ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 14.03.2018, පි. 14 (Vidusara)
http://www.vidusara.com/2018/03/14/feature4.html (article 1)
සරලව පවසන්නේ නම් සමාජ ජාල ආරම්භ වන්නේ පුද්ගලයන්ට සිය මිතුරන් හා සම්බන්ධතා පැවැත්වීම සඳහා වූ මෙවලමක් ලෙස ය. එහෙත් එය මේ වන විට ඉන් එපිටට ගමන් කර තිබේ. එය අද වන විට තොරතුරු ලබා දෙන මෙවලමක් බවට පත් ව ඇත. විශේෂයෙන් ෆේස්‌බුක් සෙවුම් පිළිබඳ ව සැලකූ විට මෙය පැහැදිලි ය. අතීතයේ දී සෙවුම් යන්ත්‍රවලින් කළ කාර්යයෙන් කොටසක් දැන් ෆේස්‌බුක් වෙබ් අඩවිය වැනි සමාජ ජාල තුළ සිදු කෙරෙන බව පෙනේ. කලකට පෙර ෆේස්‌බුක් වෙබ් අඩවිය භාවිත වූයේ පුද්ගලයන් පිළිබඳව සෙවුම් කිරීම සඳහා වුව ද මේ වන විට විවිධ තොරතුරු සෙවීම සඳහා ද එම වෙබ් අඩවිය භාවිත කෙරෙන බව පැහැදිලි ය. එක් වාර්තාවකට අනුව දිනකට ෆේස්‌බුක් වෙබ් අඩවියේ සිදු වන සෙවුම් ප්‍රමාණය බිලියන දෙකක් ඉක්‌මවා ගියේ 2016 දී ය.
මේ අනුව අතීතයේ දී අප පුවත් සොයා යා යුතු ව තිබුණ ද දැන් සමාජ ජාල හරහා පුවත් අප සොයා එමින් තිබේ. ගැටලුව ඇත්තේ මේ පුවත් කෙතරම් විශ්වසනීය ද යන්න පිළිබඳව ය. සමාජ ජාල මඟින් විවිධ පාර්ශ්වවලට තමන් ගේ සැඟවුණු අවශ්‍යතාවලට අනුව තොරතුරු දැක්‌වීමට හැකියාව තිබෙයි. අසත්‍ය තොරතුරු, විකෘති කරන ලද තොරතුරු ආදිය යොදාගනිමින් සමාජය තුළ යම් කැළඹීමක් නිර්මාණය කිරීමට සමාජ ජාල හරහා හැකියාව තිබේ. එවැන්නකින් සමාජයේ යම් කොටසක් නොමඟ යැමට ඇති අවස්‌ථාව ඉහළ ය.
සමාජ ජාල හා සමාජයේ ඇති වන කැළඹීම් හා අරගල අතර ඇති සම්බන්ධය පිළිබඳව මේ මොහොතේ අපේ රටේ සාකච්ඡාවක් ඇති වී තිබෙයි. ඒ පසුගිය දා ඇති වූ අවාසනාවන්ත සිදුවීම් සමඟ ය. ඒ සඳහා ෆේස්‌බුක් වැනි සමාජ ජාල යම් ප්‍රමාණයකට දායක වූ බවක් සාකච්ඡා වූ නිසා අතර ඒ නිසා ෆේස්‌බුක්, වයිබර්, වට්‌ස්‌ඇප් ඇතුළු සමාජ ජාල කිහිපයක් තාවකාලික ව අවහිර කිරීමට රජය කටයුතු කළේ ය.
මේ සම්බන්ධ ව ලෝකයේ ඇති අත්දැකීම් මීට එතරම් වෙනස් නො වේ. එහි අරමුණ වන්නේ සමාජ ජාල යොදාගනිමින් විරෝධතාකරුවන් සංවිධානය වීම වැළැක්‌වීම මෙන් ම අසත්‍ය හා නොමඟ යවනසුලු තොරතුරු ප්‍රචාරය වීම වැළැක්‌වීම ය. එමඟින් අදාළ අරගලවලින් විය හැකි හානිය වළක්‌වාගැනීම අරමුණ වෙයි.
ගැටුම් සහගත අවස්‌ථාවල දී සමාජ ජාලවල ක්‍රියාකාරිත්වය කෙසේ විය යුතු ද යන්න පිළිබඳ ව අවධානය යොමු වූ අවස්‌ථාවක් ලෙස බ්‍රිතාන්‍යයේ 2011 වර්ෂයේ ඇති වූ ගැටුම්කාරී සිදුවීම් දැක්‌විය හැකි ය. විශේෂයෙන් ඒ අවස්‌ථාවේ සමාජ ජාල අවහිර කිරීමට උත්සාහයක් ගැනීම නිසා ඒ පිළිබඳ ව සංවාදයක් ඇති විය. සෙසු රටවලට එවැනි අවහිර කිරීම් ගැන දෝෂාරෝපණය කිරීමට කටයුතු කරන අතර එරට එසේ කිරීම එවැනි එක් විවේචනයකි.
අරාබි වසන්තය මේ ආකාරයෙන් සමාජ ජාල ද යොදාගනිමින් ඇති කරන්නට යෙදුණු සමාජ අරගල අතර මුල් තැනක් ගනියි. මෙහි දී රටවල් ගණනාවක පාලකයන්ට එරෙහි ව මෙන් ම පාලකයන්ට පක්‌ෂ ව පැවැති උද්ඝෝෂණ සංවිධානය කිරීම සඳහා සමාජ මාධ්‍ය යොදාගැනීම දැකිය හැකි විය. එසේ ම අදාළ සිදුවීම් පිsළිබඳ තොරතුරු සන්නිවේදනය කිරීමට මෙන් ම එම රටවල් තුළ මෙන් ම ජගත් මට්‌ටමෙන් සන්නිවේදනය කිරීම සඳහා ද සමාජ ජාල යොදාගන්නා ලදි. මෙහි දී සමාජ ජාල සන්නිවේදනය දැඩි දායකත්වයක් ලබා දුන් බව නො රහසකි. එසේ ම ඇතැම් රටවල් තත්ත්වය පාලනය කිරීම සඳහා සමාජ ජාල අවහිර කිරීම හා අන්තර්ජාලයට ද බාධා කිරීම දැකිය හැකි විය.
සමාජමය අරගල ඇති වූ අවස්‌ථාවල දී සමාජ ජාල අවහිර කිරීම් විටින් විට දැකිය හැකි විය. නිදසුනක් ලෙස ගත හොත් ඉහත දැක්‌වූ අරාබි වසන්තය අවස්‌ථාව දැක්‌විය හැකි ය. එසේ ම ඉන්පසුව ඇති වූ විවිධ මට්‌ටම්වල අරගල හා විරෝධතාවල දී මෙසේ සමාජ ජාල අවහිර කිරීම සාමාන්‍ය සිදුවීමක් බවට පත් ව තිබේ.
තායිලන්තයේ 2014 වර්ෂයේ දී ඇති වූ හමුදා කුමන්ත්‍රණය අවස්‌ථාවේ දී ඊට එරෙහි ව හටගත් විරෝධතා පාලනය කිරීම සඳහා ෆේස්‌බුක් සමාජ ජාලය අවහිර කිරීමට හමුදා පාලනය විසින් පියවර ගන්නා ලදි.
බංගලාදේශයේ 2015 වර්ෂයේ දී ඇති වූ විරෝධතා හමුවේ කෙටි කාලයකට සමාජ ජාල අවහිර කිරීම සඳහා එරට රජය කටයුතු කර තිබිණි. එරට ඊට පෙර ද එවැනි පියවරක් ගෙන තිබිණි.
ඉන්දියාවේ කාශ්මීරයේ ඇති වූ අර්බුදකාරී අවස්‌ථාවක දී සමාජ ජාල හා වෙනත් වෙබ් අඩවි 22ක් පමණ මාසයක කාලයක් තහනම් කිරීමට එහි බලධාරීන් කටයුතු කළේ 2017 වර්ෂයේ දී පමණ කාලයක ය. එයට හේතු වූයේ ඇති වූ ගැටුමක් හා සම්බන්ධ වීඩියෝ දර්ශන සමාජ ජාල ඔස්‌සේ සංසරණය වීමෙන් කලබල ඇති වීම උග්‍ර වීමයි.
කෙසේ වෙතත් මෙවැනි අවස්‌ථාවල දී වෙනත් තාක්‌ෂණික ක්‍රම යොදාගනිමින් ජනතාව එම සීමාවලින් මිදීමට පියවර ගනු දැකිය හැකි ය. මේ අතර අදාළ පුද්ගලයන් ඒ සඳහා ඊට වඩා වෙනස් මාධ්‍ය භාවිත කිරීමට අවස්‌ථාව ඇති බව බලධාරීන් අමතක නො කළ යුතු කරුණකි. නිදසුනක් ලෙස කටකතා යනු එදා මෙන් ම අදත් ප්‍රබල මාධ්‍යයකි.
මෙහි ඇති තවත් වැදගත් කරුණක් වන්නේ සමාජ ජාල භාවිත කරන්නන් ගේ හැසිරීම නිරීක්‌ෂණය කිරීම මඟින් ඇතැම් විට ඇති වීමට ඉඩ තිබෙන අරගල පුරෝකථනය කළ හැකි බවයි. සමාජ ජාල නිරීක්‌ෂණය කිරීම මඟින් එවැනි වර්ධනය වන ප්‍රවණතා හඳුනාගැනීමට හැකි බව සිදු කර ඇති පර්යේෂණ මඟින් ද පෙන්වා දී තිබේ.
2016 වර්ෂයේ දී පළ වූ එක් අධ්‍යයනයකට අනුව කිසියම් අරගලයක් හඳුනාගැනීමට සමාජ ජාල පණිවිඩ හරහා හැකියාව තිබේ. ඒ එවැන්නකට සහභාගිත්වයට පෙර සිදු වන බව සඳහන් වන සජීවීකරණ ක්‍රියාවලිය (mobilization) හඳුනාගැනීම හරහා ය. එම ක්‍රියාවලිය පියවර හතරකින් සමන්විත ය. එනම්, කිසියම් කරුණක් පිළිබඳ ව සානුකම්පිත වීම, යම් සංවිධානාත්මක ව්‍යාපාරයක් ගැන දැනුවත් වීම, එයට සහභාගි වීම සඳහා ඇති වන පෙලඹීම හා සහභාගි වීම සඳහා ඇති හැකියාවයි. මේ අනුව ඉදිරියේ දී ඇති විය හැකි විරෝධතාවක් පිළිබඳ ව මේ පණිවිඩ හුවමාරුවල ඇති සජීවීකරණයේ ඇති තොරතුරු යොදාගැනීමෙන් හඳුනාගැනීමට හැකියාව ඇති බව එම පර්යේෂකයන් ගේ අදහස වෙයි. ඔවුන් ඒ සඳහා බැල්ටිමෝරයේ 2015 දී ඇති වූ සිදුවීම් වලට පෙර හා සිදුවීම් අතර ඇති වූ ට්‌විටර් පණිවිඩ හුවමාරු වීම් පිළිබඳ ව අවධානය යොමු කර තිබේ (10.1109/ASONAM.2016.7752218). බැල්ටිමෝරයේ සිදු වූ එම සිදුවීමේ දී ට්‌විටර් මාධ්‍යය මඟින් අරගල සංවිධානය කිරීම සඳහා දැක්‌වූ දායකත්වය පිළිබඳ ව සමාජ විද්‍යාඥයකු Science සඟරාවේ කෙටි සම්මුඛ සාකච්ඡාවක දී ද පෙන්වා දී තිබිණි. (DOI:10.1126/science.aac4532).
මෙවැනි තවත් අධ්‍යයනයකට අනුව සමාජ ජාල ක්‍රියාකාරිත්වය ඉහළ වීම උද්ඝෝෂණ ආදියට සහභාගි වීම පුරෝකථනය කිරීම සඳහා යොදාගත හැකි කරුණකි. කෙසේ වෙතත් මෙය සාර්ථක වන්නේ ස්‌ථානය අනුව වන අතර එය එකිනෙකට වෙනස් වීමට ඉඩ ඇත. Journal of Communication සඟරාවේ පළ වී ඇති මේ අධ්‍යයනයට අනුව සමාජ ජාල යොදාගනිමින් මෙසේ පුරෝකථනය කිරීම හැම විට ම සාර්ථක නො වීමට ද ඉඩ තිබේ. ස්‌පාඤ්ඤයේ 2011 දී ද, ලෝකය පුරා 2011 දී ඇති වූ 'අත්පත් කරගැනීමේ' (Occupy) උද්ඝෝෂණ මාලාව ද, බ්‍රසීලයේ 2013 දී ඇති වූ උද්ඝෝෂණයක් ද පදනම් කරගනිමින් ට්‌විටර් හා ෆේස්‌බුක් යොදාගෙන මෙය සිදු කර තිබේ. එහි දී හෙළි වී ඇත්තේ සමාජ ජාල ක්‍රියාකාරිත්වය හා භූමියේ ක්‍රියාකාරිත්වය අතර සම්බන්ධයක් එම අරගල තුනෙන් දෙකක දී ම හඳුනාගන්නට හැකි වූ බව ය. විශේෂයෙන් මීළඟ දිනයේ උද්ඝෝෂණයේ තත්ත්වය හඳුනාගැනීමට එහි දී හැකියාව ඇති බව ඔවුන් ගේ අදහස විය. (DOI:10.1111/jcom.12145).
මේ අනුව පෙනෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් සිදු කරන කිසියම් ආකාරයකට සමාජ ජාල නිරීක්‌ෂණය කිරීම සිදු කිරීම හරහා හිංසාකාරී හා ගැටුම්කාරී අරගලයකින් ඇති විය හැකි හානිය වැළැක්‌වීමට හැකියාවක් ඇති බවයි. එහෙත් එහි යම් සීමා තිබිය හැකි ය. කෙසේ වෙතත් එය සාර්ථක ව කළ හැකි නම්, එය සමාජයේ යහ පැවැත්ම සඳහා වැදගත් බව අමුතුවෙන් කිව යුත්තක් නො වේ.
කෙසේ වෙතත් ප්‍රජාත්‍රාන්ත්‍රවාදී සමාජයක ජනතාව ගේ විරෝධය ප්‍රජාතාන්ත්‍රික හා සාමකාමී ආකාරයෙන් දැක්‌වීම පාලනය කළ යුතු ද යන්න මෙවැනි මැදිහත් වීම් පිළිබඳ ව ඇතැම් විට අසනු ලබන පැනයකි. එය එසේ නො විය යුතු බව පැහැදිලි ය. කෙසේ වෙතත්, බරපතළ ආකාරයේ අරගල - ජීවිත හා දේපළ හානි කරන ආකාරයේ අරගල - පාලනය කිරීම සඳහා සමාජ ජාල නිරීක්‌ෂණය හා අදාළ පියවර ගැනීම කිසියම් ආකාරයක සුහුරු ක්‍රමවේදයක් ලෙස සැලකිය හැකි ය.

සමාජ ජාල අවහිර කළ අවස්‌ථා

අරගල පුරෝකථනය කිරීම සඳහා සමාජ ජාල යොදාගැනීම