නුගේගොඩ ඉදල උඩහමුල්ලට යන්න බස් එකකට හිටිය ඉරිද හවසක ටිකක් ඉදිද්දි ආව ලංගම එකක්. ඒකෙ උඩ බෝඩ් එක මහනුවර (17) පහල තිබ්බා නුගේගොඩ 183 බෝඩ් එකක් - කියන්නෙ මහනුවර ඉදල පානදුර ඇවිත් ඩිපෝ යන ගමන්. බස් එක ස්ලෝ කලාම කොන්දොස්තර කීව "උඩහමුල්ල... ඩිපෝ විතරයි" කියල. ජනේලයකින් හිස එලියට දාල එයා ඒක කියන්න ඇති හත් අට පාරක්. නුවර යන්නෙ නෑ කියලත් කීවා. 119 එනකමි හිටපු දහ පාලොස් දෙනෙක් බස් එකට නැග්ගා. එච්චර කියලත් එක් තරුණයෙක් නැගලා නුවර යන්න. මගින් නවතලා එයාව බස්සපු කොන්දොස්තර ඇවිත් කියනවා "අච්චර කියලත් නැගලනේ... කනේ ඉයර් ෆෝන් නේ" කියලා.
තව දවසක් 176 යද්දි එලිපින්ස්ටන් එක ළඟින් නැගපු තරුණියක් නැග්ගෙ කෝල් එකකමයි. ඒක ටිකක් සද්දෙන් යන කෝල් එකක්. මරු වැඩේ කියන්නෙ ඉඳගන්න තැනක් නැතිව, ඇතුලෙ ඉඩ තියෙද්දිත් දොර ළඟම හිටගෙන දොරේ කණුව වටෙන් අත කරකවල අරන් තමයි පෝන් එක කනේ තියාගත්තෙ. අනෙක් අතින් බාර් එක අල්ලගෙන. එයා හිටියෙ එතන නෙමෙයි කෝල් එකේමයි. පස්සෙ සීට් එකේ හිටපු මටත් තව අයටත් එයාගෙ ගෙදර විස්තර පවා අහගන්න උනත්, මම නං බයෙන් ආවෙ ඒ ළමයා වැටුනොත් එහෙම සාක්කි දෙන්න වෙයි ද කියලා! කොන්දොස්තරත් ඉඟි මරණව අපට, "අනේ ද කියන්නෙ" කියන බැල්මෙන්. ඒ තරුණිය හිටියෙ සාමාන්‍යයෙන් කොන්දොස්තර ඉන්න තැන. කැපිටල් එක ළඟ බහින්න එයා ළඟ සෙනඟ පිරුනම තමයි එයාට ඉන්න තැන මතක් උනේ.
No comments:
Post a Comment