව නිල වශයෙන් රාජකාරි කරන ලද්දේ එවකට මිනුම්දෝරු දෙපාර්තමේන්තුව යටතේ පැවති කොළඹ නිරීක්ෂණාගාරයේ බලධාරීන්ය.

නිරීක්ෂණාගාරයේ අධිකාරී ඒ.ජේ. බැම්ෆ්ර්ඩ් ස්වකීය වාර්ෂික වාර්තාවේ සඳහන් කරන්නේ සුළු භූ කම්පනයක් පෙබරවාරි 11 වැනි දින පෙරවරු 3.10ත් 3.15ත් අතර කාලයේදී නිරීක්ෂණය වූ බවයි. ඔහු පවසන ආකාරයට මෙය වඩාත් තදින් දැනී ඇත්තේ රටේ බස්නාහිර හා උතුරු ප්‍රදේශවලටය. කෙසේ වෙතත් එතරම් හානියක් නොවූ බව ඔහු පවසයි. උපකරණවල සහායයෙන් තොරව ද දැනුණු බව කියන්නේ පෙර සඳහන් පරිදි සාමාන්‍ය ජනතාවට දැනුණු සිදුවීම් පිළිබඳවය.

සුපුරුදු පරිදි මේ සිදුවීම ද ඇතුළුව ලංකාවේ නිරීක්ෂණාගාරයේ සටහන් වූ භූමිකම්පා පිළිබඳ සවිස්තර වාර්තාවක් ඔහු බ්‍රිතාන්‍ය සංවිධානයේ භූ කම්පන විද්‍යා කමිටුව වෙත (Seismological Committee of the British Association) යැවූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Tuesday, February 18, 2020

සම්පත් පරිභෝජනය හා චක්‍රීය ආර්ථිකය...

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.02.05, පි. 7 හා 24 (Vidusara)

විදුසර - http://www.vidusara.com/2020/02/05/feature2.html




රෝම සමාජය (Club of Rome) නම් විද්වත් සමූහයක මැදිහත් වීමෙන් සකස්‌ කරන ලද Limits to Growth වාර්තාව 1972 වර්ෂයේ දී නිකුත් විය. (එය පසු කලක 'වර්ධනයේ සීමා' නමින් සිංහල භාෂාවට ද න`ගන ලදි). එම වාර්තාවෙන් අවධානය යොමු කර තිබුණේ ලෝකයේ පවත්නා සීමාසහිත වූ සම්පත් සැපයුම හමුවේ අනාගතයේ දී ලෝකයේ ඇති විය හැකි ආර්ථික හා ජනගහන වර්ධනයේ තත්ත්වය හා සීමා පිළිබඳව ය. එම`ගින් පෙන්වා දී තිබුණේ එතෙක්‌ සිදු කරගෙන ආ පරිදි ඓතිහාසික සම්පත් භාවිතයේ කිසිදු වෙනසක්‌ සිදු නො කර වර්ධනය සඳහා කටයුතු කළ හොත් 2072 වර්ෂය වන විට ලෝකයේ වර්ධනයට යම් යම් සීමා ඇති විය හැකි බවයි. එම සීමා සැලකිය යුතු තරම් බරපතළ විය හැකි බව ද දැක්‌වෙයි. එමෙන් ම 1972 වර්ෂය වන විට වර්ධනය පිළිබඳව ලෝකයේ පැවැති ප්‍රවණතා වෙනස්‌ කළ හැකි නම් තිරසර පාරිසරික හා ආර්ථික ස්‌ථාවරත්වයක්‌ අත්පත් කරගත හැකි ය. මේ දෙවැන්න අත්පත් කරගැනීමට කටයුතු කිරීම මිනිසුන් කෙතරම් ඉක්‌මනින් ආරම්භ කරන්නේ ද යන කාරණය මත ඒ තිරසාරත්වය අත්පත් කරගැනීමට වැඩි අවස්‌ථාවක්‌ පවතී.

පරිගණක ආකෘති මත පදනම් ව සකස්‌ කරන ලද මේ වාර්තාවේ පුරෝකථනය කරන ලද ඇතැම් සිදුවීම් හා ඒවා ඇති වෙතැයි දක්‌වන ලද දින වකවානු මේ වන විට එලෙසින් ම සාක්‌ෂාත් වී නොමැතිවා විය හැකි ය. ඇතැම් සම්පත් සීමා වනු ඇති බවට එහි ලබා දී තිබූ දිනවකවානුව වැරැදි විය හැකි ය. එහෙත් එම`ගින් පෙන්වා දුන් මූලික කරුණ වූ සංවර්ධනය හෙවත් වර්ධනය යනු සීමා රහිත එකක්‌ නො වේ ය යන්න අද වන විට පිළිගත් සත්‍යයකි. සම්පත් සීමා වීම වර්ධනය සඳහා සීමා පැනවිය හැකි ය. එය ඉක්‌මනින් හෝ පසුව හෝ ඇති විය හැකි දෙයකි. අපට මේ බව සිතුණේ පසුගිය දා නිකුත් වූ වාර්තාවක සඳහන් වන කරුණු නිසා ය.

චක්‍රිකරණයේ හිදැස වාර්තාව 2020 (The Circularity Gap Report 2020) නමින් නිකුත් වී තිබෙන මේ වාර්තාව චක්‍රිය ආර්ථිකයක්‌ වෙත ලෝකය පිවිසීම වේගවත් කිරීම සඳහා කටයුතු කරන ආයතනයකි.


වර්ෂයක්‌ තුළ සම්පත් ටොන් බිලියන 100ක්‌


මිනිසුන් විසින් එක්‌ වර්ෂයක්‌ තුළ භාවිත කරනු ලබන විවිධ සම්පත් ප්‍රමාණය ටොන් බිලියන 100ක සීමාව ඉක්‌මවා ගොස්‌ ඇති බව පසුගිය දා එළිදැක්‌වූ වාර්තාවක සඳහන් වෙයි. මේ සීමාව ඉක්‌මවා ගොස්‌ ඇත්තේ පළමුවැනි වරට ය. එය නිශ්චිත ව දක්‌වන්නේ නම් ටොන් බිලියන 100.6කි.

මේ අතරින් ටොන් බිලියන 50.8ක්‌ පමණ ඛනිජ ද්‍රව්‍ය වේ. ඒවා වැඩි වශයෙන් වැලි, මැටි, බොරළු හා සිමෙන්ති වැනි ගොඩනැගිලි කර්මාන්තය සඳහා අත්‍යවශ්‍ය දේ ය. ටොන් බිලියන 24.6ක්‌ පමණ ගස්‌ හා භෝග වෙයි. තවත් 15.1ක්‌ පමණ ගල්අ`ගුරු, තෙල් හා ගෑස්‌ වැනි පොසිල ඉන්ධන ය. එමෙන් ම ටොන් බිලියන 10.1ක්‌ පමණ ලෝහ සහිත පස්‌ ය.

ලෝකය වාර්ෂික ව භාවිත කරන විවිධ සම්පත් ප්‍රමාණය 1970 සිට මේ වන විට සිව් ගුණයකින් පමණ ඉහළ ගොස්‌ ඇත. එහෙත් මේ කාලය තුළ ජනගහනය වර්ධනය වී ඇත්තේ දෙගුණයකින් පමණකි. අද ජීවත් වන අයකු එක්‌ වසරක දී සම්පත් ටොන් 13ක්‌ පමණ භාවිත කරන බව මේ අනුව පෙනේ.

භාවිතය සඳහා අවශ්‍ය සම්පත් මේ ආකාරයෙන් අලුතින් උකහාගැනීම සඳහා බලපාන කරුණු කීපයක්‌ තිබෙයි. ඉන් පළමුවැන්න වන්නේ වර්ධනය සඳහා නොඉඳුල් සම්පත් අලුතින් ලබාගැනීම සඳහා අප පුරුදු වී සිටීම ය. පවත්නා සම්පත් වඩා හොඳින් භාවිත කිරීම සම්බන්ධ ව ලෝකයේ ඇති අවධානය අඩු ය. දෙවැන්න වන්නේ අප තවදුරටත් නිවාස, යටිතල පහසුකම් හා බර යන්ත්‍ර තවදුරටත් අලුතින් ඉදි කිරීම ය. මේවා ලෝකයේ වැඩි වන ජනගහනයට අවශ්‍ය වෙයි. තෙවැනි හේතුව වන්නේ භාවිතය අවසානයේ එම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය සඳහා ප්‍රාමාණික සැකසුම් ක්‍රමවේදයක්‌ නො තිබීම හා නිෂ්පාදනවල සැකසුම දුර්වල වීම ය. මේ නිසා සිදු වන්නේ අලුත් අමුද්‍රව්‍යවලට ඇති ඉල්ලුම ඉහළ යැම ය. ඒ සඳහා සම්පත් පරිසරයෙන් උකහා ගැනීම දිගින් දිගට ම සිදු වේ.


සම්පත් නැවත භාවිතය


මේ වාර්තාව මගින් පෙන්වා දෙන අනෙක්‌ වැදගත් කරුණ වන්නේ ප්‍රතිචක්‍රිකරණය පිළිබඳ තත්ත්වයයි.

ලෝකයේ වාර්ෂිකව භාවිත වන ඉහත සඳහන් කළ සම්පත් ප්‍රමාණය අතරින් වසරකට පසුව භාවිත වන්නේ ටොන් බිලියන 31කි. මේ මූලික වශයෙන් ගොඩනැ`ගිලි හා රථවාහන වැනි ද්‍රව්‍ය වේ. එම සම්පත් වැඩි කාලයක්‌ භාවිතයේ ඇති ඒවා ය.

තවත් ටොන් බිලියන 14.6ක්‌ පමණ වූ සම්පත් ප්‍රමාණයක්‌ වායු විමෝචන ලෙස පිට වෙයි. ඒ පොසිල ඉන්ධන හා වෙනත් දහනය ම`ගින් වායුගෝලයට එක්‌ වන හරිතාගාර වායු ඇතුළු ද්‍රව්‍ය වේ. ටොන් බිලියන 22.4ක්‌ පමණ පරිසරයට එක්‌ වෙයි.

තවත් ටොන් බිලියන 32.6න් පමණ ඉවත දමනු ලැබේ. ඒ අතර කැණීම් අපද්‍රව්‍ය ටොන් බිලියන 7.4ක්‌, ලේඛනගත නො කළ අපද්‍රව්‍ය ටොන් බිලියන 4.4ක්‌, බිම් පිරවුම් සඳහා යොදාගන්නා ද්‍රව්‍ය ටොන් බිලියන 11.2ක්‌, පුළුස්‌සා දමනු ලබන ටොන් බිලියනයක්‌ යන ද්‍රව්‍ය අපතේ යයි. සමස්‌තයක්‌ ලෙස ගත් විට නැවත භාවිතය හා ප්‍රතිචක්‍රිකරණය සඳහා යොදා ගනු ලබන්නේ මුළු සම්පත් ප්‍රමාණයෙන් ටොන් බිලියන 8.65ක්‌ පමජි. ප්‍රතිශකයක්‌ ලෙස පවසන්නේ නම් නැවත භාවිතයක්‌ සඳහා ගනු ලැබෙන්නේ මුළු සම්පත් ප්‍රමාණර්යෙන් 8.6%කි.

එය මෑත කාලයේ ලෝකයේ දැකිය හැකි ප්‍රවණතාවය පෙන්වාදෙන්නකි. ගත වූ අවසන් වසර දෙක ඇතුළත සම්පත් පරිභෝජනය කරන ප්‍රමාණය 8%කින් ඉහළ ගොස්‌ ඇතත්ණී ඒ වසර දෙක තුළ ප්‍රතිචක්‍රිකරණය හා යළි භාවිතය 9.1% සිට 8.6%ක්‌ පමණ දක්‌වා අඩු වී ඇත. ඒ අනුව චක්‍රිකරණය පිළිබඳ පරතරය වර්ධනය වෙමින් තිබෙයි. එමගින් පෙන්වා දෙන්නේ තත්ත්වය හොඳ නැති බවයි. එය වැඩි අවධානයක්‌ යොමුකර සොයා බැලිය යුතු කරුණක්‌ බව සඳහන් වෙයි.

මේ ආකාරයෙන් ලෝකයේ පවත්නා සම්පත් සීමා රහිත බවක්‌ සිතමින් පරිභෝජනය කිêමට යැම ලෝකයටම අහිතකර ප්‍රතිඵලයක්‌ අත්කර ක්ෂය හැකි දෙයක්‌ බව පැහැක්ෂලිය. එසේ නම් අප යොමු විය යුත්තේ සම්පත් අපතේ නොයන ක්‍රමවේදයක්‌ කරාය.


චක්‍රිය ආර්ථිකයක්‌ කරා


චක්‍රිය ආර්ථිකයක්‌ යනුවෙන් අදහස්‌ කරන්නේ ලෝකයේ අද භාවිත වන රේ‚ය ආර්ථික මොඩලයට විකල්පයක්‌ ලෙස ඉක්ෂරිපත් වූවකි. රේ‚ය ආර්ථික මොඩලයේ" යමක්‌ නිෂෘපාදනය කරණී භාවිත කර බැහැර කරනු ලබයි. එහෙත් චක්‍රිය ආර්ථිකයක" එම සම්පත් හැකිතාක්‌ කාලයක්‌ භාවිකයේ තිබේ. ඒවා භාවිතයට ගැනීමේ" ඒවායේ උපරිම ප්‍රයෝජනය ගන්නා අතරණී ඒවායේ ïව කාලය අවසානයේ" නැවත භාවිකයකට ගෙන යා හැකි විය යුතුය. මෙම ක්‍රමයේ" අපද්‍රව්‍ය තිබිය නොහැකිය. ඒ අදාළ අපද්‍රව්‍ය තවත් ක්‍රියාදාමයක ආරම්භයක්‌ වන නිසාය. මේ නිසා අදාළ අමුද්‍රව්‍ය අඛණ්‌ඩව භාවිතයට ගනු ලැබෙයි.

මේ අනුව ලෝකයේ ඇති සීමිත සම්පත් තිරසර ආකාරයෙන් භාවිතය පිළිබඳව ඇති ගැටලූර්වට සුදුසු විසදුමක් ලෙස චක්‍රිය ආර්ථිකය සැලකිය හැකි බව පැහැක්ෂලිය.

මෙහි" චක්‍රිය ආර්ථිකව සම්බන්ධව වැදගත් වන කරුණු කිහිපයක්‌ පවතී. ඉන් එකක්‌ වන්නේ ලෝකයේ රටවල් චක්‍රිය ආර්ථික සංකල්පයට පහසුකම් සැපයිය යුතු වීමය. මෑත කාලයේ" ලෝකයේ මේ පිළිබඳව යොමු වී ඇති රටවල් හෝ රටවල් සඹූහ දැක්‌විය හැකියත ඉන් එකක්‌ වනුයේ යුරෝපා සංගමයයි. චීනය ද එවැනි ක්‍රමවේදයක්‌ වෙත යොමු වී ඇති රටකි. එසේම ලෝකයේ තවත් රටවල් චක්‍රිය ආර්ථිකයකට සම්බන්ධ ප්‍රතිපත්ති වෙත පිවිසුණු ආකාරයක්‌ දැක ගත හැකිය.

මූලාශ්‍රය - The Circularity Gap Report 2020, www.circularity-gap.world/2020

Friday, February 14, 2020

ෆැන්ටසියක් නොවූ ෆැන්ටසියාව!

ෆැන්ටසියාව - කුසුම්සිරි විජයවර්ධන
2018 (දයාවංශ ජයකොඩි සහ සමාගම)

ධනේෂ් විසුම්පෙරුම

සිරිතක් වශයෙන් නවකතා හා කෙටිකතා කියැවීම මා අතින් නතර වූයේ වසර ගණනකට පෙරදීය. ඒ අධ්‍යයන අවශ්‍යතා සඳහා පොත්, පුවත්පත් හා වෙනත් වාර්තා කියැවීම පටන් ගත් කාලයේදී සිටය. ඒවා කියවන විට තවත් දෙයක් කියැවීමට කාලයක් ලැබෙන්නේ නැති තරම්ය! ඉඳහිට ප්‍රබන්ධයක් කියවූ අවස්ථා තිබුණද ඒ අතළොස්සකි. එහෙත් දකින්නට ලැබෙන ඓතිහාසික තේමා සහිත නවකතා පොත් මිලදී ගැනීම මම දිගටම සිදුකළ අතර, මගේ නොකියවූ පොත් ගොන්නෙහි ඒවා ගොඩ ගැසී ඇත. ඒ දකින විට මට සිහි වන්නේ දවල්ට, රෑට බත් කන විට පවා කිසියම් පොතක් කිය වූ අතීතයයි. 

එහෙත් කෙසේ හෝ කාලය සොයාගෙන නවකතා කියවන්නට උත්තේජනයක් මට ලැබී ඇත. ඒ අලුත්ම පසුබිමක ලියැවුණු අපූරු කෘතියක් එහි කතුවරයාගෙන් මට ලැබුණු නිසාත්, එහි කර්තෘ හමු වූ හෝ කතා කළ හෝ හැම විටම ඒ පොත කියවන මෙන් බල කළ නිසාත්ය. මම ඔහුට ඒ පිළිබඳව ස්තුති කරන්නේ ඒ පොත කියැවූ දා සිට දැන් දිනපතාම නවකතාවක් හෝ චරිතාපදානයක් වැනි විෂය මූලික නොවන දේ කියැවීමට මා පෙළඹී ඇති නිසාය.

යළි පොත් කියැවීමට මා යොමු කළ මේ කෘතිය 'ෆැන්ටසියාව' නම් වෙයි. ඒ පොත මට දුන් මිතුරා කුසුම්සිරි විජයවර්ධනය. මේ ඒ පොත ගැන මට හිතෙන දේ හා දැනෙන හැටිය.

ෆැන්ටසියාවේ කතාව


ෆැන්ටසියාව නූතන සමාජය වටා ගෙතී ඇති කතාවකි. එහි ලියැවී ඇත්තේ ස්මාර්ට් ෆෝන්, බ්ලොග්, ෆේස්බුක්, ට්විටර් ඇසුරේ ගෙවී යන ජීවිත පිළිබඳවය. මේ සයිබර් ජීවිතය නූතන තරුණ පරපුරට පමණක් නොව, අඩු වැඩි වශයෙන් ඩිජිටල්කරණය වූ ලෝකයක කල් ගෙවන මැදිවියේ හා වැඩිහිටි වියේ අයටද පොදුය.

මෙහි කතාව සයිබර් අවකාශයේ ජීවත් වන චරිත කීපයක් වටා දිවයයි. එහි කතා නායිකාව වන නර්මි හෙවත් නර්මදා සයිබර් ලෝකයේ ක්‍රමයෙන් ජනප්‍රිය වූ තරුණියකි. ගැමි හෝ අර්ධ නාගරික සංස්කෘතික පසුබිමක් ඇති ඈ සිය උගත්කමට සරිලන වෘත්තියක නියැලෙන්නියකි. එහෙත් ඇයට ‘තැනක්’ හෙවත් පිළිගැනීමක් හෙවත් ජනප්‍රියත්වයක් ලැබෙන්නේ ඇයගේ සයිබර් ලියමනෙන්ය. ඇගේ ‘ආච්චිගේ රෙද්ද’ බ්ලොග් අඩවියේ හා ෆේස්බුක් ලිවීමෙන්ය.

ඒ ජනප්‍රියතාවයත් සමඟ ඇයට ළං වන සයිබර් ලෝකයේ වීරයෙකු ලෙස සැලකෙන රහල් සමඟ ඇය කෙටි කලක් තුළ විවාහ වන්නීය. එහෙත් රහල් යනු ඊට වඩා වෙනස් මනසක් හෝ අරමුණක් හෝ ඇති (හෝ නැති) හා වෙනස් සමාජයක ජීවත්වන අයෙකි. ඔවුන් දෙදෙනා අතර බරපතළ ගැටුම් ඇති නොවූවද, එවැනි විවාහයකට වැඩි කල් පැවැත්මක් නැති බව පෙන්වමින් ඔවුන්ගේ විවාහය දෙදරා යයි. එය සයිබර් ලෝකයේ මැවුණු ෆැන්ටසියක් හෙවත් ‘ෆැන්ටසියාවක්’ හා සමාන වන්නේ එමගිනි.

මේ ඒ කතාවේ සාරාංශයයි. නර්මදා හා රහල්, වැනි චරිත අපේ ලෝකයේ ඕනෑ තරම් සිටිති. සයිබර් ලෝකයේ මෙන්ම වෙනත් මාධ්‍යවලින් මවන ෆැන්ටසි ලෝකවල ජීවත්වන්නවුන්ද බොහෝය.


සයිබර් ලෝකයේ සමාජය


කුසුම්සිරි අපට අපූරු කතාවක් කියයි. ඒ සයිබර් ලෝකය හෙවත් ඩිජිටල් ලෝකය අපේ සමාජයට පිවිස ඇති ආකාරයයි. තමන් පීඩාවිඳින හුදකලාවෙන් මිදීමට ඩිජිටල් උපකරණ මගින්, සයිබර් ලෝක තුළ ජීවත් වන පිරිස් බොහෝය. මේ එවැනි එක් කතාවක් පමණක් බව සිතෙන්නේ අප කවුරුත් අඩු වැඩි වශයෙන් සයිබර් අවකාශයේ ජීවත්වන නිසාය.

හොඳින් විමසා බැලූවිට අපේ සමාජයේ බොහෝ දෙනා හුදකලාවක හා අපේක්ෂා භංගත්වයක ගිලී ජීවීතය තුළ අතරමං වී ඇති බව පෙනේ. ධනය, බලය හෝ තත්ත්වය හෝ වෙනත් යමකින් ජීවිතය සම්පූර්ණ කරගත් බව පෙනෙන අය සමහරෙක් තවත් පැත්තකින් අසාර්ථක වී ඇතිවා විය හැකිය. ඔවුන් නතරවන්නේ කොතැනකද? හුදකලාව හා අපේක්ෂා භංගත්වයකය. ජීවිතයේ වැඩි කාලයක් සයිබර් අවකාශයේ සරන අය තුළ මෙවැනි පිරිසක් අපි දකිමු. සයිබර් අවකාශයේ සිය හැඟීම් බෙදාගැනීමෙන් හා දුටු-නොදුටු මිතුරු-මිතුරියන් අන්තර්ජාලය හා එතැනින් ඇරඹෙන මිතුරු සමාගම් මගින් ඔවුන්ගේ හුදකලාව නැතිවී යයි. එයින් ඔවුන්ට ලැබෙන්නේ ලෝකයම බව ඔවුන්ගේ අදහසය. මේ කතාවේ නර්මදා වරක් පවසන්නේ සේම, ‘ලෝකෙම අතේ වගේ තමයි’ය. ඇත්තෙන්ම මෙතෙක් ඔවුන් පෙළූ හුදකලාව නිමා කර ගැනීමට සයිබර් අවකාශය සහාය ලබාදුන්නද එය හුදෙක් තාක්ෂණික බැඳීමක් පමණකි. එහෙත් මෙතෙක් ඔවුන්ය නොලැබුණු තැන, පිළිගැනීම හා අවකාශය ඔවුන්ට ලැබී ඇත. මේ කතාව තුළ විග්‍රහ කරන ජීවිත සමහරක් ගත වන්නේ එවැනි වූ ෆැන්ටසියාවකය. එය සැබෑ ලෝකයේ නොමැති බව පසක් වන විට සිදුවිය යුත්ත සිදු වී හමාර විය හැකිය.

සයිබර් ලෝකය හැමවිටම හානිකර ප්‍රතිඵල දෙන්නක් නොවේ. මේ සයිබර් ජීවිතය හුදෙක් තරුණ පරපුරට පමණක් නොව, වැඩිහිටියන්ගේ හුදකලාව නැති කරන බවත් එදිනෙදා ජීවිතයේ දහසකුත් එකක් ගැටලු අතර සතුටක් ලබා දෙන්නක් බව අපි දනිමු. ෆැන්ටසියාවේ එන මහාචාර්ය ජයදේවගේ ෆේස්බුක් ආගමනය ඊට නිදසුනකි.

එහෙත් භෞතිකව කාලයක් නාදුනන මිනිසුන් සයිබර් අවකාශය හරහාම හඳුනාගෙන සමීපවීමෙන් ඇතිවන සමීප සම්බන්ධතා වේ නම්, ඒවා අස්ථිර ඒවා බව කුසුම්සිරි මේ කතාවෙන් කියයි. සැබෑ ලෝකයේ හඳුනාගෙන වසර ගණන් පෙම් කර සිදුවන විවාහයන් පවා දික්කසාදවලින් කෙලවර වන්නේ නම් සයිබර් අවකාශයෙන් හඳුනාගත්තවුන් අතර එය පුදුමයක් නම් නොවේ. සයිබර් ප්‍රේමය ෆැන්ටසියක් වීමට ඇති ඉඩ වැඩිය. කුසුම්සිරිගේ 'ෆැන්ටසියාව' ෆැන්ටසියක් ‌නොවන බව මා කී‌වේ එනිසාය.

මට සිහිවන්නේ මේ පොත ගැන තිබූ සංවාදයකදී ආචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් පැවසූ දෙයකි. එනම් නර්මදාගෙන් සිංහල බෞද්ධ කුල කාන්තාව නිරූපණය වන බවකි. ඒ කතාවේ සත්‍යයක් ඇතැයි මමද සිතමි. ජීවිතයේ කෙබඳු හැලහැප්පීම් මැද වුවද ඇයට ජීවිතය ගොඩ නංවා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ඒ නිසා විය යුතු යැයි සිතමි.


කුසුම්සිරිගේ නවකතා ප්‍රවේශය


ෆැන්ටසියාව යවු කුසුම්සිරි විජයවර්ධනගේ පළමු නවකතාව බව ඇසීමි. නවකතාවක් තාක්ෂණික වශයෙන් විමසීමට තරම් විෂය දැනුමක් මට නැතත්, පසෙක නොතබා කියැවිය හැකි කතාවක් ඉදිරිපත් කිරීමට සිය පළමු උත්සාහයෙන්ම එහි රචකයා සමත් වී ඇත. එබැවින් ඔහු එම අංශයේද සිය ප්‍රතිභාව පෙන්වා තිබේ.

මේ කතාවේ ආකෘතිය සඳහා ද වෙනස් මෙවලම් ඔහු විසින් භාවිත කර ඇත. ආකෘතික වශයෙන් සමාජ මාධ්‍ය හා සයිබර් මෙවලම් නවකතාවකට ගෙන ඒමට කුසුම්සිරිට හැකියාව ලැබී ඇත. එවැන්නක් සිදුව ඇත්තේ පළමුවරට බව ද දැනගන්නට ලැබිණි.

එකිනෙකට වෙනස් චරිත ගණනාවක් අපූරු ලෙස නිරූපණය කිරීමට මේ පොත පුරා කුසුම්සිරිට හැකියාව ලැබී ඇත. ඒ මිනිසුන් අතර ඇතිවන සමාජ සම්බන්ධතා මෙන්ම, පෞද්ගලික ගැටලුද නිරූපණය කර ඇති අයුරුද අපූරුය. සිය සේවා ස්ථානයේ මෙන්ම, මගතොටදී මුණගැසෙන අය අතර ඇතිවන සම්බන්ධතා මෙන්ම ඇති නොවන සම්බන්ධතාද මෙහි මොනවට විස්තර කර ඇත. ඒවා අපට එදිනෙදා අහන්නට දකින්නට ලැබෙන ඒවාය. කාර්යාලයේ හා දුම්රියේ පෙම් සබඳතා, මිත්‍ර සම්බන්ධතා වැනි මානව සම්බන්ධතා ඒ අතර වෙයි.

කතාවේ අවසානය වේගවත් වැඩි යැයි මට සිතේ. එය වේගවත් කඩා වැටීමක් බව ඔහු අපට ඒත්තු ගන්වා ඇත. ඒ කඩා වැටීම මට, අපට දැනෙතත්, නර්මි දැක්වූ බව පෙන්වන උපේක්ෂා සහගත ස්වභාවය මට පුදුමය. එය මීට වඩා සෙමින් අවසන් වූයේ නම් මේ ෆැන්ටසි ලෝකයේ යථාර්ථය වඩාත් තීරණාත්මකව දක්වන්නට ඔහුට ඉඩක් තිබුනා යැයි මට සිතේ. එහෙත් එසේ වුයේ නම්, මෙහි රසය වෙනස් වීමට ඉඩ තිබිණි.

මිත්‍රයා, ඔබට ස්තුතියි ඒ පොත කියැවීමට සැලැස්වූවාට... ඒ වගෙම මා යළිත් ප්‍රබන්ධ කියැවීමටයොමු කළාට.

ධනේෂ් විසුම්පෙරුම
14.02.2020

Wednesday, February 12, 2020

සියවසකට පෙර ලංකාව සසල කළ උණ වසංගතය

ධනේෂ් විසුම්පෙරුම


ඉරිදා ලංකාදීප 2020.02.09 (රසවිත, පි. 2), Irida Lankadeepa

On paper - lankadeepa.lk



“එකල ලක්දිව මුළුල්ලෙහි මහජනයා තවන්නාවූ පණ නසන්නාවූ ඉතා දරුණුවූ උණ රෝගයක් හටගත්තේය. පිටරටින් ගෙනෙනු ලබන්නාවූ ද මෙරට හටගන්නාවූ ද ධාන්‍යයන් අතිශයින් හීන බැවින් දුර්භික්ෂයක් ද හටගත්තේය.”

එසේ සඳහන් වන්නේ යගිරල පඤ්ඤානන්ද හිමියන් විසින් සම්පාදනය කළ, වර්ෂ 1815-1935 දක්වා වූ කාලය ඇතුළත් වන මහාවංසයේ තෙවන වෙළුමෙහි 111 පරිච්ඡේදයේ ගාථා දෙකකය. මහාවංසයේ එසේ පවසන උණ වසංගතය කුමක්ද? ඒ අන් කවරක් හෝ නොව 1918-19 වර්ෂවලදී ලෝකයම වෙලාගත් ඉන්ෆ්ලුවන්සා වෛරසයයි. ස්පාඤ්ඤ උණ නම් වූ වෛරස් උණ රෝගයයි.

පළමුවන ලෝක සංග්‍රාමය අවසන් වූ වර්ෂයේදී ඇති වූ මෙම ඉන්ෆ්ලුවන්සා වසංගතයෙන් ලෝකය පුරා මිලියන 30ත් 100ත් අතර මිනිසුන් ගණනක් මරණයට පත් වූ බව සැලකේ. එය ඉතා බරපතළ බව පෙනෙන්නේ පළමුවන ලෝක සංග්‍රාමයෙන් මියගිය ගණන මිලියන 20ක් පමණ වූ නිසාය. එසේම මෑත සියවස් කිහිපය තුළ වැඩිම මරණ ගණනක් සඳහා හේතු වූ බෝවන රෝගය මෙය ලෙස සැලකේ. සෞඛ්‍ය පහසුකම් ශක්තිමත් නොවූ ඒ කාලයේ මෙවැනි අවාසනාවන්ත රෝගයක් ව්‍යාප්ත වීම ලෝකයටම බරපතළ වූයේය.

මෙම උණ රෝගය 1918 සිට 1920 දක්වා ලංකාවේ ද පැතිරුණු අතර මෙරට ජීවිත සැලකිය යුතු ප්‍රමාණයක් බිලිගත්තේය. එහෙත් එය බොහෝ දෙනෙකු නොදන්නා වසංගතයකි. 1930 දශකයේ මැද භාගයේදී පමණ මෙරට ව්‍යාප්ත වූ මැලේරියා වසංගතය හා සාපේක්ෂව මෙම ඉන්ෆ්ලුවන්සා වසංගතය අමතකව ඇති සේය. මේ ලිපිය ඒ ගැන සිදුකරනු ලබන විමසීමකි.


ඉන්ෆ්ලුවන්සාව පැතිරීම


එදා මෙරට ප්‍රධාන සිවිල් වෛද්‍ය නිලධාරියා වූ ජී.ජේ. රදර්ෆර්ඩ්ගේ වාර්ෂික වාර්තාවෙහි සඳහන් පරිදි මෙම ඉන්ෆ්ලුවන්සාව වැලඳුණු මෙරට පළමු රෝගීන් හඳුනාගනු ලබන්නේ 1918 ජුනි මාසයේදීය. ඒ රෝගීන් වරායේ යාත්‍රා ආශ්‍රිතව සේවය කරන්නවුන්ය. ඒ නිසා වරාය හරහා මේ රෝගය ලංකාවට පිවිසි බව නිගමනය කර ඇත. ගුවන් ප්‍රවාහනය නොමැති වූ ඒ කාලයේ මගී ප්‍රවාහනය සිදූවූයේ ද වරාය හරහාය. කොළඹ කොටුවේ පිහිටි රජයේ හා පුද්ගලික අංශයේ කාර්යාලවල සේවකයින්ගේ පැමිණීමේ අඩුවක් 1918 ජුනි හා ජූලි මාසවල වාර්තා වී ඇති නිසා කොළඹ කොටුව ප්‍රදේශයේ මේ රෝගය මුලින්ම පැතිර ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් 1918 වර්ෂය තුළ මේ වසංගතය රැලි දෙකක් ලෙස පැතිරගිය බවක් වාර්තාවල සඳහන් වේ. තෙවැනි රැල්ලක් 1919 මුලද පැතිර ඇත. එතරම් බරපතළ නොවූ පළමුවැන්න 1918 අගෝස්තු මාසයේ ආරම්භ වූ බව පෙනෙන අතර, දෙවැන්න ඒ වර්ෂයේ සැප්තැම්බර් සිට නොවැම්බර් මාසවල ඇති විය. රට පුරාම වාගේ මේ වසංගතය පැතිර ඇති අතර ඉතා හදිසියෙන් ඇති වී වේගයෙන් ව්‍යාප්ත වූ බව බස්නාහිර පළාතේ ආණ්ඩුවේ ඒජන්ත පවසයි. මාතර දිස්ත්‍රික් වැසියන්ගෙන් අඩකට පමණ රෝගය වැලඳුණු බව එහි උප ඒජන්ත පැවසීමෙන් තත්ත්වය කෙතරම් බරපතළ වීද යන්න පැහැදිලිය.

මේ ඉන්ෆ්ලුවන්සාව තරමක කාලයක් මෙරට තුළ පැවතී තිබේ. 1918දී බරපතළ වසංගතයක් ලෙස ව්‍යාප්ත වූ මේ රෝගය 1919 වර්ෂය මුලදී යළිත් ඉහළ ගොස් පසුව වසර පුරාම පාහේ අඩු මට්ටමකින් වුවද පැවතියේය. වසංගත තත්ත්වයකින් නොවූවද 1920 වර්ෂයේද සමහර ප්‍රදේශවල දැකිය හැකි වී ඇත.


ඉන්ෆ්ලුවන්සාවෙන් සිදු වූ ජීවිත හානිය


මේ ඉන්ෆ්ලුවන්සාව නිසා කොපමණ පිරිසක් මියගියේ ද යන්න අපැහැදිලි බව පෙනේ. ඊට හේතුව වන්නේ මේ රෝගයට ලක් වූ වැඩි දෙනා මියගොස් ඇත්තේ නිව්මෝනියාවෙන් වීමය. එමෙන්ම දුෂ්කර පෙදෙස්වල සිදු වූ මරණ වාර්තා වී ඇත්තේ අඩුවෙනි. ත්‍රිකුණාමලයේ උපඒජන්ත සඳහන් කරන පරිදි, නගරයේදී රෝගයෙන් මියගිය ගණන පැවසිය හැකි වුවත් පිටිසර ප්‍රදේශවලින් නිශ්චිත සංඛ්‍යා ලබාගැනීම අසීරු විය.

කෙසේ වෙතත් ඒ කාලයේ ප්‍රකාශිත සංඛ්‍යාලේඛන අනුව පෙනෙන්නේ 1918 හා 1919 වර්ෂවල මරණ අනුපාතිකයේ කැපී පෙනෙන වර්ධනයක් ඇති බවයි. 1921 ජන සංගණන වාර්තාවට අනුව 1919 වර්ෂයේ මරණ අනුපාතිකය දහසකට 37.5ක් විය. ලංකාවේ සංගණන කටයුතු ආරම්භ වූ 1871න් පසු ලංකාවෙන් වාර්තා වූ ඉහළම මරණ අනුපාතිකය එයයි. එම වාර්තාවේ දැක්වෙන පරිදි 1918 හා 1919 වර්ෂවලදී ඉන්ෆ්ලුවන්සාව නිසා සිදු වූ මරණ ප්‍රමාණය 57,000ක් පමණ විය. එය එකළ මෙරට සිටි ජනගහනයෙන් සියයට 1කට වඩා අධිකය. කෙසේ වෙතත් මෙය දළ අගයක් බවත්, ද්විත්ව රෝග නිර්ණය, සැකසහිත රෝග නිර්ණය හා මරණයට හේතුව වැනි කරුණු නිසා මේ ගණනේ අඩුපාඩු තිබිය හැකි බව සඳහන්ය.

එහෙත් මේ මරණ ප්‍රමාණය නිවැරදිව කිව නොහැකි වීමට බලපෑ එක් හේතුවක් වන්නේ වෛද්‍ය නිලධාරීන් මෙන්ම ග්‍රාමීය මරණ රෙජිස්ට්‍රාර්වරුන් විසින් ද මරණයට හේතුව නියුමෝනියාව ලෙස සඳහන් කර තිබීමයි. 1918දී නියුමෝනියාව නිසා සිදු වූ මරණ ගණන පෙර වසරට වඩා තෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවද සඳහන්ය. නිව්මෝනියා මරණ ගණන නොසලකා ඇති රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ වාර්තා අනුව ඉන්ෆ්ලුවන්සාවෙන් ඇති වූ මරණ ගණන 41,916කි.

මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ මෑත කාලයේ සිදු කළ අධ්‍යයනවලින් මේ වසංගතය නිසා ඇති වූ මරණ ගණන මීට වඩා අධික බව දක්වා ඇති බවයි. එම අධ්‍යයනවලට අනුව 1918-19 ඉන්ෆ්ලුවන්සාවෙන් ඇති වූ මරණ ගණන 91,000 හා 307,000 තරම් ඉහළ විය හැකි බව පෙන්වා දී ඇත.

මේ මරණවල බලපෑම ජනගහන වාර්තාවලින් ද පෙනේ. 1911-1921 දශකයේදී සිදු වූ ජනගහන වර්ධනය 9.6%ක් වූ අතර එය ඊට පෙර දශක දෙකටම වඩා අඩු විය. 1891-1901 දශකයේ ජනගහන වර්ධනය 18.8%ක් වූ බව හා 1901-1911 අතර කාලයේදී එය 14.9%ක් වූ බව සඳහන්ය. මේ අනුව උක්ත ඉන්ෆ්ලුවන්සාව ජනතාවගේ සරු භාවයට බලපෑමක් ඇති කර තිබෙන බව පැහැදිලිය.


ජනතාව හා රෝගය


මේ රෝගය ගැන ජනතාවගේ ප්‍රතිචාරය කෙබඳු වූයේද යන්නද සමහර වාර්තා අනුව පෙනේ. කළුතර ආණ්ඩුවේ උප ඒජන්තවරයා පවසා ඇති පරිදි, මේ රෝගය ජනතාවට අලුත් එකක් වූ නිසා රෝගය බෝවන ආකාරය පිළිබඳව කලක් යනතුරු ගැමියන් හඳුනාගෙන නැත. ඒ නිසා ඔවුන්ට පුරුදු ලෙස රෝගී වූ නෑදෑ-හිතවතුන්ගේ සුවදුක් විමසීමට නිවෙස්වලට ගිය අතර, ඒ නිසා ලැව්ගින්නක් සේ රෝගය ව්‍යාප්ත විය. මෙවැනිම සඳහනක් කරන ගාල්ලේ ඒජන්ත තැන නගරවල උගත්කමක් ඇති පවුල්වල සාමාජිකයන් පවා රෝගීන් බැලීමට ගොස් තමන්ද රෝගය බෝ කරගෙන තම නිවාසවලට ද රෝගය ගෙන ගිය බව කියයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන පරිදි රෝගීන් සෙසු අයගෙන් වෙන්කර තැබීම වැදගත් බව ජනතාවට අවබෝධ කරවීම බෙහෙවින් අවශ්‍ය විය.

රෝගය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන් හා සනීපාරක්ෂක පරීක්ෂකයින් පියවර ගත් අතර, ඒ පණිවුඩය වැසියන් වෙත දැනුම්දෙන ලද්දේ ගම්මුලාදෑනීන් මගිනි. ඒ සඳහා උපදෙස් සහිත පත්‍රිකා දහස් ගණනින් නිකුත් කර ඇත. මේ පත්‍රිකාවලින් රෝගය පිළිබඳව හා ප්‍රතිකාර ගැන විස්තර කර ඇත. බොහෝ ඒජන්තවරු මේ ගම් මට්ටමේ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය ගැන ප්‍රශංසා කළහ.

රජය විශේෂ වෛද්‍ය කණ්ඩායම් රෝගය වඩාත් බලපෑ ප්‍රදේශවලට පිටත් කොට යවා ඇත. වසංගතයෙන් පීඩාවට පත් ජනතාව සිටි සෑම දිස්ත්‍රික්කයකම පාහේ රජය මැදිහත් වී ආපදා සහන ලබාදී ඇත. එමෙන්ම මහජන රැස්වීම් තබා, පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් එකතු කර ඇති අතර, ඒවා මගින් පීඩාවට පත් ජනතාවට සහන සපයා තිබේ. මේ සඳහා පිහිට වූ සහන කමිටු හරහා පීඩාවට පත් ජනතාවට අවශ්‍ය ආහාර, ඖෂධ හා ඇඳුම් ලබා දී ඇත. මේ කටයුතු සඳහා ජනතාව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ බව සඳහන් වෙයි. කෙසේ වෙතත් සමහර ප්‍රදේශවල මෙසේ ආධාර සැපයීම පවා අසීරු වූ අවස්ථා සඳහන් වේ. නැගෙනහිර පළාතේ ආණ්ඩුවේ ඒජන්ත සඳහන් කරන පරිදි ඒ පළාතේ ගම් හා හේන් ඈතින් පිහිටා තිබීම සහන සැපයීමේදී බාධාවක් විය.

සෞඛ්‍ය වාර්තා අනුව මේ රෝගයෙන් සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ හා ඔවුන්ගේ පවුල්වල අය මරණයට පත්ව ඇත. ඒ අතර වෛද්‍යවරුන්, ඇපොතිකරිවරුන් මෙන්ම හෙදියන්ද වේ. රක්වාන රෝහලේ වෛද්‍ය නිලධාරිවරයා වූ වෛද්‍ය ඩබ්.එස්. තිරිමාන්න හා නිකවැරටිය රෝහලේ සේවය කළ බව සඳහන් වන එස්.ජේ.එච්.එල්.ඩී හීර් යන වෛද්‍යවරු ඉන්ෆ්ලුවන්සාව නිසා 1918 ඔක්තෝබර් මාසයේදී මියගියහ.


සමාජ-ආර්ථික බලපෑම


මේ උණ වසංගතය නිසා සිදු වූ සමාජ හා ආර්ථික හානිය ගැන කිසියම් වූ අදහසක් අපට වාර්තාවලින් ලබාගත හැකිය. මේ වසංගතය පැතිරීමත් සමඟ පාසල්වලට ළමුන් පැමිණීම අඩාල වී ඇති අතර, සමහර පාසල් දින ගණන් වසාදැමීමට කටයුතු කර තිබේ. එසේම ඇතැම් පළාත්වල රජයේ කාර්යාල වසා දමා හෝ අඩු කාර්යමණ්ඩල සහිතව කටයුතු කර ඇත.

එදා එම වසංගතයෙන් වඩාත් පීඩාවට පත්ව ඇත්තේ එදිනෙදා කටයුතුවලින් සිය ජීවිකාව සපයාගත් ගැමියන්ය. රෝගය වැලඳී සුව වූවද, ඔවුන්ගේ වැඩකිරීමේ හැකියාව අඩුවී මහන්සි වී කටයුතු කළ නොහැකි වීම මීට බලපා ඇත. විශේෂයෙන් පැතිරගිය වසංගතය නිසා 1918-19 මහ කන්නයේ වගා කටයුතු අඩාල වී ඇත. මේ ගැන ඇතැම් ආණ්ඩුවේ ඒජන්තවරු හා උපඒජන්තවරු සඳහන් කරති. මේ අතර හම්බන්තොට හා අනුරාධපුරය ගැන විශේෂයෙන් සඳහන් වේ. 1919 වර්ෂයේදී ඇති වූ ආහාර හිඟය සඳහා මේ තත්ත්වය බලපා ඇති බව සිතිය හැකිය.

එක් සිදුවීමකින් එදා පැවැති ජීවන තත්ත්වයම පැහැදිලි වේ. බදුල්ලේ ආණ්ඩුවේ ඒජන්තවරයා සඳහන් කරන පරිදි එම දිස්ත්‍රික්කයේ එක් ගමක වැසියන් සියලුදෙනාම එකම කාලයකදී මේ වසංගයට ගොදුරු වී ඇත. ඔවුන් රෝගය නිසා දුර්වල වීමෙන් හේන් රැකීමට කිසිවෙකුත් නොවූ අතර, මුළු හේන් යායම අලින් විසින් විනාශ කර තිබේ. ආහාර නොමැතිව අසරණ වූ එම ගමේ වැසියන්ට දිගු කාලයක් තිස්සේ ආපදා සහන අවශ්‍ය වී ඇත.

On paper - lankadeepa.lk

Thursday, February 6, 2020

ලංකාවට නිදහස ලැබෙද්දි ඉන්දියාවට එක් නොකළෙ ඇයි?

2012 දි මට හයිද්‍රාබාද් යන්න අවස්ථාවක් ලැබුණා. හයිද්‍රාබාද් කියන්නෙ ඉන්දියාවෙ IT hub එකක්. ඉතින් ඒ රටේ විවිධ පෙදෙස්වලින් පැමිණි තරුණ තරුණියන් එහි රැකියා කළා. අපි අපේ හෝටලයට එන, රෑට කෑම කන්න ගිය තැන්වල රෑ 9-10ටත් කට්ටිය පාරෙ. හරිම ජනාකීර්ණයි.

ඒ ඉතින් ඉන්දියාවනෙ, හරිම ලස්සන ගෑණු ළමයි හිටියා (ඇත්ත කියන්න එපායැ). ඉතින් දවස් ගණනක් තිස්සෙ මේ සුන්දර මුහුණු දකින අපේ කණ්ඩායමේ සමහරු හිටියෙ ටිකක් වශීවෙලා. ටිකක් තක්බීර් වෙලා. (විශේෂයෙන් තනිකඩයො)...

ඉතින් ඒ ළමයි ගැන කතා කළ වෙලාවක එක් අයෙක් මෙහෙම කීවා...

"සුද්දො අපිට නිදහස දුන්න වෙලාවෙ, ඉන්දියාවට එකතු කළේ නැහැනෙ! එහෙනං අපිත් මෙහෙනෙ!"

ඔහු ඉන් අදහස් කළේ ලංකාව ඉන්දියාවෙ කොටසක් උනානම් ලංකාවෙ අයට හයිද්‍රාබාද් හා වෙනත් ඉන්දියානු නගරවලට පහසුවෙන් යන්න අවස්ථාව ලැබෙන බවයි... ඒ හුදෙක් ලස්සන ගෑණු ළමයි නිසාම රටේ ස්වෛරීභාවය හා ස්වාධීනත්වය වචනයෙන් ‌හෝ පාවාදුන් මොහොතක් - හැබැයි විහිළුවට හා ඇති වූ දුක වහගන්න... මොකද එතැන අධිරාජ්‍ය විරෝධී වාමාංශිකයොත් හිටි නිසා!

හැබැයි මේ දවස්වල සමහරු ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස් නූනා නම්... කියල කියන්නෙ නම් තනිකරම ඔවුන්ගෙ යටත් විජිත මානසිකත්වය හෝ කළුසුද්දන්ට ජාතක වීමේ අවුල නිසාම විය යුතුයිි. කරුමෙ කියන්‌‌නෙ අධිරාජ්‍ය විරෝධී විය යුතු වාමංශිකයොත් (තරුණ අය) දැන් දැන් මේ වගේ කතා කියනවනෙ.

එදා අපේ යාළුවො හයිද්‍රාබාද්වලදි එහෙම කීවෙ ගෑණු ලමයි නිසා නම්, එංගලන්තෙටම යටත් වෙලා ඉන්න කැමැති අය ඇති තමයි!

(හයිද්‍රාබාදයේ නොකියූ කතා තවත් තියනවා)

Tuesday, February 4, 2020

ඔස්‌ට්‍රේලියාවේ මහා වන ගින්න...

මිනිස්‌ ජීවිත 28ක්‌, සතුන් මිලියන ගණනක්‌ සහ වන බිම් හෙක්‌ටයාර මිලියන 7.3ක්‌ බිලිගත් ඔස්‌ට්‍රේලියාවේ මහා වන ගින්න...



ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.01.22, පි.5  (Vidusara)

http://www.vidusara.com/2020/01/22/feature1.html


මෑත දී ඕස්‌ට්‍රේලියාවේ ඇති වූ විනාශකාරී වන ගිනි පිළිබඳව සමස්‌ත ලෝකයේ ම අවධානය යොමු විය. වෙනත් වසරවල ගිනි ඇති වන කාලයට වඩා පෙර පසුගිය අගෝස්‌තු මාසයේ දී පමණ මුලින් ම ඇති වූ මේ ගිනි වඩාත් ප්‍රබල වූයේ එරට නිව් සවුත් වේල්ස්‌ හා වික්‌ටෝරියා යන ප්‍රාන්තවල ය. ඉන් ද වඩා බරපතළ වූයේ නිව් සවුත් වේල්ස්‌ ප්‍රාන්තයේ ය. මේ දක්‌වා ම මේ ගිනි සම්පූර්ණයෙන් ම නිවා දැමීමට හැකි වී නොමැති අතර, තවමත් ඔස්‌ට්‍රේලියාවට ග්‍රීෂ්ම සෘතුව පැවතීම ද ඊට බලපා තිබේ.

ජනවාරි මැද වන විට මේ ගිනි නිසා මිනිස්‌ ජීවිත 28ක්‌ අහිමි වී තිබිණි. නිව් සවුත් වේල්ස්‌ ප්‍රාන්තයේ පමණක්‌ නිවාස 3000ක්‌ පමණ ප්‍රමාණයක්‌ සම්පූර්ණයෙන් ම හෝ අර්ධ වශයෙන් හෝ විනාශ වී ඇත. එමෙන් ම සිඩ්නි හා මෙල්බර්න් යන නගරවලට ද මේ ගිනි නිසා දැඩි බලපෑමක්‌ ඇති විය. සිඩ්නි නගරයේ වාතයේ තත්ත්වය දෙසැම්බර් මාසයේ දී හානිකර මට්‌ටම මෙන් එකොළොස්‌ ගුණයක්‌ පමණ දක්‌වා ඉහළ ගියේ ය. මේ නිසා ඇති වූ දුමාරය හා කළු කාබන්, ගිනි ඇති වූ ප්‍රදේශයේ සිට පැසිෆික්‌ සාගරයේ සැතපුම් 7000ක්‌ පමණ දුරක්‌ නැෙ`ගනහිර දෙසට ගමන් කර ඇත. මේ කළු කාබන් යනු සෞඛ්‍යයට අහිතකර වන්නක්‌ වන අතර, දේශගුණ වෙනස්‌ වීම වර්ධනය කිරීම සඳහා ද හේතුවකි.

මේ ගිනි නිසා මුළුමනින් ම විනාශයට පත් වූ වන බිම් ප්‍රමාණය හෙක්‌ටයාර මිලියන 7.3කට වඩා අධික ය. (මෙය අක්‌කරවලින් නම් මිලියන 17.9ක්‌ තරම් විශාල බිම් ප්‍රමාණයකි.) මේ ප්‍රමාණය බෙල්ජියම හා ඩෙන්මාර්කය යන රටවල් දෙකේ බිම් ප්‍රමාණයේ එකතුවට සමාන යพ තවත් ආකාරයකින් සංසන්දනය කරන්නේ නම්, 2019 වර්ෂයේ දී ඇමසන් වනාන්තරයේ ඇති වූ ගිනි නිසා විනාශයට පත් වූයේ හෙක්‌ටයාර 900,000කි. ඕස්‌ට්‍රේලියානු වන ගිනි නිසා සතුන් බිලියනයක්‌ පමණ බලපෑමට ලක්‌ වූ බව සිඩ්නි විශ්වවිද්‍යාලයයේ පරිසර විද්‍යාඥයන්ගේ අදහස වෙයි. ඉන් මිලියන ගණනාවක්‌ පමණ ගින්නෙන් මිය ගොස්‌ ඇත. මේ ගණන් බලා ඇත්තේ කෘමීන් හා මැ`ඩියන් වැනි ඇතැම් සත්ත්ව කාණ්‌ඩ ගැන නො සලකමිනි. මෙහි දී ඇතැම් සීමිත ව්‍යාප්තියක්‌ තිබූ හා අඩු ගහනයක්‌ තිබූ විශේෂවලට වැඩි බලපෑමක්‌ ඇති වන්නට ඇත. මේ සියලු දත්ත මීට පෙර සිදු කරන ලද අධ්‍යයන මත කර ඇති ගණනය කිරීම් ය. සැබෑ තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කිරීමට තවමත් හැකියාවක්‌ ලැබී නැත්තේ පවත්නා ගිනි නිසා ය.

වන ගිනි පාලනය සඳහා මහත් වෙහෙසක්‌ දැරීමට සිදු වී ඇති අතර ඒ සඳහා වෙනත් රටවලින් ද සහාය ලබාගැනීමට එරටට සිදු වී තිබෙයි. මේ වන විට එම ගිනි තරමක්‌ පාලනය වී ඇතත්, තවමත් පවත්නා ග්‍රීෂ්ම සෘතුව නිසා එය සම්පූර්ණයෙන් ම පාලනය කිරීමට තවත් කලක්‌ ගත විය හැකි බව වාර්තා වෙයි.

මේ වන ගිනි එරට මෑත දශක කිහිපය තුළ ඇති වූ වඩාත් බරපතළ වන ගිනි ලෙස සැලකෙයි. සාමාන්‍යයෙන් ඕස්‌ට්‍රේලියානු වන ගිනි ඇති වීම සඳහා ස්‌වාභාවික හේතු බලපායි. නිදසුනක්‌ ලෙස නියඟයෙන් දැඩි ලෙස වියළී ගිය වනාන්තරයකට අකුණු වැදීමෙන් ස්‌වාභාවික වන ගින්නක්‌ ඇති විය හැකි ය. විශේෂයෙන් වැසි නොමැති ව වියළි තත්ත්ව යටතේ සිදු වන අකුණු ගැසීම් මෙවැනි ගිනි ඇති කරයි. කෙසේ වෙතත් වුවමනාවෙන් ම මිනිසුන් විසින් ද ගිනි ඇති කරන ලද අවස්‌ථා ද වාර්තා වී ඇති අතර ඒ සඳහා වරදකරුවන් අත්අඩංගුවට ද ගෙන ඇත.


වන ගිනිවලට ලක්‌ වන රටවල්


විශාල ප්‍රමාණයේ වන ගිනි ලෝකයේ රටවල් රැසක දැකගත හැකි ය. එහෙත් ඕස්‌ට්‍රේලියාව යනු ලෝකයේ මහාද්වීප අතරින් වන ගිනි ඇති වීමේ අවස්‌ථාව ඉහළ ම වන මහාද්වීපයයි. එරට ජුලි හා අගෝස්‌තු මාසයෙන් ආරම්භ වන සමය වන ගිනි සමයක්‌ ලෙස හැඳින්වෙයි. විශේෂයෙන් වසර අවසානයේ ඇරඹෙන එරට ග්‍රීෂ්ම සෘතුව සමයේ ඇති අධික උෂ්ණත්වය නිසා ගිනි ඇති වීමේ ප්‍රබල අවස්‌ථාවක්‌ පවතී.

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය, වන ගිනි සුලබ හා ගින්නෙන් වන හානි සුලබ වන තවත් ප්‍රදේශයකි. එමෙන් ම ස්‌පාඤ්ඤය ද වාර්ෂිකව මෙන් ගිනි ඇති වන රටවල් අතර වෙයි. මෑත දී අවධානයට ලක්‌ වූ ඇමසන් වනාන්තරයේ ගිනි ඇති වීම වැඩි වශයෙන් මිනිසුන් විසින් ඇති කෙරෙන්නක්‌ වුවත්, අධික උෂ්ණත්වය හා නියඟය වැනි සාධක ඒ තත්ත්වය බරපතළ වීමට බලපා ඇත.


වන ගිනි හා දේශගුණ වෙනස්‌ වීම අතර සම්බන්ධය


දේශගුණ වෙනස්‌ වීම හා වන ගිනි අතර කිසියම් සම්බන්ධතාවක්‌ ඇති බව පුළුල් ව පිළිගැනෙන කරුණකි. එහෙත් එය තරමක්‌ සංකීර්ණ කරුණකි. ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ගොස්‌ තිබීම නිසා වන ගිනි ඇති වීමට ඇති අවස්‌ථා ඉහළ යා හැකි ය. එමෙන් ම දේශගුණ වෙනස්‌ වීම නිසා ආන්තික තත්ත්ව වඩා තීව්‍ර වීම හා ඇති වන වාර ගණන වර්ධනය වීම ද සිදු වෙයි. එවැනි ආන්තික තත්ත්වයක්‌ වන නියඟයත්, වන ගිනි ව්‍යාප්ත වීමට හා වඩා දිගු කාලයක්‌ පැවතීමට හේතු වෙයි. නිය`ගය මෙන්ම ගංවතුර වැනි ස්‌වාභාවික ව්‍යසනවල බලපෑම ඉහළ යැම සඳහා දේශගුණ වෙනස්‌ වීම හේතු වෙයි. ඒ එකිනෙකට වෙනස්‌ ප්‍රදේශවල ය.

ඕස්‌ට්‍රේලියාව සම්බන්ධයෙන් ගත් විට මේ ගත වන්නේ දශක කීපයකට පසුව එරට දැකිය හැකි වූ බරපතළ ම නියඟයකි. එමෙන් ම පසුගිය දෙසැම්බර් මාසයේ දී ඇති වූ අධික උෂ්ණත්වය නිසා තාප ප්‍රවාහයක්‌ පවා ඇති විය. එය එරටේ උෂ්ණත්ව වාර්තා බි`ද හෙළන ලද සිදුවීමක්‌ බව වාර්තාවල සඳහන් විය. එරට වාර්තාගත ඉහළ ම උෂ්ණත්වය බව පැවසෙන සෙල්සියස්‌ අංශක 41.9ක උෂ්ණත්වය වාර්තා වූයේ පසුගිය දෙසැම්බර් මස 18 වැනි දා ය. එරට උෂ්ණත්වය 1910 වර්ෂයෙන් පසුව ගත වී තිබෙන කාලයේ දී සෙල්සියස්‌ අංශකයකටත් වඩා ඉහළ ගොස්‌ ඇත. මේ උෂ්ණත්වය ඉහළ යැමෙන් වැඩි ප්‍රමාණයක්‌ සිදු වී තිබෙන්නේ 1950 වර්ෂයෙන් පසු ව ය.

එරට තුළ දැකිය හැකි උණුසුම් වීම පැහැදිලි කළ හැකි එක්‌ ආකාරයක්‌ වන්නේ ඉන්දියානු සාගරයේ නැෙ`ගනහිර පෙදෙසේ සාගර උෂ්ණත්වය සිසිල් වීමත් බටහිර පෙදෙසේ එය උණුසුම් වීමත් යන ක්‍රියාවලියයි. 'ඉන්දියානු සාගර ද්විධ්‍රැවය' (Indian Ocean Dipole) ලෙස හඳුන්වනු ලබන මේ සිදුවීම නිසා ඉහත කී උෂ්ණත්ව අගයයන් දෙක අතර ඇති වෙනස කෙතරම් ඉහළ ගොස්‌ තිබේ ද යත් වර්තමානයේ දී පසුගිය වසර 60ක පමණ කාලයේ දී පැවැති වැඩි ම වෙනස වෙයි. මෙහි ප්‍රතිඵලය වන්නේ සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අධික වර්ෂාපතනයක්‌ නැෙ`ගනහිර අප්‍රිකාවට ලැබීමෙන් ගංවතුර තත්ත්ව ඇති වීමත්, අග්නිදිග ආසියාවේ හා ඕස්‌ට්‍රේලියාවේ නියඟ ඇති වීමත් ය.


වන ගිනි හා wildfire එකක්‌ ද?


ලැව් ගිනි හා වන ගිනි යන වචන සිංහල භාෂාවේ දී ඕස්‌ට්‍රේලියාවේ ඇති වූ ගිනි හැඳින්වීමට යොදාගැනීම නිවැරැදි ය. එහෙත් එම වදන් ස්‌වාභාවික පරිසරයේ ඇති වන සියලු ගිනි හඳුන්වන wildfire යන වදන සඳහා විද්‍යාත්මක සංදර්භයේ දී ගැළපෙන යෙදුමක්‌ නො වන බව පෙනෙයි. වන ගිනි, කැළෑ ගිනි මෙන්ම ලැව් ගිනි ද එක ම අරුතක්‌ දෙයි. ලැව් යනු වනාන්තරය හෙවත් යන අර්ථය දෙන නිසා ය. ඒ forest හෙවත් වනාන්තරයක ඇති වන ගිනි යන්න ය. එහෙත් ඊට අදාළ වචනය වන forest fire යනු wildfire යන කාණ්‌ඩයට අයත් එක්‌ ගිනි වර්ගයක්‌ පමණකි.

ස්‌වාභාවික පරිසර පද්ධතිවල ඇති වන ගිනි wildfire නමින් ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන අතර, අදාළ පරිසරය අනුව විවිධ ලෙසින් නම් කර ඇත. ඉන් එකක්‌ වන forest fire යනු ලැව් ගිනි, කැළෑ ගිනි, වන ගිනි ලෙස දැක්‌වෙන වනාන්තරවල හටගන්නා ගිනි ය. තෘණ බිම්වල හටන්නා ගිනි තණ ගිනි (grass fire) ලෙස ද, පීට්‌ බිම්වල හටගන්නා ගිනි පීට්‌ ගිනි (peat fire) ලෙස ද නම් කර ඇත. තවත් එවැනි ගිනි වර්ග පවතී. අපේ රටේ පතන් බිම්වල හටගන්නා ගිනිවලට පතන් ගිනි යනුවෙන් සඳහන් වීම ද මීට නිදසුනකි.

එසේ නම් wildfire යන්නට සුදුසු වදනක්‌ සොයාගත යුතු ව තිබෙයි. විවිධ ස්‌වාභාවික පරිසර පද්ධතිවල හටගන්නා පාලනය කළ නොහැකි ගිනි සියල්ල මීට ඇතුළත් ය. එයට 'වල් ගිනි' යනුවෙන් පැවසිය නොහැක්‌කේ 'වල්' යනු ද වනාන්තරයට යෙදෙන වචනයක්‌ නිසා ය. 'ස්‌වාභාවික ගිනි' යනුවෙන් පැවසිය නොහැක්‌කේ ස්‌වාභාවික නො වන wildfire ද ඇති නිසාය. ලැව් ගිනි යන්න ඒ සඳහා භාවිත වුව ද එය නිවැරැදි නො වන්නේ ලැව් යනු ද වනාන්තරය නිසා ය.

මේ සියලු ගිනි ඇති වීමට ස්‌වාභාවික හේතු මෙන්ම මානව මූලික හේතු ද බලපායි. ප්‍රධාන ස්‌වාභාවික හේතු අතර වියළි කාලගුණයක්‌ පැවතීම, අකුණු අනතුරු මෙන්ම ගිනික`දු පිපිරීම් ද දැක්‌විය හැකි ය. මිනිසුන් විසින් ඇති කෙරෙන මෙවැනි ගිනි ද සුලබ ය. වුවමනාවෙන් ම ඇති කෙරෙන වන ගිනිවලට අමතර ව ඉවත ලන සිගරට්‌ කොට නිසා, අත්වැරැදීම් නිසා මෙන්ම අනතුරු නිසා ඇති වන ගිනි ගැනීම් ආදිය මානව මූලික හේතු නිසා ඇති වන ගිනි අතර වේ.

ශ්‍රී ලංකාවේ ද වන ගිනි හා පතන් ගිනි ඇති වෙතත් ඒවා ස්‌වභාවිකව හටගන්නේ නැත. මෙරට ඇති වන ගිනි සියල්ල ම පාහේ මිනිසුන් විසින් ඇති කරනු ලබන ගිනි වේ. ඒවා වුවමනාවෙන් හෝ අත්වැරැදීමකින් හෝ ඇති කරනු ලබන ඒවා විය හැකි ය.

Monday, January 27, 2020

මෙතෙක්‌ සිතුවාට වඩා වැඩි කාලයක්‌ මිහිමත වාසය කළ Homo erectus

ධනේෂ් විසුම්පෙරුම



විදුසර, 2020.01.01, පි. 6 (Vidusara)

http://www.vidusara.com/2020/01/01/feature4.html




නූතන මානවයා අයත් වන Homo ගණයට ම අයත් සමීප ඥාති මානව විශේෂයක්‌ වන Homo erectus මානවයා වඳ වී ගියා යෑයි මෙතෙක්‌ සිතූ කාලයට වඩා වැඩි කාලයක්‌ මිහි මත වාසය කර ඇති බව පසුගිය දා ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකින් පෙනී ගොස්‌ ඇත.

Homo erectus පිළිබඳව ලැබී ඇති පැරැණි ම සාධක අනුව ඔවුන් අදින් වර්ෂ මිලියන දෙකක පමණ කාලයකට පෙර අප්‍රිකාවේ සම්භවය වූ බව සැලකෙයි. ඉන් පසු ලෝකයේ වෙනත් ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇති මේ මානවයා වසර මිලියන 1.5කට පමණ ඉහත දී අග්නිදිග ආසියාවට ද පැමිණ ඇත. මේ මානවයන්ගේ පොසිල හමු වූ ස්‌ථාන අනුව ජාවා මිනිසා, පීකිං මිනිසා නමින් හඳුන්වනු ලබන්නේ මේ මානවයා ය.

Homo erectus මානවයා මානව පරිණාමයේ වැදගත් තැනක්‌ ගනියි. මුලින් ම සම්පූර්ණයෙන් ම ඍජුව ඇවිද ගිය මානවයා මොහු ලෙස සැලකේ (erectus යන වදනෙහි අර්ථය වන්නේ ද සෘජු යන්නයි). ඔවුන්ගේ කපාල ධාරිතාව නුතන මිනිසාට වඩා අඩු වූ අතර, දත් වඩා විශාල විය. අදින් වර්ෂ මිලියනයකට පමණ පෙර පාලනය කළ ගින්දර භාවිතය මුලින් ම සිදු කරන ලද්දේ ද Homo erectus මානවයන් විසිනි. එසේ ම මේ මානවයන් අදින් වසර 200,000කට පමණ පෙර මිහිතලයෙන් සම්පූර්ණයෙන් ම වඳ වී ගිය බව අනුමාන කෙරෙයි. ඒ නූතන මිනිසා ද ඇතුළු වෙනත් මානව විශේෂ නිසා ඇති වූ තරගය නිසා බව සැලකේ.

මේ පිළිබඳව සිදු කරන ලද නවතම අධ්‍යයනයට අනුව මේ මානව විශේෂය අදට වර්ෂ 100,000කට ආසන්න කාලයක්‌ දක්‌වා අග්නිදිග ආසියා කලාපයේ ජීවත් වී ඇත. ඊට සාධක ලැබී ඇත්තේ ඉන්දුනීසියාවේ ජාවා දූපතෙනි. මේ මානව විශේෂය ලෝකයෙන් වඳ වී ගොස්‌ සැලකිය යුතු කාලයකට පසු ව දිනයක්‌ වීම නිසා මේ දිනය වැදගත් ය.


පොසිල හමු වීම


මේ අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ වී ඇති Homo erectus පොසිල අස්‌ථි ශේෂ හමු වී ඇත්තේ 1931-1933 අතර කාලයේ සිදු කරන ලද කැණීම්වලිනි. ඒ වර්තමාන ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා දූපතේ නැන්ඩොං (Ngandong) ප්‍රදේශයේ පිහිටි සෝලෝ (Solo) නම් ගංගාවේ ඉවුරේ ගඟට මීටර් 20ක්‌ පමණ ඉහළින් පිහිටා තිබූ අස්‌ථි තැන්පත් වූ ස්‌තරයකිනි.

ගිනිකන්දක්‌ පිපිරීමේ දී හෝ ඉන්පසුව හෝ ඇති වන අධික වර්ෂාව නිසා කඳු බෑවුමේ සියලු දේ ගසාගෙන යන බරපතළ සැඩ ප්‍රවාහයකට හසු වී මේ අස්‌ථි මේ ස්‌ථානයේ තැන්පත් වන්නට ඇතැයි විශ්වාස කරනු ලැබේ. ජාවා බසින් ලහාර් (lahar) යනුවෙන් හැඳින්වෙන ඉතා චණ්‌ඩ ප්‍රවාහයක්‌ වන එයට ගලා යන ගමන් මෙඟහි හමු වන සියලු දේ ගසාගෙන යයි. මේ මිනිසුන් මිය යැමෙන් පසුව, එවැනි ප්‍රවාහයකට හසු ව ගසාගෙන විත් මේ ගංගා ඉවුරේ අස්‌ථි තැන්පත් වූ බව සැලකිය හැකි ය.

මෙහි දී හමු වී තිබුණේ හිස්‌කබලේ මුදුනට අයත් අස්‌ථි (skull cap) දොළහක්‌ හා පාදයේ කෙණ්‌ඩා අස්‌ථි (tibia) දෙකකි. මේ අස්‌ථිවලට අනුව එම මානවයන් අඩි 5-6 අතර උසකින් යුක්‌ත වූ බව ගණන් බලා ඇති අතර එය අප්‍රිකාවෙන් හා යුරේසියාවේ වෙනත් ස්‌ථානවලින් ලැබෙන Homo erectus මානවයන්ගේ ප්‍රමාණයට සමාන ය. එමෙන් ම අප මාතෘකා කරගත් ස්‌ථානයෙන් ලැබී ඇති අස්‌ථි වඩාත් මෑත කාලීන මෙන්ම වඩාත් දියුණු Homo erectus මානව පොසිල බව ද පැවසී ඇත.



මේ අස්‌ථි කාල නිර්ණය කිරීමට සඳහා එදා සිට ම විවිධ පර්යේෂකයන් උත්සාහ දරා ඇතත් ඒ පිළිබඳ විවිධ මත ඉදිරිපත් ව ඇති අතර ඒ ගැන විවාදයක්‌ පවතී. එයට හේතු වී ඇත්තේ කැණීම් බිම අවට ප්‍රදේශයේ භූවිද්‍යාත්මක තත්ත්වය සංකීර්ණ වීම හා මුල් කැණීම හා සම්බන්ධ විස්‌තර අපැහැදිලි තත්ත්වයක තිබීම ය. නිදසුනක්‌ ලෙස මේ ගැන මීට වසර විස්‌සකට පමණ පෙර කළ අධ්‍යයනයක දී ඒවා අදින් වසර 53,000ත් 27,000ත් අතර කාලයකට අයත් බවට දින නියම කර ඇත. ඒ අනුව Homo erectus මානවයන් Homo sapiens හෙවත් නූතන මානවයන් සමඟ එක ම කාලයක එම දූපතේ විසුවේ ද යන විවාදාත්මක අදහස ඇති විය.

මේ පොසිල පිළිබඳ ව වැඩිදුරටත් සොයා බැලීම පිණිස එම ස්‌ථානයේ නව කැණීමක්‌ සිදු කිරීමට අයෝවා විශ්ව විද්‍යාලයයේ පර්යේෂකයන් ප්‍රමුඛ පර්යේෂණ කණ්‌ඩායමක්‌ කටයුතු කර ඇත්තේ මෙබඳු පසුබිමක දී ය. ඒ සඳහා 1930 දශකයේ කළ කැණීම පිළිබඳ වැඩි විස්‌තර ලබාගෙන, බාධා නො වූ ස්‌ථානයක 2008-2010 කාලයේ දී කැණීමක්‌ සිදු කර ඇති අතර, අදාළ අස්‌ථි තැන්පත් වී තිබූ බොරළු සහිත තැන්පතුව හඳුනාගැනීමට හා එහි තිබූ මානව නො වන වෙනත් අස්‌ථි කාලනිර්ණය කිරීමට මේ පර්යේෂකයන්ට හැකියාව ලැබී ඇත.


නව කාලනිර්ණයක්‌


ඒ අනුව කැණීමේ දී හමු වූ සත්ත්ව අස්‌ථි සඳහා ඔවුන් කාලනිර්ණ ක්‍රම කීපයක්‌ ඇසුරින් දින නියම කර ඇත. ඒ අනුව එක්‌ කාලනිර්ණ ක්‍රමයකින් වසර 109,000 හා 106,000 අතර අවම දිනයක්‌ ලැබී ඇති අතර, තවත් කාලනිර්ණ ක්‍රමයකින් වසර 134,000 හා 118,000 අතර කාලනිර්ණයක්‌ ලැබී ඇත. මේ අනුව ආකෘතික වශයෙන් පෙර සඳහන් අදට වසර 117,000 හා 108,000 අතර දිනයක්‌ ඔවුන් ලබා දී තිබෙයි. මේ සඳහා ලබා දිය හැකි වඩාත් නිවැරැදි හා නිශ්චිත දිනය එම පර්යේෂණ කණ්‌ඩායමේ මතය වෙයි.

මේ දිනය වැදගත් වනුයේ එය Homo erectus මානවයා ජීවත් වූ බවට අප දන්නා වඩාත් ම මෑත කාලීන දින වකවානුව වීම නිසා ය. එවැනි මෑත දින වකවානුවක්‌ ලෝකයේ කිසිදු ප්‍රදේශයකින් ලැබී නැත. එමෙන් ම මේ මානවයන් ඉන්දුනීසියාවේ වසර මිලියනයක්‌ පමණ වාසය කර තිබීම ද වැදගත් ය.

අප්‍රිකාවෙන් මේ මානව විශේෂය වඳ වී ගොස්‌ ඇත්තේ අදින් වසර 500,000කට පමණ කාලයකට ඉහත දී වන අතර ආසියාවේ පිහිටි චීනයෙන් මේ මානව විශේෂය අදින් වර්ෂ 400,000කට පමණ ඉහත දී වඳ වී ගොස්‌ ඇත. එසේ නම්, ජාවා දූපතේ මේ මානවයා වැඩි කාලයක්‌ ජීවත් වූයේ ඇයි ද යන පැනය මතු වෙයි. එහෙත් මේ සඳහා ද පිළිගත හැකි මතයක්‌ ඉදිරිපත් ව ඇත. ඒ අනුව, සෙසු ස්‌ථානවල දී අනෙක්‌ මානව විශේෂවලින් ඇති වූ තරගය නිසා Homo erectus මානවයන් වඳ වී යන්නට ඇති නමුත්, ජාවා දූපතේ එවැනි තරගයක්‌ ඇති නො වූ හෙයින් මේ මානවයන් වැඩි කාලයක්‌ යන තුරු පැවතී තිබෙයි.


වඳ වී යැමට හේතු


එමෙන් ම මේ වන විට හෙළි වී ඇති පරිදි මේ පොසිල අයත් කාලයට ම`ද කලකට පෙර, එනම් වසර 130,000ක පමණ කාලයේ සිට ජාවා දූපතේ පරිසරය වෙනස්‌ වීමට පටන් ගැනිණි. එනම්, දිගු කාලයක්‌ විවෘත කැළෑ ලෙස පැවැති පරිසරය දේශගුණික වෙනස්‌ වීම් නිසා ක්‍රමයෙන් තෙත් වනාන්තරයක්‌ බවට පත් වෙමින් තිබිණි. ඇතැම් විට ජාවා දූපතෙන් Homo erectus මානවයන් වඳ වී ගියේ මේ පොසිල අයත් කාලයේ බව සිතිය හැකි බව මේ පර්යේෂකයන් දක්‌වා ඇති අදහසකි.

මීට හේතු දෙකක්‌ දක්‌වා ඇත. Homo erectus මානවයන් පිළිබඳ සාධක අදාළ අවධියෙන් පසු ව නො ලැබීම එක්‌ හේතුවකි. අනෙක්‌ හේතුව වන්නේ ඒ කාලය හා Homo sapiens හෙවත් නූතන මානවයන් එම දූපතට පැමිණි බවට සාධක ඇති කාලය වන අදින් වසර 39,000කට පෙර කාලය අතර ඇති වූ මානව ක්‍රියාකාරකම් පිළිබඳව සාධක නොමැති වීමයි. විද්‍යාඥයන් සාමාන්‍යයෙන් පිළිගන්නා පරිදි විවෘත සැවනා බිම්වලට පුරුදු වූ Homo erectus මානවයාට වර්ෂා වනාන්තරයක ගෙවන ජීවිතයකට හුරු වීමට අසීරු වන්නට ඇත. දැනට අප දන්නා පරිදි වර්ෂා වනාන්තරයක දිවි ගෙවීමට හුරු වූ එක ම මානවයා නූතන මානවයා ය. එවැනි ජීවිතයකට අවශ්‍ය විශේෂිත ශිලා මෙවලම් නිෂෘපාදනය කිරීමට Homo erectus අසමත් වීම මීට හේතුවකි.

කෙසේ වෙතත් මේ අධ්‍යයනයෙන් හෙළි වන කරුණු පිළිබඳව සමහර විද්‍යාඥයන් අතර එකඟතාවක්‌ නැත. එවැනි විද්‍යාඥයන් පෙන්වා දී ඇති පරිදි තවත් සමහර ස්‌ථානවලින් ලැබෙන පොසිල නිසි පරිදි කාල නිර්ණය කර නැති බැවින් වඳ වී ගිය දිනය හා සම්බන්ධ නිගමනවලට එළැඹීමට ඉක්‌මන් වැඩි විය හැකි ය.

මූලාශ්‍රය - Nature, DOI: 10.1038/s41586-019-1863-2

Sunday, January 12, 2020

මීළඟ ඊමේල් පණිවිඩය යවන්න පෙර සිතන්න..!

ධනේෂ් විසුම්පෙරුම



විදුසර, 2020.01.08, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/01/08/feature1.html






සන්නිවේදනය සඳහා අද ලෝකයේ වැඩි වශයෙන් භාවිත වන මෙවලමක්‌ හෝ මෙවලම හෝ ලෙස විද්යුත් තැපෑල හෙවත් ඊමේල් පණිවිඩ දැක්‌විය හැකි ය. කඩදාසිවල ලියන ලිපි වෙනුවට ඊමේල් යෑවීම වඩාත් පරිසර හිතකාමී සන්නිවේදන උපක්‍රමයකි. ඒ කඩදාසිවල හා මුද්‍රණයේ කාබන් පියසටහන ඊමේල්වලට වඩා ඉහළ නිසා ය.

එහෙත් ඊමේල් සන්නිවේදනයේ පාරිසරික පියසටහන ද සැලකිය යුතු එකක්‌ බව අප අමතක නො කළ යුතු ය. 'අනවශ්‍ය' හෙවත් අත්‍යවශ්‍ය නො වන ඊමේල් පණිවිඩ යෑවීම අඩු කිරීමෙන් ඉතිරි කළ හැකි කාබන් විමෝචන ප්‍රමාණය ගැන අදහසක්‌ පසුගිය නොවැම්බර් මාසයේ නිකුත් වූ වාර්තාවකින් ලබාගැනීමට හැකි ය. එය බ්‍රිතාන්‍යය පාදක කරගත් අධ්‍යයනයක්‌ වුව ද සමස්‌තයක්‌ ලෙස ලෝකයට ම අදාළ වෙයි.


ඊමේල් කාබන් පියසටහන


OVO Energy නම් සමාගම විසින් සිදු කරන ලද එම අධ්‍යයන වාර්තාව අනුව බ්‍රිතාන්‍ය වැසියන් විසින් එක්‌ දිනයක දී යවනු ලබන අනවශ්‍ය ඊමේල් පණිවිඩ ගණන මිලියන 64ක්‌ පමණ ය. ඒවා අතරින් වඩාත් ම සුලබ අනවශ්‍ය ඊමේල් පණිවිඩය වන්නේ එවූ පණිවිඩයකට ස්‌තූති කරමින් යවනු ලබන පණිවිඩ ය. මේ පණිවිඩ එන ලිපි (Inbox) අවකාශය පුරවනවා පමණක්‌ නො ව පරිසරයට ද බලපෑම් කරයි. මෙසේ යවනු ලබන සැම පණිවිඩයක්‌ පාසා ම අපගේ කාබන් පියසටහන ඉහළ යයි.

එක්‌ අනවශ්‍ය ඊමේල් පණිවිඩයක්‌ සඳහා කාබන් ග්‍රෑම් එකක්‌ පමණ නිකුත් වන බව ගණන් බලා ඇත. එය විශාල අගයක්‌ බව අපට නො සිතේ. එහෙත් ඉහත සඳහන් පරිදි එක්‌ දිනකට යවනු ලබන අනවශ්‍ය ඊමේල් මිලියන 64ක්‌ නිසා වාර්ෂික ව කාබන් විමෝචන ටොන් 23,475ක්‌ පමණ සිදු වෙයි. එසේ ම, සැම වැඩිහිටියකුට ම දිනකට මෙවැනි අනවශ්‍ය ස්‌තුති කිරීමේ පණිවිඩ යවන ගණන එකකින් අඩු කළ හැකි නම්, ඉතිරි කළ හැකි කාබන් විමෝචන ප්‍රමාණය මෙට්‍රික්‌ ටොන් 16,433ක්‌ පමණ වෙයි. මෙය කෙතරම් ප්‍රමාණයක්‌ ද යන්න සංසන්දනය කළ හොත් ඩීසල් කාර් රථ 3,334ක්‌ ධාවනයෙන් ඉවත් කිරීම හා සමාන ය.

මේ ආකාරයෙන් ඊමේල්වල කාබන් විමෝචන සිදු වන්නේ කෙසේ දැයි ඔබ තුළ කුහුලක්‌ මතු වනවා විය හැකි ය. අදාළ පණිවිඩය ලිවීමේ දී පරිගණකයේ හෝ දුරකථනයේ හෝ විදුලිය වැය වෙයි. එම පණිවිඩය ජාලය හරහා ගමන් කිරීමේ දී ද විදුලියක්‌ වැය වෙයි. ඒ පණිවිඩය ක්‌ලවුඩ් තැන්පතුවක (cloud) ගබඩා කරනු ලැබෙන්නේ දත්ත මධ්‍යස්‌ථාන භාවිතයෙනි. මේ දත්ත මධ්‍යස්‌ථාන ක්‍රියාත්මක වීම සඳහා අප සිතනවාට වඩා වැඩි විදුලි බලයක්‌ වැය වෙයි.


අනවශ්‍ය පණිවිඩ නවතා දැමීම


මේ අනුව අදාළ වාර්තාවෙන් යෝජනා කරනු ලබන්නේ ස්‌තූති කිරීමට හෝ හුදෙක්‌ ප්‍රතිචාර දැක්‌වීමට හෝ හාස්‍යය උදෙසා හෝ යවනු ලබන ඊමේල් පණිවිඩ යෑවීම හැකි තාක්‌ නවතා දමන ලෙස ය. එය ආචාරශීලී නො වන්නක්‌ විය හැකි වුව ද, එමඟින් මිහිතලය බේරාගැනීමට ඉතා සුළු දායකත්වයක්‌ ලබා දීමට සැමට ම හැකි ය.

හුදෙක්‌ ඊමේල් පණිවිඩ නො යවා සිටීමෙන් පමණක්‌ දේශගුණ අර්බුදය නො විසඳෙන බව සත්‍යයකි. එහෙත් අප සිදු කරන මෙවැනි කුඩා කුඩා පියවරක්‌ නිසා ඇති විය හැකි කාබන් පියසටහන කෙතරම් ද යන්න ගැන නැවතත් සිතා බැලීමට අප පොලඹවන්නකි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, මෙය අප විසින් නාස්‌ති කරනු ලබන යම් යම් ද්‍රව්‍යවල ප්‍රමාණය ගැන නැවත නැවතත් සිතීමට අපව පොලඹවන බව සිතිය හැකි ය.

උක්‌ත සමාගම විසින් මේ සඳහා ගූගල් ක්‌රෝම් බ්‍රවුසරය සඳහා භාවිත කළ හැකි කාබන් කැපර් (Carbon Capper) නම් ක්‌රෝම් දිගුවක්‌ (extension) නිර්මාණය කර ඇත. එය ක්‌රෝම් සඳහා එක්‌ කළ පසුව ඔබ කිසියම් ඊමේල් පණිවිඩයකට කෙටි පිළිතුරක්‌ දීමට සැරසෙන විට එම පණිවිඩය යෑවිය යුත්තක්‌ දැයි සිහිපත් කරයි. එහෙත් අපට අවශ්‍ය නම් එය යෑවීමට හැකි ය. නැත හොත් නො යවා සිටීමෙන් මිහිතලයට සුළු හෝ යහපතක්‌ සිදු කළ හැකි ය.


තොරතුරු තාක්ෂණයේ කාබන් පියසටහන


සමස්‌තයක්‌ ලෙස තොරතුරු තාක්ෂණයේ කාබන් පියසටහන හා පාරිසරික පියසටහන සැලකිය යුතු කාලයක සිට අවධානයට ලක්‌ වූ කරුණකි. එහි කාබන් පිටසටහන අපගේ නිරීක්ෂණයට හසු නො වන්නේ එම කාබන් විමෝචන සිදු වන්නේ අප භාවිත කරන විදුලිය උත්පාදනය වන තැන දී වන නිසා ය. එම විදුලිය නිපදවන ක්‍රමය කාබන් විමෝචන නිපදවන්නක්‌ විය හැකි නම් එහි සැලකිය යුතු කාබන් පියසටහනක්‌ ඇත. අප දුරකථනය හෝ පරිගණකය හෝ භාවිත කරන්නට කරන්නට අපගේ ඒ සඳහා වන දායකත්වය ඉහළ යයි. අපට දුරකථනයේ හෝ පරිගණකයේ හෝ බැටරි යළි ආරෝපණය කිරීමට සිදු වන්නේ එහි පැවැති ආරෝපණය භාවිතයේ දී අවසන් වී ඇති නිසා ය. එහි දී අප භාවිත කරන විදුලි බලය එය පිරිසිදු හෙවත් පුනර්ජනනය කළ හැකි විදුලියක්‌ නො වන්නේ නම්, ඉහළ කාබන් පියසටහනක්‌ එයට තිබේ. මේ අනුව ඉතා ම කාර්යක්ෂම ලෙස අප දකින නූතන සන්නිවේදනයේ කාබන් පියසටහන ද සැලකිය යුතු තරම් වූවකි.

අප පෙර සඳහන් කළ ලෝකය පුරා පිහිටා ඇති පරිගණක දත්ත මධ්‍යස්‌ථානවල අධික විදුලි භාවිතය පිළිබඳ ව මෑත කාලයේ දී අවධානය යොමු වීම නිසා අන්තර්ජාලය හා සම්බන්ධ සමාගම් පිරිසිදු බලශක්‌තිය භාවිතයට යොමු ව තිබෙයි. ෆේස්‌බුක්‌ සමාගම පැවසූ පරිදි ඔවුන්ගේ සේවාදායක පරිගණක (server) අධික උෂ්ණත්වයක්‌ ඇති තත්ත්ව යටතේ වුව ද ක්‍රියාත්මක විය හැකි ය. ඒවා සිසිලනය කිරීම සඳහා අධික විදුලියක්‌ වැය වන වායුසමනය කිරීම් අවශ්‍ය නො වන අතර බාහිර පරිසරයේ වාතය ඒ සඳහා යොදාගැනීමට හැකි ය. එමෙන් ම ගූගල් සමාගම 2017 වර්ෂයේ සිට ඔවුන්ගේ දත්ත මධ්‍යස්‌ථාන හා කාර්යාලවල සම්පූර්ණයෙන් ම පුනර්ජනනය කළ හැකි විදුලිය භාවිත කරයි. ඇපල් සමාගම පුනර්ජනනය කළ හැකි විදුලිය මඟින් සිය බලශක්‌ති අවශ්‍යතාවෙන් 100%ක්‌ ම ලබා ගත්තේ 2018 වර්ෂයේ දී ය.


අපට කළ හැකි දේ


කෙසේ වෙතත් අන්තර්ජාලය හා විවිධ සේවා භාවිත කරන අප රට වැනි රටක භාවිත කරන විදුලියෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ ෆොසිල ඉන්ධන දහනයෙන් ලබාගන්නා විදුලිය විය හැකි ය. එබැවින් අප පරිසරය පිළිබඳ ව සිතන්නේ නම්, සබුද්ධික ව අවශ්‍ය දේ පමණක්‌ තෝරා බේරාගෙන පරිගණක හා ජංගම දුරකථන මෙන් ම, ඊමේල් හා අන්තර්ජාලය ද භාවිත කිරීම සුදුසු ය.

මේ පිළිබඳ ව කියෑවූ අපට සිතුණු දෙයක්‌ වූයේ ඊමේල් පමණක්‌ නො ව සමාජ ජාල හා වෙනත් පණිවිඩ මෙවලම් පිළිබඳ ව ද මෙය අදාළ නො වන්නේ ද යන්න ය. ඊමේල් මෙන් ම අත්‍යවශ්‍ය නො වන සන්නිවේදන කටයුතු සඳහා යොදාගන්නා තවත් ඩිජිටල් සන්නිවේදන මාධ්‍යයක්‌ වන්නේ සමාජ ජාල හා වෙනත් පණිවිඩ යෑවීමේ මෙවලම් ය. අප ඒවා කෙතරම් අනවශ්‍ය දේ සඳහා භාවිත කරනු ලබන්නේ ද? කෙනකු ගත් කෑම වේලක හෝ සුරතල් සතුන්ගේ පින්තූර ආදිය සමාජ ජාලවල පළ කිරීම මේ සඳහා නිදසුන් ය. ඒවා අත්‍යවශ්‍ය දේ නො වේ. එසේ නම් පරිසරය වෙනුවෙන් සංවේදී අප සබුද්ධික ලෙස සමාජ ජාල භාවිතය ගැන සිතිය යුතු වෙයි. අන්තර්ජාලයේ සෙසු වෙබ් අඩවි ආදිය භාවිතය සම්බන්ධ ව ද එය එසේ ම ය. අපට බොහෝ වැදගත් දේ ගෙන එන අන්තර්ජාලයෙන් පරිසරයට සිදු වන හානිය වළක්‌වාගැනීමට නම් අන්තර්ජාලය භාවිත කළ යුත්තේ තෝරා බේරාගැනීමෙන් බව පැහැදිලි ය.

Tuesday, January 7, 2020

Cast(e) in favour

A century after the first ‘election’ of the Legislative Council


Dhanesh Wisumperuma

The Nation, 2011.12.11



December 12 and 13 of this year mark the 100th year anniversary of the first ever election held in Sri Lanka (then Ceylon) to elect members to the Legislative Council of Ceylon. Although it was an island-wide election, only a small percentage of the total population was eligible to vote, as voters were selected through strictly defined criteria. However, the 1911 election can be considered a milestone in the history of democracy in the country.

The elective principle was introduced to Ceylon in 1911 with the constitutional reforms of 1910, widely known as McCallum reforms, after Henry McCallum the then Governor. But it is sometimes mentioned as Crewe-McCallum reforms after Earl of Crewe (Robert Offley Ashburton Crewe-Milnes), who was the Secretary of State for the Colonies in the United Kingdom. According to records it was Crewe who actually supported the introduction of the elective principle while the Governor of Ceylon and some of the local leaders opposed it. The compromised solution was to introduce elections where only a limited number can vote, based on strict criteria, mentioned below.

The Legislative Council of Ceylon was established in 1833 on a recommendation of the Colebrooke-Cameron Commission as the legislative body under the British administration along with the Executive Council. The number of representatives of the Legislative Council increased with time, but they were all nominated by the Governor. However, with the reforms of 1910, four of the ten unofficial members were to be elected by an election. The balance six unofficial members were to be nominated by the governor on the basis of ethnicity – two low country Sinhalese, two Tamils, a Kandyan Sinhalese and a Moor. There were 11 official members, almost all British by nationality, who held the post based on their official capacity as Civil Servants. The Council consisted of a total of 21 members.

Election and electorates


The 1911 election was held to elect the four unofficial members mentioned above for the following four electorates - two for European electorates (European urban and European rural) one for the Burgher electorate and one for the Ceylonese electorate. It seems that the electorates were defined by the voters and were not demarcated geographically as today. The regulations relating to the election were published in the Ordinance 13 of 1910, which is known as Legislative Council Ordinance. The ordinance provides criteria for eligible candidates, for voters and the details of the election procedure.

European seats were for the Europeans who were in Sri Lanka and registered Europeans were eligible to vote. Burghers, who were a privileged group of society in Sri Lanka, were to vote to elect a Burgher representative. Burghers of paternal or maternal descent with certain other qualifications such as ability to read write and speak English were able to vote in the Burgher electorate. All other eligible Ceylonese were to elect the representative for the Ceylonese electorate. The voters were selected based on certain educational and professional backgrounds – a fact which made this election go down in history as the “Educated Ceylonese” election.
When the nominations were called both Europeans seats were filled without any election as there was only one nomination for each. Hence an election was necessary for the Burgher electorate and the Ceylonese electorate. 2149 and 2934 voters were eligible to vote for the Burgher and Ceylonese electorates respectively. A revised register of voters was published on Ceylon Government Gazette No. 6468, on October 27, 1911, in which the names of all eligible voters and their addresses are given (including Europeans) according to their respective polling station (there is a difference in the list and the actual eligible voters of the Ceylonese electorate, may be due to a further revision).
Elections were held on December 12 and 13 and the results were counted and released on the December 18 at Colombo - Burgher electorate in the morning and Ceylonese electorate in the afternoon. The elected were appointed by Gazette notification on December 22. The first meeting of the new Legislative Council was held in the afternoon of January 16, 1912.

Burgher electorate


There were three nominations for the Burgher electorate and the election was held on December 12 at 25 polling stations island-wide. Hector William van Cuylenburg who took 829 votes emerged victorious defeating H Geo Thomas and Arthur Alvis, who took 466 and 273 respectively. 1568 Burghers, a 72.9% of the total number of the registered voters cast their vote. Hector van Cuylenberg, a proctor and a notary public, was a well known figure of the Burgher community. He served in the Council until his death in 1915.

Contest for Ceylonese electorate


The contest for the Ceylonese electorate was held on December 13, 1911. The two candidates were Ponnampalam Ramanathan (later Sir), a barrister-at-law, an advocate and a well known figure in local politics, and Dr. H Marcus Fernando, a well known physician.

The election was held at 29 polling stations across the country. There were three polling stations in Colombo (which included present Gampaha district), Kandy, Nuwara Eliya and Badulla districts and two in Puttalam. All stations in Colombo were located in the Colombo city while in other districts the polling stations were dispersed throughout those districts. This seems to be based on two factors - larger number of voters (1369 voters were registered in Colombo) and travelling difficulties in other districts. According to news reports there was a marked interest among the voters as 2626 out of 2934 registered voters cast their vote. It amounts to 89.5% voting, a highly significant figure when we consider the transport facilities available at the time.

The result was Ponnampalam Ramanathan emerging victorious with 1645 votes while his opponent, Dr. H Marcus Fernando, obtained 981 votes. Someone today may be confused by this result, a Tamil contestant emerging as the winner of the election where most of the voters were Sinhalese by ethnicity. There is a widely accepted fact that caste matters played a big role in this election. Ramanathan (who was of Tamil Vellala caste) was supported by the Sinhalese voters of the parallel Sinhalese caste (Govigama) against his opponent of a different caste (Sinhalese karava caste). Hence this is considered as the election in which caste was involved for the first time in Sri Lankan politics. Both Governor and the Colonial Secretary (Hugh Clifford) of that time have mentioned this fact in their minutes and writings.
However, Ramanathan was a well known character of the day and his campaign was well organised. He travelled to many of the major cities in the country where he was adored by the community. A report says that in Ratnapura he was welcomed in a procession with 43 elephants. His campaign received more attention in media reports of the time.

Whatever the outcome Ramanathan did justice to the responsibility he held as the Ceylonese representative in the Legislative Council. His action in defence of detained Sinhalese leaders of 1915 riots is well documented. This is especially significant when one considers the role of some Sinhalese leaders that kept silent or supported the British on this matter. Ramanathan seems to emerge as a national leader by the next election of the Ceylonese electorate, which was held on January 20, 1917. He was elected with 1704 votes cast in favour of him while his opponent, J. S. Jayawardene received only 48 B. This time, both were from parallel castes in Tamil and Sinhalese societies.
As we know, politics in Sri Lanka has changed significantly after this period – both in the ethnic and caste arena.