Thursday, December 19, 2019

මේ ‌කොයි යන්නේ? (බස් කතා 12 )

දිනය - 2019 ‌දෙසැම්බර් මාසෙ 17

නුගේගොඩින් පිටත්වන 689 බසයකට මං හවස නැග්ගෙ ‌දෙල්කඳ පරණ ‌පොළ ළගින්. බස් එක පරක්කු ‌වෙලා ආපු නිසා සෑහෙන ‌සෙනඟක් පිරිලා හිටියා. මං යන්තම් ඉදිරි ‌දොර‌ෙන් ඇතුළට ගිහින් දකුණු පැත්තෙ ‌දෙවැනි අසුන‌ෙ‌ ඇන්ඳ‌ෙ‌න් අල්ලා ගත්තා. ‌

එතැන සිට බස් නැවතුම්පොළක් පහු වුනාට පස්සෙ උඩහමුල්ල සුසාන භූමිය හමුවෙනවා. ඒ කිට්ටුවදි බසයේ‌ වේගය අඩු වුනා. ඒ ඉදිරියෙන් ගිය අවමගුල් ‌පෙරහැරක් නිසා. සුසානභූමියේ ‌ගේට්ටුව ළඟ අවමඟුල් රථය නවතා තිබුණා - ‌දේහය සහිත ‌‌පෙට්ටිය ඉවතට ගැනීමට සූදානමින් (‌මොකද උඩහමුල්ල දුම්රියපොළ පාරෙන් සුසාන භූමියට වාහන ඇතළු කරන්න බෑ, පඩි‌ෙපෙළක් තියෙන නිසා). බසය එය පසුකරද්දි මා අසළ අසුනේ හිඳ සිටි මැදිවයස් කාන්තාව නැගිට ගරු කළා. එහෙත් මට ‌පෙනුණු මානයේ හිඳ සිටි 10-12 ‌දෙනා අතරින් නැගිට මිය ගිය මිනිසාට ගරු කළේ ඈ පමණමයි. අනිත් හැමෝම ජනේලයෙන් එය දුටුවා. මම ‌මොහොතකට තිගැස්සුනේ මිනිසුන්ට ‌මේ සිරිත් දැන් අමතකද කියා හිතලා. අපි පාසල් ගිය කාලෙදි බසයක යන විට ‌අවමඟුල් රථයක් දුටුවාම සියලුු ‌දෙනාම වගෙ නැගිටපු සිදුවීම් මට මතක් උනා. අපි ඒ සිරිත ඉ‌ගෙන ගත්තෙ ඒ අයුරින්. කිසිව‌ෙක් කියා දීලා ‌නෙමෙයි.

ඒ අතර‌ෙ ‌කොන්දොස්තර ඉදිරි ‌දොරෙන් බසයට නැග්ගා. ඔහු ශබ්ද නගා ‌මෙහෙම කීවා - ‌"මේ අක්කට ඉඳගන්න ‌දෙන්න කවුරුවත් නැද්ද" කියලා. එවිට තමයි මම දුටුවේ මා සිටි තැනට පිටුපසින් අනෙක් පැත්තේ අසුනක් අල්ලාග‌ෙන සිටගෙන සිටි‌යේ ගැබිණි කාන්තාවක් බව. ඇය මා බසයට නගින විටත් බසයට නැග සිටි ‌කෙනෙක්. බස් නැවතුම්‌පොළ තුනක් පමණ පසුකර යනතුරුත් ඇය සිටගෙනමයි! ගැබිණි කාන්තාවන් සඳහා ‌වෙන් කළ අසුන කිට්ටුව සිටගෙන සිටි ඇයට අසුනක් දීමට ‌කෙනෙක් නැහැ... අන්තිමට මම ‌පෙර සඳහන් කළ, අනෙක් පස අසුනක හිඳ සිටි මැදිවියේ කාන්තාව ඇගේ අසුන ඒ ගැබිණි කාන්තාවට දුන්නා. ‌ෙසෙනඟ සිටි නිසා ඇය ඊට කලින් ගැබිණි කාන්තාව දැක නැති බව මට ‌තේරුණා.

අප මේ ‌කොහිද යන්නේ කියලා මට හිතුනා. මනුස්සකම ‌කොහි ගිහින්ද? ඒ බස‌යේ අසුන්ගෙන සිටි අය අතරින් මනුස්සයො හිටියෙ එක්කෙනයිද? අපේ උදව් අවශ්‍ය ජීවත්වන ‌කෙනෙකුට උදව් ‌නොකරන අය මිය ගිය අයෙකුට ගරු කරාවිද?

මං හිතනවා ‌මෙවැනි අවස්ථාවල ඔබේ අත්දැකීම් මීට වඩා යහපත් ඒවා කියලා. මගේ පැතුමද එයයි.


ධනේෂ් විසුම්පෙරුම

Tuesday, December 17, 2019

නූතන බිත්ති චිත්‍ර ඇඳීම විධිමත් නියාමනයක්‌ යටතේ සිදු වන්නේ නම් වඩාත් අලංකාරවත්

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2019.12.11  පි. 5 (Vidusara)

http://www.vidusara.com/2019/12/11/feature1.html




මාර්ගවල හා පාලම්වල පැති බැමි, තාප්ප හා වෙනත් පොදු ගොඩනැ`ගිලි බිත්ති මත චිත්‍ර නිර්මාණය කිරීම මෑත සති කීපයේ දී රැල්ලක්‌ ලෙස වේගයෙන් වර්ධනය වී ඇත. මේ බිත්ති චිත්‍ර ඇඳීම මාස කීපයකට පෙර සමාජ ජාල ඔස්‌සේ සංවිධානය වූ තරුණ පිරිස්‌ හරහා ආරම්භ වුව ද වේගයෙන් ව්‍යාප්ත වූයේ පසුගිය සති කිහිපයේ දී ය. මෙතෙක්‌ පෝස්‌ටර්වලින් වැසී ගොස්‌ තිබූ බිත්ති මේ පිරිස්‌ විසින් වර්ණවත් චිත්‍රවලින් පින්තාරු කෙරෙනු දැකිය හැකි විය.

ඒ සඳහා ම සංවිධානය වූ මෙවැනි පිරිස්‌ පසුගිය කාලයේ දී වෙනත් කටයුතු සඳහා ද එසේ සාමූහික ව පියවර ගත් හ. ජනප්‍රිය වෙරළ තීර, දුම්රිය ස්‌ථාන ආදි පොදු ස්‌ථාන පිරිසිදු කිරීමට සංවිධානය වූ කණ්‌ඩායම් ඊට නිදසුනකි. එම රැලි අද වන විට එතරම් දැකිය නොහැකි ය. එහෙත් බිත්ති චිත්‍ර නිර්මාණය කිරීම සඳහා වූ උනන්දුව තවදුරටත් පවතී.


බිත්ති චිත්‍ර ආරම්භ වූයේ කවදා ද?


මාර්ග දෙපස පිහිටි බැමි හා තාප්ප මත චිත්‍ර ඇඳීම අප රටට අලුත් දෙයක්‌ නො වේ. අප මුලින් ම මේවා නිරීක්‌ෂණය කළේ 1980 දශකයේ දී ය. පාසල් හා රෝහල් තාප්ප ආදිය කොටස්‌වලට බෙදා විවිධ පාසල්වල සිසුන්ට චිත්‍ර ඇඳීම සඳහා අවස්‌ථාව ලබා දී තිබිණි. ඒවා අදාළ ආයතන විසින් සංවිධානය කරන ලදුව ආරාධිතව චිත්‍ර ඇඳි අවස්‌ථා විය.

එසේ ම ඒ චිත්‍රවලින් කිසියම් හරවත් සමාජමය පණිවිඩයක්‌ ලබා දීමට ද උත්සාහ කළ බව අපට මතක ය. ඒ ඒ චිත්‍ර කුමන පාසලක නිර්මාණ ද යන්න ඒවා මත ම සඳහන් කර තිබිණි. මේ චිත්‍ර කලින් කල අලුත් කිරීමට අවශ්‍ය වූ අතර, දුර්වර්ණ වූ චිත්‍ර ඉවත් කළ අවස්‌ථා ද විය. අදටත් මාර්ග අසල ඇති සමහර තාප්පවල මීට වසර කීපයකට පෙර අඳින ලද චිත්‍ර දැකිය හැකි ය.

නූතන ප්‍රවණතාව හා සමාජ ජාල


එහෙත් අද දැකිය හැකි බිත්ති චිත්‍ර රැල්ල එදාට වඩා වෙනස්‌ ය. අද චිත්‍ර නිර්මාණය කරන කණ්‌ඩායම් එය කරන්නේ අනාරාධිත ව හා ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් වීමෙනි. ඒ සඳහා අවශ්‍ය අවසරය මාර්ග අධිකාරියෙන් හා පොදු ගොඩනැ`ගිලි හිමිකරුවන් ගෙන් ලබාගන්නා බව සඳහන් වෙයි. තීන්ත සමාගම්, මාධ්‍ය ආයතන හා තවත් අය මීට අවශ්‍ය අනුග්‍රහය ලබා දී ඇති බව ද පෙනෙයි.

මේ ආකාරයෙන් යෙදැවෙන්නේ සමාජ මාධ්‍ය තුළ ම දියෑ වී යා හැකි ව තිබූ තාරුණ්‍යයයි. කාලය හා විදුලි බලය නාස්‌ති කරමින් හරිතාගාර වායු විමෝචනය ඉහළ නංවමින් ඔහේ දියෑ වී යා හැකි ව තිබූ තරුණ ජීවිතයි. ඔවුනට එකමුතු වී කිසියම් ඵලදායී කටයුත්තකට යොමු විය හැකි බවට මෙය කදිම නිදසුනති. සමාජයට අයහපත් ලෙස බලපාන ආකාරයට රස්‌තියාදු ගැසීමට, කල්ලි ගැසීමට හැකි ව තිබූ ඔවුන් ඊට වඩා වෙනස්‌ ලෙස සංවිධානය වීම වැදගත් ය. ස්‌වෙච්ඡාවෙන් මෙවැනි පොදු කටයුතු සඳහා දායක වීම මෙරට වැසියන් අතීතයේ සිට සිදු කර ඇති දෙයකි.

එවැනි කාර්යයක්‌ සඳහා ඔවුන් දැක්‌වූ උනන්දුව අගය කළ යුත්තක්‌ වන අතර ම, මේ සම්බන්ධ ව අවධානයට ලක්‌ කළ යුතු කරුණු කීපයක්‌ පෙන්වා දීම මේ ලිපියේ අරමුණු වෙයි. ඒ අනුව මේ බිත්ති චිත්‍ර පිළිබඳව කිසියම් නියාමනයක්‌ අත්‍යවශ්‍ය බව අපගේ අදහස ය.

සුදුසු තැන් පමණක්‌ තෝරාගැනීම


මේ බිත්ති චිත්‍ර නගරවලට සුදුසු විය හැකි ය. බොහෝ නගරවල දෘෂ්‍ය පරිසරය පවතින්නේ පුළුල් ස්‌වාභාවික දර්ශනයක්‌ ඇති තත්ත්වයක නො වේ. එමෙන් ම නගරයේ වුව ද ඒ ස්‌ථානය අවට පිහිටි සෙසු ගොඩනැ`ගිලි, ඉදි කිරීම් හා ගහකොළ (වේ නම්) ඒවා සමඟ මේ චිත්‍ර ගැළපීම අවශ්‍ය ය. එමෙන් ම ඓතිහාසික වශයෙන් වැදගත් හා පැරැණි ගොඩනැ`ගිලි, ඔරලෝසු කණු ආදි ඉදි කිරීම් මත චිත්‍ර ඇඳීම නො කළ යුතු ය. ඒවායේ ඓතිහාසික බව පෙනෙන්නේ පවත්නා පැරැණි පෙනුම මත ය. පුරාවිද්‍යා ස්‌මාරක නො වන නමුත් පැරැණි වූ ඉදිකිරීම් බොහෝ නගරවල දැකිය හැකි ය. එබැවින් මේ චිත්‍ර ඇඳීමට යෝග්‍ය ස්‌ථාන අදාළ බලධාරීන් විසින් තීරණය කරනු ලැබිය යුතු ය.

අනෙක්‌ අතට ස්‌වාභාවික දර්ශනයකට බාධා විය හැකි කිසිදු තැනකට මේ බිත්ති චිත්‍ර සුදුසු නො වේ. නිදසුනක්‌ ලෙස නගරයේ පමණක්‌ නො ව වඩා ග්‍රාමීය හා ස්‌වාභාවික දර්ශනයක්‌ සහිත ප්‍රදේශවල මාර්ග අසල ද පැති බැමි පවතී. වර්තමාන ප්‍රවණතාව අනුව ඒවායේ චිත්‍ර නිර්මාණය කිරීමට කටයුතු කළ හොත් එය නුසුදුසු ස්‌ථානයක අඳින ලද චිත්‍රයකි. සමාජ ජාල ඔස්‌සේ ඇතැම් විට එවැනි ඉල්ලීම් ද අපට දකින්නට ලැබෙයි.

එමෙන් ම පරිසර තත්ත්වවලින් ආරක්‌ෂිත තැන්වල චිත්‍ර ඇඳීම ඒවා වැඩි කාලයක්‌ පැවතීමට හේතු විය හැකි ය. නිදසුනක්‌ ලෙස අව්වට හා වැස්‌සට නිරාවරණය වන තැනක වැඩි කලක්‌ චිත්‍ර පවතින්නේ නැත. පාලම් යට, උමං මාර්ගවල හා ගුවන් පාලම් යට වැනි ස්‌ථාන වඩාත් සුදුසු වන්නේ ඒ නිසා ය. එය ද බලධාරීන්ගේ අවධානයට යොමු විය යුත්තකි.


චිත්‍රවල තේමාව හා වර්ණ


බිත්ති චිත්‍ර නිර්මාණයේ දී ඒවායේ තේමාව හා වර්ණ ගැන ද අවධානය යොමු විය යුතු බව පෙනේ.

සුදු පැහැ බිත්තියක්‌ තිබූ තැනක තද වර්ණ සහිත බිත්තියක්‌ ඇති වීමෙන් වන වෙනස පැහැදිලි ව හඳුනාගත හැකි ය. එබැවින් චිත්‍ර අඳිනු ලබන ස්‌ථානය අනුව ඒ සඳහා යොදාගන්නා වර්ණ සම්බන්ධ ව සැලකිලිමත් විය යුතු ය. යම් ස්‌ථානයකට තද හා විචිත්‍ර වර්ණ යෝග්‍ය නො වීමෙන් දකින්නාගේ ඇසට විඩාවක්‌ හා පීඩාවක්‌ ඇති වීමට ඉඩක්‌ ඇත. එසේ ම එය වාහන රියදුරන්ගේ දර්ශනයට බාධාවක්‌ වී ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට හේතු විය හැකි ය. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ මේවා චිත්‍ර දෘෂ්‍ය පරිසර දූෂණයකට හේතු විම ය.

චිත්‍රවල තේමාව ද වැදගත් ය. මීට මාස කීපයකට පෙර මේ රැල්ල ආරම්භ වූ අවස්‌ථාවේ ද වැඩි වශයෙන් දැකිය හැකි වූයේ බටහිර පන්නයේ චිත්‍ර හා කුරුටු චිත්‍ර ය (graffiti). එහෙත් මෑත සති කිහිපයේ දී අඳිනු ලබන චිත්‍ර ඊට වඩා තරමක්‌ දේශීයත්වයකට නැඹුරු බව දැකිය හැකි ය. එහෙත් එය හැම තැන ම එසේ නො වන බව ද පෙනෙයි. මේ චිත්‍ර තවදුරටත් දේශීයත්වයට නැඹුරුතාවක්‌ දක්‌වන්නේ නම් එය වැදගත් ය. විශේෂයෙන් මෙරට සංස්‌කෘතියට, කලාවට හා ඉතිහාසයට අදාළ වන තේමා අවශ්‍ය තරම් ඇඳීමට හැකි ය. එහෙත් මෙරට ඉතිහාසයට හෝ සංස්‌කෘතියට හෝ කිසිදු අදාළතාවක්‌ නොමැති තේමා අනුගමනය කළ අවස්‌ථා ද වාර්තා විය. නිදසුනක්‌ ලෙස මහනුවර බිත්තියක 'රාවණා කොන්සෙප්ට්‌' එකක්‌ නිර්මාණය කරන බවක්‌ අපට අසන්නට ලැබිණි. මෙරට ඉතිහාසඥයන් පිළිගත් ඉතිහාසයේ නොමැති මෙවන් මිථ්‍යා කතා ප්‍රවර්ධනය කිරීම බිත්ති චිත්‍රවලින් නො කළ යුතු දෙයකි. මෙවැනි කරුණු ද බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු කරුණු අතර වෙයි.

බුද්ධිමය දේපළ ගැටලුව


මේ බිත්ති චිත්‍රවල අප දුටු තවත් දෙයක්‌ වූයේ ඇතැම් ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් විසින් අඳින ලද විශිෂ්ට චිත්‍ර මේ බිත්ති චිත්‍ර ශිල්පීන් විසින් පිටපත් කරනු ලැබ හෝ අනුකරණය කරනු ලැබ හෝ තිබීම ය. ඇතැම් විට ඒ සඳහා අවසර ගෙන තිබූ අතර, තවත් අවස්‌ථාවල එසේ නො වූ බවත් වාර්තා විය. විශේෂයෙන් ඓතිහාසික චිත්‍රකරණය සඳහා වසර ගණනක්‌ තිස්‌සේ පර්යේෂණවල යෙදෙන ශිල්පීහු මෙරට සිටිති. ඔවුන්ගේ චිත්‍ර විශිෂ්ට නිර්මාණ වන්නේ ඒ පර්යේෂණ නිසා ය. එම චිත්‍ර අනුකරණය කර අදාළ මුල් ශිල්පියා සිහිපත් නො කිරීම හෝ පිටපත් කළ ශිල්පියාගේ නිර්මාණ ලෙස හුවා දැක්‌වීම හෝ කණගාටුවට කරුණකි. සමහර විට අනුකරණය කරන ලද චිත්‍ර තුළ චිත්‍ර ශිල්පය අතින් හා සංදර්භය අතින් කළ පැහැදිලි විකෘති කිරීම් ද විය. ඒ නො තකා චිත්‍ර රැල්ලට ප්‍රශංසා කරන පිරිස්‌ මේ චිත්‍රවල පසුබිම නො දන්නා බව පැහැදිලි ය.

වසර ගණනක පර්යේෂණවලින් බිහි වන ස්‌වකීය චිත්‍ර නිර්මාණ පොදු මාධ්‍යයේ ද පළ කරන ප්‍රකට චිත්‍ර ශිල්පියකු හා පර්යේෂකයකු වන ප්‍රසන්න වීරක්‌කොඩි මේ ගැන සමාජ මාධ්‍ය හරහා සාකච්ඡා කර තිබිණි. තම අයිතිය වෙනුවෙන් ඔහු දැක්‌වූ අදහස්‌වලට එරෙහි ව සමාජ ජාල හා මාධ්‍යවලින් එල්ල වූ අසාධාරණ හා අපහාසාත්මක විවේචන අපි දුටුවෙමු. ඒ තත්ත්වය කිසිසේත් අනුමත කළ හැක්‌කක්‌ නො වේ. මේ සම්බන්ධ ව අප හා අදහස්‌ දක්‌වමින් ඔහු වැදගත් කරුණක්‌ මතු කළේ ය. එනම් අනුන්ගේ චිත්‍ර පිටපත් කිරීම සමාජයට වැරැදි පූර්වාදර්ශයක්‌ විය හැකි බවයි. එය සැබෑ නිර්මාණකරුවනට අසාධාරණයක්‌ වෙයි. එමෙන් ම ඔවුන්ගේ චිත්‍ර මේ අයුරින් යොදාගනිමින් සිදු කරනු ලබන මේ බුද්ධිමය දේපළ කොල්ලය සමාජයෙන් අනුමත කිරීම නිසා මේ තරුණ පරපුරෙන් නිර්මාණශීලී කලාකරුවන් බිහි වීම වළකිනු ඇති බව ඔහුගේ අදහසයි. වඩා පහසුවෙන් අනුන්ගේ චිත්‍ර පිටපත් කිරීමෙන් ජනප්‍රිය වීම නිසා චිත්‍ර කලාව ගැඹුරින් හැදෑරීමට ඔවුන් යොමු නො විය හැකි බව ඔහු පෙන්වා දෙයි. චිත්‍ර යනු හැදෑරිය යුතු අංග ගණනාවකින් යුක්‌ත විෂයයකි. සාමාන්‍යයෙන් අනුන්ගේ චිත්‍ර පිටපත් කරනු ලබන්නේ පුහුණු ක්‍රියාවලියේ දී පමණකි.

එමෙන්ම මේ බිත්ති චිත්‍ර නිර්මාණය හෝ වෙනත් පොදු කටයුතු සඳහා හෝ දායක වීමෙන් සමාජයේ සාධනීය වෙනසක්‌ අපේක්‌ෂා කරන අය, පවත්නා නීති රීති හා සම්ප්‍රදායවලට ගරු කිරීම වැදගත් වෙයි. විනයවත් සමාජයක්‌ බිහි කළ හැක්‌කේ එලෙස ය. ඒ වරද හදාගැනීමට ඔවුන් තවමත් පමා නැත.

මේ චිත්‍රවල අනාගතය?

නගර ගණනාවක නිර්මාණය කර ඇති මේ චිත්‍රවල අනාගතය කෙබඳු වේ ද යන්න වැදගත් කරුණකි. මේවා අනාගතයේ දී නඩත්තු කරනු ලබන්නේ කවුරුන් විසින් ද? අව්වට හා වැස්‌සට නිරාවරණය වන උපස්‌තරයක අඳිනු ලබන චිත්‍ර කෙතරම් කලක්‌ පවතිනු ඇතිද? අද චිත්‍ර අඳින්නට ඇති රැල්ල ඒවා නඩත්තු කිරීමට හෝ යළි යළිත් ඇඳීමට හෝ තිබෙනු ඇති ද යන්න කීමට තවමත් ඉක්‌මන් වැඩි ය. ඒ සඳහා බරපැන දරනු ලබන්නේ කවුද? මේවා අපට තවමත් උත්තර නොමැති ප්‍රශ්න ය. ඒ ගැන ද අප සිතිය යුතු වේ.

කෙසේ වෙතත් හැම දාමත් මෙවැනි විවිධ රැලි පැමිණ තිබේ. සමහර රැලි ආ පමාවෙන් නැති වී ගොස්‌ ඇති අතර සමහර රැලි කාලයක්‌ පැවතී තිබේ. මේ රැල්ල ද ඇවිත් යන එකක්‌ විය හැකි ය. මේ රැල්ල උදාසීන නො වුව ද චිත්‍ර ඇඳීමට ඇති ස්‌ථාන අවසන් වීම සිදු වනු ඇත. එසේ වුව හොත් මේ රැල්ලෙන් පසුව තාරුණ්‍යයේ ඒ ශක්‌තිය නාගරික හා ආසන්න ප්‍රදේශවල පැළ සිටුවීම සඳහා යෙදවිය හැකි නම් එය වඩා යහපත් පරිසරයක්‌ ගොඩනැ`ගීමට හැකියාවක්‌ ඇති පියවරකි. එහෙත්, එය ද කිසියම් නියාමනයක්‌ සහිත ව විය යුත්තකි.



මේ චිත්‍ර මොනවා ද?

අපේ රටේ මේ දිනවල අඳිනු ලබන චිත්‍ර වර්ගය මොනවා ද? ඒවා අයත් වන්නේ කුරුටු චිත්‍රවලට ද, බිතු සිතුවම් හෝ බිත්ති චිත්‍රවලට ද?

ග්‍රැෆිටි හෙවත් කුරුටු චිත්‍ර (graffiti) ප්‍රසිද්ධ ස්‌ථානයක බිත්තියක්‌ හෝ වෙනත් මතුපිටක හෝ අයකු හෝ කණ්‌ඩායමක්‌ හෝ විසින්, අනවසරයෙන් අඳිනු ලබන අකුරු පේළි හෝ චිත්‍ර වෙයි. මේවා අවධානය යොමු කරගැනීම සඳහා සිදු කරන රැඩිකල් හා විරෝධාකල්ප ප්‍රකාශනයන් වුව ද එය ප්‍රකාශන කලාවක්‌ ලෙස ද සැලකේ. 20 වැනි සියවසේ දී මෙය ප්‍රචලිත වූයේ බටහිර රටවල නාගරික ප්‍රදේශවල ය. උමං මාර්ග, දැන්වීම් පුවරු හා බිත්ති මේ සඳහා උපස්‌තරය විය. මේවා මහජන කලාවක්‌ ද එසේ නැත හොත් මහජන පීඩාවක්‌ ද යන්න ගැන ඇත්තේ විවාදයකි. ඇතැම් රටවල මේ ග්‍රැෆිටි නීතියෙන් තහනම් ය.

තවත් අදහසකට අනුව මේවා බිතු සිතුවම් (murals) හෝ බිත්ති චිත්‍ර (wall art) ලෙස සැලකිය හැකි ය. බිතු සිතුවම් යනු බිත්ති, සීලිම් මත අඳිනු ලබන චිත්‍ර වන අතර බිත්ති චිත්‍ර යනු ගොඩනැ`ගිලි බිත්ති මත අඳිනු ලබන චිත්‍ර වෙයි. එහෙත් මේවා සාමාන්‍යයෙන් අඳිනු ලබන්නේ අදාළ ගොඩනැ`ගිල්ලේ හිමිකරුවන්ගේ ආරාධනයෙනි. එය කිසියම් ශිල්පියකු විසින් නිර්මාණය කෙරෙන නිශ්චිත කලා කෘතියක්‌ ද වෙයි. එහෙත් අද මෙරට සිදු වන්නේ එවැන්නක්‌ නො වෙයි. චිත්‍ර අඳින්නට අවශ්‍ය පිරිස්‌ විසින් අදාළ ආයතන හා බලධාරීන් ගෙන් අවසරය ලබාගනිමිනි. ඒ අනුව බැලු විට අද වන විට අප රටේ අඳිනු ලබන්නේ මේ දෙක අතර වර්ගයක්‌ විය හැකි බව පෙනෙයි.

http://www.vidusara.com/2019/12/11/feature1.html

Monday, December 2, 2019

The Drowning Fatality in Tissa Wewa, which killed the Commissioner of Archaeology in 1914

Dhanesh Wisumperuma


The Nation, 2014 May




The photograph accompanying this article is situated in the old cemetery close to the Main Bus Stand of Hambantota and by the side of the A2 highway. This simple monument is short obelisk made from granite blocks arranged in a particular order which is tapering and ending in a pyramid-like stone. There is a plaque, probably made out of bronze that bears the following inscription.


“THIS MONUMENT WAS ERECTED BY RELATIVES AND FRIENDS IN MEMORY OF 
GEORGE MCKERROW CLARK 
IRRIGATION ENGINEER, AGED 33 AND 
EDWARD RUSSELL AYRTON 
ARCHAEOLOGICAL COMMISSIONER, AGED 32 
WHO WERE DROWNED, ON MAY 18TH 1914, IN TISSA TANK, S.P. 
WHILE SHOOTING, AND UNDER CIRCUMSTANCES TENDING TO SHEW 
THAT EACH GAVE HIS LIFE IN AN ATTEMPT TO SAVE THE OTHER.” 




The plaque says the entire story behind this monument. It was built in memory of E.R. Ayrton and G.M. Clark who were drowned in Tissa Wewa tank in Tissamaharama exactly one hundred years ago from today. These two young gentlemen were holding responsible offices under the British Administration of Ceylon at that time. Of them, Ayrton was the head of a Department, the Department of Archaeology.

What happened on that day


The unfortunate incident was reported in Times of Ceylon two days after the incident under the heading of “Sad Drowning” describes the incident. It described what happened on that unfortunate day.

Ayrton and Clark went out shooting in a boat in Tissa Wewa tank in the afternoon at about five of 18th. This wewa was famous for teals, one of the favourites of sportsmen of that day. Since they did not return, a search party went out in the evening, led by the headmen but they were unable to find any information about the missing persons. On the next day, they were able to find two hats and the empty boat floating in the tank water. By that time the Assistant Government Agent of Hambantota and the modeliar was also at the scene. Finally, the bodies were found floating in the tank on the morning of 20th morning only.

The two bodies were motored to Hambantota and were buried at the Church of England cemetery on the next day. Some government officials were present at the funeral, where E.T. Millington, the Assistant Government Agent represented the Governor.

The cause of death was determined as accidental drowning and it was suggested one fell and the other was drowned in an attempt to help him. Who felt first and who attempted to help the other one is a mystery forever. However, what actually happened remained unknown as there were no eyewitnesses. This is what mentioned in the plaque on the monument dedicated to these two gentlemen.

The Young Archaeological Commissioner


E.R. Ayrton has been mentioned as a promising young archaeologist and was just 32 years of age when he was drowned. He was well known for his talents in archaeology during his career in Egypt before his appointment to Ceylon. He has some publications on subjects related to Egyptology.

He succeeded H.C.P. Bell (the first Archaeological Commissioner in Ceylon) in December 1912. Ayrton was the first properly trained archaeologist for Sri Lanka. He was appointed to succeed Bell in 1909 and went under training which was suggested by the authorities in Britain for his appointment. This training included learning Pali and Sanskrit at oxford and then at Germany under Professor Wilhelm Geiger. He went on a tour in India to understand oriental archaeology and then proceeded to Sri Lanka and worked as the assistant to Bell for six months.

Ayrton was in Sri Lanka for only about two years, and during this time he was engaged mostly in the work of Anuradhapura and also at Polonnaruwa and Sigiriya – at that time the activities of the department were entirely limited to these few places. He compiled one annual report as the Archaeological Commissioner, i.e. for 1912-13. The idea of a series of Memoirs detailing archaeological work of the department originated in this time and mentioned in this annual report as a publication to present “the results of the excavations, with full photographs and plans” which was to be similar to the ones issued by the Archaeological Survey of Java. The first memoir was to be titled as “Ratana Pasada and the Monasteries of the Tapovana”, mainly the work of Ayrton himself. This memoir was published a few years later in 1924 and was edited by his successor A.M. Hocart, who traced the documents in the department. It included two articles on Ratna Pasada and Western Monasteries and some others which were somewhat incomplete.

Ayrton’s other academic writings on Sri Lanka seem to be small in number and were mostly on historical issues and show his understanding or the interest of the country and its history. He has contributed mainly to the Notes and Quarries of the Journal of the Royal Asiatic Society (Ceylon Branch). He kept a diary of a circuit to the Southern Province during February and March 1914. He returned to Southern Province from Anuradhapura (where he was stationed) again in May, and that tour ended with his death. Some of these diary notes were published in parts in the Ceylon Antiquity and Literary Register, in 1920 and 1921. This provides a glimpse of the state of those places he visited as they stood about a century ago.

The calibre of Ayrton was obvious to the people who knew him and who worked with him at that time. John M. Seneviratne, the Co-Editor of the CALR mentioned the loss of Ayrton as “a promising career and deprived a scholar”. Writing a letter to the Times of Ceylon as a tribute to Ayrton, H.C.P. Bell mentioned the thoroughness or the great capacity for taking pains was the quality that marked Ayrton’s qualities. Sri Lankan archaeology didn’t see the expected results of this man. However, we still speak of this person even after one hundred years of his death.

Pic: Upul Wijesuriya