ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2020.08.05, පි. 5 (Vidusara)
http://www.vidusara.com/2020/08/05/feature2.html
පැරණි ගොඩනැගිලි ඉදිකරන ලද දින වකවානුව තීරණය කිරීමේදී පුරාවිද්‍යාත්මක සාධක යොදාගැනීම ඉතා සාමාන්‍ය දෙයකි. විශේෂයෙන් පැරණි ගොඩනැගිලි සම්බන්ධව ප්‍රාමාණික ඓතිහාසික වාර්තා නොමැති තත්ත්වයක දී මේ ආකාරයට කටයුතු කිරීම සාර්ථක ක්‍රමවේදයකි. ඒ සඳහා අදාළ ගොඩනැගිල්ලේ වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ, එතැනින් හමුවන සෙල්ලිපි මෙන්ම වෙනත් පුරාවස්තු ආදිය ද යොදා ගත හැකිය. ගඩොල්වල ප්‍රමාණය, අලංකරණ මෝස්තර, ගල් කණු ආදියේ ඇති සලකුණු ආදිය ද මේ සඳහා යොදාගත හැකිය. මෙවැනි උපක්‍රම යොදාගෙන ලංකාවේ බොහෝ පැරණි ගොඩනැගිලි සඳහා සාර්ථක ලෙස දින නියම කර ඇත.
කෙසේ වෙතත් මෙහිදී ගැටලු ඇති වන කරුණු කීපයක් හඳුනාගැනීමට හැකියාව තිබේ. ඉන් එකක් වන්නේ කලින් කලට ප්‍රතිසංස්කරණය කර ඇති ගොඩනැගිලි හා වෙනත් ඉදිකිරීම්වල එවැනි අවස්ථා ගැන කාලය තීරණය කිරීමේදීය. මෙරට හමු වී ඇති බොහෝ ස්තූප සජීවී ආගමික ස්ථාන බැවින් ඒවා වරින්වර ප්‍රතිසංස්කරණය කර ඇත. එහෙත් ඓතිහාසික වාර්තාවල සඳහන් වන්නේ ප්‍රධාන පෙළේ ස්තූප හා ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණ සම්බන්ධව පමණි. නිදසුනක් ලෙස මහියංගනය ස්තූපය හා ලෝවාමහාපාය වැනි ස්ථාන දැක්විය හැකිය. එහෙත් රටේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකි වෙනත් ස්තූප රැසක ද මෙවැනි ප්‍රතිසංස්කරණ සිදුව ඇති අතර ඒ ගැන පුරාවිද්‍යාත්මක සාධක ද දැකිය හැකිය. මේ සමඟ ඇති ඡායාරූපයක දැක්වෙන අනුරාධපුරයේ, කටියාවේ පිහිටා ඇති නාවාගල ස්තූපය එවැන්නකි. එහි අවසන් ඉදිකිරීමේ පේසා වලලුවලට ඇතුළතින් පැරණි ඉදිකිරීමක පේසා වලලු පෙනේ. ස්තූප ප්‍රතිසංස්කරණය කිරීමේදී මේ ආකාරයෙන් කොටසක් නිරාවරණය කර තැබීම අධ්‍යාපනික වශයෙන් ඉතා වැදගත්ය.
ඈත අතීතයේ කෙසේ වුවද පසුගිය සියවස් කිහිපයක කාලය තුළ ඉදිකරන ලද ගොඩනැගිලිවල කාලය තීරණය කිරීම සඳහා යොදාගත හැකි ප්‍රමාණවත් ලිඛිත සාධක පවතී. විශේෂයෙන් සමකාලීන වාර්තා, සිතියම්, චාරිකා සටහන් ආදි ප්‍රාථමික මෙන්ම සමකාලීන ද්විතීයික මූලාශ්‍රයද තිබෙයි. එබැවින් ඒවා ඉදිකරන ලද කාලය තීරණය කිරීමේ දී එවැනි සාධක යොදාගැනීමට හැකිය.
මේවා වැදගත් වන අවස්ථා දෙකක් සම්බන්ධව අපට මෙහිදී සඳහන් කළ හැකිය. ඉන් එකක් වන්නේ පැරණි වාස්තුවිද්‍යාත්මක මෝස්තරයකට පසුකාලීනව ගොඩනැගිලි තැනූ අවස්ථාවලදීය. අනෙක් අවස්ථාව වන්නේ එකම මෝස්තරයට එකම ස්ථානයේ ගොඩනැගිලි කීපයක් විවිධ කාලවලදී තනා ඇති අවස්ථාවලදීය.
පැරණි යුගයක වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිතව පසුකාලයක දී කරන නිර්මාණවලට දින නියම කිරීමේ දී ඒ පිළිබඳ වාර්තා නොමැති වීමෙන් නොමග යෑමට හැකිය. මෙවැනි අවස්ථාවල දී වාස්තුවිද්‍යාත්මක දත්ත මත තීරණ ගැනීමට නොහැකි වන්නේ ඒ ගොඩනැගිල්ලේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පෙර කාලයකට අයත් වුවත්, නිර්මාණය පසු කාලයකට අයත් වන නිසාය. ඒ සඳහා ඓතිහාසික වාර්තා ප්‍රයෝජනවත් වේ. මෙවැනි ඉදිකිරීම් ගණනාවක්ම අපේ රටේ පවතී.
මෙවැනි ඉදිකිරීමක් සඳහා වන හොඳම නිදසුනක් වන්නේ රුවන්වැල්ල පැරණි බලකොටුව අසල මාර්ගය අසලම ඇති අම්බලමයි. එහි දැකිය හැකි කණු හා වහල උඩරට (මහනුවර) සම්ප්‍රදායට අයත්ය. ඒවා බෙහෙවින් උසස් මට්ටමේ නිර්මාණ ලෙස හැඳින්විය හැකිය. එහෙත් මෙය ඉදිකිරීම සම්බන්ධව ප්‍රමාණවත් වාර්තා ඇති බැවින් ද, ඒ ගැන සඳහන් ශිලාලේඛනයක් ඇති බැවින් ද එය ඉදිකර ඇත්තේ 1900 දශකයේ දී බව අපි දනිමු. (පසුකාලීනව මේ ගොඩනැගිල්ලේ බිත්ති බැඳ තිබූ අතර වාර්තා වන පරිදි මෑත දී ඒවා ඉවත් කර මුල් පෙනුම ලබා දී ඇති බව වාර්තා වෙයි.) උඩරට සම්ප්‍රදායකට අයත් වූ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිතව බ්‍රිතාන්‍ය යුගයේදී ඉදිකරන ලද මෙවැනි අම්බලම් කීපයක් රටේ විවිධ ස්ථානවල පවතී.
පසුගියදා කොටසක් කඩා දමන ලද කුරුණෑගල ගොඩනැගිල්ල පිළිබඳ සිදුවීම ද මෙවැනි සිදුවීමක් බව සාධක අනුව පෙනේ. එම ගොඩනැගිල්ල පිහිටා ඇති ස්ථානය ද ඇතුළත් භූමිභාගයේ 1878 වර්ෂය වන විට සරඹ පිටියක් පැවති බව සිතියම් අනුව පෙනෙයි. එය 1878 වර්ෂයට පෙර එම ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ ස්ථිර ඉදිකිරීමක් නොතිබූ බවට සාධකයකි. 1887 වර්ෂයේදී ඒ ස්ථානයේ වික්ටෝරියා රැජිනගේ ජුබිලි මංගල්‍යයක් වෙනුවෙන් ‘ජුබිලි අම්බලමක්’ ඉදි කළ අතර, භාවිතයට නොගත් බැවින් පසුව එම අම්බලම කඩා දමා 1893-94 කාලයේ දී එතැන නගරශාලාවක් ඉදි කරන ලද බවට ලිඛිත සාධක පවතී. එම අම්බලමේ තිබූ මහනුවර සම්ප්‍රදායේ දැව කුළුණු ද භාවිත කර නගර ශාලාව තනා ඇත. ඒ අනුව මෑතකදී කොටසක් කඩා දමන ලද ගොඩනැගිල්ල එම නගරශාලාවේ යම් යම් වෙනස්කම් කිරීමෙන් පසුව නවීකරණය කළ ගොඩනැගිල්ලක් බව නිගමනය කිරීම සාධාරණය. මහනුවර සම්ප්‍රදායේ ලක්ෂණ සහිත ‘මුලාදෑනි නවාතැනක්’ හෙවත් ‘ස්වදේශික අම්බලමක්’ 1903-04 අතර කාලයේදී කුරුණෑගල නගරයේ තනනු ලබන්නේ නගරයට පැමිණෙන දේශීය නිලධාරින්ගේ භාවිතයටය.
මෙවැනි තවත් අපූරු අවස්ථාවක් වන්නේ එකම ගොඩනැගිලි සංකීර්ණයක, එකම වාස්තුවිද්‍යාත්මක මෝසතරයට තනා ඇති ගොඩනැගිලි විවිධ කාලවකවානුවලදී ගොඩනගා තිබීමය. මෙය අදාළ ගොඩනැගිලි සංකීර්ණයේ අලංකාරිත්වයට හේතුවක් වෙයි. කොළඹ ජාතික කෞතුකාගාර ගොඩනැගිලි සංකීර්ණය මේ සඳහා හොඳම නිදසුනක් ලෙස දැක්විය හැකිය.
කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රධාන ගොඩනැගිලි ත්‍රිත්වය හා ශ්‍රවනාගාරය සහිත ගොඩනැගිල්ල වාස්තු විද්‍යාත්මකව ගත් විය එකම මෝස්තරයකට අයත් වෙයි. එහෙත් මේවා කාලවකවානු හතරකදී ඉදිකරන ලද්දේ වෙයි. කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ වැඩ අවසන් කරන ලද්දේ 1876 වර්ෂයේදී ය. ඉතාලියානු ගෘහනිර්මාණ මෝස්තරයට සැලසුම් කරන ලද එහි සැලසුම ජේම්ස් ජී. ස්මිදර්‌ගේය. එම කොටස විවෘත කරන ලද්දේ 1877 වසරේදීය. එයට අයත් වන්නේ ඉදිරියෙන් ඇති මහා මාර්ගයට සමාන්තරව ඇති ගොඩනැගිල්ල පමණි. (මෙහි සඳහන් ඡායාරූපය 1908ට පෙර ගන්නා ලද්දකි). එයට වාස්තු විද්‍යාත්මකව සමාන වුවත් ඊට දෙපසින් ඇති ගොඩනැගිලි ඉදිකර ඇත්තේ පසුකාලයකදීය. වර්තමානයේ ජාතික කෞතුකාගාර පුස්තකාලය පිහිටා ඇති කොටස ඉදිකරන ලද්දේ 1907-1910 අතර කාලයේදීය. ඒ සඳහා ඇස්තමේන්තු ගත කර ඇති මුදල රු. 120,500ක් වූ අතර ඊට අඩුවෙන් මේ කාර්යය අවසන් කර ඇත. මේ කොටසේ පළමු මහජන රැස්වීම පවත්වා ඇත්තේ 1909 වර්ෂයේ මැයි මස 13 වන දාය. එසේම ජාතික කෞතුකාගාරයේ බටහිර අංශය ලෙස හඳුන්වනු ලබන කොටස 1927-1930 අතර කාලයේදී ඉදිකරන ලදි. තවත් කොටස් දෙකක් 1962 දී හා 1973 වර්ෂයේදී අවසන් කර ඇත. එසේම කෞතුකාගාර ශ්‍රවණාගාරය පිහිටා ඇති ගොඩනැගිල්ල ඉදිකරන ලද්දේ 1990 දශකයේදී පමණය. මේ අනුව වාස්තුවිද්‍යාත්මක මෝස්තරය එකම වුවත් ඇතැම් ගොඩනැගිලි ඉදි කළ කාලවකවානු වෙනස් වීමට ඉඩ ඇති බව පැහැදිලිය. එවැනි අවස්ථාවල වාර්තාවල වැදගත්කම ඉහළය.
මේ කරුණු අනුව පෙනී යන්නේ සමහර ගොඩනැගිලිවල කාලය තීරණය කිරීමේදී සැලකිය යුතු කරුණු ගණනාවක් ඇති බවයි. වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ මගින් එය සිදු කළ හැකි වුවත්, එය අපහසු වන අවස්ථා පවතී. එවැනි අවස්ථාවලදී ඓතිහාසික වාර්තාවල ඇති වටිනාගම ඉහත දැක්වූ නිදසුන් අනුව පෙනෙයි. මෙමගින් පෙනන්නේ බහුවිධ මූලාශ්‍රය භාවිත කිරීමේ ඇති වැදගත්කමයි.
ඡායාරූප - බන්දුල සිසිර කුමාර හා දිනිත් ඉන්දික හෑගොඩ

නාවාගල ස්තූපයේ පැරණි ඉදිකිරීම් පෙනෙන ආකාරය
මෑතකාලීන ස්මාරක සඳහා වාර්තා වැදගත්ය
සමහර ස්මාරක ආදියේ අතීතය සම්බන්ධව නොදැනීම නිසා විවිධ ආකාරයේ පසුබිම් කතා ඇති වේ. ඒවා සමහරක් පදනමක් නොමැති ඒවාය. එවැනි කතා ඇති වන ස්ථානවල සැබෑ ඉතිහාසය ගොඩනැගීමට මෙවැනි සමකාලීන වාර්තා වැදගත් වෙයි.
ඈත අතීතයේ කෙසේ වුවද පසුගිය සියවස් කිහිපයක කාලය තුළ ඉදිකරන ලද ගොඩනැගිලිවල කාලය තීරණය කිරීම සඳහා යොදාගත හැකි ප්‍රමාණවත් ලිඛිත සාධක පවතී. විශේෂයෙන් සමකාලීන වාර්තා, සිතියම්, චාරිකා සටහන් ආදි ප්‍රාථමික මෙන්ම සමකාලීන ද්විතීයික මූලාශ්‍රයද තිබෙයි. එබැවින් ඒවා ඉදිකරන ලද කාලය තීරණය කිරීමේ දී එවැනි සාධක යොදාගැනීමට හැකිය.
මේවා වැදගත් වන අවස්ථා දෙකක් සම්බන්ධව අපට මෙහිදී සඳහන් කළ හැකිය. ඉන් එකක් වන්නේ පැරණි වාස්තුවිද්‍යාත්මක මෝස්තරයකට පසුකාලීනව ගොඩනැගිලි තැනූ අවස්ථාවලදීය. අනෙක් අවස්ථාව වන්නේ එකම මෝස්තරයට එකම ස්ථානයේ ගොඩනැගිලි කීපයක් විවිධ කාලවලදී තනා ඇති අවස්ථාවලදීය.
පැරණි මෝස්තර අනුව කළ පසුකාලීන ඉදිකිරීම්
පැරණි යුගයක වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිතව පසුකාලයක දී කරන නිර්මාණවලට දින නියම කිරීමේ දී ඒ පිළිබඳ වාර්තා නොමැති වීමෙන් නොමග යෑමට හැකිය. මෙවැනි අවස්ථාවල දී වාස්තුවිද්‍යාත්මක දත්ත මත තීරණ ගැනීමට නොහැකි වන්නේ ඒ ගොඩනැගිල්ලේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පෙර කාලයකට අයත් වුවත්, නිර්මාණය පසු කාලයකට අයත් වන නිසාය. ඒ සඳහා ඓතිහාසික වාර්තා ප්‍රයෝජනවත් වේ. මෙවැනි ඉදිකිරීම් ගණනාවක්ම අපේ රටේ පවතී.
මෙවැනි ඉදිකිරීමක් සඳහා වන හොඳම නිදසුනක් වන්නේ රුවන්වැල්ල පැරණි බලකොටුව අසල මාර්ගය අසලම ඇති අම්බලමයි. එහි දැකිය හැකි කණු හා වහල උඩරට (මහනුවර) සම්ප්‍රදායට අයත්ය. ඒවා බෙහෙවින් උසස් මට්ටමේ නිර්මාණ ලෙස හැඳින්විය හැකිය. එහෙත් මෙය ඉදිකිරීම සම්බන්ධව ප්‍රමාණවත් වාර්තා ඇති බැවින් ද, ඒ ගැන සඳහන් ශිලාලේඛනයක් ඇති බැවින් ද එය ඉදිකර ඇත්තේ 1900 දශකයේ දී බව අපි දනිමු. (පසුකාලීනව මේ ගොඩනැගිල්ලේ බිත්ති බැඳ තිබූ අතර වාර්තා වන පරිදි මෑත දී ඒවා ඉවත් කර මුල් පෙනුම ලබා දී ඇති බව වාර්තා වෙයි.) උඩරට සම්ප්‍රදායකට අයත් වූ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිතව බ්‍රිතාන්‍ය යුගයේදී ඉදිකරන ලද මෙවැනි අම්බලම් කීපයක් රටේ විවිධ ස්ථානවල පවතී.
රුවන්වැල්ලේ අම්බලම බිත්ති සහිතව (2016)
පසුගියදා කොටසක් කඩා දමන ලද කුරුණෑගල ගොඩනැගිල්ල පිළිබඳ සිදුවීම ද මෙවැනි සිදුවීමක් බව සාධක අනුව පෙනේ. එම ගොඩනැගිල්ල පිහිටා ඇති ස්ථානය ද ඇතුළත් භූමිභාගයේ 1878 වර්ෂය වන විට සරඹ පිටියක් පැවති බව සිතියම් අනුව පෙනෙයි. එය 1878 වර්ෂයට පෙර එම ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ ස්ථිර ඉදිකිරීමක් නොතිබූ බවට සාධකයකි. 1887 වර්ෂයේදී ඒ ස්ථානයේ වික්ටෝරියා රැජිනගේ ජුබිලි මංගල්‍යයක් වෙනුවෙන් ‘ජුබිලි අම්බලමක්’ ඉදි කළ අතර, භාවිතයට නොගත් බැවින් පසුව එම අම්බලම කඩා දමා 1893-94 කාලයේ දී එතැන නගරශාලාවක් ඉදි කරන ලද බවට ලිඛිත සාධක පවතී. එම අම්බලමේ තිබූ මහනුවර සම්ප්‍රදායේ දැව කුළුණු ද භාවිත කර නගර ශාලාව තනා ඇත. ඒ අනුව මෑතකදී කොටසක් කඩා දමන ලද ගොඩනැගිල්ල එම නගරශාලාවේ යම් යම් වෙනස්කම් කිරීමෙන් පසුව නවීකරණය කළ ගොඩනැගිල්ලක් බව නිගමනය කිරීම සාධාරණය. මහනුවර සම්ප්‍රදායේ ලක්ෂණ සහිත ‘මුලාදෑනි නවාතැනක්’ හෙවත් ‘ස්වදේශික අම්බලමක්’ 1903-04 අතර කාලයේදී කුරුණෑගල නගරයේ තනනු ලබන්නේ නගරයට පැමිණෙන දේශීය නිලධාරින්ගේ භාවිතයටය.
එකම මෝස්තරයට විවිධ කාලවල කළ ඉදිකිරීම්
මෙවැනි තවත් අපූරු අවස්ථාවක් වන්නේ එකම ගොඩනැගිලි සංකීර්ණයක, එකම වාස්තුවිද්‍යාත්මක මෝසතරයට තනා ඇති ගොඩනැගිලි විවිධ කාලවකවානුවලදී ගොඩනගා තිබීමය. මෙය අදාළ ගොඩනැගිලි සංකීර්ණයේ අලංකාරිත්වයට හේතුවක් වෙයි. කොළඹ ජාතික කෞතුකාගාර ගොඩනැගිලි සංකීර්ණය මේ සඳහා හොඳම නිදසුනක් ලෙස දැක්විය හැකිය.
කොළඹ ජාතික කෞතුකාගාරයේ මුල් ගොඩනැගිල්ල (1896 පමණ) (අන්තර්ජාලයෙනි)
කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රධාන ගොඩනැගිලි ත්‍රිත්වය හා ශ්‍රවනාගාරය සහිත ගොඩනැගිල්ල වාස්තු විද්‍යාත්මකව ගත් විය එකම මෝස්තරයකට අයත් වෙයි. එහෙත් මේවා කාලවකවානු හතරකදී ඉදිකරන ලද්දේ වෙයි. කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ වැඩ අවසන් කරන ලද්දේ 1876 වර්ෂයේදී ය. ඉතාලියානු ගෘහනිර්මාණ මෝස්තරයට සැලසුම් කරන ලද එහි සැලසුම ජේම්ස් ජී. ස්මිදර්‌ගේය. එම කොටස විවෘත කරන ලද්දේ 1877 වසරේදීය. එයට අයත් වන්නේ ඉදිරියෙන් ඇති මහා මාර්ගයට සමාන්තරව ඇති ගොඩනැගිල්ල පමණි. (මෙහි සඳහන් ඡායාරූපය 1908ට පෙර ගන්නා ලද්දකි). එයට වාස්තු විද්‍යාත්මකව සමාන වුවත් ඊට දෙපසින් ඇති ගොඩනැගිලි ඉදිකර ඇත්තේ පසුකාලයකදීය. වර්තමානයේ ජාතික කෞතුකාගාර පුස්තකාලය පිහිටා ඇති කොටස ඉදිකරන ලද්දේ 1907-1910 අතර කාලයේදීය. ඒ සඳහා ඇස්තමේන්තු ගත කර ඇති මුදල රු. 120,500ක් වූ අතර ඊට අඩුවෙන් මේ කාර්යය අවසන් කර ඇත. මේ කොටසේ පළමු මහජන රැස්වීම පවත්වා ඇත්තේ 1909 වර්ෂයේ මැයි මස 13 වන දාය. එසේම ජාතික කෞතුකාගාරයේ බටහිර අංශය ලෙස හඳුන්වනු ලබන කොටස 1927-1930 අතර කාලයේදී ඉදිකරන ලදි. තවත් කොටස් දෙකක් 1962 දී හා 1973 වර්ෂයේදී අවසන් කර ඇත. එසේම කෞතුකාගාර ශ්‍රවණාගාරය පිහිටා ඇති ගොඩනැගිල්ල ඉදිකරන ලද්දේ 1990 දශකයේදී පමණය. මේ අනුව වාස්තුවිද්‍යාත්මක මෝස්තරය එකම වුවත් ඇතැම් ගොඩනැගිලි ඉදි කළ කාලවකවානු වෙනස් වීමට ඉඩ ඇති බව පැහැදිලිය. එවැනි අවස්ථාවල වාර්තාවල වැදගත්කම ඉහළය.
මේ කරුණු අනුව පෙනී යන්නේ සමහර ගොඩනැගිලිවල කාලය තීරණය කිරීමේදී සැලකිය යුතු කරුණු ගණනාවක් ඇති බවයි. වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ මගින් එය සිදු කළ හැකි වුවත්, එය අපහසු වන අවස්ථා පවතී. එවැනි අවස්ථාවලදී ඓතිහාසික වාර්තාවල ඇති වටිනාගම ඉහත දැක්වූ නිදසුන් අනුව පෙනෙයි. මෙමගින් පෙනන්නේ බහුවිධ මූලාශ්‍රය භාවිත කිරීමේ ඇති වැදගත්කමයි.
ඡායාරූප - බන්දුල සිසිර කුමාර හා දිනිත් ඉන්දික හෑගොඩ
No comments:
Post a Comment