පරිසර පුවත් 2015-02-18
ධනේෂ් විසුම්පෙරුම
විදුසර 2015-02-18 (Vidusara) - Not available online
2010දී ප්ලාස්ටික් ටොන් මිලියන 8ක් සාගරයට
සාගරයට එක් වසරක් ඇතුළත එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණය ගණන් බැලීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව සිටිති. ලෝකයේ රටවල් 192ක ජනගහනය, අපද්‍රව්‍ය නිෂ්පාදනය හා කළමනාකරණය (අවිධිමත් කළමනාකරණයද ඇතුළුව* පිළිබඳව දත්ත මත පදනම්ව සාගරයට එක්වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණය සඳහා ආකෘතික සංසිද්ධි සමූහයක් ඔවුන් විසින් නිර්මාණය කර ඇත. මේ අනුව, 2010 වර්ෂයේදී ලෝකයේ සාගරවලට එක් වූ මුුළු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණය ටොන් මිලියන 4.8 හා 12.7 අතර ප‍්‍රමාණයක් වේ. මේ අනුව වාර්ෂිකව සාගරයට එක්වන ප්ලාස්ටික් ප‍්‍රමාණයේ සාමාන්‍යය, ටොන් මිලියන අටක් පමණ වේ. මේ ප‍්‍රමාණය ලෝකයේ රටවල් සියල්ලේම ජනනය වූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණය වන ටොන් මිලියන 275ක ප‍්‍රමාණයෙන් සුළු ප‍්‍රතිශතයකි.මේ වාර්තාව මගින් එ් එ් රටවලින් සාගරයට එක් වන ප්ලාස්ටික් ප‍්‍රමාණයද ගණන් බලා ඇත. එ් අනුව සාගරයට එක්වන සමස්ත ප්ලාස්ටික් ප‍්‍රමාණයෙන් 83%ක් පමණ ප‍්‍රමාණයක් එක්වන්නේ රටවල් 20ක් පමණ ප‍්‍රමාණයකිනි. මෙහි මුල් තැන ගන්නා චීනයෙන් ප්ලාස්ටික් ටොන් මිලියනයකට අධික ප‍්‍රමාණයක සාගරයට එක්වේ. දෙවැනි තැනට එන්නේ ඉන්දුනීසියාවය. වැඩිම ප්ලාස්ටික් ප‍්‍රමාණයක් සාගරයට එක් කරන රටවල් දහය අතරට ශ‍්‍රී ලංකාවද අයත් වේ. මේ ලැයිස්තුවේ ඇමරිකාව පසුවන්නේ 20වන ස්ථානයේය. ප‍්‍රමාණාත්මකව ඉදිරියෙන් සිටින රටවල් අතරින් සියල්ලම පාහේ වෙරළාශ‍්‍රිත රටවල්ය. කෙසේ වෙතත්, එ්ක පුද්ගල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණය සැලකූ විට මේ තත්ත්වය වඩා වෙනස් බව පැහැදිලිය.
මේ තත්ත්වය අඛණ්ඩව පැවතුනහොත් 2025 වසර වන විට වාර්ෂිකව සාගරයට එක්වන ප්ලාස්ටික් ප‍්‍රමාණය ටොන් මිලියන 17.5ක් පමණ විය හැකිය. පවත්නා ප‍්‍රවණතාව අනුව ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණය දිගින් දිගටම ඉහළ යා හැකි අතර උපරිම අපද්‍රව්‍ය ප‍්‍රමාණය ජනනය වනු ඇත්තේ 2100 වර්ෂයේදී පමණය. මේ පර්යේෂකයන් පෙන්වාදී ඇති ආකාරයට ධනවත් රටවල් සිය රටවල වරක් භාවිතකර ඉවත දමන ප්ලාස්ටික් ප‍්‍රමාණය අඩු කළ යුතුව ඇති අතර, දියුණු වන රටවල් තම අපද්‍රව්‍ය කළමනාකරණ ක‍්‍රමවේද දියුණු කිරීම කළ යුතුය. (මූලාශ‍්‍රය: ීජසැබජැල ෘධෂථ 10ග1126රැුිජසැබජැග1260352*
දේශගුණ ගිවිසුමේ කෙටුම්පත සැකසේ
දේශගුණ වෙනස් වීම හා සම්බන්ධව මේ වර්ෂය අවසානයේදී අත්සන් කිරීම සඳහා වන ගිවිසුමක කෙටුම්පතක් පසුගිය සතියේ ස්විස්ටර්ලන්තයේ පැවැති සමුළුවකදී සාකච්ඡුාවට ගෙන එකඟතාවයකට පැමිණ තිබේ. පසුගිය දෙසැම්බර් මාසයේදී ලීමාහිදී සාකච්ඡුාවට ලක් වූ ලේඛනය මත පදනම්ව මේ වන විට පිටු අසූහයක් පමණ වන ලේඛනයක් දක්වා මේ කෙටුම්පත වර්ධනය වී තිබේ. මීට විවිධ පාර්ශ්වවලින් ඉදිරිපත් වන විවිධ විෂය හා සම්බන්ධ කරුණු ඇතුළත් වී ඇති බව පෙනේ. නිදසුනක් ලෙස ගතහොත්, ගුවන් හා නාවුක ගමනාගමනයේ විමෝචන අවම කිරීම වැනි කරුණු පවා මීට ඇතුළත්ව ඇත.මේ සාකච්ඡුාවල යම් සාධනීය වර්ධනයක් දැකිය හැකි අතර, එකිනෙකට වෙනස් වූ මත දරණ රටවල් අතර එකඟතාවයකින් යුතුව ගිවිසුමේ කෙටුම්පත සකස් කිරීම මෙන්ම තරමක් සංකීර්ණ කරුණකි. මේ නිසාම පැරිස් සමුළුවට පෙර විසඳාගැනීමට අපහසු විය හැකි කරුණු කිහිපයක්ද පවතී. නිදසුනක් ලෙස ගතහොත්, හරිතාගාර වායු විමෝචන සීමා කිරීම පිළිබඳ ඉලක්ක සම්බන්ධව පොදු එකඟතාවයක් පැරිස් සමුළුවට පෙර ඇති වනු ඇකි බවක් සිතීම අසීරුය. එ් එ් රටවල් තම රටවල ජාතික සැලසුම් ලබා දිය යුතු කාලය ලෙස මාර්තු සිට ජුනි දක්වා වූ කාලය නම් කර ඇත.