මට ඔහු මුලින්ම හමුවන්නේ 1995-1996 පමණ කාලයේදීය. ඒ එවකට පැවැති පොදුජන එක්සත් පෙරමුණු රජය පැකේජය කරපින්නාගෙන සාම ගමනේ යමින් සිටි වකවානුවයි. එවකට රට බෙදීමට එරෙහිව හා ජාතික ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටි සංවිධාන අතළොස්ස අතර කැපී පෙනෙන කාර්යයක් ඉටු කළේ චින්තන පර්ෂදයයි. මහජන රැස්වීම් හා දේශන, පෝස්ටර් ව්‍යාපාර හා කාලය සඟරාව එ් සඳහා වූ මාධ්‍යය විය. සරසවියේ පළමු වසරේ සිටි මමද චින්තන පර්ෂදයේ කටයුතු හා එක්ව සිටියෙමි.
මහජන පුස්තකාලයේ පැවැති එහි මහජන රැස්වීම්වලදී ඔහු නිතිපතාම වාගේ මට හමු විය. එවකට පාසල් අධ්‍යාපනය හමාර කරමින් සිටි ඔහු ජාතිකත්වයට නැඹුරුව සිටි ඒවැනි කටයුතුවලට මහත් වූ ලැදියාවක් දැක්වූවෙක් විය. අප ආසන්න ප‍්‍රදේශයක ජීවත් වූ බැවින් ඇතැම් විට මග තොටදී හමුව කතා බහ කිරීමට හැකි විය. ඒ මිත‍්‍රත්වය වසර විසිගණනක් ගොස් අදත් තිබේ.
කාලය ගතවද්දී මාධ්‍ය ක්ෂේත‍්‍රයෙන් මා ඈත්වු අතර, ඔහු මාධ්‍ය ක්ෂේත‍්‍රයට පිවිසයේය. එය හුදෙක් වෘත්තීය පුවත්පත්කලාවේදියකු වීමට සීමා නොවූ අතර, ඔහු ජාතිකත්වය පදනම් කරගත් හරවත් මෙහෙවරක් උදෙසා දිගින් දිගටම සිය පෑන මෙහෙයවූයේය. පුවත්පත් කලාවේ පියවරින් පියවර ඉදිරියට ගියේ අපේ රට ජාතිය පිළිබඳ ජාතිකත්වයෙන් යුතු අදහස් ඔහුගේ ලිපිලේඛනවලින් පෙන්වා දෙමිණි. (ඔහු ලියූ දේශපාලන ලිපි පිළිබඳව යම් යම් විවේචන මට තිබුනු අතර ඒවා ඇතැම් විට ඔහුටද පැවසීමි.)
දැන් ඔහු සිය මාධ්‍ය මෙහෙවරේ කිසියම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බව පෙනේ. යළි යළිත් නොකීවද මේ සිදුවීම දැන් රටම දනියි. වාර්තා වන ආකාරයට, 'ඉරිදා දිවයින' පළවූ පළ වූ ඒ ආන්දෝලනාත්මක ලිපියේ වගකීම භාරගනිමින් ඔහු රැකියාවෙන් ඉල්ලා අස්වී තිබේ. රැකියාව පසෙකලා එවැනි තීරණයක් ගැනීමට ඔහුට කොන්දක් තිබී ඇත. එ් අසාධාරණය වෙනුවෙන් කතා කරන්නට නිදහස් මාධ්‍ය ඔස්තාර්ලා නොමැත. එසේම රට වෙනුවෙන් ලියූවන්ට එවැනි සහයක් නොලැබෙන බව ඔහු අමුතුවෙන් නොදන්නා අයෙක් නොවේ.
ඉතින්, මනෝජ් අබයදීර නම් වූ මිත‍්‍රය ඔබට ජය පතමි...
No comments:
Post a Comment