මේ සිදුවීම වුනේ මීට දින කීපයකට පෙර බත්තරමුල්ලේ සිට මා ගිය 177 බසයක.
බසයේ එතරම් සෙනඟ හිටියේ නැහැ. මා සිටි අසුනට වම් පස අසුනේ හිඳ සිටියේ ප‍්‍රකට සමාගමක සේවය කරන යුවතියක් (යුනිෆෝම් එකෙන් කිව්වෙ). ඇය හිඳගත් වෙලාවේ සිට ජීවත්හි වුනේ ජංගම දුරකථනය සමගින් (මමත් හිටියෙ එහෙම උනත්, වටපිට වෙන දේ ගැන අවධානය තිබුනා).
ටික දුරක් ගිය පසුව ඉදිරි අසුනක සිටි පියෙක් සිය කුඩා දියණිය වඩාගෙන මා සිටි අසුනට ඉදිරි අසුනෙන් හිඳ ගත්තා. ඔහු සුදු කබර රෝගියෙක්. ඔහුගේ සාමාන්‍ය සම අඳුරු පැහැ නිසා රෝගී සම කැපී පෙනෙනවා.
දැන් ඔහු සිටින්නේ අර තරුණියට ආසන්නට, සමාන්තරව අනෙක් පසින් අසුන් ගෙන. අර තරුණිය වරක් ඔහු දෙස බැලුවා පමණයි... වහාම ජනේලයෙන් අනෙක් පස බලාගත්තා. ඇය සිටින්නේ ඔහු සිටින අසුනෙහිත් නොවේ. එහෙත් ඇයට එම දසුන ප‍්‍රිය දසුනක් නොවූ බව පැහැදිලි වූනේ ඇය ඉන් පසුවද නෙත් කොනින් වරින් වර ඔහු දෙස බැලූ බැල්මෙන්... ඇයට ජංගම දුරකථනයේ ජීවිතය අමතකම උනා.
සුදු කබර ඇති වන්නේ සමේ සෙෙලවල වර්ණය ඇති කිරීමට හේතුවන මෙලනින් ජනනයේ ඇති වන ගැටලුවක් මතයි. එය බෝ වන රෝගයක් නොවේ. එහෙත් ඇතැමුන් මේ රෝගීන් දෙස වපර ඇසින් බලන ආකාරය කණගාටුදායකයි.
No comments:
Post a Comment