කෑම සඳහා මස් ටිකක් ගන්න මීට් ෂොප් එකකට ගිය වෙලාවක වුණු දෙයක්.
චිකන් පාට්ස් තෝරලා අරන්, තව දේවල් විකුණන්න (කවදාවත් නැතිව) වලිකන සේල්ස්මන් ගෙන් මිදී බිල දමන්නට කැෂියර් ළඟට ගියෙමි. එහි සිටි ටිකක් අැහැට-කනට පෙනෙන තරුණිය එකින් එක අයිතමය ගෙන බිල දමා අවසන් එකතුව ගත්විට එය රු. 289,870ක් වැනි ගණනක් විය. මම යමක් කීමට කලින්ම ඇය "බිල වැරදිලා" අන් අයටත් පවසා එහි මුද්‍රිත පිටපත අතට ගෙන යළි එකිනෙක කියමින් ඇතුල් කළාය.
අන්තිම අයිටම් එක ඇතුළු කරමින් වරද එහි බව හඳුනාගත් ඈ මෙසේ කීවාය.
"බ්‍රෙස්ට් එකට තිත තියල නෑනෙ"
මට මද සිනාවක් නැගුනේ නිතැතින්මය. එම තරුණියටද ඇය කී කතාවේ කට කැඩිච්ච ගතිය තේරුණ බව වැටහී සිනා ගියේය. කියන්න දේ මගෙ කටට ආවත් වැඩිය නොඑන කඩයක් නිසා කට පියාගෙන එළියට ආවෙමි....
මම දිය යුතුව තිබුණු උත්තරය කුමක්ද?
මාත් එක්ක ඇවිත් වාහනේටම වෙලා සිටි ඥාති සොහොයුරා කතාව අහලා කියනවා, අපරාදෙ ඔය වගෙ අය ඉන්නකොට මිස් කෝල් එකක් දෙන්න එපායැ කියලා. (හුහ්.., වෙන වැඩ නෑනෙ...)
No comments:
Post a Comment