ධනේෂ් විසුම්පෙරුම
විදුසර 25.11.2015, පි. 5 (Vidusara)
http://www.vidusara.com/2015/11/25/feature1.html
නොවැම්බර් 30 වැනි ඉරිදා ප්‍රංශයේ පැරිස් නුවර දී ආරම්භ වන ජගත් දේශගුණ සමුළුව යනු සැම වසරක ම අවසානයේ දී පවත්වනු ලබන දේශගුණ වෙනස් වීම පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) තවත් එක් පාර්ශ්වකරුවන් ගේ සමුළුවක් (COP) පමණක් නො වේ. එය ලෝකයේ අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මක එකකි. වර්තමාන ලෝකයේ දැකිය හැකි බරපතළ ම (එහෙත් මේ බරපතළකම අවබෝධ කරගෙන නොමැති) පාරිසරික ගැටලුව සේ සැලකෙන දේශගුණ වෙනස් වීම පිළිබඳ කිසියම් සාධනීය පියවරක් අපේක්‌ෂාවෙන් සිදු වන්නකි.
දේශගුණ වෙනස් වීමේ බරපතළකම වටහාගත් දින පටන්, මෙවැනි ගිවිසුමක් අපේක්‌ෂාවේ තිබුණු අතර, 2009 වර්ෂයේ දී කෝපන්හේගන් දේශගුණ සමුළුවේ දී එවැන්නක් අපේක්‌ෂා කරන ලදි. එහෙත් කිසිවකු අපේක්‌ෂා නො කළ ආකාරයෙන් එම සමුළුව කිසිදු එකඟතාවක් නොමැති ව අවසන් විය. ඉන් පසුව, 2011 වර්ෂයේ දී පැවැති ඩර්බන් දේශගුණ සමුළුවේ දී ලෝකය එකඟ වූයේ, 2020 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නෛතික බලපෑමක් ඇති එකඟතාවකට 2015 වර්ෂයේ දී එළැඹීමට ය. විශේෂයෙන් හරිතාගාර වායු විමෝචන සීමා කිරීමේ දී ගිවිසුමකට ලෝකයේ සියලු රටවල් සම්බන්ධ විය යුතු බවට ද එකඟතාවක් ඩර්බන්හි දී පොදුවේ ඇති වී තිබිණි. ලෝකයේ සැම රටකට ම හරිතාගාර විමෝචන සීමා කිරීමේ පොදු එහෙත් එකිනෙකට වෙනස් මට්‌ටමේ වගකීම් ලැබිය යුතු බව මින් අදහස් විය.
ඉන් පෙර දේශගුණ වෙනස් වීම සම්බන්ධව ක්‍රියාක්‌මක වූ එක ම පිළියම වූයේ 1997 දී අත්සන් තබන ලද කියෝටෝ සන්ධානයයි. ඒ අනුව, දියුණු කාර්මික රටවල් පමණක් සිය හරිතාගාර වායු විමෝචන සීමා කළ යුතු විය. ආර්ථික කරුණුවලට ප්‍රමුඛතාව ලබා දුන් ඇතැම් රටවල් කියෝටෝ සන්ධානයට මුල පටන් ම විරුද්ධ වූ අතර, එවකට ලෝකයේ වැඩි ම හරිතාගාර වායු විමෝචකයා වූ ඇමෙරිකාව ද කියෝටෝ සන්ධානයට අත්සන් තැබීම ප්‍රතික්‌ෂේප කළේ ය. තවත් රටවල් සන්ධානයට එක් වීම පමා වූ බැවින් එය බලාත්මක තත්ත්වයට පත් වූයේ ද 2005 වර්ෂයේ දී පමණ ය. අවසානයේ දී 2012 වර්ෂයේ දී එහි මුල් ඉලක්‌කගත කාලසීමාව අවසන් වන විට, සන්ධානය අසාර්ථක එකක් බව පැහැදිලි ව පෙනෙන්නට තිබිණි. කාර්මික රටවල් ස්‌වකීය හරිතාගාර වායු විමෝචන 1990 මට්‌ටමට සාපේක්‌ෂව විවිධ ප්‍රමාණවලින් (සාමාන්‍යයක් ලෙස ගත හොත් 5.5%කින්) අඩු කළ යුතු වුව ද, ඒ බොහෝ රටවල වායු විමෝචන ඉහළ ගොස් තිබිණි.
2012 සිට ගත වූ කාලයේ දී මේ සම්බන්ධව සාකච්ඡා ඇති වූ අතර ලබන සතියේ පැරිස් සමුළුව අවසානයේ දී ඇති කරගැනීමට නියමිත ව ඇත්තේ මේ ගිවිසුමයි. මේ ගිවිසුම තුළ ලෝකයේ රටවල් සියල්ලට ම පොදු වගකීමක් හා නෛතික බැඳීමක් සහිත ආකාරයේ එකක් වනු ඇතැයි අපේක්‌ෂිත ය.
මේ වන විට ලෝකයේ විමෝචනය වන හරිතාගාර වායු විමෝචන ඉහළ යමින් තිබේ. මෙහි දී වැඩි වශයෙන් බලපෑමක් සිදු වන්නේ කාබන් ඩයොක්‌සයිඩ් වායුවෙන් වුව ද, සෙසු හරිතාගාර වායුවල සාන්ද්‍රණය ද ඉහළ ගොස් ඇත. ලෝක කාලගුණවිද්‍යා සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට 2014 දී ලෝකයේ සාමාන්‍ය කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස් 397.7ක් (ppm) පමණ වූ අතර මේ අගය 2016 වන විට කොටස් 400 ඉක්‌මවා යනු ඇත. මෙය වාර්තාගත වැඩි වීමක් වන අතර පූර්ව කාර්මික අවධියේ පැවැති මට්‌ටමට වඩා 143%ක වර්ධනයකි.
හරිතාගාර වායු සාන්ද්‍රණය මෙන්ම ලෝකයේ උෂ්ණත්වය ද මෑත කාලයේ දී වාර්තාගත අන්දමින් ඉහළ යමින් ඇති බව මේ වන විට පැහැදිලි කරුණකි. නිදසුනක් ලෙස ගත හොත් ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ම වර්ෂ 11න් 10ක් ම වාර්තා වන්නේ 2000 වර්ෂයෙන් පසුව වේ. (අනෙක් උෂ්ණත්වයෙන් අධික වර්ෂය 1998 ය). මේ වන විට වාර්තා වී ඇති උෂ්ණත්වයෙන් අධික ම වර්ෂය වන්නේ ගත වූ 2014 ය.
මෙවැනි තත්ත්වයක ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේ දී ඇති විය හැකි බලපෑම් පිළිබඳව අපට ලෝකයේ විවිධ ප්‍රදේශවලින් අසන්නට ලැබේ. මේවා සම්බන්ධව විවිධ පුරෝකථන මෙන්ම ඒ ගැන සවිස්‌තර වශයෙන් ද අප මින් පෙර සාකච්ඡා කර ඇත. දැන් අවශ්‍ය ව ඇත්තේ මේ තත්ත්වය වඩාත් බරපතළ තත්ත්වයකට පැමිණීමට පෙර පාලනය කරගැනීම ය. දේශගුණ වෙනස් වීම පිළිබඳව කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් සම්මුතියක් ඇති වූයේ 1992 වර්ෂයේ දී පමණ ය. ඒ දේශගුණ වෙනස් වීම පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ රාමුගත සම්මුතියයි (UNFCCC). එහෙත් එමගින් මේ තත්ත්වය වැළැක්‌වීමට හෝ පාලනය කිරීමට හෝ පැහැදිලි ඉලක්‌කයක් නො තිබූ අතර, එවැන්නත් ඇති කරගත්තේ 1997 දී ය. ඒ කියෝටෝ සන්ධානයයි. පෙර සඳහන් කළ ආකාරයට ඉන් අපේක්‌ෂිත ඉලක්‌ක වෙත ළඟා වීම අපහසු කරුණක් වුව ද දේශගුණ වෙනස් වීම පාලනය කිරීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ එක ම වැඩසටහන වන්නේ කියෝටෝ සන්ධානයයි. පැරිස් සාකච්ඡාවල පසුබිම සැකසෙන්නේ මේ තත්ත්වය පසුබිමේ තබාගනිමිනි.
අද වන විට පවත්නා තත්ත්වය අනුව ඇතැම් කරුණු සම්බන්ධව මතභේද ඇති බව පැහැදිලි ය. ඉන් එකක් වන්නේ හරිතාගාර වායු විමෝචන සීමා කිරීම කළ හැක්‌කේ කවර ප්‍රමාණයකින් ද යන්න ය. මේ වන විට ලෝකයේ රටවල් 168ක් පමණ ප්‍රමාණයක් ස්‌වකීය රටවලට සිදු කළ හැකි වායු සීමා කිරීම හා වෙනත් කරුණු පිළිබඳ පොරොන්දු (INDC) ලබා දී තිබේ. එහෙත් දේශගුණ වෙනස් වීමේ බරපතළ බලපෑම් ඇති විය හැකි යෑයි සැලකෙන උෂ්ණත්ව ඉහළ යැමේ සීමාව වන සෙල්සියස් අංශක දෙකක සීමාව ඉක්‌මවා යා නො දී තබාගැනීමට මේවායින් හැකි ද යන්න වැදගත් ම කරුණ වේ. මේ රටවල් ලබා දී ඇති ඉලක්‌ක සියල්ල සම්පූර්ණ කළ ද ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 ඉක්‌මවා යැම වළක්‌වාගත නොහැකි බව පෙන්වා දී තිබේ. (මේ පිළිබඳව ගණන් බැලීමකට අනුව උක්‌ත පොරොන්දු ඒ අයුරින් ම ඉටු වුව ද, ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.7ත් 3ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. එහෙත් මෙය කිසිදු ක්‍රියාමාර්ගයක් නො ගැනීමෙන් ඇති විය හැකි ප්‍රතිඵලවලට වඩා යහපත් තත්ත්වයකි.)
කෙසේ වෙතත් මේ විමෝචන සීමා කිරීමේ ඉලක්‌ක කරා ළඟා වීම ස්‌වෙච්ඡාවෙන් අත්පත් කරගන්නා ඉලක්‌ක වුව හොත් එහි දී යම් ගැටලුවක් ඇති වේ. ඒවා යම් නෛතික බැඳීමක් සහිත වුව හොත් පමණක් ඉන් යම් ප්‍රතිඵලයක් අපේක්‌ෂා කළ හැකි ය. මෙය දියුණු හා දියුණු වන රටවල් අතර සාකච්ඡාවල කිසියම් මතභේදයක් ඇති තැනකි. පසුගිය සතිය වන විට පෙනී ගොස් තිබූ ආකාරයට ඇතැම් රටවල අපේක්‌ෂාව වන්නේ නෛතික බැඳීමක් සහිත ගිවිසුමක් ඇති නො වනු ඇතැයි යන්න ය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙවැනි අදහසක් පළ කර තිබිණි. එහෙත් ප්‍රංශය මෙන්ම ලෝකය ද අපේක්‌ෂා කරන්නේ නෛතික බැඳීමක් සහිත ශක්‌තිමත් වූ ගිවිසුමකි.
එකඟතාවක් නොමැති අනෙක් වැදගත් කරුණ වන්නේ දේශගුණ වෙනස් වීම වැළැක්‌වීමට හා ඊට අනුහුරු වීමට අදාළ කටයුතු සඳහා දියුණුවන රටවලට ලබා දීමට නියමිත ව ඇති ආධාර මුදල් ප්‍රමාණයයි. මේ පිළිබඳව ඇති අපේක්‌ෂාව වන්නේ ඩොලර් බිලියන 100ක අරමුදලක් වාර්ෂිකව ප්‍රදානය කිරීම ය. එහෙත් මේ දක්‌වා දියුණු රටවල් ඒ ඉලක්‌කය සඳහා දායක වන ආකාරය පැහැදිලි නැත. මේ අධාර මුදල් සැම දියුණු වන රටකට ම වැදගත් වන්නේ පිරිසිදු තාක්‌ෂණය, අනුහුරු වීම ආදි බොහෝ කරුණු සම්බන්ධව ඔවුන් ගේ රටවල ඇති ආර්ථික තත්ත්වය සීමාකාරී බලපෑමක් වන නිසා ය.
මේ කරුණු දෙක සම්බන්ධව කිසියම් සාධනීය විසඳුමක් හෝ එකඟතාවක් ඇති නො වුව හොත් පැරිස් සාකච්ඡා පමණක් නො ව, එහි දී ඇති විය හැකි ගිවිසුමකින් වුව ද ලෝකයට එතරම් යහපතක් අපේක්‌ෂා කළ නොහැකි වනු ඇත.
කෙසේ වෙතත් ලෝකයේ අනාගතය සුරක්‌ෂිත කිරීම සඳහා අවශ්‍ය වන එක් ප්‍රධාන කරුණක් වන්නේ දේශගුණ වෙනස් වීමේ බරපතළ බලපෑම්වලට ලෝකය ලක් නො වන ආකාරයේ තත්ත්වයක් ඇති කරගැනීම ය. ඉදිරි දිනවල පැරිසියට රැස් වන ඒ ඒ රටවල නියෝජිතයන් ගේ, විද්‍යාඥයන් ගේ, සමාජ හා පාරිසරික ක්‍රියාකාරීන් ගේ අරමුණ වන්නේ දේශගුණ සමුළුවේ සාකච්ඡා කිසියම් ආකාරයක සාධනීය අවසානයක් දක්‌වා යොමු වනු දැකීම ය.
එහෙත් අවාසනාවකට මෙන් පැරිස් නගරයේ පසුගිය දා සිදු වූ ත්‍රස්‌ත ප්‍රහාරය නිසා එහි ආරක්‌ෂක තත්ත්වය දැඩි කිරීමට ප්‍රංශ රජය කටයුතු කර තිබේ. දේශගුණ සමුළුව අතරතුර දී පා ගමන්, විරෝධතා හා වෙනත් කටයුතු තහනම් කිරීමට රජය තීරණය කර ඇත. මෙය දේශගුණ වෙනස් වීම පිළිබඳව අවධානය යොමු කිරීමේ අටියෙන් විවිධ සමාජ ක්‍රියාකාරීන් සංවිධානය කරන්නට ගිය විරෝධතාවලට ද බලපානු ඇත. විශේෂයෙන් ම අප්‍රිකානු රටවල්, කුඩා දූපත් රාජ්‍ය ආදි හඬක් නොමැති පිරිස්‌වලට තම හඬ ලෝකයට ගෙන යැමට තිබූ අවස්‌ථාවක් වන්නේ මේ වීදි විරෝධතා ය.
පැරිස් සමුළුවට සහභාගි වන රාජ්‍ය නායක මට්‌ටමේ පිරිස්‌වල සහභාගිත්වය අඩු වන බව ද දැනගැනීමට ඇත. ඊට හේතුව වී ඇත්තේ ද පෙර කී ත්‍රස්‌ත ප්‍රහාරය නිසා ඇති වී තිබෙන ආරක්‌ෂාව පිළිබඳ ගැටලු ය. සාමාන්‍යයෙන් මෙවැනි තීරණාත්මක සමුළුවක දී රාජ්‍ය නායකයන් ගේ සහභාගිත්වය කිසියම් ධෛර්යයක් හා ගම්‍යතාවක් එක් කිරීමට හේතු වන බැවින්, රාජ්‍ය නායකයන් ගේ සහභාගිත්වය අඩු වීම ද පැරිස් සාකච්ඡාවලින් සාධනීය ප්‍රතිඵලයක් අත්පත් කරගැනීම සඳහා බලපාන කරුණක් විය හැකි ය.
ලෝකයේ අනාගත සුරක්‌ෂිතතාව පිළිබඳ තීරණ ගන්නා සමුළුවක් වන පැරිස් සමුළුවේ දී වර්ධනය වන ප්‍රවණතා සම්බන්ධව අපට ඉදිරියේ දී දැකගත හැකි ය.

ගැටලුවේ තරම

මතභේදාත්මක කරුණු

ලෝකයේ අපේක්‌ෂාව