ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 09.09.2015, 5 පිටුව (Vidusara)
(Do we have sufficient attention of pollution of Kelani River?)
http://www.vidusara.com/2015/09/09/feature2.html
බියගම පිහිටා ඇති කොකාකෝලා සමාගම් පරිශ්‍රයේ සිදු වූ අනතුරක් හේතුවෙන් කැලණි ගඟට ඩීසල් එක් වීමේ සිදුවීම ගැන මුලින් ම දැනගැනීමට ලැබෙන්නේ පසුගිය අගෝස්‌තු 17 වැනි දින ය. එම සමාගම් පරිශ්‍රයේ සිදු කරන ලද කිසියම් ඉදිකිරීම් කටයුත්තක දී ඩීසල් ගෙන යන නළයකට හානි වී ඩීසල් කාන්දු වී තිබේ. එදින සේවයේ නියුතු වූ සමාගම් සේවක පිරිස් අදාළ තෙල් කාන්දුව නතර කිරීමට කටයුතු කර ඇතත්, ඒ වන විට ද සැලකිය යුතු තෙල් ප්‍රමාණයක් කැලණි ගඟට එක් වී තිබේ. (මේ ප්‍රමාණය තෙල් ලීටර් 1900ක් පමණ බව එක් වාර්තාවක සඳහන් විය.) කොළඹ හා අවට ප්‍රදේශ රැසකට ජලය සපයන අඹතලේ ජල පවිත්‍රාගාරය පිහිටා ඇත්තේ කැලණි ගඟේ මේ ප්‍රදේශයට වඩා පහළිනි. මේ නිසා ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවන ලද අතර බලධාරින් විසින් ගඟෙන් ජලය ලබාගැනීම නවතා දමා මේ තෙල් ඇතුළත් ජලය ගඟ දිගේ පහළට ගසා ගෙන යැමට සලස්‌වා තිබිණි.
කෙසේ වෙතත් යළිත් අගෝස්‌තු මස 28 වැනි දින කැලණි ගඟේ ජලයේ තෙල් තට්‌ටුවක් ඇති බව අනාවරණය විය. ඒ නිසා කෙටි දැනුම් දීමකින් පසුව එදින කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ හා දෙහිවල-ගල්කිස්‌ස යන මහ නගරසභා බලප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන ලදි. මේ තත්ත්වය ඇති වීමට හේතු වූයේ ගඟේ ඉවුරුවල තිබූ තෙල් කාන්දුවේ අපද්‍රව්‍ය ඒ දිනවල ඇති වූ අධික වර්ෂාවට සේදී ගොස් ගඟට එක් වීම බව බලධාරීන් විසින් හෙළි කරන ලදි. අපවිත්‍ර ජලය ගඟ පහළට ගසා යැමට හා පවිත්‍රාගාරයේ පිරිසිදු කිරීම් සඳහා රාජ්‍ය බලධාරීන් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග නිසා ජල සැපයුම එදින සවස් වන විට යථා තත්ත්වයට පත් කරගත හැකි විය. මේ කටයුතු සඳහා වැය වී ඇත්තේ මහජන මුදල් ය.
මේ තෙල් කාන්දුව පිළිබඳව අවශ්‍ය නීතිමය පියවර ගත් මධ්‍යම පරිසර අධිකාරිය පළමුව අදාළ සමාගමේ පරිසර ආරක්‌ෂක බලපත්‍රය තහනම් කළ අතර, ඒ සමඟ සමාගමේ නිෂ්පාදන කටයුතු අත්හිටුවන ලදි. පසුව අගෝස්‌තු මස 31 දින එම තහනම ඉවත් කරන ලද අතර ඒ පරිසර අධිකාරිය පවසන පරිදි ඒ කොන්දේසි සහිත ව ය. සමාගම තවදුරටත් තෙල් කාන්දු වීම් ඇති නො වන ලෙස ක්‍රියා කිරීම මීට හේතුව සේ දක්‌වා තිබිණි. එසේ ම අධිකාරීන් විසින් නියම කරන ලද නිර්දේශ සපුරා ලීම මේ කියන කොන්දේසි අතර වේ. ඒ සමඟ සමාගමේ නිෂ්පාදන කටයුතු යළිත් ආරම්භ වූ බව ද වාර්තා විය. මේ අතර අපවිත්‍ර තෙල් ඉවත් කිරීම හා ජල පොම්පාගාරයේ ඇති වූ හානි සඳහා වූ වියදම ප්‍රතිපුර්ණය කිරීමට අදාළ සමාගම එකඟ වී ඇති බවක් පුවත්පත්වල වාර්තා විය. එක් වාර්තාවකට අනුව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයට සිදු වූ අලාභය රුපියල් මිලියන 130කට අධික බව පැවසේ. මේ අලාභයට තෙල් නිසා අපවිත්‍ර වීමෙන් පාරිභෝගිකයන්ට බෙදාහැරීමට නොහැකි වූ ජලය ලීටර් 200,000ක්, පවිත්‍රාගාරයේ තෙල් පිරිසිදු කරන ජල පෙරණ හා ජල තටාක පිරිසිදු කිරීම හා මේ කටයුතු සඳහා යොදාගත් අතිරේක සේවකයන් හා අතිරේක බලශක්‌තිය සඳහා වූ වියදම ද අයත් බව පෙනේ. මේ අතර ගඟේ ජලය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා මැදිහත් වූ සාගර පරිසර ආරක්‌ෂණ අධිකාරිය හා සේවා සැපයූ පෞද්ගලික ආයතනයකින් ද රු. 177,000 ක් හා මිලියන 1.45ක් ලෙස වියදම් ඉල්ලා ඇති බව වාර්තා වී තිබේ. මේ අනුව සමස්‌ත වියදම මීට වඩා ඉහළ යා හැකි අතර, එය අධිකරණ ක්‍රියාමාර්ගයක් වෙත යොමු විය හැකි ය.
කෙසේ වෙතත් පසුගිය ඉරිදා පුවත්පතකට ජල සම්පාදන මණ්‌ඩලයේ සභාපතිවරයා පවසා තිබූ ආකාරයට ඉන්දියාවට යෑවූ ජල නිදර්ශක සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණවලින් හෙළි ව ඇති පරිදි, ගංගා ජලයේ අඩංගුව තිබුණේ මෙතිලින් වර්ගයේ කාබනික සංයෝගයකි. ඇතැම් සාම්පලයක අදාළ සංයෝගය ලීටරයකට මිලි ග්‍රෑම් 0.5ක පමණ මට්‌ටමින් හමු වී ඇති බව ද වාර්තා වේ. (මේ කරුණ අදාළ සිදුවීම පිළිබඳ ගැටලූ ඇති කරන අතර, ඒ ගැන වැඩිදුර තොරතුරු ඉදිරියේ දී අපේක්‌ෂා කළ හැකි ය.)
උක්‌ත සිදුවීම පිළිබඳව විමසිල්ලෙන් බැලීමේ දී පෙනී ගිය කරුණක් වන්නේ මේ තෙල් කාන්දුව නිසා කැලණි ගඟ දූෂණය වීම හා ජලය අපවිත්‍ර වීම ගැන සමාජයේ එතරම් අවධානයක් යොමු නො වූ බවයි. අනෙකක් තබා ජනමාධ්‍යවල ද මේ පිළිබඳව මුලින් දැකිය හැකි වූයේ අඩු උනන්දුවකි. කෙසේ වෙතත් සමාජ ජාල වෙබ් අඩවි ඔස්‌සේ මේ පිළිබඳව බොහෝ දේ සාකච්ඡාවට ලක් විය. ඒවා අතර රජයේ බලධාරීන් ගේ නො සැලකිල්ලේ සිට අදාළ සමාගමේ නිෂ්පාදන ප්‍රතික්‌ෂේප කිරීම දක්‌වා වූ විවිධ කරුණු උලූප්පා දක්‌වා තිබිණි. පුදුමයකට මෙන් සමාජයේ මෙවැනි සිදුවීම් පිළිබඳ කටයුතු කරන පරිසර හා සමාජ සංවිධාන හා ක්‍රියාකාරීන් අතර පවා මේ සිදුවීම පිළිබඳව ප්‍රමාණවත් ක්‍රියාකාරිත්වයක් දැකිය නොහැකි විය.
රටේ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක ගේ පානීය ජල සැපයුම හා ගංගාවක් දූෂණය වීම මෙසේ රටේ එතරම් අවධානයක් යොමු නො වූයේ ඇයි ද යන්න ම`දක් විමසීම වැදගත් කරුණකි. එහි දී අපට මෑතක දී ඇති වූ රතුපස්‌වල ජල ගැටලූව පිළිබඳව අවධානය යොමු කළ හැකි ය.
ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති රතුපස්‌වල ප්‍රදේශයේ පානීය ජලයේ ආම්ලිකතාව ඉහළ යැමට හේතුව කම්හලකින් නිකුත් වූ රසායනික ද්‍රව්‍ය බව ජනතාව ගේ චෝදනාව විය. එහෙත් විද්‍යාත්මක පර්යේෂණවලින් ඒ බව සනාථ නො වූ බව රාජ්‍ය බලධාරීන් ගේ මතය විය. එහෙත් ප්‍රදේශවාසී ජනතාව අදාළ සමාගම වසා දමන තෙක් උද්ඝෝෂණය කළ හ. මේ සඳහා ඇතැම් දේශපාලන බලවේග මෙන්ම රාජ්‍ය නො වන සංවිධාන හා ක්‍රියාකාරීන් ගේ මැදිහත් වීම දැකිය හැකි විය. එසේ ම එය පැවැති රජයට එරෙහි උද්ඝෝෂණයක් බවට ද පත් විය. මේ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස ජීවිත කිහිපයක් අහිමි වූ අතර අදාළ කම්හල එතැනින් ඉවත් කරගන්නා ලදි. එසේ ම ජනතාවට පානීය නළ ජල සැපයුමක් ලබා දීමට ද රජය පියවර ගත්තේ ය. ඒ දිනවල රතුපස්‌වල පිළිබඳව කතා කළ අය අතර, පරිසරවේදීන්, දේශපාලනඥයන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද වූ අතර එය කිසියම් ආකාරයක ජාතික ප්‍රශ්නයක් බවට පත් වූ බවක් දැකිය හැකි විය.
කෙසේ වෙතත්, පසුගිය දා කැලණි ගඟට තෙල් නිකුත් වූ අවස්‌ථාවේ දී රටේ එවැනි තත්ත්වයක් දක්‌නට නො වී ය. මේ සිදුවීමෙන් ඇති වූ බලපෑම් පිළිබඳව කිසිදු දේශපාලන බලවේගයක් හෝ රාජ්‍ය නො වන සංවිධාන හෝ සැලකිය යුතු තරම් උනන්දුවක් දැක්‌වූ බවක් අසන්නට දකින්නට නො ලැබිණි. එසේ ම ඇතැම් ක්‍රියාකාරීන් පවා සිය ෆේස්‌බුක් ගිණුමේ කළ ප්‍රකාශයකින් හෝ සටහන් කිහිපයකින් ඔබ්බට ගිය බවක් දැකිය හැකි නො වී ය. බැලු බැල්මට පෙනුණේ මේ පිළිබඳව ජනතාව ද එතරම් උනන්දුවක් නො දැක්‌වූ බවකි. නැත හොත්, එය ගැන කතා කරන්නට කිසිවක් නොමැති ද යන්න පවා ගැටලූවක් විය. එසේ ම මුල් ම තෙල් කාන්දුව ඇති වූයේ අගෝස්‌තු 17 දින වුවත්, මේ ගැන තරමක් හෝ සාකච්ඡාවක් දැකිය හැකි වූයේ පසුගිය 28 වැනි දින කොළඹ හා අවට ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන ලැබූ පසු ව ය. එසේ ම ඇතැම් ප්‍රදේශවල ජලයේ තෙල් සහිත බව හා දුගඳක් දැනුණු පසුව ය. ඒ අනුව මේ ගැටලූව ජනතාවට දැනුණේ පානීය ජලයේ අර්බුදයක් ඇති වූ පසුව බව පෙනේ.
මෙහි දී මතු වන කරුණු කිහිපයක් පවතී. ඉන් පළමුවැන්න වන්නේ කැලණි ගඟ පරිසර පද්ධතියට තෙල් එකතු වීම නිසා කිසියම් ආකාරයක පරිසර දූෂණයක් සිදු වූ බව වැදගත් නො වූයේ ද යන්න ය. එය මිනිසුන්ට බලපාන බව වටහාගත් අවස්‌ථාවේ දී පමණක් ඒ ගැන සැලකිල්ලක් යොමු වුයේ ඇයි? ගඟ සහ ගංගා පරිසරයට මින් සිදු වූ බලපෑම ගැන කිසිදු අවධානයක් යොමු නො වී ය. එහෙත් අදාළ තෙල් කාන්දුව සිදු වූ ප්‍රදේශයේ දී හෝ මේ ගංගා පරිසරයට කිසියම් බලපෑමක් ඇති වූ බව පැහැදිලි ය.
කැලණි ගඟ යනු මෙරට ප්‍රධාන ගංගා අතරින් සැලකිය යුතු තරම් දූෂණයකට ලක් වූ පරිසර පද්ධතියකි. අවිස්‌සාවේල්ල සිට පහළ ප්‍රදේශ තෙක් කැලණි ගඟ ආසන්නයේ ඇති කර්මාන්තශාලාවලින් කැලණි ගඟට අපද්‍රව්‍ය එකතු වීම බොහෝ කාලයක සිට සිදු වන්නකි. එහෙත් මේ පිළිබඳව බලධාරීන් ගේ සැලකිල්ල ප්‍රමාණවත් තරම් යොමු ව තිබේ ද යන්න සැකසහිත ය.
රජයේ ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව ද මෙහි දී වැදගත් කරුණක් අනාවරණය වී ඇත. ඒ උක්‌ත සිදුවීමේ දී ඇති වූ ජල දූෂණයට හේතු වූයේ කුමන රසායනික ද්‍රව්‍යයක් ද යන්න තීරණය කිêමට අවශ්‍ය පරීක්‌ෂණ සිදු කිරීමට ප්‍රමාණවත් පහසුකම් මෙරට නො තිබූ බවයි. ඒ නිසා අදාළ ජල නිදර්ශක ඉන්දියාවට යෑවීමට සිදු වූ බව බලධාරීන් මාධ්‍යවලට පවසා තිබිණි. මෙවැනි සිදුවීමක දී ඇති වන ප්‍රමාදය වැළැක්‌වීමට එවැනි රසායන ද්‍රව්‍ය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්‌ෂණ සඳහා වූ පහසුකම් මෙරට ස්‌ථාපිත කළ යුතු ව තිබේ.
අවසන් වශයෙන් පැවසිය යුත්තේ මෙවැනි තත්ත්වයක් අනාගතයේ දී ඇති වීමට ඉඩ නො තැබීම සියලූ පාර්ශ්වවල වගකීමක් බව ය. ජලය යනු හුදෙක් මිනිසුන් ගේ පානය පිණිස පවත්නා සම්පතක් පමණක් නො ව, සෙසු ජීවීන් ගේ පැවැත්ම සඳහා ද වැදගත් වන ස්‌වාභාවික සම්පතක් බව අප සිහි තබාගත යුතු ය.

රතුපස්‌වල හා කැලණි ගඟ

ගංගා පරිසරය නොවැදගත් ද?