Monday, June 5, 2023

ප්ලාස්ටික් දූෂණය සඳහා විසඳුම් සෙවීම



අද, එනම් ජුනි මස පස්වන දා, ජගත් පරිසර දිනයයි. මෙවර එහි තේමාව වී ඇත්තේ ප්ලාස්ටික් දූෂණය සඳහා විසඳුම් සෙවීමයි.

රාජගිරියේ පාසලක තාප්පයේ ඇති මේ චිත්‍රයෙන් දැක්වෙන්නේ මිනිසුන් පරිසරයට බැහැර කරන ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය, වෙනත් ජීවීන්ට බලපෑම් කරන අන්දමයි. අප දන්නා පරිදි, එහි හානිකර බලපෑම් මිනිසුන්ට ද දැනෙමින් තිබේ.

ඒ චිත්‍රය පාමුල, පදික වේදිකාවේ ඇති ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය මෙතැනට පැමිණියේ කෙසේද? ඒ මිනිසුන් විසින්ම බැහැර කිරීමෙන් පසුව මාර්ගය පිරිසිදු කරන සේවක පිරිස් විසින් එකතු කළ නිසාය. මේ චිත්‍රය දැක ඇති අය ද මේ කසල බැහැර කරන්නට ඇත... මේ අනුව වගකීම පැහැරහැර ඇත්තේ ජනතාව විසින්ම බව පෙනේ.

ප්ලාස්ටික් නිසා ඇති වන පරිසර දූෂණය වැළැක්වීමට නම් අප භාවිත කරන ප්ලාස්ටික් නිෂ්පාදන අවසානයේ බැහැරලන ආකාරය ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. භාවිතය අවම කිරීම, නැවත භාවිතය හා ප්‍රතිචක්‍රියකරණය යන 3R සංකල්ප මෙන්ම අවසන් බැහැරලීම විධිමත් වීම ද වැදගත්ය. (පසුගියදා පැවති ප්ලාස්ටික් දූෂණය පිළිබඳ අන්තර්ජාතික සාකච්ඡාවක දී ඇතැම් පාර්ශ්ව (රටවල්) තර්කය වූයේ ප්ලාස්ටික් පරිසර දූෂණයේ ගැටලුව ඇත්තේ අවසන් බැහැරලීමේ බවයි. අප ඊට එකඟ නොවන නමුත්, ප්ලාස්ටික්වලින් තොර ජීවිතයක් ගැන සිතීමත් අපහසු නිසා, මේ තර්කය ඉදිරි සංවාදවල දී ප්‍රධාන ධාරාවේ අදහස වීමේ අවදානමක් ඇති බව සිහිතබාගත යුතු වේ).

ධනේෂ් විසුම්පෙරුම

2023.06.05

ඡායාරූපය - 2023 අප්‍රේල් 9 සවස.

No comments:

Post a Comment