ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 14.02.2018. පි. 4 (Vidusara)
http://www.vidusara.com/2018/02/14/feature1.html
නූතන මිනිසා හෙවත් Homo sapiens sapiens මානවයා අදින් වර්ෂ 200,000කට පමණ ඉහත දී අප්‍රිකාවේ බිහි වී ලෝකයේ සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත වූ බවට ඇති මතය පුළුල් ලෙස පිළිගත් මතයකි. මේ වන විට ඇති එක් මතයක් වන නූතන මිනිසා අප්‍රිකාවෙන් පිට වී ඇත්තේ අදින් වර්ෂ 50,000ත් 75,000ත් අතර කාලයකට පමණ ඉහත දී ය. (එහි සාමාන්‍යය වසර 60,000 ලෙස ද සැලකේ). අද වාසය කරන මිනිසුන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ආශ්‍රිත ව සිදු කරන ලද අධ්‍යයන මඟින් ද මේ මතය සඳහා වැඩි නැඹුරුවක් ලැබී ඇත. එහෙත් මිනිසා අප්‍රිකාවෙන් නික්‌මුණු දිනය මීට වඩා පැරැණි බවත් එය අදින් වසර 100,000ත් 125,000 අතර කාලයකට පමණ පෙර සිදු වූ බවත් පැවසෙන මතයක් ද තිබෙයි. මේ අනුව නූතන මිනිසා එක් වරක් නො ව කිහිප වරක් අප්‍රිකාවෙන් පිටතට ව්‍යාප්ත වූ බවක් යෝජනා වී ඇත. ඒ අප්‍රිකාවෙන් කලින් පිට වූ ඇතැම් නූතන මිනිසුන් ගෙන් පැවත එන්නන් පසුව ආ ප්‍රවාහයක් තුළ යටපත් වී යන්නට ඇත යන අදහසිනි.
මේ දෙවැනි මතය සඳහා සාධක ලැබී ඇත්තේ වඩා මෑත කාලයේ දී ය. පසුගිය වර්ෂයේ මොරොක්‌කෝවෙන් හමු වූ නූතන මානව ෆොසිල පෙන්වා දෙන ලද්දේ නූතන මානවයා අදින් වසර 300,000ක් පමණ කාලයකට හෙවත් මෙතෙක් විශ්වාස කළාට වඩා වසර 100,000කට කාලයකට පෙර එම ප්‍රදේශයේ වාසය කළ බවයි. ඒ උතුරු අප්‍රිකාවේ වීම සුවිශේෂ ය. අනෙක් අතට තවත් සාධක අනුව පෙනී ගොස් ඇත්තේ අදින් වසර 60,000කට වඩා කාලයකට පෙර නූතන මානවයා පිළිබඳ සාධක ආසියාවෙන් හා ඔස්‌ටේ්‍රලියාවෙන් ලැබී ඇති බවයි. චීනයෙන් වසර 120,000කට පෙර ද, ඉන්දුනීසියාවෙන් වසර 73,000කට පමණ පෙර ද, ඔස්‌ට්‍රේලියාවෙන් වසර 65,000කට පමණ පෙර ද මේ සාධක ලැබී ඇත. මේ අනුව අප්‍රිකාවෙන් නූතන මානවයා කලින් නික්‌මීම පිළිබඳ සාධක වඩා ශක්‌තිමත් බව පැහැදිලි ය. එමෙන් ම මෑත දී ලැබී ඇති ප්‍රවේණික සාධක මඟින් පෙනී ගොස් ඇත්තේ අප්‍රිකාවෙන් පිටතට ව්‍යාප්ත වූ නූතන මානවයා ඒ වන විට එම ප්‍රදේශවල ජීවත් වූ වෙනත් ආදි මානව විශේෂ වන නියෑන්ඩර්තාල් හා ඩෙනිසෝවන් වැනි මානවයන් හා අභිජනනය කරන ලද බවයි.

Homo sapiens sapiens මානවයා වැදගත් වන්නේ සමස්‌ත ලෝකය ම ජයගැනීමට සමත් වූ එක ම මානවයා ඔහු වන බැවිනි. Australopithecus මානවයන් අප්‍රිකාවෙන් පිටතට ව්‍යාප්ත වූ බවක් වාර්තා වී නොමැත. එසේ ම නියෑන්ඩර්තාල් මානවයන් අප්‍රිකාවට පැමිණි බවට සාධක හමු නො වෙයි. එමෙන් ම Homo erectus මානවයන් අප්‍රිකාවෙන් පිටතට ගොස් ආසියාව, යුරෝපය ඇතුළත් පැරැණි ලෝකයේ (Old World) බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත වූ නමුත්, ඔස්‌ට්‍රේලියාවට හා නව ලෝකය හෙවත් ඇමෙරිකානු මහාද්වීපයට ව්‍යාප්ත වූයේ නැත. එහෙත් Homo sapiens sapiens මානවයා සමස්‌ත ලෝකය පුරා ම ව්‍යාප්ත වී තිබේ.
කෙසේ වෙතත් පසුගිය ජනවාරි මාසයේ දී ප්‍රකාශයට පත් වූ පර්යේෂණ පත්‍රිකාවකින් නූතන මානවයා මෙතෙක් පිළිගත් දිනවලට වඩා පෙර වකවානුවක දී අප්‍රිකාවෙන් නික්‌මුණු බවට තවත් සාධකයක් ඉදිරිපත් කර ඇත. එම සාධක ලැබෙන්නේ ඊශ්‍රායලයෙනි.
මේ අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ ඊශ්‍රායලයේ ගල් ලෙනකින් 2002 වර්ෂයේ දී ලැබුණු ෆොසිලයකි. එය අප්‍රිකාවෙන් පිටත දී හමු වූ නූතන මානවයා ගේ මෙතෙක් දන්නා පැරැණි ම ෆොසිලය බව මෙහි දී පෙන්වා දී ඇති අතර ඒ පිළිබඳව ඇති දින වකවානු වර්ෂ දස දහස් ගණනකින් අතීතයට ගෙන යැමට යෝජනා කරයි. කෙසේ වෙතත් මෙහි දින වකවානු පිළිබඳ ව මතභේද ද පවතියි.
ඊශ්‍රායලයේ කාර්මල් (Mount Carmel) කන්දේ බටහිර බෑවුමේ පිහිටා ඇති මිස්‌ලියා (Misliya) ගුහාව නම් ගුහාවෙන් හමු වී ඇති මේ ෆොසිලය මානව උඩු හනුවක කොටසකි. එහි දත් අටක් පමණ ශේෂ ව තිබේ. මේ ෆොසිලය එකිනෙකට වෙනස් ක්‍රම තුනක් යොදාගනිමින් කාල නිර්ණය කර ඇති අතර ඒ අනුව අදින් වසර 177,000ක් හා 194,000ක් අතර කාලයකට අයත් ලෙස කාල නිර්ණය කර තිබේ (එහි සාමාන්‍යය වසර 185,000ක් පමණ වේ).
මේ ෆොසිලයේ ව්‍යුහ විද්‍යාත්මක ස්‌වභාවය හඳුනාගැනීමට මේ පර්යේෂකයන් උත්සාහ කර ඇත. එය නූතන මානවයා ගේ හා අප්‍රිකාවෙන්, යුරෝපයෙන් හා ආසියාවෙන් හමු වී ඇති ආදි මානවයන් හා සංසන්දනය කිරීම සිදු කර තිබෙයි. එහි දී පෙනී ගොස් ඇති ආකාරයට එය වඩාත් සමීප වී ඇත්තේ නූතන මානවයා හෙවත් Homo sapiens sapiens සමඟ ය. මේ සඳහා පරිගණක ආශ්‍රිත නවීන තාක්‌ෂණික උපක්‍රම භාවිත කර තිබේ.
මේ ෆොසිලයට ලබා දී ඇති කාල නිර්ණය අනුව නූතන මානවයා අප්‍රිකාවෙන් පිට වූ දිනය මෙතෙක් දන්නා දිනයට වඩා වසර 50,000ක් පමණ පමණ ඈතට යන බව උක්‌ත පර්යේෂකයන් ගේ අදහස වේ. මෙතෙක් පැවැති පැරැණි ම සාධකය වන්නේ අදින් වසර 90,000ත් 120,000ත් අතර කාලයකට දින නියම කර තිබූ ස්‌කුල් (Skhul) හා කෆ්සේ (Qafzeh) නම් ඊශ්‍රායලයේ ම පිහිටා ඇති ස්‌ථානවලින් හමු වී ඇති මානව ශේෂ ය. ඒ අනුව ඒවාට වඩා මේ මිස්‌ලියා ෆොසිලය වසර 50,000ක් පමණ පැරැණි බව පර්යේෂකයන් ගේ මතයයි.
එමෙන් ම මේ ෆොසිලය හමු වූ ලෙනෙන් විශේෂ වර්ගයක ශිලා මෙවලම් හමු වීම ද වැදගත් සොයාගැනීමක් ලෙස දක්‌වා ඇත. ලෙවලියොස් (Levallois) මෙවලම් ලෙස හඳුන්වා ඇති මේ මෙවලම් පැතලි, තුනී තියුණු මුවහතක් සහිත ආයුධ වර්ගයකි. මේවා මානව ප්‍රාග් ඉතිහාසයේ වැදගත් සන්ධිස්‌ථානයක් ලෙස සැලකේ. මොරොක්‌කෝවේ ජෙබෙල් ඉර්හුද් ස්‌ථානයෙන් මෙන් ම ඉහත සඳහන් ඊශ්‍රායලයේ මිස්‌ලියා ගුහාවෙන් ද මේ වර්ගයේ ශිලා මෙවලම් හමු වීම වැදගත් ය. මේවා ඇතැම් විට නූතන මානවයන් විසින් සොයාගන්නා ලද ආයුධ වර්ගයක් වීමට අවස්‌ථාව ඇති බව ඔවුන් දක්‌වා ඇති අතර, එම තාක්‌ෂණය මේ මානවයන්ට අප්‍රිකාවෙන් පිටතට යැමට උපකාරී වූවා ද විය හැකි බවට ද අදහසක් මතු කර තිබෙයි.
කෙසේ වෙතත් මේ ෆොසිලය හා එමඟින් ඉදිරිපත් කරන මත පිළිබඳ ව ඇතැම් විද්‍යාඥයන් අතර සැක සහිත බවක් ඇති බව ද පෙනේ. එය නූතන මානවයා ගේ බවට පිළිගත හැකි සාධක තිබේ ද යන්න ගැන ඇතැම් විද්‍යාඥයන් අතර සැකයක් ඇති බව පෙනෙයි. ඒ සඳහා භාවිත කර ඇති සාධක කෙතරම් දුරට පිළිගත හැකි ඒවා වන්නේ ද යන්න ඔවුන් මතු කර ඇති පැනය වෙයි. අනෙක් විශේෂවලට වඩා මේ ෆොසිලය Homo sapiens විශේෂයට සමාන වුව ද, එය එක් අස්‌ථි කොටසක් පමණක් බව ඔවුන් පෙන්වා දී තිබේ. එසේ ම එක් විද්‍යාඥයකු පෙන්වා දී ඇති ආකාරයට එම ෆොසිලයේ, දත් වඩාත් නූතන ස්‌වභාවයක් දක්‌වයි.
ඉහත සඳහන් කළ මේ මානව ශේෂ සමඟ හමු වන ශිලා මෙවලම් පිළිබඳ ව ද මතභේද ඇත. නූතන මානවයා බිහි වීමට පෙර කාලයකට දින නියම කර ඇති ස්‌ථානවලින් ද මේ වර්ගයේ ආයුධ හමු වන බව ඇතැම් විද්‍යාඥයන් දක්‌වා තිබෙයි. මේවා නියෑන්ඩර්තාල් වැනි මානවයන් ගේ වාසස්‌ථානවලින් ද හමු වන බවක් ද වාර්තා වෙයි.
කෙසේ වෙතත් මේ සොයාගැනීම මඟින් මෑත දී අනාවරණය වූ තවත් කරුණක් පිළිබඳ ව සාධක ලැබෙයි. එනම් අප්‍රිකාවෙන් පිටත විසූ නියෑන්ඩර්තාල් හා ඩෙනිසෝවන් වැනි මේ වන විට වඳ වී ගොස් ඇති ආදි මානවයන් හා නූතන මානවයන් අතර අන්තර් සම්බන්ධතා පැවැති බවට ප්‍රවේණික පර්යේෂණ මඟින් දක්‌වා ඇති මතයට මෙමඟින් වැඩි අවස්‌ථාවක් ලැබීමයි. වඩා කලින් අප්‍රිකාවෙන් නික්‌මුණු නූතන මානවයන් හා ආදි මානව විශේෂ අතර මෙවැනි සම්බන්ධතා අන්තර් සම්බන්ධතා ඇති වීමේ අවස්‌ථාව අධික ය.
මේ කරුණු අනුව නූතන මානවයා අප්‍රිකාවෙන් නික්‌මීම පිළිබඳව ඇති මතවාද තවදුරටත් සංකීර්ණ වන බව පැහැදිලි ය. එසේ ම නූතන මානවයා ගේ බිහි වීම පිළිබඳ දින වකවානු ද මේ අනුව වෙනස් විය හැකි ය. අනෙක් අතට අප්‍රිකාවෙන් නික්‌මීම එක් වරක් නො ව කිහිප වරක් සිදු වූ නික්‌මීමක් විය හැකි බව ද පෙනෙයි. කලින් නික්‌මුණු මානව ප්‍රවාහය පසු කලක ආ ප්‍රවාහයෙන් යටපත් වී ගියා වීමට ද හැකි ය. ප්‍රවේණික පර්යේෂණවලින් පෙනෙන පරිදි වසර 60,000කට පමණ පෙර අප්‍රිකාවෙන් පිටතට පැමිණි නූතන මානව ප්‍රවාහයක් වර්තමාන මානවයන් අතර ප්‍රධාන ප්‍රවාහය වන්නේ ඒ නිසා විය හැකි ය.
මූලාශ්‍රය: Science, DOI: 10.1126/science.aap8369

ඊශ්‍රායලයෙන් ලැබුණු ෆොසිලය

මතභේද පවතී